Monday, November 25, 2013

මාලනී කෙල්ල කාලේ...

පින්තූරය - https://www.facebook.com/33000v
සිනමා සක්විතිලා හිටපු ඒ කාලේ  
නිළි රැජිණියන් හිටපු ඒ කාලේ 
මහා අධ්‍යක්ෂකවරු හිටපු කාලේ  
කළු සුදු වලින් වෙඩි තියපු කාලේ  
නළු නිළියෝ ක්‍රිකට් ගහපු කාලේ  
නමයයි තිහටත් චිත්‍රපටි පෙන්නපු  කාලේ  
සෙනග ඉන්නවනම් දොලහයි තිහත් දුවපු ඒ කාලේ  
ඒ තමයි කාලේ.....    


මහා ගාන්ධර්වයන් හිටපු ඒ කාලේ  
සල්ලි දීලා කැසට් ගත්තු කාලේ  
සින්දු වලින් මොරාල් ගත්තු  කාලේ  
ගම්වල බජව් දාපු කාලේ 

මහා ලේඛකයෝ හිටපු  කාලේ
හංගගෙන පොත් කියවපු කාලේ  
සත පණහේ විශ්ව විද්‍යාල තිබුණු  කාලේ 
සල්ලි දීලා දිනමිණ ගත්තු ඒ කාලේ  
චිත්‍රකතා පත්තර බලපු කාලේ  
පත්තර වලින් දේශපාලනය කරපු කාලේ  
පත්තරකාරයා එනකං බලං හිටපු කාලේ 



නාට්‍යකාරයෝ හිටපු  කාලේ  
නාට්‍ය වල සින්දු තිබ්බ කාලේ  
පොල් කොට උඩ ටීටර් පෙන්නපු කාලේ  
බයිසිකල් වල නාට්‍ය බලන්න ගිය කාලේ    


රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහපු කාලේ  
මහා නිවේදකයෝ හිටපු කාලේ  
පිනාගේ ජෝක් වලට හිනාගිය කාලේ  
සින්දු ඉල්ලලා පෝස්ට්කාඩ් යවපු කාලේ  

   
මහා දේශපාලකයෝ හිටපු කාලේ   
වාමාංශික පක්ෂ තිබ්බ කාලේ  
මැයි පෙළපාලි බලන්න කොළඹ ආපු කාලේ  
කොල්ලො කෙල්ලො කැරළි ගහපු කාලේ 


ඩිජිටල් නොතිබ්බ කාලේ  
හැමදේම ඇනලොග් ඒ කාලේ... 
මාලනී කෙල්ල කාලේ...  
අම්මපා ඒ තමයි කාලේ......!!