Thursday, October 14, 2010

අද වගේ දවසක - සුළඟ එනු පිණිස....

වසර පහකුත් දින විසි තුනක් පරණ කේන්තියක් මා සිත තුල තවමත් දළුලමින් වැඩේ.

මට හොඳින් මතක පරිදි ඒ ඓතිහාසික කේන්තිය පලමුවරට පැන නැංගේ කුරුණෑගල ‘නිව් ඉම්පීරියල්’ හෝල් කාරයා එක්කය. ‘සුළඟ එනු පිණිස’ කුරුණෑගල ප්‍රදර්ශනය අරඹා එදිනට දින හයක් ගතවී තිබිණී. ජීවිතයේ එදිනෙදා ඉටුකරනුව පැටවී ඇති කුදු මහත් වැඩකටයුතු අටෝරාසියක් බල්ලට දමා එදින උදයේ කුරුණෑගල බසයකට නැග ගතිමි. දහයයි විසිපහට පමණ කුරුණෑගලින් බැසගත් මා හැල්මේ දිවගියේ නිව් ඉම්පීරියල් සිනමා ශාලාවටයි. ඉදිරිපස සුපුරුදු කටවුට් එකේ අලවා තිබූ දෙමල චිත්‍රපටයක දැන්වීම බලමින්ම ටිකට් කවුන්ටරය වෙත ගියෙමි.
“කෝ සුළඟ එනු පිණිස...?”
“ඊයෙ ගැලෙව්වනේ.... එහෙන් දැනුම් දුන්නා... හැමතැනම ගලවලා...”
මා විසින් හදිසි අවස්ථාවලදී භාවිතයට ගන්නා දෙවන භාෂාවෙන් වචන දෙකකට වඩා පිටවීමට නොදී ආපසු හැරුණෙමි.
“මුංගේ අම්........”

මේ පරණ මල ආපසු පැන්නේ බූන්දියේ දමා තිබූ බෙනට් රත්නායක කලා යයි කියන අමන කතාවක් කියවීමෙනි. මේ යක්කු හැදෙන්නේ නැත. හැදෙනවා යනු සම්‍යක් ඥාණය ලබා ගැනීම නොවේ. අඩුමගානේ කෙළවී ඇති පරිමාව දැන උම්බෑ නොගා සිටීමේ අවම කපටිකම අත්පත් කර ගැනීමයි. හැදෙනවානම් දැනට සිදුවී ඇති හරියද හොඳටම ප්‍රමාණවත් බව මා වැනි සියළු ගොබ්බයින්ගේ අවබෝධයයි.

පසු කලෙක mkv ෆයිල් එකක් වශයෙන් මා අත පත්ව, අඟල් 14 පරිඝනක තිරයක් මත, කනේ හෙඩ්ෆෝන් ඔබාගෙන වටපිට බලමින් නැරඹීමට සිදුවූ (අරුන්ගෙ අම්.....!) ඒ අති විශිෂ්ට රුපාවලිය දැනුදු මැවී පෙනේ.

මා උපන් පොළොව මත රූගත කෙරූ මෙම විශිෂ්ට සිනමා වියමන සමඟ නිදහසේ විසල් තිරයක දැහැන්ගතවීමට මා හට ඇති අයිතිය කෙළෙසු සියළු මහත්වරුණි,

ප්‍රභාකරන්ගේ මරණයත් සමඟ අවසන් වූයේ තොපගේ සුරතාන්තයයි.

මනෝමය යුදබිමක් තුල ගත් පරණ ආතල් සියල්ල පශ්චාත් යුදපිටියක සිට ගැනීමට සැරසෙන නුඹලා විසින්, ‘විමුක්ති ජයසුන්දර රූප මායාවක් මගින් කිරීමට සූදානම් වූ බවට’ චෝදනා කල සියළු කුමන්ත්‍රණ, අද දවසේ මහදවල් සිදුවෙමින් පවතින විට ඒවා සාධාරණීකරණය කරමින් සිටී.

විමුක්ති ව්‍යාජ ලෙස කෙළෙසීමට තැත්කල බව කියූ සිංහල-බෞද්ධ රණවිරුවාගේ හිටපු ලොක්කාම, කාන්තාවන්ගේ පියයුරු උමතුවෙන් සපා කෑවෙකු බවද, සුළු වරදකට පවා සෙබළුන්ගේ කන් කපා දැමූවෙකු බවද අද කියන්නේ ඔබ විසින්මය. විමුක්ති කෙළෙසීමට තැත්කල සිංහල බෞද්ධ ශිෂ්ටත්වය වෙනුවෙන් පෙනීසිටි ඔබ අද, සිංහලයා යනු අනුකම්පා විරහිතව සතුරාගෙන් දිගින් දිගටම තිරස්චීන ලෙස පළිගන්නා නින්දිතයෙකු බව ජාත්‍යන්තරව සනාථ කරමින් සිටී. විමුක්ති පාවා දීමට සූදානම් වූ ශුද්ධ වූ යුද්ධය යනු, කිසිදු යුද නීතියක් මායිම් නොකල අවල කෙළියක් බව සාක්ෂි සහිතවම සනාථ කරමින් සිටින්නේ ඔබගේ නවතම (පශ්චාත් යුද) වීරවරිය වන ‍ෙෆ්‍රඩ්රිකා ජෑන්ස් විසිනි. විමුක්තිගේ ජාත්‍යන්තර NGO කුමන්ත්‍රණ, අද ඔබ විසින් ප්‍රදර්ශනය කරමින් සිටින ඔබාමාලෝලිත්වය හමුවේ විහිළුවකි.................

ඔබලා විසින් තවදුරටත් මා වෙත නිර්දේශ කරමින් සිටින අබා / සමනළ තටු / බඹර වළල්ල / ඉර හඳ යට වැනි සිනමා කෘති කිසිවක් මා නරඹා නැත. ඒවා නිර්දේශ කිරීමෙන් ඔබගේ ගඳ ගහන කිළිටි ආත්මය සේදී පිරිසිදු වී ඇතැයි නොසිතන්න. මේ කෙළවීම ඇරඹුණා පමණි.

මේ සිදුවන දෙයට මා කැමතිය. මට ඉන් සියුම් සතුටක් දැනේ.

ප.ලි.
මෙම ලිපියට අදාල නොවූවද, සුළඟ එනු පිණිස - ගෝලීය ධනවාදයේ ‍ගොදුරක් බව සොයාගත් අප යුරෝපීය ජාතික මිතුරාවද සිහිපත් කරමි.

24 comments:

  1. උන්ගේ අම්මලට නොබැන්නට අපිට සුලඟ එනු පිනිස බලන්න බැරි වුනේ නැහැ. ඒකට වැට බඳින්න මේ මිනිස්සුන්ට බැහැ. ඒත් ඒ වගේ කෘති තව එලියට එන්න එපා කියල කරපු තර්ජනය තමයි ප්‍රශ්නෙ.

    තව තව කල් යනකොට අපිට තව ටිකක් හයියෙන් හිනාවෙන්න පුලුවන්. ඒත් ඊට පස්සේ මහින්ද වෙනුවට වෙන කාව හරි (ජෙනරල්ව හරි) දාගෙන ඔය තත්වෙට ගෙනෙයි. එතකොට අපි එපා එපා කියල බැනුම් අහයි.. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මේ විදියටම හිනා වෙයි.

    ReplyDelete
  2. මට නම් ඇවිල්ල දවස් කීපයක් ඇතුලත දෙපාරක්ම බලන්න පුළුවන් වුණා... ඒ දවස්වල මටත් හිතුණෙ නෑ ඒක මේ අනාගතය ගැන කියවෙන සංස්කෘතිකව විද්‍යාත්මක වුණ sci-fi වර්ගයේ එකක් කියලා... අපිට අඬන්න හිතෙන මිනිස්සු වෙනුවෙන් අඬල වැඩක් නැති නිසා හිනා වෙන්න තමයි තියෙන්නේ...

    ReplyDelete
  3. අබා නමින් නම් කෙරුණු චිත්තර පටියක් කලකට ඉහතදී නැරඹූයෙමි. එයට වඩාත් ගැලපෙන්නේ " අබා" යන නම නොව " ගවරා " හෝ " කාලවේල සහ චිත්ත රාජ " යන නමක් බව සිතමි,,

    ReplyDelete
  4. මේ කෙළවීම ඇරඹුණා පමණි.
    true!

    ReplyDelete
  5. ජීවත්වන්නේ ශ්‍රී ලංකාවේ නිසා සුළඟ එනු පිණිස තිරගතවූ තුන්වැනි දවසේම බලන්න ගියා. මොකද පිටිපස්සෙන් වාරණය එන බව ලාංකික ඉව කිව්ව නිසා.
    කොහොම වුණත් ගොඩක් දවස් ගිහිල්ල ඉරහඳ යටත් බැලුව. ඒත් ඉරහඳ යට නිකන්ම නිකන් යථාර්තයෙන් ඈත මනෝචිත්‍රයක් විතරක් බව එයට ලබා දෙන ප්‍රචාරණය අනුව කලින්ම දැන සිටි නිසා අමාරුවෙන් ඉවර වෙනකම් බැලුව.
    එහෙත් සුළඟ එනු පිණිස සොල්දාදුවාගේ යථාර්තයට කෙලින්ම එළඹිලා තිබුණා. ඒ වගේම එහි සිනමාත්මක බව ඉහළ තලයක තිබුණා.එහෙත් මේ රටට යථාර්තය තරම් අරහං දෙයක් නෑ. කලා කෘතියක් තුල වත් යථාර්තය අන්තර්ගත වේනම් එය රස විඳින්න නොහැකි රසාස්වාදයෙන් තොර ඔලමොල අමනයන් මෙරටෙහි නොසිටිය යුතු තැන්වල සිටීම සාමාන්‍ය ස්වභාවය පත්වෙලා.

    ReplyDelete
  6. සහතික ඇත්ත මචන්...මටත් ඔය මලම පැන්නා ඔය කතාව අහලා. ඒ අතරේ තව ෆිල්ම් එකක් බලන්න හම්බ උනා. ඔය දෙකම නිසා බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ඇතුලෙන් බලකරන තත්වෙටම ආවා. උඹ මේක ලියල තියනව දැක්කහම ඒ මල අලුත් වෙලා ඔන්න මම ලියන්න පටන් ගත්තා. ඒක දාන්නන් ඉක්මනටම.

    මටත් "සුලඟ එනු පිණිස" බලන්න උනේ ටොරන්ට් වලට පින්සිද්ද වෙන්න. අනිත් රටවල එවුන් මේක පුලුල් තිරයේ බලද්දි අපට බලන්න වෙන්නෙ මෙහෙමයි. ෆිල්ම් එක හොඳ හෝ නරක හෝ මොන මඟුලක් උනත් ඒක මිනිස්සුන්ට බලන්න ඉඩ දෙන්න එපෑයැ....මේ කාලකණ්ණි හැත්ත ඒවා බලන්න දෙන්නෙත් නෑනේ. සත්‍යජිත් මාඉටිපේ ගේ බොරදිය පොකුණ ට වෙච්ච දෙයක් නෑ...

    ඉර හඳ යට ෆිල්ම් එක ගැන හිතා ගන්න පුලුවන් මිනිහගේ ටෝක් එකෙන්. උඹ කියනවා වගේ ෆිල්ම් හැදුවට කමක් නැහැ, තව ටෝක්ස් දෙන එකනෙ අවුල. අනික මම දැක්කා Los Angeles International Film Festival 2010 කියල එකකදි මේකට විශේෂ ජූරී සම්මානයක් හම්බ උනා කියලා. ඉන්ටනෙට් එකේ හොයලා බැලුවහම හම්බ උනේ මෙන්න මේ වෙබ් අඩවිය.

    http://filmguide.lafilmfest.com/2010/
    (http://en.wikipedia.org/wiki/Los_Angeles_Film_Festival)

    මෙකේ නම් මට හොයාගන්න බැරිඋනා ඔය කියන "ඉර හඳ යට". අනික විශේෂ ජූරී සම්මානය කියල එකක් ඔය ෆෙස්ටිවල් ඒකෙදි දෙන්නෙත් නැහැ. පුලුවන් කෙනෙක් ඉන්නව නන් හොයල දෙන්ඩකො අප්පා...

    ReplyDelete
  7. /* මේ සිදුවන දෙයට මා කැමතිය. මට ඉන් සියුම් සතුටක් දැනේ. */

    ඔය හැඟීම වෙලාවකට මටත් එනවා. ඕකට කියන්නේ කාලකන්ණි සතුට කියලායි!

    ReplyDelete
  8. මටත් සුලඟ එනු පිණිස බලන්න වුනේ ඔන්ලයින් තමයි... හෝල් එකට ගිහින් බලන්න තිබුන නම් කියල හිතුන වාර අනන්තයි... විමුක්තිගේ "අහසින් වැටෙයි" එක ලංකාවේ පෙන්නුවාද... මට නම් තවම බලන්න වුනේ නෑ.. මටත් අර කාලකණ්නි සතුට ඇතිවෙනවා මේ වෙන දේවල් දැක්කම..( හැබැයි යටි හිත අනික් පැත්තට අහනවා උඹ ඔය අඬන්ට බැරිකමට හිනාවෙනවා නේද කියලා..)

    ReplyDelete
  9. අද අපේ රටේ නිර්මාණවලට තිබිය යුතු ගුණය නිර්මාණශීලීබවම නෙවෙයි.පවත්නා පාලනයට ආවැඩීම හෝ නිර්මාපකයාගේ රාජපාක්ෂිකභාවය.මේක එන්න එන්න උග්‍ර වෙනවා මිසක යහපත් වෙන ලකුණක් හත් ගව්වක් දුරින්වත් පෙන්නේ නෑ.

    ReplyDelete
  10. වාතයක් යනු පිණිස වගේ කුණු ගොඩවල් වලටම තමා අවජාතකවාදී පඩංගු ආවඩන්නේ

    ReplyDelete
  11. මට නම් ඉතිං මේ ෆිල්ම් එක බලන්න බැරි උනා. ඒත් මේ ෆිල්ම් එක ආපු දවස් වල පත්තර වල ගිය දේවල් අනුව මම තීරණය කලා මේක අන්තර්ජාතික කුමණ්ත්‍රනයක්ම වෙන්න ඇති කියලා . .(වීරයෝ කියලා හිතාගෙන හිටපු පත්තර කාරයෝ බත් බැලයෝ කියන එක තේරුනේ ටිකක් කල් ගිහින් නේ ඒකයි ) ඒත් ඒකට සම්මානයක් ලැබුනු බව අහපුවෙලාවේ හිතුනා යකා මේ කියන තරම්ම කලු නැති වෙන්න ඕන කියලාත්.

    අර කාලකන්නි සතුට මටත් එනවනේ බන් . .. නතර කර ගන්න විදිහක් කියපන් . . .

    අනේ කවුරු හරි මට මේ ෆිල්ම් එක බාගෙන බලන්න ටොරන්ට් එක එවන්න පුලුවන්ද . .. ?

    ReplyDelete
  12. මේ ටිකේම මම අහන්නේ නන්දාගේ දේදුන් පායා සීඩී එකයි රංකෙන්දෙන් බැඳ සීඩී එකයි. හන්තානේ කතාවේ සරාසොඳුරු සින්දුව ඇහෙනකොට හෙට අපේ රටේ අනාගතය ගැන මාර දුක හිතෙනවා බන් . . .

    උඹ කියන විදිහට මේක ලස්සන නිර්මාණයක් වෙන්න ඕන.

    ඒත් අපේ රටේ මේ හොඳ නිර්මාණ වාරනය කරමින් තුට්ටු දෙකේ පබා ටයිප් මෙගා කණුගොඩවල් ප්‍රමෝට් කරමින්, තරුණ තරුණියන්ට පෙම් කරන නිදහස නැති කරමින්, පෝස්ටර් මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරමින් (නගරයේ හැමතැනම පෝස්ට්‍ර අලවලා කැත කරන එක නම් මමත් අකමැතියි ඒත් ඒ වෙනුවෙන් නියම තැන් තියෙනවනේ . .)යන ගමන ඇෆ්ගන් ශ්‍රී ලංකාවක නතර වෙන දවස ලංවෙයි කියලා හිතෙන හැඟීම මාර දුකක් . .. 60, 7, 80 දශක වලත් කෙල්ලෝ කොල්ලෝ පෙම් කලා. අහුමුලු වල රිංගලා සෙක්ස් කලා. ඒ ආදරණීය හැඟීම් වලින් අහස් ගව්ව, හන්තානේ කතාව, සතීගේ කතාවක් වගේ අපූරු උසස් නිර්මාණ බිහි උනා.

    හැමදේම තහනම් කරපු සමාජ්යේ මින් මතු ඒ වගේ උසස් නිර්මාණ බිහිවෙයිද අපේ ඊලඟ පරම්පරාවට රස විඳින්න . . . ඒ ගන හිතෙන කොට දුක හිතෙනවා නේද මචන් . .

    ReplyDelete
  13. දුකා අය්යා..... මට ආපහු මේක බලන්න හිතිලා බෑවා ටොරන්ට් වලින්. මෙන්න ලින්ක් එක. ටිකක් වෙලායනව හැබැයි.

    http://www.monova.org/details/2172932/VIMUKTHI%20JAYASUNDARA%20-%20SULANGA%20ENU%20PINISA%20AKA%20THE%20FORSAKEN%20LAND%20(2005).html

    ReplyDelete
  14. http://raaroo.blogspot.com/2010/10/flanders.html

    ReplyDelete
  15. මේ 2005 දී ශ්‍රී ලංකාව ගැන ලියවුනක් නොවේ. සුළඟ එනු පිණිස චිත්‍රපටය කෑන්ස් සිනමා උළෙලේදී ‘රන් කැමරාව’ සම්මානයෙන් පිදුම් ලැබීම පිළීබඳව ලද සුබපැතුමකින් උපුටා ගත්තකි.

    යුද්ධයද නැත, සාමයද නැත, සුළඟ පමණි හමන්නේ.
    තවමත් හිරු පායයි, එහෙක් දෙවිඳුන් අතුරුදහන් වී ඇත.
    වෘක්ෂ දේවතාවන් දෙපළකට මැදිව තනිවූ නිවසක් මුඩුබිමේ.
    ඉන් එහා ඇති දියකඩින් නැගෙයි සුරතක් යදිමින් උදව්වක්.
    පුරාතන ස්ත්‍රියක් සොයායයි ප්‍රේමයක්.
    නන්නාඳුනන්නෙකු මියැදෙයි සොල්දාදුවෙකු අතින්.
    පෙළෙයි වාවාගත නොහී ඒ පාපය.

    විමුක්ති ජයසුන්දරගේ චිත්‍රපටය ගලන්නේ කවියක් පරිද්දෙනි. රුසියානු චිත්‍රපට අධ්‍යක්ෂක අන්ද්‍රෙයි තර්කොව්ස්කිගේ සිනමා සිත්තමක් මෙන් ඒ තුල වචනය අභිබවා රූපය නැගී සිටී. ශ්‍රී ලංකාවේ උතුරේ සටන්කාමීන් සහ රජය අතර පැවති සිවිල් යුද්ධය හමාර වී සටන් විරාමයක සේයා මතුවී ඇත. එහෙත් තවමත් යුද්ධයේ අනිටු විපාක විසින් මේ භූමිය තව තවත් තැලී පෙලී යයි. මේ නිසාම විමුක්තිගේ චිත්‍රපටය මේ නියත භ්‍ර‍ාන්තියෙන් වෙලී ඇත‍. මේ බිම්කඩේ දිවිගෙවන බොහොමයක් ගැහැණුන්ගේ සහ මිනිසුන්ගේ ජීවිත උමතුවේ අඳුරින් වෙලී ඇත.
    වචන වල අරුත් සුන් වී ගිය කල හැඟීම් ප්‍රකාශනයේ කදිම මාධ්‍යය නම් සිනමාවයි. එය ඔබ පය ගසා සිටින භූමියේ නැවුම් පසින් මතුව එන සුවඳක් ඉව කරන්නාක් බඳු නොවේද?

    විමුක්තිගේ මේ ජයග්‍රහණය පිළිබඳව මම ආඩම්බර වෙමි. එය ශ්‍රී ලංකාවට ඇත්තෙන්ම අද දින අවශ්‍යය. ඒ මන්ද යත් අප එකිනෙකාගේ ඇත්තේ එකම සුවඳක්‍‍‍‍, වර්ණයක්, රසයක් බැවිණී. සුළඟ එනු පිණීසෙහි මේ සියල්ල කැටි වී ඇත.
    මේ ඔබේ හිතවත්,

    ශාජි.එන්. කරූන්
    (ඉන්දීය සිනමාකරු)
    -පරිවර්තනය සෞම්‍ය ලියනගේ-

    (උපුටා ගැනීම නොවැම්බර් ව්‍යාපාරය විසින් සංස්කරණය කරන ලද “කවුළු දොර’රින්න - සුළඟ එනු පිණීස මාධ්‍ය සංවාද කතිකාව”ග්‍රන්ථයෙනි - පි. 49)

    ReplyDelete
  16. me photo eka nam post ekata hariyatama hari.
    -sama-

    ReplyDelete
  17. @ පිටස්තරයා,
    ඔයා කියලා තියෙන දේම තමා දිගටම වෙමින් තියෙන්නෙ.
    ඔයා කිව්වා වගේ චිත්‍රපට වලට කරන තර්ජනය ප්‍රශ්නයක්. ඒ වගේම චිත්‍රපටයක් සිනමා ශාලාවක බලාගන්න බැරි වෙන එකත් ලොකු ප්‍රශ්නයක්. මොකද සිනමාව හොඳින්ම විඳගන්න පුළුවන් වෙන්නේ සිනමා ශාලාවකදි විතරයි. ලංකාවේ සිනමා ශාලා බහුතරයකදී හොඳ සිනමා අත්දැකීමක් ගන්න බැහැ කියන එක සත්‍යයක්. නමුත් හොඳ චිත්‍රපටයක් රූපවාහිනී/පරිගනක තිරයකින් බලාගන්න වෙන එක නම් ඛේදවාචකයක්.

    ReplyDelete
  18. @ හරී,
    'ගවරා' ෂෝක් නමක්නේ. ජයන්ත චන්ද්‍රසිරිට වගේ කිව්වොත් වැඩක් ගනී.
    (දුටුගැමුණුත් අල වෙච්ච එකේ)

    ReplyDelete
  19. @ පුතා,
    තාම නෑ පුතා. ආපු දවසක ඒකවත් බලන්ඩ ලැබෙයිද බලමු.

    ReplyDelete
  20. @ දුකා,
    ෆිල්ම් එක බලලම තීරණය කරන්න.
    අලුත් පරපුර ගැන දුක් වෙන්න දෙයක් නෑ දුකා. මං දන්න අලුත් උන් ගොඩ දෙනෙක් හොඳ දේවල් හොයාගෙන බලනවා. අවාසනාවට අපේ හොඳ දේවල් එන්නෙ අඩුවෙන්. උනුත් ඉස්සරහට මොනවා හරි කරයි.

    ReplyDelete
  21. බෙනට් රත්නායගේ මෙම "මෙලෝ රහක් නැති" හැසිරීමම එලඹෙන දශකයේ බහුතරයක් ශ්‍රී ලාංකීය කලාකරුවන්(?), ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන විද්‍යාමාන කරනු ඇත. එසේ නොකරන සුලුතරයට නිරතුරුවම අනේකවිධ කම්කටලු වලට මුහුන දීමට සිදුවනු නොඅනුමානය.

    ReplyDelete
  22. ලාංකිකයා හැමතිස්සේම යථ සහ ෆැන්ටසිය අතර හිඩැස පුරවන්න දේවල් සවිඥානිකව හොයන අතරේ අවිඥානිකව තමන්ගේ විශ්වාස පද්ධතියට අභියෝග කරන දේවලට විරුද්ධ වෙනවා. සාම්ප්‍රදායික, දේශප්‍රේමී, මහා කුලකයේ ලාංකිකයා සංකීර්ණ කටුස්සෙක්!

    ~ හිපියා

    ReplyDelete
  23. දැනට අවුරුද්දකට විතර ඉස්සර මාත් "සුළග එනු පිණිස" බැලුවෙ download කරපු copy එකක්. ගිය සතියෙ තමයි "ඉර හද යට" බැලු.වෙfilm hallඑකෙන් එළියට එනකොට ම මතක් වුණේ සුලග එනු පිණිස...මොනවා කරන්නද? රැගුම් පාලක මණ්ඩලේ උන්ගේ අම්මා මතක් කර කර වියදම් වෙච්චි රුපියල් 250 (ticket දෙකට 110/= බැගින් + උන්ගේ හෝල් වල බලන්න ගිහින් අපේ වාහනේ නැවත්තුවට ගෙවපු රු. 30) ගැන දුක් වෙවී ගෙදර ආවා..

    ReplyDelete
  24. Sulanga Enu Pinisa aka The forsaken land (2005)

    http://www.torrentreactor.net/torrents/2729907/Sulanga-Enu-Pinisa-aka-The-forsaken-land-%282005%29

    ReplyDelete