Sunday, September 15, 2013

සීතා.... මාත් ආවා...!!


රාවණා ගේ සිරුර ගැන අසන්නට ලැබෙන කට්ටඩියෙක් ලංකාවට පැමිණේ. ගයිඩ් කෙනෙකුත් පැමිණ ඇත. රාවණාට පණ එයි. ඔහු සීතා සොයයි. සීතා අඩනිරුවත් රැගුම රගන නිළියකි. ( නිළියකගේ උතුම් චරිතය සීතා ට හරියටම ගැලපේ. මන්ද නිළියන් තරම් පතිවත රකින ගැහැණුන් අද ලොව වෙන සොයාගන්නට ද නැති නිසාය )

රාමා ද ඉන්දියාවේ සිට පැමිණේ. ඔහු එන්නේ රාමචන්ද්‍රන් නමැති බිස්නස් කාරයෙකු ලෙසය. රාමා සමග සටන් කරන්නට රාවණා ගුබ්බෑයමක පාතාල චන්ඩියෙකුගේ ඇගට වැහේ. ඔලුවෙන් බාගයක් පාතාලයාගෙන් ගන්නා තෙද බලැති රාවණා උවමනා වූ විට පැපොල් ද මවයි. ජීවත් වන්නට හැටියක් නැතුව පොල් මවා විකුණයි. රාමා ද එම පොල් ඉන්දියාවට පටවන්නට සූදානම්ය. වැඩේ මාරෙට යයි.


සීතා අඩ නිරුවතින් කලව පෙන්න පෙන්නා නටයි.


“සීතා මං ආවා” චිත්තරපටියේ කථාව දෙබස්  තිරරචනය සහ අධ්‍යක්ෂණය කියලා වැඩ හතරක්ම කරපු ජයසේකර අපොන්සු -

.....දින 44 ක කාලයක් පුරා මේ චිත්‍රපටිය දියතලාව ප්‍රදේශයේ රූගත කලා.... මේ චිත්‍රපටයේ දී රාවණා රජුට කිසිදු අපහාසයක් සිදුවන්නේ නෑ. රාවණා රජුගේ අසහාය ශක්තිය හා ප්‍රබලත්වය ඉස්මතු වන ආකාරයෙන් මෙය නිර්මාණය කර තිබෙනවා.....  අපට අවශ්‍ය සිනමා කර්මාන්තය තුළ අපේ දේ අපේ ජනතාවට කියාදීම පමණයි.

මිස්ටර් ඉත්තෑකන්ද -

.....රාම රාවණා සීතා නම් තුන ඉවත් නොකොට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ දෙන්නේ නෑ... රාවණා රජතුමා ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාල අද්විතීය වෙනස්කම් කරනු ලැබූ රජතුමෙකි. එතුමාගේ චරිතයට විශාල හානියක් හා අපහාසයක් මේ චිත්‍රපටයෙන් සිදු කරනවා. ඉදිරියේදී අප මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර හා තීන්දු තීරණ ගන්නවා.

බොරැල්ල රිට්ස් සිනමා හලේ කළමනාකරු මාටින් අයියා -

....මා වසර 32ක් චිත්‍රපට සංස්ථාවේ නොයෙක් ධුරයන් දරා ක්‍රියා කර ඇතිමුත් ඒ කාලයේ මෙවන් අද්වීතිය චිත්‍රපටයක් නරඹා නැත. ....


බොරැල්ල ඕ.අයි.සී.-

කටවුට් සේරම ගලවනවා... මේක පෙන්නන්න දෙන්ඩ බෑ.......

නිෂ්පාදක චමින්ද මල්ලී -

...මා රුපියල් කෝටියකට වඩා චිත්‍රපටයට වියදම් කළා. මෙසේ කළේ ණය වෙමින් හොඳ බෞද්ධයෙකු ලෙස රාවණා රජතුමාගේත් බෞද්ධ භික්ෂුන් වහන්සේගේත් ඇති බලය තවදුරටත් ලොවට ඉස්මතු කිරීමටයි..... මා උත්සාහ කළේ අපේ අභාවයට යන සංස්කෘතියත් පැරණි පුරාවෘතාන්තත් ඉදිරියට ගෙන ඒමටයි. ඒවා අලුත් පරම්පරාවට දායාද කිරීමටයි.


චංචලා නංගී -

'රාමායණය' කියන විශිෂ්ට කෘතිය හොඳින් පරිශීලනය කරලා තමයි මෙහි අධ්‍යක්‍ෂ ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අපෝන්සු මට 'සීතා' ජීවය මැවීම බාර කළේ.... ඇත්තටම මේ චරිතය මගේ ජීවන චරිතය වගේම සංවේදී චරිතයක්‌. මෙහි හැඬුම් එන දර්ශනවලදී මට කොයි මොහොතකවත් 'ග්ලිසරින්' දමන්න සිදුවූණේ නැහැ. මමත් ඇත්තටම "තුන්වැනි ලෝකයේ ගැහැනියක" විදිහට සීතා චරිතයට ගරු කරනවා. ආදරය කරනවා. මම සිතන විදිහට හැම ගැහැනියකම පෙරුම් පුරන්නේ සීතා වගේ වෙන්න. ඒකයි මම කියන්නේ මේ චරිතය මා ජීවියේ ලැබූ ලොකුම භාග්‍යක්‌ කිලා........

---------------------------------------

.
.
.
.
I Don't Want to Live on this Planet Anymore
.

43 comments:

  1. අම්මප ඕයි අබුද්දස්ස කාලෙට ලබුත් තිත්ත වෙනවයි කියන එක දැන් තමයි හරියටම තේරෙන්නෙ

    ReplyDelete
  2. ලංකාවේ දැන් බන්දුල ටෙනිසන්ල විජය නන්දසිරිලා ගිරිරාජ්ල විතරක් නෙමේ චුටි මල්ලිලා පොඩි මල්ලිලා වගේ කොමඩියන්ලත් ෆුල් නන්නත්තාර වෙලා ඉන්නේ ..සුදු අඳින සාදුලයි කහ අඳින සාදුලයි දාන කොමඩි ජෝක් දැක්කම ජෝ මහත්තයත් පරාදයි!

    ReplyDelete
  3. එතකොට රාවණා නම තමන්ගේ සංවිධානයට දාගෙන පිස්සු නටන්න හොඳයි අපේ හාමුදුරුවොන්ට! අනේද කියන්නේ!

    ReplyDelete
  4. සීතා හරිම කලර්ෆුල් වගේ!

    ReplyDelete
    Replies
    1. සීතාලා කවදත් කලර්ෆුල්.......

      Delete
  5. අව්‍යාජ මාරයියාගේ කමෙන්ට් එක දාන්න මිස් වෙලා වගේ.

    "අපේ මහින්ද මහ රජතුමාට පාඩුවක් නැත්නම් ඕනැ මඟුලක් පෙන්න ගත්තට මට කමක් නැහැ. හැබැයි රනිලට එහෙම සපෝට් කරන එකක් නම් මං මුන්ට දෙනවා බූහනස්සක් කැඩෙන කම්. මහින්ද කියන්නෙ අපේ රට - අපේ රට කියන්නෙ මහින්ද"

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... හම්මපා උඹලා ඉන්නකං හොදයි.. නැත්තං මටමනේ දමාගෙන ඕවා කොටන්න වෙන්නේ... තැන්කූ නංගියේ ඈ...

      Delete
    2. මාරයියාගේ අව්‍යාජකම හින්දා අපි කලින්ම දන්නවා මාරයියා ලියන දේ. ඒ හන්ද ඔය බ්ලොග් එක ලිවිල්ල හෙම නතර කරන්න බය වෙන්න එපා. අපි දිගටම ලියනවා මාරයියා වෙනුවෙන්.

      Delete
    3. මාරයියා අයියා අර කල් අරගෙන, හැම පැත්තම විචක්ෂණශීලීව බලලා රතුපස්වල ගැන ලිව්ව පෝස්ට් එක නම් අපූරුයි. මාරයියට පුලිස්ටර් ප්‍රයිස් එක දෙන්න ඕනැ ඒකට.

      Delete
    4. නංගි හරි නංගි

      Delete
  6. රාවණාට පැපොල් එපා නියඟල අලයක් මවල දිය කියල, ඒක කාලා මැරෙනව අම්මපා...

    ReplyDelete
  7. හොඳ වෙලාවට හැරි පොටර්, සුපර් මෑන්, බැට් මෑන්, කෑට් වුමන් පොත්වල ලංකා හරි සිලෝන් කියලා හරි කෑල්ලක් නොතිබ්බේ... එහෙනම් ඉතින් ඒ චිත්‍රපරිත් පෙන්නලා හමාරයි.. එතකොට ලංකාවේ තිබෙන සංවිධාන..

    හැරි පොටර් පෙරමුණ
    සුපර් මෑන් බලකාය
    බැට් මෑන් හඬ
    කට් වුමන් මහිලා සමිතිය

    ReplyDelete
  8. කහ පොරවගත්ත මිත්‍යාදෘෂ්ඨිකයන්ට තාම ලංකාවේ තැනක් තියනවා... එහෙම නැත්නං තැනක් ගන්න ඕන තැනටයි එපා තැනටයි කඩාපාත්වෙනවා...

    ReplyDelete
  9. මෙහෙම යනකොට රාවණා නැගිටලා ඇවිත් කියයි " අනේ ආයේ නැගිටින්න බැරිවෙන්න මාව මරලා දානවකෝ" කියලා

    ඉත්තෑකන්දලා එහෙම තව ටික දවසකින් ඔය ඩාන්සින් ඉස්ටාර් වගෙ එවායේ විනිශ්චය මන්ඩල වලත් ඉඳියි

    ReplyDelete
  10. හෙට අනිද්ද වෙද්දි බුද්දාගමටත් සදා සොත්ති තමය්.

    ReplyDelete
  11. මීවනපාලනේ ජයරත්නයෙනි, ඔබ කොහිද?

    ReplyDelete
    Replies
    1. ඊයේ පෙරේද face book පොඩි කෑල්ලක් දාල තිබුන.

      Delete
  12. මං හිතන්නේ ඔය විරෝධතාවය නිසා ෆිල්ම් එක ටිකක් හිට් වෙනවා.. ඒක හොදයි.. මේ වගේ වැදගත් චිත්‍රපටි තව තව හැදේවි එතකොට..
    සීතා මෙහේ හැංගුවට මොකුත් කරලා නැහැලු නේ රාවනා.. අනේ පවු..

    ReplyDelete
    Replies
    1. අම්මපා මාකටින් පාරක්ද දන්නෙ නෑ... සල්ලිවලට ඕන දෙයක් කරනවනේ..

      Delete
    2. අනිව බං. මටත් ඕකම හිතුනා. එහෙව් කාලකන්නි මුං

      Delete
    3. මාකටින් වෙන්න තිබෙන ඉඩත් ඉතාම වැඩියි

      Delete
  13. මාකට්න් නං හොඳයි. ඇත්තම විරෝධයක් නං ඒත් හොඳයි.

    ReplyDelete
  14. //මා වසර 32ක් චිත්‍රපට සංස්ථාවේ නොයෙක් ධුරයන් දරා ක්‍රියා කර ඇති’ මුත් ඒ කාලයේ මෙවන් අද්වීතිය චිත්‍රපටයක් නරඹා නැත//
    .
    එළමකිරි... ඔය නොකියා කියන්නෙ චිත්‍රපටි සංස්ථාවේ එවුන්වත් මෙච්චර කාලෙකට ෆිල්ම් බලල නෑ කියන එක.

    ReplyDelete
  15. රාමායනය හැර වෙන කිසිම මූලාශ්‍රයක් නැති රාවණා මිත්‍යාව නිසා රටට සිදු වන්නේ අපකීර්තියක්.මේ මිත්‍යාව වෙනුවෙන් පෙනී සිටින්නන්ට එරෙහි විය යුතුයි.කොහොමටත් මේ ඊනියා වීර චරිත කෝලම් කාරයන් බවට පත් කරනවා නම් ඒක හොඳයි.

    ReplyDelete
    Replies
    1. @ සැමට මිතුරු

      //...රාමායනය හැර වෙන කිසිම මූලාශ්‍රයක් නැති රාවණා මිත්‍යාව නිසා රටට සිදු වන්නේ අපකීර්තියක්....//

      රාවණා පුවත තියෙන එක මූලාශ්‍රය රාමායණය නෙමේ. ලංකාවේ ලියවුණු කඩයිම් පොත් කියන සාහිත්‍ය මූලාශ්‍රයේත් රාවණා පුවත තිබෙනවා. [මේ රාවණා වෙනුවෙන් පෙනී සිටීමක් නොව කරුණු නිවැරදි කිරීමක් උදෙසා පෙනී සිටීමක් පමණක්මයි :) ]

      Delete
    2. @ සැමට මිතුරු

      ඒ වගේමයි මහායාන ධර්ම සූත්‍රයක් වෙන ලංකාවතාර සූත්‍රයෙත් රාවණා පුවත දැක්වෙන බව කියවෙනවා [ මම ඒ කෘතිය කියවලා නැති නිසයි එහෙම කිව්වේ :) ]

      Delete
    3. @ සැමට මිතුරු

      ඒ වගේමයි වරිගපුරණයේ මූලාශ්‍රයේත් රාවණා පුවත තිබෙනවා.

      Delete
    4. @ Anonymous September 18, 2013 at 12:02 PM

      වරිගපූරණය කියලා හුඟක් දෙනා කිව්වට වරිගපූරණයේ පුස්කොළ අත් පිටපතක් එහෙමත් නැත්නම් මුද්‍රිත පිටපතක් තියෙනවාද ?

      Delete
    5. රාවණ යුගය පිලිබඳව ශීලා ලේඛණ මය සාක්ශි ගැන සඳහන් වෙනවා ආචාර්ය සූරිය ගුණසේකර ලියපු “ලංකා ඉතිහාසයේ හෙළ යුගය“ කියන පොතේ.
      (ඉතිහාසය යනු තවමත් ගවේශනය කරමින් පවතින්නක් මිස දේවභාෂිතයක් නොවේ)

      “වර්ගපූර්ණිකාව“ නේද ඔය කියන පොතේ නම.
      “වර්ගපූර්ණය“ කියන්නේ වර්ගජ සමීකරණ විසඳන ගණිත ක්‍රමයක් නේ.

      Delete
    6. සූරිය ගුණසේකරගේ ලිවිල්ල තර්කානුකූල නැහැ (ඔය පොත මම කියවලා නෑ ඒත් එයාගෙ ලිපි දිවයින පත්තරේ පළවුනා කාලෙකට ඉස්සර). එයා සමහර දේවල් කියන්නෙ බලා හිටිය වගේ. කිසිම සාධකයක් නෑ.

      රාවණා චරිතය එලැබොරේට් කරල රාමායනය ලියල තියෙන්නෙ ජනප්‍රවාද මූලාශ්‍ර කරගෙන කියලයි මටනම් හිතෙන්නෙ. රාවණා කියල රජ කෙනෙක් හිටපු බවට තියන සාක්ෂිය ජනප්‍රවාද පමණයි. ඒත් රාවණා කියන්නෙ "පොරක්" කියල කියැවෙන සාක්ෂියක් නැහැනෙ.

      Delete
  16. අපොන්සුවා මඤ්ඤං......ඉන්ද්‍රරත්නයා ඩබල් මඤ්ඤං.....උගේ මහ එකා ට්‍රිබල් මඤ්ඤං.......රටම මඤ්ඤං මඤ්ඤං.

    ReplyDelete
  17. රාවණා රජු ලංකා ඉතිහාසයේ පහලවූ බලසම්පන්න රජෙකි. එතුමා බෞද්ධාගමික වේ. එමෙන්ම එතුමා නිර්මාංශික විය. රාවණා රජුට කසුප් බුදුන්වහන්සේ ලංකාවතාර සුත්‍රය දෙසු බව එම සුත්‍රයේ සදහන්වේ . එමෙන්ම රාවණා රජු විසින් කසුප් බුදුරදුනට ලෙන් පූජා කළබවද සෙල්ලිපිවල සදහන්වේ. කෙසේ වුවද රාමායණ කතාවස්තුවේ ආකාරයට රාම -රාවණා යුද්දයේදී රාවණා රජු මියගිය බව සදහන් වුවද වරිගපුරණයේ සදහන් වන්නේ රාවණා රජු එම යුද්දයේදී නොමළ බවය. වරිගපුරණය රාමායණය තරම් ඉන්දියානුවන් වැදගත්කොට නොසලකන්නේ එනිසාවෙනි. රාවණා රජු බ්‍රාහ්මණ ලක්ෂණ පෙන්නුම් කල අතර ධ්‍යාන ද ලබා සිටි බව ද දක්නට ලැබේ.
    චිත්‍රපටයේ මූලික දැන්වීම් වලදී කිය ඇත්තේ;මහා භාරතයේ වාල්මිකීගේ රාමායනය හරහා නිර්මානය කළ හාස්‍ය ප්‍රකම්පණය. නමුත් අපොන්සු මෙහි කියා ඇත්තේ කුමක්ද… මේ චිත්‍රපටයේ දී රාවණා රජුට කිසිදු අපහාසයක් සිදුවන්නේ නෑ. රාවණා රජුගේ අසහාය ශක්තිය හා ප්‍රබලත්වය ඉස්මතු වන ආකාරයෙන් මෙය නිර්මාණය කර තිබෙනවා.
    සීතා-රාමා යනු ඉන්දියානු ඉතිහාසය තුල වීර කාව්‍යකට නැගුනු හින්දු භක්තිකයන් දේවත්වයෙන් සලකන චරිත දෙකකි. මහාරාවණා යනු සින්හලයන් විසින් අතීතයේ විසූ යැයි සලකන අභිමානයක් ඇතිකරගන්නා චරිතයකි….සීත-රාමා-රාවණා අතීතයේ විසු සත්‍යම චරිතදැයි හෝ එසේ සිතීමට ප්‍රමාණවත් සාක්ෂි ඇතිදැයි හෝ නොදනිමි. නමුත්; ප්‍රහසනයක් ‍යැයි කියාගන්න මෙම චිත්‍රපටයට ඔවුන් ගේ චරිත ඇතුලත් කිරීම නම් නොහොබී. ප්‍රහසන ඇතුලත් නිර්මාණ කිරීම සදහා ඕනෑ තරම් චරිත අද සමාජයේ ඇත.
    කලා කරුවන් යැයි කියාගන්නා මොවුන්ට උඩක් පල්ලක් නැත. රටක් ජාතියක් නැත.ඒ කෙසේ වෙතත් අඩුතරමේ මිනිස් ආධ්‍යාත්මය ගැන හැගීමක් හෝ නැත.ඇත්තේ මොනවාහෝ කර ජනප්‍රිය වීම හා සල්ලි ටිකක් මල්ලට වට්ටවා ගැනීමය. මෙය රාවණ භක්තිකයන් මෙන්ම රාමභක්තිකයන්ගේද සිත් රිදවන්නකි. විරෝධයක් ගොඩනැගීම පුදුමයක් නොවේ…

    ReplyDelete
    Replies
    1. මෙහි ඇතැම් තොරතුරු මූලාශ්‍රවලට අනුව වැරදියි. උදාහරණයකට රාවණ රජතුමා නිර්මාංශිකයි යන්න මහා මිත්‍යාවකි. මූලාශ්‍රවලට අනුව වරක් උන්වහන්සේට ඇතිවූ ජීර්ණ ආබාධයක් සඳහා තෙවරුවක් එක්තරා බඹර කිරි පිලවු විශේෂයක් ආහරයට ගත් බව සඳහන් වෙනවා.

      Delete
    2. අපොන්සු මහත්තය USA ආපු වෙලාවක අපි මේකේ කොටස් ටිකක් දැක්ක. කතාව නම් අන්තිම කොමඩියක්. රාවණ ඇත්තටම හිටපු කෙනෙක් නම් අපහාස නඩු දාවි.

      Delete
    3. රාවණා රජු යටට ඇන්දෙ නැද්ද දන්නෙ නෑ...

      Delete
  18. අනේ පලයව් යන්න .. රාවනා මරන්ඩ සපෝර්ට් කොරපු විභීෂණට ගොට්ට අල්ලපු උන්ට මොකද මේ රාවණා වීරයා උනේ... ඇත්ත කාරණේ සිංහල ජාතීවාදීන්ට වෙච්ච නස්පැත්තියක්. දෙමළ අයට තොපි ආවේ ඉන්දියාවෙන් කියල බනිනකොට උන් කියන්න ගත්ත තොපිත් ආවේ ඉන්දියාවෙන්නෙ කියල.හත් ඉලව්වයි එහෙම බැලුවම ඉතිං ඇත්තනෙ. විජය නැමැති ඉන්දියානූ මදාවියාගෙන්නෙ අපි පැවතෙන්නෙ. එතකොට වැද්දන්ට ලංකාව දීල අපිටත් යන්න වෙනවනෙ.දැන් ලංකාවේ අයිතිය කියන්ඩ මොකවත් නෑනෙ ඇයි ඉතින් බුද්ධාගමත් ඉන්දියාවෙන් ඉම්පොර්ට් කරපු එකක්නෙ. ඔන්න ඹය වෙලාවෙදි තමයි ජාතිය බේර ගන්න රාවනා පිහිටට ආවේ. සිංහල ජනයා පැවතෙන්නෙ විජයගෙන් කියල ඉතිහාසයේ තිබුණත් වහාම ඒක වෙනස් කරල දැන් කියනව රාවනා අපේ මුතුන්මිත්තා කියල. ඇත්ත තිත්තයි. ජාතීවාදීන්ට ඇත්ත අරහං. වඩා වැදගත් වෙන්නෙ බටහිරද නැගෙනහිරද කියන එක නෙමේ. දෙමළාගෙද සිංහලයාගෙද කියන එක නෙමේ. මිනිසාගෙද කියන එකයි.සමාජ සංවර්ධනය වෙනුවෙන් අදාල කොයි දේද කියන එකයි. එතනදි අපේ රටේ දේවලින් පිටරට දේවල්වලින් නියම දේ අපි තෝර ගන්න ඕනෙ. අපේ හැම දේම නිවැරදි නෑ වගේම පිටරට හැමදේම වැරදිත් නැහැ. මුස්ලිම් අයට වඩා දෙමළ සිංහල අපිට ස්වීකරණය වෙන්න ලේසියි. මොකද සංස්කෘතින් සමාන නිසා.දැන් උතුරේ හිස ඔසවන ජාතිවාදයට දකුණේ සිංහල ජාතිවාදීන් වගකිව යුතුයි. බොදු බලු සේනා සහ රාවණා බලය ආදී දේශපාලන අනුග්‍රහය ලබන සංවිධාන නිසා සහෝදරත්වය වෙනුවට වෛරය නැවත මේ බිමේ පැලවේවි.

    ReplyDelete
  19. චාමි කියන්නෙ කොටියට කඩේ යන එන්ජීඕ නඩයේ ඩොලර් කුට්ටිවලට රටජාතිය පාවාදෙන්න ලෑස්ති දේශද්‍රෝහියෙක් කියලා හොඳටම ඔප්පු වෙනවා මේ පෝස්ටුවේ තියෙන මේ වචන දෙකෙන්....
    // මිස්ටර් ඉත්තෑකන්ද -//
    මේ වගේ දැනඋගත් අපේ ප්‍රෞඪ ඉතිහාසය හොඳින් හැදෑරූ දේශමාමක දේශප්‍රේමී සුපේෂල ශික්ෂාකාමී අඅග්ගමහා පණ්ඩිත අසරණ සරණ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ගණින්නාන්.. (සොරි වැරදුනා)මේ...මේ.. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමිපාණන්ට ඔහොම අගෞරව කරයිද වෙන එකෙක්.

    ReplyDelete
  20. සි/න්හලයාට හිනාවෙනට බැරිය. ඌ හිනාවෙන්නේ මුක පූට්ටු කරගන නිසා මුක පූන වෙලා වගේ පෙනවා. ගනේශ, ශිව, හරි තිබා කාලි අම්මාටත් හිනාවෙන ඉන්දියානුවාගෙන් හිනා වෙන්ට ඉගෙනගත්තා නම් සින්හලයාට කලක් යයි. රාවනා අඩුම ගානේ වැව් පොජ්ජක් වත් හදලා තිබ්බා නං මෙහෙම නැහුනාට කමක් නෑ.

    ReplyDelete
  21. උඹලා හැමෝම කමෙන්ට් කරල තියනව මහා උගත්තු වගේ පොඩ්ඩක් අක්රක් දැන ගත්තාම තමන් ඉපදුන ජාතියට ආගමට ගරහන එක තමයි කරන්නේ .්ත් මේ ලෙඩේ තියෙන්නේ අප් ජාතියට විතරක් වීම අපේ අවාසනාව . වෙනත් ජාතිවල එවුන් තමන්ගේ ආගම ගැන ජාතිය ගැන මහා කැක්කුමකින් කතා කරද්දී අපේ එවුන් කරන්නේ සිංහල ජාතියට බුදුදහමට අපඅහාස කරල පොරක් වෙන්න උත්සාහ කරන එක.

    ReplyDelete
  22. පොඩි ගරිල්ලා මාර්කටින් පාරක් වගේ මටනම් පෙන්නේ.

    ReplyDelete