Tuesday, September 28, 2010

අඩෝ නිශ්ශංක,

(මුවා මැරූ සලමන් නිශ්ශංකට,)

උඹ හදන්නෙ අපිට කෙළවන්න නේ?

රුදුරු ත්‍රස්තවාදීන්ට බය නැතුව සිංහල ගම්බිම් රැකගෙන උන්නු වීරෝධාර සිංහලයො මස්වැද්දො කරලා,

උන් මස්ගාතෙකට කෙල හල හල පස්සෙන් යන පෙරේතයෝ කරලා,

ඒ ගම්වල ඉන්න සිංහල බෞද්ධ කාන්තාවෝ පාළු කඳුගානේ බීමතින් එකා දෙන්නා එක්ක අවල කෙළියේ යෙදෙන වේසියො කරලා,

ගම්වැසියො අම්මා අප්පා නැති දරුපැටව් දෙන්නෙකුට කන්ඩ ටිකක් වත් නොදුන්න අවලම්මු කරලා,
(දැනගනිං, අපි ලෝකෙන්ම අට වෙනියා හරි?)

වීරෝධාර ග්‍රාමාරක්ෂකයෝ රට බේරගන්න දීපු තුවක්කුවෙන් අහිංසක ගෑණුන්ට වෙඩි තියන්ඩ යන මානසික ලෙඩ්ඩු කරලා,

ඔක්කොටම හපං... බෞද්ධ පුරාවස්තු තියෙන අර කන්ද මිනීමරු 'කාන්ති කන්ද' කරලා.....

කොටින්ම අව්‍යාජ සිංහල ගම, අරූ කලා වගේ මිලිටරයිස් උනු මුඩුබිමක් කරලා.........
...............................

උඹලා ඩොලර් වලට.........

ෆේස් බුක් එකේදි බලාගමු හරී? (ජනකයටත් කියපං)




පසු සටහන -
කවුරුහරි මෙහෙම කියයි කියලා මාස ගානක් බලා සිටියෙමි. කවුරුවත් කිව්වේ නැති නිසා හිතට මාර අප්සැට්ය. මේ දේශප්‍රේමී බුද්ධිමතුන්ට මක්වෙලාද?
අන්තිමේදී මමම ලිව්වෙමි.
හප්පා.... පුදුම සැහැල්ලුවක් දැනේ.

21 comments:

  1. කියවලා නෑ :(

    ReplyDelete
  2. එහෙනං අනිවා කියවන්න.

    ReplyDelete
  3. කාට මේවා කියන්නද ඉතින්

    ReplyDelete
  4. කියවලම ලියන්නම්

    ReplyDelete
  5. පොත අලුත්, ඒක මිනිස්සු අතරට ගියේ නෑ තවම. ඒ නැතත් ඔහොම කෑ ගහන පොරවල් පොතක් හොයාගෙන කියවන උදවිය නෙමේ

    BMICH එකේදි පොත හම්බ උනා,කතාව මරු හැබයි අනෙක් කතා නම් එච්චර හොද නෑ

    ReplyDelete
  6. @ Ganesh,
    බඩ ඉරිඟු කතාව කොහොමද?

    ReplyDelete
  7. කෝකටත් කලින් පොත හොයාගන්න එපැයි....

    ReplyDelete
  8. ප්‍රකාශකයො කවුද?

    ReplyDelete
  9. කියවලා නෑ බන්..මේ ටික කියව්වම හොද ඇති කියාලා හිතෙනවා..එල සහෝ

    ReplyDelete
  10. Excelent post ..! I have finished it in one go.

    ReplyDelete
  11. අයියෝ, මම මේ පොත කියවලා නෑ..
    :(

    ReplyDelete
  12. දැන් හොයපන්කෝ පොත !

    ReplyDelete
  13. ඔය කියන කාන්ති කන්දෙ බවුද්ද පුරාවස්තු තියෙනව කියල පොතෙ කොහෙවත් නෑනෙ

    ReplyDelete
  14. ලඟකදි කියවන්න හම්බවෙන්නෙ නෑ මචන්... නිශ්ශංකගේ වැලන්ටයින් කුමාරයා විතරයි මම කියවලා තියෙන්නෙ. ඒකත් මරු... විස්තරේ දැක්කම ආස හිතුනා.කාටහරි කියලා ගෙන්නගන්න බලන්න ඕනේ....

    ReplyDelete
  15. @ Rukman,
    ඕක ඉතින් පොතේ ලියලා තියෙන්න ඕනෙමද?

    @ චමිල,
    මගේ පොත එවන්නං. (හැබැයි තව පාරක් කියවලා)
    මේල් එකක් එවන්න.

    ReplyDelete
  16. @ රත්ගමයා,
    කියවලම බලන්න. (රත්ගමත් නැති ජාතියේ වලි ඒකෙ තියෙනවා)

    ReplyDelete
  17. සලමන් ට මුවා ව මරන්න වෙන්නෙ නෑ.
    දැන් ඊයෙ නිශ්ශංක ට බඩු හම්බ වුණා.
    දැන් ඉතින් රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී නිශ්ශංක විජේමාන්න.
    කීඩෑවෝ ඇවිල්ලා පොත ඒ කාලෙ සත පහකට ගණන් ගත්තු නැති උන් මුවා මරපු සලමට දුන්න තැන

    ReplyDelete
  18. @ Anonymous,
    'අඩෝ' කෑල්ල අයිං කරමුද?

    ReplyDelete
  19. පොත කියෙව්වේ අද නියමයි. වැඩියෙන්ම හිතට වැදුනේ "බඩ ඉරිඟු"

    ReplyDelete
  20. සලමන් කියෙව්වෙමි.. කියවා ලැබුනු මෙව්වා එකෙන් පසු කීඩෑවෝද කියෙව්වෙමි..
    කොහොම නමුත් චාමිගේ අදහසනම් හරියටම හරිය.. නිශ්ශංක ඇන්ජීයෝ ඩොලර් වලට රහ වැටි සුපිරිසිදු සිංහල බෞද්ධ ගම්මාන ගැන වැරදි වැටහීමක් ලෝකෙට දෙන්ට තනනා හැඩකි.. අහුවෙයන්කෝ නිශ්ශංක තෝ..

    ReplyDelete