Tuesday, October 26, 2010

නෝනට තියෙන ප්‍රශ්න....

පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන ආ 18 වන ව්‍යවස්ථා සංශෝධනය ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ලෙස මා ඉත සිතින් අදහමි. එය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත්කල සැප්තැම්බර් 08 වෙනිදා මා විසින් මෙම බ්ලොගය කට්ට කළු කර මගේ අත්‍යන්ත විරෝධයද පළකලෙමි. මා විසින් ගත් එම පියවරෙන් රජය යම් අපහසුතාවකට පත්වූ බවද පැහැදිළිවම පෙනෙන්නට තිබූ අතර ව්‍යවස්ථාව සම්මත වූ දිනට පසුදා කෙහෙළිය රඹුක්වැල්ල ගරු ඇමතිතුමා හට, නව ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවන බවට විශේෂ ප්‍රකාශයක්ද මාධ්‍ය හමුවේ කිරීමට සිදුවිය. රූපවාහිනී නාලිකා ඔස්සේද විකාශය වූ එම ප්‍රකාශයේ කොටසක දේශද්‍රෝහී කඩාකප්පල්කාරීන් යන අන්වර්ථ නාමයෙන් එතුමා විසින් හඳුන්වන ලද්දේ මාවය. (මෙය අප දෙදෙනාගේ පුද්ගලික කෝන්තරයක් නොවන අතර, එය දේශපාලන පසමිතුරුතාවය නම් දේශපාලනික අර්ථයෙන් සලකන මෙන් ඉල්ලමි).

ඇත්තෙන්ම පසුගිය දිනවල මා හට පැවති විශාල ගැටළුවක් වූයේ 18 වන සංශෝධනයට එරෙහිව අප ගෙනගිය අරගලයේ ගමන් සගයන් වූ ප්‍රගතිශීලීන් බහුතරයක්, මේ වන විට 18 ක් සම්මත නොවූ ලෙස කටයුතු කරමින් සිටීමයි. කොටින්ම බොහෝ දෙනෙකුට යන්තම් මීට මාස එකහමාරකට කට පෙර සිදුවූ මෙම ඛේදවාචකය සහමුලින්ම අමතක වී ඇති බව පෙනීයාම සිත් වේදනා උපදවන්නකි.

අතිගරු ජනාධිපතිතුමා විසින් වරක් ප්‍රකාශ කල අඳුරට ශාප කරනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම වැදගත් යන ප්‍රකාශයට අනුව, මා විසින් මෙම අරගලය තනිවම හෝ ඉදිරියට ගෙනයාමට අදිටන් කර ගත්තේ එබැවිනි. ඇත්තෙන්ම මෙවන් දැවැන්ත ව්‍යාපාරයක් තනිවම ගෙනයාම අසීරු හෙයින් අවම වශයෙන් මගේ සමීපතමයා වන බිරිඳගේ හෝ සහයෝගය ලබාගැනීම සඳහා පසුගිය දිනෙක ඈ ඇමතීමි.

මේ...... 18 වෙනි සංශෝදනේ......?

මොකක්?

ඇයි අර පහුගිය දවස්වල පාර්ලිමේන්තුවට ගෙනාවෙ....? 18..?

ඉතිං...?

ඒක ගැන විරුද්ද උනු කවුරුවත් දැං මීක් කියන්නෙ නෑ.... රනිල්ලා...... තිස්ස අත්තනායකලා ඒ කාලේ......

අනේ.... මේ...., අද තිස්ස මාමලගේ සීට්ටු සල්ලි දෙන්ඩ ඕනෙ.... මොකද කරන්නෙ...?

ඇය සිහිපත් කලේ අතේ රුපියල් විස්සක්වත් නොතිබූ මා හවස් වීමට ප්‍රථම එක්දාස් පන්සීයක ලෝන් එකක් ගැසිය යුතු බවයි.

නැවත එදින රාත්‍රියේද මා විසින් ඇයට මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කලෙමි.

ඒ දවස්වල උනත් ජේ.වී.පි එක ඇරුණාම ඕක ගැන දැනෙන්ඩ කතා කලේ සිවිල් බුද්ධිමතුන් ටිකක් විතරයි. දැං මතකද දයාසිරි කිව්වා උපවාසයක්ද මොකද්ද කරනවා කියලා.......?

මේ... ඔයා හිතන්නෙ දයාසිරි එයිද....... පබා එයිද.......?

එය මෙගා ස්ටාර් සංවාදයක් බවට පත්වූ අතර පැහැදිලි කිරීම පසුදාට කල්තැබීමි.

පසුදින උදෑසන මා විසින් ඇයව දැනුවත් කිරීම සඳහා රසවත් උදාහරණ කිහිපයක් යොදාගැනීමට තීරණය කලෙමි.

දැං බලන්ඩ...... ඔය ඒකාධිපති බලතල පාවිච්චි කරලා දැනටමත් කොළඹ මුඩුක්කු ගෙවල්වල ඉන්න මිනිස්සු........

මේ.... ඒක නෙමේ. ගෙයි වහලෙ ගහන්නැද්ද? උළුවහු ජනෙල් ටිකත් දිරලා ගිහින්...... හැමදාම මේකෙ ගුලිවෙලා.........

ඇත්තෙන්ම ඒ සෑම විටකදීම සිදුවූයේ මගේ අවශ්‍යතාවය පරයන ඇගේ වෙනත් අවශ්‍යතාවක් පෙරට පැමිණීමයි. රන් මාලයේ උකස බේරා ගැනීම, දරුවාට ඇන්කර් පීඩියා ප්‍රෝ දීමේ වැදගත්කම, තෑගි ලෙස ලැබුනු සාරියට හැට්ටයක් මැසීම, සහල් මිල එකවර ඉහලයාම, කවුරුන් හෝ නිවස අසල දමාගොස් සිටි පූස් පැටවුන් තිදෙනාගේ කරදරය, ඇගේ දකුණු අත හිරිවැටීමේ රෝගය, විදුලිය කැපීමට පෙර රතු බිල ගෙවා දැමීම වැනි බොහෝ දෑ ඒවා අතර විය. ඒවා සියල්ල ඇගේ ප්‍රමුඛ අවශ්‍යතා බව මගේද පිළිගැනීමයි.

ඇගේ අවශ්‍යතා පසෙක ලා මගේ අවශ්‍යතාව වෙනුවෙන් පැමිණෙන ලෙස ඉල්ලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදියෙකු වශයෙන් මට කල නොහැකිය. එමෙන්ම ඇගේ සහයෝගය බලහත්කාරයෙන් ලබාගැනීමද දේශපාලන සදාචාරයට පටහැණි කටයුත්තකි. ඒ අනුව සිදුකල යුත්තේ පළමුව ඇගේ ප්‍රමුඛ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කටයුතු කිරීමයි.

ඊයේ රාත්‍රියේදී අප දෙදෙනා විසින් බොහෝ වෙහෙස වී ඇගේ අවශ්‍යතා ප්‍රමුඛතා ගත කොට ලැයිස්තුවක් සකස් කළෙමු. එම ලැයිස්තුවට අනුව 18 වන සංශෝධනයට එරෙහි වීම ඇත්තේ 637 වෙනියටය. ඒ අනුව ඊට ප්‍රථමයෙන් ඇති ප්‍රමුඛ අවශ්‍යතා 636 කඩිනමින් සම්පූර්ණ කිරීම මා විසින් දැනටමත් අරඹා ඇත. එම කටයුත්ත අවසන් වූ සැණින්, ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් මමත්, මගේ බිරිඳත් නව ජවයකින් පෙරට ඒමට නියමිත බව මෙම ඒකාධිපති ආණ්ඩුවටද, සියළු ප්‍රගතිශීලී ජනයාටද, මෙයින් දන්වා සිටිමි.

29 comments:

  1. ඔය කියල තියෙන ලෝන් ආර්ථිකේ එක්ක නං ඔය ටික ඉවර කරන්න වෙන්නෙ ඔයාගෙ මුණුපුරන්ගෙත් දරුවන්ට වීම වෙනම ප්‍රස්ණයක්.... කොහොම වුණත් වලකජ්ජ ගහන්න වගේ එන කාලෙක අන්තිම කැමති පත්තරේ ලියන්න 18ට එරෙහි වෙන්න මොකක් හරි කරන්න කියලා... මොනව වුණත් ඒක විසේසයිනේ...

    නියමයි මචෝ...

    ReplyDelete
  2. පට්ට බාංස්... 18 විරැද්ධව ඔන් මාත් උඹෙ පැත්තෙ..

    ReplyDelete
  3. Excellent Post lokka

    ReplyDelete
  4. මේක නං නියමයි!

    ReplyDelete
  5. හරියට වචන කර ගන්නවත් බැරුව හිටපු දෙයක් ගැන ගලපල ලස්සනට ලියපු හැටි නම් මරු!

    අපි එකතු වුන වෙලාවට කතා කරන්නෙම 637වෙනි එක ගැනනෙ. විසිරිලා ගියාම ආයේ ඊට කලින් ඒව ගැන කතා කරන්න පටන් ගන්නවා.

    ReplyDelete
  6. එළ එළ. ඒ 636 ඉවරවුන ගමන් කියන්න. මාත් නිවාඩුවක් දාල එන්නම්. එතකොට තුන්දෙනයි. ත්‍රිවීල් එකක ලේසියෙන්ම යන්නත් පුළුවන්නේ.

    ReplyDelete
  7. 638 - ජාත්‍යන්තර විශ්ව විද්‍යාල

    (හොදටම තියෙනවා, නියමයි)

    ReplyDelete
  8. යකෝ උඹලගෙ ප්‍රශ්ණ 636 විසඳන්න අවුරුදු 1000 ක් වත් යයි. එතකොට ව්‍යවස්ථාවටත් තව සංශෝධන 25000 ක් විතර ඇවිල්ල තියෙයි.

    ReplyDelete
  9. මෙගා ස්ටාර්, මෙගා ටෙලි නාට්‍ය, මෙගා ජීවන වියදම අස්සේ මයික්‍රෝ ව්‍යවස්ථා සංශෝධන ගැන කවුරු කතා කරන්නද?

    බහුතරයකට ඕන වෙලා තියෙන්නෙ තමුන්ට තියෙන පෞද්ගලිග සුවිසල් (Mega) ප්‍රශ්නවලට විසඳුම් හෝ ඒවා මොහොතකටවත් අමතක කිරීමට නිර්වින්දනාත්මක වින්දනයක් මිසක් වෙන දෙයක් නෙවෙයි.

    ReplyDelete
  10. ආණ්ඩුවෙන් කරගෙන යන වැඩේම නොවැ ඕක.18 වහගන්න තව පොඩි පොඩි කැරට් බර ගානක් රටට දෙනවා.ඉතින් මිනිස්සු එක පස්සේ දුවනකොට 18 වෙලා ඉවරයි.දැන් පෞද්ගලික විශ්ව විද්‍යාල කතාව වහගන්න රටට කියන්නේ මොකද්ද?"ලෝකේ වෙනත් රටවලත් ආර්ථිකය සංවර්ධනය වෙද්දී එය පසුපසට ඇද දැමීමට බටහිර රටවල් විශ්ව විද්‍යාල වල ගැටුම් හදපු උදාහරණ තිබේ". අම්මපා ඔය කතාව කියද්දී ,ඒ කරපු රටවල් මොනවද අහන්න මාධ්‍ය කාරයෙක් දැන් රටේ නෑ නොවැ.19,20.......ව්‍යවස්ථා වලට ජවිපෙ විරෝධයට,විරෝධය පෑමේ රටේ මිනිස්සුන්ගේ මනස හදන දිගු කාලීන ව්‍යාපෘතිය ඔය දැන් කරගෙන යන්නේ ආණ්ඩුවෙන්. UNP එකට ගහල වැඩක් නෑ නොවැ.සංශෝධන තව 100 ක් ගෙනාවත් උන්දැල ඔහොම්මම බුදිම තමයි. (දයාසිරිට SMS එකක්වත් ගහමු බන් UNP එකට ඒකෙන්වත් දිනන්න)

    ReplyDelete
  11. ටැබූගේ බ්ලොගයේ ඉස්සර තිබූ නැවුම් හා රසවත් බව දැන් මම අත්විඳින්නේ ඔබේ පොස්ට තුලිනි...ඔබගේ ලිපිවල අදහස් ඉදිරිපත් කිරීමේ ශෛලිය සහ ඒ උදෙසා කරුනු පෙල ගස්වන ආකාරය ප්‍රශංසනීයයි...

    ReplyDelete
  12. රටේ ප්‍රශ්න පසුවට.ගෙදර ප්‍රශ්න පෙරට

    ReplyDelete
  13. වයිෆ් හරි. එයාගෙ අදහසට කැමතිවෙලා අන්තිමට ලිස්ට් එකක් හැදුව එක හොඳා... පේනවනෙ 637 !!! (සමහර අයගෙ ලිස්ට් වල ඕක ඇත්තෙත් නෑනෙ. ප්‍රජාතන්ත්‍රවාදෙ කන්ඩද කියල ඇහුවලු...)

    ReplyDelete
  14. මාර කෙලියයි කියන්නෙ මගෙ ලිස්ට් එකට ඕක ආවෙ 975ටනෙ. ඊයෙත් "සමාජ ප්‍රගමනය උදෙසා වූ එකමුතුවෙදියි", "අපි හෙට වෙනුවෙන්" සංගමයෙදියි හීන් අඩි දෙකක් ගහද්දි මට හිතුන ඕකට මීට වඩා තැනක් දෙන්න ඕන කියල.
    මොන ගෙදෙට්ට එනකොට ඒක අමතකවෙලානෙ. හදිස්සි වැඩ කීපයක් තිබුණ ඒකයි.

    ReplyDelete
  15. 18....ම්ම්ම්..මට නන් යාන්තම් වගේ මතකයි...
    ඒක කමක් නෑ කියමුකෝ.....සමහර උන් කියනවා අපේ රටේ අවු 30ක යුද්දයක් තිබුනලු...පිරබාහරන්ද..මොකාද කියල එකෙක් මිනිස්සු මැරුවලු..මුන්ට පිස්සුද මන්දා...මට නන් එහෙම එකක් මතක නෑ...මේ පාන් ගෙඩිය 50ට ගිය එක හැටියට ඕවත් ප්‍රශ්නද...?
    හැබෑට ඔය නෝනගේ ලිස්ට් එකේ මුලටම ආවෙ මොකක්ද...අනිවා "දයාද පබාද" වෙන්න ඕන!

    ReplyDelete
  16. I think u put V 4 vendetta here nt because of the lady.. :)
    The concept of this movie is very much applicable to current ( may be all time) SL politics. picture recalled me whole story ..Good job

    ReplyDelete
  17. @ Anonymous,
    මෙයට කලින් ලියූ පෝස්ටයේදී සිංහල/බෞද්ධ/ග්‍රාමීය පිරිමියාගේ අප්සරාව ගැන මා කතා කලෙමි.
    V For Vendetta චිත්‍රපටයේ Evey Hammond නම් මෙම චරිතය ලොවපුරා දේශපාලන පිරිමින්ගේ (අඩු වැඩි වශයෙන්) අප්සරාව බව මගේ අදහසයි.

    ReplyDelete
  18. 18 වගේද බO පබා.....
    සාමාන‍ය්‍ය පූර්ව ළමා අවධියේ සිOහලත් නොදන්න පබා නෝනට ගම්පහ කට්ටිය ඔච්චර දුන්නේ කකුල් දෙකටද නැත්තන් සර්වාන්ගෙටමද කියල හිතාගන්නත් අමාරුයි නොවැ....
    හැමදාමත් වගේ පට්ටම පට්ට අදත්
    (නුඹ ගැන හෝඩුවාව දුන්නු කතන්දරට මාගෙ බලවත් අහවල් එක...)

    ReplyDelete
  19. තිත්ත ඇත්ත. සැමදාම ඔබ යථාර්තය දෙස අප නොබලන කෝණයකින් බලයි. ඔබේ හැකියාව ඉහලින්ම අගය කරමි.

    ReplyDelete
  20. ප්‍රායෝගිකත්වය ඔහොමයි. තනියෙම ගත්තහම අසරණයි.

    ReplyDelete
  21. හිනා වෙන්නද අඩන්නද.... ලිපිය නම් උපරිමයි...

    ඇත්තමයි දැන් නම් 18 වෙනි සංශෝදනේ මතකත් නැහ... අර පබාට කිව්ව කුනුහරුප මරිවියා... ශික් විතරක්.
    දයාසිරි පව්... අරූ සල්ලි විසි කරල නොවැ..

    අහ් ඒකද.. අර නිලියක් ඔටාර ගේ රෙදි උස්සල මාර කෙලිය...

    ReplyDelete
  22. දැන් මේ රටේ දේශපාලනය කියන එක පාටි එකක්ට ගියාම කන්න ආරාධනා කරනකම් හරි බෝතලේ හිස්වෙනකම් හරි කතා කරන මාතෘකාවක් බවට පත්වෙලා ඉවරයි. බෝතලේ හිස්වුනාම හරි කෑම කන්න ගියාම හරි කතාව අවසානයි. එතනින් එහාට කතා කරන්න බැහැ, කතා කරන්න දෙයක් නැහැ

    ReplyDelete
  23. හිනාවෙන්නද අඬන්නද මන්දා?

    ReplyDelete
  24. එළකිරි මචෝ
    මගේ තත්වයත් ඕකම තමයි. අපේ පරණ උන් හම්බවුණාම කින්ඩි දානවා. නමුත් මොනවා කරන්නද? දරැවෝ දෙන්නෙක් කියන්නේ ප්‍රමුඛතා ලයිස්ත=ව ගැන තේරෙනවනේ..

    ReplyDelete
  25. ඇත්තටම චාම් උබ කොහොමද බන් ඔය ගැහැණිත් එක්ක පවුල් කන්නේ???

    ReplyDelete