Wednesday, July 18, 2012

සිස්ටම් එකේ හිඟන කතා....


විමලසේන මං දන්න හාදයෙක්. දුප්පතා. වැඩ කලේ කොහුමෝල් වල. හවසට බොනවා. උන්නෙ පොඩියට හදාගත්තු තාවකාලික ගේක. මිනිහගෙ මායියත් මිනිහටම ගැලපෙනවා. ළමයි තුන්දෙනෙක් ඉන්නවා. පොඩිම කෙලී ආබාධිතයි. (ආබාධීතයෙක් කියල කටවහරට කිව්වට සුදුසු හැඳින්වීම 'විශේෂ අවශ්‍යතා ඇති අයෙක්')

මේ දරුවා ගොළුයි. බිහිරියි. වතාවක් මිඩ්වයිෆ් නෝනගෙ කරදරේට දරුවව හලාවත ඉස්පිරිතාලෙට ගෙනිච්ච වෙලේ දොස්තරල කියල තිබුණෙ බිහිරි බව සුවකරන්න පුලුවන් කියලා. එතකොට ගොලු බවත් අඩුවෙයි කියලත්. ඔන්න ඊට සති දෙකකට විතර පස්සෙ විමලෙ මාව හොයාගෙන ආවා.

"දුවගෙ කණට මොකද්ද හයිකොරන්ඩ ඕනෙලු.... ලක්ස දෙකයිද ගානක් යනවලු.... අපි කොහොමද ඔහොම වියදං කොරන්නෙ....."


මිනිහ කිව්වෙ බොහොම විස්සෝපෙන්. ටික වෙලාවකින් මිනිහම අයිඩියා එකක් දැම්මා.

"මම මෙච්චරකල් මගෙ හයියෙං හම්බකරන් කාපු මිනිහා..... මෙතුවක් කාටවත් අතපාල නෑ... ඒත් මලේ මට මේ කෙල්ල ලොකුයි සේරටම වඩා....... අපිට බැරිවෙයිද මලේ ඔය ගමේ අහල පහල අයගෙන්......?

ඔන්න මගෙත් අනුදැනුම ඇතුව විමලදාස වෛද්‍ය සහතික කාරිය ගෙනත් ගමේ ග්‍රාම සේවක රාලහාමිට කියල ලියුමක් කාරිය හදන් වැඩේට සූදානම් වුනා.

පළමු දවස් දෙකතුනේ ආධාර චාරිකාවකින් පස්සෙ මිනිහ මාව හම්බවෙන්ඩ ආවා.

"දැනට රුපියල් පන්දාස් තුන්සිය ගානක් එකතුවුනා..... මිනිස්සුන්ටත් සල්ලි නෑ මලේ..... මං මේ කල්පනා කොලේ ඔයගාන හොයාගන්ඩ මාස දෙකක්වත් මෙහෙම ඇවිදින්ඩ වෙයිනෙ......
මට හිතයි හලාවත ටවුන්කරේ ටිකක් ඇවිදල බලන්ට.... ඔය දැල් පන්න කරන මිනිස්සුන්ගෙ අතේ තියෙනවනං ලෝස් නෑනෙ මලේ....... මොනව කරල හරි මේ කෙල්ල........."

එදායින් පස්සෙ මාසයක් විතර යනකං මං විමලදාසව දැක්කෙ නෑ. දවසක් විමලෙගෙ ගේ ළඟ හාදයෙක් නවත්තගෙන මං විස්තර ඇහුවා.

"විමලයට දැං හොඳ ජයයි... හෙහ්..... මිනිහ හැන්දෑවට එන්නෙ ගෙදර පවුලටම ෆ්‍රයිඩ් රයිස් අරං.... හතරැස් බාගෙකුයි.... ඔය ඇපල් අනං මනං..... දවසක් ඌ මටත් අඬගැහුවා ෂොට් එකක් දාන්ඩ.... මගෙ බල්ලවත්.... එක එකාට බොරුකියල අතපාල......."
"විමලයට කියන්ඩකො මං හම්බවෙන්ඩ ඕනෙ කිව්වයි කියලා....."

ඇත්තටම උං හොයාගන්න එකෙන් කන බොන එක ගැන මගේ බිංදුවක වත් නොමනාපයක් තිබ්බෙ නෑ. මොකද ඔය දරුපැටවුන්ට මීට කලින් දවසගානෙ තියා, ජීවිතයේ එකම දවසක්වත් ෆ්‍රයිඩ් රයිස් වගේ දෙයක්වත් කන්න ලැබිල තියෙනවද කියලත් මට සැකයි. අනික කොහොමත් දිනපකා හැලි අරක්කු බොන විමලෙට ගල් බාගයක් ගහන එකත් දිවිය ලෝකෙ සැපක් වෙන්නැතිනෙ. අනික මේ ලෝකෙට උපන්න නං, පලතුරක් රහ බලන්න, සෙල්ලම් බඩුවකින් විනෝදවෙන්න මොන ක්‍රමයකින් හරි ඒ දරුවන්ටත් ලැබෙන්න ඕනෙ. මට ප්‍රස්නෙ තිබ්බෙ මේවා නිසා අර දරුවගෙ ප්‍රතිකර්මය නොකෙරෙයිද කියල.

තවත් සති තුනක් විතර බලල විමලෙ නාව නිසා මං ඒ පැත්තෙ ගියා. විමලෙගෙ මායිය ගෙදර උන්නා. වෙනදා වැරහැලි එල්ලගෙන පෙරේත සෙයියාවෙන් හිටපු ගෑනිත් දැන් ටිකක් පිලිවෙලක් වේගෙන එනවා වගේ. ගෙදරත් ප්ලාස්ටික් පුටු ටිකක්... අනං මනං....

"විමලෙ ආධාර එකතුකරන්ඩ ගියානෙ.... කෙල්ලවත් බයිසිකලේ තියාගෙනමයි යන්නෙ.... එතකොට මිනිස්සුන්ටත් විස්වාසයක් ඇතිවෙනවනෙ..... ඔය හලාවත, සුදුවැල්ල, ඉරණවිල..... අර පැත්තෙන් සමහරදාට වෙන්නප්පුව දිහාටම බයිසිකලේ පදිනවලු...
රෑ වෙලා තමයි එන්නේ........ ..... ගාන නං දන්නෙ නෑ... තව සල්ලි ටිකක් මදි කියල තමයි කිව්වෙ....."

එදත් විමලෙව එවන්න කියල ආවත් තවත් මාසයක් යනකං ඌ නෙමෙයි ආවෙ.

දවසක් ගේ ඉස්සරහදිම විමලෙව අල්ලගත්තා. මූ මාව දැකලත් නොදැක්ක වගේ ඇරල යන්ඩ හදනකොට කෑ ගහල තමයි නවත්තගත්තෙ. වැඩේට තවත් ලක්ස එකහමාරක් විතර මදිලු...!

---------------------------------

වැඩේ නොකෙරෙන තැන ආපහු වෛද්‍ය සහතිකයක් අරං සමාජසේවා දෙපාර්තමේන්තුවට දැම්මා. ඔය කණට දානවයි කිව්ව මොකද්ද ගැජට් එක ඒකෙන් නොමිලෙම හම්බවුනා. දැන් කෙල්ලගෙ කන් ඇහෙනවා. ආරංචි විදිහට විමලෙ තාමත් සතියට දවස් තුන හතරක් අර ලියුම් ටිකත් අරගෙන ආධාර එකතුකරන්ඩ යනවලු.
මයෙ මොකෝ.....!

(කෝකටත් මං පණීවිඩයක් යැව්ව ආයෙ කෙල්ල එක්කං ගියොත් බලාගන්නං කියල.)



මං දන්න වයසක හිඟන ජෝඩුවක් ඉන්නවා. ටිකක් දුර බැහැරක වෙන්න ඕනෙ. මාසෙකට සැරයක් විතර මම ඉන්න පලාතෙ කඩවල් වල රවුමක් යනවා.

එදා මම උන්නෙ ස්ටැන්ලිගෙ ටේලර් ෂොප් එකේ. ඔන්න අර ජෝඩුවගෙන් මිනිහා විතරක් කොර ගගහා ආවා. මාසෙකට පාරක් ආශ්‍රය කරලම ස්ටැන්ලිත් දැන් මිනිහගෙ හොඳ යාලුවෙක්.

"ආ.... මාමා.... මොකද තනියම? කෝ නැන්දා....?"
"උන්දැට සනීප නැතිවුනානෙ ලමයා.... දැං මං ඉතරයි 'රස්සාවෙ' යන්නෙ.... හෙහ් හෙහ්......"
"ඒකයි මේ.... ඒත් මං බැලුව මොකද පරක්කු කියල.... වෙනදා මාසෙ මුලනෙ එන්නෙ....."
"ඒකනං අර එකෙක් බලුවැඩක් කොරලා.... සතියක් ඉතර පොලිසි ගියා......."
"ඒ මොකද්ද....?"
"ඔය ගෙවල් ලඟ එකෙක්.... මූ අපේ ගෙදර ඇවිත්.. ගේ අස් පස් කොරල දෙන්නං කියල... බැංකුවට දාන්ඩ තිබ්බ රුපියල් පනස් දාහක් හොරකං කොරං ගිහිං.... අලුගුත්තේරුවා......."

ස්ටැන්ලිගෙ ඇස් උඩ යනවා මං බලාගෙන.

"ඉත්...තිං....?"
"මූ ගත්තෙ නෑම කියනවනෙ....."

ස්ටැන්ලි කතාව වෙනස් කලා.

"දැං මාමගෙ පොතේ කීයක් විතර තියෙනවද?"
"මගෙ නං ඒ හැටි නෑ.... අපෙ මායියගෙ පොතේ නං.... ඒත් දැන්නං ලක්ස තුන හතරකට වඩා නෑ... ලක්ස නමයයි ගානක් තිබ්බා.... ඔය උන්දා අසනීප වුනා.....මාත් අසනීප වුනා..... අරව මෙව්ව හින්දා සෑහෙන්ඩ ඉවර වුනා..."

ස්ටැන්ලියා ගොත ගහනවා.

"ත... තව දරුවො එහෙම ඉන්නවද?"
"ම්හු.... අපි දෙන්න විතරයි. අපි මැරිච්ච දාක ඔය සල්ලි ආන්ඩුවට තමයි"
"ඉතිං ඔච්චර සල්ලියක් තියාගෙන මේ කොර ගගහා තවත් ඇවිදින්නේ.....?"
"එහෙම නොකර බෑනෙ ලමයා. රස්සාව කොරන්ඩ එපැයි..... මෙහෙම ගම්මුකො.... ඔන්න මං අසනීප වුනා... මායිය අසනීප වුනා.... අපිව බලාගන්ඩ එන්නෙ මොකාද? ඔය සල්ලි නොතිබ්බනං මෙලහට අපි දෙන්නම ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ වලකජ්ජ ගහලා....."

ස්ටැන්ලි රුපියල් දහයක් දුන්නා.

"එන්නං......!"

මිනිහා ගියා.


(තව කතාවක් දෙකක් තියෙනවා. ටිකක් දිගයි. පස්සෙ දාන්නං)

42 comments:

  1. වැඩි හරියක් ඔහොම ඒවා තමා මිනිස්සු නොදෙන්නෙත් ඔය හේතු දන්න නිසා.

    ReplyDelete
  2. හිඟා කනවා කියන්නේ කොහොමටත් මිනිස්සුන්ගේ අනුකම්පාව මත දුවන රැකියාවක්.

    ReplyDelete
  3. උඩ එකනම් නැගලම යනව නේද?

    ReplyDelete
  4. කොහොමත් ලංකාවෙ මිනිස්සු වැඩි හරියක් අද කාලේ කරන්නෙ හිඟා කාල තමුනුත් රැකිලා දරුමල්ලොත් රකින එකනේ.....! ඕක ඉතින් පාරෙ තොටේ ඇවිදලා කාට හරි අතපාල කරහම මොකෝ, ආණ්ඩුවේ කන්තෝරුවක ෆෑන් එකක් යට වාඩිවෙලා කරහම මොකෝ, ඉස්කෝලෙක පන්තිකාමරේක උගුර ලේ රහ වෙනකං කෑගහලා කරගත්තම මොකෝ.....!

    ReplyDelete
  5. මම හිතුව හරියට හරි! ඔය ජොබ්එකට සෙට්වෙන 99%ක්ම මුලින් පටන් ගන්නෙ ඇත්තම හේතුවක් නිසා. ඊට පස්සෙ ආදායම් මාර්ගයක් වෙනව.
    මගේ කතාවකුත් කියන්නම්.
    මම කොළඹ ඉන්න කාලෙ බෝඩිම කිට්ටුව හිටිය පියසිරි කියල ත්‍රීවීල් අයිය කෙනෙක්(ත්‍රීවීල් අයිය කිව්වට එයා ත්‍රීවීල් එක ගත්තෙ ටම් සිද්ධියට පස්සෙ). එයාගෙ ළමයගෙත් මොකක්දෝ ආබාධයකට ලක්ෂ දෙකතුනක් ඕනවුනා. සුපුරුදු විදියට ගමේ උදවියගෙත් මැදිහත් වීමෙන් "එකතුකිරීම" ඇරඹුනා. දවසට දෙකට එකතුවුන මුදල දැක්කම ත්‍රීවීල් අයියට හිතුන මේක බිස්නස් එකට කරන්න. කලා! ගත්ත ත්‍රීවීල් එකක්. දැන් නං කරන්නෙ නෑ. ඒත් උදව් කල ගමේ මිනිස්සු දැක්කට නිකමටවත් දාගෙන එන්නෙ නැහැලු.
    සමහර පිටරට වල නම් මේ වගේ ලෙඩවලට ප්‍රතිකාර ගන්න රක්ෂණ ක්‍රම තියනව. මෙහේ ඒව නෑනේ.

    ReplyDelete
    Replies
    1. මම අත්දැකීම් වලින් කියන්නේ.
      එක කාලෙක යම් පුද්ගලයෙක් අඬාගෙන ආවා එයාගේ ප්‍රශ්න කියාගෙන. (මමයි මගේ ප්‍රේමවන්තයයි ඉස්සර බොහෝම අගේ කල කෙනෙක්.) අපි දෙන්නා එයාට මෙහෙට එන්න වීසා එකක් හදලා දීලා එයාට ටිකට් එක ගන්නත් සල්ලි නෑ කීවම අපි දෙන්නාම ටිකට් එකත් අරන් දුන්නා. එයා දැන් කාලෙක ඉඳලා මෙහේ.
      මේ ළඟදි දවසක අපි දෙන්නා එයාපෝට් එකේ ඉන්දෙදි මෙයා අහම්බෙන් හමු වුනා. එවෙලේ එයාට අපිට කතා නොකරම බැරි වුනා. එයාගේ බිස්නස් සක්සස් අරවා මේවා හෙන කතා. කතාවෙන් කතාවෙන් අපි කෝපි බොන්න ගියා. පස්සේ කෝපි වල බිල ගෙව්වෙත් අපි.
      පස්සේ යන්න කලින් මම හිනාවෙලා කීවා මචන් මම නම් උඹට කැමති අර උඹ ඉස්සර හිටපු විදියට අඩු ගාණේ ඒ කාලේ උඹට අපිට නත්තලටවත් විශ් කරන්නවත් මතක තිබුනානේ කියලා.
      අද වෙනකනුත් ආයේ කතා නෑ.

      Delete
  6. මේ වගේ සිදුවීම් වලට මුහුණදීලම මට දැන් මේවා සාමාන්‍යා දේවල් විතරමයි. මේ අනෙකාගේ දුකට රැවටීමට ලක්වීම තරම් දුකක් වෙන නෑ චාමි. මේ අත්දැකීම් හින්දමයි කියන්නේ. දැන් මම හිඟන්නට සල්ලි ඉල්ලන මිනිසුන්ට සල්ලි නම් දෙන්න කැමතිම නෑ. අපි කොයිතරම් මහන්සි වෙලාද සල්ලි හොයන්නේ. මේ වගේ බොරු කියලා ඉල්ලනවට වඩා ඇත්ත කියලා ඉල්ලුවත් දෙන්න මම හිත හදාගෙන ඉන්නේ.
    බලාගෙන ගියාම ලංකාව කියන්නෙ දැන් හොඳටම දුක මාකට් කරන තැනක්...

    ReplyDelete
  7. මං නං හැම සතියේම හිතනවා මෙදා පාර මිලියන් දෙක තුනක් ඇතුනොත් හෙටම මේ හිඟාකන රස්සාව නවත්තලා ෆුල් ටයිම් ලේඛකයෙක් වෙනවාය කියලා.

    ReplyDelete
  8. aththa ada kale hatiyata lesima job eka thama higa kame.ape tawun eke e kale higa kapu minihek hitiya.awasaneta miniha nathara une hire karanna van ekak e tawumata dala.

    ReplyDelete
  9. අපේ මිනිස්සු රුපියල් විස්සක් දාල දිවිය ලෝකෙටත් එහා ගිහිං නවතින්න පිං කරගන්නවා..මේ මාකට් එක ඇතුලෙ රුපියල් විස්සෙන් දිවිය ලෝකෙ සැප පරලෝ සැප ගන්න අපිට අවස්තාව දෙන හිඟන මහත්වරු අපේ මිනිස්සුන්ගේ වැඩ පහසු කරන කෙනෙක් අපි ඒ අයට ගරු කරන්න ඕනි....

    ReplyDelete
  10. හිඟා කන රස්සාව තහනම් කරන්න යනවලු නේද. මට මතකයි කාලයක් හිඟන්නු අල්ල අල්ල කොහෙදෝ ගෙනිහුන් දැම්මා.

    හදවත් රෝග, වකුගඩු අමාරු,ශ්‍රව්‍යාබාධ මෙකී නොකී නොයෙකුත් ලෙස රෝග හොදකර ගන්න කියලා වෑන් වලින් ත්‍රීවිල් වලින් දවසට කීදෙනක් නම් යනවා. බොහෝ දෙනා බොහෝම දෙනා හිඟන පඩියක් ගත්තත් කියක් හරි දෙන්නෛ ඇත්තටම මේ වගේ දෙයක් කාටවත් සිද්ධ වෙන්නෙපා කියලා. පිළිකා ලෙඩ්ඩුන්ට මම එහෙම සල්ලි දෙන්නේ ඒ නම ඇහුනත් බොහොම ආදරණියව හිටපු කෙනෙක් මගෙන් ඈත් කරන්න ඒ ලෙඩේ හේතු වුන නිසා වෙන්නැති.

    සමහරු ටිකටුත් මුදුණය කරන් එනවා.එතකොට ඉතින් ඒ ගාණම දෙන්න වෙනවා.

    මීට අමතරව ස්ටෑන්ඩ් එකේ පාලම උඩ අරහෙ මෙහෙ දෛනිකව ඉන්න අතපය කොර වෙච්චි පිලිස්සුනු හිඟන අයට නම් උපයන තරමක් ලැබෙන්නෑ මයෙ හිතේ.මොකද ඒවාට හිඟන නායකයො ඉන්නවලු.

    ReplyDelete
  11. ඔන්න හිඟන මනුස්සයෙක් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න නෝන කෙනෙක් ගාවට ඇවිත් අත පානවලු. නෝනත් පිනට දහමට ලැදි නිසා පර්ස් එක ගත්තලු. බස් එකට යන ගානට අමතරව තව රුපියල් දාහක් තියෙනවලු. "රුපියල් විස්ස බස් එකට එපැයි." නෝන එහෙම කියාගත්තලු. "කමක් නෑ නෝන දාහ දෙන්න. මං ගාව මාරු තියෙනව..." හිඟන්න කිව්වලු.

    ReplyDelete
  12. හ්ම්ම්ම්ම්.. තවත් එක සමාජ පැතිකඩක්.....

    ReplyDelete
  13. මා සමග වැඩකරන සහුර්දයෙක් කියපු කතාවක් මේක, කතාව මෙහෙමයි, නාට්‍ය වැඩමුළුවකට ආපු යම් උපදේශකයෙක් අදුනික නාට්‍ය කරුවන්ට පිටුපාල හිටගත්තළු. ඊටපස්සේ මිනිහ එකවරම පුටුපසට වැටුනලු. කට්ටිය ඉතින් පැනපු ගමන් මිනිහව අල්ල ගත්තලු වැටෙන්න නොදී. ඊට පස්සේ මිනිහ මේ නඩේට කිව්වලු, අපේ සමාජේ කොච්චර නරක උනත් මිනිහෙකුට වෙටෙන්න දෙන්නේ නැ කොහොමහරි උදව් කරනවා කියල. මට කියන්න ඕන උනේ සිගමන් යදින මේ මිනිස්සුන්ට කියක් හරි දෙන්නෙත් අවසානෙදි උන්ටත් හපන් හිගන්නොටිකක්. කියන විදියට මේ මිනිස්සුන්ට මෙච්චර අදායමක් එන්න කීදෙනෙක් උදවු කරන්න ඇතිද. අන්දකාරය බොහොම ගනේට පැතිරිලා තියන රැයක ඇතින් පෙනෙන කුඩාම ආලෝකයත් වටිනවා.

    ReplyDelete
  14. මමත් විදෙස් රටක රස්සාව කරන්නේ මගේන් ගොඩක් අය හදිස්සියට සල්ලි ඉල්ලනවා. මම ගොඩක් අයට දුන්නා. එකදවසක් මටත් ප්‍රශ්න වගයක් තිබිල මම ඒ දීපු අයගෙන් සල්ලි වැඩියම තියන කෙනාගෙන් 50 දාහක් ඉල්ලුව.අදටත් මත එක්ක කතා කරන්නේ නැ

    ReplyDelete
  15. මම දන්න සිංහල වෙද මහත්තයෙක්, කීප සැරයක්ම ඔය පත්තරේ තියන එක එක ආභාධ තියන පොඩි එවුන්ව නොමිලේ සනීප කරල දෙන්න අහල තියනවා. කොටින්ම ගෙවල් වලටත් ගිහිල්ලා. එක තැනකින් ඇර අනිත් හැම තැනකින්ම කියල තියෙන්න එකම එක උත්තරයයි 'අනේ මහත්තයෝ පොඩි එකා/එකීව සනීප කලාම අපි කොහොමෙයි ජීවත් වෙන්නේ'..ඔන්න තත්වේ.

    මමත් මේ වගේ සිද්ධියක් ගැන මෑතකදී ලිපියක් ලිව්වා. මේක බොහොම උජාරුවට ජාවාරමක් විදිහට අපේ පැත්තේ තාමත් සිද්ධ වෙනවා. හරිම 'ප්‍රොෆෙෂනල්'

    ReplyDelete
  16. මෙහෙම එවුන්ට හරි යනවනේ !

    ReplyDelete
  17. මිනිස්සු තමන්ගේ හැකියාවන් දක්ෂතාවන් පෙන්නලා හිඟා කන එකයි තමන්ගෙ දුර්වලකම් නැතිකම් පෙන්නල හිඟා කන එකයි අතර ලොකු වෙනසක් තියෙනව.දවසක් මම බස් එකේ ඉද්දි තරුණ ජෝඩුවක් බස් එකට නැග්ග ගැණු ළමය පිළිස්සීමට ලක්වෙච්ච් කෙනෙක්.සාමාන්යෙන් මේ වගේ බස් වල විරිඳු කියන සින්දු කියන උදවිය තුලින් මතුවෙන්නෙ බොහොම කටෝර හඬවල් නේ.(නිතර නිතර ගෝෂාකාරී පරිසරවල සින්දු කියලම වෙන්නැති.හැබැයි සමහරුන්ට නම් සින්දුවක් තියා වාක්‍යක් වත් හරියට කියා ගන්න බැරි කට්ටිය ).හැබැයි මේ ජෝඩුව හරිම ලස්සනට සින්දු කිව්වා සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට එලියට එන නැති මගේ පර්ස් එකත් එලියට ආවේ මටත් නොදැනීම. මට හිතෙන්නෙ ඒක හිඟා කෑමට එහා ගියපු තමන්ගේ ටැලන්ට් එක පෙන්නල ඒකට වැලිව් එකක් ලබාගැනීමක්...ඔය අරලිය ලන්දට කියල නන්ද මලානි කියන සින්දුවත් ඒ වගේ බස් වල සින්දු කියල " හිඟා කාපු" කොල්ලෙක්ගේ නිර්මාණයක් ...

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. "අනික කොහොමත් දිනපකා හැලි අරක්කු බොන විමලෙට ගල් බාගයක් ගහන එකත්"

    :D
    මාර්කටින් ඩිග්‍රි ගහපු උන්ට වඩා මේ අය ගාව ට්‍රික්ස් තියෙනවනෙ :S
    ඒක නෙමේ විමලයා බයිසිකල් පැදගෙන අපේ ගෙවල් පළාතටත් ඇවිල්ලනෙ.
    උඹ හලාවත ආසනේද ? අපිත් ඒ ඒරියල් එකේම තමා ;)

    ReplyDelete
  20. අපේ පැත්තෙත් උන්නා හොද සල්ලිකාර සෙල්ලක්කාර කොල්ලෙක්, වැඩි කල් සෙල්ලම් දැම්මේ නෑ වකුගඩුවක් අප්සට් උනා,මූ මොකද කලේ ඇති පදමට ඇඩ් දාලා වගේ එක එක ක්‍රම වලින් සල්ලි හොයා ගත්තා,කාටද ලක්ශ 5ක් දීලා වකුගඩුවකුත් අරන් හයි කර ගත්තා,,,ඒ එක්කම දැන් ටිපර් දෙකක් අරගෙන අපූරුවට ඉන්නවා

    ReplyDelete
  21. අර බස් වල විරිඳූ කියන මිනිස්සු දවසකට හොයන හෙවිල්ල මං හිතන්නේ නෑ දොස්තර කෙනෙක්වත් හොයනවා ඇති කියලා~

    ReplyDelete
  22. මමත් කාලයක් හිඟන්නන්ට සල්ලි දුන්නෙ නෑ. ඒත් අනුන්ට අතපාන එක කොච්චර අමාරැද කියල දන්න නිසා දැන් අතේ තිබුනොත් කීයක්හරි නොදී ඉන්නෙ නෑ.
    ශ්‍රමයට, හැකියාවට තැනත් නොලැබෙන සමාජයක හිඟන්නන්ට ගරහන්න තරම් අපිත් හිඟන්නො වෙන්න ඕනද?

    ReplyDelete
  23. අර වයසක ජෝඩුව එහෙමවත් හම්බ කරේ නැත්නම් ජීවත්වෙන්නේ කොහොම්ද???? අපේ රටේ හොඳ සමාජ සුභාසාධන වැඩපිළිවෙලක් වත් නෑනෙ. පිං පඩිය තවමත් රු. 150 යි. දවසක් ජීවත් වෙන්නත් මදිනෙ.

    ReplyDelete
  24. ප්‍රොෆෙෂනල් හිඟන්නෝ :D

    ReplyDelete
  25. දෙන්න ද නොදෙන්න ද? http://nikamata.blogspot.com/2009/06/blog-post_2786.html
    =================
    වෙවුලන දෙ අත්
    පැටලෙන හැඩි දෙපා
    එනමුත් එපා
    අසුනක් බස්රියේ
    හිටගෙන කියන
    අගමුල නැති කතා

    අම්මා ලෙඩ ඇඳේ
    නංගිත් මල්ලියත්
    යා යුතු පාසලට
    බිරිඳත් මිය ගොසින්
    පිළිකාවක් සැදී
    ඉන්නේ පොඩි එකා
    පසු පස අසරණ ව

    ඔබ දෙන රුපියලෙන්
    නොවෙදෝ දිවි රැකෙනු
    මහ මෙර තරම් පින්
    සුර ලොව නෙක වරම්

    දෙන්න ද නොදෙන්න ද?
    දෙ ලොවක් අතර මා

    දෙයියන්ගෙ පිහිටෙන්
    අතපය ඇත යසට
    පඬිවරයෙක් කියයි
    නොහැකි ද කරන්නට
    රැකියාවක් වෙනත්?

    හොරකම තමයි
    වෙන මොනවා කරන්න ද?

    පොඩි නෙත් අසරණ ව
    වට පිට සිරි අතර
    පාසල් වෙලාවේ
    මහ මග සරසවිය
    මෙය යි උගෙ පන්තිය

    දෙන්න ද නොදෙන්න ද?
    දෙ ලොවක් අතර මා

    නැහැ පුඬු දවන ගඳ
    ගෙඩි නැති පොල් සුවඳ
    නුඹ ළඟ අඩු නැති ව

    ලැබෙනා සොච්චමෙන්
    නුඹ රස මන් පුරා
    කීය ද ලැබෙන්නේ
    අසරණ පොඩි අතට

    ගිනි අව්වේ දැවී
    වැස්සේ තෙමි තෙමී
    පසු පස පිය මනින
    අසරණ නෙත් දෙකට

    දෙන්න ද නොදෙන්න ද?

    ලාබෙට ගන්න හැකි
    ඉක්මන් පින් පතා
    දෙන්නට දෙකේ කැට
    පින්වන්තියෝ
    පොර කති පෝළිමේ

    කාසිය හඬ නැගූ
    අවලම් සිනහවක්
    ඒ නුඹට ද මට ද?
    නැතොත් පින්වන්තියට ද?

    ReplyDelete
    Replies
    1. @මා ගැන කතා කරන කුලී ඇනෝ ට:

      මේක ඇඩ් එකකි. ප්‍රචාරණය "පවතින ක්‍රමයේ" පවතින ක්‍රමයකි.

      Delete
  26. The Man with the Twisted Lip
    The Adventures of Sherlock Holmes

    http://en.wikipedia.org/wiki/The_Man_with_the_Twisted_Lip

    "It seems that Mr. St. Clair has been leading a double life, one of respectability, and the other as a beggar. In his youth, he had been an actor before becoming a newspaper reporter. In order to research an article, he had disguised himself as a beggar for a short time, during which he earned a very large amount of money. Later in his life, he returned to the street to beg for several days in order to pay a large debt. Given a choice between his newspaper salary and his high beggar earnings, he eventually became a professional beggar. His takings were large enough that he was able to establish himself as a country gentleman, marry well, and begin a respectable family. His wife never knew what he did for a living, and Holmes agrees to preserve Mr. St. Clair's secret as long as no more is heard of Hugh Boone."

    ReplyDelete
    Replies
    1. @මගේ කුලී ඇනෝ ට;

      මෙය පොර ටෝකකි. අත්‍යාවශ්‍ය දෙයක් නොවේ.

      Delete
  27. තවත් සිද්ධියක්. කිව්වේ එක්තරා "ලොකු බුවෙක්". වරක් ඔහු බොරැල්ලේ යද්දී කාරෙක ට්‍රැෆික් එකේ හිරවෙලා තියෙන කොට හිඟා කන්න ආපු පොර, පෙර දිනයේ "ලොකු බුවාලාගේ" ක්ලබ් එකක ඔහු සමග එකට මධු පානය කල එකෙක් ලු. නම කියූ සැණින් ඌ අතුරුදන් වී ඇත.

    මෙයින් කියන්නේ සියලු හිඟන්නන් පට්ට ජීවිත ගෙවන බවක් නොවේ. හිඟන්නට ඇත්තේ මිනිස් ජීවිතයේ පහලම මට්ටමේ තත්වයකි.

    ---------------

    වතාවක් රෑ පානේ පාරදිගේ යද්දී පට්ට වලියකි. අලුත් හිඟන්නියක් තම අවු 5 ක පමණ පුතු සමග අගුවකට ගොඩ වී ඇත. ඒරියා එකේ අයිතිකාරයා ගේ අනු දැනුම මත ඒ අගුව කුලියට ගත්තු ගැහැණිය බුරා පනී. පොඩි එකා හඬයි. ආ ගමන යන්න අවැසි වුවද හිත වාවන්නේ නැති නිසා පසෙකට වී බලා හුන්නෙමි. දෙදෙනාම තම දුක හඬ ගා කියන්නේ හිඟන රජාගෙන් අනුකම්පාව ගන්නටයි. අලුත් ගැහැණිය සැමියා විසින් එළවා දමා ඇත්තේ පුතාද සමගයි [ඒවාට හේතු වන බොහෝ ගැඹුරු තත්වයන් තිබිය හැක. ළමයා ඔහුගේ නොවීමට ඉඩ තබේ]. දෙදෙනාම අනිකා ගණිකා වෘත්තීය කරන බවක් කිව්වද දෙදෙනාම මූලිකව යැපෙන්නේ හිඟමනින් කියා පෙනේ. දවස ගානකින් ලැබුණු පාන් කෑල්ල පොඩි එකාට දුන්නු බව අලුත් ඒකීය කියයි. ඌ එය හපමින් හඬයි.

    මට කල හැක්කක් නොවීය. එතන "ඔම්ලට් කන්නට" හුන්නේ මා පමණි. හිඟන මැරයාට එරෙහිව කිසිත් කල නොහෙන බැවින් පසෙකට වී හුන්නෙමි. අන්තිමේදී ගැටුම නිමා වූයේ මව සහ දුවා එළවා දැමීමෙනි. පොඩි එකා තල්ලු කල විට දවස් ගානකින් උපයා ගත්තු බව කියන පාන්කෑල්ල අසල මඩ ගොඩට විසි විය. අතේ තිබු කීයක්ද දී මම යන්නට ගියෙමි.

    -----------------

    2000 විතර කාලේ පත්තරේක දුටු පරිදි අලුත උපන් හිඟන දරුවෙකුගේ දෑත නායකයා විසින් අඹරා කඩා තිබුනේ වැඩි ගානක් හෙවිය හැකි බැවිනි. දරුවා වේදනාවෙන් හඬනු බැලිය නොහෙන මව ඉස්පිරිතාලෙට ගොස් ප්‍රතිකර්ම කලාය. නවතැහැ ආපසු ආ විගස අර නරුමයා ඒ පොඩි දෑත නැවතත් කඩා ඇත. අන්තිමේදී හිඟන අම්මා පොලිසියට ගිය නිසා පත්තරේට විස්තරයක් ලැබේ තිබුණි.

    --------------------

    ෆ්‍රී ද චිල්ඩ්රන් කියන කැනඩා ළමා එන් ජී ඕ එකේ වැඩකළ දන්නා කෙනෙකු ලංකාවට ආ විට ඇයට පරිවර්තනයෙන් සහය වුනෙමු. ලංකාවේ වීදි දරුවන් ප්‍රදර්ශන භාණ්ඩ ලෙස විකුණන කතාව ගැන ඇය පර්යේෂණයක් කළා ය. එම් සී ඒක ළඟ හිඟන අම්මලා එක්ක අපි කතා කළෙමු. දරුවන් හදන්නේ සල්ලි හොයා ගන්න බව ඇය පිලි ගත්තාය. දරුවා හිගා කන්න බැරි තරම් ලොකු වූ විට "බංගලාවක වැඩට යවා" තව එකෙකු හදා ගන්න බව ඈ කීවාය. මාර ෆැමිලි ප්ලෑනින්.

    -------------------

    කතන්දර වල නිමක් නොවේ. මාතෘකාවේ සංකීර්ණත්වය ද එසේමයි.

    ReplyDelete
    Replies
    1. මව සහ දුවා = මව සහ දරුවා

      Delete
  28. @ සුජීව,
    අපූරු කතා ටික.

    පොඩි දෙයක්. මම ලියපු අර අන්තිම කතාවෙ (වයසක ජෝඩුව)- ඒක ඇත්තටම උනු සිද්දියක් - මේ ගණුදෙනුව සෑහෙන්න මොඩ් නේද? මිනිහ ඉල්ලන්නෙ නැතිබැරිකම කියලවත්, නැති බැරිකම හින්දවත් නෙමේ. ඒක එයාගෙ රස්සාව හෝ භූමිකාව. දෙන එකාත් දෙන්නෙ පින් බලාගෙනවත් වෙන මොකකටවත් නෙමේ. එලවගන්න බැරි හින්දත් නෙමේ. ස්ටැන්ලිට ඒ්ක පුලුවන්. ඒත් ඌ දෙනවනෙ. එක උගෙ භූමිකාව.

    මට මේ අවුල හොඳටම තේරෙන්නෙ නෑ. ඒත් ඒක මොඩ් කියලනම් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය ස්ටැන්ලිගෙ යාලුවා පාරෙ හිඟා කන්නෙ නෑ. පොර මාසිකව එන නිශ්චිත ප්ලේස් වලට විතරයි එන්නෙ. ඇවිල්ලත් දුක් කරදර මොකුත් කියන්නෙ නෑ. වැඩි දෙනෙක් දන්නව මිනිහට සල්ලි තියෙනව කියල. ඒත් දෙනව.

      එක දවසක් මෑන් ගිහින් තියෙනව (අර ලි‍ඳෙන් ආපු හාමුදුරුවන් ගැන මට කියපු) තිස්ස අයියලගෙ දිහා. එහෙනුත් මෑන්ට රුපියල් විස්සක් දෙනව. එදා තිස්ස අයිය අතේ රුපියලක්වත් තිබිල නෑ. (ඒ දවස්වල මොකද්ද එකකට වැටුප් හෙමත් අත්හිටවලා තිබිල තියෙන්නෙ) තිස්ස අයිය ඕවට හෙන සංවේදියි. මිනිහ හෙන අප්සෙට් ගිහිල්ල කීයක්වත් දෙන්න බැරි වෙනවට. ඒ ගමන දොරට මුවා වෙලා පුතාට කියල එයා ගෙදර නෑ කියන්ඩ කියල.

      කොලුවත් අංකල්ට කියල තාත්ත ගෙදර නෑ කියල.

      "නැත්තෙ මොකද....? මං දැක්කනෙ මෙතන හිටිය"
      කියල පොර සාලෙට ගිහින්. දොරමුල්ලෙ හිටපු තිස්සයව කොටුවෙලා. දැන් තිස්සයට ඇ‍ඬෙනවලු. ඌ සාමාන්‍යයෙන් එහෙම බොරු කරන එකෙක් නෙමේ. ඉතිං ඇත්තම කියල. ඒ ගමන හිඟන මෑන් කියනවලු

      "ඕව මොනාද මහත්තය? කාටත් නැතිබැරිකං එනවනේ... අනික පඩි නැතුව කොහොමද මේ චූටි මහත්තේලාට..... මෙන්න මේ දාහ තියාගන්ඩ මහත්තයා.... ලබන මාසෙ දිහා ආවම ගන්ඩ බැරියැ......."

      Delete
    2. ඒකනම් සිරාම සිද්ධිය...

      Delete
  29. නුවරත් ඉන්නවා හොඳට ඇස් පේන පොරක්, ඇස් පේන්නේ නැති විඳියට හිඟා කන

    ReplyDelete
  30. මෙවැනි අය අප විසින් හදුන්වන්නේ පිස්සන් වශයෙනි. මිනිසුන්ගේ ප්‍රායෝගික ප්‍රශ්ණ සහ දේශපාලන ප්‍රශ්ණ එකට පටලවා ගෙන මෙවැනි දෑ ලියන පොන්නයන්ට සලකන්ට ඇත්තේ ක්‍රම කිහිපයක් පමණි. මාගලක් තරම් දිග තඩි කොමෙන්ට් ලියන්නට විශාල කාලයක් මේ පිස්සාට ගත වන්නට ඇති. මූ අපට අනුව නම් ගෑණුන්ට අධික වශයෙන් සල්ලි වියදමක් කරන කොමිපියුටර් එකක් ඉස්සරහට වී ගෑණුන්ට සෙලව හලන සහ කෙසග සිරුරක් ඇති ගෑණු පෙණුමක් තියෙන පොන්නයෙකි. මෙවැනි උන් නොදන්නේ අප විසින් මෙවැනි පිස්සන්ගේ කොමෙන්ට් පල කරන්නේ නැති බවයි. අනෙක් අතට මෙවැනි උන් වැරදිලා ත්‍රිමාන බලන්නට එන උන්ය. මුන් බලන්නට අවශ්‍ය ලස්සනයි ඩොට් කොම් වගේ වෙබි අඩවිය. මේ ආකාරයෙන් දේශපාලනය කරන අයට බොරු චණ්ඩිපාටි දාන්නට මේ වගේ පොන්නයන්ට අවකාශයක් නිර්මාණය කරන්නේ ජ.වි.පෙ පොන්නයන් විසින්මය. මෙවැනි උන්ට අපි කියන්නේ රටකජු මුදලාලි වගේ ගොන් නම් වලින් බොරු චණ්ඩිපාටි දාන්නේ නැතිව කොන්ද පණ තියෙනවා නම් තමන්ගේ ඇත්ත නමින්ම මෙවැනි දේ ලියන ලෙසයි. මෙවැනි උන්ට එක්කො අතක් පයක් කැඩෙන්නට හෝ තියෙන සිහියත් නැති වෙන්න අමිබානක නෙලන්නට ඕනේය.
    අපි දේශපාලනයේ දී බොරු සාන්තු වරයන් වන්නට හදන්නේ නැත. මේ වගේ පිස්සන්ට දේශපාලනය ජෝක් කරන්නට දෙන්නේ ද නැති අතර අපි දැනටමත් මේවා කරන්නේ කවුද කියා දන්නා අතර අවශ්‍ය ප්‍රතිකාර ඉදිරියේ දී ලබා දෙන්නේ යළි මේවා කරන්නට බැරි වන්නටය.
    මේ නිසා තව දුරටත් පිස්සන් අපට කොමෙන්ට් එවන්නට එපා. මුන් හිතාගෙන ඉන්න විදිහට දැන් අපේ කරළ පැහිලාය. මේ වන විටත් අපිට ආධාර වශයෙන් කොටි 25ක් පමණ ලැබී ඇත. තවත් කොටි ගාණක් අපට අවශ්‍ය නිසා ඉදිරියටත් අපට කොටි ගණනින් ආධාර ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. දේශපාලන සංවිධානයක් අර්බුදකට මුහුණ දුන් අවස්ථාවක ඒවාට කොචොක් දමන්නට හැකිකේ පිස්සන්ට පමණි. මේ වගේ උන්ට ඇත්තේ සෙක්ස් ප්‍රශ්න මිස දේශපාලන ප්‍රශ්ණ නොවේ. එක දිගට කුණු හරුප ලියන මුන් අපි සමග තරහ වී සිටින්නේ මුන්ගේම ජීවිත වල ප්‍රශ්ණ නිසා මිස අපේ ප්‍රශ්ණයක් නිසා නොවේ.
    මීට පෙරත් අප කී ආකාරයට වැසිකිලි ශුද්ධ කරන විට ඇතිවන දුර්දන්ය නාසය වසාගෙන ඉවසා ඉන්න යැයි අපේ ආදරණීය පාඨකයන්ගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
    ස්තූතියි
    ත්‍රීමාන සංස්කාරක
    www.http://3mana.com

    ReplyDelete
  31. Posted on 14 July 2012.
    අපිට උදවි කරන්න කැමති නම්
    Rating: 0.0/7 (0 votes cast)

    මේ දින වල අප විසින් මුහුණ පා සිටින දැඩි මුල්‍ය අර්බුදය සම්බන්ධයෙන් අප පලකරණු ලැබූ ‛අවධානමට පෙර සූදානම’ යන ලිපියට බොහෝ ප්‍රතිචාර ලැබුනි. ඒ සියලු පාඨකයන්ට ප්‍රථහයෙන් අප බෙහෙවින් ස්තූති වන්නත වන්නෙමු.
    මෙහිදී කිත්සිරි සහෝදරයා ඇතුලු සහෝදරයන් කිහිප දෙනෙකුම අපේ බැංකු ගිණුම් අංකය සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටියෙමු. අප අපහසුතාවයට පත්ව සිටින මෙවන් යුගයක අපට මුල්‍යමය වශයෙන් ආධාර කරන්නට ඉදිරිපත් වන සියලු සහෝදරවරුන්ට යමක් පැවසිය යුතු යැයි අපි කල්පනා කලෙමු. අප විසින් දීර්ඝ කාලයක් තුල දැඩි දුෂ්කරතාවයන් මධ්‍යයේ ගොඩ නංවන ලද දේශපාලන ව්‍යපෘතිය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යන්නට අපට යම් මුල්‍යමය ආධාර ප්‍රමාණයක් අපට හිතවත් ඔබෙන් ලැබෙන්නේ නම් එය අපගේ ඉදිරි දේශපාලන වැඩ කටයුතු සදහා මහත් සේ ප්‍රයෝජනවත්ය.

    නමුත් මේ ආකාරයෙන් ආධාර ලබා ගන්නට ප්‍රථමයෙන් යම් කරුණු කිහිපයක් පැහැදිලි කිරීම අතිශයින්ම වැදගත් බව අවධාරණය කරන්නට කැමැත්තෙමු. උදාහරණයක් ලෙස අපගේ බැංකු ගිණුම පිළිබද විස්තර ප්‍රසිද්ධියේ අන්තර්ජාලයේ පල කරන්නට නොහැකි කරුණු ගණනාවක් වේ. නමුත් මෙහිදී ඒවා සදාචාරය සමග සමබන්ධ කාරණා යැයි වැරදියට වටහා නොගන්නා මෙන් මුලින්ම කියන්නට කැමැත්තෙමු. උදාහරණයක් ලෙස අපට යුනිලිවර් සමාගම විසින් යම් ආධාරයක් ලබා දෙනු ලැබූවා යැයි අපි සිතමු. එවිට අපට එම සමාගමේ ලක්ස් සබන් ගෑ විට සුදුවන වා යැයි පාඨක ඔබට පවසන්නට සිදුවේ. එය අපගේ දේශපාලන ප්‍රතිපත්ති සමග නොගැලපෙන්නක් බව ඔබටම වැටහෙනවා ඇත. මේ සම්බන්ධයෙන් ලංකාවේ බහුතරයකට ඇති සදාචාරතාත්මක ගැටලුවක් අපට නැති අතර අපට ඇත්තේ දේශපාලන භාවිතය හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වූ ගැටලුවකි. මේ රටේ යුද්ධය සමයේ ඉන්දියාවේ ඇතැමි අයට පවා පගාව දුන් සහ පගාව ගත් රටක තවදුරටත් සදාචාරය ගැන කතා කර පලක් නැති බව දනිමු.

    අප විසින් වෙහෙස මහන්සියෙන් ගොඩ නංවනු ලබන දේශපාලන ව්‍යපෘතිය ව්‍යපාරිකයන්ගේ මනදොල සපුරන ව්‍යපෘතියක් බවට පත් කරන්නට අපට කිසිසේත්ම අවශ්‍ය නැත. මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සේම ජනතා විමුක්ති පෙරමුණටත් සිදුව ඇත්තේ මෙය නොවේ ද? මහින්ද චින්තනය කියන්නේම මේ ආකාරයෙන් කැමති අයෙකුට කැමති දෙයක් කිරීමට ප්‍රතිපත්ති සකසා ඇති කිසිදු ප්‍රතිපත්තියක් නැති ලියවිල්ලක් පමණක් බවට පත්ව ඇත්තේ මේ නිසාය. ව්‍යපාරිකයන් නිසා එ.ජා.පට අත්ව තිබෙන ඉරණමද මෙයට සමානය. මංගල සමරවීර සහ රුවන් ෆර්ඩිනන්ඩස් එක්තරා කාලයකදී සමීප මිත්‍රයෙකු වශයෙන් සිටි ටිරාන් අලස්ගේ මුදල් වලින් සෙල්ලම් කල නිසා අද ඔවුනට ටිරාන් පොදු සතුරා බවට පත්කර ගන්නට සිදුව තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකගේ ලියුමක් රැගෙන යන ඕනෑම අයෙකු කෙලී මහාරාජාගේ කැපිටල් මහරාජා සමූහයට කිසිදු සුදුසුකමක් නොමැතිව බදවා ගන්නා බවට කතා පැතිර යන්නේ නිකමට නොවේ. විශේෂයෙන් විප්ලවීය දේශපාලනය කිරීමේ දී සියලු දේ සම්බන්ධයෙන් මනා අවබෝධයකින් කටයුතු කිරීම අතිශයින්ම වැදගත්ය.

    ඉහත සියළු උදාහරණ මගින් අපට ගම්‍ය වන්නේ දේශපාලන ව්‍යපාරයක් ගොඩ නැංවීමේ දී නිවරදි ප්‍රතිපත්ති මත කටයුතු කරණු නොලබන්නේ අත් වන්නට නියමිත ඉරණමයි.

    මේ අවස්ථාවේ අපට ආධාර උපකාර කරන්නට කැමැත්ත පලකළ සියලු හිතවතුන්ට අප කියන්නේ පහත දැක්වෙන දුරකථන අංකයට අමතා අනිල් සහෝදරයා සමග කතා කර ඔබ අපවෙනුවෙන් කරනු ලබන ආධාර ලබා දෙන ලෙසයි. අප ගෙවනු ලබන දුෂ්කර කාලයේ අපට සහයෝගය දක්වන්නට ඉදිරිපත් වූ සියල්ලන්ටම ස්තූතිවන්ත වන්නෙමු.
    ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,

    104/1,
    පිරිවෙණ පාර, සිරිමල් උයන,
    රත්මලාන.
    දුරකථක අංකය-011 2725003

    ReplyDelete
  32. අපට සහය දැක්වූ සියල්ලන්ටම ප්‍රණාමය

    Posted on 18 July 2012.
    අපට සහය දැක්වූ සියල්ලන්ටම ප්‍රණාමය
    Rating: 7.0/7 (1 vote cast)

    වරක් වී.අයි ලෙනින්ගෙන් ‛‛ සහෝදරයා, සහෝදරයට ධනපතීන් පඩි ගෙවනවා නේද? යැයි යමෙකු ප්‍රශ්ණ කරයි. මෙහිදී ලෙනින් පිළිතුරු දෙන්නේ ‛‛ කොච්චර හොදද මේ ක්‍රමය විනාශ කරන්නට ඒ අයම පඩි ගෙවනවා නම්’’ ත්‍රිමාන වෙබි අඩවිය ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නිළ වෙබි අඩවිය දැයි විමසන අයට මුලින්ම අපට කියන්ට ඇත්තේ මේ ක්‍රමය විනාශ කර පෙරළා දමන්නට, අපටත් දෙන්නට ඇත්තේ ලෙනින්ගේම පිළිතුර බවයි. මේ නිසා අපට මුදල් ලැබෙන්නේ කවුරුන්ගෙන් වුවද අප විසින් කරණු ලබන දේශපාලනයට එය බාධාවක් වන්නේ නැත. අප කියන්නේත් මේ ක්‍රමය පෙරළා දමන්නට ඒ අයම සල්ලි දෙනවා නම් හොද බවයි.

    අප විසින් පසුගිය දිනෙක අප සංවිධානය මේ වන විටත් මුහුණ පා සිටින මුල්‍ය අර්බුදය සම්බන්ධයෙන් පාඨක ඔබව දැනුවත් කළ අතර හැකි අයට අපට උපාකාර කරන්න යැයි ඉල්ලා සිටියෙමු. ඒ අනුව අපට මේ අවස්ථාවේ මුල්‍යමය සහ වෙනත් උපකාර කරන්නට දෙස් විදෙස් අපගේ සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් විය. මුලින්ම ඒ සියලු අයට අපේ ප්‍රණාමය සහ විප්ලවීය ආචාරය හිමිවන අතර සමහර අය අපට විරුද්ධව යම් යම් දෑ පළකර තිබුනි. ඒ සම්බන්ධයෙන් අපට කිසිදු ගැටලුවක් නැති අතර අපට කැමති අය මිසක් අපට අකමැති අය අපට උපකාර නොකළාට කම් නැත. එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි. සමහරුන් පවසා සිටියේ අපව විශ්වාස කරන්නට බැරි බවයි. මේ අනුව අපට නිගමනය කරන්නට සිදු වන්නේ අපව විශ්වාස කළ අය අපට උපකාර කරන්නට ඉදිරිපත් වූ බවයි. අප අවිශ්වාස කරන අයගේ උපකාර අපට අවශ්‍ය වන්නේ ද නැත.

    මේ වන විටත් දළ වශයෙන් වසර දහයකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව පූර්ණකාලීනව දේශපාලන කළ අපට කිසිවකුගෙන්වත් අප කළ දේ සම්බන්ධයෙන් ගුණ වැයුම් අවශ්‍ය වන්නේ නැත. අප නිසා ලංකීය සමාජය තුළ සිදු වූ වෙනසකම් සම්බන්ධයෙන් අපට පුණ පුණා කියන්නට අවශ්‍ය වන්නේ ද නැත. මේ වන විටත් අපගේ දේශපාලනය සෘජුව හා වක්‍රව බලනොපානු ලැබූ කිසිදු ශ්‍රේත්‍රයක් ලංකාවේ නැති බව අපට සක් සුදක් සේ පැහැදිලිය.

    ඇතැමුන් අපව නොදන්නා ආකාරයෙන් බාබාලා ලෙස හැසිරෙන්නේ ඔවුන් අහිංසකයින් වන නිසා නොව නරුමවාදී තක්කඩියන් වන නිසාය. මේ නිසා අපේ දේශපාලනයට මෙවැනි තක්කඩියන්ගෙන් ඇති පලක් නැත. අප විසින් ලංකාව වෙනස් කිරීම උදෙසා යන දුෂ්කර මාවතට සවිය දෙනු ලබන සියලු දෙනාට නැවතත් අපේ ප්‍රණාමය හිමිවන අතර අපේ දේශපාලන ව්‍යපෘතිය නිමා වීමට ඉඩ ඇත්තේ දෙයාකාරයකට පමණි. එනම් අපි විසින් ගොඩ නගන්නට හදන දේශපාලනය තුල එක්කෝ අපි ජයග්‍රහණය ලබා ගනු ඇත. නැතිනම් වසර 2009 දී නන්දිකඩාල් කලපුවේ දී නායකයා ඇතුලුව සියලුම සාමාජිකයන් මරණයට පත් වී අරගලය පරාජය වූ අකාරයෙන් අප ද පරාජයට පත්වනු ඇත.
    මේ මාවත් දෙකට මෙපිටින් කිසිදු මාවතක යළි කිසිම විටක අපේ දේශපාලනය නතර නොව බව සහතික වශයෙන්ම කිව හැකිය.


    අපට තවදුරටත් මේ දුෂ්කර කාල පරිච්ඡේදයේ දී උපකාර කරන්නට කැමති අය සිටිනවා නම් අපේ වෙබි අඩවියේ ඉහළ තීරුවේ ඇති ‛ අපට උදව් කරන්න කැමති නම්’ ලින්ක් එක ක්ලික් කර එහි තිබෙන අකාරයට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  33. බලා සැනසෙන්න, මධ්‍යස්ථානය!! (http://centrelk.blogspot.com/). ඉහත කොමෙන්ට් වල අනුපුරකය.

    ReplyDelete
  34. යකෝ මේ හිඟන්නන්ගේ කතාව අස්සේම ත්‍රිමානයා හිඟා කාපු ලියමනක් දැම්මේ මොකද?

    හයියෝ...

    ReplyDelete
  35. මගේ යාලුවෙක් කියපු කතාවක්
    මිනිහා කැළණිය පන්සලට ගිය වතාවක එතන හිටපු වැරහැලි ඇඳගත්ත හිඟන මනුස්සයෙක් එක්ක කතාවට සෙට් වෙලා. ඒ මනුස්සයා කියලා තියෙනවා
    "පුතේ,
    මම මේ රස්සාවෙන් තමයි මගේ දරුවො දෙන්නට හොඳට උගන්වලා කසාද බන්දලා දුන්නේ. වැඩිය ඕන් නෑ මම තට්‍ටු 2 ගෙදරකුත් හැදුවා මේ රස්සාවෙන්ම!............."

    ReplyDelete