Tuesday, February 25, 2014

ඩිජිටල් එළදෙන්නු සහ ඇනලොග් බූරුවෝ



මේ ෆේස්බුක් මරණ තුට්ටුදෙකට දාලා එල්ලිච්ච උන් නිකංම එළදෙන්නු කරන එකට මං විරුද්ධයි. මේවා සයිබර් මරණ. මේවා නියම සංස්කෘතික මරණ.

ඔන්න කොල්ලා කෙල්ලව අතෑරලා වෙන කෙල්ලෙක් එක්ක ගියයි කියලා කෙල්ල කණේරු ඇට කාල මැරෙනවා. ඕව ඉතිං මානව ඉතිහාසේ පටන්ගත්තු දා ඉඳංම තියෙන දේවල්නේ. ශාරීරික වැඩක්.  ආරංචිය ආවා... කනේරු ගහක් ලගට ගියා... ඇට හතඅටක් කඩාගත්තා... සීනි එක්ක කාලා මලා........

ඒ වුනට මේවා එහෙම නෑ. එකෙක් තමුන්ගේ සිතුම් පැතුම් හරි, ඊනියා පින්තූරයක් හරි දත්ත විදිහට පොඩි ඉලෙක්ට්‍රොනික් අටමගලෙකට දානවා. පස්සේ ඕක ප්‍රොසෙසරයකට ගිහින් තැලිල පොඩිවෙලා පොඩි පොඩි බයිනරි සංකේත විදිහට කැඩිලා වයර් දිගෙයි, විද්‍යුත් චුම්බක සංඥා විදිහටයි, පස්සේ ෆයිබර් ඔප්ටික්ස් මෙව්වා දිගේ ආලෝක සංඥා විදිහටයි පරිවර්තනය වෙවී කිලෝමීටර් දාස්ගානක් ඈත සර්වර් වලට යනවා. ඊට පස්සේ සර්වර් කාරයා ඌට ලැබිලා තියෙන උපදෙස් විදිහට අවශ්‍ය අයට ඕනෙනං ලබාගන්ට මෙව්වා අවශ්‍ය තැන්වලට යොමුකරලා තියනවා.
පස්සේ වෙන එකෙක් හරි එකියක් හරි, අර ගියපු මාර්ග දිගේම මෙව්වා සල්ලි ගෙවලා බයිනරි සංකේත විදිහටම කිලෝමිටර් දාස් ගානක් ඈත ඉඳන් තමුන්ගේ විද්‍යුත් අටමගල් වලට ගෙන්නගෙන, එව්වා ආපහු ප්‍රොසෙසරයකින් පූට්ටුකොරලා, සිලිකන් තිරේක  ඊනියා අතුරු මුහුණතකට අරං කියවලා....... 
දුවලා ගිහින් බෙල්ලෙ වැල දාගන්නවා....!!

මේක සංස්කෘතිකයි. ටිකක් නෙමේ. හොඳටම සංස්කෘතිකයි. මානව ඉතිහාසයේ මොකාද හිතුවේ කවදහරි මිනිස් අදහසක් එක-බින්දුව සයිස් එකට කුඩුපට්ටම් කරලා, තත්පර ගානක් ඇතුලත දුර ඈතට ගෙන්නගෙන  ඒක ආපහු ප්‍රතිනිර්මාණය කරලා හිත රිද්දගෙන මැරෙන්න පුළුවන් වෙයි කියලා? ඒ පළවෙනි කරුණ.

දෙවෙනි එක මේකයි. මේක කොච්චර සංකීර්ණද කියලා අපි නිකමටවත් හිතන්නෑ. නිකමට බලන්න කොල්ලා බැන්නා කියලා එල්ලෙන එකකයි, ෆේස්බුක් නිසා එල්ලෙන එකකයි තියෙන වෙනස. කොල්ලා බැන්න සීන් එකේදි මූලිකව අවශ්‍ය වෙන්නේ කොල්ලාගේ බැණුම ඇහෙන එක විතරයිනේ.  ඊට පස්සෙ (මරණ දෙකටම පොදු) එල්ලෙන්න තැනකුයි, ලණුවක් හරි සාරියක් හරි වගේ එකකුයි. තව ඕන්නං ලියුමක් වගේ ලියන්න හිතුනොත් කඩදාසියකුයි පෑනකුයි......

නමුත් ෆේස්බුක් එල්ලිල්ලක් එහෙම නෑ. මුලින්ම කොම්පියුටරයක් හරි ෆේස්බුක් යන්න පුළුවන් වෙන සුකුරුත්තමක් හරි තියෙන්න ඕනේ. එක පැත්තක විතරක් තිබිලා බෑ. දෙපැත්තටම තියෙන්න ඕනේ. ඒකට පොඩි පහේ ආර්ථික ශක්තියක් තියෙන්නත් ඕනේ. ඕකක් පරිහරණය කරගන්න තරමක දැනුමක් ඕනේ. අන්තර්ජාල සම්බන්ධතාව තියෙන පළාතක ඉන්න ඕනේ. ඩේටා කනෙක්ෂන් එකක් ගන්න ඕනේ. ඒක ගන්න අයිඩින්ටියක් තියෙන්න ඕනේ. බිල ගෙවාගන්න සල්ලි තියෙන්න ඕනේ. ෆේස්බුක් තහනම් නොකරන ලද දේශපාලන වටපිටාවක් තියෙන්න ඕනේ. මොන මගුල නැතත් කරන්ටෙක තියෙන්න ඕනේ.

මම කියන්නේ ඕවයින් එකක් හරි මිස් උනොත් ඔය මරණය වෙනවද? අන්න එතනයි අපිට වැදගත්. ෆේස්බුක් නිසා මැරෙනවනං ඒ දියුණු මිනිසෙක්. ඒක නිසා මේවා “දියුණු සංස්කෘතික මරණ”.

ලංකාවේ ෆේස්බුක් තහනම් කරයිද, නැද්ද වගේ නිශ්ඵල කතාවලට කාලය නාස්ති කරන එකේ තේරුමක් නැහැ. ගලන ගඟක් ආපහු හරවන්න බැහැ වගේම, මානව දියුණුව ආපහු ගල්යුගේට ගෙනියන්න මොන ගල්වැද්දටවත් බැහැ. එහෙම කරන්න හැදුවොත් මේවා මීටත් වඩා සංකීර්ණ විදිහට ගල්ලෙන බිඳගෙන ලෙන්දොර ඇරගෙන අපූරුවට ඒවි.

මේ මැරෙන්නේ නිකංම එළදෙන්නු නෙමෙයි.  මෘදුකාංග අතුරු මුහුණතක ‘එක පතේ කන’ තරමට එක පැත්තකින් දියුණු මිනිස්සු. කාටහරි එළදෙන්නු කියන්න ඕනෙමනං, අඩුමගානේ ඩිජිටල් එළදෙන්නු. මේවා ඇනලොග් ක්‍රමේට ප්‍රින්සිපල්ලා මාරුකරලා විසඳන්න පුළුවන්ද මම දන්නෙ නෑ. ලොකුම වසංගතේ ඇනලොග් ජනමාධ්‍ය බූරුවෝ. “තවත් මල් කැකුළක් අද අකාලයේ පරවුනා....” කියල මුං පටන්ගන්න තෙල් බේත් බිස්නස් එක දැක්කාම ඇනලොග් ඩිජිටල් බේදයක් නැතුව කාට කාටත් එල්ලෙන්න නොහිතුනොත් තමයි පුදුමේ.

ඉතිං අඩුමගානේ මේ ෆේස්බුක් මලගෙවල් ටිකවත් ඔය ඇනලොග් බූරුවන්ට විකුණගෙන කන්න බැරිවෙන විදිහට ටිකක් දියුණු සංස්කෘතික විදිහට ගන්න තිබ්බනං අගෙයි නේහ්?

45 comments:

  1. මේ සම්බන්ධයෙන් ලියවුන හොඳම ලිපිය. එහෙන් මෙහෙන් කෑලි අල්ලගෙන ලියනවට වඩා සමස්තය උඹ දැකලා තියෙනවා.පට්ටයි පුතා පට්ටයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මාලන් මාත් ඔයා එක්ක එකඟයි ,,ඉතාම හොද ලිපියක් චාර්මි

      Delete
    2. ඉතාම විශිෂ්ඨ ලිපියක්. මාර්ටින් වික්‍රමසිංහ මැරිලා තියෙන්නේ වෙලාවට. නැත්නම් මේක දැකලා ෂුවර් එකට බේරෙ පනිනවා ඇයි යකෝ මට මේ වගේ ලියන්න බැරි කියලා හිතලා.

      Delete
    3. සච්ඡකයා බුදුන් සමඟ වාදයට පිළිපන්ව සිටියේය. මේ ඇසු භක්තිමත් බුද්ධ ශ්‍රාවකයකු වූ වජ්‍රපාණිට (ශක්‍රයාට) පුෂ්පය විකසිත විය.

      "අඩෝ තෝ බුදුන් එක්ක වාදෙට යනව නෙවෙයි, ගියොත් තොගේ බෙල්ල ගලවලා අතට දෙනවා" වජ්‍රපාණි සච්ඡකයාට තගක් දැම්මේය. මේ නිසා සච්ඡකයා බියෙන් අකුළාගෙන පැත්තකට විය.

      බුදුන්ට ලෙහෙසියෙන්ම සච්ඡකයා වාදයෙන් පැරදවිය හැකිව තිබුණේලු. හැබැයි වාදය සිදු නොවුණු නිසා අපි එය හරියටම නොදනිමු. සමහරවිට බුදුන්ට ලැබෙන්නට තිබුණු ගෞරවට වජ්‍රපාණි නිසා නැති වෙන්නටත් ඇත.

      මාලන් අද රඟපාන්නේ වජ්‍රපාණි එදා රඟපෑ භූමිකාවමය. චාර්මිට තමන්ගේ ප්‍රතිවාදීන්ට මුහුණ දෙන්නට ශක්තියක් තිබේ. හැබැයි මාලන් හැසිරෙන්නේ චාර්මි එහෙම ශක්තියක් වත් නැති තොත්ත බබෙකැයි අපට හැඟෙන පරිදිය. එය උදව්වකට වඩා හානියකැයි මට සිතේ.

      Delete
    4. මේ මොන මල් මංගල්ලයක්ද..? මට හොඳ නිසා මම හොඳයි කිව්වා. ඔය සුජීව පහළින් කියලා තියෙන්නේ චාටර් කියලා.

      මට අදත් චාමිගේ ලිපිය හයිජැක් කළා කියලා කතන්දර අහන්න ඕනේ නෑ ඒක නිසා ඔනේ නම් වරෙන් ෆේස් බුක් එකට චාමිගේ ප්‍රොෆයිල් එකේ අපි මේක විසඳගමු, ෆේශ් ටු ෆේශ්..!

      Delete
  2. million worth saying.
    just shared another article written by sanjeewika manohari http://crazyburu.blogspot.it/2014/02/paper-articles-by-lihini.html

    ReplyDelete
  3. නියමයි සහෝ නියම අර්ථකතනයක් දීලා තියෙනවා සුපර්

    ReplyDelete
  4. අම්මපා මේක නම් රිදෙන්න ලියලා තියෙනවා චාමියෝ!

    ReplyDelete
  5. මසුරන් කතාව,ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් ..........

    ReplyDelete
  6. පට්ට කතාව ඩිජිටල් බූරුවෝ.
    බ්ලොගෙන් එන්න කම්මැලියි බං ඒ නිසා ඇනෝ ලිව්වා.
    පුලුවන්නම් කව්ද කියලා හරියටම කියලා වටිනා සාරියක් දිනාගනින්.

    ReplyDelete
  7. /* මානව දියුණුව ආපහු ගල්යුගේට ගෙනියන්න මොන ගල්වැද්දටවත් බැහැ. */

    ගල්වැද්දාට කළ හැකි දේවල් මොනවාද?

    ReplyDelete
    Replies
    1. /* මානව දියුණුව ආපහු ගල්යුගේට ගෙනියන්න මොන ගල්වැද්දටවත් බැහැ. */
      ගල්වැද්දාට කළ හැකි දේවල් මොනවාද?
      වැල යන අතට මැස්ස ගැසීමයි

      Delete
    2. චෙහ්.... බුවා... මාලන්ට ගල්වැද්දා කියන්නෙ ඇයි.... මෙහෙම අපහාස කිරිල්ලක්....

      Delete
  8. ඇනලොග් ඩිජිටල් භේදයක් නැතුව මරණ විකුණගෙන කන්න අපි හරි දක්ෂයි. එහෙම බැලුවහම එක ගල්වැද්දෙක් ඇවිත් අපිව ආපහු ගල්යුගේට ගෙනියන්න ඕනේ නෑ, අපි ඔක්කොම ටික ටික යන්නේ ඒ පැත්තට තමයි. නිකම්ම නිකං යකෙකුට වඩා අපි කැමතියි 'ග්‍රීස්' යකෙකුට, නිකම්ම වැන් නොවී 'සුදු' වෑන් වලට. සියදිවි නසා ගැනීම වැදගත් වෙන්නේ එක්කෝ 'හරක්' වෙනුවෙන් කලොත්, නැත්නම් 'ෆේස්බුක්' නිසා කලොත්. නිකං හිතලා බලපං... 'හරක්' මරණවට විරුද්ධව 'ෆේස්බුක්' එකේ පෝස්ට් එකක් දාපු 'ග්‍රීස්' යකෙක්ව 'සුදු' වෑන් එකකින් ගෙනිච්චොත් මාධ්‍ය වලට (අපිට) තියන ආතල් එක...

    මේ පොදුවේ අපි හිතන පතන විදිහට නැතුව වෙන විදිහකට මේ ප්‍රශ්නේ දිහා බලපු වඳවීගෙන යන කුලකයකට අයිති කීප දෙනෙක් ලියපුවා....

    ලැප්ටොප් එක තුවායෙන් එතීම, දැන් හැදෙන ළමයි සහ ෆේස් බුක්

    සැබෑ වෙනවා නම් හීනයක් . l !

    කළට පෙර පරව යන මල් කැකුළු රැක ගන්න ..

    ඔයාටත් මැරෙන්න හිතිලද???

    ReplyDelete
    Replies
    1. තිසරත් එක්ක එකඟයි.

      ඔය උඩ තියෙන ලිපි තමා මා මෙතක් ඔය මාතෘකාව යටතේ දැකපු හොඳම ලිපි.

      Delete
    2. තිසරගෙ කතාව ඇත්ත.ලංකාවෙ ඔය කිසිම දෙයක් තහනම් කරන එක අමාරු නෑ.මොකද ජනතාවගෙන් සැළකියයුතු කොටසක් ඊට පක්ෂයි.

      Delete
  9. "දීයුණු සංස්කෘතික මරණ" - එක තමයි නියම වචනේ

    ReplyDelete
  10. බූරුවෝ ඩිජිටල් කරන්න විදිහක් යෝජනා කරහං. උඹ දෙපැත්ත දකින්නේ නැතිව හරි පැත්ත දැකපු එක නම් එළ. ඒ එක්කම එළදෙන්නු ඇනලොග් නොකර, උන්ට ඇනලොග් කෞතුකාගාරයක දාලා හරි පෙන්නන්න වෙනවා.

    පරම්පරා ඝට්ටනය කියන්නේ ගිය සතියේ වෙච්ච එකකුත් නෙමේනේ.

    ReplyDelete
  11. ඩිජිටල් එලදෙන්නු සහ ඇනලොග් ගල්වැද්දො ගැන ලියවුන මේ ලිපියත් උඹේ කලින් ඒව වගේම හරිම ලස්සනයි.තාක්ෂනයෙ වරදක් නිසා මේ දේවල් වෙනව කියන්න බෑ.තාක්ෂනය ප්‍රචලිත වෙන්න ඉස්සරත් ලංකාවෙ තරුණ සියදිවිනසාගැනීම් වැඩියි.පූසෙක් පැන්නහමත් සියදිවිනසාගන්න අය නෙට් එකට ගිහින් පොඩි අවුලක් දාගත්තහම මැරෙනව.
    ලංකාවෙ තරුණ සියදිවිනසාගැනීම් වැඩි තරුණයන් කිසියම් පීඩනයක ඉන්න නිසා.

    ReplyDelete
  12. පට්ට විග්‍රහය බං... මමත් හිතන්නේ ඇනලොග් ඩිජිටල් කියලා වෙනසක් නෑ.. වැද්දා වැද්දාමයි.. ලැප්ටොප් කරේ දාගෙන, ටයි පොල්ලක් හරි හයි හීල්ස් හරි දාගෙන ගියාට, හොඳට බැලුවම පේනවා, සුරයක් කරේ එල්ලගත්ත, සුදු කහ නූල් අතේ බැඳගත්ත, ගස් ගල් වලට පුක උඩ දාගෙන වඳින ගල් යුගයේ හෙළුවෙන් හිටපු සෙට් එකමයි කියලා.. නැත්නම් බුකියෙම කියයිද බන්, බුකිය තහනම් කොරන්න කියලා..

    ReplyDelete
    Replies
    1. ඔයා නම් මාරයි මාතලන්.දෙපත්නයාටත් ඔයාගෙන් ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා.

      Delete
    2. අයියෝ මාතලන්. . . හිකිස්

      Delete
  13. D'accord avec l'idée de Charmi. Mais les mauvais exemples. C'est ce un suicide Facebook.

    http://www.youtube.com/watch?v=9n5D28Su6Bo

    ReplyDelete
  14. // ලොකුම වසංගතේ ඇනලොග් ජනමාධ්‍ය බූරුවෝ. //
    අනිවා

    ReplyDelete
  15. සෑහෙන්න වටින ලිපියක්. නොහිතපු පැත්තක් පෙන්නල තියෙන්නෙ.

    ReplyDelete
  16. //ඉතිං අඩුමගානේ මේ ෆේස්බුක් මලගෙවල් ටිකවත් ඔය ඇනලොග් බූරුවන්ට විකුණගෙන කන්න බැරිවෙන විදිහට ටිකක් දියුණු සංස්කෘතික විදිහට ගන්න තිබ්බනං අගෙයි නේහ්?//

    එහෙම ගන්න අමාරුවෙන එක හේතුවක් වෙන්නැති ඇනලොග් විදියටම කඹේකින් එල්ලිලා මැරෙන එක... අඩුම ගානේ ඔන්න WTC එකෙන්වත් බිමට පනිනවනං ඒක දියුණු සංස්කෘතික මරනයක් විදියට වෙන්කරලා ගන්න ට්‍රයි එකක් හරි දෙන්න තිබ්බා...

    ReplyDelete
  17. නියම මානයට සිදුවිම් මාලාව පෙළ ගස්වපු හොදම ලිපියක් චාම්....

    ReplyDelete
  18. වැල් වටාරම් නැතුව කියන්න තියෙන දේ එලට කියලා තියෙනවා.

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
  19. //ඉතිං අඩුමගානේ මේ ෆේස්බුක් මලගෙවල් ටිකවත් ඔය ඇනලොග් (ජනමාධ්‍ය ) බූරුවන්ට විකුණගෙන කන්න බැරිවෙන විදිහට ටිකක් දියුණු සංස්කෘතික විදිහට ගන්න තිබ්බනං අගෙයි නේහ්?//
    මටනං අල්ලලාම ගිය කෑල්ල තමයි ඕක...... පට්ටයි ඕයි

    ReplyDelete
  20. ලස්සනවැඩේ කියන්නෙ මූනු පොත් මරණයක් ගැන තමුන්ගෙ 8 ප්‍රවෘතිවල ගිය කෑල්ලක් ස්වර්ණවාහිණිය තමුගෙ මූනුපොත් පි‍ටුවෙ දාලා අම්බානක් කන හැටි දැක්කද?
    https://www.facebook.com/photo.php?v=10152257727101788

    ReplyDelete
  21. එදාත් සිත් දුබල ඇත්තෝ විශාදය වැනි විවිධ හේතු නිසා ඒවාට නිසි කල නිසි පිළියම් නොලැබ දිවි නැති කර ගත්තා.

    අදත් එසේමයි.

    කැලේ වෙනස් වීම පමණයි සිදුවී තියෙන්නේ. ලෙපර්ඩ් ගේ (එනම් දිවියා ගේ) පුල්ලි මාරු වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. මේක තමයි මටත් හිතෙන්නේ

      Delete
  22. වැදගත් විද්වතුන් රැසක මේක මාර කතාව කියා අදහස් පළකර තිබ්බා. මේක මහා මෝඩ කතාවක්. චාමි උඹ කොලොන්නාව පැත්තෙන්ද ආවේ මේක ලියන්න කළින්. මාලනයගේ අලුත්ම ස්වරූපය මොකද බං චාමිගේ චියර් ලීඩර් කෙල්ලක් වගේ නටන්නේ. මේ කතාව පට්ට අවුල්. චාමිගේ ඉපැරණි මධ්‍යම පන්ති විරෝධය හෙවත් මට එරෙහිව මම ආයිත් එලියට ඇවිත් දෝ මන්දා.

    ඔන්න මේකේ ජෝක් එක අරගෙන ඒ ගැන කතා අකරනවා නම් මම එකඟයි, මේක මාර ආතල්. හැබැයි සිරා සංවාදයක් ලෙස ෆේලියර් එකක්.

    ෆේස් බුක්.මරණ කියන්නේ බුකියෙන් සෙට් වෙච්ච කෙල්ලට කොල්ල බූට්‌ එක තිබ්බම බෙල්ලේ වැල දාගන්න එක, හෝ අම්මා ළමයට බුකි යන්න එපා කිව්වම වහ බොන එක නොවේ. ෆේස් බුක් වගේ සමාජ ජාල තුල ඉන්න මිනිසුන් සාමුහිකව බුලින් කරලා ඒ හේතුකොටගෙන සමහර දුර්වල මානසිකත්වයක් ඇති අය [බොහෝවිට දරුවන්] දිවි නහ ගන්නවා. උදාහරණයකට ලිංගික හැසිරීමක් පබ්ලිෂ් කිරීම හෝ සෙක්ස් ඉල්ලා කරදර කිරීම හෝ අන්ගවිකලතාවයකට විහිළු කිරීම වගේ ක්‍රම වලින් "සමාජ ජාලය ආයුධයක් සේ යොදාගෙන" කරන පහරදීම්. මේවා නිසා වන මරණ වලට ෆේස්බුක් වැනි තාක්ෂණික ජාලයක වගකීමක් තියෙනවා.

    ඒ ඇරෙන්න ප්‍රින්සිපල් කුණුහරුපෙන් බැනලා මරිච්ච කේස්, කොල්ලා තරහ වීම හෝ අම්මා බැනීම නිසා මැරිච්ච ඒවා ෆේස්බුක් තිබ්බත් නැතත් වෙනවනේ.

    දිවි නහ ගන්න කෙනෙකුට ගොනෙක් එළදෙනක් කියල කියන්න පුළුවන්. එහෙම කරන්න වෙන තැනට ආවම ඒ කතාව වැඩක් නැහැ. හැබැයි මේ චාමි කතා අකරන්නේ ඉස්සර උන්නු ඇනලොග් අය ගැනම තමා

    ReplyDelete
    Replies
    1. මටත් මේ ලිපියේ අවුලක් තිබ්බා මොකද්ද කියලා හොයාගන්න බැරුව හිටියේ. මාධ්‍ය වලින් මේක විකුණගෙන කන කතාවට එකඟ වෙන්න පුළුවන්. නමුත් ඇත්ත ප්‍රශ්නය මේකෙන් ටච් වෙන්නේ නෑ කියන හැඟීම තිබ්බේ. චාර්මිගේ මධ්‍යම පාන්තික විරෝධයක් ගැන නම් මට අවබෝධයක් නෑ. අනිත් කරුණු එක්ක එකඟයි. ෆේස්බුක් බුලීයිං තත්වය දැනට සිද්ධ වෙච්ච මරණ වලට නම් බලපෑවේ නෑ. නමුත් ලඟදීම වෙයි කියලා හිතෙනවා.

      Delete
    2. උඩින්ම මාලන් රැම්බෝ ලොකු මාත්තියා ඇවිල්ලා හලි සෝයි කිව්වාම අපි කෝමද අවුලක් තිබ්බත් කියන්නෙ කොකා අයියා.....

      මාලන් මැතිතුමා කියන්නෙ බ්ලොග් අවකාශෙ දෙවිකෙනෙක් වගේ..... චුත වෙලා හිටියට තාමත් බැල්ම දානවා... ඉතින් ඒ උත්තමයගෙ කියමනට පිටින් යන්න අපි මොන පද්දොද....

      අපිත් හෝයියා කියලා ආවා.....

      Delete
    3. අඩෝ තිත් ඇනෝ හැමදාමත් කියන්නැහේ ලියපියකෝ බ්ලොග් එකක්. :)

      Delete
    4. හයියූ මාලන්. උඹ නින්දෙන් නැගිටලද? මූට බ්ලොගක් තියන බව උඹ දන්නෙම නැත්ද?

      Delete
  23. වෙනස්ම විදිහකට හැබැයි ඇත්ත ලියවිලා තියෙන ලිපියක්..

    ReplyDelete
  24. Marquez ගේ Love In The Time Of Cholera කියන නවකතාවේ assisted suicide එකක් තියනවා මං හිතන්නේ ඒක කොලරා කාලේ ආලේ නමින් සිංහලට පරිවර්තනය වෙලා තියනවා ඒක තමයි මම කියවපු දියුණුම සංස්කෘතික සෞන්දර්යාත්මකම සිය දිවි නසා ගැනීම. Paulo Coelho ගේ Veronika Decides to Die කියන නවකතාවත් කෙල්ලෙක්ගෙ දිවිනසා ගැනීමක් වටා ලියපු එකක්.

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක මෙතනට අදාල වෙන්නෙ කෝමද?

      Delete
  25. මේ ලිපිය සිත්ගන්නා සුළුයි. මටනම් සියලුම සියදිවි නසා ගැනීම් එකයි. එකට මාධ්‍ය වුණ එකවත්, මරණය සඳහා භාවිතා කල ක්‍රමය වත් නෙවෙයි ප්‍රශ්නේ. මිනිස් සම්බන්ධතා නිසා ඇති වන වියවුල්. ඒක එදත් වුනා අදත් වෙනවා හෙටත් වෙයි. වැඩේ තියෙන්නේ ඒ කාලෙට සමාජේ වැඩියෙන්ම පට්ට ගහන දේ ඒකට ඈඳෙන එක. උඩින් කකා කියන්නෙත් ඕකමයි.

    ReplyDelete
  26. ඇත්තටම සිබර් මරන ගෙන ලියන හොන්දම ලිපි වලින් එකක්.. මෙකෙ තියෙන ගොඩක් කරුනු වලට මමත් එකගඊඉ,... මෙ මිනිස්සුන්ට (අපිවඩ අතුලත්වා සොශල් මිඩිය භාවිතය කියන එක තෙරුම් කරන්න ඔනෙ මුලින්ම

    ReplyDelete