Sunday, February 16, 2014

අහිගුණ්ටික මරණයක්

මේ පළාතට මාස පහ හයකට පාරක් ඇවිත් සතියක් හමාරක් නැවතිලා යන අහිගුණ්ටික පිරිසක් ඉන්නවා. මේක මම දන්න දා ඉඳං වෙන දෙයක්. ඉස්සරනං කොහෙහරි වැව් පිටියක තල් අතු කූඩාරම් ගහගෙන බූරුවොත් දිගේලි කරගෙන තමා හිටියේ. තව රිලව් එහෙම ගේනවා. බූරුවෝ අරන් යන්නේ තල් අතු කූඩාරමුයි, අනෙක් උයන පිහන වගේ අඩුවැඩියයි තැනින් තැනට ප්‍රවාහනය කරන්න. ඒ කාලයේ අහිගුණ්ටික ගෑණු ගෙවල් ගානේ එනවා සාත්තර කියන්න. පොල දවසට නයි නටවනවා. රිලව් නටවනවා. අපි කුඩා කාලයේ යනවා තකහනියක් ඒ මිනිස්සු බලන්න. ගෙදරට හොරෙන්.  අම්මලා බනිනවා ඒ මිනිස්සු ඉන්න වටපිටාවම අපිරිසිදුයි කියලා. ඒ අය ආපහු ගියාමත් සතියක් හමාරක් යනකං ඒ හිටපු තැන ඒ මිනිස්සුන්ගේ ‘කුයිල’ (ගඳ වගේ දෙයක් නෙහ්?)  තියෙනවලු. .          මම අහලා තියන විදිහට නම් අහිගුණ්ටික කියන්නේ තෙළිඟු අයට.

අහිගුණ්ටික ගෑණු සාත්තර කියන්න ගෙදරට ආවහම ගෙදර පොඩි දරුවන් එලියට ගේන්නෙ නෑ. මොනවහරි ගුරුකම් කරයි කියලා. උන්ගේ වාඩිය බලන්න යන අයව  උන් වශී ගුරුකම් කරලා දැපනේ දාගෙන අරන් යනවා කියලත් පැරුන්නො විශ්වාස කලා. ඒ අයගේ මරණයක් සිද්ද වුනොත් ඒ ඉන්න වාඩිය මැද්දෙම දිග පලලින් අඩු, මැරුණු කෙනාගේ උස විතර ගැඹුරු වලක් කපනවලු. පස්සේ හිටගෙන ඉන්න ඉරියව්වෙන්ම කෙලින් අතට වලදාලා, වහපු වල උඩ ලිපක් හදලා උයාගෙන කාලා පහුවදාට වාඩිය අතෑරලා යන්න යනවලු. මේවයේ ඇත්ත නැත්ත හරියටම දන්නේ නැහැ. පැරැන්නෝ කියන්නෙ එහෙමයි.

හැබැයි දැන් හුඟක් අය එහෙම නෑ. රස්සාව වෙනස් නොවුනට යම් පිරිසකට ස්ථිර පදිංචි තැනක් තියෙනවා. කිව්වේ ඇඩ්‍රස් එකක්.  දැන් බූරුවොත් නෑ. එන්නේ බස් එකේ. ත්‍රීවීල් දෙක තුනක හරි බට්ටා ලොරියක හරි ඇවිත් බහින අයත් ඉන්නවා. සති පොලක හරි වෙන අතහැරදාපු ගොඩනැගිල්ලක හරි සාරි වලින් වටකරලා කාමරයක් දෙකක් හදාගත්තා. නැවතුනා. සාමාන්‍යයෙන් දහ පහලොස් දෙනෙක් විතර එනවා. වැඩි පිරිසක් ගෑණු. දවල්ට බිස්නස්. සාත්තර කියනවා වගේ දේවල්.  නයි... රිලවු නටවන අය නම් බර කාලෙකින් දැක්කේ නෑ. රෑට මම දන්න තරමින් ගෑණු පිරිමි බේදයක් නැතුව බොනවා. ඒ වගේම හොඳට කනවා. ඉස්සර වගේ තුන්වේල උයන්නෙ නෑ.  වේලක් හමාරක් කඩෙන් කන්නෙ. හවසට තරමක මුදලක් අතමිටේ ගැවසෙනවා

දින කීපයකට උඩදි ආරංචි උනා ඒ අයගේ හදිසි මරණයක් වෙලා කියලා. සති පොලක නැවතිලා හිටපු කාණ්ඩයක් හැන්දෑවේ හොඳටම ඩෝප් එක දාලා. එක මිනිහෙක් ගෑනිත් එක්ක වලියක් දාගෙන පොලේ ඌරුමස් විකුණන කෑල්ලේ එල්ලිලා මැරිලා. මමත් පහුවදා ගියා වෙන්නෙ කෙරෙන්නෙ මොකද්ද කියලා බලන්ඩ. මම යනකොට මෘත ශරීරය ඉස්පිරිතාලේ.

ඔන්න හදිසි මරණ පරීක්ෂණයකුත් තිබ්බා. අහිගුණ්ටික රැහේ දහදෙනෙක් විතර තමා ඉස්පිරිතාල භූමියේ හිටියේ. වැඩි දෙනෙක් ගෑණු. ළමයි වගයකුත් හිටියා. ඒ අය උදේලු ආවේ. මැරුණු කෙනාගේ නමත් මොකද්ද එකක් කිව්වා. මට දැන් මතක නෑ. මළ සිරුර කැපුවා.

ඔන්න ටික වෙලාවකින් කොරනෙල් මහත්තයා නළල රැලි කරගෙන එනවා...
"කෝ මෙයාගේ නෝනා...?"
ගෑනු කෙනෙක් ඉස්සරහට ආවා.
"මෙයා සුන්නත් කරපු කෙනෙක්නේ.... මුස්ලිම්...!! මට ඇත්ත කියනවා..."
"ඔව් මාතියා.... මෙයා මුෂ්ලිම් ඉඳලා අපේ රැහැට වැටුනා... නම මොහොමඩ් නවුෆර්...."
"එතකොට තමුන්?"
"මම ඩේසි.... ක්‍රිස්තියානි...."
"ඒ කොහොමද?"
"අම්මා තෙලුඟු.... තාත්තා ක්‍රිස්තියානි... තාත්තා රැහැට වැටුනු කෙනෙක්...."
කොරනෙල් මහත්තයා ඊටපස්සෙ ළඟ හිටපු අහිගුණ්ටික මිනිහෙක් දිහාට හැරුනා.
"එතකොට තමුසේ....?"
"මම බුද්දාගමේ...."
"ඒ කොහොමද?"
"අම්මා බුද්දාගමේ...."
"තාත්තා....?"
"තාත්තා නෑ...... මේ මගේ පවුල....."
එයා ළඟ හිටපු ගෑනු කෙනෙක් පෙන්නුවා.
"එතකොට ඔහේ...?"
කොරනෙල් මහත්තයා ඇහුවේ ඒ ගෑනු කෙනාගෙන්.
"මං දෙමල මාතියා..."
"කොහෙද... යාපනේ...?"
"නෑ... මාතලේ..."
"හරි.... දැං මෙතන කවුද තෙළිඟු අය ඉන්නේ....?"
කට්ටිය මූණෙන් මූණ බලනවා.
"අපේ කට්ටිය ඉන්නවා... මෙතන ඇවිල්ලා නෑ...."
එකෙක් අපහසුවෙන් කිව්වා.
---------------------------------
මේක සියදිවි නසාගැනීමක් හැටියට තීන්දු කරලා කොරනෙල් මහත්තයා වාර්තාව දුන්නා. කෙරනෙල්ටයි දොස්තරටයි පොලිසියේ අයටයි තිබ්බ ලොකුම ප්‍රස්නේ උනේ බොඩි එකට මොකද කරන්නේ කියන එක. රජයේ වියදමින් අවසන් කටයුතු කරමු කියන එකයි අදහස වුනේ. හිඟන්නියෝ වගේ වැරහැලි එල්ලං ඉන්න ඔය ගෑනු හතර පස් දෙනාට ඕක බාරදුන්නා කියලා උන් මොනව කරන්ඩද? කොරනෙල් මහත්තයා කට්ටියට ඕක පැහැදිලි කරන්න ආවා.
“මේක සියදිවි නසාගැනීමක් හැටියට අපි තීන්දු කලා.... මරණ පරීක්ෂණේ ඉවරයි.... ම්... දැන් මේ මෘත ශරීරෙට මොකද කරන්නේ කියන එකයි ප්‍රස්නේ....”
එක ගෑනු කෙනෙක් ඉස්සරහට ආවා.
“අපිට දෙන්ඩ මාත්තයා... ගෙනියන්ඩනං තැනක් නං නෑ... මෙහෙං වලලන්ඩ තැනකුයි... පෙට්ටියක් ගන්ඩ තැනකුයි... වල කපාගන්ඩ කට්ටියකුයි හොයල දෙන්ඩ පුලුවන්නං ලොකු උදව්වක්.... සල්ලි තියෙනවා.... වල කපන අයටත් කුලිය දෙන්ඩ පුලුවන්....”

මට ආපහු එන්න සිද්දවුනා. ඒ කියපු විදිහට අවසන් කටයුතු සිද්දවුනා කියලත් දැනගන්න ලැබුනා. කනත්තේ ඉන්න බැරිවුනු එක ගැන දැන්නම් හරි දුකයි. මේ ජීවිතයේ දැකගන්නට ඉඩ තිබුණු චාම්ම ‘අවමගුල් උත්සවය’ තමයි මට මිස් වුනේ. කවුරුවත් වැළපුනේ නැහැ. සුදුකොඩි නැහැ. ගුණකථන නෑ. මිස්ටේක් එකකින් අප්සෙට් ආත්ම භවයකට ගිහින් ඉන්නවනම්, හොඳ භවයකට ට්‍රාන්සර් කර ගැනීමේ සීරියස් ආගමික වතාවත් නෑ. මල්ශාලාව ගානේ සුදු රෙදිකෑල්ලක් අන්දලා තිබ්බට ඒකවත් ඕනෙ කියලා මේ අය ඉල්ලලා නෑ.

අහිගුණ්ටික කියන්නේ තවදුරටත් ගෝත්‍රයක් නෙමෙයි. ජීවන විලාසිතාවක්. ජාති ආගම් මල මගුල් මොකුත් නෑ. තියෙන තැනක වැටිලා ලැබෙන දෙයක් කාලා ඉන්නවා. නාන්නෙ නෑ. අපිට නොනා ඉන්න බෑ තමයි. ඒත් නොනා ඉන්න පුලුවන්නම් හොඳ නැද්ද? හමදාම උදේට සීතලේ වොෂ් එකක් දාද්දි මටම හිතෙනවා මේ මොන මගුලක්ද කියලා. අයි යකෝ දවසට කී පාරක්නං අපිව හෝදගන්නවද? ඇත්තටම ගත්තොත් මොන කරදරයක්ද? මොන වෙලාවක් නාස්ති වෙනවද? මොන වියදමක්ද?

අපිට කැලෑවක වැසිකිළි යන්න බෑ. ඒක පිළිකුල් වැඩක්. ඒති ඉතිං පිළිකුලක් නොදැනෙනවනං අවුලක් නෑනේ. සෞඛ්‍ය ආරක්ෂණ බොරු රෙද්දවල්. ඕවයේ කියන තරම් මගුලක් නෑ කියලයි මං හිතන්නේ. අර ඉස්පිරිතාලෙට ආපු පොඩි එවුනුත් මුලු කාලය පුරාම වාට්ටවක් අයිනේ දූවිලි නෑවා. කොහොමද අපේ එකෙකුට පොඩි පින්නක් වැදුනොත්?

වැරහැලි එල්ලගෙන මිනිස්සුන්ට ඉන්න බැරිද?  ඔලුවේ මනස්ගාත නොවෙන්න ඕනෙ හැටියේ පුළුවන්. තැන් තැන්වල වැටිලා ඉඳලා, ඉල්ලගෙන කාලා, පුළුවන්තරම් කසිප්පු බීලා කොහෙහරි තැනකදි ඩොහ් ගාලා මැරිලා යන ජීවිතයක කිසි තේරුමක් නෑ නේද කියලා එකපාරට හිතෙනවා.  ඒ වුනාට අවසන් අර්ථයෙන් කාගෙ ජීවිතේද තේරුමක් තියෙන්නේ?
සමාජයට වැඩදායක.....? නිකං විහිළු කරන්න එපා....!!

94 comments:

  1. "ඒ වුනාට අවසන් අර්ථයෙන් කාගෙ ජීවිතේද තේරුමක් තියෙන්නේ?
    සමාජයට වැඩදායක.....? නිකං විහිළු කරන්න එපා....!!"

    ඒකට නම් උන්හිටිතැන් අහිමිවුණා වගේ දැනුණා! :D :D

    ReplyDelete
  2. ඇමරිකාවෙ අහිකුන්ටික මිනිස්සු ගැන කෙරුණු ඩොකියුමන්ට්‍රියක් බැලුව කාලෙකට කලින්. ඒ මිනිස්සු කාලෙත් එක්ක වෙනස් වෙලා.. අහින්කුන්ටික ජිවිතේ ඒ විදිහටම ගෙවනවා, නමුත් ජිවත් වෙන්නේ තැනින් තැන යන්න කැරවෑන් වලින්. වෙන මිනිස්සු එදිනෙදා ජීවිතේදි පාවිච්චි කරන තාක්ෂණික උපාංග එයාලා ගාවත් තියෙනවා. භාවුතික ජිවිතේ පැත්තෙන් සරලයි කිව්වට සරලම නෑ , ඔවුන් සරල ' අහිකුන්ටික නොවන මිනිස්සුන්ට සාපේක්ෂව විතරය්.
    >
    මේ ලිපිය බැලුවම මට ඒ ඩොකියුමන්ට්‍රිය මතක් උනා. ලංකාවෙත් අහිකුන්ටික මිනිස්සු සමජෙත් එක්ක ලංකාවට සාපේක්ෂව වෙනස් වෙලා තියෙන බව විස්තර වලින් පේනවා. හැබැයි ඔබ ඔවුන් හරහා කියන ජිවිතේ සරල බවට අදාල කරුණු නම් හරියට හරි.
    >
    මොන මගුල කරත් අන්තිමට නිකන්ම නිකන් මැරිලා යන අපි හැමෝම , ජිවත් වෙලා ඉන්න කාලේ තුල ඉතාම සංකීර්ණ දේවල් කරමින් ජිවිතේ සරල කරගන්න දඟලනවා...

    ReplyDelete
    Replies
    1. ඔය කියන සරලබව ලබාගන්න, ජීවිතේ බොහොම දේවල් අතහරින්න වෙනවා. දැං අපිට උනත් ඔය ‍රැලට වැටෙන්න තහනමක් නෑනෙ, ඒත් කීයෙන් කීදෙනෙක් එහෙම කරන්න කැමති වෙයිද?

      අහිකුණ්ටික නොවුනත්, එයට සමාන ජීවන විලාසිතාවක් ගතකරන අය අප අතරත් ඉන්නවා living for the day. ඒත් එහෙම කරන අයට ප්‍රශ්ණ නෑ කියලම කියන්න බෑ. සරල හෝ සංකීර්ණ හෝ අපි ගතකරන්නෙ අප ‍තෝරා ගත්ත ජීවන රටව. ඒක එක, එක් කෙනාගෙ කැමැත්ත.

      ඉස්ලාම් භක්නිකයෙක් ‍රැලට වැ‍ටුනා කියන එක නං පුදුමයට කාරණයක්. එහෙම වෙන්න සෑහෙන ප්‍රබල හේතුවක් තියෙන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ.ලෝකෙ හැම රටකම වාගේ , ඒ රටවලට ආවේනික අහිකුණ්ටික ජන කොටස් ඉන්නවා. ඒ හැම තැනම ඔවුන්ට ලැබෙන්නෙ තුන්වන පන්තියේ සැලකිලි.ජීවිතේ කිසිම දෙයක් නැති මිනිසුන්ට, ජීවත්වෙන එකම සටනක්, එහෙම උනාම ජීවිතේ ඕය කියන සරලබවට පැවැත්මක් තියනවද කියන එකත් ප්‍රශ්නයක්.

      -ටොමියා -

      Delete
  3. නිකං විහිළු කරන්න එපා....!!".......................
    චාමි 
    මොකද  දැන් ඇහිකුන්ටකයෙක් වගේ. හිටීගමන් එනවා. හිටීගමන් ඇඩ්රස් නෑ. 
    ඉන්දරේ

    ReplyDelete
  4. මෙතන කෙහෙල්මල් සංස්කෘති ඉක්මවා අපූරු ජාන මිශ්‍රනයක් තිබෙනවා.මම නම් හිතන්නෙ මුළු මානව සමාජයටම හොද මේ ක්‍රමය.ජාන මිශ්‍රවීම හොඳ දෙයක් .ඒක වලක්වන්නේ සංස්කෘතික බැරියර් නිසයි

    ReplyDelete
  5. මේ කතාවේ වැසි අරුත චාමි සෑම් මහතාත් උදේට වතුර නොනා "වොෂ්" එකක් දාන පොෂ් මහතෙක් බවද... :v

    ReplyDelete
    Replies
    1. හරියට හරි මචන්. උඹට විතරයි තේරුනේ.

      ඕකා ඔහොමම තමයි. හීන් නුලෙන් තමයි ඌ පොශ් කියලා පෙන්වන්නේ. කලින් සැරේක ඕකා ලිව්වා ඔම්ලට් බන් එකක් කන ගමන් ඌ කරපු නිරීක්ෂණයක්. අද කාලේ වොශ් දාන්න, ඔම්ලට් බන් කන්න පුළුවන්ද බන් එසේ මෙසේ එකෙකුට.

      Delete
    2. ඇයි බං ඕකේ තව කෑල්ලක් දාලා තියෙනවා.
      //කොහොමද අපේ එකෙකුට පොඩි පින්නක් වැදුනොත්?//
      :) :) :)

      Delete
    3. මගුලක් කතා කරනවා.. කාලෙකට කලියෙන් මේකා ළමයට චීස් නැහැ කියලා ඇඩුවේ.. වොෂ් පොෂ් ඔම්ලට් බන්..රෙද්ද තමා.. :D

      Delete
    4. මෙතෙන්දිනං මගෙත් කම්මුල් කඩා වැටුණා... වොෂ් එකක් දානවා කිව්වම නිකං හේමමාලා කුමාරිට රඟපාන නිළිය එක්ස්ටසි ගහනවා වගේ... :D

      හොඳ වෙලාවට "සීතලේ වොෂ් එකක්" විතරක් දැම්මේ... ඊයේ හවස ජකූසි එකේ ඉද්දි අහිගුණ්ඨිකයන්ව මතක් උනා වගේ කිව්වානං දෙතුන් දෙනෙකුට හාට් ඇටෑක් උනත් හැදෙන්න තිබ්බා...

      Delete
    5. පෝස්ට් එකේ ගොඩක් දේවල් ගැන මෙතන අනිත් අය කතා කරලා තියෙන නිසා මම පොඩි එවුන්ගේ ලෙඩ ගැන කතා කරන්නම්. :)

      //අර ඉස්පිරිතාලෙට ආපු පොඩි එවුනුත් මුලු කාලය පුරාම වාට්ටවක් අයිනේ දූවිලි නෑවා. කොහොමද අපේ එකෙකුට පොඩි පින්නක් වැදුනොත්?//

      ඕකට කියන්නේ රෝග ප්‍රතිරෝධය (අර සිංහලෙන් immunity කියන්නේ). රෝග කාරක විසබීජ වලට පොඩි කාලේ ඉඳන්ම නිරාවරණය උනාම අපේ ඇගෙන්ම එන දෙයක්. අපි අපේ ළමයින්ව හදන්නේ, පින්නට යන්න නොදී, බිම වැටුණු කෑම කන්න නොදී, දුවිලි වලට අහු වෙන්න නොදී, කෑමට පෙර අත් සෝදලා, කොටින්ම කෘමිනාශක වලින් පොඟවපු එළවලු පලතුරු කන්න දීල. ඉතින් immunity develop වෙයිද?

      එකේ විපාක තමයි පොඩි ලෙඩටත් අහුරු ගණන් පෙති කරල් බොන්න වෙන එක, අඩු වයසින් පිළිකා හැදෙන්න ප්‍රවනතාවය වැඩිවීම.

      Delete
  6. රෙදි ගලවන්න එපා ඕයි... හෙළුව පේනකොට ලැජ්ජ හිතෙනවා.. බොහෝම අමාරුවෙන් වහං කරං ඉන්නේ... රටෙන් ලෝකෙන් නෙවෙයි මගෙන්ම... :D

    පෝස්ට් එක කියෝලා ඒ ගමන්ම බැළුවේ කමෙන්ට් ටික... ඒත් මං හිතුව විදියේ කමෙන්ට් ටික තාම වැටිලා නැහැ... :D
    උඹට මතකනේ අර දමිත් මල්ලිගේ සත්තු කතාව... අර කට්ටියම ඉත්තෑවෝ වෙන්න දුන්න ට්‍රයි එක... :D :D :D
    හැබැයි කට්ටිය අහිකුණ්ඨික වෙන්න ඒ හැටි මනාපයක් නැද්ද මංදා...
    ---------------
    දැන් මාස කිහිපයකට කලින් යාළුවෙකුගේ වැඩකට ගිහින් යාළුවා එනකල් මට පැයක් හමාරක් කැස්බෑවේ වැව අයිනට වෙලා ඉන්න උනා... වැව අයිනේ කොන්කිරිට් කෑල්ලක් උඩ වාඩියක් දාගෙන මාත් ඉතිං කල්පනා ලොව මල්වනේ හිටිනකොට ඒකට මට දෙගොල්ලක් බාධා කලා.. එක කට්ටියක් දියකාවෝ සෙට් එකක්... උන් තුන් හතර දෙනෙක් ගැන්සිය පිටින් කිමිදි කිමිදි මාළු ඇල්ලිල්ලක් පටන් ගත්තා.. ඒක බලං ඉන්න අපූරු වැඩක්... කතා වෙලා කරනවා වගේ එකා පස්සේ එකා එක දිගට වතුරට කිදා බහිනවා... ටික වෙලාවක් යනකල් කිසි හැල හොල්මනක් නැතිව හිටලා එක පාරටම සෙට් එකම දිය කලත්තගෙන මතු වෙලා අල්ල ගත්තු මාළු හොටවල් වලින් අල්ලලා ගස්ස ගස්ස ගිල දාලා ටිකකින් ආයේ උඩ නගිනවා...

    ඒක බල බල ඉද්දි තමා අනිත් කට්ටිය බාධා කරන්න ගත්තේ...

    ඔය කියාපු සෙට් එකක්... වැව අයිනේ තියෙන සිමෙන්ති ස්මාරකයක් වටේ සෙට් එක වාඩි ලාගෙන... ගෑණු ලිප් කිහිපයක් හදාගෙන උයනවා.. ළමයි මරහඩ දෙනවා...සෙල්ලං කරනවා... ගෑණු උයන එක දිහා කෑදරව බලං ඉන්නවා... ලිප වටේට එන ළමයින්ට ගෑණු පලු යන්න බැනලා එලෝ ගන්නවා... මිනිස්සු එකා දෙන්නා එකතු වෙනවා.. එන එන එකා අතේ මොන මොනවා හරි උන පිහන දෙයක්... එකෙක් ගෙනාවා කුකුලෙක්... තව එකෙක් ඩුබායි වට්ටක්කා වගයක්... ගේන ගේන එක එතැනම කපලා කොටලා ලිපට වැටෙනවා... ටික වෙලාවකින් මිනිස්සු ටික තැන් තැන්වල වැටිලා කතාව... උන් වැඩි හරියක් අනුමත වෙලා හිටියේ... ටිකකින් රණ්ඩුවක්... එකෙකුට කට්ටියම එකතු වෙලා බනිනවා.. තව එකෙක් රීප්ප කෑල්ලක් අරං ඌට ගහනවා... අනිත් උන් ඒකට අනුබල දෙනවා.. ගුටි කන එකා විලාප තියනවා... තව එකෙක් ඇවිත් ඌව තව හිර කරලා අල්ලගන්නවා.. රීප්පෙන් ගහන එකා දණහිසෙන් පහලට තව තවත් ගහනවා... ටිකකින් ගැහිල්ල නතර වෙනවා.. ගුටි කාපු එකා කෙඳිරි ගගා පැත්තක වකුටු වෙනවා.. අනිත් උන් ආයම කතාව පටන් ගන්නවා... ටිකකින් ගුටි කාපු එකත් ඒ කතාවට එකතු වෙනවා... උයන ගමන්ම ගෑණුත් කතාවට එකතු වෙනවා... මහ විසාලෙට ගෝෂාව...

    මගේ යාළුවා එනවා.. මං දියකාවොයි අරුන් සෙට් එකයි බලන එක අල්ලලා දාලා පිටත් වෙලා එනවා...

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක කියවපුවාම, ඒ ජීවිතය සරලයි කියලා දුවගෙන යන්ට හිතෙන අය කීදෙනෙක් ඉන්නවද? :D

      Delete
  7. අපිටත් අහිගුන්ටික වෙලා ඉදිත හැකි ලිංගික අවස්යතාවය නැත්තං. ඒකත් සේප් එකේ කරගෙන අහිගුන්ටික වෙල ඉන්න පුලුවන් නම් ගොඩ.

    ReplyDelete
    Replies
    1. එතකොට ඔය ඉන්න අහිගුණ්ඨික කස්ටිය සෙක්ස් කරන්නේ නැද්ද?

      Delete
    2. කොරනවා කොරනවා. ඒ මිනිස්සුත් අනික් මිනිස්සු වගේම හැම දෙයක්ම කොරනවා කියලා තේරුම් ගන්න බැරි උඹ වගේ එවුන්ගේ පස්ස පැත්තට.

      Delete
  8. දැන් නම් අහිකුන්ටික මිනිස්සු දකින්න නැති තරම්.එතකොට මේ වෙන ජාතිවල කට්ටිය මෙයාල වශී කරගෙනද :O

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
  9. මෙන්න මේක තමා මගේ අදහසේ හැටියට ලිපියේ සිරාම කොටස

    /..වැරහැලි එල්ලගෙන මිනිස්සුන්ට ඉන්න බැරිද? ඔලුවේ මනස්ගාත නොවෙන්න ඕනෙ හැටියේ පුළුවන්. තැන් තැන්වල වැටිලා ඉඳලා, ඉල්ලගෙන කාලා, පුළුවන්තරම් කසිප්පු බීලා කොහෙහරි තැනකදි ඩොහ් ගාලා මැරිලා යන ජීවිතයක කිසි තේරුමක් නෑ නේද කියලා එකපාරට හිතෙනවා. ඒ වුනාට අවසන් අර්ථයෙන් කාගෙ ජීවිතේද තේරුමක් තියෙන්නේ?
    සමාජයට වැඩදායක.....? නිකං විහිළු කරන්න එපා....!!../

    කතා කරනවා නම් සිරා ටොපික් එකක්.

    ReplyDelete
    Replies
    1. නිකං විහිළු කරන්න එපා. :)

      මෙක අසාර්ථක වෙච්ච ජීවන විලාසිතාවක්. අර පහල සුජීව කිකල තියෙන " හිපි" සංස්කෘතිය තමා මේ ජීවන විලාසිතාවේ මෑත කාලෙයේ වුනු එකම පරිනාමය.

      ටොපික් එක හොඳයි. කතාකරන්න දේ තියනවා.
      -ටොමියා -

      Delete
  10. සමාජයට වැඩදායක අර්ථවත් ජීවිත??....විකාර....අපි ජීවත් වෙන්නේ පේන්න...පේන්න....අල්ලපු ගෙදර එකාට,පාරේ යන මිනිහට,ඔෆිස් එකේ එවුන්ට...පේන්න...අනෙක් එකාට වැඩිය උඩින් ඉන්නවා කියල පේන්න...අතේ සල්ලි තියාගෙන කාඩ් එකෙන් ගෙවනවා..පේන්න...තේරුම් ගනිං....අපේ ජීවිතේ පරම යුතුකම තමයි පෙනෙන්න ජීවත් වීම....

    එහෙම ජීවත් වෙන ගමන්ම සරලව ජීවත් වෙන එකෙක්ව දැක්කහම එළිපිට ඌට හිනාවෙලා,පල් එක දාල,ඌව පීචං කරලා...පස්සේ ගෙදර යන ගමන් ඌට ඉරිසියා කර කර අනේ මටත් එහෙම ඉන්න තිබ්බනම් කියල හිතන්නත් ඕන...නැත්තන් ජීවිතේ සම්පූර්ණ නැහැ..

    අහිගුන්ටික ජීවිතේ ලයිෆ් ස්ටයිල් එකක් කරගත්තු අය තවමත් ඕන තරම් ඉන්නවා...හැබැයි ඒ ගොල්ලෝ ඒක කරන්නේ පොශ් විදිහට.....කොශ් පොලොශ් දන්නේ/කන්නේ නැහැ.....කොන්ඩේ පොකුටු කරලා..මාල අටක් දාල...එල්ලෙන සර්ට් එකක් ඇඳලා....එම් සී එකෙන් කනවා....කාලයේ තාලයට...
    අන්තිමටම ඒකත් ඉතිං "පේන්න"...

    ReplyDelete
  11. මට මතක හැටියට ආණ්ඩුවෙන් මෙයාලට ඇඩ්‍රස් හදල දුන්නා.ඒ කියන්නෙ ගෙවල්.ඒත් ඉතින් ගෙවල් හදල දුන්නටම මදි නෙහ්.ඒ මිනිස්සු කන්න බොන්න නම් දන්න කියන රස්සාව කරන්නම වෙනවා.

    ඔය රැහේ අයගේ ගෑණු අයට මහ අමුතු පෙනුමක් ලස්සනක් තියෙනවා.තියුණු ඇස් කිසිම සැඟවුනු හැඟීමක් නැති මුහුණ කරාබු.ඇත්තටම එයාල හරි ලස්සනයි.

    මේ ලගදි කියෝපු පොතකත් තිබ්බා රජ්ජුරුවන්ගේ අන්ත:පුරයේ ඉදල වෙන මනුස්සයෙක් එක්ක සම්බන්ධකමක් ඇති කර ගත්ත නිසා අහිගුණ්ඩික රැහේට පන්නපු බිසවක් ගැන කතාවක්.ඒ පොතේ හැටියට නම් මවුන්ට් ලැවීනියා කතාවට සම්බන්ධ ලැවීනියාත් අහිගුණ්ඩික. අන්න පොතේ නම දැනුයි මතක් වුනේ ( ලොවීනා )

    කාලෙකට පස්සෙ ඇවිත් සති ගාණක් හිත හිත ඉන්න පුලුවන් දෙයක් බෝම්බ ගැහුවා වගේ ලියන යන එක ගැන සතුටුයි......

    ReplyDelete
    Replies
    1. නැහැ. අහිකුණ්ටික, රොඩී කියන්නෙ ජන කොට්ටාශ දෙකක්.

      //ඔය රැහේ අයගේ ගෑණු අයට මහ අමුතු පෙනුමක් ලස්සනක් තියෙනවා//. එහෙම කියනවා, තව නීච කුල බන්ධනය කියල වශී ගුරුකමක් ගැනත් කියවෙනවා. ඇත්තද මන්දා? ඒත් මේ කතාවෙ හැටියට ‍රැහේට පිටින් එකතුවෙච්ච අයගේ පැටිකිරිය බැලුවාම එහෙම නොවෙයි කියල හිතන්නත් බෑ.

      -ටොමියා -

      Delete
    2. මේ අහිකුණ්ටික රොඩී කතාව වරද්දා ගන්න අය බොහෝයි.

      කොටින්ම ඉස්කෝල ටීචර් ලා පවා.

      මං ලියපු අහිකුණ්ටික සාත්තර කතන්දරේ කියවපු සමහරුත් ඔය වරදම කළා.

      Delete
    3. ලැවිනීයා නොහොත් ලොවීනා රොඩී හෝ අහිකුඨික හෝ නෙමෙයි ඒත් පහත් කුලයක (රොඩී කියන්නෙ සිංහල. අහිකුන්ඨික කියන්නෙ ඉන්දියානු තෙළිඟු). ඒ අයට කිව්වෙ mestizo කියල. හේතුව ඇය Lovina Aponsuwa කියන පෘතුග්‍රීසි මිශ්‍ර පරපුරක හින්ද. ලංකාවෙ සමහර බර්ගර් කියන අයත් අයිති මේ කුළකයටම තමයි.

      "ලොවීනා" පොත නවකතාවක් මිසක් පර්යේෂන කෘතියක් නෙමෙයි. ඒ නිසා "රෝහීණී" පොතෙන් දුටුගැමුණු ඉතිහාසය ඉගෙන ගන්න ගිය කාලෙ අය වගේ වැඩ කරන එක ටීචර්ලට ගැලපෙන්නෙ නෑ.

      රොඩී, අහිකුන්ඨික සහ අනෙක් පහත් කුළ ගැන තව ටිකක් හොයල බලන්න. අර රතු රජරට හිටියනං යමක් අහගන්න තිබ්බ.

      Delete
    4. පැහැදිලි කිරීමට ගොඩාක් ස්තූතියි තුන්දෙනාටම. රොඩී සහ අහිගුණ්ඪික කියන්නෙ දෙකොට්ඨාශයක් බව.
      ඇත්ත තමයි..ඒත් කොහොම ද මෙතනට “ස්කෝල ටීචර් “ කතාවක් ආවේ. ;)

      Delete
  12. කොයි ජීවන රටාව අනුගමනය කලත් පිරිසිදුවට ඉන්න එකේ වරදක් නෑ. මේ මිනිස්සුත් මේ විදිහට ජීවත් වෙන්නේ ඇත්තටම ඔවුන්ගේ අවශ්‍යතාවය නිසාද නැත්නම් අහිගුණ්ඨිකයෝ ජීවත් වෙන්නේ මෙහෙමයි කියන සම්මතය නිසාද දන්නේ නෑ. මට හිතෙන්නේ දෙවෙනි කාරණය.

    තමන්ගේ උවමනාවට අහිගුණ්ඨික ස්ටයිල් එකේ ජීවන රටාව අනුගමනය කරන මිනිස්සු ඉන්නවා. බැක්පැකර්ස්, කැරවෑනර්ස් කියන්නේ ගොඩක් රටවල සුලභව දකින්න තියන ජීවන රටාවක්.

    ReplyDelete
  13. චාමි ඔයා කතා කරන්නේ හිපි කල්චර් එක ගැන [සමා වෙන්නොනේ මම ග්‍රී යු ක්‍රි බටහිර අදහසක් ගෙනාවට]. නවසිය හැට ගණන් වල ප්‍රචලිත වෙච්ච හිපි කල්චර් එකට හිපි ගම්මාන පවා තිබ්බා. බොහොම කන්සවේටිව් සමාජත් එක්ක ඔවුන් සැහෙන්න ගැටුනා.

    හිපි කල්චර් එකේ බහුතරයක් කට්ටිය අන්තිමට වෙනස් වුනේ සුපුරුදු ලෙස [වෙන ඕනෑම උප සංස්කෘතියකට සිද්ධ වෙන පරිදි] කුටුම්භය නිර්මාණය වීමෙන්. හෙවත් පවුල් පන්සල වීමෙන්. අදටත් එක්ස් හිපියන් සමාජයේ මුණ ගැහෙනවා. මටහ්වාදිව හා හදහුරුවෙන් වැඩි වෙනසක් නැහැ හිපියන්ට. හැබැයි හිපි සංස්කෘතිය අතහැරලා.

    අහිකුන්ටික කියන්නේ ජීවන විලාසිතාවක් කියන එකට එකඟ නැහැ. වෙනත් වදනින් කිව්වොත් දෙයක් දොරක් හදාගෙන ඉන්න ඉඩකඩක් ඇතිනම් අහිකුන්ටිකයන් වෙන්නේ නැහැ. ජීවිතේ සුන්දරයි කියා අහිකුන්ටික වෙච්ච අය ඉන්නවා නම් ඒ සුළු සංඛ්‍යාවක්.

    කොළඹ ස්ටේෂන් ආශ්‍රිතව වෙසෙන පාරේ හිඟමන් යදින [හා ඇතැම්විට ගෝල්ෆේස් එකේ සාත්තර කියන] අයත් ඇත්තෙන්ම අහිකුන්ටික නේද? ඔය දෙහිවල බම්බා කොල්ලුපිටිය වගේ තැන්වල ස්ටේෂම මුහුදු රැල්ලෙන් බිඳෙන ලවන වලින් බේරා ගන්න හදා තියෙන හිල් සහිත බැමි වල එහා පැත්තේ මූද අයින පටියේ පියස්සක් ගහගෙන ඉන්න සමූහ දැක තියේද? මේ කට්ටියත් අහිකුන්ටික කියා හිතන්න මට සැහෙන්න සාධාරණ හේතු තියෙනවා. කතා කරන බාසාව ඇතුළුව. ඒ කට්ටිය හේ "ජීවන විලාසිතාව' නම් මානව ඛේදවාචකයක්.එම් සී ඒක ඉස්සරහ පොඩි උන් අවුවේ තියාන ඉන්න ගෑනුත් එයාලම තමා. ඒ සමහර ළමයි හදලා තියෙන්නෙම ධනෝපායන මාර්ගයක් ලෙසින්.

    ලංකාව දරුවන් වෙළඳ අයිතමයක් ලෙස භාවිතා කර සිඟා කන රටක් ලෙස ලෝක ප්‍රකටයි.

    ReplyDelete
    Replies
    1. ජීවන විලාසිතාවක් යන එකෙන් මම අදහස් කලේ ජීවත් වන ක්‍රමයක් කියන එක.අතීතයේ කොහොම උනත් අද අහිගුණ්ටික කියන්නේ නිශ්චිත ජනවර්ගයකට අයිති පිරිසක් නෙමේ. එක්තරා ජීවත්වීමේ මාදිලියක ඉන්න විවිධ ජනවර්ග වලින් සැදුම්ලත් කොටසක්.

      Delete
    2. ඔව් මේක වෙන කරන්න දෙයක් නැතිවීම හා පාරම්පරික සංස්කෘතික ගැහි සිරිත් දෙකේ මිශ්‍රණයක්.රැහැට පිටින් එකතු වෙන්නේ බොහෝ විට පිරිමි. එකට හේතුව උන්ගේ කෙල්ලන් වෙන්න ඕනේ. එතනනම් තරමක නිදහසක් ඇති මොකද වික්ටෝරියාට කූඩුවේ දාගන්න බැරි වෙච්ච එක සමාජයක් තමා ඔය [අනික් අය තාම ඉන්නේ වික්ටෝරියා දාපු කූඩුවේ].

      ජීවත් වන ක්‍රමයක් කියන එක ටිකක් එහාට අරගෙන යනවා ප්‍රොෆෙෂනල් හුලවාලි කට්ටඩි. ඒ කට්ටියත් මෙයලගෙන්ම පැවතෙන අය නේද? දැන් පොරවල් පත්තරේ දැන්නීම් දාල ගෙන්නන්නේ.

      Delete
  14. ///වැරහැලි එල්ලගෙන මිනිස්සුන්ට ඉන්න බැරිද? ඔලුවේ මනස්ගාත නොවෙන්න ඕනෙ හැටියේ පුළුවන්. තැන් තැන්වල වැටිලා ඉඳලා, ඉල්ලගෙන කාලා, පුළුවන්තරම් කසිප්පු බීලා කොහෙහරි තැනකදි ඩොහ් ගාලා මැරිලා යන ජීවිතයක කිසි තේරුමක් නෑ නේද කියලා එකපාරට හිතෙනවා. ඒ වුනාට අවසන් අර්ථයෙන් කාගෙ ජීවිතේද තේරුමක් තියෙන්නේ?///

    දෙන දෙයක් කාලා......කට්ටියට පොඩි තෙලකුත් දී ගෙන ඉන්න සමහර බ්‍රහ්මණ පොරවල්, හාමුදුරුවො ගැනත් මේ වගේම හිතෙනවද? :)

    අනිත් කාරනේ.......අහිගුණ්ටක ජීවිතේ ඔච්චරම උත්කුස්ට නං ....බැරිද නාමපද වලින් නැතුව ක්‍රියාපද වලින් ඇවිල්ලම පෝස්ට් එකක් දාන්න.....

    ///නිකං විහිළු කරන්න එපා....!!//// :)))

    ReplyDelete
    Replies
    1. අහිගුණ්ටික ජීවිතවල අමුතු උත්කෘෂ්ටයක් නැත. ඒ වගේම අපේ ජීවිත වලත් නැත.

      Delete
    2. ඔතැන 'අපේ' කියන්න ඇත්තෙ චාමිගේ පවුල ගැන වෙන්න ඇත්නෙ. ඇයි ලංකාවෙ හැමෝම චාමිගෙ පවුල වගේමයි කියල හිතන්නෙ?

      Delete
    3. ඒ කමෙන්ටුවට කැමතියි..

      Delete
  15. අනේ චාමියෝ පලයන් බං යන්න. මිනිස්සු නැති බැරි කමට දුක් විඳිනවා. ඒකට දාර්ශනික තේරුම් දෙන්න යන්න එපා. ඔය එකෙකුටවත් පුළුවන්කමක් තියෙනෙවා නම් ඔතැන ඉන්නේ නැහැ. ඕකුං විතරක් නෙවෙයි මං මාර නිර්ව්‍යාජ්‍යයි, ජීවිතේ විඳිනවා, සමාජවාදය ගොඩ නඟනවා, තනිකම ආත්මය කරගෙන ඉන්නවා කියලා ලොරි ටෝක් දෙන බ්ලොග්කාරයෝත් එහෙමම තමයි. තමන්ම තමන්ව අන්දගන්න හදන අමු හොරු. (අහිකුණ්ඨකයෝ නෙවෙයි, උන් අහිංසකයෝ. බ්ලොග්කාරයන් ගැන කිව්වේ.)

    මාත් කැම්පස් යන කාලේ එකම ෂර්ට් එක කලිසම සතියක් විතර ඇන්දා. නෑවේ සතියට දවස් දෙක තුනක්. බඩගෑවේ බස් එකේ. කෑවේ වල කැන්ටිමෙන්. (මාර රහනෙ කෑම දන්නවනෙ.) බස් ගාස්තු ඉතුරු කර ගන්න පයින් ගියා. කොණ්ඩෙ රැවුල කැපුවේ මාස තුන හතරකට සැරයක්. කොටින්ම අහිකුන්ඨකයෙක් වගේමයි.

    අද මම දවසට එක ගානෙ ඇඳුම් අඳිනවා. දවසට සැරයක් නානවා. කොණ්ඩේ රැවුල දවස ගානේ කපනවා. යන්න එන්න වාහනයක් තියෙනවා. දවල්ට රුපියල් සීයකට එකසිය පණහකට හොඳ බත් එකක් කනවා. හිතුණොත් ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා. ඒ කාලෙ නොකරපු බොහොමයක් දේවල් කරනවා.

    බොරු කියන්නේ මොටෝ. මට නම් මේ දෙවැනි ජීවිතේ සැපයි බං. ඕනැ එකෙක් දාර්ශනික අහිකුණ්ඨකයෝ වෙලා දුක් විඳපල්ලා. මට නම් බැහැ.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ මිම්මෙන් ලෝකේ මනින්න එපා බන්. උබේ ඔය කමෙන්ට් එක ලියවෙන්නේ උපකල්පන මහ ගොඩක් මත.

      :)

      Delete
    2. ඔබේ පළමු උපකල්පනයම වැරදියි ඇනෝ.

      //මිනිස්සු නැති බැරි කමට දුක් විඳිනවා. ඒකට දාර්ශනික තේරුම් දෙන්න යන්න එපා. ඔය එකෙකුටවත් පුළුවන්කමක් තියෙනෙවා නම් ඔතැන ඉන්නේ නැහැ.//

      කැමතිනම් විශ්වාස කරන්න. මේ අහිගුණ්ටික පුද්ගලයෙක් ඇතැම්විට ඔබට වඩා මුදලක් දිනකට වියදම් කරනවා. තුන් වේල කඩෙන් කාලා තව දවසකට රුපියල් හාරසිය පනහක කසිප්පු බෝතලයකුත් බොනවා.
      ඔය සිදුවීම දවසේ අවසන් කටයතුවලට මේ අය ගාව මුදල් තියෙනවද කියලා අහද්දි එතන පිරිමියෙක් කිව්වා මුදල් තියෙනවා කියලා. එතකොට ගෑනු කෙනෙක් මං ගාවත් 5000 ක් තියෙනවා කියලා දුන්නා. එතකොට අර මනුස්සයා ඇහුවා උඹට කොහෙන්ද සල්ලි කියලා. ඒ ගෑනිගෙ මිනිහාට හදිසි අවහ්‍යතාවක් වෙලා ගමේ ගියාලු. යන්න කලින් දවස් දෙකක වියදමට 5000 ක් දීලා ගියාලු. මේ මං ඉදිරිපිට වුනු කතාබහ.

      තව උදාහරණයක් කියන්නම්. මම දන්න ගමක් තියෙනවා. සාම්ප්‍රදායිකව වේවැල් භාණ්ඩ නිපදවීම කල පිරිසක්. ඊට අමතරව ගෙවල් වලින් හිඟාකෑම, බල්ලන්ට වඳ සැත්කම් කිරීම, රිලව් නැටවීම වගේ දේවල් කල පිරිසක්. අලුත් පරම්පරා නම් ඒවා කරන්නෙ නෑ. ඒ අය යකඩ එකතු කරනවා, කලාල විකුණනව වගේ වැඩ. මම දන්න විදිහට ගම් මට්ටමෙන් ගත්තොත්, දවසකට වැඩිම මුදලක් උපයන ගම. වැඩිම බට්ටා ලොරි සංථ්‍යාවක් තියෙන ගම. දවසකට වැඩිම මුදලක අරක්කු බොන ගම. හොඳම බූරු කප්පිත්තෝ ඉන්න ගමක්.
      නමුත් තවමත් ඒ ගමේ සීයට තිහ හතලිහකට වැසිකිලි නෑ. ලමයි ඉස්කොලෙ යවන්නෙ නෑ. නාන්නේ නෑ. ඉන්නෙ පෙරේතයෝ වගේ.

      අහිගුණ්ටික ජීවිතේ මට සැපයක් නෑ. නමුත් ඒ මිනිස්සුන්ට ඒක දුකක් නෙමේ. ඒකයි මම කියන්නේ.

      Delete
    3. සංශෝධනය -
      අහිගුණ්ටික ජීවිතේ මට සැපයක් නෑ. නමුත් ඒ මිනිස්සුන්ට ඒක "අමුතු දුකක්" නෙමේ. ඒකයි මම කියන්නේ.

      Delete

    4. දැං එතකොට මේ වේවැල් දෙනියෙ කස්ටියයි, අහිකුණ්ටික කස්ටියයි ඔහෙල අපිට වඩා සල්ලි කාරයො, හැබැයි ඉන්නෙ පෙරේතයො වගේ.

      හරි ඒකට අවුලක් නෑ කියමුකො, ඒක එයාලගෙ කැමත්ත. හම්බ කරන එක කාලා, හොඳට බීලා, හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා කියල ඉන්නවා.

      //අහිගුණ්ටික ජීවිතේ මට සැපයක් නෑ. නමුත් ඒ මිනිස්සුන්ට ඒක "අමුතු දුකක්" නෙමේ. ඒකයි මම කියන්නේ.//

      ඔබේ ලිපියෙ යටිපෙලෙන් දෙන පණිවිඩය නං ඒක නෙමෙයි

      -ටොමියා -

      Delete
    5. ""ඔබේ ලිපියෙ යටිපෙලෙන් දෙන පණිවිඩය නං ඒක නෙමෙයි""

      මේ හලෝ ලේඛකතුමා එයාට ඕන දේ ලියලා තියෙනවා. මේක චාමිගේ බ්ලොග් එක. ඒකේ ඌ ලියන්නේ උට ඕන දේවල්. ඔහෙට ඕන දේවල් ලියන්න ඔහේ බ්ලොග් එකක් අටව ගන්නවා. ඒක මේකට ලින්ක් කළොත් අපිත් කියවන්නම්.

      හරි මඟුලක්නේ යකෝ මේක..! මොකෙක් හරි එකෙක් අමාරුවෙන් බ්ලොග් එකක් කරගෙන යනකොට මේ කොහෙවත් නැති හාල්පෙන්දෝ එනවා ඒකේ හතර මායිම් හොයන්න. අරහෙ කතන්දර බ්ලොග් එක වහලා, මෙහෙන් පැරා කෙමෙන්ට් මොඩරේට් කරලා. මුන් හදන්නේ ඉතිරි වෙලා ඉන්න කීප දෙනාවත් මේකෙන් එළව ගන්න.

      කවුරු හරි කියන්න පුළුවන් මම බොරුවට කලබල වෙලා කියලා, ඒත් ලබ්බට තිබ්බ අතම පුහුලට තියෙන බව නිකන් දැනෙන නිසයි මේ ටික ලිව්වේ.

      Delete
    6. //මේ හලෝ ලේඛකතුමා එයාට ඕන දේ ලියලා තියෙනවා. මේක චාමිගේ බ්ලොග් එක. ඒකේ ඌ ලියන්නේ උට ඕන දේවල්.//

      ඉතිං මම ලියන්න එපා කිව්වෙ නෑනෙ :).

      //හරි මඟුලක්නේ යකෝ මේක..! මොකෙක් හරි එකෙක් අමාරුවෙන් බ්ලොග් එකක් කරගෙන යනකොට මේ කොහෙවත් නැති හාල්පෙන්දෝ එනවා ඒකේ හතර මායිම් හොයන්න.//

      මම මෙච්චර කල් හිතාගෙන හිටියෙ, චාමි බ්ලොග් ලිව්වෙ අපිට කියවන්න කියලයි. කියවල වැදගත් විදිහට අදහස් දක්වන්න කියලයි.

      දැං එතකොට, අපි කියන්න ඕනෙ " මාරයි, පට්ටයි, එල" කියල විතරද?

      මේ ප්‍රශ්ණය මාලන්ට, මෙච්චර කල් හිතාගෙන හිටියෙ බල්ලා මම කියලයි, එත ඔහේ බුරන්නෙ ඇයි? :)

      -ටොමියා -

      Delete
    7. මාරයිනේ. බ්ලොග්කාරයෝ ඔක්කෝම ලොරි ටෝක් දෙන්නෙ සමාජය විවෘත නොවීම ගැන සමාජය උන්ට ඇහුම්කන් නොදීම ගැන. හැබැයි වැරදිලාවත් මේ බ්ලොග්කාරයෝ ලියන දෙයක් ප්‍රශ්න කළොත් සරම් උස්සාගෙන එන්නේ කවුද ඩෝ උඹ මං ලියන දේ ගැන අහන්න කියලා. මේක චාර්මි විතරක් නෙවෙයි බ්ලොග්කාරයන් සියල්ලන්ටම තියෙන පොදු ගැටළුවක්. කොච්චර ප්‍රබුද්ධ කිව්වත් දකින්න කැමැති අර එල එල, පට්ටයි, පට්ට ලියවිල්ලක්, ගහන්න ඕනැ තනට ගහලා තියෙනවා වගේ කෙමෙන්ට් ටිකක් විතරයි. ඉතින් මොකටද තවත් ලියලා. අහිකුණ්ඨකයෝ සුප්‍රබුද්ධයි. අපි තමයි මෝඩයෝ.

      Delete
    8. /අහිගුණ්ටික ජීවිතේ මට සැපයක් නෑ. නමුත් ඒ මිනිස්සුන්ට ඒක "අමුතු දුකක්" නෙමේ. ඒකයි මම කියන්නේ./

      පෝස්ට් එකෙන් කියවන අර්ථය නම් ඒක නෙවෙයි. කමක් නෑ ඉතින් චාර්මිගේ බ්ලොග් එකනෙ. චාර්මි කැමැති විදිහටනේ වචන අර්ථ දක්වා ගන්නේ. අඩෝ කවුරුත් චාර්මිට මොනව හරි කියල අහුවෙන්ඩ එපා ඩෝ. මේ චාර්මිගෙ බ්ලොග් එක. චාර්මිස් කා. චාර්මීස් පැට්‍රල්.

      Delete
    9. මෙතන පැහැදිලිවම ප්‍රශ්ණයක් තියෙනවා. අපි හාල්පාරුවො, උන් ප්‍රබුද්ධ රචකයො. ඒක නෙව චාමි උනත් තෝරාගත් කොටසකට විතරක් උත්තර දෙන්නෙ. අපි නිකම්ම නිකං හාල් කෑලි, හැබැයි නාන්නෙ නැති, කසියා ගහන අහිකුණ්ටික දර්ෂණය තමා නියම ජීවන විලාසිතාව . ඕං කිව්වා,මේං ගියා

      නිකං විහිලු කරන්න එපා :)

      - ටොමිය -

      Delete
    10. චාමි = ලේඛකතුමා (මාලන්ගේ වචනයකි.); මට නම් හිතෙන්නේ චාමිගේ තරමට ඒක මදි, මහා ලේඛකතුමා, ලේඛක සක්විති වගේ නමක් දා ගත්තා නම් වඩා සුදුසුයි.
      අපි = ඒ මහා ලේඛකතුමා බ්ලොග් ලෝකෙන් එලවා ගන්න හදන මෝඩ ඇනෝලා

      ඔන්න ඔහේ ඔය මහා ලේඛකතුමාට කැමැති දෙයක් කරගෙන ඉන්න දෙමු බං. අහිකුණ්ඨකයෝ රජවරු කිව්වත් අපේ ඇඟේ ඇලෙනවය. පිදුරු ගුණයි බං.

      Delete
    11. දන්නැති කමට අහන්නේ, මාලන් කියන්නේ බ්ලොග් අවකාශේ හෙන වීර චරිතයක්ද අර අරුණි ශපිරෝ වගේ. කොමෙන්ට් එකක් දෙකක් කියවන කොට තමයි තේරුම් ගියේ මනුස්සය හෙන ඇසුපිරු තැන් තියන මාරම ඩයල් එකක් විත්තිය. විහිළු නෙමෙයි බන් ෆුල් සීරියස්

      Delete
    12. කෝම්පිට්ටු ඉදීයෝ
      රෑට බතට අපට කන්න
      කෝම්පිට්ටු ඉදීයෝ

      Delete
  16. ඔය අහිකුණ්ඨකයෝ, වැද්දෝ, ගණයෝ, ඇබිත්තයෝ, ජෙප්පෝ ඔක්කෝම මේ නව ලිබරල් ධනවාදී සමාජයේ සක්‍රිය කොටස්. ඒක තේරුම් ගන්න බැරු එවුන්ට මුන් මාරම ක්ලැසික්.

    ReplyDelete
    Replies
    1. නව ලිබරල් ධනවාදී සමාජයේ අක්‍රිය කොටස් මොකුත් හෙම තියෙනවද? එහෙම තියෙනවනං විතරයි සක්‍රිය කොටස් කිව්වාම අර්ථයක් ලැබෙන්නෙ :D

      Delete
  17. ඔය අහිකුණ්ඨක ජනයාට සමාන කරන්න පුළුවන් ජන කොට්ඨාස කීපයක් යුරෝපයේත් දකින්න ලැබෙනවා. Gypsy, Roma gypsy, Irish travellers සහ other Traveller communities වගේ.

    මේ අය අතරින් Roma gypsy අය තමන්ට ඉන්දීය සම්භවයක් තියෙනවා කියල විස්වාස කරනවා. මේ අයට මන්තර ගුරුකම් වලට හැකියාවක් තියෙනවා කියල (ප්‍රෝඩාකාරී විදියට) ඒත්තු ගන්වන්න උත්සාහ කරන බව අහල තියෙනවා. කාලෙකට ඉහත ගම්බද යුරෝපීයයන් Roma gypsy අයගේ ගුප්ත විද්‍යා බලයන් විස්වාස කලා කියලත්, ඔවුන්ට යම් ආකාරයක බයක් දැක්වූ බවත් කියවෙනවා.

    මේ ජන කොටස් වල අයත් කොච්චර සල්ලි ලැබුනත් තමන්ගේ ජීවන රටාව වෙනස් කරගන්නේ නැති අයයි. සාමාන්‍යයෙන් Traveller community වල අය ගේ අත මිට හොඳට සල්ලි ගැවසෙනවා. ඒත් අද හම්බවෙන සල්ලි හෙට වෙන කොට ඉවරකර ගැනීම ඔවුන් සාමාන්‍ය දෙයක් ලෙස සලකනවා.

    තවත් සමාන කමක් තමයි, තමන්ගේ 'රැහට ' පිට අයගේ වුනත් ළමයි එකතු කරගන්න තියෙන කැමැත්ත. ලමයින් හොරකම් කිරීම සහ නීතියට පිටින් අරන් හදා ගැනීම ගැන මේ අයට චෝදනා එල්ලවෙනවා. ජාන සංකලනය ගැන බැලුවොත් මොවුන් යුරෝපයේ වැඩියෙන්ම මිශ්‍ර වූ ජන කොට්ඨාශය කියල කියන්න පුළුවන් ලු. නමුත් මොවුන්ව උදාහරනයන්ට ගැනෙන්නේ අසීමිත ජාන සංකලනයේ නරක පැත්ත පෙන්වීමටයි. "...No significant progress acquired other than the ability to survive without doing anything productive. ..."

    ලංකාවේ අහිකුණ්ඨක ජනයාට සමාන කරන්න බැරි කාරණයක් තමයි, මේ ඉහත කියුව්ව කොටස් ඔක්කොම වගේ අය සුලුපරිමාන හොරකම්, වංචා සහ බොරුකීම සඳහා ලැදියාවක් දක්වන බවට තියෙන පිළිගැනීම. දවසට 1000 ක් දෙන රස්සාවක් ලැබුනත් එතනින් 100 ක දෙයක් හොරකම් කරගෙන රස්සාව දාල පැනල යන විධියේ අය කියල කියවෙනවා. අනිකුත් සමාජ කොටස් වල අපරාධ කරුවන්ට 'ලොකු වැඩ වලින්' පසුව නවාතැන් ඇතුළු රැකවරණ සැපයීමත්, හොර බඩු විකිණීමට සහ ප්‍රවාහනයට උදව් කිරීමත් මොවුන්ගේ තවත් ආදායම් මාර්ගයක්.

    මේ අය තමන්ගේ ජීවන ක්‍රමය ගැන ආඩම්බර වෙන අතරම එය ඔවුන්ගේ පාරම්පරික අයිතියක් විධියටත් පෙන්නනවා. travellers ල ගමකට ඇවිත් ඉඩ තියෙන තැනක Caravan ටික නවත්තල කෑම්ප් එකක් ගැහුවොත්, අනිත් මිනිස්සුන්ට කොච්චර කරදර වුනත් මෙයාලව එතනින් හොලවන්න ආණ්ඩුවකට වුනත් ලේසි නෑ. මේ වගේ 'අයිතියක්' ලංකාවේ අහිකුණ්ඨක ජනතාවටත් තිබුන කියල අහල තියෙනව. ඇත්තද කියල දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ප්‍රංශය රෝමා වරුන් ගැන සැහෙන්න කතා වෙන කාලයක්. කෑම්ප් දෙකක් ගිනිගනීමත් දැරියක් මියයාමත් සමග.

      චාමි හා මුන්දීර් කියන "මුන්ට මාරෙට සල්ලි ලැබුනත් මේ ජීවිත දාලා යන්නේ නැහැ" කියන එක පාර්ශ්වීයව ඇත්ත. ඕකම පොදුයි කොළඹ මුඩුක්කු මිනිසුන්ටත් [මේ දවස්වල ආශ්චර්යවත් විදිහට වෑන් එකෙන් නිවන් ගිය අහිංසක මනුස්සයා ගේ සිද්ධියට ගාවා ගන්න එපා, පොදු කොමෙන්ට් එකක් පමණයි]. ඇති දාට ඇතුවා මෙන්ම මුන්ට නැතිදාට නැහැ. අනික මුන් හම්බු කරන ක්‍රම වලින් හම්බු කරන්න ඔහොමම ඉන්න වෙනවා. හිඟන කල්ලිවල නායක හිඟන්නා ලක්ෂ පතියෙක් වුනත් පොරත් දවල්ට හිඟා කන්න ඕනේ පොසිෂන් එක තියා ගන්න.

      හැබැයි ඒ අයට සල්ලි ලැබුනත් ඔය ජීවිතේම ඉන්න අනිත් සාධකය තමා නූගත කම හා සාමාජියව බැහැර කිරීම. කොච්චර සල්ලි තිබ්බත් 'වයිට් කොලර්" සමාජයට් උන්ව ගන්නේ නැහැ. උන්ගේ ළමයෙකුට ඒ ඉස්කෝලෙකට යන්න බහ. ජීවිතේ ගෙනියන්න අවශ්‍ය එක්තරා දැනුමක් හිඟයි. එක ගන්න බැහැ.

      මෙතැනදී චාමිගේ අදහස වනුයේ ඒ අඩු කොටස අඩුවක් නොවේ, එක නැතුව අගේට ඉන්න පුළුවන් කියලා. එහෙම බැලුවොත් ඕනෑම තත්වයක් යටතේ මිනිස්සුන්ට ඉන්න පුළුවන්. ඒත් බොහෝ දෙනෙක් ඔය වගේ තත්ත්ව වල ඉන්නේ යහපත් ජීවිතයකට අවශ්‍ය කරන මූලික දැනුමකින් ඔවුන් ඈත් කර තබන නිසා. වරදා තේරුම ගන්න එපා "යහපත්" කියන දේ සාපේක්ෂයි. ඒත් ඕනෑම දෙයක් "යහපත්" කියා අපිට කියන්න බැහැ.

      රෝමා වරුන් ගත්තත් ඔවුන් සියවසකට කලින් වෙනකම් යුරෝපයේ වහලුන් ලෙස ජීවත් වුනේ. රුමේනියාව එහෙම දෙවෙනි ලෝක යුද්දේ කාලේ වෙනකම්ම ඔවුන් වහල් කමට ගත්තා. හිට්ලරුත් උන්ව සුදුවෑන් වල යැව්වා. ඒ මිනිසුන්ට "සාමාන්‍ය" සමාජයට ඇතුළු වෙන්න අවකාශ ලැබිලා නැහැ. ඒක දැන් වේගෙන යනවා. රෝමානි සමාජවලින් සුලුතරයයි තාම අහිකුන්ටික ජීවිත ගෙවන්නේ.

      Delete
    2. මේ ලිපිය ලිව්වාට චාමිට ලැබෙන්න ඕනෙ ස්තූතියේ කොටසක් සුජීවටත් ලැබෙන්න ඕනෙ. මොකද ලිපිය සම්පූර්ණ කරල තියෙන්නෙ - චාමි නොකියපු/නොදැකපු කොටස ලියල තියෙන්නෙ සුජිව නිසා. ස්තූතියි.

      ආ, අමතක වුනා , මාලන් උඹටත් පොඩි තැන්කූ කෑල්ලක් දෙන්නම්, නාන බාල්දියෙ කිඹුල්ලු දැකලා දීපු ආතල් එකට :)

      -ටොමියා-

      Delete
    3. " ඒ මිනිසුන්ට "සාමාන්‍ය" සමාජයට ඇතුළු වෙන්න අවකාශ ලැබිලා නැහැ. ඒක දැන් වේගෙන යනවා. රෝමානි සමාජවලින් සුලුතරයයි තාම අහිකුන්ටික ජීවිත ගෙවන්නේ. "

      සුජීව මේක මෙහෙම වෙන්නේ සීයට එකකටත් වඩා අඩු ප්‍රතිශතයකින් නේද?
      මගේ නෝමැඩ් අත්දැකීම නම් මීට වඩා බෙහෙවින් වෙනස්.
      එකක් ඔවුන්ව සමාජගත නොකරන තරමට සාමාන්‍ය ජනයාට අවාසියි.
      ඒත් ඔවුන් සමාජගත කරන එක (ඔවුන්ගේ අඩු දැනුම එක්ක) ඊටත් වඩා අමාරුයි. හැම රෝම් ම මෙහෙම දුප්පත් හෝ අසරණ නෑ. ඔවුන්ගේ යුරෝපය පුරා පවතින මහා පරිමාණ නීතිවිරෝධී ව්‍යාපාර හිමිකම් තියෙනවා. බෝහෝ අයට තියෙන වාහන බැලුවම අපි අවුරුදු පහක් වැඩ කරත් සාමාන්‍ය අපිට ගනන් බැරි ලක්සරි වාහන පවා ඔවුන්ට තියෙනවා. ඒත් ඉන්නේ කැරවෑන් එකේ. එහෙම නැත්නම් පාරේ ටෙන්ට් එකක් ගහගෙන. සැනිටරි පහසුකම් ඔවුන්ට නෑ. ඔවුන් ඒවට හුරු කරන්නත් බෑ. අපේ සිවිල් සමාජයට ඔවුන් ලොකු බලපෑමක් කරනවා. ඒත් ඔවුන්ව යවන්න තැනකුත් නෑ. මේ රටවල් වල තියෙන මානුශික හේතුන් අරවයි මේවයි එක්ක ඔවුන්ව සිවිලයිස් කරන්න කොයිතරම් මහන්සි වුනත් ඒක කරන්නත් බෑ. මම දන්න කෑම්ප්ස් වල ඉන්න දාහක් හමාරකගෙන් ස්කෝලෙකට යන්නේ ළමයි දහයකටත් අඩු ගාණක්.

      Delete
  18. දැන් චාර්මි අහිකුණ්ඨකයින් කියන්නේ තෙළඟු ජාතිකයින්ට කියලා පට්ටපල් බොරු කියන කොටවත් ඒක ප්‍රශ්න කරන්න කෙනෙක් නෑ. ඇයි මාලන් සරම උස්සගෙන එනවනෙ වලියට. බොරු උනාම මොකද චාර්මි ලියන්නෙ එයා කැමති දේවල්නෙ. එකක් විතරක් කියල නවතින්නම් කොච්චර කළත් මාරයා උඹලාට වඩා දහ ගුණයක් අවංකයි.

    ReplyDelete
    Replies
    1. දන්නැති කමට අහන්නේ, මාලන් කියන්නේ බ්ලොග් අවකාශේ හෙන වීර චරිතයක්ද අර අරුණි ශපිරෝ වගේ. කොමෙන්ට් එකක් දෙකක් කියවන කොට තමයි තේරුම් ගියේ මනුස්සය හෙන ඇසුපිරු තැන් තියන මාරම ඩයල් එකක් විත්තිය. විහිළු නෙමෙයි බන් ෆුල් සීරියස්.

      Delete
    2. මාලන් කියන්නෙ වීර චරිතයක්ද ඇහැව්වා ? මඟුලක් අහනවා :)

      ඇයි, අර චාමි පෝස්ට් එකක්ම ලිව්වෙ "මාලන්ට බනින ඉරිසියාකාරයින්ට" කියලා.

      Delete
    3. හැංගි මුත්තු හැංගියෝ
      නොපෙන තැනක හැංගියෝ

      Delete
    4. රෙද්ද....
      යකෝ මාත් කඩාගෙන බිඳගෙන ගියා මම ඔහොම එකක් ලිව්වද බලන්ඩ :D

      Delete
  19. මචන් ලේඛකතුමා, බ්ලොග් ලියනවට වඩා ෆේශ්බුක් වසන එක හිතට නිදහසයි වගේ නේද..?

    ReplyDelete
    Replies
    1. බ්‍ ‍ලොග් ‍ෆේස්බුක් ‍දෙකම අත්හැරලත් මාලන්ට නිදහසක් නෑ ‍නෙව!

      Delete
    2. රාජ් මචන්, මුලින් කතන්දරගේ බ්ලොග් එකේ සිරා ඇනෝ කමෙන්ට්ස් වැටෙද්දි මමත් ආසාවෙන් කියෙව්වා. අනිතිමට ඒක ඒ මනුස්සයට වදයක් වෙන තරමටම ඔඩු දිව්වා. ඊට පස්සේ පැරාට ගේම දෙන්න ආවා. දැන් පැරා කමෙන්ට්ස් මොඩරේට් කරලා. මේ සෙට් වෙන්නේ චාමියට ගේම දෙන්න. තාම නෑ ඔය පටන් ගත්තා විතරයි.

      මාරයත් එක්ක අපිට දේශපාලන වශයෙන් විවේචන තියෙන්න පුළුවන් ඒත් මුල්ම කාලේ මාරයට ගහද්දිත් කළ හැකි දේ කළා. මේ වෙනුවෙනුත් කළ හැකි දේ කරනවා. නැති වෙන්න දෙයක් නෑනේ මචන්.

      රාජ්, උඹේ බ්ලොග් එකෙත් අගුල් දාලා තියා ගනින්. මීළඟට උඹේ බ්ලොග් එක වෙන්න පුළුවන්.

      දඔර නාරින් අමල් බිසෝ කිව්වලු..!

      Delete
    3. // මේ සෙට් වෙන්නේ චාමියට ගේම දෙන්න. තාම නෑ ඔය පටන් ගත්තා විතරයි//

      මේ ඔහේගෙම වචන :
      "තමන්ගේ මිම්මෙන් ලෝකේ මනින්න එපා බන්. උබේ ඔය කමෙන්ට් එක ලියවෙන්නේ උපකල්පන මහ ගොඩක් මත"

      චාමි කියන්නෙ හොඳ නිර්මාණශීලි රචකයෙක්, , ආයෙ ඒකෙ කතා දෙකක් නෑ. අපිට චාමිත් එක්ක අවුලක් නෑ.
      බ්ලොග් ලෝකෙට පොලිස්කාරයො අවශ්‍ය නෑ. අවුල තියෙන්නෙ එතන :)

      Delete
    4. / මේ සෙට් වෙන්නේ චාමියට ගේම දෙන්න./

      :D

      Delete
    5. මචං මාලන්... උඹ මේ මැද්දට කඩාපාත් වෙනකම් හැමෝම කොහොම කොහොමින් හරි අදහස් දක්වලා තිබ්බේ චාර්මි ලියලා තියන දේ ගැන. උඹ තමයි මේක වෙන පැත්තකට ඇදන් ගිහින් තියෙන්නේ. අඩුම ගානේ එකෙක්වත් කුණුහරපයක්වත් කියලා තියනවද? චාර්මි ලියපු දේ විවේචනය කලා කියලා චාර්මි 'සාරියකින් එල්ලෙයි' ද? මෙච්චර බ්ලොග් ලෝකේ ගැන දන්න චාර්මි මේකට සැලෙයිද? කොටින්ම මෙතන චාර්මිගේ පෞද්ගලික ජීවිතේට ගහලා තියනවද? අර 'වොෂ්' කතාව ඉතිං සිඟිති ආතල් එකක්නේ.

      චාර්මි ආයේ මේක නොලියනවා නම්, එහෙම වෙන්නේ උඹ ඌව තොත්ත බබෙක් ගාණට දාලා තියන එක ගැන ඌටම ලැජ්ජ හිතිලා තමයි.

      Delete
    6. මෙහෙම ලියන්න වීම ගැන කණගාටුයි. චාමි හොඳ නිර්මාණ ශක්තියක් ඇති ලේඛකයෙක්. ඒත් ඔය මාලන් හුළං ගහලා ගහලා පුම්බලා තියෙන තරමට මාර සිරා පොරක් නම් නෙවෙයි. චාමිටම ලජ්ජා හිතෙන්නෙ ඉඩ තියෙන නිසා වැඩිදුර ලියන්නෙ නෑ. ඒත් ඔය දකුණු අත පැත්තෙ හිට් කවුන්ටරේත් පොඩ්ඩක් බැලුවොත් චාමිගේ ජනප්‍රියතාවය මැණ ගන්න පුළුවන් අනෙක් බ්ලොග්කරුවන් අතරේ.

      Delete

    7. @තිසර
      ++++++++++++
      @ඇනෝ
      /ඒත් ඔය දකුණු අත පැත්තෙ හිට් කවුන්ටරේත් පොඩ්ඩක් බැලුවොත් චාමිගේ ජනප්‍රියතාවය මැණ ගන්න පුළුවන් අනෙක් බ්ලොග්කරුවන් අතරේ/

      ඇත්ත. ඒ ඇයි කියලා හිතා ගන්න එච්චර අමාරු නෑ :)

      -ටොමියා-

      Delete
    8. @තිසර,

      මම මේ මැදිහත් වෙන්නේ බොහෝ කාලයක් තිස්සේ කරපු පරීක්ෂණ, නිරීක්ෂණ එක්ක.
      මෙතන උඩින්ම කියලා තියෙනවා වගේ බ්ලොග් අවකාසේ දැන් තියෙනවා ට්‍රෙන්ඩ් එකක්.

      ගෑණු ළමයෙක්ට බ්ලොග් එකක් ලියන්න බෑ, පොලිටිකල් බ්ලොග් එකක් ලියන්න බෑ, කතන්දරට එයාගේ බ්ලොග් එක ලියන්න බැ, මේ හැම එකක්ම අනෝ කමෙන්ට්ස් දමලා දමලා ස්පෑම් කරලා වහලා දානවා. මේක එක්තරා අසහනකාරයින් පිරිසක් ඕන කමින් කරන වැඩක්.

      ඕක චාමිට තාම වුනේ නෑ [ඒත් වෙන්න පුළුවන්] ඒ පොසිබිලිටි එක ගැනයි මම කතා කළේ. එක්තරා විදිහකට මේක ඒ ඇනෝ ත්‍රස්තවාදයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක්.

      සමාන්‍යෙන් ඇනෝලට විරුද්ධ වෙන හැම එකාටම එළව එළව ගහනවා. උන්ට පිට බ්ලොග් එකකවත් කමෙන්ට් එකක් දාන්න දෙන්නේ නෑ. මට මතකයි කතන්දරට වුන දේ. මේ දේට අපි විරුද්ධ විය යුතුයි. දැන් අදින් පස්සේ මට වෙන්නෙත් ඒක.

      තිසර උඹයි මමයි දෙන්නම දැන් පිළිවලකට ලියන උන් නෙමෙයි. අපිට පුළුවන් කමෙන්ට්ස් වලින් ඕන තරම් පොර ටෝක්ස් දීලා යන්න. ඒත් ලියන මිනිහයි දන්නේ මේක පවත්ව ගන්න තියෙන මාරුව දන්නේ. උන්ටත් ඇනෝ කමෙන්ට්ස් වලින් පහර ගහනවනම් ඒක උන්ගේ මානසිකත්වයට බලපානවා. මාරයාට වගේ හිත හයිය නැතිනම් හම ඝනකම නැතිනම් ගොඩක් උන්ට මේ පහරදීම දරන්න අමාරුයි.

      තිසර මම නැවත අවදාරණය කරන්නේ; මේ ඇනෝ කමෙන්ට්ස් ත්‍රස්තවාදයට මොනවත් කළේ නැතිනම් කාටවත් පිළිවකට බ්ලොග් එකක් ලියන්න බැරි වෙනවා. මේකත් හරියට අර "ග්‍රීස් යකා" වගේ. මේ ඇනෝ කමෙන්ට්ස් ත්‍රස්තවාදය පිටි පස්සේ ඉන්නේ බොහොම සුළු පිරිසක්. ඇනෝ කමෙන්ට්ස් ගොඩක් දැම්මත් වෙන් වෙන් කරලා අදුන ගන්න බැරි නිසා අපිට හිතෙනවා මහ පිරිසක් ඉන්නවා කියලා. ඉන් අතරින් පතරට බූලා, ජිමියා වගේ බල්ලන්ගේ නම් ටිකක් දාගත්තම තවත් වැඩේ සම්පූර්ණයි. මේ මානසික රෝගීන්ට තව දුරටත් මේක කරන්න දෙන්න බෑ.

      සිංහල බ්ලොග් ලියන්නන් ඇනෝ ත්‍රස්තවාදයෙන් ගලව ගනිමු..! මට අන්තිමට කියන්න තියෙන්නේ එච්චරයි.

      Delete
    9. @Anonymous,

      ""ඒත් ඔය මාලන් හුළං ගහලා ගහලා පුම්බලා තියෙන තරමට මාර සිරා පොරක් නම් නෙවෙයි.""

      HA HA :D මේක කියන්නේ වෙස්මුණක් දාගෙන කෙහෙල් පඳුරක් අස්සේ හැංගිලා ඉන්න කොන්දක් පණ නැති ඇනෝ කෙනෙක්.

      සෑබෑ ජිවීතේ උඹලා වගේ එවුන් සමාන වෙන්නේ අර ගෑණු නාන තැන්වල බලන් ඉන්න, ගෑණුන්ගේ කාමර වලට හොරෙන් රිංගලා පොඩි ආතල් එකක් ගන්න පොන්නයන්ට [පොන්නයා කියා සමාන්‍ය ජිවිතයේ හදුන්වන පිරිසට අපහාසයක් නොවේවා].

      ""ඒත් ඔය දකුණු අත පැත්තෙ හිට් කවුන්ටරේත් පොඩ්ඩක් බැලුවොත් චාමිගේ ජනප්‍රියතාවය මැණ ගන්න පුළුවන් අනෙක් බ්ලොග්කරුවන් අතරේ.""

      හිට් වලින් ජනප්‍රියතාව මනින්න පුළුවන්නම් මට පුළුවන් අද බ්ලොග් එකක් හදලා උදේ ඉදන් හවස් වෙනකම් ඕක රෙෆ්‍රෙශ් කරලා හිට් කවුන්ටරේ විදුලි මීටරේ වගේ කරකවගෙන සුප්ර හිට් පොරක් වෙන්න. අපිත් දැක්කා සුපර් හිට් පොරවල් එක පාරටම ලක්ශෙට කොඩි දාලා චුස් ගලා බැහැලා ගියපු හැටි. දැන් උන් හොයන්නත් නෑ. :D

      හිට් වලින් බ්ලොග්ස් මනින්න බෑ.

      අනිත් එක සමහර බ්ලොග් ලියන මිනිස්සුන්ට, ලියන්න හිට්ස් කියන එක ප්‍රධානතම සාධකය නෙමෙයි. ඔය හිට්ස් බලන් ලියන අයනනම් ඒවා රෑට තම්බලා කනවා කියලයි ආරංචිය.

      හිට්ස් කවුන්ටරේ නෙමෙයි බ්ලොග් එකකට වැදගත් වෙන්නේ "ලොයල් රීඩර්ස්ලා". උන් තමයි බ්ලොග් එක තව දුරටත් පවතිනවද නැද්ද කියලා තීරණය කරන්නේ. චාමි අද මාසෙකට සැරයක් වුනත් මේකේ ලියන්නේ ඌ දන්නවා ඌට ලෝයල් රීඩර්ස්ලා යම් ප්‍රමාණයක් ඉන්නවා කියලා. මාරයට, මාතලන්ට උනත් එහෙමයි. මට හිතෙන විදිහට ඔනෙම බ්ලොග් ලියන්නෙක් උත්සාහා ගන්න ඕන ලොයල් රීඩර්ස්ලා හදාගන්න මිසක් හිට්ස් කවුනටරේ කරකව ගන්න නෙමෙයි.

      Delete
    10. /මම මේ මැදිහත් වෙන්නේ බොහෝ කාලයක් තිස්සේ කරපු පරීක්ෂණ, නිරීක්ෂණ එක්ක.//

      බම්බුව තමා. බ්ලොග් ත්‍රස්තවාදෙ තිබුනෙ කාලෙකට ඉස්සර . වෙනම මඩ සයිට් හැදුවා. කුනුහබ්බ වැපුරුවා. ඒ කාලෙ උඹ කොහෙද හිටියෙ. මෙතන එකෙක්වත් එහෙම කරල තියනවද? ඇනෝ ආවට, අපිත් විරුද්ධයි බ්ලොග් ත්‍රස්තවාදෙට.

      අර තිසර කියනවා වගේ. උඹ තමයි පලවෙනි වෙඩිල්ල තිබ්බෙ, ඒ වෙන කං හැමෝම මේ සාකච්චාව ඇදගෙන යන්න දායක වුනා. ඔය නැගල ඉන්න පුවක් ගහෙන් බිමට බැහැපං,බැහැල පොලොවෙ පය ගහල හිටපං.

      /මචන් ලේඛකතුමා, බ්ලොග් ලියනවට වඩා ෆේශ්බුක් වසන එක හිතට නිදහසයි වගේ නේද..?/

      දැං චාමිගෙ බ්ලොග් එක වස්සලා, ඌව බුකියට ඇදන් යන්න දත කන්නෙ අපිද :)

      Delete
    11. ඇනෝ ඇවිත් මොන තරම්නම් පොර ටෝක්ස් දෙන්න බැරිද..? "අපි අරක කොළා, මේක කොළා" ප්‍රොෆයිල් එකකින් ඇවිත් ඕක කියන්න කොන්ද පණ නැද්ද..? උඹට අද බූලා වෙන්න පුළුවන්, පැයකින් මුගටියා වෙන්න පුළුවන්, හෙට ටොමියා වෙන්න පුළුවන්, ඊට පස්සේ ආයෙත් මුකුත් නොවුනා වගේ ඇනෝ එන්නත් පුළුවන්.

      අපි ඉස්සරත් කතා කළා දැනුත් කතා කරනවා. පෝස්ට් වල ලින්ක් වුනත් දෙන්න පුළුවන්. ඒත් උඹ වගේ මූණක් නැති හාල් පෙන්දෙක්ට ඒක ඔප්පු කරන්න මට කිසිම අවශ්‍යතාවක් නෑ.

      ෆේශ් බුක් හොඳයි කිව්වේ එකේ උඹලා වගේ මූණ නැති හාල්පාරුවෝ නැති නිසා. ඒකේ හැම එකෙක්ටම මූණක් තියෙනවා. ඒ මුණට වගකීමක් තියෙනවා. අනිත් එක තමන්ගේ එකවුන්ට් එක නිසා, ඒකේ මීට වඩා ක්නට්‍රෝල් එකක් තියෙනවා, තොපි වගේ හාල්ප්පෙන්දෝ ආවොත් පුකට දෙකක් දීලා එළවලා දාන්න.

      ෆේශ් බුක් වලත් කාලයක් හිටියා ප්‍රභාකරන් වගේ ත්‍රස්තවාදී සෙට් එකක්. ගෲප් එකකට යන්න බෑ, කමෙන්ට් එකක් දාන්න බෑ වට කරගෙන ගහන. පස්සේ බෝහෝ පිරිසක් බෝහෝම වැර වෑයමකින් ඒක නැවත්තුව නිසා අද ඒ හාල්පෙන්දෝ ටික එකා එකා හැළිලා ගිහිල්ලා.

      ටිකක් මහන්සි වුනොත් බ්ලොග් අවකාශෙනුත් තොපේ ඔය කොන්ද පණ නැති ඇනෝනිමස් ත්‍රස්තවාදය අතුගාලා දාන්න පුළුවන්.

      Delete
    12. හා මචං.

      දැං මේ කැත විදිහට වචන පාවිච්චි කරන්නේ කොන්ද පණ නැති, මූණක් නැති අපිද, කොන්ද පණ ඇති, "ප්‍රොෆයිල් නොට් එවේලබල් " ඔබතුමාද?

      තරහා ගියා වගේ :)

      Delete
    13. හනේ කැත වචන කිව්වම නරක් වෙන්න බබාලා.

      තරහා..? කිසිම තරහක් නෑ. තියෙන්නේ අපුලක්..!

      බහුවචනයෙන් කතා කළට මෙතන "වැඩිම" උනොත් ඇනෝලා දෙන්නෙක් ඇති. අර මම කලින් කිව්වා වගේ වෙලාවකට ටොමියා වෙනවා, වෙලාවකට මුගටියා වෙනවා, තව වෙලාවක නිකන්ම ඇනෝ එනවා. අපිට හිතෙනවා හම්මේ මහ ගොඩක් කස්ටිය කියලා. බැලින්නම් මේ සේරම කරන්නේ එකෙක්. [වැඩිම වුනොත් දෙන්නෙක් ඇති].

      අපි නොදන්න තැනරමොන්න..!

      Delete
    14. බ්ලොග් අවකාශය ඇනොනිමස් ත්‍රස්ත වාදයෙන් බේරා ගැනුමට සරම කැහැපොට ගසා රොකට් ලෝන්චරය පිටෙගසා තඩි මැෂින් තුවක්කුවෙන් හතර අතේ නෙලන (ඇත්තටම රෙන ) රැම්බෝ තුමණි, තරහ අවසර,

      එතකොට චර්මි සෑම් කියන්නේ අනොනිමස්ද ප්රෝෆයිල්ද ? ඔයාට එයා ගැනත් තියෙන්නේ අපුලක්ද? එයත් වෙස්මුණක් දාගෙන කෙහෙල් පඳුරක් අස්සේ හැංගිලා ඉන්න කොන්දක් පණ නැති ඩයල් එකක්ද?

      P.S හුදීජන පහන් සංවේගය උදෙසා. මාලන් අදින්න හදන රැම්බෝ
      http://borninthenet.com/caricatura-de-rambo/

      Delete
    15. http://blog.sudaraka.com/2011/06/27/wtf-are-you-doing-bloggers/ මෙන්න මේ ලින්ක් එකට අයිති පෝස්ට් එක සම්බන්ධව ඒ කාලේ හිටපු මාලන් සමරවික්‍රම කියලා බ්ලොග්කරුවෙක් එකතු කරපු අදහස් බලාගන්න පුළුවනි.. මෙතන බ්ලොග් අවකාශය බේරගන්න කතා කරන මාලනුත් ඒ මාලනුත් එක්කෙනාමද.. එහෙම නැත්නම් මේ මාලන් හැර තවත් මාලන්ලත් සිටීද…

      Delete
    16. ""මෙතන බ්ලොග් අවකාශය බේරගන්න කතා කරන මාලනුත් ඒ මාලනුත් එක්කෙනාමද.. එහෙම නැත්නම් මේ මාලන් හැර තවත් මාලන්ලත් සිටීද… ""

      ඔව් ඒ මාලනුයි මේ මාලනුයි දෙන්නම එක්කෙනෙක්. ඇයි මොකක්ද්ද ප්‍රශ්නේ..?

      මම කලින්ම කිව්වා මේ කොන්ද පණ නැති ඇනෝලා එක්ක වලියට සෙට් වෙනකොටම මටත් දිගට හරහට කන්න වෙනවා කියලා. ඒකට ලෑස්තියි..!

      අතීතය හාරලා හාරලා ඔච්චරද ගොඩ ගන්න ලැබුනේ. මම හිතුවේ ඔයිට වඩා ටිකක් දැනෙන්න රිප්ලයි එකක් දෙයි කියලා. :D

      මගේ ප්‍රොෆ්යිල් එක අවුරුදු ගාණකට ට්‍රේස් බැක් කරලා ඇනෝ කෙනෙක් එකේ ඕතෙන්ටිසිටි එක ප්‍රශ්න කරනවා. Oh the irony :D

      මහත්තයා එදත් අපි හිටියේ එක ප්‍රොෆයිල් එකකින් අදත් ඉන්නේ එම ප්‍රොෆයිල් එකෙන්ම තමයි. ඕන ඕන විදිහට ඕන ඕන තැන් වල ඕන ඕන විදිහට අපි පෙනී ඉදලා නෑ. එකම ප්‍රොෆ්යිල් එකකින් හිටපු නිසා අපිව ට්‍රේස් බැක් කරන එක ලේසීයි. තේරුණාද නමකින් පෙනී සිටිමත් එක්ක එන වගකීම..? මීට අවුරුදු 10කට කලින් අහවල් ෆොරම් එකේ අහවල් දේ කිව්වා කියලා ඇදලා අරගන්න පුළුවන්. අපි ඒ ප්‍රකාශයට අවුරුදු 10ක් පස්සේ වුනත් වගකියන්න ඕන. නැතුව උඹලා වගේ අද මෙතන එකක් හෙට තව තැනක තව දෙයක් කියන්න බෑ.

      මිත්‍රයා දැන් ඔබතුමා උපුටා දක්වලා තියෙන දේයි මේකෙයි තියෙන සම්බන්ධය මටනම් පේන්නේ නෑ. ඕතන සුදාරක කතා කරන්නේ බ්ලොග්ස් වල අන්තරගතයේ සිදු වෙලා තියෙන කඩා වැටීම ගැන. මෙතන මම පෙනී හිටින්නේ ඇනෝනිමස් ත්‍රස්තවාදය ගැන. එකක් ස්වභාවිකව සිදුවන කඩා වැටීමක්, අනික බලහත්කාරයක්. මේ පෙනී ඉන්නේ ඒ බලහත්කාරයට විරුද්ධව.

      දෙක දෙකක් නේද..?

      වරුණ:
      දැක්ක කල්, කොහෙද මචන් ගිහින් හිටියේ..?

      Delete
    17. ඉන්නවා මචං.. ආහ්.. මාලන් මම තමයි ඔය උපුටනය දාපු ඇනෝ.. :) මචං මම ඒ දවස්වල ඉඳන් පිළිගත්තු දෙයක් තමයි හැම එකාටම තමන්ගෙ මතය කියන්න ඉඩ දෙන්න ඕන කියන එක.. කුණුහරප නොකියනවනම්, පෞද්ගලික කුනු අවුස්සන්නෙ නැත්තන් ඒකට ඇනෝ එනවද සුඩෝ එනවද කියලා බලන්න ඕනකමක් නෑ කියලා මම විශ්වාස කරනවා.. උඹ ඒ දවස්වල කරපු කියපු දේවල් හැම එකක්ම මට මතකයි.. සිරිදාසගෙ සරමට කට්ටිය පැල් බැඳගෙන හූ කියද්දි උඹ මනුස්සයා වෙනුවෙන් පෙනී හිටපු දේවල්, ඇනෝ විරෝධය නැගල යද්දි උඹ ඇනෝ අයිතියට කතා කරපු එව්වා හැම එකක්ම මතකයි.. එහෙම තියෙද්දි උඹව අමුතුවෙන් ට්‍රේස් කරන්න දෙයක් නෑ.. මට මතකයි උඹ ඔය සුදාරකගෙ පෝස්ට් එකේදි උඹ කියනවා බ්ලොග් අවකාශය රැකගන්න පොලිස්කාරයෝ ඕන නෑ වගෙ කතාවක්.. මේක එහෙම රැකගන්න ඕන ලබ්බක් නෙවෙයි කියලා උඹත් දන්නවා මමත් දන්නවා.. එදා එහෙම කියපු එකා අද වෙන එකෙකුට රැස්පොට් දාද්දි මට කැතක් දැනුනා.. ඒ හින්දයි මම ඇනෝ ඇවිත් උඹට මතක් කරලා දුන්නේ අපි මේ වගෙ හිතපු කාලයකුත් තිබුනා කියලා.. උඹ කියන එක හරි.. එතනයි මෙතනයි සීන් දෙකක් තමයි තියෙන්නේ.. හැබැයි එහෙම කියලා වෙනත් මතයක් තියෙන එකෙකුට සත්තම් දාන එක තරම් නෑ නේද මචං.. අනිත් එක චාමි කවුද කියන එක උඹත් මමත් හොඳටම දන්නවා.. මනුස්සයාට ලියන්න ඕන නම් ලියනවා.. නැත්තන් නිකන් ඉන්නවා.. මොකා මොනවා කිව්වත් එයා ඒක අදාල කරගන්නෙ නෑනේ… ප.ලි. උඹ ඔය මාගල් වගෙ කමෙන්ට් කොටන වෙලේ නරකද සීසන් ටූ පටන් ගත්තොත්...

      Delete
    18. ""මාලන් මම තමයි ඔය උපුටනය දාපු ඇනෝ.. :)""

      මම දැන ගතිමි, මම සැක කළෙමි. :P හැහ් උඹද එතකොට තිත් ඇනෝ..?

      ""මචං මම ඒ දවස්වල ඉඳන් පිළිගත්තු දෙයක් තමයි හැම එකාටම තමන්ගෙ මතය කියන්න ඉඩ දෙන්න ඕන කියන එක.. කුණුහරප නොකියනවනම්, පෞද්ගලික කුනු අවුස්සන්නෙ නැත්තන් ඒකට ඇනෝ එනවද සුඩෝ එනවද කියලා බලන්න ඕනකමක් නෑ කියලා මම විශ්වාස කරනවා..""

      එකඟයි..! මමත් ඉන්නේ එතන.

      ඒත් අද මේ වෙන්නේ වෙන දෙයක්. අද උබ බ්ලොග් කියවනවනම් ඇනෝනිමස් කියන එක මහ කැත විදිහට භාවිතා වෙනවා. පහර දෙන්නේ පුද්ගලික මට්ටමෙන්. මේක "සයිබර් බුලීන්" තත්ත්වයක්. අපි මේකට විරුද්ධව අනිවාර්යෙන්ම පෙනී ඉන්න ඕන. නැතිනම් එහෙම සිංහල බ්ලොග් ලියන මිනිස්සු නැතිවෙලාම යාවී. මම මුල ඉදන්ම කිව්වේ මචන් චාමියට තාම වුනේ නෑ ඌටත් වෙන්න පුළුවන් කියන එක.

      ""එදා එහෙම කියපු එකා අද වෙන එකෙකුට රැස්පොට් දාද්දි මට කැතක් දැනුනා..""

      මචන් තව එකෙක්ට ගරු නොකරන එකෙක්ට මම ගරු කරන්නේත් නෑ. පිරියඩ්..! උඹ හොඳට බලපන් ඔය උඩින් ටොමියා කියලා කමෙන්ට් කරලා තියෙන පොර අනිත් අයට කතා කරලා තියෙන විදිහ. උගේ කමෙන්ට්ස් වල තියෙන්නේ "මම පොර උඹ ඔටුවා" වගේ තත්ත්වයක්. "පොර" කමෙන්ට්ස් දාගෙන ආපු නිසයි ඌට උගේ භාශාවෙන්ම මම කතාකළේ. "පොර" කමෙන්ට්ස් දාගෙන ආවොත් ඌ නෙමෙයි අරුණි ශපීරෝ වුනත් එකයි.

      ""අනිත් එක චාමි කවුද කියන එක උඹත් මමත් හොඳටම දන්නවා.. මනුස්සයාට ලියන්න ඕන නම් ලියනවා.. නැත්තන් නිකන් ඉන්නවා.. මොකා මොනවා කිව්වත් එයා ඒක අදාල කරගන්නෙ නෑනේ…""

      චාමියා දැනටත් ඉන්නේ බ්ලොග් අවකාශයට එන්නේ යලට මහට. ඌ මේක තියාගෙන යන්නේ තියාගෙන යායුතු නිසා.

      මම මේ ඇනෝනිමස් ත්‍රස්තවාදයට ගේම කොහෙන් හරි අදින්න හිටියේ. මට දැන් බ්ලොග් එකක් නැති නිසයි චාමිගේ බ්ලොග් එකේ ඒක ඇද්දේ. මේක නවත්වන්න පුළුවන් දෙයක් කරනවා මචන්. නැතිවෙන්න දෙයක් නෑ. මේන්ටේන් කරන්න ප්‍රතිරූප නෑ. තම්බන් කන්න හිටිස් නෑ.

      ""ප.ලි. උඹ ඔය මාගල් වගෙ කමෙන්ට් කොටන වෙලේ නරකද සීසන් ටූ පටන් ගත්තොත්...""

      දැන් අපිට ලියන්න දෙයක් නෑ මචන්. එකාම දේ හෝද හෝද මඩේ දානවා ඇරෙන්න :)

      Delete
    19. //හැහ් උඹද එතකොට තිත් ඇනෝ?//
      අඩේ විශ්වාස කරනවනම් විශ්වාස කරහන් ජීවිතේටම ඇනෝ කමෙන්ට් දාලා තියෙන්නේ තුනයි.. එකක් කතන්දරගෙ.. අනිත් දෙක මේ පෝස්ට් එක ඇතුලේ.. උඹ දන්නවා අනිත් එක මොකක්ද කියලා.. :P

      දැන් සිරාවටම බ්ලොග් කියනවා කියලා පන්නලා කියවන්නේ අමිලයගෙයි,මාතලන්ගෙයි, සඳරුවාගෙයි, චාමියගෙයි, කල්ට් එකයි විතරයි.. ඒ හින්දා බොග් ඔල වෙන සීන් ගැන එහෙමට අවබෝධයක් නෑ.. සොරි වෙන්න ඕන මචං අග මුල නොදැන මැදින් පැන්න එකට.. කතන්දරගෙ එකේ මං හිතුවේ ආතල් සීන් එකක් යන්නේ කියලා... සයිබර් බුලින් සීන් එකක් තියෙනවනම් ඒකට ප්‍රතිකර්මයක් තියෙන්නම ඕන.. ආයෙත් සොරි වෙයන් වැරදි වැටහීමට..

      ඒක නෙවෙයි අරුණි ශපීරෝ කියන්නේ කව්ද බන්.. ;)

      Delete
    20. "ඕන ඕන විදිහට ඕන ඕන තැන් වල ඕන ඕන විදිහට අපි පෙනී ඉදලා නෑ. එකම ප්‍රොෆ්යිල් එකකින් හිටපු නිසා අපිව ට්‍රේස් බැක් කරන එක ලේසීයි.

      ම.සමරවික්‍රම රැම්බෝ තුමාගේ ප්‍රොෆයිල් එක ට්‍රේස් බැක්කරනා පාඨකයින් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග;

      1. 'මාලන් ගිය මග' නමින් Review article එකක් ලියා එය සිරිකත පුවත් පත ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම.

      2.'ටෝමියා දුටු මාලන්: අපේ කාලේ රැම්බෝ' නමින් පොතක් ලියා, ඒහි පෙරවදන ලිවීමට දීප්තිට ආරාධනා කිරීම

      3.'එන්ටද රැම්බෝ පාර්ට් 1, රැම්බෝ ගෙම්බෝ අල්ලයි' නමින් චිත්‍රපටියක් කිරීම

      4. 'අනෝ කොමෙන්ට් මලපහ කිරීම උත්තේජනය කරයි; සමරවික්‍රම ඇසුරෙන් කල කෙස්ස්ටඩියක්' නමින් පරීක්ෂණ පත්ත්‍රීකවක් විදුසරට ලිවිම.

      ම.සමරවික්‍රම රැම්බෝ තුමාගේ ප්‍රොෆයිල් එක ට්‍රේස් බැක් කර ඔබ කිරීමට යනදේ ගැනත් රැම්බෝ තුමාව දැනුවත් කරන්න.

      Delete
    21. @AnonymousFebruary 19, 2014 at 10:22 AM

      :D පට්ට කෙමෙන්ට් එක.
      හැම ඇනෝම උබ වගේනම් බ්ලොග් අවකාශය කෙතරම් සුන්දර වේද..?

      Delete
    22. ආ...සංවාදේ ඉවර වෙලා නේද? ඒත් මේ නොදන්න කමටයි අහන්නේ....සිරා පොරක්ද නැද්ද කියලා මනින්නේ හිට් කවුන්ටරෙන්ද? එක්සත් ජාතීන්ගේ මිනුම් ඒකකයක්ද?

      Delete
  20. මම නං ‍මේක දකින්‍‍නෙ අර අමාරු‍වෙන් ඇඹුල් කන එකා දිහා බලා‍ගෙන ‍කෙල ගිලින සීන් එක ව‍ගේ එකක්. ඒ ජීවිතේ ඇති සැපයක් නෑ. නමුත් අපිට එ‍හෙම ‍පේනව. උඹ අර කලින් ලිව්ව ඉබ්බත් ඔය ජාති‍යෙ තමයි.

    ReplyDelete
  21. 1. ටොමියට - //මෙතන පැහැදිලිවම ප්‍රශ්ණයක් තියෙනවා. අපි හාල්පාරුවො, උන් ප්‍රබුද්ධ රචකයො. ඒක නෙව චාමි උනත් තෝරාගත් කොටසකට විතරක් උත්තර දෙන්නෙ. //
    මේ කතාව වැරදියි බං. මේ බ්ලොගේ හුඟක් පෝස්ට් බලපං. මැදිහත්විය යුතුම දේකට හැර වෙන ඒවට මම උත්තර දීලා නැහැ. හැම කමෙන්ට් එකකටම උත්තර දෙන එක වාතයක්. ඒකෙන් වෙන්නේ කමෙන්ට් ගොඩ දෙගුණ වෙන එක. කමෙන්ට් කියවන එකාට එපා වෙනවා.

    2. //දැන් චාර්මි අහිකුණ්ඨකයින් කියන්නේ තෙළඟු ජාතිකයින්ට කියලා පට්ටපල් බොරු කියන කොටවත් ඒක ප්‍රශ්න කරන්න කෙනෙක් නෑ.//
    මම ඔය ගැන නිශ්චිතව දන්නෙ නැහැ. ඔය තොරතුර මුලින්ම සඳහන් කරන විටදිම මම ඒක කිව්වා.

    3. //Anonymous- මෙහෙම ලියන්න වීම ගැන කණගාටුයි. චාමි හොඳ නිර්මාණ ශක්තියක් ඇති ලේඛකයෙක්. ඒත් ඔය මාලන් හුළං ගහලා ගහලා පුම්බලා තියෙන තරමට මාර සිරා පොරක් නම් නෙවෙයි. චාමිටම ලජ්ජා හිතෙන්නෙ ඉඩ තියෙන නිසා වැඩිදුර ලියන්නෙ නෑ. ඒත් ඔය දකුණු අත පැත්තෙ හිට් කවුන්ටරේත් පොඩ්ඩක් බැලුවොත් චාමිගේ ජනප්‍රියතාවය මැණ ගන්න පුළුවන් අනෙක් බ්ලොග්කරුවන් අතරේ.//
    මම මාර සිරා පොරක් නෙමෙයි. (ඒක කියන්න වෙන්නෙත් මටමයි). මාර සිරා පොරක් වෙන හැටි සාමාන්‍යයෙන් කවුරුත් දන්නවනේ. ඒවා කරනව තියා මාසෙකට එක පෝස්ට් එකක්වත් මේකට දාගන්නෙත් අමාරුවෙන්. ඒ කරන්නෙත් මේ බ්ලොග් එක තව අවුරුදු දෙකකට තියාගන්න අවශ්‍ය නිසා.
    මේ පෝස්ට් එකට මේ වෙනකොට විසිට් 616 ක් තියෙනවා. මම ආපු ගිය ඒවා, කමෙන්ට් දමද්දි රිෆ්‍රෙෂ් වෙච්චා, කමෙන්ට් බලන්න ආපුවා හෙම අතෑරපුවාම තුන් හාරසීයක් මේක කියවන්න ඇති. ඒ හොඳටම ඇති. අවංකවම. :)

    ReplyDelete
    Replies
    1. @charmi

      Fair enough. පැහැදිලි කිරීම ගැන ස්තූතියි. උඹල ලියන හින්දා තමා අපි බලන්නෙ. පොඩි පොඩි මත ගැ‍ටුම් තිබුණාට , එකෙක්ගෙ දෙන්නෙක්ගෙ පස්ස හැපුවාට, උඹට අවුලක් නෑ නේද? :)

      ලිපියටත්, සාකච්චාවට මැදහත් ලෙස ඉඩදීම ගැනත් ස්තූතියි.පුළුවන් වෙලාවට ලියපං. මේ පොඩ්ඩක් මුට්ටිය දාලා බැලුවෙ, ආයෙ එඤ්ඤං :)

      - ටොමිය-

      Delete
    2. මේ බ්ලොග් එකේ ලියන දේවල් කියෙව්වම මට නම් චාර්මි මාර සිරා පොරක්. සිරාවටම.

      (ඇනෝ ආවට vandal ඇනෝ කෙනෙක් නෙවෙමි)

      Delete
  22. තෙළිඟු කියන්නේ දෙමළ අයටද?

    ඇයි මචන් මාත් දැන් ඔය ගොඩට වැටෙන්න පුදුම කට්ටක් කෑවා. ඒත් අන්තිමට එක එකා ඇවිත් ඔයා එහෙම වෙනන් ඕනේ කෙනෙක් නෙමෙයි කියලා බෙල්ලෙන් අල්ලලා මාව ගෙනත් බස්සනවනේ සාමාන්‍ය ලෝකෙට. ඔය වගේ හිපි වෙන්නත් වාසනාවක් (අවාසනාවක්) තියෙන්නත් ඕනේ ඇති.
    ගම්වල සාත්තර කියන මිනිස්සු ඉන්නවද? මම හිතුවේ ඒ අය ඉන්නේ ලංකාවේ බීච් එකේ විතරමයි කියලා. කොහෙද ඉතින් මම බීච් එකේ විතරක් ඉන්න හින්දා එහෙම දැක්කද දන්නෙත් නෑ නේ. ;)

    ReplyDelete
  23. //මිස්ටේක් එකකින් අප්සෙට් ආත්ම භවයකට ගිහින් ඉන්නවනම්, හොඳ භවයකට ට්‍රාන්සර් කර ගැනීමේ සීරියස් ආගමික වතාවත් නෑ. //

    ඉතිං ඒ උන් අහිකුණ්ඩික හින්දනෙ බං. මොකද පරණ එකවුන්ට් ඕපන් කරල ගාන වැඩි කරන් සෙවන්ත් හෙවන් එකට ගිහින් කොහෙ ඔච්චර කල් එක තැන ඉන්නද?

    ReplyDelete
  24. මාලන්,
    අඹගහ යට කමෙන්ට් වහල මොකද? අහන්න තැනක් නැති නිසයි ඇහැව්වෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාර කියන එක බ්ලොග් එකකට ගොඩක් වැදගත් මචන්. ඒත් ප්‍රතිචාර වලට වඩා බ්ලොග්ස් ලියන මිනිස්සු වැදගත්. සරලවම කිව්වොත් මෙතන තියෙන්නේ කිකිළි බිත්තරේ වගේ සම්බන්ධයක් නෙමෙයි. බ්ලොග් ලියන්නන් නිසයි ප්‍රතිචාර පවතින්නේ.

      කමෙන්ට්ස් නැතුවත් බ්ලොග්ස් වලට පවතින්න පුළුවන්.

      මරුවා අපි දන්න කාලේ ඉදලම කමෙන්ට්ස් වහලා, ඒත් අදටත් ඌ ලියනවා. අපි හැමෝම කමෙන්ට්ස් වැහුවොත් ඇනෝලගේ ඔය පොර ටෝක්ස් ඉබේම නැති වෙලා යනවා.

      Delete
    2. කරදරයක් නැත්නම් මෙතන උඹ දකින "සුවිශේෂී" ඇනෝ හැසිරීම මොකක්ද කියල පැහැදිලි කරන්න පුළුවන්ද? මේ ලිපියේ තියන කමෙන්ට් කිහිප වරක් කියෙව්වත් මාලන් කියන ආකාරයේ අවුලක් මට පෙනුනෙ නෑ. (උඹ මට වැඩිය ඉදිරිය දකින කෙනෙක් බව ඇත්ත). චාමිගෙ මේ ලිපියෙ මට පේන්නෙම සාමාන්‍ය හාරල ප්‍රශ්න කිරීමක්/අදහස් දැක්වීමක් විතරයි.

      කමෙන්ට් කරුවන්ගේ ප්‍රතිචාර විවිධාකාරයි. සමහරු ටිකක් වැඩිපුර හාරනව. උදාහරණයක් විදියට විශ්ව රංගනාත් කියන කමෙන්ට්කරුව පොඩි දෙයක් පවා ප්‍රශ්න කරනව. ඒ එයාගෙ හැටි. මට පේන්නෙ උඹ වතුර කෝප්පෙ කිඹුල්ලු දකිනව වගේ.

      Delete
    3. ඇනෝ සහිත කමෙන්ට් වලට ඉඩ දීම සහ මැනවින් ඒවා හසුරවා ගැනීම = පරිපූර්ණ ප්‍රජාන්ත්‍රවාදය ( තාම ඉපදී නැති ගැහැණිය )

      ඇනෝ කමෙන්ට් වසා දමා පිට කහන කමෙන්ට්ස් වලට උඩ ගෙඩි දීම = සමාජවාදී ප්‍රජාතන්ත්‍රික ක්‍රමය ( සියළු ගැහණුන්ගේ පරම චේතනාව )

      කමෙන්ට් මුලුමනින්ම වාරණය = සමාජවාදය (ඒකාධිපතිවාදය - බිරිඳකගේ භූමිකාව )

      ඇනෝ කමෙන්ට් මගින් බ්ලොග් රචකයා සහ පාඨකයා අපහසුතාවයට පත් කිරීම = වල්බූරු මාධ්‍ය නිදහස ( චපල පෙම්වතිය )

      Delete
    4. එකඟයි රාජ්... එහෙම ප්‍රශ්න නැහැ කියනවා නෙමෙයි. ප්‍රශ්න ඇති වෙච්ච අවස්ථා අපි දැක්කා. මටත් මේ පෝස්ට් එකේ කොමෙන්ට් වල අවුලක් නෑ. නමුත් මාලන් කියන්නේ චාර්මිටත් වෙන්න පුළුවන් කියලා. එකත් ඉතිං එක පොසිබිලිටි එකක්, බ්ලොග් ලියන ඕනෑම කෙනෙකුට ඒක අදාලයි. දිලිනි අර ෆේක් ප්‍රොෆයිල් ගැනත් ලිව්වේ. ෆේක් ප්‍රොෆයිල් නම් අපි කෙලින්ම විරුද්ධ වෙන්න ඕනේ දෙයක්. ඒක අපිට රිපෝර්ට් කරන්න පුලුවන් දෙයක්. බ්ලොග් අවකාශෙ දැනට මම දකින ලොකුම ප්‍රශ්නය ෆේක් ප්‍රොෆයිල්. සෑහෙන හානියක් කරන්න පුළුවන්.

      ඇනෝ කොමෙන්ට් ගැන නම් මම දන්න එකම විසඳුම කොමෙන්ට් මොඩරේට් කිරීම. ඇනෝ වහන්නත් පුළුවන්. නමුත් ෆේල් ප්‍රොෆයිල් ප්‍රශ්නේ ආයෙත් එනවා, ඒ නිසා දෙකටම විසඳුම තමයි මොඩරේෂන්.

      අපේ බ්ලොග් ආරක්ෂා කරගන්නවා නම් ගතයුතු පියවර අපේ අතේ තියෙද්දි ඒ ගැන ඕනවට වඩා කතා කිරීම, ඒ 'ත්‍රස්තවාදීන්ට' උඩගෙඩි දීමක්. මොකද උන්ගේ ලොකුම බලාපොරොත්තුව අවධානයට ලක් වීම. මාලන් ගේ මේ එක්ස්ට්‍රීම් හැසිරීමට මට නම් හේතු පේන්නේ නෑ. තාම වෙලා නැති වෙන්න පුළුවන් දෙයක් නිසා ඌ ගතයුතු අවසාන විසඳුම වෙන කොමෙන්ට් වසා දැමීම කරල තියනවා.

      Delete
    5. රාජ්: මම දන්නේ නැහැ දැන් උඹ බ්ලොග්ස් කියවනවද කියලා. මමනම් කම්නෙට් නොකළට ඔය ප්‍රබුද්ධ පීචන් හැම එකක්ම කියවනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි, ඇනෝ කමෙන්ට්ස් වලින් ඉතා දරුණු විදිහට මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට පහර ගහනවා. සමහර මිනිස්සු හැසිරෙන්නේ හිත් පිත් නැති මුරුගයෝ වගේ. සමහර අය බ්ලොග් ලියන්නේ මචන් ඒ මිනිස්සුන්ගේ හිත්වල තියෙන පාළුව, දුක සංකාව නිවා ගන්න. ඒත් මානසික රෝගීන් සාහසික විදිහට පහර ගහන කොට හිත කිරී ගැහෙනවා. සමහර වෙලාවට ඇනෝ කමෙන්ට්ස් වල තිබුණ රසවත් කම නිසා මම වුනත් ඇනෝ කමෙන්ට්ස් අගය කරලා හිනා වෙලා තියෙනවා තියෙනවා. ඒත් ඒවා මේතරම් දුර දිග යයි කියලා මම හිතුවේ නෑ. අද ඒ දේ ගැන තියෙන්නේ පසු තැවීමක්.

      උදාහරණයක් විදිහට බලපන්, අර කතන්දරගේ බ්ලොග් එකට කමෙන්ට් කරන ඇනෝලා. කැපිටල් ඇනෝ කියයි, ෆ්‍රංශ ඇනෝ කියයි අර ඇනෝ කියයි මේ ඇනෝ කියයි. දැන් මොකක්ද ඔය ඇනෝලගෙන් තියෙන ප්‍රයෝජනය..? සහ ඒ අය නැති වුනා කියලා තියෙන පාඩුව..? සමහර වෙලාවට මම දැකලා තියෙන දෙයක් තමයි සමහර බ්ලොග් ලියන අය ඇනෝලව සුරතල් කරනවා, මොකද එතකොට තමයි ඒ අයගේ හිට්ස් මීටරේ කැරකෙන්නේ. අන්තිමට ඔය ඇනෝලා හුරතල් කරපු බ්ලොග්ස් ලියන කට්ටියට වුනේ අර කොටින්ව හුරතල් කරපු රජීවු ගාන්ධිට වුනදේ. වෙන බ්ලොග් එකක කමෙන්ට් එකක් දැම්මත් ඇනෝලා වට කරගෙන ගහනවා. මේ තත්ත්වෙට ඇනෝ ත්‍රස්තවාදය උඩු දුවන්න ඒ අයත් වගකියන්න ඕන.

      ඇනෝ කමෙන්ට්ස් කියන්නේ සිරා කන්සෙප්ට් එකක්. ඒත් ඒක ත්‍රස්තවාදයක් වෙන්න දෙන්න බෑ. අර ඉන්දික කියනවා වගේ එතන තියෙන්නේ වල් බූරු නිදහසක්.

      මම කියන්නේ නෑ හැමෝම කමෙන්ට්ස් වහන්න ඕන කියලා. මම පෙන්වන්න උත්සාහා කළේ කමෙන්ට්ස් නැතුව උනත් බ්ලොග්ස් වලට පවතින්න පුළුවන් කියලා. ඔය සමහර ඇනෝලා හිතන් ඉන්නවනේ උන් නිසයි බ්ලොග් දුවන්නේ කියලා, නෑ එහෙම නෑ, උන් නිසා නෙමෙයි බ්ලොග්ස් පවතින්නේ. මූලිකව බ්ලොග්ස් පවතින්නේ ඒක ලියන මිනිස්සු නිසා. ගොඩක් වෙලාවට හරියකට බ්ලොග්ස් කියවන්නෙත් ඔය බ්ලොග්ස් ලියන මිනිස්සුම තමයි.

      මට කවදාවත් ඇනෝ කමෙන්ට්ස් වලින් හානියක් වෙලා නෑ, මේ පෝස්ට් එකේ චාමිට එතරම් හානියක් වෙලත් නෑ. ඒත් මේ පෙනී සිටින්නේ එහෙම හානියක් වුන මිනිස්සු වෙනුවෙන්.

      ඉන්දික: ++++

      තිසර: කමෙන්ට් මොඩරේට් කිරීම එක විසඳුමක් තමයි. ඒත් කම්නෙට් මොඩරේට් කළහම පොලිටිකල් බ්ලොග්ස්ව්ල සංවාදයක් ගොඩ නඟන්න අමාරුයි නේද..? උදාහරණයක් විදිහට පැරාගේ බ්ලොග් එක ගනින්. සංවාද කරන්න වෙන්නේ කඩින් කඩ. හැබැයි ටැබූ වුනත් කමෙන්ට්ස් මොඩරේට් කරලා තමයි තිබුනේ. එහෙම බැළුවමනම් ඒක අවුලක් නෑ වගේ.

      සමහර ප්‍රොෆයිල් සම්පුර්ණයෙන්ම බ්ලොක් කරන්න පුළුවන් ක්‍රමයක් බ්ලොගර් වල තියෙනවද..? [ෆේශ් බුක් වල වගේ]. එහෙම වුනෝත් ඔය ෆේක් ප්‍රොෆයිල් ත්‍රස්තවාදයත් නැති කරලා දාන්න පුළුවන්.

      මේ දේවල් පිටි පස්සේ ඉන්නේ බොහොම සුළු පිරිසක් මචන්. මානසික රෝගීන් කිහිප දෙනෙක්. අවුල තියෙන්නේ වැඩේ නැගලා යනවා කියලා තේරුනහම හැම එකෙක්ම ඔයදේ කරන්න යොමු වෙන එක. සයිබර් බුලියින් කියන එක දඬුවම් ලැබිය හැකි වරදක් බව මේ අය දන්නේ නැති නිසයි මෙහෙම වෙන්නේ. මම දන්නේ නැ ලංකාවේ නීති කොහොමද කියලා, ඒත් දියුණු රටවලනම් නීති බොහොම තදයි. ඒක මේ බබාල තේරුම් ගන්නවනම් හොඳයි.

      Delete
  25. පෝස්ට් එක කියෙව්වා. කමෙන්ට් කියවන්න වෙලා නෑ.

    එක සීන් එකක් කියන්නම්. මතකනේ අර ළමා රෝග ස්පේෂලිස්ට් විනීතා රංජනී. එතුමිය කාලෙකට කලින් මුණ ගැහුනා.

    ඇහුවම ඔබතුමිය ඇයි මේ දුක් විදින්නේ කියලා...ඇස් දෙක නොපෙනෙන එක ඇරෙන්න..එයා බලාපොරොත්තු වුන, කැමති ජීවිතය තමා ඇය ගෙවන්නේ කියලා කිව්වා.

    සුඛෝපභෝගීතවය ඉස් අ ස්ටේට් ඔෆ් මයින්ඩ්.

    ReplyDelete
  26. "පෝස්ට් එක කියෙව්වා. කමෙන්ට් කියවන්න වෙලා නෑ"

    මව් භාෂාවෙන් තියෙන මේ කොමෙන්ට් ටික කියවන්න විනාඩි 5 වත් යනවද බන්. උඹ ඔච්චර හදිස්සියේ හදට යන්න රොකට් එකක් හදනවද?

    අද කොමෙන්ට් මෙලෝ රහක් නැ කිවුවනම් පිලිගන්නවත් තිබුන.
    මිනිස්සු පට්ට බිසී වෙලා නේද බන්!

    ReplyDelete