Thursday, October 21, 2010

අප්සරාගෙ විස්තරේ...

මෙම බ්ලොගයේ මා විසින් මෙයට පෙර ගැහැණු උදවිය පිළිබඳව එතරම් අභිරුචියකින් ලියා නැත. එයට හේතුව මගේ බිරිඳ නොවන බව මා කිව යුතුය. ඇය මා ලියන දේවල් කියවීමට එතරම් රුචි නොවන හෙයින් මෙහි කුමක් ලීවද ඇගෙන් ගැටළුවක් පැන නොනගින බව දනිමි. එයට ඇත්ත හේතුව නම් ඊයේ වන තුරුම ඇය මට මුණ නොගැසීමයි.

දෙයියම්පා ඊයේ තමයි දවස. ජීවිතයේ පළමු වතාවට ඇය මට හමුවුනේ. මෙහෙම.... මූණට මූණ. මොහොතකට මුළු බසාර් වීදියම කළු කුහරයක් උනා. ඒ තුළින් මා ඉදිරියට එන ඇය....! මට පිස්සු නොහැදුන ටික විතරයි. ඇය මා පසුකර ගිය ආසන්නතම ලක්ෂ්‍යයේදී අපි අතර පරතරය අඩි දෙකහමාරකටත් වඩා අඩුවෙන් පැවතුනේ. ඇගේ ලැවෙන්ඩර් සුවඳ පවා මට හොඳින් දැනුනා. පියකරු මුහුණ... සියුමැලි කන්පෙති...... කොණ්ඩ කටුවක් තුළින් පිට මැදට පිළීවෙලකට ගලා හැළුන කොණ්ඩය.... ලා කොලපාට ගවුම..... ආත්ම දහස් ගනනක් පුරා මම සොයමින් සිටියේ ඇයවයි.

ඇගේ නම අප්සරා.

අප්සරා කැමතිනම් මම හෙට උනත් බඳින්න කැමතියි. ඒත් එයා එහෙම ආවට ගියාට වැඩකරන කෙනෙක් නෙමේ. එයා මොන තීරණයක් ගත්තත් ඒක බොහොම සියුම්ව කල්පනා කරලා වගකීමෙන් තමයි ගන්නෙ. බඳින්න කලින් එයාගෙ දෙමාපියන් එක්ක මම කතාකරන්න ඕනෙ කියලා තමයි එයා හිතන්නෙ. එයාගෙ දෙමාපියනුත් මට කැමතියි. ඒත් ඉතිං තව වැඩ කොච්චර තියෙනවද?

ගෙදරදි උනත් අප්සරා මට කරදර කරන්නෙ බොහොම අඩුවෙන්. මට අල්ලන්නෙම නැත්තෙ ඉවරයක් නැති අස්පස් කිරිල්ල. මගේ ලියන මේසෙ උනත් මම කොච්චර හැඩි කරල දැම්මත් වැඩිම උනොත් විනාඩි පහයි. සමහර වෙලාවට මට ඕනෙකරන ලියකියවිලි උනත් එහෙ මෙහෙ වෙලා. හැබැයි අහන පරක්කුවෙන් හොයලා දෙනවා. හොඳ මතකයක් තියෙන්නෙ.

එයා කැමතිම නන්දා මාලනීට. දීපිකා ප්‍රියදර්ශනීගෙ සින්දුත් අහනවා. දැන්නං ටික ටික යානි ගෙ මියුසික් එහෙමත් අහනවා. මම නිතර ඕවා අහනකොට රහ වැටිලා. හැබැයි සතියකට දෙකකට පාරක් වත් හොද ෆිල්ම් එකක් නම් බලන්ඩම ඕනෙ. හැබැයි ඉංග්ලිෂ් ෆිල්ම් වල නං එයාට බැලෙන්නෙ තුන්කාලයි. ඔය අනං මනං කෑලි යනකොට අහක බලාගෙනනේ ඉන්නෙ. වැඩක් නැති වෙලාවට කරන්නෙ පොතක් කියවන එක. අටවක පුත්තු කියවලා මාත් එක්ක සෑහෙන්න වාද කලා. හැබැයි අන්තිමට තේරුම් ගත්තා මගේ අදහස් හරි කියලා.

එයාට ඉස්සර කොම්පියුටර් එච්චර බැරි උනාට දැන් හොදට පුළුවන්. මේ බ්ලොග් එක උනත් කීප පාරක්ම ටයිප් කරලා දුන්නා. එක පාරක් බේරෙන්ඩ බැරිම තැන එයාගෙ කතාවකුත් දාන්ඩ උනා. එච්චර කමෙන්ට්ස් නං ආවෙ නෑ. නෙට් එකේ උනත් කියවන එකමයි කරන්නෙ. සිංහල බ්ලොග්ස් තමා වැඩිපුරම. ඔය සොඳුරු සිත, මන්දාකිණී, සංසාරේ අපි, සුළඟ...... වගේ ඒවා. ඉඳහිටලා බියෝන්ඩ් ෆ්‍රේම්, ඇට මැස්සා, W3 ලංකා වගේ ඒවත් බලනවා. ටැබූ ගෙ ඒවට කැමති නෑ කුණුහරුප තියෙනවා කියලා. ෆේස්බුක් යන්නෙම නෑ. මොකද මන්දා.

එයාගෙ තාත්තා උපන්ගෙයි යූ.ඇන්.පී. කාරයා උනාට දැන් ටිකක් නිදහස්ව හිතනවා. ගියපාර නං එයයි තාත්තයි දෙන්නම ඡන්දෙ දීල තියෙන්නෙ මහින්දට. හැබැයි එයා දැං ඉන්නෙ තරමක් කලකිරීමෙන්. මොකද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තැන් තැන් වල කතා නොකලට එයා තනියම ඕවා හිතනවා. ලබන පාර අපි ඡන්දෙ දෙන්නෙ සෑහෙන්ඩ කල්පනා කරලා.

එයා විලාසිතා වලට එච්චර කැමති නැති එක තමා ප්‍රශ්ණෙ. කොහෙහරි ගියත් චාමෙට මොනවා හරි ඇඳගෙන යන්න තමා බලන්නෙ. ලිප්ස්ටික් ටිකක් උනත් මංම බලකෙරුවොත් තමා. හැබැයි වෙඩින් වලට වගේ නම් ජයට ඇඳලා යනවා. සාරියට මාර ලස්සනයි. ඒ ගියත් ඉතිං මගේ අතේ එල්ලිලාම තමා. ගෙදරදිත් ඉතින් එල්ලිච්ච ගමන්මනේ.

කොහොම උනත් එයා මගේ දෙමාපියන්ට, එයාගෙ දෙමාපියන්ට වගේම සලකන එක නං මට මාර සහනයක්. ඒ දෙන්නත් එයාට හරිම ආදරෙයි. එයා ගෙදර වැඩවලට මෙච්චර මහන්සි වෙන එක ගැන වෙලාවකට මට දුකයි. කොහෙද? කොච්චර කිව්වත් අඩුගානේ මට තේ එකක්වත් හදාගන්ඩ දෙන එකක්යැ.

ඉතිං මං මෙහෙම හිතාගෙන ඉන්නවා. අප්සරා මට හම්බවෙච්ච වෙලාවෙ එයාගෙ අනිත් පැත්තෙන් ගියපු වඳුරු මොටා වගේ එකාට, අප්සරා කැමතිනම් මාසෙකට පාරක් අපේ ගෙදර ඇවිත් යන්ඩ දෙනවා. අර එයාගෙ අතේ එල්ලිලා ගියපු කොලුකුරුට්ටා, තැනක පිළීවෙලකට ඉන්ඩ දන්න එකෙක් නං විතරක් අපේ ගෙදර ඉස්සරහා කාමරේ දෙන්ඩ පුළුවන්. මොකද මං කැමති නෑ කවුරුවත් අපේ පුද්ගලික ජීවිත වලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහනවට.

මං ඊයෙ හවසම අප්සරා ගැන විස්තරේ යාලුවෙකුට ටෙලිෆෝන් කරලා කිව්වා. මිනිහා කිව්වෙ මෙහෙම කතාවක්.

මචං... උඹ ඇවිල්ලා.. පාරිභෝජනවාදයේ කරවටක් ගිලී සිටින නියෝලිබරල් මානුෂිකකරණයේ ආන්තිකත්වය කරා පැමිණි පසුනූතන පිරිමියාගේ අවිඥාණික සයිබර් ෆැන්ටෑස්මැටික ලිංගිකත්වය ස්වයං වින්දන කලාපයේ තබා ගනිමින් තමන්ගේ ආත්මය රැකගැනීම සඳහා අන්තර් අක්‍රියතා කලාපයට පැමිණෙන පිරිමියෙක්......

පෙනේද? මුංගේ ඉරිසියාව..........!

34 comments:

  1. මට තේරෙන්නේ නැත්තේ අඩන්නද හිනා වෙන්නද කියලයි...

    ReplyDelete
  2. මොකක්ද බොල හැබෑට මූ මේ ලියල තියෙන්නෙ ? හොඳටම තේරුනේ අර අන්තිමට ලියලා තිබුන ඡේදය විතරයි.

    ReplyDelete
  3. ඇය මගේ බ්ලොග් කියවීම සතුටක්.ඇය ඊයේ නුඹට මුණ ගැසුනත් අද වෙන කොට ඇය නුඹව ගෙන ගොස් ඇති දුර සැබැවින්ම සිහිනයක්. ඒ වගේම ඉතාම සොඳුරු විදිහට ඇයට මුකුත් වැඩිය බැහැ කියල කියපු පිරිමියත් ඔයාම තමයි...

    Charmi :-
    විවිධාකාර ලීවිමේ හැකියාවන් ඇති ඔබ වැනි කෙනෙක් බ්ලොග් අවකාශයේ සිටීමත් කියවීමට ලැබීමත් සතුටක්..

    ඉතින් ඇයට කියන්න මම ඇයව මතක් කළා කියල

    ReplyDelete
  4. ඈ බං? අරෑ උඔට කැත විදිහටනේ බැනලා තියෙන්නෙ. ඕකුන් යාලුවොද?

    ReplyDelete
  5. හිනාවෙන්නද අඬන්නද කියල මටත් හිතාගන්න බෑ..
    (reader එකෙන් බලල comment එක ඔලුවෙ තියන් මේ පැත්තට එනකොට මාරයාත් ඒකම දාලා :D)

    ReplyDelete
  6. "ඇය මා පසුකර ගිය ආසන්නතම ලක්ෂ්‍යයේදී අපි අතර පරතරය අඩි දෙකහමාරකටත් වඩා අඩුවෙන් පැවතුනේ"

    අඩි දෙකහමාරක් ගිය දුර....

    මේ වාක්‍ය කියවද්දි මගේ හිතත් ගොඩක් දුර ගියා. බලපු පරණ ෆිල්ම් එකකට. Chungking Express. මේ වීඩියෝ එක බලන්න. මේකේ පටන්ගනිද්දිම කියන වචන ටික මට ආපහු මතක්වුනා.

    http://www.youtube.com/watch?v=IAH-0GKvIrM

    මේක මම කැමතිම ෆිල්ම් එකක්...

    ReplyDelete
  7. කවුද මචන් මේ අප්ස‍රාව.මොකක් උනත් දැන් ටිකක් ප‍රිස්සමින්,පවුල වැරදිලාවත් මේ පෝස්ට් එක කියෙව්වත් ගිනි විජ්ජුම්බ‍්රයයි ඔන්න.

    ReplyDelete
  8. හිතට වැදුන සටහන් වලින් එකක්. මට ලියා ගන්න බැරුව තිබුන එකක්. මේක කියෙව්වට පස්සේ හිත ටිකක් නිදහස් වුනා. හරියට මම මේක ලිව්වා වගේ.

    "පාරිභෝජනවාදයේ කරවටක් ගිලී සිටින නියෝලිබරල් මානුෂිකකරණයේ ආන්තිකත්වය කරා පැමිණි පසුනූතන පිරිමියාගේ අවිඥාණික සයිබර් ෆැන්ටෑස්මැටික ලිංගිකත්වය ස්වයං වින්දන කලාපයේ තබා ගනිමින් තමන්ගේ ආත්මය රැකගැනීම සඳහා අන්තර් අක්‍රියතා කලාපයට පැමිණෙන පිරිමියෙක්......" වීමේ ද්විත්ව ස්වාභාවයක් තියෙනවා. දුකෙන් සතුටක් හොයා ගන්න පුලුවන් වීම ඒකෙ ප්‍රතිපලයක්.

    ReplyDelete
  9. අප්සරා.... අපිනම් ඉරිසියා කොරයි ඔය චාමිලගේ කොහෙවත් යන අප්සරාලට... ඕං ඒකට අපේ සඳලි... අප්පේ කොයි වෙලාවෙ බැලුවත් හිනා පුරෝගෙන... සංසාරෙන් සමුගන්නකම් එකට ඉන්ට පොරොන්දු දීල තියෙන්නේ ඕං කොටින්ම කිව්වොත්...

    ReplyDelete
  10. ඈත්තටම බන් නියම පෝස්ට් එක.

    ReplyDelete
  11. උඹේ යාඵවා ග්‍රීක් කාරයෙක් නේද? ග්‍රීසියේදී ඒ භාෂාව මං අහල තියෙනව.

    ReplyDelete
  12. එහා පැත්තෙන් ගිය වදුරු මොටයි කොලුකුරුට්ටයි මේක දැක්කනන්...බිරිද මේක දැක්ක වගේ වගේ නෙවෙයි....අනික නන්දක්කගෙයි,දීපිකාක්කගෙයි සින්දු අහන අය ගැන ඕන් අපි නන් දන්නෙ නෑ...
    හැබැයි...ඔය ඊරිසියාකාර කුනුහරුපෙන් බනින යාලුවන්ගෙන් නන් ටිකක් පරිස්සන් වෙන්න..ඒ කියපු දේවල් වලින් ටිකක් හරි සංවර කමක් තිබුනේ "ස්වයං වින්දනේ" වෙන්න ඕනා...මංදා මට නන් තේරුනෙත් ඒ වචනෙ විතරයි.

    ReplyDelete
  13. @ මාරයා/කාංචන,
    මාරයෝ... දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. දැම්ම නැතත් පසුවට හරි. කාංචනටනං කොහොමද දන්නෑ.

    @ දුමී,
    ඉතිං මදෑ දුමියො.

    ReplyDelete
  14. @ වත්,
    නියම විදිහට නම් ඇය නෙට් යන්නෙම නෑ. ඔය මංම නිසා තමා ඔයාගෙ බ්ලොග් එක වත් ටිකක් බලන්න චාන්ස් එකක් දුන්නෙ.
    ස්තුතියි කොමෙන්තුවට.

    @ samantha,
    ඇත්ත මචං.

    ReplyDelete
  15. @ චමිල,
    ඩවුන්ලෝඩ් කිරීම සඳහා ඇණවුම භාරදී ඇත.
    හොඳම දේවල් හැමෝම එක්ක බෙදාගනනවට ඔයාට ස්තුතියි.

    @ sithuwilimandiya,
    අපි කාගෙත් අප්සරා තමා.
    යකෝ මටත් වඩා මෙයා බයවෙලා. අත්දැකීම් තියෙනවා වගේ.

    ReplyDelete
  16. @ පිටස්තරයා,
    ඔව්. ඒ වගේම ප්‍රායෝගික තලයේදී මේක ඛේදවාචකයක්.
    ස්තුතියි කොමෙන්තුවට.

    @ පුතා,
    හෝව් පුතා.. ඉතුරු ටික මං ලියලනේ තියෙන්නෙ.

    @ L200 , 
    ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  17. @ ``` Outsider```,
    මළා.. උඹ ග්‍රීසියෙත් උන්නද?

    @ මද්දු,
    නන්දක්කගෙයි,දීපිකාක්කගෙයි විතරක් නෙමේ මචං.
    ශානිකා මදුමාලිටත් මාර කැමතියි. පුදුමෙ කියන්නෙ ශිහාන්/සුරේන්ද්‍ර වගේ උන් එක්ක මාර තරහක්නෙ තියෙන්නෙ.
    (ශානිකාට එස්.එම්.එස් ගැහුවෙ නං මගේ ෆෝන් එකෙන්. එයාට ෆෝන් එකක් නෑනෙ මචං)

    ReplyDelete
  18. අහා,
    අප්සරාවිය,
    ස්මරණය කලහැකිදා පටන්,
    මා චිත්තාභ්‍යන්තරයේ නේවාසිකව,
    සැමවිටම නොවතුදු,
    විටෙන් විට මා හද කොණහමින්,
    පශ්චාත්තාපයකැයි එකහෙලා කිව නොහැකිමුත්,
    එයට බොහෝ සේම ආසන්නවූ ,
    හැඟුමකින,
    මා සිත තවන්නිය,
    ඔබමය.

    ReplyDelete
  19. ත්‍රාසයජනක සිහිනයක්....

    මරු මචO. හැමදාමත් වගෙ අදත් හිතන්න දෙයක් සාක්කුවෙ අඩියටම දා ගත්ත. කාමරයට ගිය ගමන්......

    ReplyDelete
  20. Bole me mage ekkena ganane liyala thiyenne.
    -Gama

    ReplyDelete
  21. හිහ් :) මුල් ඡේද කිහිපය කියවනකොට මට තේරුම් ගියා කතාව මොකක්ද කියල
    මැද හරිය කියවනකොට මට මාවම ෂුවර් නෑ, මේක මම හරියට තේරුම් අරන් කියවනවද නැද්ද කියල
    යංතම් අග කෝල් එකෙන් "හරි හරි මෙයා මේ ක්ෂණික සිහිනයක් දැකල" කියල කන්ෆර්ම් කර ගත්තා
    හපොයි !!

    ReplyDelete
  22. charmi
    මට මතක්වෙන්නේ 'අළුත ගෙනා මනමාළි', GBගේ 'නිශ්ෂබ්දතාවය'හි පෙම්වතාද කියලත් හිතෙනවා.ඒ කොහොම උනත්
    'මෙන්න මේ විදිහට හිටපං'
    කියලා නේද? තියෙංනේ. උඹ කෙල්ලගේ සහෝදරයටනම් එච්චර කැමති නැති ගානයි. මම හරිද කියපං මස්සිනා.

    ReplyDelete
  23. comments දැක්කාම හිනා යනවා

    ReplyDelete
  24. හුඟක් හුරු පුරුදු අදහසක් වෙනස් කෝණෙකින්..

    ReplyDelete
  25. මට නම් අර අන්තිම ටික ලාවට වගේ තේරුනා අනිත් ටික ඒත් නැහ හි හි

    ReplyDelete
  26. මං හිතන්නේ මේ කියන්නේ චාමි ගේ අප්සරා ගැන නෙවෙයි... අඩු වැඩි වශයෙන් අවිඥානික තලයේදී අපි හැමෝගෙම අප්සරා ගැන...

    උඹ හිතට කතාකරන වචන ලියනවා සහෝදරයා.

    ReplyDelete
  27. හිනා වෙන්නද අඩන්නද? 1ක් අප්සරා චාම් ගැහැනියෙක්,,වගේම බහුතර ගැහැනු ප්‍රතිශතයෙ අනන්‍යතාවයෙ සOකේතයක්,,,,,මම හිතන ආකාරයට,,,,,

    ReplyDelete
  28. maru machan hugak un kiyana eva ohoma thama apita therenne naha balanakota un eka kiyala thiyenne apen theruma ahaganna
    mama ip

    ReplyDelete
  29. චාමි මචන් අපි ඉස්කෝලේ යන කාලේ [ඒ කියන්නේ බර ගානක් කාලෙකට කලින්] තමයි අර පොසිටිව් තින්කින් කියන අටමගල "සමාජගත" කරන්න ගත්තේ. අපි පොසිටිව් තින්කින් හඳුනා ගත්තේ මෙහෙමයි.

    "ලස්සන කෙල්ලකගේ අතින් අල්ලාගෙන යන පිරිමියා හැම විටම ඇගේ අයියා ය"

    උඹනම් අපිට වඩා හුඟක් ධනාත්මක චින්තනයක් තියෙන එකෙක්.

    ඒත් ඇයි බං උඹ වගේ සිරා පොරක් අර වගේ "බම් ඇන්ඩ් බස්ටිසම්" හෙවත් පශ්වාත් [නූ]තන වාදියෙකුගෙන් ඇහුවේ මේ ගැන.

    ReplyDelete
  30. තව එකක්. ටිකක් බර එකක්.

    අප්සරා මෙහෙමයි මෙහෙම විය යුතුයි කියා හිතන කතා නායකයාද, අප්සරා මෙහෙමම තමා කියා හිත්තවන අප්සරා ද වැඩිය නරක? ඒ දෙකම ඇත්තද? මොකක් වුනත් මේක සහජීවනයක්.

    අනික ඊට එහාට තියෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. මේ කියන අප්සරා මේ විදිහට ඇත්තටම ඉන්නවද කියලා දන්නේ නැහැ. හැබැයි මෙහෙම හිතනතුරු උන් දෙන්න යහතින් ඉන්න බව විතරක් ඇත්ත.

    ReplyDelete
  31. මගේ එක්කෙනත් ඔය වගේමය.

    ReplyDelete
  32. හා හා ලමයෝ හිත කලබල කරගන්න එපා.....

    ReplyDelete
  33. කිව්වමයි මතක් උනේ අපේ එක්කෙනත් ඔය වගේමනෙ..!! වෙනස එයාට අරවගේ වඳුරු මොටයි කීප දෙනෙක්ම ඉන්න එක විතරයි..!!

    ReplyDelete
    Replies
    1. අදයි මේක දැක්කේ...
      පට්ට කමෙන්ට් එක :)

      Delete