ඔන්න ලිප ගිනි මොළවන නැකත කිට්ටුයි. අපෙ මායියා ලිප ළඟ
රෙඩිපිට. අතක ගිනිපෙට්ටිය. එක ඇහැක් ලිපට. අනික ටීවී එකට. ටීවී එකේ ජාතික
රූපවාහිනියේ මැදමුලන විකාශය. ඔරලෝසුවෙ වෙලාව ශුවර් නැති හින්දා ටීවී එකේ වෙලාවටම
චාරිත්තර කරන්ඩයි සූදානම. (ටීවී එකේ සාමාන්‍යයෙන් තව තත්පර තිහයි... විස්සයි... පහයි...
ඔහොම කියනවනේ)
ඔන්න රතිඥ්ඥා ඇහෙනවා. ටීවී එකේ මහා පල්හෑල්ලක් මැද
ජනාධිපතිතුමයි එයාගෙ මායියයි ලිප ලඟට එනවා. පහත් වෙලා ලිපට මොනවද කරනවා. අපේ උන්දෑ
වෙලාව කියනකං ඉන්නවා.
"පත්තුකලාද?"
"ඒ
වගේ...."
"ඒ වුනාට වෙලාව
කිව්වෙ නෑනෙ..."
"එයා
පත්තුකලානං ඉතිං වෙලාව තමයි..."
"ඉතිං කෝ....
ලිපේ ගින්දර පේන්නෑනෙ.... ඇත්ත කියන්ඩකො... තව වෙලාව තියෙනවද?"
"මං හිතන්නෙ
හරි වගේ..."
"වෙනද වෙලාව
කියනවනේ....."
"......."
"ආං... ලිපේ
ගින්දර නේන්නං..... වෙලාව පහුවෙලත් එක්ක......"
ඔන්න ඊළඟ දර්ශණයෙ තියෙන්නෙ දඩ බඩ ගාල අපේ ලිපේ ගින්දර
පත්තුකරනවා.
"ෂික්කේ.....
මේ කෙහෙම්මල් චැනල්එක.... මුංට නැකත කියනවට වඩා ලොකුයි ජනාදිපති පෙන්නන එක.....
දාන්ඩ ඕක අයි.ටී.එන් එකට....."
(නියම විදිහටනං මේ අවුරුද්දෙත් මේ දීගෙ කනවට මට වෙනම
ගෙවන්ඩ ඕනෙ J )
හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා...!
චාමි මැතිතුමා , එම මැතිනිය ඇතුලු දුවා දරුවන්ටත් පවුලේ සියළු දෙනාටත් ලැබුවා වු නව වසර සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteබ්ලොගයේ මකුළු දැල් සුද්ද කරල දාලා දිගටම ලියන්න පුලුවන් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරන්නම්..
ස්තුතියි සොසි මැතිණිය. ඔබටත් සුබ අළුත් අවුරුද්දක් වේවා..!
Deleteවරහන් ඇතුලෙ තියෙන එකනම් හැමෝම කියන්න ඇති ;)
ReplyDeleteචාමි ඇතුළු පවුලේ සියලු දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!...
ස්තුතියි සාතන්. ඔබටත් සුබ අළුත් අවුරුද්දක්ම වේවා..!
Deleteහී හී, තව අවුරුදු 20ක් වත් කන්න වෙයි දීගේ
ReplyDeleteහුම්. තවත් සුබ අළුත් අවුරුදු 20ක්.... :)
Deleteඅපේ ගෙදර TV එකයි Radio එකයි දෙකම දාපු නිසා ගොඩගියා.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වොවා චාර්මි!
ඔය දෙකම දාගෙන ගෙදර උන්නෙ කොහොමද කියලනං අහන්නෙ නෑ ඕං.
Deleteසුබ අළුත් අවුරුද්දක් වේවා ඔබටත්...!
චාමිට සුබ අළුත් අවුරුද්දක් වේවා...මායියාටත් එසේම වේවා!
ReplyDeleteඔබටත් එසේම වේවා....! මායියෙක් ඉන්නවනං එයාටත් එසේම වේවා...!
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා!...
ReplyDeleteඔබටත් සුබ අළුත් අවුරුද්දක් වේවා විසිතුරු..!
Deleteපිස්සු පීකුදු... :D
ReplyDeleteහවස තියෙන නැකතට කෑවොත් අවුරුද්දම චාටර් වෙලා රටටත් එක්කම හෙන ගහනවා කියලා ඉන්ටනෙට් එකේ කියපු ජෝතිශපොරක් නැකත ලබපු ගමන් සිරසේ අවුරුදු මේසෙන් කන්ද ගහලා බෙදාගත්තා ඊයේ මම බලාගෙන...
චාමිටත් අලුත් අවුරුද්ද සුභ කරගන්න ශක්තිය දහිරිය ලැබේවා..!
ස්තුතියි බීටලේ. ඔබටත් සුබ අළුත් අවුරුද්දක් වේවා...!
Deleteජාතිකෙයි, අයිටීඑන් එකයි අහු නොවන විදියට ඇන්ටනාව හදල තියෙන හින්ද අවුලක් වුණේ නෑ මෙදා පාර... අන්න එහෙම කරහං එතකොට වැරැදීමකින්වත් ඒව පේන්නෙ නෑ...
ReplyDeleteඅපොයි. අනික් වහන්තරාවල පෙන්නන මඥ්ඥං වල හැටියට ඔය දෙක හොඳයි අවුටො
Deleteඅම්මපා සහතික ඇත්ත චාමියො!
Deleteචාමිට, මායියාට හා දෝණියන්දෑට සුබම සුබ නව වසරක් වේවා.!
ඔබටත් සුබ අළුත් අවුරුද්දක් වේවා සජීව!
Deleteචාමිටයි මායියටයි දරුවන්ටයි සුබ අලුත් අවුරුද්දක් වේවා! සති දෙකකට වරක්වත් බ්ලොග් ලියන්න සිතේවා!
ReplyDelete@රාජ්
Deleteකට කට චාමියගෙ මායියා නෙවෙයි ආර්යාව ආර්යාව
රාජ්ටයි පවුලෙ හැමෝටමයි සුබ අළුත් අවුරුද්දක් වේවා...!
Deleteමට අරහෙම සිතේවා....! :)
සුභ අළුත් අවුරුද්දක් වේවා!..
ReplyDeleteස්තුතියි. ඔබටත් එසේම වේවා හේමලයා...!
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා!..
ReplyDeleteස්තුතියි. ඔබටත් එසේම වේවා අරුණ...!
Deleteස්තුතියි කකා. ඔබටත් සියළු පැතුම් ඉටුවන සුබ අළුත් අවුරුද්දක් වේවා...!
ReplyDeleteචාමි මහතාටත්,එම මහත්මියටත්,දරුවන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!
ReplyDelete