"කවුරු කවුරුත් සියඹලා කතාව දන්නව ඇතිනේ? මේ මම දන්න වර්ශන් එක. දවසක්
මනුස්සයෙක් සියඹලා තොගයක් ගෝනියක දාගෙන විකුණන්න මුදලාලි කෙනෙක් ළඟට ගියාලු.
මුදලාලි ගෝනිය කිරල බලද්දි කිලෝ පහක් තිබ්බලු. ඊට පස්සෙ මුදලාලි සියඹලා වේලිලා
මදියි කියල තෙත බරට කිලෝ දෙකක් කැපුවලු. ඇට වල බරට තව කිලෝ දෙකක් කැපුවලු. ගෝනියේ
බරට කිලෝ එකක් කැපුවලු. දැන් මිනිහ මුදලාලිගෙන් අහනවලු.......
"එතකොට මං සියඹලා ගෙනාවෙම නැද්ද....?"
"එතකොට මං සියඹලා ගෙනාවෙම නැද්ද....?"
1. බේබදු සියඹලා කතාව
මම දන්න පොරක් ඉන්නව ජයසේන අයියා කියල.
වයස අවුරුදු 45 ක් විතර ඇති. කතා කරද්දි පොඩි ගොතයක් තියෙනව. කසාදයක් කරගෙනත් නෑ.
කොටින්ම මිනිහ ඒ පැත්ත ගැන මොනම උනන්දුවකුත් නෑ. හොඳට මහන්සි වෙලා වැඩ කරන්න
පුළුවන් උනාට මිනිහා ගමේ ඉන්න වෘත්තීය බේබද්දෙක්. සාමාන්‍යයෙන් බිම පටන් ගන්නෙ උදේ
හතට විතර. ඒ කරලා කාගෙහරි පොඩි වැඩක් කරනවා. ඒ ගන්න ගානෙන් දවල්ට බොනවා. හවසත්
කාගෙ හරි තේක්ක ගහක්වත් අතු කපල හවස ගාන හොයාගන්නවා. දවසෙ වැඩි හරියක් ඉන්නෙ නිකං.
නිකං කිව්වට ආතල් එකේ. කොයිවෙලෙත් සින්දුවක් කියාගත්තු ගමන්. බිව්ව කියල කාටවත්
කරදරයකුත් නෑ. ආ.... නැත්තෙමත් නෑ. එකම කරදරේ කොහෙන් මුලිච්චි වුනත් රුපියල් පනහක්
ඉල්ලන එක.
දැනට මාස තුන හතරකට කලින් මිනිහා අපේ
ගෙදර ආව.
"මං තීරණයක් ගත්ත
මල්ලි......."
"ඒ මොකද්ද..?"
"සිරසෙ වැඩට යන්ඩ......"
(අප්පද බොල...)
ගමේ උං සිරස කියන්නෙ ලයනල් මුදලාලිගෙ
පොල් බිස්නස් එකට. මොකද ඒකෙ නොන්ස්ටොප් වැඩ. උදේ හයට වැඩට යන එකා වැඩ ඇරිල ගෙදර
එන්නෙ රෑ දහය පහුවෙලා. පඩි හොඳයි. සේවය ස්ථීරයි. හැබැයි නීති තදයි. බීම සපුරා
තහනම්.
"ෂහ්... මරුනෙ ජයසේන අයියෙ....
හැබැයි ඉතිං බොන්ඩ වෙන්නෑනෙ...?"
"නෑනෙ මල්ලි.... දැනුත් බොන්ඩ
නෑනෙ... සල්ලි නැතුව වැඩක් නෑ.... අනික මල්ලි අපි බොනව කියල මොනාද බොන්නෙ....
අරූගෙ සිමෙන්ති කසිප්පුව.... මොනා එක්කද? එක්කෝ ලුනු කැටයක්.... වැඩිම උනොත්
මුරුක්කු කෑල්ලක්.... ඊළඟට බීඩි කොටයක්.... මොකටද බං......?"
"ඔව්... ඒකත් ඇත්ත...."
"බොනවනං මල්ලි හතරැස්සෙකක් ගෙනත්
ඩෙවල් එකක් දාගෙන ගෝල්ලීප් එකක් පත්තුකොරං.... මෙහෙම නිස්කාංසුවෙ....
නැද්ද?"
"හ්ම්.... හ්ම්....."
"වැඩක්ම නෑ.... සල්ලි ඕනෙ.... අපි
නිකං හිගන්නො ගානට වැටිලනෙ බං..... උඹ බලපංකො......."
"අදහස හොඳයි ජයසේන අයියෙ...."
"මේ.... හෙට දෙනකං රුපියල්
පනහක්....?"
ඔන්න ඊළඟ සතියෙ පොර වැඩට ගියා. ඊට පස්සෙ
කාලයක් මම පොරව ඇහැටවත් දැක්කෙ නෑ. ඔන්න මාස දෙකකින් විතර හවසක පොර පාර දිගේ එනවා.
මාව දැකල ගෙදරටම ආව. අහල ඉන්ඩ බෑ කසිප්පු ගඳ.
"මොකද ජයසේන අයියෙ..... අද වැඩට
ගියෙ නෑ....?"
"ඔයිය මගුලට මං ආයෙ යන්නෑ
බං......"
"මොකද.... උඹලගෙ බොස් එක්ක වලියක්
වත් දාගත්තද?"
"අඩේ... නෑ. ලයනල් අයිය දෙයියෙක්
බං..... වැඩ වගේම රෙස්පට් එකට පඩි....."
"එහෙනං...?"
"වැඩක් නෑ මල්ලි මේ ජීවිතේ......
පහුගිය ටිකේ සල්ලි මේම... දාහෙ දෙදාහෙ පටි.... ඒත් මොකටද බං බොන්ඩ වෙලාව
නැත්තං........?"
__________________________________
2. 'ඩයලොග් ටීවී' සියඹලා
කතාව
මම දන්න හාදයෙක් ඉන්නව ගුණේ කියල. මූ මට
වඩා අවුරුදු තුන හතරක් බාලයි. බැඳලා. අවුරුදු හයක පුතෙක් ඉන්නවා. ගුණේ ඉගෙන ගත්තෙ
පහේ පන්තියට විතරයි. රස්සාව ගඩොල් කපන එක. ගේ තාම හදාගෙන යනවා. බිමට කොන්ක්‍රීට්.
වහලෙ බාගයක් උළු. අනික් බාගෙ තහඩු. ජනෙල් ඉටිකොල.
ඔන්න මීට මාස හත අටකට කලින් ටයි දාගත්තු
කොල්ලො සෙට් එකක් ගමට බැස්සා ඩයලොග් ටීවී කනෙක්ෂන් විකුණන්ඩ. මුගෙ කරුමෙකට මූ ගෙදර
ඉඳලා. අරුන් මූව අම්බානක අන්දලා ගෙවීමේ ක්‍රමයට මූටත් කනෙක්ෂන් එකක් විකුණලා.
දවස් කීපෙකින් මූ මට හම්බවෙච්චි වෙලාවක
හෙන නයි ටෝකක් දමපි.
"අයිය අර ඩයලොග් මෙව්ව එකක් ගත්තෙ
නැද්ද?"
"මෙව්වා...?"
"අර රූපවාහිනී..... කියල වැඩක් නෑ
ආ.... එක ඩොට් එකක් නෑ... මාර ක්ලියර්.... අනික ඕන වෙලාවක ෂෝ බලන්ඩ පුලුවං....
එව්වටම වෙනම සේවා තියෙනවා.... ඔය ක්‍රිකට් අනං මනං වලට වෙනම එව්වා.... පොඩි එවුන්ට
වෙනම එව්වා.... දෙමල ෂෝ යනවා කියන්නෙ.. ආයි එලම තමා........."
"ෂහ් මරුනෙ බං....."
"මෙහෙ ඔය අයිටීඑන්.. සිරස.. අනික්
සේවා ටිකත් ඔක්කොම තියෙනවා.. සින්දු වලට වෙනම එව්වා.... ඉගෙන ගන්න
අයට......."
"ඉතිං ඕකට ගෙවන්ඩ ඕනෙන
බං......"
"නෑ..... මෙහෙ එව්වා නිකං.... අර
සල්ලි ගෙවන සේවා ගත්තොත් තමා ගෙවන්ඩ වෙන්නෙ......"
"උඹට ෂුවර්ද?"
"නැතුව ආයෙ....? මං සේරම අහලයි
ගත්තෙ......"
උගෙ ආතල් කඩන්නෙ මොකටද කියලා මං නිකං
හිටියා.
මම මේ ළඟදි පොඩි වැඩකට ගුණෙයලගෙ ගෙදර
ගියා. ගුණය වැඩට ගිහින්. ගුණේගෙ නෝනා හෙවත් ඉරේෂා නංගි ගෙදර උන්නෙ. මේ අර ඩයලොග්
රාජයා ගැන නෝමල් එකේ ඒකිගෙන් මම අහ දැනගත්තු ටික.
"පුතා බලන්නෑ අයියෙ. ඉස්කෝලෙ ප්‍රින්සිපල්
සතියෙ දවස්වල කාටූන් බැලිල්ල තහනම්ම කරල තියෙන්නෙ..... සෙනසුරාදට ඉරිදටනං අර සිරසෙ
යන ලමයින්ගෙ එව්ව බලන්ඩ දෙනවා.......
මටත් ඕක දවල්ට බලන්ඩ වෙලාවක් ඇත්තෙම
නෑ..... ඔන්න හවස ප්‍රවෘත්ති දානවා..... සුවාදීන එකේනෙ.....
ඊට පස්සෙ කතා ටික බලනවා.... දැං සිරසෙ
යනව නේද අයියෙ අලුත් කතාවක්.........?
චිත්‍රපටිද? අනේ ගුණෙයි මායි බලන චිත්‍රපටි....
හැන්දෑවෙ පොඩ්ඩක් කටගාං ආවාම එයාගෙ චිත්‍රපටිය තමයි ඉතිං..... හැබැයි මං බලන කතා
වලට නං හොට දාන්ඩ එන්නෑ.... එයා බලන්නැත්තං පැත්තකට වෙලා ඉන්නවා...... අර කෝරලේ
මහත්තයා නං දිගටම බැලුවා.... ඒකත් ඉවරයිනෙ...... ක්‍රිකට් මැච් යනදාට තමයි ඉතිං
පොඩි වලියක් ගියොත්... හිහ්.......
බිල් මාසෙ ගානෙ ගෙවනවා..... තව වාරික
දෙකක් ඉතරත් තියෙනවා අයියෙ....."
හද්දෙයියනේ... අන්තිමට බලද්දි, ඉස්සර මුං
නිකං බලපුවා ටිකම දැං සල්ලි දීල බලනවා.
___________________________________
3. පොලිස් සියඹලා කතාව
දැං මෙහෙම ගමුකො. මම දන්න ශ්‍රී ලංකා
නිදහස පක්ෂ සාමාජිකයෙක් ඉන්නවා රණවීර
කියලා. මූ 2004 ජනාධිපතිවරණෙදි බොහොම කැමැත්තෙන් මහින්ද මහත්තයට වැඩකරල, ඡන්දෙ දීල
ඔන්න හොඳ විදිහෙ ආණ්ඩුවක් පත්කර ගත්තා.
ඔන්න මෑතක දවසක් හවස හතට විතර රණවීර
ගෙදර එද්දි හන්දියෙ බස් හෝල්ට් එකේ දන්න කියන කොල්ලො හතර පස් දෙනෙක් වලක් බැහැල
ඉන්නව දැකල බයිසිකලෙත් නවත්තලා ගිහින් උන් එක්ක හීන් කයියක් ගහගෙන ඉන්නවා. (ඔය
ඉතින් කොල්ලො සෙට්වෙන වෙලාව)
එක පාරටම හයියෙන් ඇවිත් ක්‍රාස් ගාල පොලිස්
ජීප් එකක් බ්‍රේක් කලා. ඕකෙන් බැහැගත්තු පොලිස් නිලධාරියො රොත්තක් දුවගෙන ඇවිත්
හෝල්ට් එක වටකලා.
"එක හු...... පුතෙක් දුවන්නෑ
හරිද?.... නැගපියව් ජීප්එකට.... බේබදු ප..."
රණවීර මොනම දෙයක්වත් හිතාගන්ඩ කලින්
පොලිස් කාරයො කොල්ලො කුරුට්ටො දෙන්නෙක් ඇදල අරං පොල්ලකින් දේයි ගාල පිටට ඇදබාල
ජීප් එකට දාගත්තා. ඊළඟ ඉරණම ඉවෙන් වැටහුණු රණවීර වහාම ක්‍රියාත්මක වුනා.
"සර්... මම...."
ඒ එක්කම රණවීරත් ෂර්ට් කොලර් එකෙන්
එලියට ඇදුනා. ඒත් එක්කම පිට මැදට දඩාං ගාල හෙනයකුත් වැදුනා. පිටකොන්ද හිරිවැටීගෙන
එද්දිම ජීප් එක ඇතුලට විසිවෙලා ඔලුව මොකද්ද යකඩ බාර් එකකත් වැදුනා.
සිද්දිය ඔච්චරයි. දැං රණවීරගෙ ප්‍රශ්නෙ මේකයි.
" මම පත්කරපු ආන්ඩුව යටතෙ ඉන්න
පොලිසිය නිකරුණේ මට ගහනවා..... ඇයි යකෝ.... මට ගහනවටත් මුංට පඩි ගෙවන්නෙ මම්මනෙ
ඕයි......"