අඹ කීර්ති කියන නම හැදුන හැටිවත්, ගංකාරයෙක් නොවෙන මිනිහා ගමට ආපු වකවානුව වත් මම හරියටම දන්නෙ නෑ. මං හිතන්නෙ මිනිහා මුලින්ම ආවෙ හෙලේනා කොහුමෝලෙ වැඩට. මට මතක විදිහට ඒ කාලෙ තරමක නෝන්ජලයෙක්. හැබැයි ඒ දවස්වල මෝලෙ කොහු පීරපු කාන්ති සම්බන්ධ සිද්ධියකට මෝලෙ මැනේජර්ගෙ හොම්බට එකක් ඇනල දුවන්ඩ තරම් මිනිහට පොඩි ගටක් තිබුනා. එදා අතුරුදහන් වෙලා සුමාන තුනකට විතර පස්සෙ ආපහු කාන්තිලගේ ගෙදර ඇවිත් බින්න බැස්සට පස්සෙ තමා මමත් මිනිහව හරියකට අඳුනගත්තෙ. කොහොමත් කාන්ති තමයි මිනිහගේ කොණ්ඩ රැවුල කපලා, දත් ටික මැදලා කාරිය ඔය තත්වෙට වත් ගත්තෙ කියන්ඩ පුලුවන්.
මිල්ටන්ගෙ කසිප්පු තිප්පොලෙන් තමා මිනිහා ගමේ බජාර් එකට වැටුනේ. පස්සෙ කාලයක් මිල්ටන්ගෙ සුළු පරිමාන කසිප්පු ව්‍යාපාරෙ වැඩ කලා. මහ වැඩකුත් නෙමේ. බෝතලෙන් වීදුරුවට වක්කරලා දීල සල්ලි ටික අරන් මිල්ටන්ට දෙන එක. හැබැයි ඒ රස්සාවත් අවුරුදු තුන හතරකට වඩා කෙරුණෙ නෑ. අඹ කීර්ති මිල්ටන් එක්ක ඇයි හොඳයිය නතර කරන්ඩත් හේතුව කාන්තියගේ මොකද්ද හුටපටයක් කියලයි දන්න උන් කියන්නෙ. කොහොමත් පස්සෙන් පහු කාන්තියා රට ගියාට පස්සෙ දරුවො දෙන්නත් ඉස්කෝලෙ යවාගෙන වැඩි සද්ද බද්ද නැති කාලයකුත් ගෙවිල ගියා.
අඹ කීර්ති ආපහු බජාර් එකට එන්නෙ තිලක් මහත්තයත් එක්ක. තිලක් මහත්තයා ගමේ නිදහස් පක්ෂ සංවිධායක. ප්‍රදේශීය සභාවට දෙපාරක් ඉල්ලලා පරාද උනත් උන්නැහේට යමක් කමක් කරගන්ඩ බැරි කමක් තිබුනේ නෑ. අවසන් වෙමින් තිබුණු යුද්දේ උණුසුම ජාතික රූපවාහිණිය හරහා ගමට තදින්ම දැනිලා තිබුණු වකවානුවක් ඒක. රණ විරුවන්ට සුබපතලා ලොකු කටවුට් එකක් හන්දියේ හයි කරන්ඩ තිලක් මහත්තයාට ඕනෙ කරලා තිබුණා. ඔන්න ඕකට ආධාර එකතු කරන්ඩ ගිහින් තමයි අඹ කීර්ති තිලක් මහත්තයලගේ දේශප්‍රේමි බජාර් එකට සෙට් උනේ. බජාර් එකේ කිව්වට ඔය කොයි බජාර් එකෙත් වාටිය හරියෙ තමා.
කොහොමත් වැදගත්ම සිද්ධිය උනේ මතක විදිහට අවුරුද්දකට විතර කලින් චන්දන කොලුවගේ මගුල් ගේ දවසෙ. වලිය පටන් ගත්තෙ මහ දවල් සංගීතෙ අතරතුර. පදමට වෙරිවෙලා හිටපු අඹ කීර්තිට සිද්ධවෙන දේ හරියටම තේරුම් ගන්න බැරි උනත්, සංගීතෙත් පරදවන හඬින් කෑ ගසමින් නලියන මිනිස් පොදිය දිහාවට සරමත් අතකින් අරන් විසිවෙවී දිව්වෙ කොහෙන් ආවද නොදන්න පොල්ලකුත් අතක දරාගෙන. මිනිස් පොදිය තුලට අසිහියෙන් වගේ වැදෙනවා විතරක් මිනිහට යාන්තම් මතකයි.
දවසකින් විතර සිහිය ආවට පස්සෙ සිද්ධ වෙච්ච දේ ඉස්පිරිතාලෙදිම සහසුද්දෙන් දානගත්තා. අඹ කීර්තිට ගහල තිබුනේ මිල්ටන්. පරණ තරහකට කියලයි තිලක් මහත්තයා කිව්වෙත්.
“ඕකුන්ට නටන්ඩ දුන්නා වැඩියි...... බලාගමුකො.....!”
තිලක් මහත්තයා කිව්වෙ හිමින්. හැබැයි බැරෑරුම් විදිහට. ඒ වෙද්දිත් මිල්ටන් රිමාන්ඩ් කරලා.
ඔලුවෙ තුවාලේ මැහුම් කපලා හොඳ තත්වෙට එන්ඩ මාසයක් විතර ගියා. ඒ අතරෙ මිල්ටනුත් නිදහස් වෙලා ඇවිත් පුරුදු ව්‍යාපාරෙත් පටන් අරං තිබුනේ. අඹ කීර්තිගේ ඔලුව ගන්ඩම දෙයක් නෑ. මහා මූකලානක් මැද්දෙ තියෙන එලිමහන් දූපතක් වගේ ඔලුව වම්පැත්තෙ පොඩි තට්ට පදාසයක්. ඒ මැද්දෙ වියළුන තුවාල කැළැල්. කීර්ති බයිසිකලෙත් අරන් හෙමිහිට හන්දියේ බේබියගේ සැලුන් ඩී ස්මාර්ට් එකට ගියා.
“බේබි මලේ.... ඔන්න ඔය තට්ටෙ ගානට සේරම කපලා දාහංකො... බලාගෙන තුවාලෙ....”
ආපහු බයිසිකලේ පැදන් ගෙදර එද්දි උනත් කීර්තිට මතක් උනේ හිසකේ කොට පිහදාන ගමන් බේබියා කියපු කතාව.
“ෂහ්..... නෝට් එකට කැපුවමනේ කීර්ති අයියගේ නියම ලුක් එක එන්නේ...... ඒයි සිසිරයා.... ඇවිත් බලපංකෝ...... නියම මැරයා........!”
ඔය හිතුවිල්ලෙන් වැඩි දුරක් එන්ඩ ලැබුනේ නෑ. බයිසිකලේ හරස් කරලා ඉද්ද ගැහුවා වගේ නවත්තපු තැපැල් නයින්ටියේ උන්නේ සජිත්. මිල්ටන්ගේ අලුත් ගෝලයෙක්.
“ආ.... උඔ එලියට බැස්සද? තෝ ඉස්පිරිතාලෙදි හොඳවෙලා ඇවිත් මිල්ටන් අයියට ගේම දෙනව කිව්වලු නේ..? තෝ එලියට එනකං තමා අපිත් හිටියේ.... බලාගමු...!”
දෙකන්සෙන් ගිණියම් වේගෙන එද්දි ඌ තැපැල් නයින්ටිය හරවගෙන අතුරුදහන් උනා. ඊට පස්සෙ බයිසිකලේ ගෙදර බිත්තියට අතඇරලා දරමඩුවෙ වහලෙන් කඩුවක් ඇදල ගන්නවත්, ආපහු මිල්ටන්ගෙ මිදුලේ බයිසිකලේ අතඇරලා ඉද්ද ගැහුවා වගේ හිටගත්තත් කීර්තිට මතකයි.
“අඩෝව්............. මිල්ටා...............!”
පස්සෙ ආරංචි උන විදිහට එදා මිල්ටන් නතරවෙලා තිබුනේ වැව් තාවුල්ලටම දිව්වට පස්සෙ. ඊළඟ සතියෙ සුරාබදු එකෙන් පැනලා හතළිස් හයේ බූලියක් එක්කම මිල්ටනුයි, ගෝලයො දෙන්නෙකුයි කුදලගෙන ගියා. ඊළඟ සුමානේ නමෝවිත්තියෙන් අඹ කීර්ති මිල්ටන්ගෙ බිස්නස් එක තමුන්ගෙ ගෙදරම පටන් ගත්තා. වැඩේට උදව්වක් හැටියට ප්‍රේමතිලක සාජන්ට්ව අඳුන්නලා දුන්නෙත් තිලක් මහත්තයම තමයි. කොහොමත් ලබන අවුරුද්දෙ තියෙන ප්‍රාදේශීය සභා ඡන්දෙදි අඹ කීර්ති තිලක් මහත්තයට ලොකු හයියක් වෙන්ඩ ඉඩ තියෙනවා. මොකද දැනටමත් වැඩිදෙනෙක් මිනිහට කියන්නෙත් තට්ට කීර්ති කියලා.
මෙච්චර දිගට කියෙව්වත් මේකෙ හරිහමන් කතාවක් නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් මේකෙ නියම කතාව එන්නෙ මම විතරක් දන්න වෙන පොඩි දෙයක් එක්කයි. ඇත්තම කිව්වොත් අඹ කීර්ති බේබියගේ ‘සැලුන් ඩි ස්මාර්ට්’ එකෙන් තට්ටෙ ගාපු දාම තමයි ජැක්සන් ඇන්තනී පේමඩුව හන්දියෙ ‘සක’ සැලුන් එකෙන් තට්ටෙ ගෑවෙත්.
:D :D ඒක සිරා කතාව..
ReplyDeleteතමන්ගෙ බාහිර ස්වරූපය තදින් දැනෙන විදිහට වෙනස් කරන්නෙ ( තට්ටෙ, රැවුල, කරාඹු, පච්චා වගේ), තමන්ගෙ අනන්‍යතාව ගැන ලොකු ප්‍රශ්නයක් තියෙන මිනිස්සුයි කියල, කවුදෝ කියල තිබුනනේද?
ReplyDeleteමාත් යනව තට්ටෙ ගාන්න.....
ReplyDeleteඒ අතින් කීර්තියා හොඳයිනේ... ඌ ගේම දීල තියෙන්නෙ කීප දෙනෙක්ට විතරයි... ඒකට ජැක්සන්? :O
ReplyDeletethatte gana eka eka widihaka wilasithawk unath thamange pirimikamata meke thiyena sambande oya dan nane.... oya dannawada eka danna kena thamai mahinda ayya.hane hane hanehane mahinda ayya....
ReplyDeleteඅපිත් තට්ටේ ගාමු!!!
ReplyDeleteකොහොමහරි කාගෙ කාගෙත් කසිප්පු බිස්නස් නං නැගලම යනවනේ. මාත් තට්ටෙ ගානවා. ඔය මොනවා හරි පිලිවෙලකට විකුණගන්ඩ බැරියැ.
ReplyDeleteබටහිර කුමන්ත්‍රණවලට අහුවෙලා බ්ලොග් ලියන දේශද්‍රෝහියො දන්නෙ නැති උනාට; පෙර රජ දවසෙත්, රජ මාළිගාවල ඇට්ටඹිකං කොරපු වන්දිභට්ට, කේවට්ටයින්ටත් තට්ටෙ තිබුන බව ලංකාවෙ ඉතිහාස පොතේ අයිතිකාරයො වෙච්ච ජැක්සොන් අන්තෝනියෝ හා බයිලා චක්‍රවර්තී මේධානන්දයෝ වැනි උතුමෝ දනිති. (ඉතිහාස පොතේ ඔරිජිනල් යතුර ජැක්සොන් අන්තෝනියෝගේ ජීප් රථයේ කීටැග් එකේද, ඩුප්ලිකෙටය බයිලා චක්‍රවර්තිගේ අඳනකඩයේ ඇති යතුරු කැරැල්ලේද ඇති බැවින් අප වැනි බලුගැත්තන් ඒ ගැන කිසිදු සැකසංකාවක් උපදවාගතයුතු නැත.)
ReplyDeleteela....!!!!
ReplyDeleteතට්ටෙටම කොණ්ඩෙ ගාන එක මාත් දැං කාලෙක ඉඳලා කරන වැඩක්.
ReplyDeleteමාර ජොලි සීතල හුලං වදින කොට.
තට්ටෙං සොමිය දෙන කතන්දරේ දන්නව නේද?
@ කතන්දරකාරයා,
ReplyDeleteඒක කොහොමෙයි අමතක වෙන්නේ. මං බැලුවේ ලින්ක් එක කෝ කියලා.
අදමයි බ්ලොග් එක බැලුවේ. ඔයා පට්ටෙට ලියන්වා ඈ. කීප් ඉට් අප්
ReplyDeleteඅඩේ............. සිරාය.... :) කීප් ඉට් අප්මය :)
ReplyDeleteඅඹ කීර්ති පෙරනවා
ReplyDeleteහැම දෙනාටම පෙවෙනවා
නොදන්නා උන් ඇවිත් හවසට
හින් අඩියක් ගහනවා
වැවි තාවුල්ල අහලටම ඇවිදින්
රටේ ලොකු කං කරන ලොක්කන්
හොර හොරා කට පිහිනවා
එහෙම විතරක් ද නොබිව්වා සේ ඉන්නවා
උන් හැමෝමත් කර වෙන්න ගහලා
කැරකිලා බැලුවා ම ලෝකය වගෙයි හතරුස් කියනවා
ඉන් පස්සේ වෙන දේ මෙන්න
කොටි ඇමතියන් වෙන රටක ජෙනරල්.....
- හිතුවක්කාරයා
අමුනල අමුනල ගත්තහම මේකනම් සිරාය.
ReplyDeleteඅවුරුදු 10 ක විතර ඉදන් මෙයා කොහොමත් තට්ටයෙක්. දැන් ඉතින් ඇඳුම් නැතිව ඉන්න එකේ විග් එකෙනුත් වැඩක් නැහැ කියලා හිතෙන්න ඇති.
ReplyDeleteමමත් කියෙව්වා ඔන්න.
ReplyDeleteකුණුම තමයි! එළ එළ!!
ReplyDeleteගූ රස වෑහේයැ. ලේකකයාට තම පෙනුම ගැන පැණයක් ඇතිසේ යැ
ReplyDelete@ Anonymous,
ReplyDeleteමානම් ගූ රස බලා නැති හෙයින් ඔබගේ වින්දන පරාසයට ලංවීමට අපොහොසත්මි.
හරි සෝක් කතාව මරු ඈ...
ReplyDeleteඅඹ කීර්තියා නම් තවම ඇඳුමක් අඳිනවා නේද?
ReplyDelete