62 හැවිරිදි උක්කු අම්මා පසුගිය දිනෙක නාගදීපය වන්දනා කරන්නට ගියාය.
“පුලුවං කමකට නෙමේ. බැඳපුම දවස් වල එක පාරක් ගිහිං තියෙනවා. ඊට පස්සෙ ඉතිං කොටි කලබලනේ.... ඔය අපේ ගනේවත්තෙ මලයා තමා බස් එක කතා කරලා මටත් වරෙං අක්කෙ කියලා කිව්වෙ.... ලොකු බස් එකක්. සේරම පවුලෙ අයම වගේ තමා....
දවස් තුනයි... මං ගියෙත් බයෙං බයෙං වගේ.... මේ වාත අමාරුව... ඕවා ඉතිං හොඳවෙන එව්වා නෙමේනෙ... ඒ උනාට කවුද හිතුවෙ ඇස් දෙක පියවෙන්ඩ කලියෙං අපිට ආයෙ ඔයපැත්තෙ යන්ඩ ඇහැක් වෙයි කියලා.... ඒ අතිං මහින්ද මහත්තයා කරගත්තෙ නං මහා පිනක්....”
“යාපනේ දැං හරි දියුණුයි.... එහේ දෙමල මිනිස්සුන්ටත් හරි ජයයි... ගෙයක් ගත්තා... දවසට පන්දාහක්ද කොහෙද.... සල්ලිනේ.....
අපරාදෙ කියන්ඩ බෑ හිතේ හැටියට වැඳගත්තා... ආපහු එන ගමං තමා අනුරාධපුරෙං නවත්තලා ජයසිරිමා හාමුදුරුවෝ වැඳගන්ඩ බැස්සෙ.....
බස් එක නවත්තලා සෑහෙන දුරක් පයිං යන්ඩත් තියෙනවනේ.... ඉතිං මේ කකුලත් නොන්ඩි ගගහා ඔච්චර දුර කාල්ගාලත් මුං මහ මලුවට යන්ඩ දුන්නෑනෙ.....”
“ඇයි යකෝ..... වන්දනාවක් යනකොට ඇඳුම් අල්මාරි පිටිං උස්සං යනවයැ.... අන්තිම දවසනේ... ඇඳපු නැති එක හැට්ටයයි තිබුනේ.... ඒක ඇඳලා සුදු පාටට හුරු චීත්තයක් ඇඳගත්තා....”
“අත්කොට එව්වා ඇඳං ආවා කියලා මායි තව අපේ කෙල්ලො තුන් දෙනෙකුයි ආපහු එව්වනේ..... උන්ටත් ලැජ්ජාවෙ..... ඔතෙන්ටම ගිහිල්ලත්......?”
“අසංවර විදිහට ඇඳගෙන යන්ඩ දෙන්නෑලු.... ඇයි යකෝ... අපි හෙලුවෙං ගියායැ.....? මීට ඉස්සර ගියෙත් ඕවා ඇඳං තමා. අනික දැං කවද ඉඳංද ඔය අත්කොට දෙක අසංවර උනේ....?”
“යකෝ ජය සිරිමා හාමුදුරුවංගේ මලුවට අපි ජොලි කොරන්ඩ යනවයැ..... හරි අත්කොට ඇඳං ගියාට මොකද්ද තියෙන අසංවරේ.....? ඔන්න කෙල්ලෙක් එහෙම ගියොත් නං ඕං පිරිමි ටිකක් චූං වෙයි. ඉතිං ඒකට ගෑණු අපි පලිද?”
“ඕකම තමා වෙන්ඩ ඇත්තෙ.... ඔය ගෑණුංගේ අත්කොට දැකලා පොඩ්ඩ ඇත්නං චූං වෙන එකෙක්ට හිතෙන්ඩ ඇති යකෝ.. මේක වස අගවුරවයක් නේන්නං කියලා.... ඉතිං තහනං කොලා.... දැං එවුන්ට බැරිවෙලාවත් ගෑණුංගේ මූණු දැකලා චූං යන්ඩ ගියොත්......?
අපිටත් අර ---ගෑණු වගේ .........................”
“මට දුක මැරෙන තුරාවට ආයෙ කවදාවත් ජයසිරිමා හාමුදුරුවෝ වැඳගන්ඩ යන්ඩ බැරිවෙයිද කියන එක........”
අතිගරු ජනාධිපතිතුමනි,
ආගමික ශිෂ්ඨත්වය පිළිබඳ නව ගැම්මක් ඇතිවී ඇති මෙවන් මොහොතක මෙම කරුණ ඔබතුමාගේ අවධානයට ඉදිරිපත් කිරීමට හැකිවීම අපහට සතුට දනවයි. ස්ත්‍රීන්ගේ සංවරභාවය පිළිබඳ ස්ථාවර පොදු අර්ථකථනයක් නොමැතිවීම හේතුවෙන් මෙවන් ගැටළු දිනෙන් දින වර්ධනය වනු අපට පෙනේ.
එබැවින් දිනෙන් දින වෙනස්වන සමාජ තත්වයන්ට අනුකූලව ස්ත්‍රී ශරීරයේ නව ශෘංගාරජනක කලාපයන් ජාතික මට්ටමෙන් හඳුනාගැනීම සහ එම කලාපයන් නිසිලෙස කළමණාකරණය වැනි කරුණු සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවක්ව පවතී. මේ සඳහා සුදුසු පුද්ගලයින්ගෙන් සමන්විත නව ශෘංගාර කලාප පාලන කොමිසමක් පත් කිරීමටද, සංස්කෘතික අමාත්‍යාංශය හරහා එම කොමිසමට බලපෑම් සිදුවීම වැලැක්වීම සඳහා පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය එම අමාත්‍ය ධූරයෙන් පහකිරීමටද කාලයයි මේ.
අදත් පිටපත....... (උගෙන්ම තමා)