Monday, January 27, 2014

බුකියේ සිට ලියමි....!!



ෆේස් බුක් එකේ වල්මත්වුණු බ්ලොග්කරුවන් දෙදෙනෙකුට සහ බ්ලොග්කාරියකට පණිවිඩයක්  යනුවෙන් ‘කතන්දරකාරයා’ විසින් අප තිදෙනෙකුට එරෙහිව නගා ඇති චෝදනා වලට ලුණු ඇඹුල් සහිත විධිමත් පිළිතුරක් දිය යුතුය.

මා තෝරාගෙන ඇති ආකාරයට නම්, නිර්මාණකරණය සඳහා ඇති හොඳම අවකාශය බ්ලොගයයි. පෞද්ගලික තොරතුරු, ප්‍රවෘත්ති හෝ කාලීන සිදුවීම් හා ඒ ආශ්‍රිත අදහස් හුවමාරු කර ගැනීමට සුදුසුම අවකාශය බුකියයි. ඉතින් අපි බුකියේ ඉන්නේ දැන් ඉස්සර තරම් බ්ලොගේ දාන්න නිර්මාණ නැති නිසා බව වගකීමෙන් කියමි.

මේවා ආවාට ගියාට කියන කතා නොවේ. පැහැදිලි සාක්ෂි සහිතව කියන ඒවාය. මගේ නිර්මාණ යනු යම් උත්ප්‍රාසයක්ද සහිතව ගොතනු ලබන කතාන්දරය. ඒ කාලේ මේවා ඕසෙට ලිව්වෙමි. නමුත් පසුකාලීනව මට පෙනීගියේ එකල ලියූ කතන්දර සැබෑවටම සිදුවන්නට පටන් ගෙන ඇති බවය. එයින් දැඩි කලකිරීමකට පත්වීමි.

උදාහරණයකට මෙහෙම ගන්න. මම බ්ලොග් ලියන්න ගත්තු 2010 දී විතර මම මෙහෙම කතාවක් ගොතනවා.
“ඔන්න දවසක් කොළඹ ජාතික කෞතුකාගාරෙට බීඩි මිටියක් ඉණේ ගහගත්තු හොරෙක් රිංගනවා. මූ කෞතුකාගාරේ සීසීටිවී කැමරා ඕෆ් කරලා කඩු  වගයකුයි තව වටින බඩුයි අරගෙන පනිනවා. පස්සේ මූ කඩු වල තිබ්බ මැණික් ගල් ගලෝගෙන කඩු මිටි කුණූ ගොඩකට දානවා. ඊට මාසෙකට පස්සේ කුණූ ගොඩ අයින් කරන කෘෂිකාර්මික සනීපාරක්ෂක කම්කරුවො දෙන්නෙක් ඒ කඩු මිටි නගුල් තල හදන්න ගෙදර ගෙනියනවා........”
ඇත්තටම මම මෙහෙම කතාවක් ලිව්වේ නැහැ. ලිව්වනං 2010 දී හොඳටම හිට් වෙන නිර්මාණයක් වෙන්න තිබුණා. ඒත් 2012 දී ඔය සිද්දිය ඇත්තටම වුනාම මට වහකන්න නෙමෙයිද වෙන්නේ?

තමුන් ගොතන නිර්මාණයක් පස්සෙ කාලෙක නිවුස් එකක් වෙන එක සෙල්ලමක්ද? අද නිර්මාණකරුවා හෙට නිකම්ම නිකම් රිපෝටර් කෙනෙක් වෙලා. ඊටත් වඩා විනාසයක් මිනිහෙකුට වෙන්ඩ පුලුවන්ද?

ඔන්න මම 2011 දී විතර මෙහෙම ලිව්වනං?
“ඔන්න කුඩු කන්ටේනරයක් ලංකාවට හොරෙන් ගෙන්නනවා. ඒක රේගුවට මාට්ටු වෙලා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගෙනියනවා. එතනදි කුඩු කිලෝ එකසිය ගානක් අතුරුදහන් වුනාට පස්සේ රේගුවට ලියුමක් දුන්නය කියලා අගමැති කාර්යාලේ ගේට්ටුව ගාවදි හාමුදුරුවරු වගයක් පොලිසියෙන් ගුටිකනවා....”
ඇත්තටම මේක ඒ කාලේ නම් බොහෙම සාර්ථක අධියතාර්ථවාදී නිර්මාණයක් වෙන්න තිබුණා. (ඒකට එන කමෙන්ට්ස් මට මැවිලා පේනවා. -
Maxxxxa මචං../එළ...!/සුපිරි/තේරුණේ නෑ.../Superb/....)
ඒත් අද ඔහොම එකක් ලිව්වනං මොකද වෙන්නේ?

හරි... මෙහෙම කතාවක් ගන්න. එක්තරා රජකෙනෙක්ගෙ පුතෙක් ඉන්නවා. මේ පුතාගේ ආසාව හින්දා කෙල කෝටි ගානක් රටේ සල්ලි වියදම් කරලා සැටලයිට් එකක් අහසට යවනවා. අහසට ගියාට පස්සේ මේ සැටලයිට්ටෙකට වෙච්චි කෙරිච්චි දෙයක් කාටවත්ම හොයාගන්න බැරිවුනු හින්දා මේ පුතා එක්තරා විභාගයක් ලියනවා. මේකා ගොං අලයක් හින්දා විභාගේ පේල් වෙනවා. ඒ ගැන තදින් කෝප වුනු රජතුමා ප්‍රස්න පත්තරේ බලපු එකා දොට්ට දාලා විබාගේ ගෙදර ඉඳන් ලියන්න පුලුවන් එකක් බවට පත් කරනවා. ඊට පස්සේ අර ගොං පුතා ආපහු ගෙදර ඉඳන් විබාගේ ලියලා ලකුණූ සීයෙන් සීයම අරන් ලෝකෙන්ම පලවෙනියා වෙනවා.

දැන් මෙව්වා දිගට හරහට ලියලා බ්ලොගේ පුරවන්නෙ නැති හින්දා නේද කතන්දරකාරයා මේ මඩ ගහන්නේ? ඇයි මේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැත්තේ? අද ගොතන කතන්දරේ හෙට ඇත්තක් වෙන්නෙ නෑ කියලා කතන්දරකාරයට සහතිකයක් දෙන්ඩ පුලුවන්ද?

වැඩි ඈතක ඕන්නෑ. නිකමට හිතමු ඔන්න මම ගිය අවුරුද්දේ ‘සිස්ටම් එකේ විහිළු කතා’ කියලා විහිළු පෝස්ට් එකක් ලියනවා. ඒකෙ එක විහිළුවක් තමයි ‘ජින්ජර් වයිට් චන්දෙ ඉල්ලයි’. කට්ටිය ‘හිනා වෙලා බඩ කොරවුනා’ කියලා හෙම කමෙන්ට් කරයි. ඉතිං යකෝ ඒක අද ඇත්තක් වෙලානේ? මාස කීයද ගියේ? ඇයි මේවා තේරුම් ගන්නැත්තේ?

වැඩියෙ ඕන්නෑ. මම අද මෙහෙම එකක් ලිව්වොත්....?
“ලංකාවේ ජීවත්වෙන සියළුම ජනතාව තමුන්ගේ ඇඟිළි සළකුණු 10 ම රජයට ලබාදිය යුතු බවට නියෝගයක් පණවා ඇත.”
ඉතිං ඕක ලස්සන කතන්දරයක් තමයි. ඒ වුනාට අන්න වෙළඳපොලේ රුපියල් පන්දාස් අටසිය ගානක් වෙන ඇඟිලි සළකුණූ ගන්න පාවිච්චි කරන තින්ත පෑඩ් විසිදාහක් විතර මේ මොහොතේ ඇමෙරිකාවෙන් ඇත්තටම ගෙන්නමින් පවතිනවා. ඉදිරි අවුරුදු පහ  තුල ලංකාවේ ඉන්න අවුරුදු පහලොවට වැඩි හැම එකාටම කැමති වුනත් නැතත් තමුන්ගේ ඇඟිලි සළකුණු 10 ම අනිවාර්යෙන් දෙන්න වෙනවා. එතකොට අර කතන්දරේට මොකද වෙන්නේ?

මෙව්වා අපි තේරුම් ගන්න ඕනේ. කතන්දර සහ නිවුස් කියන්නේ දෙකක්. මහ ලොකුවට කතන්දර හදලා ඒවා බ්ලොගේ දාලා නිකං පජාත වෙනවට වඩා හොඳ නැද්ද, නිවුසුයි, අනාගතේ නිවුස් වීමට නියමිත කතන්දරයි ඔය සේරම නිවුස් දාන්න තියෙන බුකියෙම දාලා දාන එක?

අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ ‘නිර්මාණ නිවුස් වීමේ’ අභාග්‍යසම්පන්න තත්වය නිසා සයිබරයෙන් සදහටම සමුගත්තු ටැබූ, කොලූ, ඇටමැස්සා, පිස්සා, පුලා, බහිරාමු, මාලන්, ආනන්දවර්ධන, වගේ නිර්මාණකරුවන් අතර අපි තුන්දෙනා බුකියේ හරි මෙහෙමවත් ඉන්න එක ගැන ඔයාල සතුටුවෙන්නලා.
---------------------------
ප/ලි -
‘පෙරමුණේ රාලගේ අටුවාව’ නැති බ්ලොග් අවකාසේ පරිප්පු නැති හෝටලයක් වගේ බං. අන්න ඒකට බුකිය.... රංග මස්සිනා දෙන ආතල් දාලා කෝම ආපහු එන්නද?


27 comments:

  1. Nice to see you back.

    Following comment not entirely unrelated to this post, seen in W3Lanka. Thought interesting enough to highlight-
    " මහින්දගේ පාලනයෙයි පාතාලයයි අතරේ තියෙන සම්භන්දය බොහොම අවතක්සේරු වෙච්ච කාරනාවක්. ඇත්තටම අද මර්වින්ලා වැජඹෙන්නේ මහින්දගේ තියෙන 'කළගුණ සැලකීමේ' ගුණයක් නිසා නෙවෙයි, මර්වින්ලා අතේ මහින්ද හීලෑ කරන 'යන්තර' බැඳගෙන ඉන්න නිසා. ඒවා තිබුනේ නැත්නම්, අද මර්වින්ටත් ස්රීපතිලට, භාරතලට වගේම කාලගුණ සැලකීමක් හම්බවෙලා තියෙන්න තිබුන.

    සම්පත් චන්ද්‍රපුෂ්පත් ඒ 'විශේෂ පාතාලයේ' සුදු හැඳගත් අංශයේ සාමාජිකයෙක් නිසා, හිරගෙවල් වල වැටිලා දුක් විඳින්න වෙන්නේ නැතිබව විශ්වාසයි. ටික කාලයකට ඇතුලේ හිටියත් ඒක හෝටලේක හිටිය වගේ වෙන්න වැඩ සැලස්සෙයි. ප්‍රභාකරන්ටවත් බයනුවුනු මහින්ද, අගවිනිසුරුලා, හමුදාපතිලා, පොලිස්පතිලා, 'සමහර' මැති ඇමතිවරු , බැංකු සභාපතිවරු, රේගු ලොක්කෝ වචනෙක වැරැද්දට උල හිඳුවන මහිද, ඇයි මේ විශේෂ පාතාලයට මේ තරම් ආදරේ/බය?

    පුළුවන් අය පහළ ලින්ක් එකේ තියෙන පින්තුරේ බලල එකේ ඉන්න දෙන්නගේ ඉරියව් අධ්‍යනය කරන්න. රැවුල නැති එක්කෙනා (රහස් ගොඩකුත් තමා සමගම රැගෙන මියගිය) චන්ඩි මල්ලිගේ එක පුතෙක්. බීමත්ව රංචු පිටින් ගොස්, පොලිස් නිලධාරීන්ට, රජයේ සේවකයන්ට පහරදීම සඳහා කුප්‍රසිද්ධ වූ කෙනෙක්. එයා ඉදිරියේ ඉන්න කෙනාගේ body language කියවන්න. දෙන්නගෙම මුහුණේ ඉරියව් නිරීක්ෂණය කරන්න. දැන් කියන්න කව්ද මෙතන ලොක්ක?

    http://www.lankaenews.com/Sinhala/news.php?id=24053 "

    ReplyDelete
  2. මෙන්න අයියලා රෑ දවාලේ හිරුනිකා නංගිට වැඩ කරන. හිරු නංගිට නෙමෙයි අපිටත් සතුටුයි මේව දැක්කම.
    ඔය පෝස්ටරේම පිටිපස්සෙන් ඉඳන් සැලුයිට් කරන දුමියාටත් පොඩ්ඩක් හරි සපෝට් එකක් දීපන්. මෙදා පාර නංගිලා ඔක්කොටම වගේ ටිකට් දීලා තියෙන්නේ දුමීයා කියලා දැක්කා.

    ReplyDelete
  3. බයික් වල ලයිට් දාන්න කියල නියෝග කරල, නාමල් අයියා පිටරටින් බල්බ් ගෙන්නුවොත් ඒක ඇත්තක් වෙයිද??

    පලි - ලියන ඒවා ඇත්ත වෙන එක ගැන සතුටු වෙයන්. එතකොට උබත් ආතර් සී ක්ලාක් වගේ වෙයි.. :)

    ReplyDelete
  4. විකාරයි මේ අදහස් නං..

    ReplyDelete
  5. ඇත්තටම භයානක කේස් එකක් තමයි බං.
    (උඹ ලිව්ව හිරුනිකා නංගිට ජනාධිපති මාම මුනගැහුන බුකි කතන්දරේ හෙව්වත් හමුවුනේ නෑ)

    ReplyDelete
    Replies
    1. :)
      https://www.facebook.com/charmi.sam/posts/667081206684348?stream_ref=10

      Delete
  6. වෙඩිමක් කතා කරනවා... වයඹට සිරි එක්ක සිරි නරඹන්න ගිහිං ආපහු එන්න හැටියක් නැහැ කියලයි දන්න කියන ඇත්තෝ කියන්නේ.. හා හා මං ගියා... (හරිනං මෙව්වා දාන්න ඕන ඇනෝ ඇවිල්ලා.. :D )

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස ජනාධිපති කාලෙත් ඔයා වගේම බත් බැළයෝ රැළක්ම හිටියා මාරයියේ. උන් හිතාගෙන හිටියේ උන්ගේ ලොක්කා තමයි සක්වළටම ලොක්කා, එයා හැමදාම ඉන්නවා කියලා. ප්‍රේමදාස සෙත්ත පෝච්චි වුණා විතරයි එදා ඉඳලා මේ රැළ හොයා ගන්නත් බැරිවුණා. ඕවා ඉතින් මතක තියා ගන්න එක හොඳයි මාරයියේ.

      Delete
    2. මල්ලි/නංගි (අපහාසයකට නොව ඇත්තටම නොදන්නා නිසා ) හරි... බත් බැළයෝ ඔය කාටත් හිටියා ඉන්නවා.. හැබැයි ඒ අතරින් ඇතමුන් හැමදාමත් ජාම බේරගන්න තැනුත් තියෙනවා. දැන් බලන්නකෝ ඔය හඩ්සන් ගොයියා එහෙම.. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා නේද..?

      හැබැයි ඉතිං බත් බැළයෙක් වෙනවා කියන එක ලේසි නැහැ.. බැලයෙක් එහෙම නැත්තං දාසයෙක් වෙන්නනං ඒ ඒ අයගෙන් බත් ලබන්න.. ඒ කිව්වේ වැටුපක් දීමනාවක් මොනවා හරි වාසියක් තියෙන්නත් එපෑ... කරුමෙට වගේ හඩ්සන්ලට වගේ තාම මට ගෙවන එකෙක් හොයා ගන්න උනේ නැහැ නෙව... :D

      හරි හරි ඒ කතාවත් පැත්තකින් තියමු... මල්ලිට හරි නංගිට හරි ආසනං මාව බත් බැළයෙක් කරන්න... කරගන්න.. ඒකට මගේ හිතේ අමනාපයක් නැහැ...

      හැබැයි මංනං දැන් කට්ටිය ප්‍රේමදාස අමරණීයයි... යූ ඇන් පීය සදාකාලික බලයේ උරුමක්කාරයායි කියලා හිතං හිටියා වගේ නෙවෙයි මහින්දගෙන් පස්සේ මොකද වෙන්න ඕන කියන එක ගැන හිත හිත ඉන්න මනුස්සයෙක්... වෙලාවේ සුදුසුම කෙනා හැටියට මහින්ද ආවා.. දැන් එතැනින් එහාට යන්න ඕන.. හැබැයි ඒ ආයෙමත් 80-90 දශක වල හොල්මන් අතට බලය දෙන්න නෙවෙයි... ඒ හොල්මං දත් විලිස්සං බලං ඉන්නකල් මහින්ද ආරස්සා කරගෙන ඉන්න එක වෙනම කතාවක්.. ඒත් එතැනින් එහාට මොකක්ද වෙන්න ඕන කියලා පොඩි මිනිස්සු හිතන්නේ කොහොමද කියන තැන ගැන කල්පනා කර කර තමා මේ දවස්වල මාත් ඉන්නේ.. ඔහොම ඉන්නකෝ...

      (බොහෝම සාමකාමීව කතා කරලා තිබුන හින්දමයි මේ ටික කියලා යන්න ආවෙත් ඕං.. නැත්තං මේ වගේ ඒවෑ කොමෙන්ට් එකක් දාලා එයින් පස්සේ කට්ටිය බයින එක දිහා බලලා ආතල් ගන්න එක තමා මගේ සිස්ටොං එක.. යන්නං ඈ.. :D )

      Delete
    3. ඔයා ඔය කරන්නේ හරිම ළාමක ටිං ටිං කියමනක් නේද මාරයියේ? ඔයාට මේ රෙජීමය නිසා ප්‍රතිලාභ අත් වන්නේම නැද්ද හැබෑට? පුළුල් ලෙස ගත්තාම ඔයාගේ පැවැත්ම තීරණය කරන සාධක තියෙන්නේ මේ රෙජීමය තුළ නෙවෙයිද? උදාහරණයක් හැටියට ඔයා වගේ ජ්‍යෝතිෂ මිථ්‍යා මත විකුණලා යැපෙන පුද්ගලයකුට අවශ්‍ය ඒ වගේම අන්ධ විශ්වාස මත යැපෙන රාජ්‍ය නායකයෙක් නෙවෙයිද? ඒ මිථ්‍යාවන් දණින් උඩට නොගන්නා කෙනෙකු බලයට පත්වීම ඔයාගේ ජීවන පැවැත්මට ඍජුව තර්ජනයක්. ඒ එක්කම ඔයාම පැහැදිළිව කියලා තියෙනවා ඔයා එජාපය බලයට එන එකට විරුද්ධ ගමේ සිවිල් පොරවල් බිහි වෙන එකට විරුද්ධ නිසා කියලා. ඒ කියන්නේ ඔයාගේ දැනට යන්තම් හරි තියෙන ග්‍රාමීය සිවිල් ප්‍රතිරූපය බිඳ වැටෙනවාට ඔයා බයයි. ඔයාට ඉංග්‍රීසි බැහැ කියලා ලොකු හීන මානයක් තියෙන බව ප්‍රසිද්ධ රහසක්. ඉතින් ඔයා ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් රාජ්‍ය පාලනයට පත්වෙනවාට වඩා වචන ගැට ගගහා ඉංග්‍රීසි කතා කරන මහින්ද රාජපක්ෂ බලයේ ඉන්න එකට කැමැතියි. ඉතින් ඔයා රාජපක්ෂ රෙජීමයට කැමැති මොක්ද කියලා තව දීර්ඝ ලෙස පැහැදිලි කරන්න ඕනැ නැහැ. ඡන්ද දායකයෙක් හැටියට ඔයාට පූර්ණ නිදහස තියෙනවා තමන් කැමැති පුද්ගලයකු වෙනුවෙන් වැඩ කරන්න. කැමැති කෙනකුට ඡන්දය දෙන්න. එනිසා යම් හෝ අවංක කමක් ඇති නම් ඔයා මේ රෙජීමයේ බත් බැළයකු බව පිළි ගන්න.

      Delete
    4. http://img.dinamalar.com/data/images_news/tblgeneralnews_38603937626.jpg

      ඔය ඉතිං නංගි/මල්ලි කිව්වට අහන්නෙම නැහැනේ.. මං කලින්ම කිව්වනේ.. //මල්ලිට හරි නංගිට හරි ආසනං මාව බත් බැළයෙක් කරන්න... කරගන්න.. ඒකට මගේ හිතේ අමනාපයක් නැහැ...// කියලා...

      ඒත් මං තව එකක් ඔයාට පෙන්නලා යන්නංකෝ මගේ පැවැත්ම මගේ රැකියාව මතත්.. රැකියාව මේ රජය මතත් පවතිනවා කියලම හිතනවනං.... :D

      http://img.dinamalar.com/data/images_news/tblgeneralnews_38603937626.jpg
      (මං හිතන්නේ මෙතැනින් දෙන්නක් කවුද කියලවත් හදුන ගන්න පුළුවන් වෙයි )

      ඔයා හිතනවද නංගියේ/මල්ලියේ... මගේ වෘත්තීයට මහින්දගෙන් හෝ රනිල්ගෙන් කියලා අමුතු බෙදිල්ලක් ලැබේය කියලා... :D පිස්සුනේ රත්තරනේ... ඔය කවුරු ආවත් මගේ වෘත්තීයට ඇති අමුතු බලපෑමක් නැහැ.. ඔන්න මං සුමනදාස අබේගුණවර්ධනගේ පෝස්ට් එකේ හිටියනං මට කෙලවෙනවා දෙකක් නැහැ... හැබැයි මං මහින්දගෙවත් රනිල්ගෙවත් කේන්දර බලන එකෙක් නෙවෙයිනේ... මගේ පාරිභෝගිකයෝ ඉන්නේ මේ ඔයාලා අපි අතරේම තමා.. ඒ හින්දා ඒකට කෙලවෙන්නනං ලෝක විනාසේම තමා වෙන්න ඕන.. :D

      // ඒ එක්කම ඔයාම පැහැදිළිව කියලා තියෙනවා ඔයා එජාපය බලයට එන එකට විරුද්ධ ගමේ සිවිල් පොරවල් බිහි වෙන එකට විරුද්ධ නිසා කියලා.//

      කොතැනද දෙයියනේ එහෙම කිව්වේ.. ඔයා මේ සිවිල් පොරවල් කියන්නේ යූ ඇන් පී මැරයොන්ටද.. අනෙ අප්පේ උන්ට කියන්නේ සිවිල් පොරවල්නං මං පට්ට බයයි තමා උන් බිහි වෙනවට.. හැබැයි ඒ ඉංගිරිසි අවුලක් හින්දනං නෙවෙයි මර බයට.. උන් හරි බයානකයි මල්ලියේ/නංගියේ.. ඔයාට උන්ගේ වග කොහොමද කියලා නිකං හරි හිතාගන්න ඕනනං කුරුඳු පොළු කියලාවත් නිකමට සර්ච් කරලා බලන්නකෝ.. :D

      මට දැනට යන්තම් හරි ග්‍රාමීය සිවිල් මොකක්ද එකක් තියෙනවද දෙයියනේ.. සංතෝෂයි.. ඒ වගේම ස්තූතියි ඈ...
      මානය කියන එකනං අපි කොයි කාටත් අඩු වැඩි වශයෙන් තියෙනවා නෙව.. ඕක බුදු හාමුදුරුවොත් පැහැදිලිවම දේශනා කරලා තියෙනවනේ ඉතිං ඒක නැහැයි කියනවනං මං මෙලාට මාර්ගඵල ලාභිනේ... මං විතරක් නෙවෙයි ඔය කියන නංගි හෝ මල්ලිටත් එහෙමම තමා... ටිකක් කල්පනා කරලා බැළුවොත් තේරේවී තමන් ගාවත් තියෙනවා නේද දෙයියනේ එහෙම එකක් කියලා.. හා හා ඒ කතාව අපි අතාරිමුකෝ.. මට අනුවනං රනිල්ගේ ඉංගිරිසිය හෝ මහින්දගේ ඉංගිරිසිය අතර මහ අවුලක් නැහැ.. දෙන්නම ඒකෙන් කරන්නේ අදහස් හුවමාරුව කර ගැනීමනේ... එතැනදී මට වඩා ඒ දෙන්නටම ඕක පුළුවන් හින්දා මට ඔය බාෂාව මත ඒ දෙන්නගෙන් අරයා හොඳයි මෙයා හොදයි කියලා මැනීමක් නැහැ.. ඒ දෙන්නම මට වඩා හොදයි.. ඒ මදෑ හත් දෙයියනේ... :D අනික ඉතිං ඔයා ඔහොම කියනවා ඇත්තේ හොඳට ඉංගිරිසිය පුළුවන් හින්දා වෙන්න ඇති.. ඒත් මට එහෙමට බැරි හින්දා මට ඒ දෙන්නගේ වෙනසක් තෝරගන්න අමාරුයි කියලා ඔයාගේ ඔය වටිනා කියන මොලේට තේරෙන්න එපෑ නේද රත්තරනේ... ඉතිං මං මොකටද බාසාවේ අඩු වැඩියක් ගැන හිතලා අරයා හිටියනං හොඳා මෙයා හිටියනං හොඳා කියලා හිතන්නේ...

      හරි හරි ඒ කොහොම උනත් නංගි/ මල්ලිට හිතට සැනසීමක් ලැබෙනවනං මං බත් බැලයෙක්ය කියලා හිතීමෙන්.. ඔයා ඒ සතුට අඩුවක් නැතිවම වින්දනය කරන්න.. අඩුම ගානේ ඒ පිනවත් මට තියෙයි නෙව...

      ටටා ඈ... :D

      Delete
    5. @AnonymousJanuary 27, 2014 at 11:19 AM
      ලාමක ටිං ටිං තර්ක ගේන්න එපා බං. ඇනෝ වරුන්ටත් එක්ක නින්දාවක්.

      Delete
    6. මේ මොකෑ මලිත්ට ගහනකොට චංචලා අඬන්නෙ?

      Delete
    7. මම නම් මාරයාට හැමදාම ගරු කරනවා. විශේෂයෙන්ම මාරයා අර රතුපස්වල සිද්ධිය ගැන ලියපු සමතුලිත විචාරය ඉස්තරම්.

      Delete
    8. අප කවුරුත් දන්නා පරිදි මාරයා හෙවත් චතුෂ තුෂර කුමාර කැකුලාවළ දිගු ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලද කෙනෙකු නොවේ. ඔහු සිතන්නේ, අදහස් ප්‍රකාශ කරන්නේ තමන් ලද සීමිත අධ්‍යාපන රාමුව තුළ සිටිමිනි. ඊට ඉහළ තලයක සිට බලන කෙනෙකුට එය අතාර්කික හෝ කොටින්ම මෝඩ ලෙස පෙනිය හැකියි. නමුත් ඊට කුමාරට දොස් නඟා ඵලක් නොවේ. දොස් නැඟීමට අවශ්‍ය නම් ඔහු වැන්නන් බිහි කරන මේ අධ්‍යාපන ක්‍රමයට දොස් නඟන්න.

      අනෙක් අතට ඔහු කියන දේ අතාර්කික වූ පළියට ඒවා අනවශ්‍ය යැයි නොකි‍යැවේ. මාලන් සමරව්ක්‍රම මීට කලින් පෙන්නා දුන් පරිදි කුමාර යනු සමාජයට වටනා සම්පතකි. මාලන්ගේම වචන වලින් කියන්නේ නම් මේ රටේ "බත් කන හරකුන්" කල්පනා කරන්නේ කෙසේද යන්න දැන ගැනීමට ඉතාම හොඳ දර්ශකයකි ඔහු. විශේෂයෙන්ම මෙය පාලකයින්ට වැදගත්ය. උදාහරණයක් හැටියට මේ රටේ වැදගත් ආර්ථික සාමාජීය සිද්ධීන්ය බුද්ධිමතුන් විසින් හඳුනාගත් රතුපස්වල ගැටුම, පොදුවේ නීතිය හා සාමය බිඳ වැටීම, මත් උවදුර, ප්‍රාදේශීය දේශපාලකයින් ගේ මැර ක්‍රියා වැනි කිසිම දෙයකට ඔහු සංවේදී නොවේ. නමුත් ගයේෂා, නදීෂා, ජින්ජර්, හිරුණිකා වැන්නියන් දේශපාලනයට පිවිසීම ගැන අති සංවේදී වේ. මේ නිරීක්ෂණයම පාලකයින්ට ඉතා හොඳ දැනුමක් සපයයි. ඒ කිමෙක්ද? දැවැන්ත ප්‍රශ්නය බුද්ධිමතුන් හඳුනා ගන්නා ඉහත කිසිවෙක් මේ රටේ පොදු සමාජයට ("බත් කන හරකුන්ට") නොවැදගත් බවයි. මේ ප්‍රශ්න මෙසේම තිබුණද, ඒ නිසා පාලක පක්ෂයේ ඡන්ද පදනම කඩා නොවැටෙන බවයි. නමුත් අනෙක් අතින් නාඹර වැස්සියන් දකින මද කිපුණු ගවයින්සේ කුමාරලාගේ පන්තිය දේශපාලනයේ ඇහැට කණට පෙනෙන ස්ත්‍රී ශරීර වලට ප්‍රතිචාර දක්වන බවයි. වර්තමාන ආණ්ඩුව මේ දැනුම තමන්ගේ පැවැත්ම සඳහා උපයෝගී කර ගන්නා ආකාරය කොයිතරම් ප්‍රශස්තද බලන්න!

      Delete
  7. අනේ මචං උඹ බ්ලොග් ලියන්නම එපා. ඇයි අනේ... මේ වගේ කතා ලිව්වම කිසි වැඩක් තියෙනවය.. අනික ඉතින් මේ වගේ දේවල් ලියලා.. උඹට මක්කා හරි අතුරු ආන්තරාවක් උනා.. කාට කියලා කියන්නද..?

    අනික අර රජ ගෙදර සුමනදාසටද මොකාටද යන කල මොකක්ද...?

    ReplyDelete
  8. කතන්දර සාර්තකයි....

    ReplyDelete
  9. ඔව් බං අර අපිනොදන්න ලයිව් එකේ ගිය ඒවත් දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ

    ReplyDelete
  10. වෙනදා වගෙම චාමි ඇත්ත ගුලි කරලා මූනට දමලා ගහලා

    ReplyDelete
  11. ඔව් ඔව් පරිස්සම් වෙයන් පුතේ

    ReplyDelete
  12. සතු‍ටුයි ලියමනක් අහපු කලාට

    ReplyDelete
  13. හෙන සෙකුයුලර් පාට් එකක් දාගෙන, හොරෙන් හොරෙන් අංජනං බලන සීන් කරන එවුන් වැල්ලේ තොග පිටින් ඉන්නවා කිව්වට, මේ වෙනකං මං පිළිඅරං හිටියේ නෑ.

    සමනළ විප්ලවයේ ලේඛකයාත් උඹලගේ වැල්ලේ එකෙක් වෙන්නැති. නිකං මේ කම්පුයුටර් කට්ටක් ඉස්සරහ ඉදගෙන සුමනයියගේ ජොබට කෙළින එක කුජීත බව තේරෙන්නේ නැත්ද ඕයි.

    ReplyDelete
  14. ඕක හොඳයි බං තව... සමහර නිවුස් එහෙම්පිටින්ම නිර්මාණ වෙන එක ඊට වඩා අභාග්‍යසම්පන්න නැද්ද?

    ReplyDelete
  15. මේ ඇවිත් තියෙන්නේ ආයෙම...

    ReplyDelete
  16. සතියකට එකක් හරි පෝස්ට් දාපන්.නැත්නම් මේ බ්ලොග් ලෝකෙ මෙලෝ රහක් නැතුව යයි. මූනු පොතේ සැරි සරන්නෙ නැතිව බ්ලොග් වල පලවෙන යථානුරූපි ලිපි කියවන කොටසකුත් ඉන්නව කියල මතක තියාගනින්.

    ReplyDelete
  17. ෆේස් බුක් එකේ නැති මං වගේ එවුන්ට රියර්ගේට් කියවන්න ලැබෙන්නේ නැහැ කියන එකද මේ කියන්නේ....

    ReplyDelete