මේක යුද්දේ දරුණුවටම ගිය 2009 මුලදී වගේ වෙච්චි පොඩි සිද්දියක්. මම දන්න
හොඳ දේශප්‍රේමී මුදලාලි කෙනෙක් ඉන්නවා. ධර්මෙ අයියා කියමුකො. පලාතෙ හැටියට ටිකක්
ලොකු සිල්ලර කඩයක් තමා කලේ. පළාතෙ කවුරුත් පෙට්‍රල් ගත්තෙ මිනිහගෙ කඩෙන්. මොකද
ෂෙඩ් එකේ පෙට්‍රල් වලට භූමිතෙල් කලවංකරන නිසා මිනිහා පෙට්‍රල් ගෙන්නුවෙ හැඳල
පැත්තෙ ෂෙඩ් එකකින්. ෂෙඩ් එකට වඩා ගණං වැඩි වුනත් බඩු සුපර්. ඉතිං මිනිහා ඔය ඉන්ධන
ප්‍රශ්න ගැන කොහොමත් හරි උනන්දුයි.
දවසක් හවසක මං කොහෙහරි යනගමං කඩේට ගොඩවෙලා පොඩි චැටක් දාගෙන ඉන්න වෙලාවක්.
“අන්න මාදම්පෙත් එකක් අල්ලලාලු...... දවල් නිවුස් වලට ගියේ.......”
“මොකද්ද?”
“කොටින්ට පෙට්‍රල් ඇදපු මුස්ලිම් ලොරියක්.... ලොරිය පුරෝලා තිබිලා තියෙන්නෙ
පෙට්‍රල් ඩීසල් බැරල්.... ඔහොම ගිහින් පුත්තලමෙන් වනාතවිල්ලුවෙන් ඕවා කොටින්ට
පාස්කරනවා ඇති. කාලකන්ණි.... එක ලොරියක් පාස් කරගත්තොත් ඕකුන්ට අවුරුද්දකට
ඇති..... කොටි ඕවට අම්මටසිරිවෙන්ඩ ගෙවනවලුනේ....”
“මාදම්පෙදි...?”
“ඔව්... චෙක්පොයින්ට් එකේදි අල්ලලා තියෙන්නෙ.... ඔය කොළඹ පැත්තට යන ලොරි
චෙක් කලාට ආපහු එන ඒවා එච්චර බැලෙන්නෑනෙ.... ඒක මුන් දන්නවා..... ලොරිය මුස්ලිම්
එකෙක්ගෙලු. ඩ්‍රයිවරුයි ගෝලයයි දෙන්නත් මුස්ලිම්ලු....
මං අද කිව්වා කියලා හිතාගන්ඩ..... දෙමෙල්ලු ඉවර වුනාට පස්සෙ ඔය @*&%^
තමයි මේ රටට හෙනයක් වෙන්නෙ..... උන්ට උපන්න රට කියල එකක් නෑනෙ... සල්ලි හම්බ
වෙනවනං.......
මේ දෙමෙල්ලු ඉවරකලාට පස්සෙ මෙහෙ ඉන්න ඔය @$%$ හැතිකරෙත් අරාබියටම එලවලා
දාන්ඩ ඕනෙ..... ඕකුං ඔය ලොරියටම දාල ගිනිතියන්ඩ තිබ්බෙ........ කාලකන්ණි.......”
මම එතනින් පිටත්වෙද්දිත් ධර්මෙයා කඩේට ආපු උන්ට ලෙසටම දේශනාව දෙනවා.
මම මගෙ ගමන ගිහින් හවස හයට විතර එනගමං ආපහු කඩේට ගොඩවුනා. ධර්මේ මූණ දෙක
කරගෙන ඉඳගෙන ඉන්නවා.
“මොකද ධර්මෙ අයියෙ?”
“හරි වැඩේනෙ..... අර මාදම්පෙදි අල්ලලා තියෙන්නෙ මගෙ පැට්රෝල්නෙ......”
“ඒ කොහොමද?”
“තාහීර් මුදලාලිගෙ ලොරිය ඊයෙ අඟුරු අරං කොළඹ යනව කිව්ව නිසා හැන්දෑවෙ මගෙ
බැරල් තුනක් ලොරියට දාල සල්ලිත් දුන්නා හැඳලින් පෙට්‍රලුයි ඩීසලුයි ගහගෙන එන්ඩ....
අල්ලලා තියෙන්නෙ ඒක.... ලොරිය පොලිසියෙ.... ඩ්‍රයිවරුයි ගෝලයයි ඇතුලෙලු.... මේ....
මට මොකුත් වෙන එකක් නැතිවෙයි නේද?”
--------------------------------
මේ සිද්දිය මතක්වුනේ පොල් කෙල්ල ගැන අපේ මාධ්‍ය පින්වතුන් අද කියන කතාව
කියවද්දි. දැන් ඕනෙනං අපිට බණින්න පුළුවන් සති දෙකක් තිස්සෙ පොල් කෙල්ල තුන්වේල
කාපුවත් රිපෝට් කරපු මුං එකෙක්වත් නිකමටවත් කෙල්ලගෙ ගමට ගෙදරට ගිහින් බැලුවෙ නැද්ද
කියලා. ඒ බැනිල්ලත් අපි මෙච්චරකල් පොල් කෙල්ලගෙ ප්‍රින්සිපල්ට බැන්නට දෙවෙනි නෑ.
මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නෙ ප්‍රවෘත්ති වාර්තා කරන එක නෙමෙයි. අපිට ආතල්
දෙන එක.
නයි කෙල්ලගෙ මීඩියා ලණුව වමාරලා සතියක් යන්ඩත් කලින් අපි
පොල් කෙල්ලගෙ මීඩියා ලණුව කනවා. ඊටපස්සෙ ඔෆිස්වල, කඩපිලේ, නානලිං ගාව පවා කොහෙවත්
ඉන්න ප්‍රින්සිපල් කෙනෙක් පළු අරිනවා. ඊට ඉහල මට්ටමට එද්දි ෆේස්බුකියෙ අධ්‍යාපනයට
6% ක් වෙන් නොකිරීම ගානට කතාව ගිහින්. ඊටත් ඉහල තැන්වල මේක ධනේෂ්වර ආර්ථික ක්‍රමයේ
මොකක්හරි එකක් කියලත් කතාවෙන්ඩ ඇති. අන්තිමේ ජනාධිපතිතුමත් ‘සංවේදී වෙලා’ ඔය
මොකද්ද චක්‍රලේඛ වගයකුත් ගහන්ඩ කිව්වලුනේ.
-------------------------------------------
ධර්මෙ අයියගෙ කතාව ඉවරයි කියල හිතුවට තව ඉවර නෑ. ධර්මෙ අයියගෙ පෙට්‍රල්
අල්ලපු එකෙන් ධර්මෙ අයියම දවල් දවසේ මාර දේශප්‍රේමී ආතල් එකක් ගත්තනෙ. හැබැයි
හැන්දෑවෙ තමයි වැඩේ පත්තුවුනේ. කොහොමහරි දවසකින් හමාරකින් ලොරිය එලියට දැම්මා. ඊට පස්සෙ තමයි ඉතිරි හරිය පටන් ගත්තේ. ධර්මෙයා
ඊළඟ ආතල්එක ගත්තෙ වෙච්චි සීන්එක තාර බර දාල හැමෝටම කියලා. හමුදාවෙ දන්න ලොක්කෙක්
අල්ලගෙන නූලෙන් බේරිච්චි හැටි, ඇමතිතුමාට කිව්වාම ඇමතිතුමා හතර අතට කෝල් කරපු
හැටි, තව පොඩ්ඩෙන් දේශද්‍රෝහියෙක් වෙන හැටි........ දවස් කීපයක්ම ඔය ආතල්එක ගත්තා.
“ඇයි යකෝ ස්වර්ණවාහිනියෙ පෙන්නුවේ.....? ඒ මගෙ පැට්රෝල් බැරල්.....!!”
-----------------------------------------
මේ දවස්වල අපි ගන්නෙත් ඔය දෙවෙනි ආතල් එකම තමයි.
“බලන්ඩකො අනේ... අර පොල් කෙල්ල මහ හෙරක්ලුනේ....... අපිත් රැවටුනානෙ....”
පොල් කෙල්ල ගැන කලින් ගහපු නිවුස් එක බොරුවක් කියලා දැන් අපි දන්නවනේ.
එතකොට නිවුස් කියන්නෙ මොනවද? වෙන මොකුත්
නෑ. ප්‍රබන්ධ. නිකම්ම ප්‍රබන්ධ නෙමේ. අපේ ආතල්එක උපරිම කරන ප්‍රබන්ධ. හරියට හින්දි
ෆිල්ම් වගේ. ඉගෙනගන්න ආස අහිංසක කෙල්ලෙක්. අමානුෂික විදුහල්පති කෙනෙක්, තණ්හාධික
පොල්වතු හිමියෙක්, පොඩි මිනිස්සු විතරක් දඬුකඳේ ගහන පොලිසියක්, හිතක් පපුවක් නැති
නඩුකාරයෙක්........... ලාස්ස්සන ප්ලොට් එකක් නෙහ්?
ඇත්තම කියනවනං ඔයවගේ ප්‍රින්සිපල්ලා අපේ සමාජයේ ඉන්නවද? අති බහුතරයක් ඔය වගේ
නෙමෙයි. පොල්ගෙඩි අටකට පොලිසි යන මිනිස්සු අපේ ගම්වල හරි අඩුයි. ඇරත් පොඩි
කෙල්ලෙක් අල්ලං? මේ වගේ සිල්ලර කේස් හේතුවක් නැතුව ඉහලට යවන පොලිසිත් නෑ. මොන
අඩුපාඩු තිබ්බත් මේවයෙ වැඩකරන්නෙ මිනිස්සු. කොටින්ම පොල් කෙල්ලගෙ නිවුස් එක අහපු
ගමන් මට නං හිතුනේ මේක මේ විදිහට වෙන්න බැරි දෙයක් කියලා. (පැරා ඕක ඒ දවස්වලම ලිවුවා).
දැන් ඔය සැකය ඔය මීඩියා වල වැඩකරන අදීන මාධ්‍යවේදීන්ට එන්නෙ නැද්ද? එනවා
පින්වතුනි. ආවට අදාල නෑ. ප්‍රබන්ධයක්
හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික තියෙනවනං තව මොකටද ඇත්ත නැත්තක්?
අපිට වෙලා තියෙන්නෙ ධර්මෙයට වෙච්චි දේම තමයි. අපිට කෙළවෙන එකම අපි එන්ජෝයි
කරනවා. පස්සෙ අපිට කෙළවුනා කියල තේරුණාම ඒකත් එන්ජෝයි කරනවා. නයි කෙල්ලගෙන්ගෙන්,
පොල් කෙල්ලන්ගෙන් ආතල් අරං ඇණගන්නවා. පස්සෙ ඇණගත්තු එකෙනුත් ආතල් ගන්නවා. මාර ෆන් ලෝකයක්.
ප්‍රශ්නේ තමයි අපේ ආතල් වෙනුවෙන් මේ වසල මාධ්‍ය ප්‍රබන්ධවල ගොදුරු බවට
පත්වෙන මිනිස්සු ඉන්න එක.
මාධ්‍යවේදී පින්වතුනි එන්න.......! අර ප්‍රින්සිපල්ගෙ වොයිස්කට් එකකුත් අපිට
දෙන්න.....!!
-----------------------------
ප/ලි - යකෝ... නයි කෙල්ල දවසට 67000/- ත් හොයල තියෙනවලු
-----------------------------
ප/ලි - යකෝ... නයි කෙල්ල දවසට 67000/- ත් හොයල තියෙනවලු