Wednesday, August 15, 2012

බෝල්ටයියාගේ බැටන්නෙක


ඔලිම්පික් අහවරය. ඇමරිකාවයි චීනෙයි කොහොමත් දිනුංය. එංගලන්තෙ ජය පරාජය ගැන මොකුත් කියන්ඩ තව අවුරුද්දක්වත් යන්ඩ වෙනවාය. ඔලිම්පික් එක්කල ඔලිම්පුක් කියල ජාතියකුත් පෙන්නා ඇති හෙයින් අපේ අයියලටත් නරකක් වෙලා නැත.

කොහොම උනත් මෙවර ඔලිම්පික් එකේ සිද්දවුන විශේෂම සිද්දිය අපේ වීර බෝල්ටයියාගේ බැටොන්නෙක සම්බන්ධ කේස්සෙකයි. පර සුද්දන් විසින් පවත්වාගෙන යන ඊනියා ජනමාධ්‍ය විසින් කුජීත ලෙස වසංගන ලද මේ සිදුවීම් මාලාවේ ඇත්තටම සිද්දවෙච්චි දේ ඒ මොහොතේ ඒ ආසන්නයේම සිට තරඟ නරඹමින් සිටි මගේ ශ්‍රී ලාංකික හිතවතෙකු විසින් මාවෙත ඊමේලයක් මගින් දන්වා ඇති අතර, ඔබගේ තොරතුරු දැනගැනීමෙ පරම අයිතිය වෙනුවෙන් එය පහත පලකොට ඇත.

---------------------------------

චාමියා මටනම් මේවා දාන්න බයයි... මගෙ අඩෙන්ටිටි එක මෙහෙ සුද්දො ගොඩක් උන් දන්නවා... , උබේ අයිඩෙන්ටිටි එක සුද්දො වැඩියෙ දන්නේ නැතිඑකේ, හොද විදියකට මොඩිෆයි කරලා ඕන් දාපන්... මේන් වැන්දා මගේ නමක් නම් ගාවන්නවත් එපා. 
බුදු සරණයි...!!!

==========================

උසේන් බෝල්ට් මීටර සීය වැඩිකීරීම හතර තරඟයෙන් ජයගත් පසු යස්ටිය ගෙදර ගෙනියන්න ඉල්ලූ බවත්... එය ඔලිම්පික් ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඔලිම්පික් තරඟ තීරකවරු එයට විරුද්ඬ වී උසේන් බෝල්ට්ගෙන් යස්ටිය ලබාගත් බවත්... මේ අතර තරඟය නරඹමින් සිටි හැරී කුමරුගේ එක දුරකතන ඇමතුමකින් උසේන් බෝල්ට්ට යස්ටිය නැවත ලැබුන බවත් දැන් ප්‍රසිද්ද කරුණකි... මේ දුරකතන ඇමතුම් හුටපටය හැරිහැටි ලන්ඩන් මාධ්‍යය ආවරනය නොකල නිසා ඔබගේ පහන් සංවේගය පිණිස සිද්ධිය සිදුවූ අයුරු නාට්‍යානුසාරයෙන් අප මෙසේ දක්වමු...

ජංගම දුරකතනයක් වනමින් උසේන් බෝල්ට් නැවත ට්‍රැක් එකට පැමිනේ... ඔහු පිටුපසින් කුපිත වූ දේශප්‍රේමී ජැමෙයිකානුවෝ රැලකි...

උසේන් බෝල්ට් :- "කවුද මේ... මෙතන ඉන්න සීනියර් ට්‍රැක් ඔෆීසියල් කවුද..?"

එසේ අසමින් ඔහු ජංගම දුරකථනය වනමින් ඔලිම්පික් නිලධාරියෙක්ව හොයයි...

"කවුද සීනියර් ට්‍රැක් ඔෆීසියල්..?" 

"මේ ඉන්නේ මෙතන..."

අයෙක් තවත් ජංගම දුරකථනයක රැදී සිටින වියපත් සුද්දෙක්ව පෙන්වයි... උසේන් බෝල්ට් ඔහු අතට ජංගම දුරකතනය ලබා දෙයි...

වියපත් සුද්දා : "සර්... සර් ඉන්න සර් පොඩ්ඩක් මේ... හැරී කුමාරයා කතා කරනවා කියලා මට උසේන් බෝල්ට් මහත්මයා ෆෝන් එක දුන්නා සර්... මෙතන ඉන්නවා සර් උසේන් බෝල්ට් මහත්තයා..."

උසේන් බෝල්ට්: "කතා කරන්න කතා කරන්න... ඕකට ආන්සර් කරන්න..."

වියපත් සුද්දා උසේන් බෝල්ට්ගේ ජංගම දුරකතනය අනිත් කනේ තියා ගනි...

වියපත් සුද්දා:-  "සර්..."

හැරී කුමරු:- "හෙලෝ..."

වියපත් සුද්දා:-  "සර්..." 

හැරී කුමරු:- "ඔතෙන්ට යන්න කිව්වේ කවුද..?"

වියපත් සුද්දා:-  "සර්... සර්..." 

හැරී කුමරු:- "ඔතෙන්ට යන්න කිව්වේ කවුද..? මම ඔලිම්පික් ලොක්කට කිව්වා... ඔය පලාතේ යන්න එපා..ඔය තරඟ තියෙනකොට මොකටද ඔතෙන්ට ගියේ...?"

වියපත් සුද්දා:- "සර් ඔලිම්පික් ලොක්කා කිව්වේ එන්න කියලා... ඒකයි සර් ආවේ... අපි මේ බැටන් සේරම ගන්න එපැයි සර්..."

හැරී කුමරු:-  "වහාම ඒ බැටන් එක දෙන්න... තීරකයෝ එක්කෙනෙක්වත් තියන්න එපා... විත්ඩ්‍රෝ කරන්න හැම කෙනාවම..."

වියපත් සුද්දා:- "හොඳමයි සර්... හොඳමයි... සර්..."

හැරී කුමරු:- "වැඩක් නැති වැඩක්නේ...මොනවටද ඒ බැටන් ගන්න ගියේ..."

වියපත් සුද්දා:- "රයිට් සර්... රයිට්..."

හැරී කුමරු:- "මොනවටද බැටන්...ඔලිම්පික් ලොක්කව මම අද අස් කරනවා..."

වියපත් සුද්දා:- "හොඳයි සර්... සර්..."

හැරී කුමරු:-  "යනවා ඔතනින් ඔක්කොම..."

වියපත් සුද්දා:- "හො..හොඳයි සර්... හොඳයි..."

හැරී කුමරු දිගටම බැනගෙන යයි...වියපත් සුද්දා බලෙන්ම වගේ දුරකතනව උසේන් බෝල්ට අතට දෙයි...උසේන් බෝල්ට් මාරු වෙද්දී දේශප්‍රේමී ජැමෙයිකානුවෝ ඔලිම්පික් තීරකයාගේ තොප්පිය ගැලවෙන්න පහර දෙති...

---------------------------------

ඔන්න ඔහොමලු උනා කියන්නෙ. මේ සිද්දිය ගැන අන්තර්ජාලයේ වුවද කිසිදු සඳහනක් මෙතෙක් සිදුව නැති අතර, වෙනත් සමාන්තර විශ්වයක වෙනත් බෝල්ටයියෙකු විසින් විසින් කරන ලද මීට සමාන සිද්දියක් පහත වීඩියෝවේ දැක්වේ.

43 comments:

  1. අදත් අත දිග හැර හොඳවැයින් කණේ පාරක්.

    ReplyDelete
  2. නියමයි..හැරී කුමාරයත් ආදර්ශෙට ගන්නේ මෙහෙ රජ පවුලේ අය වෙන්න ඇති.
    හෙළුවන් දිනේවා!!

    ReplyDelete
  3. Replies
    1. ඔක්කොම එකවගේ හින්ද මටත් වෙලාවකට පැටලෙනව බං :)

      Delete
  4. මෙය මේ පෝස්ට් එකට ඍජුව අදාළ නොවේ. ලියන්ට වෙන තැනක් නැති නිසා ලියමි.

    පසුගිය මාස කිහිපය බ්ලොග් අවකාශයේ අප 'දැවැන්තයන්' සේ සිතා සිටි බ්ලොග්කරුවන් හා බ්ලොග්කාරියන් කිහිපදෙනකුගේම හිස් බව මනාව ප්‍රදර්ශනය වූ කාලයක් විය. නිර්මාණාත්මකව යමක් කළ හැකි නම් ජනප්‍රියතාවය මහ දෙයක් නොවන බව ආධුනිකයකු වූ 'මීවනපලානේ ජයරත්න' මාස තුනකටත් වඩා අඩු කාලයක් තුළ හිට්ස් 250,000ක් ගෙන ප්‍රදර්ශනය කළේය.

    දැවැන්තයින් අතර මුලින්ම වැටුණේ රංගය. දෙවනුව අභීතය. ඉන් පසු අද වන විට කතන්දරද අරුණි ශපීරෝද සිය හිස් බවම ප්‍රදර්ශනය කරමින් සිටිති. මේ කිසිවෙක් මේ වන විට "අන්න ආදර්ශයට ගන්න පුළුවන් බ්ලොග් එකක්" කියා කිව හැකි යමක් නොකරති.

    මගේ අදහසේ හැටියට අද බ්ලොග් අවකාශයේ ගුණාත්මක අන්තර්ගතයෙහි ඇති රික්තය යම් මට්ටමකට හෝ පුරවන්නේ තරුණ බ්ලොග්කරුවන් තිදෙනෙකි. පළමුවැන්නා Reargate ලියන චාර්මිය. දෙවැන්නා රාජ්ගේ නවාතැන ලියන රාජ්ය. තෙවැන්නා අන්සතු දිනපොත ලියන ඉන්දික (අමිල?) ය. මේ තිදෙනාගේ හිට්ස් ගැන මම උනන්දු නොවෙමි. ඔවුන්ද උනන්දු වන බවක් පෙනෙන්ට නැත. නමුත් ගුණාත්මක භාවය අතින් ඉහළ මට්ටමේ බ්ලොග් එකක් පවත්වාගෙන යන හැටි ඊනියා 'දැවැන්තයින්ට' වඩා ඉතා හොඳින් මොවුහු පෙන්නා දෙති. තවමත් මා සිංහල බ්ලොග් අවකාශයට එන්නේ මේ බ්ලොග් තුන නිසාය කිව්වොත් වරදක් නොවේ.

    මේ තිදෙනා අතර යම් සමානකමක්ද මම දකිමි. ඔවුන් ලියන දේ වලට අනුව තිදෙනාම කරන්නේ ඉහළත් නොවන පහළත් නොවන මැද මට්ටමේ නිතර මිනිසුන් හා ගැටෙන රැකියාය. රැකියාවෙන් ලබන පරිචය ඉතාම දක්ෂ ලෙස අකුරට නංවන්ට මේ තිදෙනාම තමන්ට හැකි බව ඔප්පු කොට ඇත.

    වෙන මොනවා ලියන්ටද? ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. මම දාපු කමෙන්ට් එකකට පිළිතුරක් විදිහට ලැබුනු දෙයක් ඔබේ කමෙන්ට් එකට පිළිතුරක් විදිහට දාන්නම්.

      ""ඔබ පතන සර්ව-සම්පූර්ණ බ්ලොග්කරුවා/කාරිය මනෝරාජිකයි""

      Delete
    2. සර්ව සම්පූර්ණ බ්ලොග්කරුවන්/කාරියන් පමණක් නොව සර්ව සම්පූර්ණ කිසිත් නැත. ඒක ඇත්ත.

      'රාවය' මොනම ආකාරයකටවත් සර්ව සම්පූර්ණ පත්තරයක් නොවේ. නමුත් මම ඕනෑම මොහොතක 'දිවයින' මිළදී ගන්නවාට වඩා 'රාවය' මිළට ගැනීමට කැමැත්තෙමි.

      Delete
    3. සිංහල බ්ලොග් පාඨකයින් විතරයිද මන්දා බ්ලොග් වලයි බ්ලොග් ලියන අයගෙයි 'ප්‍රබුද්ධ' 'පීචං' භාවය හොයන්නේ.

      Delete
    4. බ්ලොග් පාඨකයෝ නොහොයා කවුරු හොයන්නද?

      හැබැයි ප්‍රබුද්ධ/පීචං බේදය තියෙන්නෙ බ්ලොග් වල විතරක් නිවෙයි. චිත්‍රපට වල තියෙනවා. ගීත වල තියෙනවා. නාට්‍යවල තියෙනවා. පොත්වල තියෙනවා. පත්තර වල තියෙනවා. කොටින්ම නැති තැනක් නෑ...

      Delete
    5. Dear Ano,

      ""නමුත් මම ඕනෑම මොහොතක 'දිවයින' මිළදී ගන්නවාට වඩා 'රාවය' මිළට ගැනීමට කැමැත්තෙමි.""

      රාවය කියවීමට ඔබ මානාප වීම ඔබේ පුද්ගලික දෙයකි. දිවයින මිළදී නොගෙන රාවය මිළදී ගත්තා කියා ඔබ උසස් හෝ පහත් නොවේ. එසේම යමෙක් රාවය මිළදීනොගෙන දිවයින මිළදී ගත්තා කියා ඔහුද උසස් හෝ පහත් නොවේ.

      මා පුද්ගලිකව විශ්වාස කරන අන්දමට පත්තර ලෑල්ලක දිවයින, රාවය, මවුබිම, ඉරුදින, ජනරල මෙන්ම බුදු සරණ, සරසවිය, සදරේණු, තරුණයා, විජය, සුරතලා සහ සීදේවී ආදි එකි නෝකී සියළුම පුවත් පත් තිබිය යුතුය.

      තෝරා ගැනීමේ නිදහස පාඨකයා සතුය.

      යම්හෙයකින් ඔබ මිළදී ගැනීමට කැමති රාවය නොගෙන බොහෝ පාඨකයන් සීදේවි හෝ සුරතලා මිළදී ගනී නම් රාවය පාඨකයෙක් ලෙස ඔබට කලකිරීමක් ඇතීවීම ස්භාවිකය. එහෙත් ඔබට "අඩෝව් උබලාත් රාවය ගනිල්ලා" කියා ඔවුන්ට බලකිරීමටත්; සීදේවි හෝ සුරතලා පුවත් කාර්යාල ගිනි තැබීමටත් ඔබට අයිතියක් නැත.

      එසේ ගිනි තැබුවා කියා සීදේවි සහ සුරතලා පාඨකයන් රාවය කියවන්නේද නැත.

      Delete
    6. ම‍ෙ‍ග් අදහ‍ෙ‍ස් හැ຃යට අද ໣‍ෙ‍ලාග් අවකාශ‍ෙ‍ය් ගුණාත්මක අන්ත໮ගත‍ෙයහි ඇති ໱ක්තය ය໦ ම຀ටමකට ‍ෙ‍හා් පුරවන්‍ෙ‍න් තරැණ ໣‍ෙ‍ලාග්කරැවන් ති‍ෙද‍ෙනකි. Hasithage aagiyakatha blog eka oba kiyawala nathuwa athi mama hithanne, mama nam gunathmaka athin thiyena blog wala palaweni thanata eka thoranawa !! --chaminda

      Delete
    7. ඉහත ඇනෝ මම නොවෙමි. නමුත් අහම්බෙන් මේ දුටු කමෙන්ටුව මා මෙතෙක් දුටු, කියවූ බ්ලොග් ලෝකය ගැන මා විසින් තේරුම් ගන්නා ලද අදහසක ෆොටෝ කොපියක් වැනිය.

      ඉහත සදහන් ලෙස රංග කවදා හෝ බ්ලොග් ලෝකයේ දැවැන්තයෙකු වූවාද කියාවත් මට හිතා ගත නොහැක්කේ, වෙනත් අයකුගේ මඩ ප්‍රහාරයක් ඔස්සේ මා අහම්බෙන් ඔහුගේ අඩවියට පා තැබූ හෙයිනි. අභීත ද එසේමය. නමුත් රංගට වඩා යම් නිර්මාණත්මක බවක් ඔහු ප්‍රකාශ කරයි. (මුදල් ගණුදෙනු මෙතනට අදාල නොවේ)

      කතන්දර සහ අරුණි ශපිරෝ 'ග්‍රීසිය' වැනිය. ඔවුන් කලක් විරාජමානව සිටි බවත් නමුත් අනාගතයක් හෝ වර්තමානයක් නොමැති බවත් ඔවුන්ගේ අඩවි තුළින් මනාව දිස් වේ. මේ අතුරිනුත් කකා ගේ මුග්ධ මාර්කටින් උපක්‍රම ටෙනිසන්ගේ බොළද කුණුහරුප චිත්‍රපටි සිහි ගන්වයි.

      සදරු ගේ ලිපි පළ වීමේ අඩුව නොවන්නට හිස් අහස තවත් එක් සාර්ථක බ්ලොග් අඩවියක් බව නොපිරිහෙලා පිළිගත හැක. එය තවමත් අග්‍ර ගණයේ නිර්මාණ එකතුවකි.

      ඉහත ඇනෝ දුටු අයුරින්ම චාමිගේ , රාජ්ගේ නවාතැන, සමනළ විප්ලවය හැරුණු කොට සුමිත් ගේ ප්‍රහාරය අද වනවිට හරසුන් බව නොමැති, ඕනෑම ලිපියක් ආශාවෙන් කියවිය හැකි තත්වය පවත්වා ගෙන යති. ( මින් සමනළ විප්ලවය සහ ප්‍රහාරය වෙනස් මාතෘකා ඔස්සේ දිව ගියද, එම මාතෘකා තුළ සාධණීය වෙනසක් ඔවුහු සිදු කරති )

      මාරයා තවමත් යම් අයුරකින් තම අඩවියේ ප්‍රාණවත් බව රැක ගැනීමට උත්සහ කරණ බව මාගේ හැගීමයි. වර්ගපූර්ණිකාව මේ වනවිට මී ජයා ගේ ප්‍රමුඛ අරමුණ සාක්ෂාත් කර ගැනීමට යා හැකි උපරිම දුර පසුකර ගොස්, නිකරුනේ 'පෙට්‍රල්' පුච්චා ගැනීමක් කරන්නේ යැයි මට හැගෙයි. එහෙත් වර්ගපූර්ණිකාව තව දුරටත් බ්ලොග් ලෝකයට අවශ්‍යය වේ. නමුත් එහි අරමුණ සහ ආකෘතිය වෙනස් කිරීමට දැන් කාලයයි.

      මේ මාගේ කියවීමයි. එහෙත් ඇස් ඇර සිටින්න ආදිතමයන් කෙසේ වෙතත් නිර්මාණාත්මක සහ හරවත් නව බ්ලොග් කරුවන් බිහි වෙමින් පවතී.

      Delete
    8. /තෝරා ගැනීමේ නිදහස පාඨකයා සතුය. /

      අනිවාර්යයෙන්ම! මෙතැන කිසි තැනෙක කියලා නැහැ මා අකැමැති බ්ලොග් අනෙක් අයට වර්ජනය කරන්න කියලා. ඕනැ නම් බලපුවාවෙ. මට පාන්යැ?

      නමුත් විචාරකයින් කියලාත් පිරිසක් ඉන්නවා. විචාරකයින් මරන්න උත්සාහ ගන්න එපා. එහෙම වුණොත් වෙන්නේ තනිකරම හිට්ස් කමෙන්ට් මත (ඒ කියන්නෙ ප්‍රමාණාත්මකව ) බ්ලොග් ඇගැයීමට ලක් වීමක්. සාපේක්ෂව හිට්ස් හා කමෙන්ට් අඩු ඒත් ගුණාත්මක භාවයෙන් ඉහළ බ්ලොග් තියෙන්නත් ඕනැ.

      Delete
    9. [ආධුනිකයකු වූ 'මීවනපලානේ ජයරත්න']

      ආධුකිනයි කියලද හිතන් ඉන්නෙ ඈ?

      Delete
    10. චාමී ගේ සහ රාජ් ගේ බ්ලොග් රචනාවල හොඳ බව කියන්නට ඔවුන්ව කතන්දරකාරයාට සාපේක්‍ෂව සලකන්නට අවශ්‍ය නැත.

      හැම දේම හැම දාම එකසේ පවතී යයි සිතන්නේ ඇයි? සියළු සංස්කාරයෝ නැසෙන සුලු ද මොකක්ද නේද?

      කතන්දර බ්ලොග් එකේ අවගමනය ගැන ඔච්චර දුක් වෙන්නේ ඇයි. මේ ඇනෝලා ඒකේ ෂෙයාර්ස් මිලදී අරගෙනවත්ද ෆියුචර්ස් මාකට් එකක දී හෝ පැරලල් යුනිවර්ස් එකකදී හෝ?

      Delete
  5. ගෝඨ අභයගේ රෙකෝඩ් එකට ගහන්න හැරියාට බැරිය :D

    ReplyDelete
  6. හැරි කුමරු විසින් කළ ක්‍රියාව කඩවසම් නාමල් අයියා අතින් සිදුවූවානම් මේ ගම් කබරයා මෙතන පෙරලි පෙරලි පොළවේ පස් කනු ඇත්තේය.

    චාමිලා වැනි ගම් කබරයන්ට ලංකාවේ සිදුවන සියළුම දේ වැරදි ලෙස පෙනෙනේ ඔවුන්ගේ ඇස්වල ඇති පොල් පරාලයක් නිසාදොයි අසන්නට මට සිතේ.

    බයිදවේ, මේක ලියුවේ සුද්දන්ගේ රටේ ඉදගෙන හතරවෙනි ජාත්‍යන්තර විපලවේ කරන්න හදන සමාජවාදී දේශප්‍රේමි දේශහිතෛශී ජාතිමාමක ජාතිප්‍රේමි පූර්ණ කාලීන ෆේශ් බුක් වාශී දමිත් කේතක ශ්‍රීමතාණන් නේද..? සුද්දෝ අදුන ගනී කියලා බය වෙනවනම් ඩෙෆා පොර තමයි.

    O` Apollo, the divine Archer..!...Granter of Olympiad..!...Be with thee children of the Northern Bear of Areus..!...Let them silence those who`re waiting to silence them...!...Let them humiliate those who were humiliating them, at their distress..!..We thank thee for thy mercy shown on us...!...Hie, Hie Apollo..

    Amen..!


    ReplyDelete
    Replies
    1. හැදෙන්නෙ නෑ....!

      දමිත් නෙමෙයි බං. වෙන කෙනෙක්.

      Delete
    2. හ්ම්... මට ඒත් හිතුනා. දමිත් වෙන්න බෑ තමයි. ඌ සුද්දන්ට බයේ හැංඟිලා පහර ගහන එකෙක් නෙමෙයි. ඌ එඩිතරව ඔබාමාගෙන් වුනත් ගේම ඉල්ලන මට්ටමේ එකෙක්. රුසියාව වෙනුවෙන් එළිපිටම බය නැතුව වැඩ කරන එකෙක්.

      ඒ කියන්නේ සුද්දන්ගේ රටේ ඉදගෙන සුද්දොත් එක්ක කන්ටෑක්ස් තියාගෙන සුද්දන්ට විරුද්ධව වැඩ කරන; සුද්දන්ගේ රටේ හිටියත් තමන් ඉපදුන රට ජාතිය ගැන කැක්කුමක් තියෙන තවත් එවුන් ඉන්නවා.

      Delete
  7. එකිනෙකට වෙනස් සමාන්තර විශ්ව අනන්තයක් තියෙනවාලුනේ... හැබැයි රජිනි එක වෙන එකනම් ඒ හැම එකේම එකයි වෙන්ඩැති... :)

    ReplyDelete
    Replies
    1. බීටල් අයියෙ සිරා............ කමෙන්ට් එක :D

      Delete
  8. බෝල්ටයියලා සේරම වැඩ කාරයෝ

    ReplyDelete
  9. දැක්කනේ කලින් හිරු නොබසින අධිරාජ්‍ය කියල හඳුන්නපු එංගලන්තේ හැරී කුමරුට වඩා අපේ පොරවල් සුපිරි බලවත්තු හරිය . . ඒකනේ හැරී කුමරුගේ වීඩියෝ අන්තර්ජාලේ නෑ අපේ අයගේ ඒවා තියෙනවා .. හෙළයෙක් වීම ගැන ආඩම්බර වෙයන් . . :D

    ReplyDelete
  10. සාක්ෂියක් නැතුව නිකන් කයි කතන්දර දන්න එපා යකෝ.

    ඔහොම බොරුවක් ඕන එකෙක්ට හදලා දන්න පුලුවන්නෙ.

    හැරී අරූට කිව්වෙ මොනවද කියලා වචනෙන් වචනෙට දාලා! මාරයි ඈ

    ReplyDelete
    Replies
    1. ඔයා විදූ නේද?
      හොරගෙඩියා ඇනෝ ඇවිත්... හික්ස්

      Delete
    2. හිකිස්..මටත් හිතුනේ ඕකමයි..මේ නම් වර්ගපූර්ණිකා මුදියන්සේලාගේ විදූ ම වෙන්න ඕන.

      Delete
    3. විදූ මලය අපිව මෝහාන්ධකාරෙං මුදෝගන්න මෙතෙන්ටත් ඇවිදිං ද ???

      Delete
    4. සජීව ධනුද්ධරAugust 16, 2012 at 8:48 PM

      මටත් හිතෙන්නෙ පාඨකයා මෝහෙන් මුදවගන්න බහුශ්‍රැත විදූ ශූරීන් මෙතෙන්ට ඇවිත් කියල තමා.

      Delete
    5. මගෙ මිතුරා, හොඳ මුනියා!

      Delete
  11. අනේ අනේ බෝල්ටයියේ???????

    ReplyDelete
  12. චාමි නියමයි.
    මට එක පාරටම හිතුනේ , " මේ මනුස්සය මේ සිද්ධි දෙක සම්බන්ධ කලා නේ " කියලා.
    කොහොමද අපේ බෝල්ට් , උසේන් බෝල්ට්ගේ ජයග්‍රාහි ඉරියව්ව අනුගමනය කරන්න ගත්තොත් මැතිවරණ වේදිකා වල .

    ReplyDelete
  13. කුජීතයි අප්පා :// අප්පිරියම ජාතියක් ඕකුන්

    ReplyDelete
  14. // වෙනත් සමාන්තර විශ්වයක වෙනත් බෝල්ටයියෙකු විසින් විසින් කරන ලද මීට සමාන සිද්දියක් පහත වීඩියෝවේ දැක්වේ. //

    ඒක නෙවි, මේ සමාන්තර විශ්ව කතාව දැන් නැගල යනව නේ ද?

    ReplyDelete
    Replies
    1. ඔවු පායල වේලිලා ගියපු බ්ලොග් අවකාශෙට වැහි පොදක් වහිනව.කනයො මෝඩ චුන් දාල මඩ කරපු වතුරේ ලූල සෙල්ලමක් දාන්න පටන් අරන්.

      Delete
  15. මම හිතන්නේ සමනළ විප්ලවයෙන් තමා මේ සමාන්තර විශ්ව කතාව ඇදිල ආවේ. හැබැයි බෝල්ටයිය ගේ කතා පටන් ගත්තෙ නම් මිස්ටර්. සුජීව කොකාවල.

    ReplyDelete
  16. ඔව් ඉතිං. මොකක් අල්ලගෙන හරි විමල්ටම ගහපියව්. දැන් ටික කාලෙකින් මොකුත් නැතුව තොපිට කහනව වගේ ඇතිනෙ. අවජාතික හැත්ත

    ReplyDelete
    Replies
    1. මිගාර මහත්තැන් ඇවිත් ගිහින් තියෙන්නෙ.

      Delete
    2. අය්යේ වැරදි තැනක කමෙන්ට් කරන්නේ ඔයාගේ සෙට් එක අරෙහෙ ...සී නිව්ස් එකේ!

      Delete
    3. විමල්ට කොහොම ගහන්නද කොල්ලෝ එකා හත් පොලේ ගාන් ඉන්න විදිහට ලං වෙන්න බෑ ගන්දස්සාරේ බන්!!

      Delete
    4. අනේ ඔවු බන් විමල් ගොයියාගේ නාඩගමක් නොබලා මේ ගත කරපු දවස් ටිකනම්, හරියට පඩ අරින්නේ නැතුව බෝගක් දැම්ම වගේ. පුල් කුජීතයි.

      Delete
  17. අවජාතික = අව + 'ජාතික' = මෙහි තේරුමක් නැත. සුනඛවංශ ගේ අනුගාමික ඇනෝ සිංහළ හරියට නොදන්නා අතර එය මව්භාෂාවට නිගරු කිරීමකි. නිගරු වූ මවක් ඇතිවිට නිගරු වූ උපතක් ඇති වේ. නිගරු වූ උපතක් ඇති ඇනෝ නිසැකයෙන්ම 'අවජාතක' විය යුතුය.

    ReplyDelete