Tuesday, September 28, 2010

අඩෝ නිශ්ශංක,

(මුවා මැරූ සලමන් නිශ්ශංකට,)

උඹ හදන්නෙ අපිට කෙළවන්න නේ?

රුදුරු ත්‍රස්තවාදීන්ට බය නැතුව සිංහල ගම්බිම් රැකගෙන උන්නු වීරෝධාර සිංහලයො මස්වැද්දො කරලා,

උන් මස්ගාතෙකට කෙල හල හල පස්සෙන් යන පෙරේතයෝ කරලා,

ඒ ගම්වල ඉන්න සිංහල බෞද්ධ කාන්තාවෝ පාළු කඳුගානේ බීමතින් එකා දෙන්නා එක්ක අවල කෙළියේ යෙදෙන වේසියො කරලා,

ගම්වැසියො අම්මා අප්පා නැති දරුපැටව් දෙන්නෙකුට කන්ඩ ටිකක් වත් නොදුන්න අවලම්මු කරලා,
(දැනගනිං, අපි ලෝකෙන්ම අට වෙනියා හරි?)

වීරෝධාර ග්‍රාමාරක්ෂකයෝ රට බේරගන්න දීපු තුවක්කුවෙන් අහිංසක ගෑණුන්ට වෙඩි තියන්ඩ යන මානසික ලෙඩ්ඩු කරලා,

ඔක්කොටම හපං... බෞද්ධ පුරාවස්තු තියෙන අර කන්ද මිනීමරු 'කාන්ති කන්ද' කරලා.....

කොටින්ම අව්‍යාජ සිංහල ගම, අරූ කලා වගේ මිලිටරයිස් උනු මුඩුබිමක් කරලා.........
...............................

උඹලා ඩොලර් වලට.........

ෆේස් බුක් එකේදි බලාගමු හරී? (ජනකයටත් කියපං)




පසු සටහන -
කවුරුහරි මෙහෙම කියයි කියලා මාස ගානක් බලා සිටියෙමි. කවුරුවත් කිව්වේ නැති නිසා හිතට මාර අප්සැට්ය. මේ දේශප්‍රේමී බුද්ධිමතුන්ට මක්වෙලාද?
අන්තිමේදී මමම ලිව්වෙමි.
හප්පා.... පුදුම සැහැල්ලුවක් දැනේ.