Wednesday, October 24, 2012

රුපියල් තුනේ සිගරැට්ටුවක් 25/= ට විකුණන්නෙ ඇයි? (In Time)


In Time ෆිල්ම් එක බලල තියෙනවද? ෆිල්ම් එකක් හැටියට මට එච්චර අල්ලල නොගියත් ප්ලොට් එක මරු. ඒකෙ ‘අදහස’ කෙටියෙන් මෙහෙමයි. මුදල් වෙනුවට ජීවිත කාලය හුවමාරුවෙන් ගණුදෙනු සිද්ද වෙන ලෝකයක්. හැමෝගෙම අත්වල උපතින්ම ලැබෙන කාල මාපකයක් තියෙනවා. දවසක් වැඩ කලාම ඔබට ලැබෙන්නෙ යම් ජීවිත කාල ප්‍රමාණයක්. (අපි හිතමු පැය විසිහතරක්). ආපහු පාන් ගෙඩියක් ගන්න ගියාම ඔබට සිද්ද වෙන්නෙ ජීවිතකාල විනාඩි දහයක් දීල පාන් ගෙඩිය ගන්න. බාර් එකේ බිල පැය තුනක්. බස් ගාස්තුව පැය බාගයක්. ගණිකා ඇසුර ලබන්නනම් පැය පහක්.... ඔයවගේ. මේ එදිනෙදා අවශ්‍යතාවලට වැයකරන කාලය වහාම නැවත උපයාගන්න සිද්ද වෙනවා. මොකද යමෙකුගේ ජීවිතකාලය අවසන් තත්පරයත් ගෙවුනු වහාම ඔහු හිටිතැනම මැරිල වැටෙන නිසා. (මේ ෆිල්ම් එකේ සිදුවීම් විස්තර කිරීමක් නෙමේ. අදහස පමණයි)

ඔය අතරෙ ජීවිත කාල තවත් අයට පරිත්‍යාග කරන්න, හොරකම් කරන්න හෙමත් පුලුවන්. හදිසි අවශ්‍යතා වලට ජීවිතකාල ලෝන් දෙන බැංකුත් තියෙනවා. ණය ආපහු ගෙවද්දි ජීවිත කාල පොලියකුත් එක්ක තමයි ගෙවන්න වෙන්නෙ.

තව Time zone තියෙනවා. සාමාන්‍ය මිනිස්සු ජීවත්වෙන පහල කලාපයේ තියෙන්නෙ කර්මාන්තශාලා. එහි ජීවත්වෙන්නෙ වැඩකරන මිනිසුන්.  අපිරිසිදු... තදබද... අශිෂ්ට.... අමානුෂික.... ඝෝෂාකාරී....

තවත් Time zone එකක් බොහොම ප්‍රියජනකයි. සාමකාමීයි. පිරිසිදුයි. ශිෂ්ටයි. එහි ජීවත්වෙන්නෙ විශාල ජිවිතකාල අතිරික්තයක් හිමි ධනවතුන්. මේ ධනවතුන් බොහොමයක් අර පහල කලාපයේ ආයෝජන මගින් ජීවිතකාල උපයන්නන්.

පහල කාල කලාපයේ ජීවත්වෙන්නෙකුට අවශ්‍යනම් ඉහල කලාපයට පදිංචියට යන්න පුළුවන් දොරටු තියෙනවා. හැබැයි ගේට්ටුවෙදි ලොකු ගානක් ගෙවන්න වෙනවා. අවුරුදු කීපයක ගාස්තුවක් කියමුකො. ඉතින් පහල ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් වැටහෙන්නෙ තමුන්ට ඉහල කලාපයට යන්න බැරි තමුන්ගෙ මොකක්හරි වරදක් නිසා කියලා. මොකද යන්න ගේට්ටුවක් සිස්ටම් එකෙන්ම දීල තියෙනවා. ලොකු ගානක් හොයාගන්න බැරිකම තමුන්ගෙ අවුලක්. (එක්කෝ දැනට කරන රස්සාව අප්සෙට්... නැත්තං කර්මය....ග්‍රහචාරය..... දෙවියන්ගෙ කැමැත්ත) ඉතිං කාගෙත් එකම හීනය හෙට මීට වඩා හොඳ රස්සාවක් (බිස්නස් එකක්) හොයාගෙන ලොකු ගානක් උපයලා අර කඩුල්ල පැනගන්න. (බාලගිරි දෝෂය අද නෙමේ හෙටයි). ඉතින් ඒ හීනය නිසා මිනිස්සු එදිනෙදා ජීවත් වෙනවා.

ඔතනදි ෆිල්ම් එකේ ලස්සන දෙයක් පෙන්නනවා. සාමාන්‍යයෙන් පහල කලාපයේ ජීවත්වන්නන් පිරිසක් තමුන්ගෙ හීනය වෙනුවෙන් යම් ජීවිතකාල ඉතුරුවක් කරන බව හෝ කලාපයේ කැළඹීමක් පේන්න තියෙනවනම්, පහුවදා ඉඳන් ණය සඳහා පොලිය වැඩිවෙනවා. පාන් ගණන් යනවා. බස් ගාස්තු වැඩි වෙනවා. (සංවර්ධනයට සල්ලි එපායැ දෙයියනේ) අර ඉතුරු කරන ටිකට කෙලවෙනවා. ඉතින් අර හීනය වෙනුවෙන් කවුරු කවුරුත් අතිරේක පැය කිහිපයක් ඕ.ටී කරන්න ගන්නවා. ඉතිං මිනිස්සු එහෙම අතිරේක ජීවිත කාලයක් උපයනකොට ආපහු බඩු ගණන් යනවා. ඉතින් සදහටම වැඩි වැඩියෙන් වැඩකරමින් හීනයක් වෙනුවෙන් නහිනවා.

ඔය වැඩේට සිනමා විචාරකයෙක් නොවන අපේ පී.බී ජයසුන්දර මහත්තයා කියන්නේ ‘උද්ධමනය’ කියලයි. මොකද්ද පින්වතුනි....? ඌද්ද්ධමනයඅඅඅ..!
පී.බී ජයසුන්දර කියද්දි මතක් වුනේ මෑතකදි ත්‍රිමාණ එකේ දාල තිබුනු ඔය උඩ තියෙන මාතෘකාව.

//සිගරට් එකක් රුපියල් විසිපහක් දීලා බොන කිසිම කෙනෙක් ඇයි රුපියල් තුනක් විතර නිෂ්පාදන වියදමක් යන සිගරට් එකක් 25ට දෙන්නේ කියලා අහන් නෑ//

ඒ වගේම සිමෙන්ති කොට්ටයකට පැය විසිහතරක් ඇතුලත රුපියල් අසූවක් වැඩියෙන් දෙන්නෙ ඇයි කියල අහන්නෙත් නෑ. අර පහල කලාපයේ ජාතික පානය වන අරක්කු බෝතලයකට එකපාර රුපියල් අසූවක් වැඩියෙන් දෙන්නෙ ඇයි කියලත් අහන්නෑ. රුපියල් තුනටත් දීපු පාන්ගෙඩිය හැටට දෙන්නෙ ඇයි කියලා අහන්නෙ නෑ. රුපියල් අටසීයෙ කසිප්පු බාර්වල විකුණද්දි හාරසීයෙ කසිප්පු කැලෑ අස්සෙ විකුණන්නෙ ඇයි කියලත් අහන්නෑ.

එහෙම නාහන්ඩ හොඳ හේතු අපිට තියෙනවා. අර Time zone ගේට්ටුව.

1.  මගෙ ඔලුවෙ තියෙන ප්ලෑන්එක හරිගිහින් ලබන අවුරුද්දෙ උතුරන්ඩ සල්ලි එනකොට ‘තමුසෙ කඩාකප්පල්කාරයෙක්’ කියල ගේට්ටුවෙන් ටිකට් කැන්සල් කලොත්? (මම හොඳ බොදු දරුවෙක්මි)

 2.  මේ දවස්වල හෙනට ඕ.ටී. අර ගේට්ටුවන් පැනගන්ඩ තව මිලියන හතලිහක විතර සොච්චමයි අඩු. ඕව අහ අහා ඉන්ඩ වෙලාවක් නෑ. ගිය සතියෙත් අපේ ගමට අල්ලපු ගමේ හාදයෙක්ගෙ බාප්පගෙ පුතා බැඳල ඉන්න හාදිගෙ මල්ලිලගෙ ගෙවල්ගාව එකෙකුත් ඕකෙන් ගියා.

 3.  මේවා ඉතිං සංසාරේ පතාගෙන ආපු හැටි තමයි. ඕව ඇහුව කියල කර්මය වෙනස් වෙන්නෙ නෑනෙ. මම ඊයෙත් පැය දෙකහමාරක පිරිකරක් හාමුදුරුවන්ට පූජා කලා. ලබන ආත්මෙ එහෙ උපදින්ඩ. හැබැයි අපි මෙහෙම කලාට අපේ ඉදිරි පරම්පරාවලට නං පිනක් දහමක්වත් කරගන්ඩ වෙන එකක් නෑ. අන්න නැගෙනහිර පන්සල් දැනටම උන් අල්ලගෙනලු.... ආවදෙංකො මෙහාට හොර හ......

 4.  මේව කාගෙන්වත් අහල වැඩක් තියෙනවද? අපේම හොඳටනෙ. අපිට කවදහරි යන්ඩ තියෙන ගේට්ටුවනේ ලොක්ක ආරක්සා කරන්නේ. ඉතිං මේව ආරක්සක වියදම්. බැරි වෙලාවත් ඕක දෙමෙල්ලු අල්ලගෙන උන්ගෙ ජාතියෙ උන්ට විතරක් යන්ඩ දුන්නොත්? ලොක්කා බුදුවේවා....!

5.  ආතල් නං කඩන්නෙපා හරිය?

   6.  .....

දැන් ඉතින් In Time බලල තියෙන අය ගිහින් තමුන්ගෙ වැඩක් බලාගන්න. නොබලපු අය හොයාගෙන බලල පී.බී ජයසුන්දරව සිහිපත් කරගන්ඩ.
අපිට වැඩ තියෙනවා.... අපි ගියා....!

35 comments:

  1. සිරා ෆිල්ම් එකක් වගේ.....බාගන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. විකාර කියන්න එපා, මෙතන තියන ප්‍රශ්නය පුර්ණ ධනවාදය නැති කමයි. පුර්ණ දනවාදය අවහම ඔය ඔක්කොම හරියනවා. එතකොට ටින්.. ( ගේට්ටුව ඇරෙන සද්දේ) කියල ඉහල කලාපෙට යන්න පුළුවන්. ඊට පස්සේ පහල කලාප වල උන් කරපුව කරන්න අගහරු ලෝකෙන් කට්ටිය ඉම්පෝර්ට් කරනවා. එකටනේ අර යානයක් ඇමරිකන් කාරය අගහරුවලට යැවුවේ. http://ramachandrageadaviya-ramachandra.blogspot.com.au/2012/10/blog-post.html#comment-form

      Delete
  2. නියම ගැලපීමක් තියෙන කතා දෙකක්... රුපියල් 3නේ සිගරට්ටුව විතරක් නෙවෙයි අහන්න තව ප්‍රශ්න කොච්චර තියෙනවද..? වැඩි පැය ගාණක් හම්බ කර ගත්ත උන් අඩු පැය ගාණක් හම්බ කරගත්ත උන්ට වැඩි පැය ගාණක් හම්බ කරගන්න තියෙන අවස්ථා වහන එක.. තමන් උඩ ටයිම් සෝන් එකට ගියාට පස්සේ තමන් එක්ක එකට හිටිය පහල ටයිම් සෝන් එකේ උන්ට උඩට එන්න බැරි විදියට තමන් ගිය දොර වහන එක... තමන් උඩ ටයිම් සෝන් එහෙක ඉන්න හින්දා පහළ ටයිම් සෝන්වල උන් තමන්ට වදින්න පුදන්න ඕන කියලා හිතන එක... හප්පා සෑහෙන දේවල් කල්පනාවට එනවා..ඒවා ලියන්න ගියොත් කමෙන්ට් එක මාගලක් වෙයි.. ඒ හින්දා ඔය ඇති...

    ඒක නෙවෙයි චාර්මි.. මේ ඉස්සරහා දවස්වල පීබී ජයසුන්දරව මාකට් කරන්න හරි මොකක් හරි කේස් එකක් එනවා වගේ කියලා මට හිතෙනවා... එක්කෝ මෑන්ව ආණ්ඩුවෙන් කඩන්න.. නැත්තං මෑන්ට පෙරළගෙන නෙලන්න... උඹ දන්නවද මොනවා හරි හෝඩුවාවක්... :D

    ReplyDelete
    Replies
    1. ""මේ ඉස්සරහා දවස්වල පීබී ජයසුන්දරව මාකට් කරන්න හරි මොකක් හරි කේස් එකක් එනවා වගේ කියලා මට හිතෙනවා... එක්කෝ මෑන්ව ආණ්ඩුවෙන් කඩන්න.. නැත්තං මෑන්ට පෙරළගෙන නෙලන්න... උඹ දන්නවද මොනවා හරි හෝඩුවාවක්... :D""

      මේකනම් බරපතළ චෝදනාවක් චාමියෝ. මේ කියන්නේ උඹ රාජ්‍ය විරෝධි කුමණ්ත්‍රනයක හවුල් කාරයෙක් කියලා.

      ""උඹ දන්නවද මොනවා හරි හෝඩුවාවක්... :D""

      Delete
    2. අඩේ මාරයියේ...චාමියා 6% සප් එක දුන්න තමයි, ඉදල හිටල පොඩ්ඩක් විතර ආණ්ඩු කෙරුවාවට දොසක් කියනව තමයි. හැබැයි උඹ ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ ගාණට චාමිව දාන එක වැරදියි හරිද...මම නම් හිතන්නේ චාමියා පීබී ට ආදරෙයි.

      ඇත්තට හෙට අනිද්දා මොනවද වෙන්නෙ බං.?

      Delete
    3. 4. මේව කාගෙන්වත් අහල වැඩක් තියෙනවද? අපේම හොඳටනෙ. අපිට කවදහරි යන්ඩ තියෙන ගේට්ටුවනේ ලොක්ක ආරක්සා කරන්නේ. ඉතිං මේව ආරක්සක වියදම්. බැරි වෙලාවත් ඕක දෙමෙල්ලු අල්ලගෙන උන්ගෙ ජාතියෙ උන්ට විතරක් යන්ඩ දුන්නොත්? ලොක්කා බුදුවේවා....!

      Delete
    4. විකාර කියන්න එපා, මෙතන තියන ප්‍රශ්නය පුර්ණ ධනවාදය නැති කමයි. පුර්ණ දනවාදය අවහම ඔය ඔක්කොම හරියනවා. එතකොට ටින්.. ( ගේට්ටුව ඇරෙන සද්දේ) කියල ඉහල කලාපෙට යන්න පුළුවන්. ඊට පස්සේ පහල කලාප වල උන් කරපුව කරන්න අගහරු ලෝකෙන් කට්ටිය ඉම්පෝර්ට් කරනවා. එකටනේ අර යානයක් ඇමරිකන් කාරය අගහරුවලට යැවුවේ. http://ramachandrageadaviya-ramachandra.blogspot.com.au/2012/10/blog-post.html#comment-form

      Delete
  3. මුල ටික මටනම් හරිම දුක හිතෙනවා .(අම්මා පුතාට සල්ලි දීලා වැඩට ගිහින් එනකොට බස් එකේ එන්න සල්ලි නැති වෙලා මැරෙන ඒක )

    ReplyDelete
  4. මමනම් ඒ දවස් වලම බැලුවා ලස්සන ෆිල්ම් එක.. සුරංගනා කතා ටයිප් එකේ ෆිල්ම් එකක් උනත් එකේ හිතන්න ගොඩක් දේවල් තිබුනා ..

    ReplyDelete
  5. අපි නිදාගෙන ලස්සන හීනයක් බල බල ඉන්නේ ඇයි උඹ ඒකෙන් ඒ මිනිස්සුන්ව ඇහැරවන්න හදන්නේ..
    මිනිස්සු බබ්බුද? නෑ..
    ඇයි උන් සිමෙන්ති කොට්ටෙ වැඩිපුර දෙද්දිත් ගිහින් ආයි ආයි උන්ටම දෙන්නේ.
    එතකොට පහල උන් බබ්බුද? 
    උඩ උන්ට තේරෙනවානම් ඇයි උන් කට වහගෙන ඉන්නේ? 
    උනුත් බබ්බුද?

    දැන් එතකොට කවුද බබ්බු?

    ReplyDelete
  6. ඕක මරු ෆිල්ම් එක... මටත් කතාව නම් නිකං බොනි ඇන්ඩ් ක්ලයිඩ් වගේ උනාට ආස හිතුනා... ඒ උනාට ඔය ලොකු ලොකු ඒවා ආදේශ කරන්න නං මතක් උනේ නෑ....

    ඇත්තටම ඔය තියලා තියෙන හේතු වලට අමතරව වෙන මොනා හරි තියෙනවද....???? හ්ම්ම්ම්.....

    ReplyDelete
  7. ඔය අළුත් කතාවක් නෙවෙයි. ඔය කතාවම වෙනත් වචන වලින් කියල තියනවා ජෝන් මේනාඩ් කේන්ස් කියල කෙනෙක් බොහෝ කාලයකට පෙර එහෙම වන්නේ මන්ද කියන පැහැදිළි කිරීමත් එක්ක.

    ReplyDelete
  8. ඔය ෆිල්ම් එකේ අන්තිමට කොල්ලා තමන් මුලින් හිටපු ටයිම් සෝන් එකේ උදවියට යම් තරමකින් ගැලවුම්කාරයෙක් වෙනව... පහල කලාපෙ ටයිම් කීපර්ලට ඔෆිස් එක වහල යන්න වෙනව... මම නම් කැමතී අපිටත් ඒ වගේ ගැජට් එකක් ඇඟේ තියෙනව නම්...

    කැමති කෙනෙක්ට ෆිල්ම් එකේ වගේ වෙන කවුරුහරි තමන්ව බේරගන්න වීරය වෙයි කියල හිතන් ඉන්න පුළුවන්... කැමති කෙනෙක්ට වීරයගෙ චරිතය රගපාන්න ට්‍රයි කරන්න පුළුවන්...

    ReplyDelete
  9. අපි ඇත්ත ‍ෆිල්ම් එකේ ඉඳගෙන බොරැ ෆිල්ම් බලනව

    ReplyDelete
    Replies
    1. ඒකනේ මෙහේනේ තියෙන්නේ නියම ෆිල්ම්..

      Delete
  10. පී බී කියන්නේ පුංචි බන්ඩා කියන එක පුංචි බන්ඩා කියන්නේ පට්ට ගමේ නමක්. මහින්ද රාජපක්ෂ කියන්නෙත් ඒ වගේ.. ගමේ අයගේ නායකයා. අදටත් කොළඹදි පරාදයි.. ඒ උනාට මේ අය ආදරේ කොළඹට. ඒ කියන්නේ ලාංකික නව ලිබරල් ධනවාදයට. (ඔය වචනය ගැන ප්‍රශ්ණ තියෙනවා) බඩු සිල්වා ගෙදර යවපු ජයසුන්දර මහත්තයා මහින්දට ආයෙත් ගේන්න වෙනවා. හේතුව ළෝක බැංකුව කොන්දේසියක් ගේනවා ණය දෙන්න නම් පුංචි බන්ඩා ආයෙත් ඒ තැනට ගේන්න කියලා. ඉතින් බටහිර කුමන්ත්‍රණ කාරයන්ට බය නැති මහින්ද, ජයසුන්දර එතනට ගේනවා. යූ ඇන් පීය නෙමෙයි කටක් හොල්ලන්නේ. ඒත් චම්පිකයි විමලුයි ගේමක් ඉල්ලනවා. ඒ ඉල්ලුවට වැඩක් නෑ. පුංචි බන්ඩා පවර්ෆුල්. අනික කලබල නෑ. කොහොමත් තව අවුරුදු දෙකකින් විතර සිගරට් එක රුපියල් 50ක් විතර වෙයි. ඒත් අපි බොන එක බොනවා. කන එක අඩු කරලා හරි. සමාවෙන්න දැනටත් අඩු කරලා තියෙන්නේ.

    ReplyDelete
  11. //ලාංකික නව ලිබරල් ධනවාදයට. (ඔය වචනය ගැන ප්‍රශ්ණ තියෙනවා)//මොනවා කියනවද ප්‍රශ්න වැඩිවෙලා රාමචන්ද්‍රන් බ්ලොග් එකට අන්තිමට කොමෙන්ට් මොඩරේෂන් පාරකුත් දැම්ම! ගිහින් බලන්නකෝ වැඩවසම් සමාජවාදයද, නව ලිබරල් ධනවාදයද කියල http://ramachandrageadaviya-ramachandra.blogspot.com.au/

    ReplyDelete
  12. මටත් දිරෙව්වෙ නැති වුණාට ඒක ඇත්ත ලෝකය ඒ විධියටම නිරූපණය කරන එක පරණ අදහසක් නිසා වෙන විධියකට ඒක කියපු චිත්‍රපටියක්. ඒ ගැන ඒ විධියට දැක්කෙ කී දෙනෙක්ද මන්දා...

    ReplyDelete
  13. kastiya,
    me movie eka gana newei api ganai thiyennne. we are acting on that screenplay in real life. the movie is not yet end. there are more episodes to come.
    Characters, seance. ect...
    Suba Anagathayak. :P

    ReplyDelete
  14. නියම ෆිල්ම් එකක්. අපි භාවිතා කරන මුදල් ඒකකය තුළදීත් ඔය දේම සිද්ධ වෙනවා. අපි ඒ ගැන හිතලා නැද්ද, හිතන්නැද්ද, නැත්නම් හිතල අත ඇරලා දාලද?

    ReplyDelete
  15. සිරා ෆිල්ම් එක...
    කතාව ගලපපු විදිහත් පට්ට..

    ReplyDelete
  16. චාමීයෝ උඹ කියන යථාර්තේ නිසා පාන්දර වෙනකම් වැඩ කරල, දන්න දන්න බ්ලොග් කටු ටිකත් බලල, පවුලගෙයි ළමයගෙයි සුවදුක් හොයල, රෙදි ටික හෝදල, බුකියේ රවුමකුත් ගහල, තියන විදිහට නාලා කාල චූ කරල..තව ෆිල්ම් බලන්න?

    ගහෙන් කාඩල ටයිම් ද බං?කොච්චර අමාරුවෙන්ද මේ බ්ලොග බලන්නත් ටිකක් ඉතුරු කර ගත්තේ.

    ReplyDelete
  17. බලාගෙන යද්දි අපි ෆිල්ම් එකේ ඉන්න උන්ටත් අන්තයි... මොකද ෆිල්ම් එකේ විදියට අලුත උපදින එකෙකුට අවුරුදු 25ක් කොහොමත් ලැබෙනවා... මුදල් ඒකකය වෙන්නේ විනාඩි නිසා අවුරුදු 25 විනාඩි වලට හැරෙව්වොත් 1*60*24*365*25= වි.1314000 ලංකාවේ මුදල් ඒකකය විදියට රුපියල් කියලා හිතුවොත් රු. 1,314,000/-

    අපේ ලෝකේ අලුත උපදින එකෙකුට සතපහක් ලැබෙනවද? නෑනේ... ඌ උපදිනකොටම හෙනගානක ණයකාරයෙක්... එහෙම බලද්දී අපි ඔය ටයිම්සෝන් මෙව්වා එකේ හිටියනං උපදින්නත් කලින් මැරෙනවා... :D

    ReplyDelete
    Replies
    1. ඒක නිසා දැන් අපි මේ ඉන්න සිස්ටම් එක ගැන කෘතඥ වෙලා සද්දේ වහගෙන පාඩුවෙ හිටපන්... :D

      Delete
    2. පට්ට ඇත්ත. මේ යන විදිහට නම් අන්තරාභවයෙදිම සෙත්ත පෝච්චි වෙයි.

      Delete
    3. නියම ‍කොමෙන්ට් එක.

      Delete
  18. ලියැවි ඇති දේ හි ඇත්තක් ඇත . මට මතක් වුනේ මේ පැත්තේ ඉඳන් , මේ පැත්තෙන් අනික් පැත්තට යන එවුන් වලකන , ඒත් කිසි දාක ඒ පැත්තට යාමට නොලැබෙන මුරකරුවන්ගේ කතාවයි

    ReplyDelete
  19. ෆිල්ම් එක නම් බලල නැහැ... ඒත් මේ ‍පෝස්ට් එ‍කේ නම් හිතන්න කාරණා ‍ගොඩක් ති‍යෙනවා... දුකකුත් හිතුණ බලද්දි අපි ගැනම... අපි හීනයේ ඇලිල ගැලිල ඉන් ‍නෙ ‍මොකුත්ම ‍නොදැනත් ‍‍නෙ‍මෙයි‍නෙ... පුංචි බණ්ඩල‍‍ගෙ වැඩ ඇහින් දැක දැක ඉන්න උණ එකත් පාපයක්...

    ReplyDelete
  20. කිව්වත් වගේ ආතල් නං කඩන්න එපා බං... අපේ ඇත්ත තත්වේ අපිටම පෙන්නනෙත් උඩ සෝන් එකේ ඉන්න එවුන්ම තමා... උං මාර ආතල් එකක් ගන්නවා ඇති ඒකෙන්... අපිට කොහෙන්ද ඕවට වෙලාවක්, අපේ ආතල් අපිට ආතල්.

    ReplyDelete
  21. අද තමා ආවේ. මමත් ඔය ෆිල්ම් එක බැලුවා ආපු දවස් වලම. කතාවේ සංකල්පය හොදයි. ඒ වුනාට චිත්තරපටිය තව නිර්මාණාත්මක වෙන්න ඕන. ආරිටිෆිෂල් හැගිමක් විතරයි එකෙන් එන්නේ. මැට්රික්ස් ත්‍රිත්වය බැලුවට ඒ තත්වය එන්නෙ නෑ. හොද අදහසක් ඉදිරිපත් කරල තියෙනවා

    ReplyDelete
  22. රුපියල් අටසීයෙ කසිප්පු බාර්වල විකුණද්දි හාරසීයෙ කසිප්පු කැලෑ අස්සෙ විකුණන්නෙ ඇයි කියලත් අහන්නෑ.
    අටසීයේ බොතලේ විකුණන්න ලැයිසොන් තිබ්බට හාරසීයේ එක විකුණන කොට පොලිසියෙන් පැනලා අල්ලගෙන යන්නේ ඇයි කියලා අහන්නෙත් නෑ.

    ReplyDelete
  23. දෙයක් හිතන්න තියෙන ෆිල්ම් එකක් වගේ..බොහොම ස්තුතියි අපිටත් මේ ගැන කිව්වට! ජය!

    ReplyDelete
  24. excellent post charmee

    ReplyDelete