ඊයෙ
රාත්තිරියේ... සිරසේ......... මං හිටියේ නිවුස් බල බලා.....
මට
හිතුනා මොකක් නමුත් සිද්දවෙන්න යනවා කියල... එකපාරටම තිරේට ආවේ නිශාන්ත ශ්‍රී
වර්ණසිංහ මැතිතුමා... එතුමා බොහොම ආවේගයෙන් හිටියේ.... තුන් මුණින් දාඩිය දාලා...
බෙල්ලේ නහර වැල් ඉලිප්පිලා..... මූණේ මහා තරහවක් වගේ එකක්..... එයා යටි ගිරියෙන්
මෙහෙම කිව්වා...
"ඕකුං ආයේ ඊලාම් රාජ්‍යයක් මෙහේ හදන්න
ආවෝත්... වෝත්... වෝත්...ත්....ත්..... හැට
දාහක් නෙමෙයි...... යි... ලක්ෂයක් වුනත් ජීවිත පූජාකරන්න.. අපි සූදානම්...
දානම්....නම්...නම්...ම්......"
එතකොටම
ඒ කතාව අහගෙන හිටියය කියලා හිතෙන මහා ජනකායක් එතන දෙකක් වෙන්න ඔල්වරසන් දෙන්න
තියාගත්තා.
මට
හීන්දාඩිය දැම්මා..... සිද්දිය ඔච්චරයි.
_____________________
1. මෙතන අපිට පේන වැදගත්ම දේ නිශාන්ත
වර්ණසිංහ මහත්තයගේ තියෙන අල්පේච්ඡ කම. ඕන්නං එතුමට ඔතන කියන්න තිබ්බා ලක්ෂ තුනක්
ජීවිත පූජාකරන්න සූදානම් කියලා. නමුත් අනුන්ගේ ජීවිත වුනත් නිකරුණේ පරිත්‍යාග කරන්න
එතුමා සූදානම් නැහැ. මෙහෙම වෙන්නෙ උතුම් සිංහල-බෞද්ධ සංස්කෘතික හර පද්ධතියෙන්
එතුමා ලබාගත් පෝෂණය නිසා.
2. කොහොමත් ඔතන ජීවිත ලක්ෂ තුනක් නෙමෙයි
පහක් කිව්වත් ඒ ලක්ෂ පහට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහත්තයා අයත් නැති බව කණගාටුවෙන්
උනත් කියන්න වෙනවා. මොකද ඔය මැරෙන්න යන ලක්ෂ පහ නාවලා කරලා, දත කට මැදලා, වාසගමට ඉස්සරහින් රණවිරු කෑල්ල එල්ලලා, පිරිත් නූල් යාර තිහ හතලිහකින් වෙලලා, සූදානම් කොරලා දෙන්න වෙන්නේ එතුමටම
තමයි. ඉතින් ඔය ටික කොරලා උන්ගෙ මොරාල් අප් කොරලා හෙම අහවර වෙනකොට යුද්දෙත් ඉවරයි.
පහුගිය යුද්දෙත් උනේ ඒකනේ. ඉතින් හැමදාම අන්තිමට වෙන්නේ නිශාන්ත මහත්තයගේ වටිනා
කියන ජීවිතේ උතුම් මව්බිම වෙනුවෙන් පූජා කරන්න චාන්ස් එකක් නැතිවෙන එක.
නිශාන්ත මහතතයා ඔය කතාව ඇහෙන් කඳුළු පනින තරමට බොහොම ආවේගයෙන් කියන්නෙ ඒක මතක්වෙන නිසා.
නිශාන්ත මහතතයා ඔය කතාව ඇහෙන් කඳුළු පනින තරමට බොහොම ආවේගයෙන් කියන්නෙ ඒක මතක්වෙන නිසා.
මේක මානසිකව ගොඩක් බලපානවා. පහුගිය යුද්දෙදි වුනත් මෙහෙම අනුන්ගේ ජීවිත පූජා කරවන්න දිවි හිමියෙන් කැපවුනු සමහරු අද ගුලි කන්න ඇබ්බැහි වෙලා. රතන හාමුදුරුවෝ එහෙම දැන් හීනෙන් දොඩෝනවලු. කේලිය මහත්තයා නින්දෙන් ඇවිදිනවාලු. බැලකනියකිනුත් දෙරි ගැහුවනේ. ගම්මන්පිල මහත්තයා නං ස්වේච්ඡාවෙන්ම හිඟන්නෙක් වෙලයි කියලත් ආරංචියි. ඇයි යකෝ... හුලා මහත්තයා තුන්පාරක් මැරෙන්ඩත් ගියානේ.... පශ්චාත් යුද ක්ලෙමථතාවයද මොකද්ද කියන්නේ ඕකට වෙන්නැති.
3. ඔතන සෝචනීයම සංසිද්දිය වෙන්නේ නිශාන්ත මහත්තයගේ කතාවට ඔල්වරසන් දෙන දේශප්‍රේමී සන්ධාන පාක්ෂික පින්වතුන්ට. ඇත්තටම ඒ අය ඔහොම කෑ ගැහුවට ඒ අයගේ හදවත බුර බුරා අඬනවා. මොකද ඔය ජීවිත පූජාකරන ලක්ෂෙට ඇතුලත්වෙලා මව්බිම වෙනුවෙන් උතුම් ආත්ම පූජාව කොරන්න ඔය කෑ ගහන කාටවත් අවස්තාවක් ලැබෙන්නෙ නැති නිසා. ලක්ෂ එක නෙමේ.. දහයක් කිව්වත් ඒගොල්ලන්ට ඒ ගොඩට ඇතුලත්වෙන්න ලැබෙන්නෙ නෑ කියලා ටක්කෙටම දන්න හින්දා තමයි ඕම සංවේගෙන් ඔල්වරසන් දෙන්නේ.
ඒ අයගේ තත්වය බොහොම සෝචනීයයි. ඔය කෑ ගහපු අය බොහොම වගකීම් දරණ ඈයෝ. සමහරු සුළුවට බිස්නස් එකක් පටන් අරන් කරගෙන යන ගමන්. සමහරු දරු පවුල් කාරයෝ. සමහරුන්ට ආණ්ඩුවේ කත්තෝරු වල බොහොම බැරෑරුම් රාජකාරි තියෙනවා. සමහරුන්ගේ ගෙවල් බාගෙට හදාගෙන යන නිසා එව්වා ඉවරවෙනකං යන්ට චාන්ස් එකක් නෑ. තව සමහරුන්ට වාහන ෆිනෑන්ස්. ඔය අතරේ හැමෝටම වගේ ගෙවන්න ණය තියෙනවා. සමහරු සිංහල නාමය එතෙර බබලවන්න රට යන්න බලං ඉන්න අය. මොන පූජාව කොරන්නත් ඕවා එකලාසයක් කරගන්න එපැයි නේද? ඔය මොනවා නැතත් වැඩි දෙනෙක් සිංහල ජාතියේ ආරම්භය සහ පරිනාමය ගැන ප්‍රාමාණික විද්වතුන්. ඉතින් ඔච්චර දැනුමක් අපතේ දාලා මැරෙන්න යන එක ජාතියට කරන අපරාධයක්. හා නැද්ද? (ඔය විද්වතුන්ගේ නාම ලේඛනයක් අවශ්‍යනම්, ගම්මන්පිලගේ සීයේ එකවුන්ට් එක පරීක්ෂා කරන්න)
දන් මෙහෙම කිව්වාම කාටහරි හිතෙන්න පුළුවන්, මැරෙන්ඩ හිතලවත් නැති එකෙක් මව්බිම වෙනුවෙන් ලක්ෂයක් ජීවිත පූජාකරන්න සූදානම් කිව්වාම... මැරෙන්ඩ හීනෙන්වත් නොහිතන උන් දාහක් හමාරක් අත්පොඩි ගහන එක නිකං විකාරයක් වගේ නේද කියලා.
ඒම
වෙන්නෑ. ජීවිත පූජාවට සුදුසු උතුම් සිංහල වීර පුතුන් ඕනෙතරම් මේ පින්බිමේ ඩොටේ
කැලෑවල ඉන්නවා. ඕට්ටේලියාවට බෝට්ටුවෙන් පයින්ඩ එපා කියල ඇඩ් දන්ඩ ගත්තු දා ඉඳලා උං
ඉන්නේ දේශප්‍රේමෙන් පුපුර පුපුරා. ඕලෙවල්
වලින් එහාට බටහිර අධ්‍යාපන උගුලේ පවා නොවැටුනු නියම දේශීය විද්‍යාර්ථීන්. ඔය
අප්පොඩි ගහන්නේ ඒ වීර පුතුන්ගේ ශ්‍රී නාමයට. මේක හරියටම තේරුන කෙනෙකුට ජාති වාත්සල්‍යය ඔද්දල් වෙලා ඇඬෙන්න
ඕනේ..........
ඉතිං ඕමයි විස්තරේ. හෙට ඔයාලට පුලුවන්නං වර්ණසිංහ මහත්තයගේ නොම්බරේටත් මනාපයක් දෙන්ට. අපි වෙනුවෙන්නෙ දෙයියනේ මේ සේරම...!!
ඉතිං ඕමයි විස්තරේ. හෙට ඔයාලට පුලුවන්නං වර්ණසිංහ මහත්තයගේ නොම්බරේටත් මනාපයක් දෙන්ට. අපි වෙනුවෙන්නෙ දෙයියනේ මේ සේරම...!!