Monday, April 1, 2013

එන්න අපෙනුත් (සිංහල-බෞද්ධ) රෙදි ගන්න.....


හෙළ උරුමය, බොදු බල සේනා, රාවණ බලය පරදවා ‘සිංහල රාවය’ තම තාර්කික අවසානය කරා ළඟාවිය. දැන් ඔබට ඔවුන්ගේ රෙදිපිළි සේල් එකෙන් නියම සිංහල බෞද්ධ ඇඳුම් පැළඳුම් සාධාරණ මිලට ලබාගැනීමට හැකිවනු ඇත.
 ඔවුන් සේල් එකක් දැමීම නිසා මුස්ලිම් ව්‍යාපාරිකයන්ට වන අමුතු පාඩුවක් නැති අතර සිංහල ව්‍යාපාරිකයන්ට නම් යම් පාඩුවක් වනු ඇත. ඒ සිංහල රාවයේ මතය පිළිගන්නන් වෙතින්, සිංහල ව්‍යාපාරිකයන්ට යාමට තිබූ බිස්නස් ටිකක් සිංහල රාවය විසින්ම ඩැහැගැනීම නිසාය.


‘සිංහල රාවය’ මුදල් හෙවීමේ අරමුණින් තම සංවිධානය ගොඩනැගුවා හෝ පවත්වාගෙන යනවා කියා  මම කිසිසේත් නොසිතමි.  ඔවුන් මෙම ව්‍යාපාරය කරන්නේ සංවිධාන අරමුදල් තරකර ගැනීමේ අවංක චේතනාවෙන් වීමට බොහෝ දුරට ඉඩ ඇත. නමුත් කටුක ඇත්ත වනුයේ අවසානයේදී සිංහල රාවය සේල් එකක් බවට පත්වූ බවයි. මින් ඉදිරියට මෙම සංවිධානය වාර්ෂික සේල් එකක් වශයෙන් පවත්වාගෙන යාමට හැකිවනු ඇත. මෙය ඔවුන්ගේ වරදක් නොවේ. සියල්ල ප්‍රාග්ධනය විසින් ක්ෂණයකින් බිලිගන්නා යුගයක, ඉන් පරිබාහිර වූ ශුද්ධ ජාතික සංවිධාන පැවතිය නොහැකිය.

සිංහල රාවය මෙම සේල් එකේදී අලෙවි කරන්නේ නිකම්ම ඇඟළුම් නොවේ. ඇඟළුම් වලට වඩා දෙයකි. ඔබ එයින් කමිසයක් මිලදී ගන්නා විට ඔබ ගන්නේ මුස්ලිම් හෙවනැල්ලක් වත් නොවැටුනු ‘සිංහල බෞද්ධ’ දේශප්‍රේමී කමිසයකි. ඇඳුම් ඕනෑම කඩයකින් මිලදී ගත හැකි මුත්, මේ අමතර දෙය ‘මිලදී ගත හැක්කේ’ සිංහල රාවය සේල් එකෙන් පමණි.

එනම් සිංහල රාවය දැන හෝ නොදැන මේ අවුරුදු සමයේ ‘අලෙවි කරන්නේ’ මුස්ලිම් විරෝධය හා බැඳුනු සිංහල-බෞද්ධ ජාතිකත්වයයි. මෙය අලෙවි උපක්‍රමයක් වන ‘හලාල්’ වැනි ලේබල් එකකට වඩා දෙයක් නොවේ.
(මේ වැඩේ මීට වඩා කෛරාටික විදිහට කරමින්, පිටකොටුවේ 250/- ට ගන්න පුළුවන් කෑලි පිටපළාත් ශාඛා වල 890/- ෆික්ස්ඩ් ප්‍රයිස් වලට විකුණන සී.අයි.බී කාරයාට කෙළවීම ගැන මගේ ප්‍රණාමය)

ලංකාව තුල ‘ජමියතුල්ලා උලමා’ විසින් හලාල් ලේබලය අලෙවි කිරීමෙන් ලබා ඇතැයි කියන බිලියන ගණනක ලාභය මෙන් දස දහස් ගුණයක ලාභයක් සිංහල-බෞද්ධ ලේබල වෙළෙන්දන් සහ ඔවුන්ගේ හෙංචයියන් විසින් මෙතෙක් උපයා ඇත. (මෙම කරුණේදී වර්තමානයේ සිංහල බෞද්ධ අන්තවාදින් ලෙස හැඳින්වෙන ‘ජාතික හෙල උරුමය’, ‘සිංහල රාවය’ සහ ‘බොදු බල සේනා’ මෙතෙක් උපයා ගත් දෙයක් නැති තරම් බව කිව යුතුය. තල නම් තෙලට වේලේ. මී බෙටි කුමට...?) 


අන් වෙළඳ ලේබල් වලට නැති මහඟු වාසනා ගුණයක් මෙම ජාතිවාදී ලේබල් වලට ඇත. එනම් සදහටම ඒවායේ ස්වේච්ඡා ප්‍රවර්ධකයන් සිටීමයි. කලෙක ජ.වි.පෙ එයට කරගැසුවේය. හෙළ උරුමය සොච්චං ඇමතිකමක් සහ තවත් දියාරු තනතුරු කීපයක් වෙනුවෙන් තවමත් මෙම ප්‍රචාරක කටයුතුවල නිරත වේ. බොදු බල සේනා  සහ සිංහල රාවය මෙම ලේබල් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට වුනත් සූදානමින් සිටී. 


මෙම ලේබල් වලින් ලාභ ලබන සැබෑ වෙළෙන්දන් මෙම ප්‍රවර්ධක සංවිධානවල ඊනියා ‘ජාතික සමුළු’ හතර මායිමේ පස් පාගන්නේ නැත.  මෙම වෙළඳාමෙන්  අප දන්නා ඉතිහාසයේ දැවැන්තම ලාභය ලැබුවේ වත්මන් පාලක හවුල සහ ඔවුන්ගේ මිතුරු සමාගමයයි.  එය මේ වන විට සිතාගත නොහැකි තරම් ධනස්කන්ධයක් සහ පහසුවෙන් වෙනස්කල නොහැකි දැවැන්ත දේශපාලන බලයක් බවට පත්වී හමාරය. 


මුස්ලිම් විරෝධය වෙනුවෙන් අවංකවම පෙනී සිටින්නන් දැනගතයුතු සරළ සත්‍යය මෙයයි. ඔබ අවංක අදහසකින් මුස්ලිම් වෙළඳ සැලකට ගසන සෑම ගලකින්ම, කවුරුන් හෝ ඔබේ කැමැත්ත නොවිමසාම කෝටි ගණනක ලාභයක් ලබන බවයි. ඔබේ ක්‍රියාවෙන් ඔවුන් උපයා ගන්නා ධනය භාවිතා කොට, ඔවුනට  ඔබව කරදරයක් වන ඕනෑම මොහොතක ඔබ වාෂ්පකර දැමීම ඔවුනට ඉතා සුළු දෙයක් බවයි. ඔබට වඩා දේශප්‍රේමීන් මෑත ඉතිහාසයේ ඕනෑතරම් සිටි අතර ඔවුන් අද කොහේදැයි සොයන්න.


මෙම සේල් එක පිළිබඳ බැනරය මවෙත එවූ සොහොයුරා බලාපොරොත්තුවන්නට ඇත්තේ සිංහල රාවයේ රෙදි ගැලවෙන ලිපියක් වන්නට පුළුවන.  නමුත් මෙම සොච්චම් ව්‍යාපාරය දෙස උපහාසාත්මකව බලන්නට මට නොහැකිය. අනුන්ට කෝටි ගණන් හම්බකර දෙන්නට වෙළඳ ලේබල් ප්‍රවර්ධනය කරන ගමන්, තමනුත් එයින් සුළු ආදායමක් ඉපැයීමට තැත් කිරීම අහිංසක උත්සාහයකි.

(සේල් එක ගැන බැනර්එක ගත්තෙ මෙතනින්- http://www.facebook.com/sinhalarawayapage )

31 comments:

  1. උඹට මේක ෂුවර් ද? තවත් අතකින් සිංහල බෞද්ධ ලේබල් එක මාකට් කරන එවුන් තව කොච්චර ඉන්නවද බං. ඔන්න ඔහේ කලදෙන් කාගෙ වුනත් දරුවොනේ.

    මහරගම - බොරලැස්ගමුව පාරේ බොරලැස්ගමුවට කිට්ටුව රාවය කොඩියත් ගහගෙන හාල් විකුනන්නේ දැන් මාස කීපයක ඉදල. ප්‍රශ්ණය අත හාමුදුරුවන්ගේ වුනාට ගල කාගෙද? කියන එකයි.

    ReplyDelete
  2. හ්ම්ම්ම් පැය විසි හතරේම නීති කඩමින් ඉන්නවාට වඩා ශිෂ්ට ලෝකේ සම්මත යහපත් දෙයක් වූ වෙළඳාමේ යෙදීමට කාලය කැප කිරීම වටිනවා. අනික සමාජයත් එක්ක ගැටෙද්දී බුද්ධිය මෝරනවා. ඔය දනිස් ගැස්මේ මානසික ව්‍යාධිය අඩු වෙනවා. ඒවා හරි වටිනවා ඔව්වට සහබාගි වෙන ය ලෝකේ ගැන දන්නා තරම දැක්කම.

    මං කැමතියි රෙදි කඩේට.

    ReplyDelete
    Replies
    1. ඔයා කැමැති බව අපි දන්නවා. ඔයාට ලොකුම ප්‍රශ්නෙ තිබුණෙ හලාල්නෙ. ඔයා ඒකට බොදු බල සේනාවටත් කඩේ ගියානෙ. දැන් ඒ ප්‍රශ්නෙ ඉවරයිනෙ. යන්න ගිහින් සිංහල රාවයෙන් ගන්න හොඳ සිංහල බෞද්ධ ෂර්ට් එකක්. අපි නොදන්න සෙකියුලර්!

      Delete
    2. අපට තියෙන තවත් ගැටළුවක් නම් ඊනියා හලාල් ප්‍රශ්නයේදී රෙදි ගලවාගෙන බොදු බල සේනාව සමඟ එකට පෙළපාලියේ ගිය සුජීව කොකාවල වැන්නන් තවම රෙදි අඳිනවාද යන්නයි. දැන් සුදනා වී අත සෝදා ගන්න උත්සාහ දැරුවාට ඔහුද මේ ඇති වී තිබෙන කාලකණ්න්නි තත්වයේ නිර්මාපකයෙකි. මහත්වරුනි, බැටළු හම් පොරවාගෙන එන වෘකයින් හඳුනා ගන්න.

      Delete
    3. @Ano,

      ඔබ විසින් විසි කරන්නට යෙදුනු තොප්පිය මා හිසටද ගැලපේ යැයි සිතන නිසා මෙසේ කරුණු දක්වමි [ඔබට අවශ්‍ය සුජීවට ගැසීමට බව මට නොතේරෙන්නේ නොවේ]
      ---

      සමහරුන්ට එළිපිට මුස්ලිම් ජාතිකයාය, පුද්ගලිකව එවනා මේල් වල හම්බයාය. අපිට එසේ නැත.

      මම හලාල් බලෙන් ගැසීමට විරුද්ධව එළිපිට පෙනී සිටියෙමි. අදද පෙනී සිටිමි. හැම තැනකම පෙනී සිටියේ "මාලන්" ලෙසිනි. මටද "පොලිටිකලි කරක්ට් මොඩරේට්" කෙනෙකු වී පවතින තත්ත්වය විවේචනය කර ලකුණු දමාගන්නට තිබුණි. ඒ වෙනුවට මා හරියැයි විශ්වාස කළ මතය වෙනුවෙන් පෙනී සිටියෙමි/සිටිමි.

      චාමි දවසක් කියු ලෙසින්ම මිනිසුන්ගේ ප්‍රකෘති තත්ත්වය එළියට එන්නේ මිනිසුන් අවිඥාණිකව කරණා වැඩ වලිනි.

      සාදු..!

      Delete
    4. @මාලන්,

      ඔබ හරියැයි සිතූ මතය වෙනුවෙන් පෙනී සිටීම ගැන ගැටළුවක් නැත. නමුත් එයින් ඇතිවන විපාක පිළිබඳව වගකීම භාර ගැනීමට තරම් අවංකත්වයක් අපි ඔබෙන් බලාපොරොත්තු වෙමු. අධ්‍යාපනයේ 6% වෙනුවෙන් FUTA සමඟ එකඟව ඔවුන් තම පඩි වැඩි කරගෙන පමණක් පලා ගිය කල්හි ඔබට අත සෝදා ගැනීමට සදාචාරාත්මක අයිතියක් නැත. බොරු හලාල් ප්‍රශ්නයක් මත බොදු බල සේනාව පෝෂණය කොට කරුණු වැරදී ගිය කල්හි අනෙක් පැත්තට පැණ සිදුවන සියල්ල ගැන වගකීම බොදු බල සේනාව මත පැටවීමටද ඔබට සදාචාරාත්මක අයිතියක් නැත. මහින්ද රාජපක්ෂට ඡන්දය දී වර්තමානයේ සිදුවන සියල්ලක් විවේචනය කිරීමේ සදාචාරාත්මක අයිතියක්ද ඔබට නැත. ඔබ මේ කිසිවක් කළාය නොකියමි. නමුත් එසේ කරන තක්කඩියන් අප හෙළි කළ යුතුය.

      Delete
    5. තවත් විදියකින් කියනවා නම් සුජීව කොකාවල යනු වර්තමානයේ අපට ඇති වී තිබෙන ප්‍රශ්නයේ කොටසක් මිස උත්තරයේ කොටසක් නොවේ. ඔහුගේ චර්යාවද අපේ රටේ දේශපාලකයකුගේ චර්යාවට සමානය.

      Delete
    6. @මාලන්,

      ඔබ විසින් මීට ප්‍රතිචාර දක්වනු ඇතැයි සිතමි.

      ඊනියා හලාල් ගැටළුව තවම නිමා වී නොමැත. උලමාවරුන් නිකුත් කරන හලාල් සහතිකය වෙනුවට නිශ්පාදකයින් දැන් තමන් විසින්ම 'හලාල්' යැයි සලකුණක් තම නිෂ්පාදන වල දවටනයේ සඳහන් කරන බව පෙනේ.

      ඔවුන් එසේ කරන්නේ ඇයි?

      පැහැදිළිවම 'හලාල්' ලකුණ නැතිවීම නිසා යම් පාරිභෝගිකයින් පිරිසක් තම භාණ්ඩ මිළට නොගෙන හරින බව ඔවුහු දනිති. වෙළඳපළ ගැන නොදැන මේ කොටස දේශීයද විදේශීයද කිව නොහැකිය. එසේම භාණ්ඩයෙන් භාණ්ඩයට මාරු විය හැක. නමුත් මේ නව ප්‍රවණතාවය නිෂ්පාදකයින් විසින් හලාල් ලකුණේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බවට හොඳම සාක්ෂියකි.

      මගේ ප්‍රශ්නා මෙවායි.

      1. මෙය බලහත්කාරයක්ද?
      2. මීට ඔබගේ ප්‍රතිචාරය කුමක්ද? (මෙයද කලින් තත්වයමය. එකම වෙනස උලමාවරුන්ට මුදලක් දෙන්නට අවශ්‍ය නැති වීමයි. නමුත් එසේ වීම වාසිය පාරිභෝගිකයාට ලැබී ඇති බවක් නොපෙණේ.)

      Delete
  3. Charmie,
    Do not think that it is a coincidence that this was posted on 1 April 2013.

    -Loku

    ReplyDelete
  4. මේ දිනවල සිංහල බෞද්ධ මුදලාලිලා තමන්ගේ කඩවල විකුණන රෙදිවල මිළ විශාල වශයෙන් ඉහළ නංවා ඇත. මුස්ලිම් කඩවලට මුහුණ දීමට සිදු වී ඇති තත්වය නිසා බඩු මිළ අඩු කර විකුණති.

    ReplyDelete
    Replies
    1. පැරා, හැකිනම් කරුණාකර ගණන් හිලව් සහිතව විස්තරාත්මක පෝස්ට් එකක් කරන්න මතුගම තත්වය ගැන. මට හැකි වුණොත් අද කොළඹ තත්වය ගැන හොයා බලන්නම්.

      Delete
  5. //මේ වැඩේ මීට වඩා කෛරාටික විදිහට කරමින්, පිටකොටුවේ 250/- ට ගන්න පුළුවන් කෑලි පිටපළාත් ශාඛා වල 890/- ෆික්ස්ඩ් ප්‍රයිස් වලට විකුණන සී.අයි.බී කාරයාට කෙළවීම ගැන මගේ ප්‍රණාමය//

    ha ha

    ReplyDelete
  6. මූලධර්මවාදය මොකෙන් ආවත් අති භයානකයි. මම නම් මොන සෙල්ලම් දැම්මත් ඔනෑම දෙයක් මිළදී ගන්නේ ලාභය හා සුහඳ බව ඉහලින්ම තිබෙන තැනින්. වෙළඳාමට කවදත් කප් ගහල ඉන්නේ මුස්ලිම් වෙළෙන්දා. ඒක නැති කරන්න නම් අපේ අයට සෑහෙන ඉගෙන ගන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රමුදිගෙ බ්ලොගෙ දාපු කමෙන්ටුව මෙතනට ගැලපේ -

      //එළියට බැස්සම කන්න සයිවර් කඩේකට ගියත් ඉන්නෙ දෙමල, මුස්ලිම් උන්. ඒත් කන්න පුලුවන් නේද රිදෙන්න? සර්විස් එක කෝමද? අපෙ උන් අපිට එහෙම සලකනවද?

      අපෙ උන් නොහැදි, කෝමද අනිත් උන්ව හදන්නෙ?//

      Delete
  7. බිස්නස් කාරයෝ අවස්ථාවාදී වෙලා වගේ :ඩී

    ReplyDelete
    Replies
    1. බිස්නස් කාරයෝ කොහොමත් අවස්ථාවාදී තමයි. පාරිභෝගිකයින් හැටියට අපට කරන්න පුළුවන් ඒ අවස්ථාවාදී ආත්මාර්ථකාමී එවුන් සාධාරන තරගයක එකට හප්පලා අපට අඩුම මිළ ලබා ගන්න එක. අපි අද කරන්නේ එකෙකුට කෙළවන්න කියලා අනෙකාට ඕනැ හැටියට මිළ වැඩි කරන්න දීලා අපටම කෙළවා ගන්න එක.

      Delete
  8. අවුලක් නෑ. උඹ මුලින්ම කියල තියනව වගේ තාර්කික අවසානයකට ඇවිල්ල. ගල් ගැහිල්ලට වඩා සේල් දැමීම සීයට දාහක් හොඳයි නෙව. සේල් එකෙන් බඩු ගන්න උදවියට මුස්ලිම් "කිළි" නැති රෙදි ලැබෙනව වගේම සිංහල රාවයට පිරිසිදු සිංහල බෞද්ධ සල්ලි ලැබෙනව. හරිම සිම්පල්!

    ReplyDelete
  9. අපේ සිංහල ව්‍යාපාරිකයන්ගේ ඔලු හදන්නෙ නැතිව කාට බැන්නත් කාට කඩෙ ගියත් වැඩක් තියනවයැ. ඉනිස්සු කවුරුත් බලන්නෙ ලාබ තැනින් කරදරයක් නැතිව බඩු ගන්න

    මම ඔය ගැන ලියපු පොස්ටුවට මෙතන කොටන්න

    ReplyDelete
    Replies
    1. බොරදියේ කතාව අදයි මම කියෙව්වෙ. (මට ඒක මිස් වෙලා)
      පුදුමෙ කියන්නෙ තාම කවුරුවත් කුනුහරප කමෙන්ට් එකක් දාල නෑනෙ, දැන් මාසයක් වෙනව පෝස්ට් එක දාල.
      උන්ටත් ඒක මිස් වෙලා මං හිතන්නෙ.

      Delete
    2. +++++++++++++++++
      @ loku john

      Delete
  10. චූලානන්ද සමරනායකගේ පළමු කවි සංග්‍රහය "විලංගුවෙන් ලියූ කවි" ජනගත කිරීමේ උළෙල 2013 අප්‍රේල් 04 වන බ්‍රහස්පතින්දා සවස 3:00ට, කොළඹ, ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වෙයි.

    ReplyDelete
  11. අපි කන බත් කටක් ගානෙ, අඳින ඇඳුමක නූල් පොටක් ගාණෙ ලෝකෙ පුරා විසිරිලා ඉන්න මිනිස්සු කී දාහකගෙ දාඩිය කඳුළු තියෙනවද? අපි මේ කොටන අකුරක් ගානෙ කෝටි ගාණක් මිනිස්සුන්ගෙ අත්දැකීම්, දැනුම, ශ්රෙමය තියනව නේද? ඒ මිනිස්සු සිංහලද, දෙමළද, මුස්ලිම්ද කවුද දන්නේ... ඉතින් මේ ජාති, ආගම්, කුල ගෝත්ර පිල් බෙදීම හරිම විහිළුවක් ‍නේද?

    ReplyDelete
    Replies
    1. Mama dekka hondama post eka meke.....Umbata vitharai niyama eththa therenne....Thank you...!!

      Delete
  12. මේකෙන් වෙන එක හොඳක් තියෙනවා, ඒ සිංහලබෞද්ධ හැවත් ටැග් කාඩ් එකක් විදියට කුණු ගොඩට එකතු වෙන එකයි (ආණ්ඩුවෙ ක්‍රියාකලාපය නිසා දේශප්‍රේමය පජාත වුනා වගේම)

    ReplyDelete
    Replies
    1. (ආණ්ඩුවෙ ක්‍රියාකලාපය නිසා දේශප්‍රේමය පජාත වුනා වගේම)

      ජවිපෙ ක්‍රියාකලාපය නිසා සමාජවාදය පජාත වුණා වගේම!

      Delete
    2. සමාජවාදය පජාත කරන්න තරම් දෙයක් ජවිපෙ ට කරන්න බැරිවුනා.පැරණි වම්මු ඒක කලින්ම කරලා තිබුණෙ....

      ජවිපෙ ගැන කිව්වම මට ඇඩෙයි වගේ කියලා හිතෙනවනම් ඔයාට වැරදිලා.... ;)

      Delete
    3. අනේ බං හිටපු ත්‍රස්තවාදීන්ට මොන කඳුළුද?

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ජාතිවාදය ආගම්වාදය හරි කමක් නෑ අපේ අහේනියට පොඩියට හරි විසඳුමක් දෙනවනම්.

    ReplyDelete
  15. 'සිංහල බෞද්ධ' ලේබලය විකුණන සංවිධාන කීපයක් බිහිවී තියන නිසා ඊලඟට අපිට දකින්න පුළුවන් මේ 'සිංහල බෞද්ධ' ලේබලයේ තනි අයිතිය සඳහා මේ සංවිධාන අතර තරඟයක්.

    චාමි ඔය කියන අමතර දෙයට මුදලක් ගෙවීමට සිදුවනතාක් ඔය සේල් අසර්ථකයි. දේශප්‍රේමය නොමිලේ බෙදාහරින්නක් නම් තරමක් දුරට සාර්ථක වනු ඇති.

    ReplyDelete
  16. I Downloaded bodu bala sena ring tone from Mobitel. Did you got it ?

    ReplyDelete