පින්තූරය - https://www.facebook.com/33000v |
සිනමා සක්විතිලා හිටපු ඒ කාලේ
නිළි රැජිණියන් හිටපු ඒ කාලේ
මහා අධ්‍යක්ෂකවරු හිටපු කාලේ
කළු සුදු වලින් වෙඩි තියපු කාලේ
නළු නිළියෝ ක්‍රිකට් ගහපු කාලේ
නමයයි තිහටත් චිත්‍රපටි පෙන්නපු කාලේ
සෙනග ඉන්නවනම් දොලහයි තිහත් දුවපු ඒ කාලේ
ඒ තමයි කාලේ.....
මහා ගාන්ධර්වයන් හිටපු ඒ කාලේ
සල්ලි දීලා කැසට් ගත්තු කාලේ
සින්දු වලින් මොරාල් ගත්තු කාලේ
ගම්වල බජව් දාපු කාලේ
නිළි රැජිණියන් හිටපු ඒ කාලේ
මහා අධ්‍යක්ෂකවරු හිටපු කාලේ
කළු සුදු වලින් වෙඩි තියපු කාලේ
නළු නිළියෝ ක්‍රිකට් ගහපු කාලේ
නමයයි තිහටත් චිත්‍රපටි පෙන්නපු කාලේ
සෙනග ඉන්නවනම් දොලහයි තිහත් දුවපු ඒ කාලේ
ඒ තමයි කාලේ.....
මහා ගාන්ධර්වයන් හිටපු ඒ කාලේ
සල්ලි දීලා කැසට් ගත්තු කාලේ
සින්දු වලින් මොරාල් ගත්තු කාලේ
ගම්වල බජව් දාපු කාලේ
මහා ලේඛකයෝ හිටපු කාලේ
හංගගෙන පොත් කියවපු කාලේ
සත පණහේ විශ්ව විද්‍යාල තිබුණු කාලේ
සල්ලි දීලා දිනමිණ ගත්තු ඒ කාලේ
චිත්‍රකතා පත්තර බලපු කාලේ
පත්තර වලින් දේශපාලනය කරපු කාලේ
පත්තරකාරයා එනකං බලං හිටපු කාලේ
නාට්‍යකාරයෝ හිටපු කාලේ
නාට්‍ය වල සින්දු තිබ්බ කාලේ
පොල් කොට උඩ ටීටර් පෙන්නපු කාලේ
බයිසිකල් වල නාට්‍ය බලන්න ගිය කාලේ
රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහපු කාලේ
මහා නිවේදකයෝ හිටපු කාලේ
පිනාගේ ජෝක් වලට හිනාගිය කාලේ
සින්දු ඉල්ලලා පෝස්ට්කාඩ් යවපු කාලේ
නාට්‍ය වල සින්දු තිබ්බ කාලේ
පොල් කොට උඩ ටීටර් පෙන්නපු කාලේ
බයිසිකල් වල නාට්‍ය බලන්න ගිය කාලේ
රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහපු කාලේ
මහා නිවේදකයෝ හිටපු කාලේ
පිනාගේ ජෝක් වලට හිනාගිය කාලේ
සින්දු ඉල්ලලා පෝස්ට්කාඩ් යවපු කාලේ
මහා දේශපාලකයෝ හිටපු කාලේ
වාමාංශික පක්ෂ තිබ්බ කාලේ
මැයි පෙළපාලි බලන්න කොළඹ ආපු කාලේ
කොල්ලො කෙල්ලො කැරළි ගහපු කාලේ
වාමාංශික පක්ෂ තිබ්බ කාලේ
මැයි පෙළපාලි බලන්න කොළඹ ආපු කාලේ
කොල්ලො කෙල්ලො කැරළි ගහපු කාලේ
ඩිජිටල් නොතිබ්බ කාලේ
හැමදේම ඇනලොග් ඒ කාලේ...
හැමදේම ඇනලොග් ඒ කාලේ...
මාලනී කෙල්ල කාලේ...
අම්මපා ඒ තමයි කාලේ......!!
අම්මපා ඒ තමයි කාලේ......!!
මාලිනීගෙ කකුල් කලු සුදු වලින් විතරක් දැක්ක ඒ කාලේ
ReplyDeleteඊස්ට්මන් වර්ණ තිබ්බා නම් කොච්චර හොඳද ඒ කාලේ
මාලිනීගේ හැඩ අපිට බලන්න වෙලා තියෙන්නේ කළු සුදු වලින් වීම ගැන නම් බොහොම කණගාටුයි.
ReplyDeleteමොබයිල් ෆොන් නැතිකාලෙ අතින් ලියුම් දුන්න කාලෙ
ReplyDeleteඔව් ඕයි....
Deleteඅපේ ලේඛණ හැකියාව ඔප් නැංවුනු කාලේ :)
අපේ රටේ මාලනී ආච්චි තරම් සුන්දර නිලියක්, තවම නම් ඇවිත් නෑ.. මහින්ද මහත්තයා බඳින්න ඉඳලා තියෙන්නේ මාලනී ආච්චිලුනේ..
ReplyDeleteටැබූ සබ්ජෙක්ස්ට් ලියපු කාලේ
ReplyDeleteරාළ එක්ක මරා ගත්තු කාලේ
පද්දා ඇනෝ ආපු කාලේ
චාමි සිරා ලියපු කාලේ
:D
ඒ තමයි කාලේ
Deleteමචං මාලන් - ඒ අයිඩියෝලොජිකල් ලයින්ස් දැන් නැතිවෙලා ගිහින් - අළුත් ලොවකි දැන් උදා වෙලා තියෙන්නේ -
Deleteදාපු කමෙන්ට් එක කෝ
ReplyDelete:D
Deleteමේකයි අද මාලනීගේ මේකප් නොකරපු ෆොටෝ එකකුයි දැම්මනම් ජීවිතයේ අනිත්‍යය මෙනෙහි කරගන්න ඒ හොදටම ඇති
ReplyDeleteසිරා -_-
Deleteමේක මුලින්ම දැක්ක වෙලාවේ මටත් හිතුනේ ඔය ටිකමයි.
Deleteහ්ම්ම් හ්ම්ම්
DeleteNostalgia
ReplyDeleteකළු සුදු උනත් වෙඩි තියන එකනම් ලෙසටම වෙඩි තියල තියෙනවා.....
ReplyDeleteගිය හකුරට නාඩන්නේ
ReplyDeleteතියෙන හකුර රැකගන්නේ
සිතමින් අත නලියන්නේ
පබා කෙල්ල දිනවන්නේ
උම්ම්ම්මා උම්ම්ම්මා උම්ම්ම්ම්ම්මා
This comment has been removed by the author.
ReplyDeleteලෝකය අපිට දුරස් කාලේ
ReplyDeleteපිළිම ලොකුවට පෙනුණු කාලේ
තට්ටු කරන්නට අත දිග නැති කාලේ
දකින පිළිමය වැඳපු කාලේ
හිතෙන් මල් පුදාපු කාලේ
ලෝකය අතට අහු නොවුණු කාලේ
ලෝකය මාරයි කියා හිතපු කාලේ
ඩිජිටල් නැති කාලේ
අපේ ආතල් අපිට ආතල් වෙච්ච කාලේ
ඒ කාලේ තමයි කාලේ
බණ්ඩාරනායක නෝනට අම්මා කියපු කාලේ........ :) :)
Deleteඅපේ අම්මා ලඟ එනවා---හාල් සේරු දෙක දෙනවා
Deleteමතකද?
ඉපදිලා නැතෝ [කිව්වට ජස්ට් බෝන් මගේ හිතේ]. මට එච්චර වයසක් නැහැ යකෝ.
Deleteඩඩ්ලිගේ බඩේ මසල වඩේ
Deleteඩඩ්ලිගේ අලෙ ජාතික පොලේ
ටින් කඩලා දුවපු කාලේ..
ReplyDeleteසේරු සේරු කියපු කාලෙ..
කුරුම්බැට්ටි මැසිම කාලේ..
ඒ කාලේ තමයි කාලේ..
කෝපි කඩේ බලපු කාලේ..
හරි හාවා නටපු කාලේ..
රෝඩ් රනර් දුවපු කාලේ..
ඒ කාලේ තමයි කාලෙ..
පට්ට කෑලි කරපු කාලේ..
පිච්චි අතේ නැතුව රාලේ..
අරන් දුන්නා යකඩ මාලේ..
ඒ කාලෙ තමයි කාලේ..
ෂික් තව ලියන්න තිබ්බා...ඒත් කොහෙද මාත් කසාද බැන්දනේ.
අරූ ඉන්නේ පරණ කාලේ
Deleteඋඹ ඉන්නේ පස්සෙ කාලේ
චාමියා පට්ට නාකියෙක්නේ..අපේ තාත්තට වඩා අවුරුදු දෙක තුනක් බාල ඇති.
Deleteකළු සුදු උණත් සරීරෙ වෙනසක් නැතුවා.....
ReplyDeleteඒ කාලෙත් අත් වැඩ හැම දෙන පැතුවා.....(වෙන්ටෑ නේ.....)
මං මේ කල්පනා කොලේ. නෑ එක්කෝ ඕනේ නෑ. කවුද බොලේ ඇලිස් කියලා.
ReplyDeleteඔන්න ඔය කාලේ තමයි...බඹරේ වැල්ලෙත් කැරකුනේ...
ReplyDeleteදුක යනු වැරදි කාලෙක ඉපදීමයි!
ReplyDeleteඅඩේ ඒ කාලේ දැන් වගේ ගවුමේ දිග මනින අය ඉන්න නැතුව ඇති නේ..
ReplyDeleteඅම්මපා හැබෑව....ඒ කාලෙ තමයි කාලෙ...
ReplyDeleteහැම විඳීමකටම "කට්ටක්" කන්න වුන කාලේ
කට්ටක් විඳීමක් වුන කාලෙ....
මම මේ පෝස්ට් එකේ ආසම දේ තමයි, එක් එක් කෙනා තමාට වඩාත්ම දැනෙන ඒ කාලයට සාපේක්ෂව "ඒ කාලය" නිර්වචනය කිරීම.
ReplyDelete:) අපේ කාලේ තමයි කාලේ
Deleteසින්දු වලටත් වෙන්නේ ඕකමයි.
උඹට මතක තියේනම් අපි නාට්ටි ගැනත් ඔය දේම කතා කොලා බුකියේ උඹේ අභාවයට පෙර
තොපි හද්ද නාකි, අපි තාම නාඹර වයසේ කොල්ලෝ :P
Deleteහේ හේ ෆේස් බුකියේ මරා ගත්තු කාලේ මතක් වෙනකොට "ඔබත් එක්ක ආයෙත් එහෙ යන්න හිතෙනවා" මචන්; ඒත් මෙහෙම හිතට පුදුම නිදහසක් දැනෙනවා :D
ඇයි..?
ReplyDeleteජැක්සන්ට කොණ්ඩේ තිබුණ කාලේ
දිවුල්ගනේ සිංදු කියපු කාලේ
නලීන්, කාලෝ අසනීප වෙන්න කලින් කාලේ
වික්ටර්, සුනිල් පත්තරකාරයෝ වෙච්චි කාලේ
එතකොට...
ReplyDeleteඋදේ කොලඹ ගිය උන් හවස ගෙදර නාපු කාලේ
සීල් පෙට්ටි ඇතුලේ කෙහෙල් කොටන් ආව කාලේ
මායිම් ගම්මාන කියලා ජාතියක් තිබුන කාලේ
දැන් කාලේ වගෙද රාළෙ ඒ කාලේ තමයි කාලේ
සහන් දාන්න ඕනේ කමෙන්ට් එකක් ඌ දාන පාටක් නැති හින්දා මම දැම්මා... :D
මන් මේ පොඩි වැඩක් ...පොඩ්ඩක් හිටහන්කෝ .. :D
Delete"ඒ කාලෙ තමයි මල්ලි නැටුම් පටන් ගත්ත කාලෙ" කියල එම් එස්ගෙ සින්දුවකුත් තියෙන්නෙ.
ReplyDeleteඑම් එසා ජෝති එක්ක සුපර් ස්ටාර් කරපු කාලේ
Deleteරියර් ගේට් !!!!!!!!!
ReplyDeleteනිකමට ඇවිත් බැලුවේ....
ReplyDeleteබොහෝම ප්‍රමාදයි වගේ....
අඹ ගහ යට තිබුනේ නෑනේ..........
http://nihalw.wordpress.com/2013/11/22/%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba/
ReplyDeleteඔය තියෙන්නේ අපේ යතාර්තවාදියාගේ කාලේ
අතීතය සශ්‍රීකයැයි සිතීම ලෝකයේ සෑම කලකම දක්නට ලැබුනු ලක්ශනයකි. ඒ මිනිසාගේ අතෘප්තියයි. හොඳම දෙය වර්තමානයට ආදරය කරමින් එහි ජීවත් වීමයි. මේ ගෙන හොඳ ලිපියක් රෙයා ගේට් හිම හමුව් වේ. http://reargate.blogspot.com/2013/02/blog-post_14.html
ReplyDeleteනමුත් මෙම අගනා නිර්මානයෙන් බොහෝ රසවත් සිදුවීම් සිහියට නැගෙන අතරම ඒ ගෙවුනු අතීතය පිළිබඳව පහන් සංවේගයක්ද ඇති වේ.