Monday, April 30, 2012

දිනිති නංගීට විප්ලවීය සුබපැතුම්....!!


දිනිති අපේ ගමේ කෙල්ලකි. පියා ඇය කුඩාකලදිම මියගොසිනි. හැදුනේ වැඩුනේ ඇගේ මවත් සමගම ඇගේ මහගෙදරය. එතරම් වත්පොහොසත්කම් නැති දුප්පත් පවුලකි. 

ඉගෙනීමට හොඳ හැකියාවක් තිබුණත් මේකි මලාට අපිට නොකියන, අපිත් නොදන්නවා වගේ ඉන්න පොඩි ලව් හුටපටයක් නිසා ඒ ලෙවල් ඇනගත්තේය. ඊට පස්සෙ බාහිර උපාධි කරන්ඩ ගත්තේ අපි කාගෙ කාගෙත් බලකිරීම නිසාය. යන්තම් ඒකනං ගොඩදාගත්තේය.

පහුගිය අවුරුදු තුනහතරක කාලයක් දිනිතියා සිටියේ  විරැකියාවේය. වරින්වර ඇයට නොගැලපෙන සුළු රැකියාවන් කිහිපයකට ගියත් ඒ එකක්වත් මාස දෙකකට වඩා කලේ නැත. කෙසේවෙතත් දැනට සති දෙකකට උඩදී දහදාහේ උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ගොඩට යාන්තමින් පැනගැනීමට ඇයට හැකි විය. ඇයට වගේම අපිටත් සතුටුය. කිසිදු ස්ථිර ආදායම් මාර්ගයක් නැති ‍ඒ පවුල යම් පමණකින් හෝ ගොඩගන්නට ඇයට හැකිවනු ඇත. මාද ඇයට හදවතින්ම සුබ පැතුවෙමි.

අද උදෑසන ඇය ගැන ඉතා සතුටුදායක තවත් ආරංචියක් මට කිව්වේ ඈ විසින්මය. එය නම් මට පමණක් නොව, මෙරටේ සුවහසක් වාමාංශිකයන්ටද ඉතා සතුටුදායක පුවතක්ම වනු ඇත. හෙට, එනම් මැයි මස පළමුවෙනිදා උදැසන දහයකුත් ගානට යෙදෙන සුබ මොහොතින් ඇය ශ්‍රී ලාංකික කම්කරුවෙකු වශයෙන්ද අභිෂේකව, ඇගේ මංගල මැයි රැලියේ ගමන්කරන්නීය. එම සුබ ගමණට යාම සඳහා සූදානම්වන අභිනව පත්වීම් ලාභීන් එකසිය විසි ගණනට අළුත්ම ලේලන්ඩ් බස් දෙකක්ද අපේ ගරු ආසන සංවිධායකතුමා සපයා ඇති බවද ඇය පවසා සිටියාය. (පැමිණීම අනිවාර්ය කොට ඇති බවද ඇය කියා සිටියද එය මේ පෝස්ටුවට අදාල නැති දෙයකි).

ශ්‍රී ලාංකීය කම්කරු පන්තියට අළුතින්ම එකතුවන දිනිති නංගීට මගේ විප්ලවීය සුබපැතුම්...!!

14 comments:

  1. අනේ වාසනාවන්... දේශප්‍රේමී එකේනේ යන්නේ..? අනිත්වෑ ගියොත් තමයි නාගෙන එන්න වෙන්නේ...

    ReplyDelete
  2. දිනිති නංගීට සුභ අනාගතයක්.... !!! :D

    ReplyDelete
  3. බලාගෙන ගියාම මේ දේශපාලුවෝ කොයි තරම් නම් හිඟන්නෝද? උන්ගේ රැලියකට මිනිස්සු ගෙන්න ගන්න දැන් රස්සාවක් වගේ පොඩි පහේ පගාවක් දෙන්නම වෙලානේ. හා හා හා

    ReplyDelete
  4. දේශපාලුවෝ තමන්ගේ රැස්වීම් වලට ඔය විදියට සෙනග අද්දව ගන්න එක පැත්තකින් තියන්න. ඒත් මැයි දිනය කම්කරුවන්ටම විතරක් නම් ඇයි වැඩකරන හැමෝටම නිවාඩු දෙන ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කරලා තියෙන්නේ... ලෝකෙ පුරාම එදාට නිවාඩු ලැබෙන්නෙ කම්කරුවන්ට විතරක්ම නෙමෙයි නේද?
    මම නම් හිතන්නේ මැයි දිනේ වැඩ කරන ජනතාව වෙනුවෙන් කියලයි...

    ReplyDelete
  5. //(පැමිණීම අනිවාර්ය කොට ඇති බවද ඇය කියා සිටියද එය මේ පෝස්ටුවට අදාල නැති දෙයකි).//

    මේ චාමි එකක් කියන්නද, නිකං දේශද්‍රෝහී කුහක කතා නොකියා ඉන්නවද දිනිති නංගියා මෙච්චර වැදගත් ගමනක් යන්න හදන වෙලාවේ?????

    ReplyDelete
  6. රැකියාවේ ස්වාභාවය නිසා මම හා මගේ සේවාස්ථානයේ සියලු දෙනා සෑම මැයි දිනයකම සුපුරුදු පරිදි රැකියාව කරමු.අපට මැයි දිනේ අදාල නැත.

    ReplyDelete
  7. පසුගිය දිනෙක රට ගලවාගැන්ම පිණි පුද්ගලික අංශ සේවකයින ්විසින් දියත් කරන ලද අමෙරිකානු යෝජනාවට එරෙහි නෙලුම් පොකුණ ඉදිරිපිට පැවැත්වූ උද්ගෝෂනයට මොබිෙටල් සමාගමේ සේවකයින් සියල්ලටම අනිවාර්යෙන් පැමිණිය යුතු බවත් එසේ නොපැමිනෙන අය නිවාඩු දැමිය යුතු බවත් කියා තිබුනේලු...

    ReplyDelete
  8. සුභ අනාගතයක්.... :P......

    ReplyDelete
  9. කම්කරුවෙක් වගේම දේශප්‍රේමියෙක්

    ReplyDelete
  10. මටත් කිව්ව අපේ ඔපීසියට අලුත් පත්වීමක් අරගෙන ආව මල්ලි කෙනෙක්. රැකියාවේ ස්ථිරත්වයට මේ ගමනින් ලොකු පිටිවහලක් ලැබෙන කතාවකුයි කිව්වෙ. පහුගිය දිනවල තිබුන දේහපාලකයන්ගෙ දේශන වලට සහභාගී වීමට අමතරවයි මේක. ‍දිනිති නංගීටත් අනෙකුත් නංගිලා මල්ලිලාටත් ජය! අපි නං එදාට නිවාඩුයි.

    ReplyDelete
  11. ඕකට ගියානම් නිකන් හම්බවෙන ගල් කාල ගහලා ගෙදර එන්න තිබුනා.

    ReplyDelete
  12. ඕං මං අඳුනන මල්ලියෙකුත් ගියා පෙළපාලියට ඇමැතිතුමා වෙනුවෙන් කිව්ව.. ගියෙ නැත්නම් දුන්න කම්කරු ‍පත්වීමත් හබක් වෙයිලු.. ඒත් වාසනාවන්ත ඇමැතිතුමා. අඩු වියදමින් ජීවත් වෙන්න එයැයි තමයි අපිට කියල දුන්නෙ...

    ReplyDelete
  13. හෙහ් හෙහ්... කම්කරු අයීතීන් දිනවල දෙන්නෙ කොහොමද කස්ටිය ආවෙ නැත්තන්...

    ReplyDelete