යන්තම් මීට පැය එකහමාරකට විතර කලින් අපේ ගමට අලි ආවෝය.
මුන්නේෂ්වරම් දේවාලයේ මංගල්‍ය සමයට (හෙවත් අගෝස්තු නියඟයට :D) අලි රංචුවක් දැදුරු ඔය නිම්නය දිගේ පහලට (හෙවත් දේවාලය දෙසට) පල්ලම්
බැසීම සෑම වර්ෂයකම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. ගිය වසරේද, ඊට කලින් වසරේද, ඊටත්
කලින් සෑම වර්ෂයකම මෙය අනිවා සිදුවෙමින් ආ දෙයකි. පසුගිය වසරේද අප ගම ආසන්නයේ
නිවෙස් කිහිපයක වී බීමෙන්ද, නාඹර පොල්ගස් සෑහෙන තොගයකට වග කියමින්ද, කෙසෙල් වැනි
වගාවන් විනාශ කරමින්ද මුන් සෑහෙන තොයිලයක් නැටුවෝය.
මෙවර පැමිණ ඇත්තේ අලි තුන්දෙනෙකි. ආරංචි විදිහට තුන්පත් රෑනකි. මුං පැමිණි
බවට මුල්ම ආරංචිය ලැබුණේ මීට දින හතරකට පමණ කලිනි. තැනින් තැන ජල වක්කලම් සහිත
ඔයක් දෑලේ වූ ලඳු කැලෑවක් සහ ඔය දෙපස පුරන් කුඹුරු ආශ්‍රිතව උන් සිටින බවට ආරංචිය
ලැබුණි. ඊයේ දවස මුන් ගතකොට ඇත්තේ ඔයට මායිම් වන විශාල පොල් වත්තකය. මොකක් හෝ
හුට්ටප්පරයක් නිසා මුන් කුලප්පු වී අද ගම් වැදී ඇත. (වන ජීවී කතාවක්ද එහෙන් මෙහෙන්
ඇසේ)
පලමු ආරංචිය ලෙස ලැබුණේ අලි තුන්දෙනෙකු මා නිවසට නැගෙනහිර දෙසින් වූ බුලත්
කොටුවක විශාල පොල්අතු පැලැල්ලක්ද, කම්බි වැටවල් දෙකක්ද කඩාගෙන උතුරු දිශාවට වන්නට
තිබූ අසල පොල් වත්තකට ගිය බවය. එම පොල්වත්තේ මුරකරුට දුරකථන ඇමතුමක් දුන් විට
“කොහෙද....?
අලි...??... කීයටද..”
කියමින් ඌ මොනවාදෝ පෙරලාගත් හඬක් ඇසුනු අතර දුරකථනය විසන්ධි
විය. (වතු අයිතිකාරයා දන්නවානම් මූ හෙටම ගෙදරය. වත්තට අලි ආපු එක නොදන්නා එකා හොරු
කොහොම අල්ලන්නද?) තවත් මිනිත්තු දෙකකින් මුර මඩුව අසල දැවැන්ත ගිනි ගොඩවල් තුනක්
දැල්විණි. පහුගිය දවස් දෙකේ විතර වත්තේ වැඩකරන ගෑණුන් ලවා මොකද්දෝ වැඩකට එකතුකරවන
ලද පොල් අතු ගොඩවල් ටිකට මූ ගිණිතබා ඇති හැඩය.
ඒ සමගම නිවසට දකුණු පසින් පිහිටි වැව දෙසින් රතිඥ්ඤා හඬ ඇසුනු අතර කීප
දෙනෙක් කෑ ගසනුද ඇසිනි. විපරම් කොට බැලීමේදී වැවේ අලි දෙන්නෙක්ලු. ලැබුණු ඇමතුමකට
අනුව මුන් මයියොක්කා ගස් වගයක්ද ගලවාගෙන ඇමතුම දෙන එකාගේ කණ ගාවින් ගිහින් ඇත. එත්
කළුවර හින්දා පෙනී නැත. (මේ අර වත්තට ‘ගිය’ උන් නොවන බව සලකන්න. වත්තට ගිය උන්
උතුරු දෙසට ගිය අතර නැවත ගම මැදින් ආවේ නැත.)
තවත් මිනිත්තුවකින් විතර කියවුනේ වැවට තවත් කිලෝමීටරයක් විතර දකුණට වන්නට වෙල්යායක
තවත් අලි දෙන්නෙක් ඉන්න බවය. උන්ව ටෝච් එක ගැහුවත් පේන බව ඇමතුම දුන් එකා දිවුරා
කිව්වේය. ඇමතුම දෙන විටත් ඌ සිටියේ ගෙදර ගෑනි බනින නිසා ටෝච් එක ගහන්ඩ යන්ඩ බැරි
විස්සෝපයෙනි.
ඒ එක්කම වගේ ගමේ බටහිර පැත්තෙන්
බල්ලන් බුරන්නටද, රතිඥ්ඤා දමන්නටද වූ අතර යම් ඝෝෂාවක්ද ඇසුනි. අනිවා ඒ පැත්තෙත්
අලියෙක් හමාරක් ඉන්නවා වෙන්නට පුළුවන. මෙ ලියන මොහොතේදී අලි කොහේ ඉන්නවාදැයි
නිශ්චිත ආරංචියක් නැති අතර හතර පැත්තෙන්ම වරින් වර රතිඥ්ඤා හඬ ඇසෙයි.
දැන් ඔබට වටිනා අලියා ලකුණ සහිත කැප් තොප්පියක් දිනාගත හැකි දවසේ පැණය
මෙයයි.
(ගමට ආපු) තුන්පත් රෑනේ අලි කී දෙනෙක් ඉන්නවාද?
--------------------------------------------------------------
මීට කලින් ලියපු අලි කතා -