Thursday, July 26, 2012

කඩු හොරා පිළිබඳ මා දන්නා තොරතුරු අනාවරණය කිරීමයි.


මෙය සෑහෙන්න සිතා බලා ලියන ලිපියකි. මේ තොරතුරු මෙලෙස හෙලිදරව් කිරීමට මගේ කිසිදු කැමැත්තක් නොතිබුණත්, නීතිගරුක පුරවැසියෙකු වශයෙන් මගෙ මතු ආරක්ෂාව පිණිස මෙය කල යුතුව ඇත. මන්ද යත් යම් අපරාධයක් පිළිබඳ අප දන්නා තොරතුරක් වසන් කරගෙන සිටීමද නීතියට අනුව බරපතළ වරදක් වන බැවිනි.

කෞතුකාගාරයේ පුරාවස්තු සොරකම සිදුව සෑහෙන කලක් ගතවුවත්, එම තක්කඩි හොරා ගැන මා දැනගත්තේ ඊයේ පෙරේදා දිනෙක බව මුලින්ම දිවුරා ප්‍රකාශ කරමි. කලින් දැනගත්තානම් එදාම කියනවාය. ඇත්තටම මූ අඳුනාගත්තේ පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කල අර පොටෝ එකෙනි.

සහතිකවම ඔය පොටෝ එකේ ඉන්නේ අපේ ගමේ ඉන්න අංක එකේ මදාවියෙකු වන ජේ.එම්. අසංක කුමාර කියන එකාය. සැක නං ගමේ ඇස් පේන ඕනෙ එකෙකුගෙන් අසා දැනගත හැකිය.

ඕකා ඉස්කෝලෙ ගියේ මාත් එක්කය. මූ හතේ පන්තියෙන් කට්ටි පැන්නේය. ඊට පස්සේ රස්තියාදුවට වැටුන මූ ටිකක් අළු ගසා දාලා ආවේ ගාමිනී මුදලාලිගේ ලොරියේ ගෝලයා උනාට පස්සේය. මූව එතනින් ගහලා පැන්නුවේද මොකද්ද සල්ලි කේස් එකකට කියති.

මේකා ඉන්පසු රස්සාවක් කලේ නැත. ආදායම් මාර්ගය හොරකමයි. ගංජා පප්පෙකි. ඇවිදින ස්කාගාරයකි. වරක් මෝටර් හොරකමකට මාට්ටු වී මෝටර් වමාරන්ඩම මූට පොලිසියෙන් නෙලා තිබුණි. ගමේ හරක් හොරකම් හැම එකකටම මුගෙ නම ගෑවී ඇත. ගමේ ගෙවල් කඩපු හැම වතාවකම මූව පොලිසියෙන් සෙවූ මුත් මෙතෙක් අල්ලාගැනීමට නොහැකි විය.

කටුගෙයි හොරකමට මුගේ ඇති සම්බන්ධය මට නම් ඉතා පැහැදිළිය. මූ දැනට අවුරුද්දක විතර ඉඳන් ගමේ නැත. මිනිහා මනම්පිටිය පැත්තේ මොනවද කරන බව සමහරු කියති. පට්ටපල් බොරු. හොරු කවද්ද යන තැන කියල යන්නෙ?

අසංකයාව හොඳින් දන්නා කෙනෙකු වශයෙන් ඔය හොරකම ඕකාම කරන්නට ඇති බවට මටනම් කිසිම සැකයක් නැත. මූට හොරකමටම ඔබින සහජ බුද්ධියක් සහ සූක්ෂමව වැඩ කිරීමේ මනා හැකියාවක්ද,  නරියෙකුට මෙන් කපටි මොලයක්ද ඇත. එමෙන්ම ඕනෑම මෝරෙකු, වචන හත අටකින් එකතැන නැමීමේ සහජ කුසලතාවද මූට ඇත.

වැඩේ සිද්ද උන ආකාරය අසංකයා අල්ලාගැනීමෙන් පසු සහසුද්දෙන්ම දැනගත හැකි වුවත්, ඌ ගැන දන්නා මට නම් ඕකා ඔය තක්කඩි වැඩේ කරපු හැටි දැන්ම තියා කිව හැකිය. පරීක්ෂණ වලට පහසුවක් පිණිස මගේ උපකල්පනද මේ සමග සඳහන් කරමි.

මූට ඔය කඩු ටිකම උස්සන්ඩ හිතුනු එක ගැනනම් මට මොකුත් සිතාගත නොහැක. (ඒවා අල්ලගත්තයින් පස්සෙ අහගන්ඩ)

මුලින්ම මූ කරන්ඩ ඇත්තේ කටුගෙයි සැලසුම, යන එන පාරවල්, හා ඒවායේ දුර විශ්ලේෂණය කිරීමයි. පලපුරුදු හොරෙකු වන අසංකයාට ඕක ටොයිස් වැඩකි. ඊළඟට මූ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර ඇත. ඇතැම්විට ඒවා වැඩකරන හැටි ගැන මූ දවසක දෙකක කෝස් එකක් කරන්නටද ඇත. මන්ද යත් ඕවා ඔන් ඕෆ් කරන්නට මෙච්චර යුනිකෝඩ් කොටන මමත් දන්නේ නැත. ඕනෙ එකක් පැයෙන් හමාරෙන් අල්ලගන්ඩ අසංකයා දක්ෂයා.

ඊළඟට මූ දැල එලා ඇත්තේ ගාඩ්රූම් එකේ ලොක්කාටය. ලොක්කා නමාගත් පසු සොක්කන්ව මොනවද? ඇතැම්විට ගානක් විසිකරන්නටද ඇත. හොරුන්ට සල්ලි නැතුවයැ?

මේක අධිආරක්ෂිත කලාපයක් බව සමහරු කියා තිබේ. සල්ලි ඇත්නං ඕවා ප්‍රස්නද? කරන්ඩ තියෙන්නේ හමුදාවේ ලොක්කෙක් අල්ලාගෙන ඔය පනින්ඩ හදන දවසේ, වටේ පිටේ ඩියුටි වැටෙන අයගේ ලැයිස්තුවක් ඉල්ලා ගැනීමයි. ඊට පස්සේ ඒ එක එක්කෙනා වෙන වෙනම හම්බවෙලා බටර් පාරක් ගාල ගානක් අතමිට මෙලෙව්වහම ඒ වැඩේ ෂේප්. කුරුඳුවත්ත පොලිසියෙත් හැමෝටම වගේ දුන්නා නොවිය නොහැක. අසංකයා ඔය වැඩේට කප්පිත්තෙක්.

දැනට ඇති තොරතුරු වලට අනුව හොරකම දා දවල් මූ කටුගෙට ගිහින් ඇත. ගිහින් මොකක් හෝ ජිල්මාට් එකක් දමා කැමරා ටික ඕෆ් කර ඇත. එදා රෑ මූ කටුගේ ළඟට යන්ඩ ඇත්තේ ත්‍රීවීල් එකකින් බව මගේ අදහසයි. සාමාන්‍යයෙන් ඔය වගේ බෙල්ල ගහල යන ගේම් වලට වීල් කාරයො එන්නෙ නැති නිසා මූ මේ වැඩේටම සල්ලි දීල ත්‍රීවීල් එකක් ගත්තා යැයි මා සැක කරමි.

මුලින්ම මූ කර ඇත්තේ ගෝනි පඩංගුවක් සහ ලනුවක් රැගෙන කටුගේ භූමියට ඇතුළු වීමයි. ලොක්කා ෂේප් නිසා ගේට්ටුවෙන්ම ආවා වෙන්නටද පුළුවන. ඊට පස්සෙ කටුගෙයි වහලට බඩගෑ මූ, දන්නා ශිල්ප දමා ඇතුලට ලණුව දමා කටුගේ තුලට බහින්නට ඇත. ඔය කියන කඩු බඩු ටිකයි, අර සිල්ලර කාසි ටිකයි ගෝනි පඩංගුවේ ඔතාගත්තු මේකා ආපු පාරෙන්ම ආපහු විත් වීල් එකේ නැග අතුරුදන් වන්නට ඇත.

මේ ටික නං සාමාන්‍ය හොරකමකි. මූව කොටිය කන්ඩ වටින්නේ වැඩේ යට ගහන්ඩ ඊට පස්සෙ කොරපු හරිය දකිද්දීය.

වැඩේ අහවර කොට කඩු ටික හංගා මූ බලං ඉඳ ඇත්තේ හොරකම ගැන මොකක්හරි කොනක් එලියට එයිද කියලා වෙන්නට පුලුවන. අර කලා භවනෙ වැඩකරපු ස්ටැන්ලි කියල හාදයෙක් පොලිසියෙ දෙන්නෙක් ගැන කට උත්තරයක් දුන්නේ ඒ අතරය. වැඩේ පත්තු වෙන්ඩ යන බව අසංකයාට තේරෙන්ඩ ඇත. (හේතුව උඩ ඇත). ඌ වහාම රහස් පොලිසියේ දහ පාලොස් දෙනෙක් අල්ලගෙන වැඩේ කනපිට ගහන්නට සමත් වී ඇත. (වියදම් තමා ඉතිං)

ඒ අනුව දෙන්නෙක් ලව්වා ස්ටැන්ලියාව බැස්ටියන් මාවත ස්ටෑන්ඩ් එකේදී උස්සවන ලද අතර ත්‍රීවීල් එකකින් (මෙය අසංකයා මිලදී ගත් වීල් එකම විය යුතුය) , සුගතදාස ස්ටේඩියම් එක වටේ කරකවා කොටුව ප්‍රදේශයෙන් අසංකයා මාස හයකට කුලියට ගත් නිවසකට නැවත ගෙන ගොස් ඇත. (කඩු හොරා කොටුව ප්‍රදේශයේ ඉන්නා බවට පොලිසිය විසින්ද මෙය සනාථ කරන ලදී.) මේ නිවසේ ස්ටැන්ලිව සුමාන තුනක් විතර තියාගෙන කට්ටිය ලව්වා පාට් දම්මවා අසංකයා ට්‍රයි කරන්ඩ ඇත්තේ ස්ටැන්ලිව බිල්ලට දී මිනිහා බේරෙන්ඩය. (මේ සුමාන තුනේ කට්ටියට -සහ ස්ටැන්ලියාටද- කෑම බීම සේරම අසංකයා අතිනි) බැරිම තැන වෑන් එකක් රෙන්ට් එකට ගෙන දෙතුන් දෙනෙක් එක්ක ගඩලාදෙණිය හන්දියට ගෙනිහින් ස්ටැන්ලියාව කාණුවට තල්ලුකර ඇවිත් ඇත. (ඕවට වියදම් යනවා කිය කියා හැමතිස්සෙම කියන්ඩ ඕනෙද?)

මේ මොන සෙල්ලම් දැම්මත් අයුක්තිය අසාධාරණය සැමදා රජ කරන්නේ නැත. අන්තිමේදී දිට්ඨ ධම්ම වේදය පලදෙමින් අසංකයාගේ පින්තූරය හැම පත්තරේම වැටුනි. ඌට ගැලවීමක් නැත. දැන් ඉතින් එලියට බහින්ඩවත් බැරුව ඔය කොටුව කුලී ගෙදරට වෙලා කඩු දිහා බලාගෙන බඩගින්නේ හූල්ලමින් ඌ ඉන්නවා ඇතිය. (කඩු ටිකට නම් තවමත් අතුරු ආන්තරාවක් වෙලා නැති බව පොලිසියට මෙන්ම මටද ෂුවර්ය) තව ටික දවසකින් සුදු රෙද්දකින් මූණ වහගෙන උසාවි එන අසංකයා ටීවී එකේ දැකගන්නට අපේ ගමේ උන් දතකට මැදගෙන බලා සිටිති. ගම කෑවා තක්කඩියා.

මේවා බ්ලොග් එකේ නොලියා කෙලින්ම අදාල තැනට දුන්නානම් අර තෑග්ග ගන්ඩ පුලුවන් නේදැයි ඔබ අසන්නට පුලුවන. එහෙත් මමද ප්‍රතිපත්තිගරුක මිනිසෙකි. මොන හොරා උනත් මගෙ (ඉස්කෝලෙ) පන්තියෙ එකෙක් පාවාදීල ගන්න සල්ලි මගෙ බල්ලටවත් ඕන්නෑ....!

52 comments:

  1. හෙලෞරුමෙන් කඩු හොයන්න කියලා පෙලපාලී ගියේ... ඒ මිනිස්සු අසංකයට සල්ලි වලට නමාගන්න බැරිවෙන්න ඇති... නැත්තං ඌට එච්චර සල්ලි නැතුවද..? නෑ... සල්ලි වලට නමන්න බෑ හැමෝම...

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද? හෙල උරුමෙට තමයි අසංකයා වැඩිම ගාන දීල තියෙන්නෙ. ඔය කඩු හොරකම ගැන හැමෝම ආන්ඩුව සැක කෙරුවනේ. අසංකයට තේරුනා ආන්ඩුවට තද උනොත් මුලු පොලිසියම දම්මලා හරි මේක හොයනවමයි කියලා. ඒ ගමන තමා ආන්ඩුවෙම පක්ෂයක් දම්මලා ආන්ඩුව නොකලා වගේ පෙන්නන්න උද්ගෝෂනයක් කෙරෙව්වෙ. හැබැයි ඉතිං කෝටියක් දෙකක් විසිකරන්ඩ ඇති.

      හෙල උරුමෙම මීට සති දෙක තුනකට කලින් පිලිගත්තා කඩු හොරා ගැන සියළු තොරතුරු පක්ෂයේ අභ්‍යන්තර රහස් කියලා. ඒ ගොල්ලො ඒකට නඩු දාන්නැති බවත්, කැමති කෙනෙක් නඩු දාගන්න කියලත් කිව්වා. කුඩු කෑ විත්තිය වගේ තමා.

      මේක කියන්නෙ සියළු සාක්ෂි සහිතවයි. :)

      Delete
    2. සියලු සීමාකම් මැද්දෙ උනත් හෙල උරුමෙ විතරයි මේක ගැන හඩක් නැගුවෙ. කට තිබුන පලියට වාචාල කතා කියන්ඩඑපා.
      හෙ උරුමෙ කොහෙද කිව්වෙ එහෙම රහස් තියෙනව කියලා. කෝ තියෙනවයි කියන සාක්කි?

      Delete
    3. ඈබිත්තයෙක් පෝම් වෙලා.

      Delete
    4. කෝ සාක්්කි???

      Delete
    5. අන්න හෙළ උරුමේ නගපු සද්දෙට අරලිය ගහ මන්දිරේ දෙදරලා.

      Delete
    6. පවු අනේ හෙළ උරුමේ, සාක්කි මොකටද? චම්පිකගේ පර පිඩක කාමුකත්වය ගැනද?

      Delete
  2. නිර්මානේ හොඳයි තාත්වික නැහැ.

    ReplyDelete
    Replies
    1. හරි! එතකොට උඹ කියන්නෙ පොලීසියෙන් මූන ප්‍රසිද්ධ කල එකා ඔය ඔක්කොම(වෙනත් තාත්වික විදියකට) කලා කියනඑක තාත්විකයි කියලද? :)

      Delete
  3. *
    Beautiful !!! As usual.

    There is another person who is facing the same predicament as Stanley in this 'story'. That is the skinny fellow whi is in custody now for one of the Kahawatta double murders. Everybody knows it was not him but no one bothers speaking for him (specially media). Yesterday it was Stanley. Today it is this man. Tomorrow it could be anyone.

    Apparently we need to punish someone and forget, not necessarily to punish the real culprit.

    ReplyDelete
  4. ලිපිය ලියන්න කලින් අසංකයට කිව්වනම් ගානක් කපාගන්නත් තිබුනා.

    ReplyDelete
  5. කඩු කේස් එක ගැන මන් දැකපු හොඳම විග්‍රහය! මානිගෙ තීරුවට කිට්ටු කරන්න පුලුවන් හොඳ නිර්මානයක්

    ReplyDelete
  6. ඔය කියලා තියෙන්නෙ දැක්කා වගෙම

    ReplyDelete
  7. බුද්ධි සම්පන්න සයිබර් අවකාසය නොමඟ යැවීමේ අරමුණින් අසංකයා චාමිගේ අතේ ලොකු ගාණක් තැබා ඇතැයි අපිට නිකමට සිතේ! :D

    ReplyDelete
  8. ඔය දාලා තියෙන එකාගේ Typical හොරෙක්ගේ facecut එක තියෙනවා!
    අසංකයාම වෙන්න ඕනා! :P

    ReplyDelete
  9. @චාර්මි,

    මේ දවස් වල බ්ලොග් අවකාශය කළඹන මෙන්න මේ ගැටළුත් මේ වගේම විසඳා දුන්නා නම් අගෙයි.

    1. අභීත එදිරිසිංහ, සනත් විජේවර්ධන හෙවත් ඔබා මාමාගෙන් යම් මුදලක් ණයට ගත්තාලු. ඉන්දික උපශාන්ත කියන විදියට එය ලක්ෂ විස්සකි. මාරයා හෙවත් චතුශ කුමාර කියන විදියට ලක්ෂයකි. මේ දෙන්නාම කියන්නේ එය යළි නොගෙවූ බවයි. අභීත එදිරිසිංහට අනුව මුළු මුදලම අප්‍රේල් මාසයේ 28 වැනිදා, එනම් ඔබා මාමා මිය යන්නට සති දෙකකට පෙර පියවා තිබේ. ඊ-මේල් කවිකාරි ඔබා අවුරුදු නිවාඩුව අහවරව යන්නට පෙර දුරකථන ඇමැතුමකින් මේ මුදල ලැබුණු බව කියයි. කවුද හරි? කවුද වැරදි? මොකද්ද ඇත්ත?

    2. අභීත එදිරිසිංහ ඉන්දික උපශාන්තගෙනුත් යම් මුදලක් ණයට ගත්තාලු. ගණන ලක්ෂ දෙකකි. ඉන් 70,000ක් ගෙව්වාලු. ඉතිරිය ගැන දෙන්නා කියන්නේ කතා දෙකකි. ඉන්දික උපශාන්තට අනුව එය ගෙවා නැත. අභීතට අනුව එය ගෙවා ඇත. කවුද හරි? කවුද වැරදි? මොකද්ද ඇත්ත?

    බ්ලොග් අවකාශයේ ඕපාදූප සෙවීම හැර වෙන වැඩක් නැති මා වැනි අදේශපාලනික නමින් හා නොනමින් එන ඇනෝලා වෙනුවෙන් මේ ගැටළු වලට පිළිතුරු බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. උඹ මොකටද බං අනුන්ගේ *යියවල් හොයන්නේ??? උඹේ වැඩක් බලාගෙන ඉන්නැතුව. දනගන්නට ඕන්නම් උන්ගෙන්ම අහගනින්කෝ බ්ලොග් වල රෙන්නැතුව!

      Delete
    2. අනේ මහත්තයෝ, අනුන්ගේ (විශේෂයෙන්ම අනෙක් බ්ලොග්කරුවන්ගේ/බ්ලොග්කාරියන්ගේ) ඕපාදූප සෙවීම හැර අදේශපාලනික බ්ලොග්කරුවන් වන අපට කරන්න වෙන වැඩක් තියෙනවායැ? අපට ඔය කඩු ගැන කතා, දේශපාලන කතා වැඩක් නැහැ. මෙන්න අපේ අදේශපාලනික බ්ලොග් අවකාශයට වැදගත් මාතෘකා.

      1. රමේෂා සිරිවර්ධනගේ පිටේ පච්චය
      2. අභීත එදිරිසිංහගේ ණය ගිනුම
      3. කතන්දර සූරීන් කක්කා කරන හැටි, චූ කරන හැටි හා ජොකා අඳින හැටි

      තේරුණයි?

      Delete
    3. @ Anonymous July 26, 2012 11:57 AM

      ඔය අන්තිම කැල්ල ඔහොම නෙමෙයි දාන්න ඕනෑ, මෙන්න මෙහෙමයි.

      කතන්දරකාරයා
      a. කක්කා කරන හැටි: http://kathandara.blogspot.com/2010/07/blog-post_26.html

      b. චූ කරන හැටි: http://kathandara.blogspot.com/2010/05/blog-post_12.html හා

      c. ජොකා අඳින හැටි: http://kathandara.blogspot.com/2011/12/theodolite-assisted-method-to-correctly.html

      !!!

      Delete
    4. d. අනුන්ගේ බ්ලොග් වලට ඇවිත් රෙන හැටි!!!!http://reargate.blogspot.com/2012/07/blog-post_26.html?showComment=1343325657566#c2806786248548679178

      Delete
  10. මේ අසංකයා නෙවෙයි .නැගෙනහිර හිටපු මහ ඇමති පිල්ලෙයාන්නෙ
    http://sundaytimes.lk/090726/images/Pilleyan.jpg

    ReplyDelete
  11. එළට ලියලා

    ReplyDelete
  12. සුදු වැන් එයි දැන් පස්සෙන් ...

    ReplyDelete
  13. මේකා නම් හැබෑවටම මාරම හොර ගෙඩියෙකි. චාමි හෙලිකල මුගේ කැරැට්ටුවේ හැටියට මේකා මින් පෙරත් මෙවැනිම හොර මගෝඩිකම් කර ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.

    මාස ගනනාවක සිට රට වටේම නිධන් හෑරීම සිදු කලේද මේ මගඩිරාළයා වීමට බෙහෙවින්ම ඉඩ ඇත. කටුගේ සිද්ධියේ දී පොලිසිය සහ බලධාරීන් බාගත් අයුරු බලන විට මේකාට S.T.F නිල්ධාරීන් හා මාධ්‍ය ප්‍රකාශකයින් බා ගැනීම කිරි කජුය.

    මේවැනි හොර ගෙඩියෙකු නිදැල්ලේ හැසිරීම රටේ නීතිය හා සාමයට මහත් බාධාවකි. (මේකාට හදිසියෙවත් E.P.F සල්ලි, I.M.F සල්ලි එහෙමත් හොරකම් කරන්න හිතුනොත්!!) එබැවින් මේ අසංක කුමාර සහ එවැනි කුකුල් හොරුන්, කෙසෙල් කැන් හොරුන් රාජ්‍ය ආරක්ශාව සලකා බලා වහාම අත්ඩංගුවට ගත යුතුය. අත් අඩංගුවට ගෙන සඟවා ඇති ආයුධ පෙන්නීමට ගෙන යා යුතුය.

    ReplyDelete
  14. මහෝදර
    +++++++++

    මම නං කියන්නෙ මූ මීටත් වැඩි දෙවල් කරල තියනව. අසූ තුනේ කලු ජූලියෙ ඉඳල සිද්ධවෙච්ච හැම එකක්ම කලේ ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. අපගේ අවංක, නිර්භීත, අපක්ෂපාතී පොලීසියට මේකා හසු වූ විට ඔය කෙරුවාවල් සියල්ලම වමාරවා ගනු නොඅනුමානය. දෙවන රාජසිංහ රජුට විස උන කටු සෙට් කලේත් මේකා බව උනත් අපේ බුද්ධිමත් පොලිස් නිලදරුවන්ගේ පරීක්ෂන වලින් හෙලි වුවහොත් අප කලබල වියයුතු නැත.

      නමුත් එකම කොස්සක් තිබේ. ඒනම් යම් හෙයකින් මේ කෛරාටික අසංකයා තමුන්ට මේ සියල්ල අමතක බවට ප්‍රකාශයක්, මොළයේ ස්කෑන් රූපයක් සමග ඉදිරිපත් කලහොත් වත්මන් නීතියේ හැටියට මොහුට එරෙහිව නඩු පැවරිය හොහැකි වීමයි :-(

      Delete
    2. අනිවාර්යෙන්ම. අපගේ අවංක, නිර්භීත, අපක්ෂපාතී පොලීසියට මේකා හසු වූ විට ඔය කෙරුවාවල් සියල්ලම වමාරවා ගනු නොඅනුමානය. දෙවන රාජසිංහ රජුට විස උන කටු සෙට් කලේත් මේකා බව උනත් අපේ බුද්ධිමත් පොලිස් නිලදරුවන්ගේ පරීක්ෂන වලින් හෙලි වුවහොත් අප කලබල වියයුතු නැත.

      නමුත් එකම කොස්සක් තිබේ. ඒනම් යම් හෙයකින් මේ කෛරාටික අසංකයා තමුන්ට මේ සියල්ල අමතක බවට ප්‍රකාශයක්, මොළයේ ස්කෑන් රූපයක් සමග ඉදිරිපත් කලහොත් වත්මන් නීතියේ හැටියට මොහුට එරෙහිව නඩු පැවරිය හොහැකි වීමයි.

      Delete
    3. {..තමුන්ට මේ සියල්ල අමතක බවට ප්‍රකාශයක්, මොළයේ ස්කෑන් රූපයක් සමග ඉදිරිපත් කලහොත් වත්මන් නීතියේ හැටියට මොහුට එරෙහිව නඩු පැවරිය හොහැකි වීමයි.}

      හික්.. දුමින්ද සිල්වා!

      Delete
  15. මට මැවිලා පේනවා මූ බීඩියකුත් පත්තුකරගෙන බඩුටික ගෝනියට අඩුක්කරන හැටි.....
    දැන් ඉතින් සෙල්ලං ඉවරයි. දෙක නෙලනකොට වමාරයි අම්මගෙන් බීපු කිරිත් එක්කම...

    ........ඒත් මම කල්පනා කළේ මූට මොකටද කඩු...... බටේ ගහන්න ද ?

    ReplyDelete
  16. ඉස්කෝලේ එකා උනාට මේකා දැන් හොරෙකි..!

    ReplyDelete
  17. me wage dial ekak GTA San Andrias eke hitiya

    ReplyDelete
  18. සජීව ධනුද්ධරJuly 26, 2012 at 10:01 AM

    අම්මපා මහෝදරයෝ ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත.කරන්ඩ ඔනෑ ඔය ටිකමයි.

    ReplyDelete
  19. සුමිත් ගේ ප්‍රහ්නෙම තමයි මටත් තියෙන්නේ.
    අසංකයාට මොකට ද කඩු?

    ReplyDelete
  20. කඩු ගත්තේ ගිලින්නද දන් නැනේ..කඩු ගිලිනව මං ටීවි එකේ දැකලා තියෙනවා...

    ReplyDelete
  21. අමිල හරි,
    මේ පිළිඹදව සිදුකළ දීර්ඝ විස්ලේශනයකින් පසු (පුටුව උඩ ඉදන් කල) මටත් පේන්නේ අසංකයා කඩු හොරකං කරල තියෙන්නේ ගිලින්න ම තමයි.
    එතකොට ඇයි ගිලින්නේ? ඒයා සේරම නරක වැඩ නතරකරල හොද ළමයෙක් වෙන්න තීරණය කරල.බස්වලට නැගල ස්වංරැකියාවක් කරල (කඩු ගිලල) ජීවත් වෙන්න තමයි එයා ට්‍රයි කරල තියෙන්නේ.ඒකටයි ඔය කඩු හොරකම් කරල තියෙන්නේ. ඒත් ඉතිං දැන් ඒ සිහිනයත් බොඳ වෙන හැඩයි. අහෝ කෘර සමාජය!

    ReplyDelete
  22. අර අනූගනංවල නිදන් හෑරුවේ මුගේ අප්පොච්චි වෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. ඔවු ඒ මුගේ අප්පොච්චිලුනේ.ඒ අප්පොච්චිට දාව උපන් නිවුන් සහෝදරයා විපක්ෂයේ හොඳ බයිලා කාරයෙක් මු වගේ නෙමෙයි හයක් හතරක් නොතේරෙන චුටි පැටියෙක් .භාණ්ඩාගාරය හිඳිලා තියෙන්නෙත් මේක ඒකට පැනල කාසි මලු පන්නන් ගිහිල්ලලු නේ.ඔය මිහින් ලංකා එක පාඩු ලබනවා ඇත්තෙත් මු අහස යාත්‍රා වලින් හොරෙන් තෙල් පන්නනවා ඇති.

      Delete
  23. අසංකයා යනු මාර පොරකි.දැන් කල යුත්තේ වහ වහා මේකාව ඉන්න තැනකින් අත්අඩංගුවට ගෙන මූව රහස් පොලීසියට බඳවා ගැනීමයි..හොරකම් කොට මෙසේ ලිස්සා යාමේ කලාව අසන්කයාගෙන් දැන ගත් පසු මින් ඉදිරියට සිදුවන මෙවැනි හොරකම් අතටම අල්ලා ගැනීම ටොයිස් වැඩක් වනු නොඅනුමානය..

    ReplyDelete
  24. උඹ බොරු කියන්න එපා.. ඔය අසංක නෙමේ.. අනුරුද්ධ. උඹට අනුරුද්ධයා ගානක් දුන්නා නේ.. ඇත්ත කියපං.. උඹ බොරුවට පොල් කඩන අසංකයව මාට්ටු කරා.. සල්ලි වලට ඔහොම යට වෙන්න එපා බං.. :-D

    ReplyDelete
  25. මුලින්ම අසංකයව අත්අඩංගුවට ගනීවි.ඊට පස්සේ මු ආයුදයක් විදිහට පාවිච්චි කරපු මේස පිහිය හංගපු තැනින් හොයන්න එක්කන් යාවි.අසංකය පැනල දුවාවි.අල්ලන සෙල්ලම් කරන්න,බඩ ගෙඩිත් එක්ක දුවන්න පනින්න අමාරු නිසා පොලිස් මාමල වෙඩි තියාවි.ලංකාදීප පත්තරේ මේ විස්තරේ යාවි "අත්අඩංගුවෙන් පැන ගිය කටු ගෙයි කඩු හොරා මරුට" කියල.ඒක බලල සැදැහැවත් පාඨකයෝ කමෙන්ට් කරාවි "කල කම් පල දෙයි" කියල.

    ReplyDelete
  26. චාමි, උඹේ අලුත්ම සංකල්පය මේක වෙන්න ඕන....

    "අසංක සංකල්පය"..... :)

    ReplyDelete
  27. නියමයි සහෝදරයා! මේ වැඩේ කල අසංකයාව නිකන් යවන්න නරකය. ඌට ඌවම එපා වෙන විදිහට වැඩ සැලැස්විය යුතුය

    මගේ යෝජනාව නම් මිනිස්සු පන්න පන්න ගහන, මිනිස්සුන්ගෙන් කුණු හරුපම අහන, නිකම්ම ඉදල තමන්ටම ජීවිතය එපා වෙන්න....මුව පළත් සභා මැතිවරණයට දාන්න ඕන.

    ReplyDelete
  28. වර්ගපූර්ණිකාවේ කමෙන්ට් දමන විදූ වැන්නවුන් ශ්‍රී ලංකා පොලීසියේ ද සිටීමට ඉඩ ඇති බැවින්, ලංකාවෙ වෙසෙන සෑම ‘ජේ. එම්. අසංක කුමාර‘ කෙනෙක් ම සැඟව සිටීම ආරක්ෂා සහිත ය.

    ReplyDelete
    Replies
    1. පට්ටපල් ඇත්ත...ටියුබ් ලයිට් පප්පල ඉන්නවා...අසංකය සුන්.

      Delete
  29. අඩා "පුකේ ගේට්ටුව " ලියන චර්මි උබ හිතාමතා ජනතාව නොමග යවනවා නේද? සි.අයි.ඩී යේ මහත්තුරු නිදි මරාගෙන, පුක විකාගෙන, ඇට වලට හුලන් පොදක් නොවැදී ඇදී මහා අනර්ග සිතුවම උබ විකෘති කලා නේද?
    ඔරිජිනල් සිතුවමේ ඔය මුකලන් බැස්ස ඇදන් ඉන්නේ නිල්පාට ටි ෂර්ටයක් නේද? කතන්දර බ්ලොග් පොස්ට් . කොම් ද මොකක්ද මගුලක් අතේ ගහන් ඉන්නවා නේද? උබ අලගිය වැලගිය තැන් වල ජාතක කියල කතන්දරයා වෙනුවට වෙන එකෙක් මාට්ටු කරන්න ගියාට, හැම වෙලාවෙම හතර වෙනි තටුවේ ලාච්චුවට ඇට දෙක දමා ගෙන සිටින අපිව අන්දන්න උබ හිතුව මදිය.බලාපිය කතාන්දරය මෙතෙන්ට ඇවිත් මුකුත් නොදන්නා ගන්ට කොමෙන්ට් කොරල යනහැටි. නමුත් මුගේ ඇක්ටින් ඕව ඇක්ටින් වෙලය. දැන් මු අනුන්ගේ බ්ලොග් බ්ලොග් වලත් ලින්ක් දන්වය. ඒ අපව නොමග යවන්නය. අනික මේකා තොප්පියකුත් දමාගෙන ඉන්නේය. ඒ තට්ටය වැහෙන්නටය. මේකා වෙන මොක්කෙක්වත් නොව කතන්දරයමය. කතන්දරයාව ගොඩ දන්නා උබ අර අහිංසක අසංක කුමාරයව පවා දීම අපි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු. ඊයා බන්!

    ReplyDelete
    Replies
    1. LOL...........

      Delete
    2. අඩෝ... ඔය උඩ කමෙන්ටුව දැම්මෙ කතන්දරයම නෙමේ කියල අපි හිතයි කියල හිතුවද ඩෝ?

      Delete
  30. පවු අසංගයාට මේ දවස් ටිකට නොසෑහෙන්න වියදම් වෙලානේ :D

    ReplyDelete
  31. මූට ගේම දෙන්ඩ විතරක් කෝටි තුන හතරක් වියදම් ඇතිනේ. කඩු විත කොච්චර විතර වටිනවද දන්නෑ

    ReplyDelete
  32. අසංකයා මුකුත් මතක නෑ කියයිද දන්නෙ නෑ නෙද බං!

    ReplyDelete
  33. අම්මප.. එතකොට අර තෙල් කාන්දු වෙච්චි නැව ගෙනාවේ, ඉසෙඩ් ස්කෝර් එක වරද්දුවේ, කොටින්ගේ රත්තරන් ටික ඉස්සුවේ එහෙමත් මූ වෙන්ටැ.. ආයේ දෙකක් නැහැ.

    ReplyDelete