ඊයෙ
රාත්තිරියේ... සිරසේ......... මං හිටියේ නිවුස් බල බලා.....
මට
හිතුනා මොකක් නමුත් සිද්දවෙන්න යනවා කියල... එකපාරටම තිරේට ආවේ නිශාන්ත ශ්‍රී
වර්ණසිංහ මැතිතුමා... එතුමා බොහොම ආවේගයෙන් හිටියේ.... තුන් මුණින් දාඩිය දාලා...
බෙල්ලේ නහර වැල් ඉලිප්පිලා..... මූණේ මහා තරහවක් වගේ එකක්..... එයා යටි ගිරියෙන්
මෙහෙම කිව්වා...
"ඕකුං ආයේ ඊලාම් රාජ්‍යයක් මෙහේ හදන්න
ආවෝත්... වෝත්... වෝත්...ත්....ත්..... හැට
දාහක් නෙමෙයි...... යි... ලක්ෂයක් වුනත් ජීවිත පූජාකරන්න.. අපි සූදානම්...
දානම්....නම්...නම්...ම්......"
එතකොටම
ඒ කතාව අහගෙන හිටියය කියලා හිතෙන මහා ජනකායක් එතන දෙකක් වෙන්න ඔල්වරසන් දෙන්න
තියාගත්තා.
මට
හීන්දාඩිය දැම්මා..... සිද්දිය ඔච්චරයි.
_____________________
1. මෙතන අපිට පේන වැදගත්ම දේ නිශාන්ත
වර්ණසිංහ මහත්තයගේ තියෙන අල්පේච්ඡ කම. ඕන්නං එතුමට ඔතන කියන්න තිබ්බා ලක්ෂ තුනක්
ජීවිත පූජාකරන්න සූදානම් කියලා. නමුත් අනුන්ගේ ජීවිත වුනත් නිකරුණේ පරිත්‍යාග කරන්න
එතුමා සූදානම් නැහැ. මෙහෙම වෙන්නෙ උතුම් සිංහල-බෞද්ධ සංස්කෘතික හර පද්ධතියෙන්
එතුමා ලබාගත් පෝෂණය නිසා.
2. කොහොමත් ඔතන ජීවිත ලක්ෂ තුනක් නෙමෙයි
පහක් කිව්වත් ඒ ලක්ෂ පහට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහත්තයා අයත් නැති බව කණගාටුවෙන්
උනත් කියන්න වෙනවා. මොකද ඔය මැරෙන්න යන ලක්ෂ පහ නාවලා කරලා, දත කට මැදලා, වාසගමට ඉස්සරහින් රණවිරු කෑල්ල එල්ලලා, පිරිත් නූල් යාර තිහ හතලිහකින් වෙලලා, සූදානම් කොරලා දෙන්න වෙන්නේ එතුමටම
තමයි. ඉතින් ඔය ටික කොරලා උන්ගෙ මොරාල් අප් කොරලා හෙම අහවර වෙනකොට යුද්දෙත් ඉවරයි.
පහුගිය යුද්දෙත් උනේ ඒකනේ. ඉතින් හැමදාම අන්තිමට වෙන්නේ නිශාන්ත මහත්තයගේ වටිනා
කියන ජීවිතේ උතුම් මව්බිම වෙනුවෙන් පූජා කරන්න චාන්ස් එකක් නැතිවෙන එක.
නිශාන්ත මහතතයා ඔය කතාව ඇහෙන් කඳුළු පනින තරමට බොහොම ආවේගයෙන් කියන්නෙ ඒක මතක්වෙන නිසා.
නිශාන්ත මහතතයා ඔය කතාව ඇහෙන් කඳුළු පනින තරමට බොහොම ආවේගයෙන් කියන්නෙ ඒක මතක්වෙන නිසා.
මේක මානසිකව ගොඩක් බලපානවා. පහුගිය යුද්දෙදි වුනත් මෙහෙම අනුන්ගේ ජීවිත පූජා කරවන්න දිවි හිමියෙන් කැපවුනු සමහරු අද ගුලි කන්න ඇබ්බැහි වෙලා. රතන හාමුදුරුවෝ එහෙම දැන් හීනෙන් දොඩෝනවලු. කේලිය මහත්තයා නින්දෙන් ඇවිදිනවාලු. බැලකනියකිනුත් දෙරි ගැහුවනේ. ගම්මන්පිල මහත්තයා නං ස්වේච්ඡාවෙන්ම හිඟන්නෙක් වෙලයි කියලත් ආරංචියි. ඇයි යකෝ... හුලා මහත්තයා තුන්පාරක් මැරෙන්ඩත් ගියානේ.... පශ්චාත් යුද ක්ලෙමථතාවයද මොකද්ද කියන්නේ ඕකට වෙන්නැති.
3. ඔතන සෝචනීයම සංසිද්දිය වෙන්නේ නිශාන්ත මහත්තයගේ කතාවට ඔල්වරසන් දෙන දේශප්‍රේමී සන්ධාන පාක්ෂික පින්වතුන්ට. ඇත්තටම ඒ අය ඔහොම කෑ ගැහුවට ඒ අයගේ හදවත බුර බුරා අඬනවා. මොකද ඔය ජීවිත පූජාකරන ලක්ෂෙට ඇතුලත්වෙලා මව්බිම වෙනුවෙන් උතුම් ආත්ම පූජාව කොරන්න ඔය කෑ ගහන කාටවත් අවස්තාවක් ලැබෙන්නෙ නැති නිසා. ලක්ෂ එක නෙමේ.. දහයක් කිව්වත් ඒගොල්ලන්ට ඒ ගොඩට ඇතුලත්වෙන්න ලැබෙන්නෙ නෑ කියලා ටක්කෙටම දන්න හින්දා තමයි ඕම සංවේගෙන් ඔල්වරසන් දෙන්නේ.
ඒ අයගේ තත්වය බොහොම සෝචනීයයි. ඔය කෑ ගහපු අය බොහොම වගකීම් දරණ ඈයෝ. සමහරු සුළුවට බිස්නස් එකක් පටන් අරන් කරගෙන යන ගමන්. සමහරු දරු පවුල් කාරයෝ. සමහරුන්ට ආණ්ඩුවේ කත්තෝරු වල බොහොම බැරෑරුම් රාජකාරි තියෙනවා. සමහරුන්ගේ ගෙවල් බාගෙට හදාගෙන යන නිසා එව්වා ඉවරවෙනකං යන්ට චාන්ස් එකක් නෑ. තව සමහරුන්ට වාහන ෆිනෑන්ස්. ඔය අතරේ හැමෝටම වගේ ගෙවන්න ණය තියෙනවා. සමහරු සිංහල නාමය එතෙර බබලවන්න රට යන්න බලං ඉන්න අය. මොන පූජාව කොරන්නත් ඕවා එකලාසයක් කරගන්න එපැයි නේද? ඔය මොනවා නැතත් වැඩි දෙනෙක් සිංහල ජාතියේ ආරම්භය සහ පරිනාමය ගැන ප්‍රාමාණික විද්වතුන්. ඉතින් ඔච්චර දැනුමක් අපතේ දාලා මැරෙන්න යන එක ජාතියට කරන අපරාධයක්. හා නැද්ද? (ඔය විද්වතුන්ගේ නාම ලේඛනයක් අවශ්‍යනම්, ගම්මන්පිලගේ සීයේ එකවුන්ට් එක පරීක්ෂා කරන්න)
දන් මෙහෙම කිව්වාම කාටහරි හිතෙන්න පුළුවන්, මැරෙන්ඩ හිතලවත් නැති එකෙක් මව්බිම වෙනුවෙන් ලක්ෂයක් ජීවිත පූජාකරන්න සූදානම් කිව්වාම... මැරෙන්ඩ හීනෙන්වත් නොහිතන උන් දාහක් හමාරක් අත්පොඩි ගහන එක නිකං විකාරයක් වගේ නේද කියලා.
ඒම
වෙන්නෑ. ජීවිත පූජාවට සුදුසු උතුම් සිංහල වීර පුතුන් ඕනෙතරම් මේ පින්බිමේ ඩොටේ
කැලෑවල ඉන්නවා. ඕට්ටේලියාවට බෝට්ටුවෙන් පයින්ඩ එපා කියල ඇඩ් දන්ඩ ගත්තු දා ඉඳලා උං
ඉන්නේ දේශප්‍රේමෙන් පුපුර පුපුරා. ඕලෙවල්
වලින් එහාට බටහිර අධ්‍යාපන උගුලේ පවා නොවැටුනු නියම දේශීය විද්‍යාර්ථීන්. ඔය
අප්පොඩි ගහන්නේ ඒ වීර පුතුන්ගේ ශ්‍රී නාමයට. මේක හරියටම තේරුන කෙනෙකුට ජාති වාත්සල්‍යය ඔද්දල් වෙලා ඇඬෙන්න
ඕනේ..........
ඉතිං ඕමයි විස්තරේ. හෙට ඔයාලට පුලුවන්නං වර්ණසිංහ මහත්තයගේ නොම්බරේටත් මනාපයක් දෙන්ට. අපි වෙනුවෙන්නෙ දෙයියනේ මේ සේරම...!!
ඉතිං ඕමයි විස්තරේ. හෙට ඔයාලට පුලුවන්නං වර්ණසිංහ මහත්තයගේ නොම්බරේටත් මනාපයක් දෙන්ට. අපි වෙනුවෙන්නෙ දෙයියනේ මේ සේරම...!!
ayya mokada me karanne
ReplyDeleteඕ ලෙවල් කරලා ජොබ් එකක් නැති ලක්ෂ ගාණක් ඉන්නවා ජීවිත පූජා කරන්න. අවුලක් නෑ. වර්ණසිංහට ජයවේවා
DeleteAvez-vous voté pour ce mec?
ReplyDeletewarnasinha mahatage anga jathe dan saneepada
ReplyDeleteඑක මායිම් ගමක මනුස්සයෙක් කියනවා. මහත්තයෝ අපේ ගම තියෙනවද කියලා මොකෙක්වත් දැනගෙන උන් නැහැ..බොන්න වතුර ඩිංග නැහැ..වගාවක්කොරගන්න විදියක් නැහැ..රටටම නය වෙලා..හොද වෙලාවට යුද්දෙ ආවෙ..යුද්දෙ ආපු නිසා අපේ කොල්ලන්ට ගම්බට්ටො වෙන්නත් කෙල්ලන්ට ගම් බට්ටියො වෙන්නත් ලැබුන..අපේ ගම ගැන පෝර්ති වල කියවෙන්න ගත්ත. යුද්දෙන් පස්සෙ ඔය මහත්තෙල ඇවිත් දැන් උදව් කරන්නෙත් අපි යුද්දෙට මැදිවෙලා උන්න සිංහල මිනිස්සු නිසා... ඒ මනුස්සයට අනුව යුද්දය කියන්නෙ ඔවුන්ට ලැබුන වාසනාවක්... මේ කැබිතිගොල්ලෑව බස් බෝම්බෙන් හැම ගෙදරකම වගේ එක්කෙනක් දෙන්නක් මැරුන කැබිතිගොල්ලෑව යකාවැව ගමේ මිනිිහකුගේ කතාවක්...
ReplyDeleteහරීම උපාසක පාටයි නේද?
ReplyDeleteඋඹ දන්නවද උඹ මේ ෂේප් එකේ කරන්නේ නීතී විරෝධී වැඩක් කියලා...
ReplyDeleteමාර ඇරියස් එකක් තියෙනවා වගේ හෙල උරුමේ පොරවල් එක්ක....
ReplyDeleteමාක්ස්ලා ලෙනින්ලා පුකේ ඇරපු එවුන්ට හෙල කරුමේ එවුන් දැක්කම ඔක්කාරේට වගේයි ඕයී.....
Delete(පුක+ඒ =පුකේ.......පුක යනු කුණුහරුපයක් නෝවේ.....පුකේන් හට ගන්නා ප්‍රත්‍යද එම නිසා කුණු හරුප නොවේ........)
ref: KK
pl put the link KK
ඔව්වා ඔහොම තමයි මචං...මුන්ගේ පුකේ තියරි වැඩ කරන්නේ නැති උනාම වෙලාවක් බලං ඉදලා ඇරියස් කවර් කරන්න හදනවා....
Deleteමුන් කථා කරන්නේ මානව හිතවාදය.....ඒත් ඇරලා තියෙන ඇරිල්ලට පුකේ ලෙලි ගිහිල්ලා කුහකත්වය රෙද්ද පල්ලෙන් බේරේනවා....
{මාර ඇරියස් එකක් තියෙනවා වගේ හෙල උරුමේ පොරවල් එක්ක....}
Deleteහෙල උරුමේ කොහෙද බන් පොරවල් ඉන්නේ.
ඵ්කේ වෑඩිහරියක් ඉන්නේ කොලුකාරයො නේ.
මතකනේ අපරෑක්කේ උන්නාන්සේ හේම.
මේ කතා කරන හැම එකෙක්ම ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටි අය. ඒක නොවෙයි ප්‍රශ්නෙ.ත්‍රස්තවාදීන් බස් පුපුරවනකොට,ගම්මාන පිටින් සමූලඝාතනය කරන කොට ඒවට නිහඩ ඉදල ඒව හමුදාවෙ වැඩ වලට ප්‍රතික්‍රියාය කියල සාධාරණීකරණය කරල කොටින්ට සුදු හුනු ගෑව. ෆේස්බුක් එකේ ශෙයා කරන දෙමළ වීඩියෝ ක්ලිප් වලට කොමෙන්ට් කරල තිබෙන දෙමළ අය ඔවුන් මහා පරිමාන පලි ගැනීමකට සූදානම් බව කියා තිබෙනව.
ReplyDeleteත්‍රස්තවාදීන් පහර දෙන්නෙ සාමාන්ය ජනතාවට. සාමාන්‍ය ජනතාව බේරා ගැනීමට යාමේදීයි ත්‍රස්තයන් හා හමුදාව ගැටෙන්නෙ.
මෙතන මේ මානව හිමිකම් ගැන කතා කරන එකෙක්වත් මානව හිතවාදීන් නොවෙයි. උන් කොටි හිතවාදීන්. කුඩා දරුවන් පෙතිගහල දෙකට ඉරල මරන කොට ගැබිනි මවුවරුන්ගෙ බඩවල් පලන කොට කතා නොකරපු ඊනියා පුද්ගලයන් ප්‍රභාකරන්ගෙ පුතා මැරුව කියල දුක් වෙනව. ඇත්තටම මේ හැම එකෙකුටම ඕනෙ තම ප්‍රධාන සතුරා වන සිංහල බෞද්ධයාට මේ රටේ තිබෙන තැන නැති කරන්නයි.
දෙමළුන් මහා පරිමාණ පලිගැනීමක් කරන අවස්ථාවක ඒකටත් උන්ට සුදුහුනු ගාල මහින්ද යුද්ධ කාලෙ කරපු ඒවට පලිය ගන්නෙ.මුන්ගෙ වැරැද්දක් නෑ කියල ඒකටත් මහින්දට බනින්න මුන් සූදානමින් ඉන්නෙ. මහින්දට යුද්ධෙ කරන්න සිද්ධ වුනේ ආසාවට නොවෙයි ජනතාව ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම පාලකයෙකුගෙ යුතුකම. කොටින්ගෙ මානව හිමිකම් ගැන කිඹුල් කදුලු හෙලන හැම තක්කඩියෙකුටම තියෙන්නෙ වෙන වෙන න්‍යාය පත්‍ර.
ReplyDeleteඅනේ පලයන් මහත්තයෝ යන්න. අපිට තියෙන ගැටළුව කවුද යුද්ධ කරන්නෙ කියන එක නෙවෙයි. ප්‍රභාකරන්ද හරි, මහින්දද හරි නැත්තං වර්ණසිංහද හරි කියන එක නෙවෙයි. යුද්ධ මොකටද කියන එක. උඹලා වගේ ගොය්යෝ ඇඳගෙන ඉන්න තැනක්නේ අපි මානුෂික මෙහෙයුම් කළා, චෝයි යුද්දයක් කළා, අරුන් වගේ පාහර විදියට මිනිස්සු මැරුවේ නෑ කියලා. ඇත්ත කතන්දරේ තමයි චෝයි යුද්ධ කරන්න බෑ කියන එක. යුද්දේ කියන්නෙ යුද්දේ. දෙපැත්තෙන්ම මැරෙනවා. මෙතන චාමි පෙන්වන සහ අපිටත් පේන, තොට නොපෙනෙන අවුල තමයි වර්ණසිංහලා මේ කරන්නේ තමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂාව තකා දේශප්‍රේමය, අපි රට වෙනුවෙන් මැරෙන්න සූදානම් වගේ කන්සෙප්ට් මාකට් කරන එක. ඔය එකෙක්වත් මැරෙන්නෙ නෑ ඕයි යුද්ධයක් ආවොත්. ගම්වල ඉන්න කොල්ලො කෙල්ලො මිසක්. උන් මැරිලා ඒ යුද්ධේ ඉවර වුනු දාටත් ඔය යක්කු ඕකම කියනවා. තොපි පුක උඩ දාගෙන ගිහින් උන්ටම චන්දේ දෙනවා.
Deleteඔව් ඔව් අපට තේරේනවා අපට නොපෙනෙන කෑල්ලක් බොලාට පේන විත්තිය.....සම්භන්ධන්ලා, හකීම්ලා චෝයි චොයි .......වර්ණසිංහලා නරකයිනේ....සම්භන්ඪලා හකිම්ලා විස පොවලා ප්‍රභාකරන් වගේ තව පිස්සෙක් යුද්ධයක් පටන් ගත්තම කොන්ද නමා ගෙන ඉල්ලන දෙයක් දීලා ඉන්න කියන උඹලගෙ තියරි උඹලම තියා ගනිල්ලා.....
Deleteඅනේ මචං උඹලා ඔච්චර මානව හිතවාදී පොරවල් එකේ ඔය හම්බයෝ හරි දෙමලු හරි වැඩි පලාතකට ගිහිලලා එවායේ ජීවත් වෙන ගමන් ඔවා කියපන් මචං...මේ සිංහලයෝවර්ගවාදී මැට්ටෝ හින්දා උඹලාගේ ඔය ලොකු තියරි උන්ට තේරෙන්නේ නෑ...උන්ට තේරේන්නේ ඉස්සෙල්ම කාටවත් අත උස්සනත් එපා....හැබැයි අත පය විසි කරන්න ගත්‍තෝත් අන්තිමට අත් පහතට දාන්න ඔනේත් තමුන් කියන වගේ සරල තියරි.....
Deleteඋඹට තියෙන ප්‍රශ්නෙ යුද්ධ මොකටද කියන එකද? ඇත්තටම උබ අහන්නෙ යුද්ධ මොකටද කියල නොවෙයි කොටින්ට විරුද්ධ යුද්ධ මොකටද කියලයි. හිට්ලර්ට විරුද්ධව යුද්ධ නොකළා නම් අදත් ජර්මනිය පාලනය කරන්නෙ හිට්ලර්. ඒ විතරක් නොවෙයි ජර්මන් නොවන සියල්ලන්ව සමූලඝාතනය කරන්න ඉඩ තිබුනා.ලෝකයම අල්ල ගන්නත් ඉඩ තිබුනා. එහෙම තර්ක කරනවානම් නීතිය කියල දෙයක් ඕනත් නෑ. එතනත් කරන්නෙ අපරාධකාරයන්ට එරෙහි වෙන එකනෙ.
එදා ජර්මන් නාසිවාදී හිට්ලර් පරාජය කරපු විදියටම දෙමළ නාසිවාදී ප්‍රභාකරන්ව පරාජය කළා. යුද්ධ දෙකම චෝයි යුද්ධ නොමෙයි.නමුත් අවශ්‍යයි
මුන් හොඳයි කියනව නොවෙයි. ඉතින් කවුද බොල හොද .තොපේ ප්‍රභාකරන්ලද? තොපි වැඩකරන්නෙ සල්ලි වලට නෙමෙයිද? යුද්ධ චෝයි කියල කිව්වෙ කවුද? කොටි අපරාධ කරන කොට චෝයි නැති යුද්ධ කරන්න වෙනව බොල.නැට්ට පුකේ ගහගෙන ඉන්න කියලද තෝ කියන්නෙ. එහෙම වුනොත් තොපි ඊට පස්සෙ කොටි මිනීමරුවො ගැන ගීත ලියන කොට අපිට පොන්නයො කියාවි.අපි දැක්කනෙ ප්‍රභාකරන්ගෙ මහවිරු දින කතාව තොපි ප්‍රචාරය කරපු හැටි. ප්‍රභාකරන් ගලිවරයෙක් කරල පොන්න ලිලිපුට්ටො එක්ක කරපු යුද්ධයක් කියල කිව්වෙ.තොපි කරපු විචාර වල කොටින්ට තිබුන ගෞරවය මුසු භක්තිය අපි දැක්ක. දැන් මොකද තොපේ කෙරුම්කාරයට වෙලා තියෙන්නෙ. අඩපියවු බල්ලනේ අඩපියවු .තොපි එකම තැනකින් මෙහෙයවන බලු රංචුවක් බොලවු
Deleteයකාගේ ප්‍රශ්න වලට උත්තර
Delete1.ජිනීවා හරහා ඇමරිකාව ලන්කාව පාගන්නට හදන මේ අවස්තාවේ බත් කන හරකුන් නොවී ආන්ඩුවට චන්දය දී සමලින්ගික විපක්ශය බින්දුවට බැස්සවිය යුතුය.
2.රටේ බොහොමයක් අපරාදවලට වනාතේ උන් සම්භන්ද නිසා උන් එලවිය යුතුය.
3.උපාදිදාරීන්ට රස්සා දුන්නේ මේ ආන්ඩුව නිසා සියලු උපාදිදාරීන් ආන්ඩුවට චන්දය දිය යුතුය
අය ඉතින් අපි මොනවා කියන්න ද ඔය කියලා තියෙන්නේ හොදට
ReplyDeleteමෙහෙමනේ චාමි වෙන්නේ. 'අපි හරිම වෙනස්. ඒ වෙනසට අපි හෙනට ගරු කරනවා'. අන්න ඒ ගරු කරන සෙට් එකම තමයි ඔයිට කලින් වීරවංස ලොක්කාට චන්දෙ දුන්නෙ. එතකොට වීරවංස ලොක්කා හැමතැනම ගහපු තඩි කටවුට් එකේ තිබ්බෙ මොකක්ද. මහින්ද ලොක්කත් එක්ක මේසෙක වාඩිවෙලා ඉන්නකොට මහින්ද ලොක්කා සැටලයිට් ෆෝන් එකක්ද මොකක්ද අතට දෙනවා. ඒ යටින් අකුරින් ගහලා තියෙනවා ජයග්‍රහණයේ සුභාරංචිය දැනුම් දුන් ඒ මොහොත කියලා. මට මතක විදියට. ඒ නොකියා කිව්වේ හරියට මම කොළඹ හිටියට මමත් රට වෙනුවෙන් කොහොම හරි යුද්ධෙට සෙට් වුනා වගේ කතාවක්නේ. ඔය ඇඩ් එක දැක්කම මට මතක් වුනේ ඒ කටවුට් එක!
ReplyDeleteජාති ආලේ බලන්න තිබුන,කැනඩාව, ඔස්ට්‍රේලියාව වාගෙ රටවලට,කොන්දේසි රහිතව වීසා දුන්නොත් හෙම.දේෂප්‍රේමීයො සේරම කලින්ම පෝලිමේ හිටීවි.
ReplyDeleteThe Best Comment !!!! out of the rest.
Deleteජාති ආල කතාවක් නොවෙයි මෙතන තියෙන්නෙ. ජාති ආල තියෙන නැති හැමෝටම නිදහසේ ජීවත් වෙන්න ත්‍රස්තවාදය පරාජය කළ යුතු වීම. උඹල ආණ්ඩුවට විරුද්ධ මොකක් හරි බඩ ගැත්තරකමක් නිසානෙ.යූ ඇන් පියෙන් රස්සාවක් ගන්න හරි ටෙන්ඩරයක් ගන්න හරි වෙන මොනව හරි හොරකමකටනෙ. එහෙම නැතිව ත්‍රස්තවාදය පරාජය කරන අදහසින්ම ආන්ඩුවත් එක්ක එකට හිටපු ජනතාවක් හිටිය. එන් ජී ඕ බඩගැත්තරයො කොටියගෙ ගුණ වයන කොටත් ඊට කැමති නොවුන අය.
Deleteකොටියට පුක දෙන යූ ඇන් පී සිස්ටම් එක උඹලට හොද ඇති. හැමදාම උන් එක්ක සාකච්ඡා කර කර දෙකට නැමෙන එක. හැබැයි අපට බය සැක නැතිව පාරෙ බැහැල යන්න ඕන.
පුහ් !!!!!!!!!!!!
Deleteසහතික ඇත්ත ඇනෝ.......වීරවංශගේ දේශප්‍රේමය සහ පතුරු ගහන අධිරාජ්‍යවාදි ලබ්බ පැලවෙන්නේ ස්කොට්ලන්තේ . අහිංසක ළමයි පලි නැහැ මේවාට. ඒ වුනාට මහ එවුන් කියන්නේ එකක්. කරන්නේ එකක්.
Deleteසෝමවංශ මහත්තයගෙ පරණ හංගං හිටිය තැටියක් මෙයාට හමුවෙලා. මේ වගේ වීර(වංශ ) ටෝක්ස් ටිකක් ඕනේ; චන්ද මාකට් එකේ වෙනසක් පෙනෙන්න එපායෑ.
ReplyDeleteකරපු යුද්දෙ හරිද වැරදිද කියන එකත්, තව යුද්දයක් ඕනැද නැත්ද කියන එකත් වෙනම කතාවක්.
ReplyDeleteවර්ණසිංහ දිනවන්නෙ යුද්දෙට දක්කන්ඩ එකෙක් ඉන්න ඕනැ නිසාද?
වර්ණසිංහ නැත්තං කොල්ලො යුද්දෙට යන්නෙ නැද්ද?
වර්ණසිංහට ඡන්දෙ දෙන්න ඕනැ ඇයි?