අනුරපුර නගරයේ සංවර්ධනය උදෙසා ගාඩි වංශික ජනතාවගේ නොමද සහාය
අතිගරු දුටුගැමුණු මහ රජතුමා විසින් කුරිරු ත්‍රස්තවාදී ග්රහණයෙන් මුදාගත් අනුරපුර නගරයේ සංවර්ධන කටයුතු සඳහා එහි වෙසෙන ගාඩි වංශික ජනතාවගේ නොමද සහාය පළවී ඇති බව අප වෙත වාර්තා වේ.
මේ අතර ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින එම ප්‍රදේශවල පසුගියදා විශේෂ නිරීක්ෂණ චාරිකාවක යෙදුන අතිගරු රජතුමා විසින් ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා ඉදිකෙරෙන අඩි 300 ක් උසැති චෛත්‍ය රාජයා ඉදිකෙරෙන භූමියද නිරීක්ෂණය කරන ලදී.
එම භූමියේ මෙම අගනා නිර්මාණය සිදු කිරීම පිළිබඳව ගාඩි වංශික ජනයා වත්මන් රජය වෙත සිය ප්‍රසාදය පළකර සිටී. එමෙන්ම එම භූමියේ පිහිටි තෙළඹු ගසක තාවකාලිකව වැඩසිටි ස්වර්ණමාලි නම් ගාඩි වංශික ප්‍රජාවගේ ඇදහීමට ලක්ව සිටින දේවතාවියද මෙම උතුම් කාර්යයට ආශීර්වාද කොට ගසෙන් බැස ගොස් ඇති අතර, එයට කෘතගුණ දැක්වීමක් ලෙස මෙම සෑය ඇගේ නමින් නම් කිරීමටද අතිගරු රජතුමා විසින් තම නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.
මෙම තෙළඹු ගස කපා දැමීමේ මහෝත්සවය මැති ඇමතිවරු රැසකගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී අනුරපුරයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කොට ඇති අතර එය නැරඹීමට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාව සඳහා සියළු පහසුකම් සපයා ඇතැයි ආරක්ෂක අංශ පවසයි. මෙම තෙළඹුව කපා දැමීමේ උත්සවය අප නාලිකාව ඔස්සේද සජීවීව විකාශය කිරීමට සියළු කටයුතු සූදානම් කොට ඇත.
රැඳී සිටින්න අප සමගම....
කතා දෙකක් නෑ. ඒක හීනයක්...!
ස්වර්ණමාලි ආවේ පාන්දර ජාමේ. හොඳටම අඬලා එයාගෙ ඇස් තඩිස්සි වෙලා තිබුණෙ. මහාථූපය හදන්න ඉඩදීල එයාගෙ විමානෙන් බැහැල ආපු නිව්ස් එක ඇත්ත කියලා මට එවෙලේ තේරුණා. ඒත් මං එක්ක කිව්වෙ මෙහෙම කතාවක්.
හා කිව්වා තමයි.
බෑ කිව්වත් වෙනසක් නොවෙන හින්දා....
විමානෙ අපේ උනාට
පොළොව දුටුගැමුණුගෙලු.....
දිග් විජය කොට අනුරපුර....
මහ පිරිවරින් එන සඳ
හෙලූ එක බැල්මෙන්ම මම දැනගත්තා
අපත් අයත් වග
අධි ආරක්ෂිත කලාපෙට.....
කප් සුවහස් කලක්....
වරිගත්තැන්ගේ දුක් කඳුළු උරාබිව්
පණ ගැහෙන තෙළඹුව කපාදමා
තනන්නටලු යන්නේ අජීවී සෑයක්.....
කාගෙදෝ ඇටකටු නිධන්කොට.....
මොනව කරන්නද?
රාජ්‍ය ප්‍රතිපත්ති නෙව...?
ගියොත් කලබල නොකර
සාමයෙන්....
දානවලු මගේ නම ඔය සෑයට.....
අපි ඉතිං ගෑණු වෙච්චි.....
ඉතින් මේ ලෑස්තිය
නික්ම යන්නයි....
සරණාගත ආරණ්‍ය කඳවුරට...
පොරෝ පහරින් පහර
වැදී හද දැදුරුව
මියෙන්නට තිබුණනම්
යටව ඇද වැටෙන තෙළඹුවටම...?
එහෙත් ඇත රකින්නට වරිගයක්.....
කෙදින හෝ උන් වැඩී වනමැදම
සදාවි සත්තයි මහ තෙළඹුවක්....
ගැමුණුගේ දොරකඩම....
හඬනවා නෙමෙයි මේ....
සුළුපටු සතුටක්ද?
සාමයේ අරුණැල්ල පැමිණිකොට
අනුරපුරයටත්...!
කතා දෙකක් නෑ. ඒකත් හීනයක්...!!
රත්නවල්ලියට උසාවි යන්න එහෙම සල්ලිය බාගෙ නැතිව ඇති නේ....
ReplyDeleteමාර හීනනෙ චාමි අයියට පේන්නෙ... :)
ReplyDeleteමූ උදේ තුනටත් නැගිටල අයිටීඑන් බලන්නෙ එහෙනම්...
ReplyDeleteකොහොම වුණත් ස්වර්ණමාලිට තිබ්බෙ අඩුම ගාණෙ උපවාසයක්වත් කරන්න තමන්ගේ ගාඩි වංශිකයො වෙනුවෙන්. ඔය බටහිර රටවලින්, රාජ්‍ය නොවන සංවිධාන වලින් පෝස්ටර් ටිකට හරි ගාණක් ලැබෙන්න ඉඩ තිබුණ. එහෙම නොකලෙ ඇයි? පගාවක් විදියට තමන්ගෙ නම මහසෑයට දානව කියපු නිසාද. අන්තිමයි වරිගය පාවාදීමක් ඒක.
උපවාස කරන්න ඒකාලෙ ලෙමන් පෆ් තිබුනය?
ReplyDeleteදෙයියෝ සාක්කි මේ වගේ හීන වලට නම්..
ReplyDeleteආපහු ගෙයි බිත්ති බඳින්න පටන් අරන් වගේ... :D
ReplyDeleteඑළකිරි! අපි කවුරුත් දන්න සිද්දියක් ගැන වෙනස්ම විශ්ලේෂණයක්. දැන් වෙන දේවල් එක්ක මටත් හිතෙන්නෙ ඕක තමයි වෙන්න ඇත්තෙ.
ReplyDeleteතවත් ගෙඩි පිටින් දෙමළුන්ට කඩේ යාමක්. මූට නින්ද යන්නෙ ඊළම දීපු දාටද මන්ද
ReplyDeleteතෙළෙඹුව තිබෙන්ට පළමුවෙන් එතැන තිබූ නිවෙස්, ස්වර්ණමාලියගේ සීයා විසින් කඩා දමනු ලැබීමෙන් පසු, අනාථ වූ වැසියන් ගැන කවියෙන් කියවුණු කතාව දාන්න චාමිට අමතක වුණාවත්ද?
ReplyDeleteEla......!
ReplyDeleteඅපි යන්නෙ රවුමක කියල හඳගම උන්නැහේ කිව්වලු. ඔය රවුමෙ තව අවුරුදු ගාණකින් හම්බවෙයි කියල හිතෙන එකකුත් ලිව්වනම් බලන්න... ඔබතුමා නැතිව ඒක ලියන්නත් වෙන කවුරුත් ඉදිරිපත් වෙන එකක් නෑ මයෙ හිතේ...
ReplyDeleteනින්දට පෙර තුණුරුවන් සිහිකරන්න. එතකොට ඔය වගේ භූත හීන පේන එකක් නෑ.
ReplyDeleteඅර දෙයියෝ දොයියන මෙට්ටටයක් ගත්තනම් නපුරු හීන පේන්නේ නෑ :D
ReplyDeleteපුක් ගේට්ටුවෝ, කඩේ යන එක තාම ඉවර නැද්ද?
ReplyDeleteතනි වචනයයි ලොකු අයියේ... එක්සලන්ට්..
ReplyDeleteඅවුට්සයිඩරයා කියන්නැහේ සුවර්ණමාලිත් එහෙනම් වරිගෙ පාවල දුන්නා ඈ.
ReplyDeleteඇත්තට අර ගම්පහ ස්වර්ණමාලි වගේ පස් මාරැකලානම් මේ ස්වර්ණමාලිට තව හොද ගහක් හොයාගන්න තිබ්බා. එතකොට එයාටත් වීරවරියක් වෙන්න පොඩි චාන්ස් එකක් එක්ක ගානක් අතටත් අරගෙන තව.... ගන්න තිබ්බා.
ReplyDeleteපණ ගැහෙන තෙළඹුව කපාදමා
ReplyDeleteතනන්නටලු යන්නේ අජීවී සෑයක්.....
කාගෙදෝ ඇටකටු නිධන්කොට.....
මේ කොටස නම් වෙනස් උනොත් අගෙයි..
කෝකටත් කොලුවො නින්දට පෙර හීනියට දෙකක් දා ගන්න එක තම්යි හොඳම විදිහ.....
ReplyDeleteකිව්වත් වගේ බොට හීනෙන් පේන්නෙත් අයි.ටී.එන්. එහෙනන් ඈ...
good one...
ReplyDeleteස්වර්ණමාළියගෙ සිත වර්තමාන කෝණයකින්.
ReplyDelete"පොරෝ පහරින් පහර
වැදී හද දැදුරුව
මියෙන්නට තිබුණනම්
යටව ඇද වැටෙන තෙළඹුවටම...?"
තමන් හිඳි තැනින් අකමැත්තෙන් ඉවත් වීමට සිදු වෙන ඕනෙම කෙනෙකුට, (ඒ තැන මුලදී අයිති කරගත්තේ කෙසේ වුවත්) මෙලෙසින් හිතෙනවා ඇති.
http://rmpmcreation.blogspot.com/
ReplyDeleteසුවර්නමාලිය ගහෙං බහිංට කාරිණාවනං පැහැදිලි නොවැ ඉතිහාසෙංම.ඒ වුනාට සුවර්නමාලි ගහේ නැංගෙ අහවල් දේකටද බොලව්. සුවර්නමාලියව ගහෙං බිමට ගංට යොදාපු උප්පරවැට්ටියක් වෙංට බැරිද බොලව් මේක.
ReplyDeleteඇස් වහක් කටවහක් නෑ බොළ තොගෙ පරිකල්පනේනං මසුරං.
අර බබා දැරිවි ගෙ නමටත් ස්වර්ණමාලි කෑල්ලක් තියනවා නේද ? එයා නම් බැස්සෙ අලියා පිටේ ඉඳලනෙ..කිව්වත් වගේ මේක නම් රවුමක්ම තමයි..
ReplyDeleteමාර හීනේ අර පද ටිකනම් අපූරුවට ගළපලා තියෙනවා
ReplyDeleteඅර කිව්වත් වගේ දියුණුවක් නෑ.. හැමදේකම වර්ෂන් එක මාරුවෙලා අළුතෙන් එනවා. පොඩි පොත්තක් එක්ක ආවට හැමඑකේම මදේ එකයි කියලා තේරෙන්නේ එතකොට. මේක ඒකමයි. වෙනස පොත්ත විතරයි..
ReplyDeletemax....!!! [ hope you've read Sunil Wijesiriwardhana's "Rathnawalli"
ReplyDelete