Saturday, April 14, 2012

නැකතට මෙළවීම.....


ඔන්න ලිප ගිනි මොළවන නැකත කිට්ටුයි. අපෙ මායියා ලිප ළඟ රෙඩිපිට. අතක ගිනිපෙට්ටිය. එක ඇහැක් ලිපට. අනික ටීවී එකට. ටීවී එකේ ජාතික රූපවාහිනියේ මැදමුලන විකාශය. ඔරලෝසුවෙ වෙලාව ශුවර් නැති හින්දා ටීවී එකේ වෙලාවටම චාරිත්තර කරන්ඩයි සූදානම. (ටීවී එකේ සාමාන්‍යයෙන් තව තත්පර තිහයි... විස්සයි... පහයි... ඔහොම කියනවනේ)

ඔන්න රතිඥ්ඥා ඇහෙනවා. ටීවී එකේ මහා පල්හෑල්ලක් මැද ජනාධිපතිතුමයි එයාගෙ මායියයි ලිප ලඟට එනවා. පහත් වෙලා ලිපට මොනවද කරනවා. අපේ උන්දෑ වෙලාව කියනකං ඉන්නවා.

"පත්තුකලාද?"
"ඒ වගේ...."
"ඒ වුනාට වෙලාව කිව්වෙ නෑනෙ..."
"එයා පත්තුකලානං ඉතිං වෙලාව තමයි..."
"ඉතිං කෝ.... ලිපේ ගින්දර පේන්නෑනෙ.... ඇත්ත කියන්ඩකො... තව වෙලාව තියෙනවද?"
"මං හිතන්නෙ හරි වගේ..."
"වෙනද වෙලාව කියනවනේ....."
"......."
"ආං... ලිපේ ගින්දර නේන්නං..... වෙලාව පහුවෙලත් එක්ක......"

ඔන්න ඊළඟ දර්ශණයෙ තියෙන්නෙ දඩ බඩ ගාල අපේ ලිපේ ගින්දර පත්තුකරනවා.

"ෂික්කේ..... මේ කෙහෙම්මල් චැනල්එක.... මුංට නැකත කියනවට වඩා ලොකුයි ජනාදිපති පෙන්නන එක..... දාන්ඩ ඕක අයි.ටී.එන් එකට....."

(නියම විදිහටනං මේ අවුරුද්දෙත් මේ දීගෙ කනවට මට වෙනම ගෙවන්ඩ ඕනෙ J )

හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා...!

27 comments:

  1. චාමි මැතිතුමා , එම මැතිනිය ඇතුලු දුවා දරුවන්ටත් පවුලේ සියළු දෙනාටත් ලැබුවා වු නව වසර සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

    බ්ලොගයේ මකුළු දැල් සුද්ද කරල දාලා දිගටම ලියන්න පුලුවන් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරන්නම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොසි මැතිණිය. ඔබටත් සුබ අළුත් අවුරුද්දක් වේවා..!

      Delete
  2. වරහන් ඇතු‍ලෙ තියෙන එකනම් හැමෝම කියන්න ඇති ;)

    චාමි ඇතුළු පවුලේ සියලු දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සාතන්. ඔබටත් සුබ අළුත් අවුරුද්දක්ම වේවා..!

      Delete
  3. හී හී, තව අවුරුදු 20ක් වත් කන්න වෙයි දීගේ

    ReplyDelete
    Replies
    1. හුම්. තවත් සුබ අළුත් අවුරුදු 20ක්.... :)

      Delete
  4. අපේ ගෙදර TV එකයි Radio එකයි දෙකම දාපු නිසා ගොඩගියා.

    සුභ අලුත් අවුරුද්දක් වොවා චාර්මි!

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම දාගෙන ගෙදර උන්නෙ කොහොමද කියලනං අහන්නෙ නෑ ඕං.
      සුබ අළුත් අවුරුද්දක් වේවා ඔබටත්...!

      Delete
  5. චාමිට සුබ අළුත් අවුරුද්දක් වේවා...මායියාටත් එසේම වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා....! මායියෙක් ඉන්නවනං එයාටත් එසේම වේවා...!

      Delete
  6. සුභ අළුත් අවුරුද්දක් වේවා!...

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අළුත් අවුරුද්දක් වේවා විසිතුරු..!

      Delete
  7. පිස්සු පීකුදු... :D

    හවස තියෙන නැකතට කෑවොත් අවුරුද්දම චාටර් වෙලා රටටත් එක්කම හෙන ගහනවා කියලා ඉන්ටනෙට් එකේ කියපු ජෝතිශපොරක් නැකත ලබපු ගමන් සිරසේ අවුරුදු මේසෙන් කන්ද ගහලා බෙදාගත්තා ඊයේ මම බලාගෙන...

    චාමිටත් අලුත් අවුරුද්ද සුභ කරගන්න ශක්තිය දහිරිය ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බීටලේ. ඔබටත් සුබ අළුත් අවුරුද්දක් වේවා...!

      Delete
  8. ජාතිකෙයි, අයිටීඑන් එකයි අහු නොවන විදියට ඇන්ටනාව හදල තියෙන හින්ද අවුලක් වුණේ නෑ මෙදා පාර... අන්න එහෙම කරහං එතකොට වැරැදීමකින්වත් ඒව පේන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. අපොයි. අනික් වහන්තරාවල පෙන්නන මඥ්ඥං වල හැටියට ඔය දෙක හොඳයි අවුටො

      Delete
    2. සජීව ධනුද්ධරApril 15, 2012 at 9:20 PM

      අම්මපා සහතික ඇත්ත චාමියො!
      චාමිට, මායියාට හා දෝණියන්දෑට සුබම සුබ නව වසරක් වේවා.!

      Delete
    3. ඔබටත් සුබ අළුත් අවුරුද්දක් වේවා සජීව!

      Delete
  9. චාමිටයි මායියටයි දරුවන්ටයි සුබ අලුත් අවුරුද්දක් වේවා! සති දෙකකට වරක්වත් බ්ලොග් ලියන්න සිතේවා!

    ReplyDelete
    Replies
    1. @රාජ්

      කට කට චාමියගෙ මායියා නෙවෙයි ආර්යාව ආර්යාව

      Delete
    2. රාජ්ටයි පවුලෙ හැමෝටමයි සුබ අළුත් අවුරුද්දක් වේවා...!
      මට අරහෙම සිතේවා....! :)

      Delete
  10. සුභ අළුත් අවුරුද්දක් වේවා!..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබටත් එසේම වේවා හේමලයා...!

      Delete
  11. සුභ අළුත් අවුරුද්දක් වේවා!..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබටත් එසේම වේවා අරුණ...!

      Delete
  12. ස්තුතියි කකා. ඔබටත් සියළු පැතුම් ඉටුවන සුබ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  13. චාමි මහතාටත්,එම මහත්මියටත්,දරුවන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete