Wednesday, November 21, 2012

ගාසා තීරයට අත නොතබනු ! (මමයි කියන්නෙ හරිය..?)


ඊශ්‍රායලය විසින් මේ මොහොතේදී ගාසා තීරය වෙත එල්ල කරමින් තිබෙන අති බිහිසුණු ප්‍රහාරය අප හෙලාදැකිය යුතුය. හෙට දිනයේදී ලෝකය විඳින්නට නියමිතව සිටි කුඩා මල්කැකුළු වන් අහිංසක දරුවන් අමානුෂික යුද්ධය විසින් තලා පොඩිකරදැමීම හද කම්පා කරවයි.

මෙම වර්ගවාදී උන්මත්තකභාවයට අප කවුරුත් එරෙහි බැවින්, මෙම අමානුෂික ප්‍රහාරයන්ට මගේ විරෝධය පලකිරීම උදෙසා, එම ඛේදවාචකයේ ලොව සසල කල පින්තූර කිහිපයක් පහත පල කරමි.
















---------------------------------------------------
ප/ලි - ගාසා ප්‍රහාරයට අදාල නොවන පින්තූර කිහිපයක්ද අතපසුවීමකින් මෙහි පලවී ඇති බව මිතුරන් කීප දෙනෙක් දන්වා සිටියා. දැන් ඕවා හදන්නට වෙලාවක් නැති බැවින් නිවැරදි පින්තූර  තෝරා ඒවාට පමණක් කණගාටුවන මෙන් කාරුණිකව ඉල්ලමි.

86 comments:

  1. අපේ අව්‍යාජ මරයිය මේකට මොකක් කියයිද දන්නේ නැ... :p

    ReplyDelete
    Replies
    1. අව්‍යාජ මාරයියට ටිකක් අමාරුයි මේකෙ පැත්තක් ගන්න.

      මොකද එක පැත්තකින් හම්බයො. උන්ගෙ පැත්ත ගන්න බෑනෙ මාරයියා වගේ දේශප්‍රේමියකුට කොහොමටවත්.

      අනෙක් පැත්තෙන් මාරයියගෙ දෙවියා සපෝට් කරන්නෙ පලස්තීනයට. ඉතින් දෙයියනේ උන්ගෙ පැත්ත නොගෙන කොහොමද?

      බලමුකො මාරයියා රැවුළයි කැඳයි දෙකම බේරා ගන්නා විදිය.

      Delete
    2. අහිංසක පලස්තීන වැසියන්ගේ පැත්ත ගත්තොත් , අහිංසක දෙමල ජනතාවගේ පැත්ත ගන්නැත්තේ ඇයි කියන ප්‍රශ්නෙත් ඔතන තියෙනවා..

      අව්‍යාජ මරය්යට තියෙන්නේ එකම විසඳුමයි.. දැක්කේ නැහැ වගේ ඉන්න එක තමයි.. :D

      Delete
    3. එකඟයි. මොකද දෙමළ ජනතාව ගිහිල්ලා නතර වුණේත් ගාසා තීරය වගේම තීරයක නෙවැ. අපිත් ඉතින් මේ වගේම ඇදලා ඇරියා. පොඩි ළමයිනුත් මැරුණා තමයි. සමහරු ඒවාට කිරිබතුත් කෑවා තමයි.

      Delete
    4. හයියෝ ඔච්චර හිතන්න දෙයක් තියේද..පව්නේ ඔයාලා...

      මෙච්චරනේ කතාව... ඔය පින්තූර දිහා බැළුවම දුටුවනම කාට උනත් දුකක් සංවේගයක් පහළ වෙන එක සාමාන්‍යයි. එයිට පස්සේ රෙදි කරට අරං ඊශ්‍රායලයටත්.. ලංකාවේ හමුදාවට නෙවෙයි මහින්ද සහ ගෝඨාට බයින එකත් සාමාන්‍යයි... ඒකටනේ මේවා මෙහෙම ලස්සනට තෝරලා චාමි ලොක්කා දාලා තියෙන්නේ.. නැතිව අර කිව්වත් වගේ කැබැතිගොල්ලෑව..ශ්‍රී මහා බෝදිය..අරංතලාව... වගේ ඒවෑ පොටෝ දාන එක චාමිට අයිති වැඩක්යෑ... චාමිගේ රාජකාරිය මේක...

      මටනං ඔය පොටෝ දෙවර්ගේ ගැනම කියන්න තියෙන්නේ.. පව්..හැබැයි කරන්න දෙයක් නැහැ කියලා විතරයි...

      ඇයි..අප්ෂෙට්ද..?

      කොටින්ව අවසන් කරපු යුද්දෙදි සාමාන්‍ය දමිල ජනතාව මැරුණා කියන එක අමුතු දෙයක් නෙවෙයි.. ඒක එහෙම වග මාත් දන්නවා..චාමිත් දන්නවා..මහින්දත් දන්නවා.. හිලරි අක්කත් දන්නවා... ඒක එහෙම නැතිව කරන්න බැහැ කියලත් ඔය කිව්ව සෙට් එකම දන්නවා... එහෙම නොවෙන්නනං ඉතිං කරන්න තිබුනේ යුද්ධේ නොකර නිකං ඉන්න එක විතරයි... එතකොට අපිට පුවවන් ඔය ෆොටෝ ටික වෙනුවට අරංතලා පොටෝ ටිකක් දාගෙන අඩ අඩ ඉන්න හැමදාටම...

      හැබැයි මොන විදියෙන් හරි දැන් ඒ කතා ඉවරයි... දෙමළ වැසියන් වගේම සිංහල මුස්ලිම් වැසියනුත් ඔය යුද්දෙදී නැති උනා... ඒ අතරෙන් පොටෝ කිහිපයක් චාමිට උවමනා පරිදි පල කිරීමේ හැකියාව තියෙනවා. ඒ ඒවා පල කරන්නේ "චාමි" වීම නිසා...

      මෙච්චර වැල් ලියන්න දෙයක් නැහැ..කොටින්ම කිව්වොත් ඔය ලංකාවේ පින්තූර දැක්කම පව් කියනවා ඇර..ඒකට ඇඟිලි දික්කරන්න මට උවමනා නැහැ..එහෙම දික් කරනවනං ඒ ඇගිල්ල "මුලින්ම" දික් වෙන්න ඕන මහින්දට ගෝඨාභයට නෙවෙයි... ඔය ටික වෙන තැනට වැඩ සලස්සපු සිංහල/දෙමළ හිටපු ජනනායකයින්ට සහ ඊළාම් ප්‍රශ්නයට..ත්‍රස්ථවාදයට උඩ ගෙඩි දීපු උන්දලටයි... මහින්දගේ කාරිය උනේ හැදිලා තිබුන පිළිකාව කපලා අහක් කිරීම විතරයි... ඒ අහක් කරද්දී හොඳ මස් කෑල්ලක් දෙකක් කැපෙන්නේ නැතිව සැත්කම කරන්න විදියක් තියෙනවනං මහින්ද ඒක නොකර ඉන්නේ නැහැ... ඕක ඉතිං පිළිගන්න නොගන්න එක තම තමුන්ගේ කැමැත්ත... "චාමි" ඒක පිළිගන්න ඕන නැහැ... මොකද ඒ "චාමි" වීම නිසා...

      ඊශ්‍රායලේ... එතනදිත් මට කියන්න තියෙන්නේ මං ඊශ්‍රායලේ පැත්තේ කියලා තමයි... ත්‍රස්ථවාදයට පිළිතුර කෙලවෙන්නම ගැහිල්ල මිස හුරතල් කිරිල්ල නෙවෙයි... පලස්තීන වැසියන් යනු හමාස් එකට බලය දීලා ත්‍රස්ථවාදය පෝෂණය කරපු අයම තමා... වපුරාගත්ත දේ නෙලාගන්නකොට ඒ අස්වැන්න වපුරපු අයටත් කොටස් වශයෙන් ලැබෙනකොට මොනවා කරන්නද..? අනික පලස්තීනෙට ඔය හයියම තිබුනනං අද ඊශ්‍රායලේ ගහන ආකාරයට ඔවුනුත් කෙලලා නොදායි කියලා කාට හරි කියන්න පුළුවන්ද..?

      ආ ඇමරිකාව... මෙතනදිත් මං බනින්නේ ඇමරිකාවට තමා ඇනෝ ළමයා...

      ඇයි ඒ..?

      ඊශ්‍රායලේට බෙදන හැන්ද ඇයි අපිට බෙදද්දී නැත්තේ..? දැන් නවනීදන් පිල්ලේ ඊශ්‍රායලේටත් යවයිද එයාගේ කණ්ඩායම්... මූන් ලොක්කා පත්කරයිද එයාගේ අර කමිටු..? හිලරි අක්කා දත් පෙන්නලා කෑගහයිද..?

      මං කියන්නේ එහෙම කෑගහන්න ඕනත් නැහැ...පලස්තීනේ ඉල්ලුවා..ඊශ්‍රායලේ දුන්නා... දෙනකොට ටිකක් වැඩියෙන් දෙනවා තමා... එහෙම නැතිව පුළුවනෑ...

      අපෙනුත් ඉල්ලුවා... අපි නොදී ඉදලා ඉදලා අන්තිමට දුන්නා.. එච්චරයි... ඇයි කියන්නේ දෙන්න එපා කියලද..?

      ඇමරිකාව ඊශ්‍රායලේ දීමයි අපේ දීමයි දෙකම එකම කණ්ණාඩියෙන් දැක්කනං ඔය කිසිම අවුලක් නැහැ...

      Delete
    5. @මාරයාගේ හෝරාව
      මහින්දයි, ගෝටයි, පව් නේද මෙයා.

      Delete
    6. කරුණු දෙකක්.

      1. කැබැතිගොල්ලෑව..ශ්‍රී මහා බෝදිය..අරංතලාව... අමුතුවෙන් පොටෝදාන්ඩ දෙයක් නෑ.මේ පෝස්ට් එක කියවන කිසි කෙනෙක් ඒවයින් සතුටු වුනා කියල හිතනවද? ඒව දැක්කාම මමත් අපි කවුරුත් ෂොක් වෙනවා. මම දාල තියෙන්නෙ අ‍පේ වැඩි දෙනෙකුට කැබිතිගොල්ලෑව තරම් දැනෙන්නෙ නැති පොටෝ ටිකක්.

      2. පිලිකාවෙ කතාවට පහතින් උපුටල ආයෙ දාන්නං
      //සමහර වැඩ අසික්කිත උනත් කරන්න වෙනවමනම් අපි කරනවනේ. මමත් එහෙමයි. නමුත් අපි කල වැඩේ අසික්කිතයි කියන එක අපිට දැනෙන්න ඕනෙ මචං. ඒ ගැන පශ්චාත්තාපයක් තියෙන්න ඕනෙ. නැතිනම් අසික්කිත වැඩේ අපිටම ශික්ෂිත වෙලා දිගටම යනවා. අද අපේ රටට වෙලා තියෙන්නෙ ඒක. මට කොක්ක තියෙන්නෙ අන්න එතනයි//

      Delete
    7. රාළ සහ මාරයා,
      උඹලත් මරුම බඩු තමයි. මොකක් හරි කොණක් කොහෙන් හරි හොයා ගන්නවා. :D
      චාමියත් පවු වැඩේ ඌ එකමදේ සිය වතාවක් විතර ඇඟිල්ලෙන් ඇන ඇන කියනවා [මම හිතන්නේ ඔය එකම කමෙන්ට් එක උපුටලා දාපු තුන් වෙනි වතාව].

      Delete
    8. මාරයියාගේ එක හොඳක් තියෙන්නෙ, මාරයියේ අන්න ළිඳ, මෙන්න තුවාය කිවාම මාරයියා දන්නවා ගිහිල්ලා ඇදෙගෙන නාගන්න. ආයෙ කවුරුත් ඒකට අමුතුවෙන් කරදර වෙන්න දෙයක් නෑ.

      Delete
    9. /මහින්දගේ කාරිය උනේ හැදිලා තිබුන පිළිකාව කපලා අහක් කිරීම විතරයි... ඒ අහක් කරද්දී හොඳ මස් කෑල්ලක් දෙකක් කැපෙන්නේ නැතිව සැත්කම කරන්න විදියක් තියෙනවනං මහින්ද ඒක නොකර ඉන්නේ නැහැ.../

      මට නම් හිතෙන්නේ මහින්දයා එක්කෝ තමන්ගේ නොදැනුවත්කම නිසා හෝ නැත්නම් පොලිටිකල් වාසියක් ගන්න උවමනාවෙන්ම අනවශ්‍ය ලෙස හොඳ මස් කෑලි කපලා ලෙඩා අමාරුවට දැම්මා කියලයි. ඒ වගේම පැහැදිළි ලෙස යුධ අපරාධ වලට සම්බන්ධ වූ පුද්ගලයින්ට දඬුවම් නොදීම තුළින් එයා තවත් අනා ගන්නවා. හැබැයි මේවා මහින්දයාට ගොට්ට අල්ලාගෙන ඉන්නා උන්ට පේන එකක් නෑ. මොකද උන්ට මහින්දයාගේ අසුචිත් වටිනවානේ.

      Delete
    10. මාරයියේ තරහ නැතිව මේකටත් උත්තර දෙනවාද?

      දැන් අර මාරයියාගේ ආදරණීය අහිංසක ලන්ඩනයේ ඉන්නා සුදු පුංචි මල්ලියා දමිත් කේතක මේ ප්‍රශ්නයේදී මාරයියාට ඉඳුරා විරුද්ධ ස්ථාවරය නේද ගන්නේ? මෙන්න ඔහු බුකියේ අළුතින්ම දාල තිබුණු දේ: MURDERER...MURDERER...NETHANYAHU MURDERER....!...MURDERER...MURDERER...NETHANYAHU MURDERER...!

      දැන් ඉතින් මේ ප්‍රශ්නයේදී මාරයියා දමිත් කේතක පුංචි මල්ලියා එක්ක එකඟ වෙන්නේ නැද්ද?

      Delete
    11. අව්‍යාජ මාරයිය ඇම කන ලදී.. :D

      Delete
    12. @AnonymousNovember 22, 2012 8:26 AM

      දමිත් කියන්නේ දමිත්... චාමි කියන්නේ චාමි... මේ මං ඇවිල්ලා වෙනමම එකෙක් නෙව ඇනෝ... දමිත් කියනදේම මං කියන්න ඕනනං මං මොටද.. නැත්තං දමිත් මොටද..?

      ඕනෑම ප්‍රශ්නයක් එක එක්කෙනො බාරගන්නේ ඒක ඒ ඒ අයට අහුවෙන විදියට...ඒත් ඒ දකින සමහර දේවල් අපි දකින විදියටම නැතිව අපිට වාසි විදියට සහ අපේ උවමනාවේ විදියට අර්ථ දක්වනවා... මම උනත්..දමිත් උනත්.. චාමි උනත් ඒ පොතෙන් පිට පනින්නේ නැහැ... මේ වගේ තැන්වල අපි අපිට ඕන ඕන විදියට පෝස්ට් දාලා අපේ මතේ ජනප්‍රිය කරවන්න බලනවා.. එතනදී අපි පෙන්නන්නේ අපිට පෙන්විය යුතු දේ විතරයි.. ඒක මම කලත් එහෙමයි..දමිත් කලත් එහෙමයි..දැන් මේ චාමි කලත් එහෙමයි...

      ඒත් ඉතිං ඇත්ත ඇති සැටියෙන් අපේ හිත්වල තියේවී.. ඒවා කවුරුවත් එහෙම ආවට ගියාට එළියට දාන්නෙත් නැහැ.

      කීප දෙනෙක් එහෙම තමතමන්ගේ මතේ තම තමන්ට ඕනෑ ආකාරයට කියලා හරි දාද්දී..තවත් සමහරු බලං ඉන්නේ ඒ අස්සේ කාට හරි නෙල නෙල ඉන්න විතරයි.. දැන් ඔය දමිත්ව මෙතනට ඇද ගත්තේ උනත් ඌරාගේ මාළු ඌරගේ පිටේ තියරියට තිලා කපන්න මිස ඊශ්‍රායලේ ගැනවත් පලස්තීනේ ගැනවත් ඇති කැක්කුමකටද..? නැහැනේ මෙයාලා... :D

      @AnonymousNovember 22, 2012 8:40 AM
      @AnonymousNovember 22, 2012 8:06 AM

      ඔව් වස්තුවේ..හරි ෂෝක් නේද..? ඔයාට සංතෝසද මෙයා..?

      ------------------------

      ඇතුලේ එකක් තියං නිකං බොරුවට ලොකු මානුෂවාදී කතා කියන්න ඕන නැහැනේ බං... ඔය ලොකු ටෝක් දෙන හුගදෙනෙක් ඇත්ත දන්නවා.. ඒ ඇත්තට පිටින් කරන්න දෙයක් නැති බවත් දන්නවා... වරදකාරී හැගීමක් නැතිවා නෙවෙයි.. ඒත් කල යුතු දේ කල යුතු මොහොතේ නොකලානං දැන් තියෙන වරදකාරී හැගීමට වඩා සිය දහස් ගුණයක වරදකාරී හැගීමක් ඉතිරි වෙනවා කියලත් කල්පනා‍ කලොත් තේරේවී... ඒත් ඉතිං ඒ කල්පනා කලොත් විතරයි...

      ආ ඔය ඇති... ඇනෝලාස් එක්ක වැඩි කතා අගුණයි නෙව...

      Delete
    13. මේකනේ මාරයියේ, දැන් කෙනෙක් එක මතයක ඉඳලා හිටපු ගමන් බල්ටියක් ගහලා අනෙක් පැත්තට පැන්නාම හුදී ජනයන්ට අප්සෙට් නෙවැ. දැන් මාරයියා ඊශ්‍රාලයකාරයින්ගෙ දෑත් ශක්තිමත් කරන්න ගියාට කමක් නැහැ. නමුත් මාරයියාගේ පිළේ අය ඉන්නේ එතැන නෙවෙයිනේ.

      දැන් බලන්නකෝ මාරයියාගේම මහින්ද ලොක්කා උපන් දා ඉඳලා ඊශ්‍රාලය විරෝධියෙක්නේ. උන්නැහේගෙ නමින් පාරකුත් තියෙනවාලු පලස්තීනයේ. ඉතින් මාරයියා එක පැත්තකින් ඊශ්‍රාලයට සපෝට් කරන ගමන් අනෙක් පැත්තෙන් ලොක්කට සපෝට් කරන්න බෑනෙ.

      අනෙක් පැත්තෙන් මෙච්චර දවස් මාරයියාගේ කිරි කිරි වගේ හොඳ සුදු පුංචි මල්ලියා වුණු දමිත් කේතක දැන් ලියන්නේ සම්පූර්ණයෙන්ම විරුද්ධ දේවල්නේ. මම කියමන් ටිකක් උපුටා දක්වන්නම්කෝ මෙතැන.

      We stand with the oppressed People of Palestine...!...Victory to the Palestine Freedom Struggle....!....Yaar Yaar Palestine...! Yaar Yaar Palestine...!

      Israeli Murderers...Hands off Gaza...Hands off Gaza....!Israeli Murderers...Hands off Gaza...Hands off Gaza....!Israeli Murderers...Hands off Gaza...Hands off Gaza....!

      Because this Pariah nation is a Cancer to the region, hosting all faces of America`s conspirators to destabilize the entire region...Because, the very jews who cry before the world, dragging forth ugly chapters of the holocaust, long avenged by justful and unjustful means equally, are the ones who are unleashing a virulent terror on other nationalities in the region...Because THIS IS PALESTINE, and the Illegal state of Israel, so arbitrarily established as a quenchful regional "listening post" for Western powers through the infamous Balfour declaration...Because this nation of terror and her Zionism has nothing to do with pure senses of Judaism... Because, through this terrorist state, the west succeeded in turning Blood relatives at each others throats...Because Israeli strikes are by volumes disproportionate to the attacks on them .. and ABOVE ALL, because TWISTED HUMANISTS tend to justify the apalling man slaughters that is being conducted in Gaza, because in whichever pretendance they may stand, they are truly agents of Western Imperialist colonization...

      That is specifically why, we stand shoulder to shoulder with the oppressed...Because we see through the pesudo faces of these god damned "Humanists" ranging from the United States...BECAUSE we are sure that one day soon enough The Muslims and us here in Asia will have to fight the common enemy, in a battle for survival over rational shortage of natural resources...Because we choose our battle grounds in advance and wisely, seing the future that is about to unfold...LONG LIVE PALESTINE FREEDOM STRUGGLE...!...DOWN WITH U.S IMPERIALISM...!...

      දැන් මාරයියා කියන්නේ මහින්ද ලොක්කාත් දමිත් කේතක පුංචි මල්ලියාත් වැරදියි, උන් දේශ ද්‍රෝහියෝ, NGO කාරයෝ කියලද?

      Delete
    14. මට නම් හිතෙන්නේ චාර්මියා මී කතුරක් අටවලා තිබ්බා. මාරයියා චීස් කෑල්ලට පෙරේතකමේ ගිහින් ඒකට අහුවුණා. හොඳට බලන්න අර පෙරමුණේ රාළ අහුවුණේ නැහැ නේද? මොකද උන්දෑට මොළේ තියෙනවා. ඔයාට වගේ නෙවෙයි.

      Delete
    15. /පලස්තීන වැසියන් යනු හමාස් එකට බලය දීලා ත්‍රස්ථවාදය පෝෂණය කරපු අයම තමා... වපුරාගත්ත දේ නෙලාගන්නකොට ඒ අස්වැන්න වපුරපු අයටත් කොටස් වශයෙන් ලැබෙනකොට මොනවා කරන්නද..?/

      මාරයියේ දැන් මෙන්න මේක විතරක් පැහැදිළි කරන්න.

      භූමියේ මුලින් හිටියේ පලස්තීනකාරයෝ. ඊශ්‍රාලය බිහි වුණේ දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ. නැව් පිටින් යුරෝපයෙන් ඊශ්‍රාලයට යුදෙව්වන් ගෙනත් දැම්මේ. උන්ට ඉඩ දුන්නෙත් සුද්දෝ, පලස්තීනයේ ඒ වන විට ජීවත් වූ මිනිසුන්ගේ අකැමැත්ත පිට. ඊට පස්සු විවිධ යුද්ධ වලින් ඊශ්‍රායලකාරයෝ භූමිය අල්ලා ගත්තා.

      මේක අපට සමාන කරනවා නම් මෙහෙමයි.

      සුද්දෝ වතු වගාවට ඉන්දියන්කාරයෝ මෙහෙ ගේනවා. ඊට පස්සෙ උන් දවසක බලයක් හදාගෙන සිංහල මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරනවා.(එහෙම දවසක අනිවාර්යයෙන්ම සිංහල මිනිස්සු තුළත් ත්‍රස්තවාදය ඇතිවේවි.)

      දැන් මාරයියා කියන්නේ ඒ වගේ අවස්ථාවක දෙමළු හරි සිංහලයො වැරදියි කියලද? එහෙම වුනා නම් සිංහල ත්‍රස්තවාදයත් දෙමළුන් විසින් බෝම්බ දාල වනසන්න ඕනැද?

      Delete
    16. චාර්මිගේ පොස්ට් එක පට්ට. හැබැයි ඇනෝ ල මේ පොස්ට් එක බේස් කරගෙන ,මෙතන අපි වැඩි දෙනෙකුගේ අතත්‍ය මිතුරෙක් වන දමිත් කේතක ව ඈදන එක වැරදියි . කේතක තමන්ගේ වෝල් එකේ මොනවා කියාගත්තත් අපිට පාන් යැ. ඒක ඒ මනුස්සයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මිත්‍රවරුනි .
      කේතක දිරවන්නේ නැතිනම් එයාගේ පොස්ට් බලන්නේ නැතිව ඉන්න.
      මේ විදිහට පලු ගෙයි වලන් බිඳින එක සදාචාර විරෝධීයි
      ගහන්න ඕනෑම නම් දමිත් ට වඩා ගොඩක් තුච්ච මිනිස්සු බුකියේ හොයාගන්න පුළුවන්.
      අඩුම ගණනේ දමිත් මේ වෙලාවේ ලංකාවේ වාර්ගික සමගිය වෙනුවෙන් පෙනී සිටීමම ලොකු දෙයක්

      Delete
    17. ඔබාමාගෙ කතාව ඇත්ත. මෙතන උනත් මුලින්ම මාරයා ගැන සඳහන් කමෙන්ටුවක් වැටුනු වෙලේ මම හිතුවෙ නෑ මෙච්චර දුර ඇදෙයි කියලා. සංවාදයට අදාලම නැති එකක් නම් ඉවත් කලා. අනිත් ඒවා යම් තරමකට සංවාදයට අදාල නිසා තියෙන්න ඇරියා. (මාරයත් ලොකු ප්‍රතිචාරයක් දක්වපු එකේ සහ මාරයා සාමාන්‍යයෙන් ඕය මට්ටමේ ඒවයින් එච්චර නොසැලෙන බව සිතන නිසා)

      අර මී කතුරු කතාවනම් සාධාරණ නෑ සහෝ. ඇත්තටම මේ පෝස්ට් එකෙන් යම් පිරිසක් ඉලක්ක වුන බව පිලිගන්නවා. නමුත් යමෙකුට රිදවා ආතල්එකක් ගැනීමේ අරමුණක් නම් තිබුණේ නැහැ. මොකද ඒවගේ දෙයකින් මට හෝ කියවන්නාට ඇති යහපතක් නැති නිසා.

      Delete
    18. //මට නම් හිතෙන්නේ චාර්මියා මී කතුරක් අටවලා තිබ්බා. මාරයියා චීස් කෑල්ලට පෙරේතකමේ ගිහින් ඒකට අහුවුණා. හොඳට බලන්න අර පෙරමුණේ රාළ අහුවුණේ නැහැ නේද? මොකද උන්දෑට මොළේ තියෙනවා. ඔයාට වගේ නෙවෙයි.//

      කවදහරි මී කතුරක් ඇටෙව්වොත් පෙරමුණේට මිසක් මාරයට නම් නෙමෙයි.... මාරයත් එක්ක බලද්දි පෙරමුණේ ගල් ආඳා :)

      Delete
    19. //මාරයා සාමාන්‍යයෙන් ඕය මට්ටමේ ඒවයින් එච්චර නොසැලෙන බව සිතන නිසා//

      අනේ බං මං සැලුනා..ටිකක් නෙවෙයි හොඳටම සැලුනා... පුදුම බියක් ඇති උනේ... මං කල්පනා කලා බ්ලොග් එක වහලා හැංගෙන්නත්... නැත්තං හැක් උනා කියලාවත් මොකක් හරි සෙප්පඩ විජ්ජාවක් කොරන්න... මට හිතාගන්නත් බැහැ මේ මොකද උනේ කියලා..හයියෝ‍‍‍... :D :D :D

      කොටින්ම වෙනම බ්ලොග් පටන් අරගෙන නෙලාගෙන යද්දිත් මට මේතරං බියක් ඇති වෙලා නැහැ... හයියූ...

      -----------------------

      ඇනෝලට මං උත්තර බඳින්න යන්නේ නැහැ බං මටම හිතුනොත් මිසක්... ඇනෝලා කියන්නෙත් අමුතු එවුන් නෙවෙයිනේ... ඔය උඹලට අපිට වගේම ‍බ්ලොගර් ප්‍රොෆයිල් තියෙන මේ අපි එක්කම බ්ලොග් ලියන උන්මනේ... තමුන්ගේ රෙද්ද බේරගෙන අනුන්ගේ රෙදි හෝදන්න ඕන උනාම ඇඳගන්න චීත්තේ තමා "ඇනෝ" ‍‍... චීත්ත කෑලිවලට උත්තර බැඳ බැඳ ඉන්න උවමනාවක් නැහැ.. ඒත් මේක උඹේ පෝස්ට් එකට මුලින්ම දාලා තිබුන කමෙන්ට් එකනේ... උඹේ හිට් ටික හරි නග්ගලා දෙන්න ඇහැකිනේ ඕකට උත්තරයක් දුන්නම... අපේ සමහර උන් උන්ගේම පෝස්ට් එකේ පලවෙනි කොමෙන්ට් එක උන්ම ඇවිත් ඇනෝ දානවා කාව හරි වලියට අවුස්සලා අරං පෝස්ට් එක ටිකක් නග්ගලා ගන්න...(උඹ එහෙම කලා කියලා කිව්වා නෙවෙයි වරද්දලා අල්ල ගන්න එපා) එහෙම එකේ මෙච්චර හොඳ කමෙන්ට් එකක් මුලට ආවම පෝස්ට් එකට අනුග්‍රයක් වශයෙන්වත් ඒකට උත්තරයක් නොලියා කොහොමද..? කරුමෙට මං ටිකක් පරක්කු උනා ඊයේ මල්ලිගේ කොලුවගේ මොට්ටසෝරි උත්සවේක පොටෝ අල්ලන්න ගිහිං.. නැත්තං මුලදිම මං උඹට වෙඩි නූල පත්තු කොරලා දෙනවා... :D

      (ඔන්න දැන් ආයේ මුල ඉඳන් කට්ටිය ආයේ පටන් ගන්නවා මෙතන නෙලන්න.. කොහේද උඹ අර කැරකෙන පොල්ලක් හයි කරං නැහැනේ ගැන ගැන ඉන්නවත්...හා මං ගියාවේ...)

      Delete
    20. @charmi
      උඹ රෙද්ද උස්සගෙන කෑ ගැහුවට ලාමකයි බන්.. චූටි ඇමක් දාල ලොකු මාලු අල්ලන හැටි උඹ තාම දන්නේ නැහැ..
      අපි වගේ ඇනෝලගෙන්වත් ඉගෙන ගනින්.. :P

      Delete
    21. අපේ පැත්තෙත් ඉන්නවා ඇන්ටන් කියල මිනිහෙක්. මළ පොතේ අකුරක් බෑ. පවුලක් පන්සලක් නෑ. ඔය කුලී වැඩක් කරලා එදාවේල හොයා ගන්නේ. කීයක් හම්බවුණත් ඒක එදාම වියදම් කරනවා. මොනවටද මන්දා. ඊළඟ දවසෙ එදා වියදම් හොයා ගන්නවා.

      මහ බැංකුවට කොටි ගහපු දවසේ හැමෝම වටවෙලා ටී. වී. රේඩියෝ වටේ. කලබලේ කියන්න ඕනෑ නැහැනේ. ඇන්ටනි විතරක් කිසිම කලබලයක් නැතුව දවසේ වැඩ ටික කරලා හවස කුලියත් අරගෙන ගියා. පොඩ්ඩක් වත් සැලුනේ නැහැ. අන්න නොසැලෙන මිනිස්සු.

      අර මාරයියා සැලුනේ නැහැ කියන කතාව ඇහුනාම මතක් වුණේ.

      Delete
    22. /කවදහරි මී කතුරක් ඇටෙව්වොත් පෙරමුණේට මිසක් මාරයට නම් නෙමෙයි.... මාරයත් එක්ක බලද්දි පෙරමුණේ ගල් ආඳා :)/

      අපිත් දවසක මීයෙක් අල්ල ගන්න මී කතුරක් අටවලා තියලා, හූනෙක් අහුවෙලා තිබුණා. පව් හූනා. මීය කරවල කෑල්ල අරගෙන යන්න ඇති.

      Delete
    23. අර මාලන් සැරයක් කිවා වගේ මාරයා කියන්නේ හොඳ දර්ශකයක්. දැන් මාරයා මේ උත්තරේ නුදුන්න නම් අපි දන්නවද මේ ප්‍රශ්නෙදි අපේ රටේ බත් කන හරක් හිතන්නෙ කොහොමද කියලා? මාරයාට ගානක් දීලා හරි බ්ලොග් අවකාශයේම නතර කර ගන්න වටිනවා.

      Delete
    24. [භූමියේ මුලින් හිටියේ පලස්තීනකාරයෝ. ඊශ්‍රාලය බිහි වුණේ දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ. ]

      අනේ මන්ද, බොලල්ල ඩතිහාසෙ දන්නෙ නැද්ද කියල. ඊශ්‍රායල් මිනිස්සුන්ට අවුරුදු 4000ක් විතර ඉතිහාසයක් තියේ. පරණ තෙස්තමේන්තුවේ කියන්නේ.

      Delete
  2. වෙන්ඩ කමෙන්ට් එකක්:
    තොපිට හම්බයෝ මැරෙනකොට හෙණ අමරුව නේද..? මෙච්චර සිංහල මිනිස්සු මැරුණා කෝ උඹ දුක් වුනා අනේ තොපිටත් ඉර පායනවනේ.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටහන්, මට අමතක වුනා අපේ දේශප්‍රේමීන්™ ටික සපොර්ට් පලස්තීනෙට නේද..? [එතකොට පලස්තීනේ ඉන්නේ හමබයෝ නෙමෙයිද කියලා අහන්ඩ ඔට්ටු නෑ හරිය]

      වෙන්ඩ කමෙන්ට් එකක්:
      අනේ යකෝ, කෝ මේ අපේ රට මානුෂික මෙහෙයුම් කරද්දි මානව හිමිකම් කැඩෙනවයි කියලා මැරෙන්ඩ හදපු බටහිර රටවල්..? කටේ පිට්ටු හිරවෙලාද..? චාමි තොපිත් කෑගැහුවේ අපෙන් මානව හිමිකම් කැඩෙනවය අහිංසක මිනිස්සු මැරෙනවය අරකය මේකය කියලා. අනේ තොපිටත් ඉර පායනවනේ බොලවු.

      Delete
    2. ""ගාසා ප්‍රහාරයට අදාල නොවන පින්තූර කිහිපයක්ද අතපසුවීමකින් මෙහි පලවී ඇති බව මිතුරන් කීප දෙනෙක් දන්වා සිටියා. දැන් ඕවා හදන්නට වෙලාවක් නැති බැවින් නිවැරදි පින්තූර තෝරා ඒවාට පමණක් කණගාටුවන මෙන් කාරුණිකව ඉල්ලමි""

      තවත් වෙන්ඩ කමෙන්ට් එකක්:
      අනේ යකෝ, දැන් තෝ මෙතන කියන්නේ ගාසා තිරේ මැරෙන්නෙත් මිනිස්සු උතුරේ මැරුණෙත් මිනිස්සු. ඒ නිසා දෙකම වැරදියි, දෙකටම දුක් වෙන්ඩ ඕනෙයි කියලද..? යකෝ රෙදි ඇදන් කඩේ පලයන්. දෙනවා කියලා ඔහොමත් පු* දෙන සිරිතක් තියෙනවද..? අනේ තොපිටත් ඉර පායනවනේ බොලවු.

      Delete
    3. තෝත් සුජීවය වගේ ගොන් ආතල් ගන්න පටන් ගත්තද.. ? කටයි පුකයි වහගෙන පැත්තකට වෙලා හිටු.. !!

      Delete
    4. http://www.gossiplankahotnews.com/2012/11/blog-post_9067.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+gossiplankahotnews%2FvPcK+%28++++++++++++++++Gossip+Lanka+Hot+News%29

      Delete
  3. තොපිට හම්බයෝ මැරෙනකොට හෙණ අමරුව නේද..? මෙච්චර සිංහල මිනිස්සු මැරුණා කෝ උඹ දුක් වුනා අනේ තොපිටත් ඉර පායනවනේ.

    ReplyDelete
  4. මං මගේ සත්‍ය අනන්‍යතාවයෙන් බ්ලොග් ලිවීම ගැන අද මං පසු තැවෙනවා. වත්මන් සිංහල බ්ලොග් පාඨකයා ලියපු දේට කලින් බලන්නෙ ලියපු එකා ගැන. විවේචනය කරද්දි කරන්නේ පෝස්ට් එක නෙවෙයි ලියපු එකාගේ පෞද්ගලිකත්වය. බංග්ලාදේශයේ පසුගිය වකවානුවේ සිදුවූ සිද්දීන් ගැන වැදගත් තොරතුරු නිසි මූලාශ්‍ර එක්කම මං හොයා බලලා පලකරන්න හිතලත් ආයි අත ඇරලා දැම්මේ මගේ ආගමික පසුබිම එක්ක මේවායේ වලංගු භාවය පැහැදිලිවම ප්‍රශ්ණකිරීම් වලට ලක්වෙන බව දන්න නිසායි.
    පලස්තීනය ගැනත් එහෙමයි. ප්‍රසිද්ධ ගොසිප් අඩවි වල 'තම්බි ටික මෙහෙමවත් හැඳි ගෑවිලා යන එක තරම් මට තව ආතල් එකක් නෑ' කියලා දාලා තියෙන කොමෙන්ට් කන්දරාව දැක්කම ඇත්තටම ඇතිවෙන්නේ ලොකු කලකිරීමක්. අපේ රටේ කෑල්ලක් කඩාගන්න උත්සහකරපු අපේ රටේම මිනිස්සු නිසා අවුරුදු 30ක් බෝම්බවලින් බැට කාපු, යුද්ධයෙන් අඳුරන කවුරුම හරි මිය ගියපු ඒ දුක දන්න රටක මිනිස්සුද මේ කියල හිතා ගන්න බැහැ. මේ දේවල් ගැන මං ලියන්නෙ නැත්තේ මේවා ලිව්වම මගේ රටේම මිනිස්සුන්ගේ ප්‍රතිචාර මට දරාගන්න බැරි හින්දා.

    මානව හිමිකම් ගැන,මාධ්‍ය අයිතීන් ගැන, තලේබාන්ලා මරන්න හදපු එක මලල්ලා කෙනෙක් ගැන දවස් ගනං ලයිව් අප්ඩේට් දීපු මාධ්‍ය දවස ගානේ මැරෙන මලල්ලලා සිය ගනනක් ගැන කතා නොකරන්නේ ඒ ජීවිත වටිනාකමින් අඩුනිසාද? පැහැදිලිවම ගතමන්ට් එක නිසා!

    ReplyDelete
    Replies
    1. මම නම් මේකට බනින්නේ සබිත්ටමයි.

      මින් කාලයකට ඉහත මාරයා විසින් අතිශය ජාතිවාදී පෝස්ට් එකක් කර තිබුණා බංග්ලාදේශයේ බෞද්ධයින් අන්ත අපා දුක් විඳන බවත් කොටින්ම අමු ගස්ලබු ගෙඩි පවා දිව්‍ය භෝජන වන තරමට ඔවුන්ගේ තත්ත්වය පහළ බවත්. ඊටම 'මහ වෙදනා' නැමැති පුද්ගලයා ජාතිවාදී කමෙන්ට් එකක් දමා තිබුණා. මගේ අවබෝධය අනුව මේ දෙදෙනාම ජාතිවාදී ලෙස හැසිරුණු අතර පෝස්ට් එකෙන් වගේම කමෙන්ට් එකෙන්ද කී කරුණු වැරදියි. දෙන්නාම කළේ අර ඇවිළෙන ගින්නට පිදුරු දමන්නා වගේ වැඩක්.

      මා ඒ අවස්ථාවේදී නිර්නාමිකව සබිත්ගෙන් ඉල්ලා සිටියා මේ කාරණා නිවැරදි කර පෝස්ට් එකක් දමන ලෙස. මා එසේ කළේ ඔහු සිටින්නේ බංග්ලාදේශයේ නිසා හා බංග්ලාදේශය කළුද සුදුද නොදන්නා පුද්ගලයින් අනුන්ගෙන් අසාගත් කාරණා මත කරන ව්කෘතිකිරීම් නිවැරදි කළ යුතු නිසා. නමුත් එහිදී සබිත් හැසිරුණේ මා වරදකරුවකු කරන්නටයි. නිවැරදි කරුණු ඉදිරිපත් කරනවාට වඩා මට පෙනී ගියේ ඔහුට වැදගත් වූයේ මාරයා හා මහ වෙදනා සමඟ පවත්වාගෙන යන සම්බන්ධය පළුදු නොකර ගැනීම.

      දැන් ඉතින් අඬලා වැඩක් නෑ. නැඟිටිය යුතු අවස්ථාවේ තමන් වෙනුවෙන් නොනැඟිටියාම එළුවත් රැවුල පානවා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. [edited]
      Anonymous - November 21, 2012 11:43 AM
      @Ano..
      නියම කතාව.. ඔය Sabith දාපු කමෙන්ට් එක අරන් බලපන්.. ඔකේ තියෙන්නේ
      මම.. මගේ.. මට ඕනේ .. මට බැහැ... මම මම මම.. ආත්මාර්ථය බේරෙනවා..
      උඹ කමෙන්ටුවෙන් කියන දේ ඌ මේකේ දාපු කමෙන්ටුවෙන් පේනවා..

      Delete
    4. නැහැ. මං ඔබව වරදකරුවෙක් ගානට කිසිලෙසකමවත් සැලකුවේවත් එහෙම හිතලා අදහස් ප්‍රකාශ කලේවත් නැහැ. ඇත්තටම මං ඔබට පිලිතුරු දුන්නා. හැබැයි පිලිතුරු දුන්නේ වැරදි තැනකදි.
      මටත් අදහස් ප්‍රකාශ කිරීමේ ලොකු අවශ්‍යතාවක් තිබුනත් ඒ කරුනු වල වලංගුභාවය පාඨකයා මොන විදිහට භාර ගනිවිද යන්න ගැන.අනික ආගම කියන දේ බ්ලොග් එක තුල පුලුවන් තරම් ඈතින් තියන්න ඕන කියන මතයේ මම හිටියේ!

      බ්ලොග් අවකාශයේ මං දන්නේ එක අතකින් ගනින්න පුලුවන් ගානටත් වඩා අඩුවෙන්.
      මාරයා සහ වෙදනා සමග කොමෙන්ට් එකකින් එහා ගිය කිසිම සම්බන්ධයක් මගේ නැහැ. අඩුගානෙ චැට් මැසේජ් එකක් වත් හුවමාරු වෙලා නැහැ මං දන්න තරමින්. ඒ නිසා එහෙමම රැකගන්න තරම් සම්බන්ධයක් මට නැහැ. ඒ වෙලාවෙ මට බංග්ලාදේශය ගැන 'පිලිගන්න අය පිලිගත්තාවේ' කියන මතයේ ඉදගෙන මොනා හරි ලියන්න තිබුනා.ඒ කතාව එක්ක ඔබත් සමග එකඟ වෙනවා.

      Delete
  5. ප්‍රාණ ගාතයන්ට අපි එකහෙළා විරුද්ධය.එය මිනිසුන්ද ගවයන්ද කියා වෙනසක් නැත.රාමසාන් උපවාසය අවසන් වන කාලයේ අහිංසක වසු පැටියන්ගේ රුධිරය ගලායන්නේත් මේ අකාරයට නොදෙවෙනිවය. මිනිසුන් සතුන්ට වඩා අමන නොවන්නේද ? සියළු දෙනාම දැනගත යුතු දෙයක් ඇත,අපි ඕනෑම ජාතියකට වන එදිරිවාදීකමකට විරුද්ධව පෙනී සිටින්නෙමු,නමුත් ශරියා මුසල්මානුවන් පෙනීසිටින්නේ උන්ගෙ ජාතිය වෙනුවෙන්ම පමණකි.

    ReplyDelete
  6. නිකං විහිලු කතා කියන්න එපා බං. තම්බි විතරක් නෙවෙයි හැම ජාතියක්ම එහෙමයි. තමිල්නාඩුවේ දෙමලුන් ලංකාවේ උන්ට කහින්නෙත් ඒක නිසයි.
    සිංහලයොත් එහෙමයි. අපි කවද්ද අනිත් ජාතියන් වෙනුවෙන් පෙනී හිටියේ? සිංහලයා ඇරෙන්න අනිත් ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් කවද්ද පෙනී හිටියේ? තම්බිටික පැත්තක දාමු. අපි 80දි දෙමලා වෙනුවෙන් පෙනී හිටියද? අද පෙනී ඉන්නවද?
    තාම සිංහල අපේ රට තීම් එකේ යන නිසාඅ සිංහල කතෝලිකයෝ ටික බේරිලා ඉන්නවා.. උනුත් හුරේ දානවා. තම්බි/දෙමල කඩ වලින් නොකා ඉදලා/ බඩු ගන්නෙ නැතුව ඉඳලා කන්න බොන්න නැතිවෙලා උන්ටික හැඳි ගෑවිලා ගිහිං නිකං හරි දවසක සිංහලයෝ ටික විතරක් ඉතිරි උනා කියලා හිතමු. (උපකල්පනය කරමු) එදාට ආයි වැඩ පටන් ගන්නේ සිංහල බවුද්දTM එකෙන්. ලබ්බට තියපු අත පුහුලට තියන්න ගත්තම තමයි කතෝලිකයටත් දුම් දාන්න ගන්නේ.
    අපි නොදන්න අපේ මනුස්ස ප්‍රේමේ! :D

    ReplyDelete
  7. බෝඩ් වලට යථාර්ථයට එබී බැලිය නොහැක...අපි ඕක හෙලා දැක්කා කියමු.. ඒත් මොකටද? කාටද දැනෙන්නෙ?
    මහරජතුමාගේ බල්ලා නැතිවුන විට සෙනග බොහෝ එනමුත් රජා මල විට සෙනග එන්නේ අඩුවෙනි... අපි කෙතරම් ඔය ගැන විරුද්ධ වුවත් ඒවා නැවතිය නොහැක...

    ලෝකයේ කොතන මුල්ලක හෝ දුක්පත් ජනතාව කිසිවෙක් නිසා තමන් දුක්පත් වූයේද නොදැක දිවි ගෙවති.. අමරිකානු මූලික මාධ්‍ය හා අවශ්‍යතා සපිරි අන්තර්ජාලය මගින් සරල ලෝක යථාර්ථයෙන් සියයට එකක්වත් නිරූපනය නොවේ..

    අමරිකානුවන්ගේ කෑම බීම හෝ චර්යා ගැන බොහෝ තොරතුරු ඇති අන්තර්ජාලය තුල ලෝකයේ සමස්ථ ජනයාගෙන් සියයට විසිහතක් සිටින දකුනු ආසියාව ගැන ඇත්තේ ස්වල්ප තොරතුරු ප්‍රමාණයකි..

    අපි වැනි රටවලදී අන්තර්ජාලය යනු විහිලු සපයන රූප පෙට්ටියක් පමණි... එතනින් එහාට ගිය සමාජ යථාර්ථයක් අන්තර්ජාලය තුල නිරෑපනය කිරීමට යෑම හෝ එවැන්නක් ඇතැයි සිතීම මුලාවකි..

    ReplyDelete
    Replies
    1. ඒක නිසාම නේද මේ වගේ පෝස්ට් එකක් හරි කෙමෙන්ට් එකක් හරි දාන්න ඕන. කවුරැ කියවනවද, දැනෙනවද කියන එක වැදගත් නෑ. පුළුවන් හැටියට අපේ අදහස සටහන් කර තැබිය යුතුයි.

      Delete
    2. /අමරිකානුවන්ගේ කෑම බීම හෝ චර්යා ගැන බොහෝ තොරතුරු ඇති අන්තර්ජාලය තුල ලෝකයේ සමස්ථ ජනයාගෙන් සියයට විසිහතක් සිටින දකුනු ආසියාව ගැන ඇත්තේ ස්වල්ප තොරතුරු ප්‍රමාණයකි../

      මාසෙට රුපියල් තුන්සීයටත් ඉන්ටර්නෙට් දීලා අරගෙන මොන මොනවා හරි කොටන්ඩ බැරි එවුන් ඉන්න රටේ අනුන්ට බනින්න එපා. ඇමෙරිකාව ගැන වැඩි විස්තර තියෙන්නෙ සුද්දෝ ලියන නිසා. අපි ගැන නැත්තේ අපි නොලියන නිසා. ඒච්චරයි. ඉතින් අපි ගැන තියෙන ටික වැඩි කර ගන්න ඕනැ නම් ලියපන්.

      Delete
  8. මේ සෑම මරණයක් වෙනුවෙන්ම කනගාටු වෙමු.චාමි@ මෙතනට වැරදීමකින් වත් පල්ලියගොඩැල්ලේ සමුහ ඝාතනයේ සහ අරන්තලාවේ භික්ෂු ඝාතනයේ පොටෝ ටිකක් එකතුවෙන්න ඉඩ තිබුනා නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. ප්‍රභාකරන්ගේත්.. ඔසාම බින් ලාඩන්ගේත්.. ඔබවිසින් මරාදමන මදුරුවන්ගේත්.. ඔබ ආහාර පාන ගනිද්දී විනාශ වන ක්ෂුද්‍රජීවීන්ගේත් සියලු මරණ වෙනුවෙන් කණගාටුවන්න..
      අඩුම තරමින් ඔබට යම් මරණ ප්‍රමාණයක් වලක්වාගැනීමට හැකිය.. සියලු බඩු මිලදී ගැනීමෙන් ඍජුව සහ වක්‍රාකාරයෙන් ඝාතන සිදු කරන පිරිස් වලටත්, අවි ආයුධ නිෂ්පාදනය කරන්නන්ටත් බදු මුදල් හරහා මුදල් ගලායාම වලක්වන්න..මදුරුවන් තැලීමෙනුත් .. අහාර පාන ගැනීමෙනුත් වැළකී සිටීමද මම යෝජනා කර සිටිමි..

      Delete
    2. ඒ තරම් අන්තවාදී වෙන්න ඕන නැහැ.

      Delete
    3. අන්තවාධි නොවී සිටින්නේනම්.. මධ්‍යස්තයක සිටීමට කැමතිනම්.. අන්ත දෙකේම දේ යම් ප්‍රමාණයක් අත හැරීමට ඔබට සිදුවනු ඇත..
      එම අත හැරෙන ප්‍රමාණයට ""පල්ලියගොඩැල්ලේ සමුහ ඝාතනයේ සහ අරන්තලාවේ භික්ෂු ඝාතනයේ පොටෝ ටික"" ඇතුළු කරන මෙන් මම යෝජනා කර සිටිමි..

      Delete
    4. යෝජනාව සාධාරණය. එහෙත් මගේ අභිප්‍රායට නොගැලපේ. මෙම ප්‍රශ්නය මීට සුළු මොහොතකට කලින් වත්පොතේදී ඇසූ මිතුරෙකුට දුන් පිළිතුර මෙතනට දමමි.
      //උඹ හරි මචං. අන්තිමට තිබ්බ තත්වේ හැටියට ගහලා ඉවර කරනවට වඩා විකල්පයක් තිබුණේ නෑ.
      සමහර වැඩ අසික්කිත උනත් කරන්න වෙනවමනම් අපි කරනවනේ. මමත් එහෙමයි. නමුත් අපි කල වැඩේ අසික්කිතයි කියන එක අපිට දැනෙන්න ඕනෙ මචං. ඒ ගැන පශ්චාත්තාපයක් තියෙන්න ඕනෙ. නැතිනම් අසික්කිත වැඩේ අපිටම ශික්ෂිත වෙලා දිගටම යනවා. අද අපේ රටට වෙලා තියෙන්නෙ ඒක. මට කොක්ක තියෙන්නෙ අන්න එතනයි.//

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ඔතන තියෙන්නේ ළොකු ප්‍රශ්ණයක්, මේ සැරේනම් ඉස්සෙල්ලම ගැහුවේ ඊශ්‍රායලයෙන් කියලයි කියන්නේ, එත ඔය ගාසා තීරුව කියන්නෙ රැඳවුම් කඳවුරක්. පලස්තීනේට අයිති වෙනමම තියෙන පොඩි කෑල්ලක්. (සිතියමක් බලන්න ඕකේ බලය තියෙන්නෙ හමාස් සංවිධානෙට. කස්ටිය ඉස්සර ටෙරාලා, වෙනම කිට් එකක් එහෙම තිබුනා. ඒත් ඡන්දෙන් දිනුවයින් පස්සේ දැන් ඉන්නේ සිවිල් අය තරෙමයි. උන් සාමාන්‍ය ජනතාව ඉන්න ගෙවල් වල ඉඳගෙන අරුන්ට අහස් ගුන්ඩු වගේ රොකට් ගහනවා (මේ පාර නම් ඉරානේ හදපු ඒවත් තිබුනලූ) එතකොට ඔන්න අරුන්ගේ එකෙක් මැරෙනවා උන්ගේ මෙතඩ් එක ඇමරිකානූ මෙතඩ් එක ඒ කියන්නේ අපේ එකට තොපේ සීයයි. අරුන් හරියටම බලලා රොකට් එක ගහන තැනටම ගහනවා.

    වැඩේ හරි. ඔන්න පොඩි උන් මැරෙණවා. අරුන් මැරිච්ච පොඩි උන් උස්සගෙන "අල්ලාහූ අක්බාර්" කියනවා. අරුන් "බරු කෂෙම්" කියලා මුන් ගහන ඒවලින් බේරෙන්න බංකරේට රිංගනවා. එතකොට උන් මැරෙන්නේ නැද්ද..? නෑ උනුත් මැරෙනවා. ඒත් උන් මිනී විකුනගෙන කන්නෙ නෑ. උන් ශිෂ්ඨ සම්පන්නයි. ඒ වගේ නෙමෙයි අරුන් මිණී විකුනන් කනවා. විශේෂයෙන් පොඩි උන්ගේ. අපේ තම්බි මරමු, දෙමළු මරමු සංවිධාන වල උනුයි. පිරිසිඳු සිංහල බෞද්ධයොයි ඔක්කෝටම මාර දුකයි. එතකොට තම්බි මතකත් නෑ. ඇයි ඇමරිකාව සපෝට් රටක්නේ අරුන්. ඉතින් අපිටත් කියනවා ශෙයාර් කරන්නකො අනේ ලයික් එකක් දාන්නකො කියලා. ඉතින් අපිත් පොඩි උන් මැරෙන එකට ලයික් එකක් දානවා.

    ඔන්න ළොකෙම අඬනවා අර පලස්තීනේ පොඩි උන් මරණවා තොපිට පේන්නේ නැද්ද යකෝ කියලා. CNN, BBC, Sky, Fox Al-Jaseera එකෙන් ළෝකෙටම නිව්ස් එක දෙනවා. ටෝක් ශෝ වල ය ඊශ්‍රායල කාරයා කොරවෙන්න ප්‍රශ්ණ කරණවා. ඊට පස්සෙ ඇමරිකාවේ ෆොරින් සෙකට්‍රි එනවා ඔක්කෝම නවත්තලා. කට්ටිය ඊජිප්තුවේ කතා කරලා අතට අත දීලා ගේම නවත්තනවා. ඕන් වැඩේ ඉවරයි. පලස්තීනෙට එපා කියන්න ආදායම එනවා. කස්ටියට සෑහෙන කාළෙකට ඇති. පොඩ්ඩක් හිඟන්නොන්ටත් දෙනවා. වැඩි හරියක් ලොක්කෝ කනවා. ඊශ්‍රායල් කාරයා ළෝකෙට කියනවා අඩෝ දැක්ක නේද අපිට ගැහුවොත් වෙනදේ කියලා. වැඩේ සෙටල්..

    ඔහොම කාලයක් යනවා. ගාසා එකේ පොඩි එකෙක් ඊශ්‍රායල් පැත්තට හරවලා තියෙන අහස් ගුන්ඩුවකට ගිනි තියනවා. ඕන් ආයෙත් ගේම. අරුන් පොඩි උන්ගෙ බොඩි විකුණන් කනවා. අපේ උන් බුකියෙ දාගෙන අඬනවා.. මේ ළෝකේ තියෙනකන්ම ඕක යයි.

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ කමෙන්ට් එක වාක්‍ය හතරකින් කියන්නේ නම්:

      ගෝත්‍රික සටනකි. ගෝත්‍රික සටනකදී පැත්තක් ගැනීමේ තේරුමක් නොවේ. මන්ද පැති දෙක අතර වෙනස ඩෙල්ටා ප්‍රමාණයක් වත් නැති නිසාය. අනෙක අපි ඇඬුවාය කියා මේ කිසිවක් වෙනස් නොවේ. ඉතින් අපට පාන්යැ!

      Delete
    2. ඇඩෙනවා.ඔය කියලා තියෙන්නේ ලෙසටම.ඕක තමඊ වෙන්නේ මාතලං.අපි බොරුවට අපේ කුහකකන් පෙන්නනවා.

      Delete
    3. කිසිම පදනමක් නැති මනඃකල්පිත කතාවක්. ඊශ්‍රායලයට එල්ල කරපු ප්‍රහාර වලින් මැරිලා තියෙන්නේ තවම තුන් දෙනයි. පලස්තීනය පැත්තෙන් හානිය ඊට දහ පහලොස් ගුනයකට වඩා වැඩියි. වෙලා තියෙන්නෙ ඊශ්‍රායලයට විකුනං කන්න තරම් මිනී නෑ. පලස්තීන් උන් විකුනං කන්නේ මිනී නම් ඊශ්‍රායලයයි ඇමරිකන් කාරයොයි පන පිටින් ඉන්න උන්වත් විකුනනවා. දැක්කනේ මලල්ලාව අල්ල්ගෙන ගෙනියපු ගේම. ඔබ තුමාත් බැහැලා වැඩකරනවනේ නොබෙල් පට්ටම අර්ං දෙන්න.. ඔබ වැදගත් පරිනත බ්ලොග් කරුවෙක්. මේවගේ වගකීම් රහිත පදනම් රහිත කතා කියලා ඔබටම හානි කරගන්න එපා.

      Delete
    4. මම නම් තාම මළ මිනී ගණන් කළේ නැහැ. නමුත් ඊශ්‍රාලයේ මැරුණු ගණන අඩුයි කියන්නේ ඊශ්‍රාලයට කරන ප්‍රහාර අඩුයි කියන එක නෙවෙයි. පලස්තීනයට නැති මිසයිල ප්‍රහාරක උපකරණ ඊශ්‍රාලයට තියෙනවා. ඉතින් මුන් යවන ඒවත් පත්තු වෙන්නේ උන්ගේ අතේමයි. ඒක විය හැකියි පලස්තීනයේ වැඩි මරණ සංඛ්‍යාවට හේතුව. එහෙම නැතුව ගහන එක අඩු නිසා නෙවෙයි. (ඊශ්‍රාලයේ සැඟවෙන්නට අවශ්‍ය තරම් බංකරුත් ඇති.)

      Delete
    5. @ AnonymousNovember 21, 2012 2:56 PM

      සහෝ...., ඔයාට පහල ඇනෝ උත්තරයක් දීලා තියෙනවා. ඊශ්‍රායලය කියන්නේ ස්ව ශක්තියෙන් දියුණුවූ ළෝකයේ තියෙන බලවත්ම රාජ්‍යයක්, එකත් එක්ක හැප්පෙනවා කියන්නෙ, අපි ඇමරිකාවත් එක්ක හැප්පෙනවා වගේ දෙයක්. මම ඒකෙන් ඒක සාධාරනීයකරනවා නෙමෙයි. අපි ඇත්ත ළෝකයේ ජීවත් වෙන්න ඕන. ඇත්ත නම්, කවදාවත් ත්‍රස්තවාදය ජයගන්නෙ නෑ කියන එක. ඔබ තීරනය කළ යුත්තේ අපි ඉන්නේ ත්‍රස්තවාදීන් සමගද ළෝකයත් එක්කද කියන එක. පොඩි උන් මැරෙණ එක ඇත්තටම දුකක්. ඊටත් වඩා පොඩි උන් මරණ එක ඊට වඩා දුකක්.

      Delete
  11. මේ කමෙන්ට් කියවද්දි මට හිතුනෙ අපි කොයි තරම් වර්ගවාදී මඩ ගොහොරැවක එරිලද කියල.
    ඇයි අපට මනුෂ්‍යන්ගෙ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී හිටින්න බැරිද? මියගිය පලස්තීනුවන් වෙනුවෙන් විතරක් නෙවේ ඊශ්‍රායල්කාරයො වගේම මලාලා වෙනුවෙනුත් අපට පෙනීහිටින්න පුළුවන්.

    ReplyDelete
  12. අය්යෝ හම්බයෝ ..කියන්න දේවල්නම් එමටයි එත් නොකිය ඉමු ..

    ReplyDelete
  13. තවත් පොටෝ ටිකක් මග ඇරිලා. එව්ව දාන්ඩ තරම් චාමිගෙ කොන්ද හයිය නෑ කියල දන්නව

    ReplyDelete
    Replies
    1. මගහැරපුවා සිය ගානක් තියෙනවා.

      ඔබතුමා ඔය කියන්නෙ මෙතන තියෙන සේරම අපිට රිදෙන ඒවා. අපි සංවේදී වුන එව්වත් දාපන් කියලනේ. එතකොට මේක බැලන්ස්... ඒ කියන්නෙ දෙතුන්පැත්තෙ ඕනෙ කෙනෙකුට මේක බලලා නියම පෝස්ට්එක කියලා යන්න පුලුවන්.
      ඉතින් ඕකට මොකටද මං පෝස්ට් එකක් දාන්නේ? ගූගල් සර්ච් එකක් කලානං ඔය හැම පැත්තෙම පොටෝ එකගොඩේ එයිනේ.

      Delete
    2. එහෙනං ඉතින් අනික් ඔක්කොමත් ගූගල් එකේ තියෙනවනෙ. මොන මගුලකට මෙතෙන්ට දැම්මයි? ද්හන එකෙන් පේන්නේ පාර්සවික සංවේදී බාවය. නැත්නය ණයට කහින්නේ කොයි කට්ටියටද කියන වග.

      Delete
    3. 'පාර්ශ්වික සංවේදී භාවය' කිව්වට කමක් නෑ. මොකද ඒක තීරණය කලයුත්තේ තමුන්නැහෙලා නිසා. මම ගැන මට එහෙම සහතික දෙන්ඩ බෑනෙ.

      ගූගල් එකේ පොටෝ තිබ්බට ඒවා බ්ලොග් පෝස්ට් වෙන්නෙ නෑනෙ රාලෙ. මම කරල තියෙන්නෙ 'ගූගල් සර්ච් රිසල්ට්' කියන මහා දර්ශන තලයෙන් මට අවශ්‍ය පොඩි කෑල්ලක් කපල පෙන්නන එක. ඒකෙ අර මහා දර්ශණතලයෙ තියෙන සේරම දේවල් නැති හින්දා තමයි ගූගල්සර්ච් රිසල්ට් එකක නැති අර්ථයක් මේකට එන්නෙ. ඉතින් අහවල් දේ මේකෙ නෑනෙ කියල චෝදනා කරන එකේ තේරුමක් නෑ. මට කියන්න ඕනෙ දේට අදාල නැති දේවල් මේකෙ නැහැ.

      Delete
    4. @Peramunerala
      බබා මේ රූප ටික මෙතන දාල තියෙන්නේ මේ රූප බලලා ඔයාගේ හිත නිවා ගන්න. ඔයා වගේ අයගේ බලවත් ඉල්ලීම පිට, මහා රජුගේ පින් බලයෙන් දිවියලෝකේ යවපු 40000 විතර දෙමල මිනිස්සු දිවියලෝකේ ගිය අපුරුව දැකල පහන් සිත් උපුදුවා ගන්න. හරියට අර සිත නිවන කථා වගේ.

      Delete
    5. [ගූගල් එකේ පොටෝ තිබ්බට ඒවා බ්ලොග් පෝස්ට් වෙන්නෙ නෑනෙ රාලෙ. මම කරල තියෙන්නෙ 'ගූගල් සර්ච් රිසල්ට්' කියන මහා දර්ශන තලයෙන් මට අවශ්‍ය පොඩි කෑල්ලක් කපල පෙන්නන එක. ඒකෙ අර මහා දර්ශණතලයෙ තියෙන සේරම දේවල් නැති හින්දා තමයි ගූගල්සර්ච් රිසල්ට් එකක නැති අර්ථයක් මේකට එන්නෙ. ඉතින් අහවල් දේ මේකෙ නෑනෙ කියල චෝදනා කරන එකේ තේරුමක් නෑ. මට කියන්න ඕනෙ දේට අදාල නැති දේවල් මේකෙ නැහැ.]

      බඩුම තමා!

      Delete
    6. @Anonymous උන්නැහේට

      [ඔයා වගේ අයගේ බලවත් ඉල්ලීම පිට, මහා රජුගේ පින් බලයෙන් දිවියලෝකේ යවපු 40000 විතර දෙමල මිනිස්සු]

      දැන් පොන්සේකා උන්නැහේ කියනවනෙ යුද්දෙ කොලේ උන්නැහේ කියල. මේ විසංවාදේ විසදන්ඩකො.

      Delete

    7. කොන්ද පන නැති කම නිසා චාර්මිට මග හැරුණු පොටෝ,
      මහරජු විධායකය ටක්කෙටම අහෝසි කරන බවට දිවුරා ජෙප්පන්ට කොල කැල්ලක් දුන් වෙලාවේ ගත් පොටෝ එක.
      ප්‍රභාකරන්ට සම්බුව දුන් වෙලේ ෆොන්සේකා බදාගෙන ගත් ෆොටෝඑක.
      රජාට තුනෙන් දෙකක් දීපු වෙලාවේ 'මහජනයාගේ' එකකිරි පොටෝඑක.
      රජා දිගටම ඉන්න විවස්ථාව වෙනස් කරපු වෙලේ රනිල්ගේ පොටෝඑක.
      ලසන්තගේ , ප්‍රදීප් ගේ, පොද්දල ජයන්තගේ පොටෝ එක
      කටුනායක අරගලයේදී මියගිය සගයාගේ ෆොටෝ එක
      වැලිකඩ මරපු ෆොටෝටික........etc
      අඩේ චමියා ඇත්ත නේන්නම් උබ ඕන කරන ඒවා දල නැනේ

      Delete
    8. @Peramunerala
      අනේ ඔය කලවැද්දෝ කියන ඒවා කවුරු ගණන් ගනීද? සේනාධි නායකයා නොවැ පොර! අනේ ඉතින් මේවා අපිනම් කියන ඒවා නෙමෙයි ඒදවස්වල නලින්ද සිල්වා මහා ඇදුරු තුමා චතුස් කොටිකෙන් බලල නොවැ කිවුවේ .

      Delete
    9. @Peramunerala
      බඩුම තමා! එක තාම නේද! 40000 කට විතර බඩුම තමා! තමා, දැන් කොහොමද නින්ද යනවද?

      Delete
  14. ඔය ඊශ්‍රායෙල් පලස්තින ප්‍රශ්නය කියන්නේ හුඟාක් පරණ ප්‍රශ්නයක්. ආගමික ලියවිල්ලක් පදනම් කරගෙන රටක් බෙදන්න ගිහින් හදා ගත්ත කැදහැලියකට වන්දි ගෙවිමක්. මං හිතන විදිහට මේ රටවල් දෙක අතර තියෙන්නේ කුරුස යුද්ධයේ දිගුවක් විතරයි.

    මං කියවලා තියෙන හැටියට ඉස්ලාම් හා කතෝලික කියන්නේ එකම මුලකින් පටන් ගත ්පුරුක් දෙකක් මිස ස්වාධින විච්‍යයන් දෙකක් නොවේ. ඒක එහෙම උනත් හැම තැනම යුද්ධ නිසා මිනිස්සු ටිකකුත් ගහකොළ සතුන් ටිකකුත් විනාශ වෙනවා. සමහර යුද්ධ නිසා නැති වෙන්නේ සම්පුර්ණ ඉතිහාසයමයි. මෙතනත් යුද්ධයක් වගේ. අපි කවුරුත් දන්නේ නෑ අපේ මේ බිම් මුලින්ම අයිති වෙලා තිබ්බේ කාටද කියලා. ලංකාවට අනුව අපිට කියන්න බෑ දැන් ඉන්න ඉඩ ටික අයිතිත් අපට කියලා. අද යෝජනාව එන්නේ වැලිකඩ අහක් කරන්න කවුද දන්නේ හෙට කියාවි බොරැල්ලේ කනත්ත තියෙන්නෙත් වැඩක් නැතිව කියලා.

    මං කියන්නේ මිනිස්සු කවුරු උනත් මැරෙන්නේ අපරාදේ. මගේ වර්ගයේ නොවි මගේ ජාතියට වදයක් වෙච්ච ප්‍රභාකරන් පවා මැරුණේ කෙහෙල්මල් යුද්ධයක් කරන්න ගිහින්. මිනිහා යුද්ධ නොකලා නම් තමන්ගේ දරු පවුලත් එක්ක තාම ඉන්න තිබ්බා. ප්‍රභාකරන් මලා. එහේ ඊලම ඉල්ලන්න කියලා කෑ මොර දිපු උන් දිවි නසා ගත්තේ නෑ. බින් ලාඩන් මලා.. සදාම් හුසේන්, ගඩාෆි මලා. කාටද දැන් අහිමි උනේ? කාටද දුක. ඒ මිනිස්සු අයිති පවුල්වල අය තවමත් තැවෙනවා ඇති.

    මං මේ බණ කිව්වට මොකද යුද්දේ කියන්නේ ලෝක දේශපාලනයේ තවත් අවශ්‍යතාවයක්. අපි සාමාන්‍ය මිනිස්සු යුද්ධ කරන තාලෙට නොවෙයි මහ මිනිස්සු යුද්ධ පවත්වන් යන්නේ. අරාබිකාරයින්ගේ ගෙට පැනලා ගහද්දි උන් නැඟිටින්නැත්තේ ඇයි... ඒ තමන්ගේ කමට වඩා දේශපාලනේ ලොකු හංදා කියලා මට හිතෙනවා. ඇමරිකන්කාරයා ගහනවා නම් ඒ තෙල් වලට නම් සමාජවාදි රුසියන්කාරයා ඕකට පැනලා වෝරසොවෙන් දෙන්නැත්තේ ඇයි... ඒක තමන්ගේ ආගම ගැන ප්‍රශ්නයක් හංදා කියලාත් මට හිතෙනවා.

    අපි මේකට මේ ලිව්ව කතුවරයාට බනින්නේ ඇයි. ඇමරිකාවට රුසියාවට අරාබිකරයට ඊශ්‍රායලයට ඔය වගේ හැම රටකටම පුළුවන් නම් අඩුම ගානේ අපිට අපි වෙනුවෙන් පෙනි හිටිනවා නම් ඒ මනුස්සයා එයාගේ මතය වෙනුවෙන් යමක් එයාගේම තැනක ලියා ගත්තම තවත් අයට මොකද?

    අන්තිමේදි මං මේ කියන්නේ අපි මිනිස්සු හරිය; මානව නිදහසට අත නොතබනු කියලායි.

    ReplyDelete
  15. මේ පෝස්ට් එක ගැන මට සීරියස් විවේචනයක් තියෙනවා. මං ඒකට එකඟ නොවෙනවා නෙවෙයි. නමුත් මේක එන්න තිබුණේ පසුව. මුලින් කළ යුතුව තිබුණේ ලංකාව ගාවා නොගෙන බ්ලොග් අවකාශයේ ජාතිවාදීන් ගන්නේ මොන පාර්ශ්වයද කියා බැලීම. ඊට පසු පෝස්ට් එකකින් මෙතැනට එන්න තිබුණා. දැන් ඔබ මේ කළ දෙයින් මෝඩයින් (මාරයා) පමණක් දැලේ වැටෙනකොට ඊට වඩා පොඩ්ඩක් මොළේ තියෙන උන් (පෙරමුණේ රාළ) ආඳන් වගේ පැන යනවා පේනවා නේද?

    ReplyDelete
  16. ඉන්ද්‍රජිත්November 22, 2012 at 8:42 AM

    "අන්තිමට තිබ්බ තත්වේ හැටියට ගහලා ඉවර කරනවට වඩා විකල්පයක් තිබුණේ නෑ.
    සමහර වැඩ අසික්කිත උනත් කරන්න වෙනවමනම් අපි කරනවනේ. මමත් එහෙමයි. නමුත් අපි කල වැඩේ අසික්කිතයි කියන එක අපිට දැනෙන්න ඕනෙ මචං. ඒ ගැන පශ්චාත්තාපයක් තියෙන්න ඕනෙ. නැතිනම් අසික්කිත වැඩේ අපිටම ශික්ෂිත වෙලා දිගටම යනවා. "

    චාමිට මගේ සැලියුට් එක ඔය ටික ලියන්න තිබුන ධෛර්යය ගැන.! අපේ බොහොමයක් මධ්‍යස්ත බ්ලොග් කරුවන් යුද්ධය ගැන කතා කරත්දී ප්‍රභාකරන්ව සියයට සියයක් සාධාරණ කරන්න හදන්නේ හරියට නියම රෙජීම විරෝධියෙක් යන සහතිකය ලැබීමට නම් මහින්දගේ ලොකුම ප්‍රොජෙක්ට් එක වන යුද්ධය මුළුමනින්ම නිශේධනය කල යුතුයි කියලා අවංකවම ස්වයං නිගමනයක ඉඳන් වගේ.
    ඔයා කියන තැන ඉඳන් තමයි ඉතිහාස පොතේ ඉන්න දුටුගැමුණු රජතුමා ශ්‍රේෂ්ඨ වෙන්නත් දැන් ඉන්න ඩුප්ලිකේට් ගැමුණුලා එහෙම නොවෙන්නත් හේතුව තේරුම් ගත යුත්තේ. වන්දිභට්ටයන් අපට ලියා දී ඇති ඉතිහාසය තුල වුනත් පෙනෙන හැටියට දුටුගැමුණු රජතුමා 'අනුන්ගේ ජීවිත හානිය අවම කර ගැනීම උදෙසා අප දෙදෙනාගේ ජීවිත අවදානමට පත් කරමු..' යන යෝජනාව ප්‍රතිවාදියාගෙන් ලැබුන මොහොතේ එය පිළිඅරන් තමාම ඉදිරිපත් වුනා. යුද්ධය දිනලා ඉවර වුණායින් පස්සේ 'මා අතින් මිනිස් ජීවිත සංහාරයක් වුනා නේද' යන පසුතැවිල්ල ජීවිත කාලය තුලම ඔහු තුල බලපෑවා. මේ අසීරු කටයුත්ත ඉටු කිරීමට හිත හදාගැනීම පිණිස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ගැන කතාව යුද්ධයට පෙර භාවිතා කලාට ජයග්‍රහණයෙන් පසු එතුමා හෝ ගෝලයින් හෝ එය අලෙවි කරමින් සිටි බව ඉතිහාසයේ නැහැ. යුද්ධයට නායකත්වය දුන් දසමහ යෝධයින් පවා එය අවසන් වූ පසු තමන් ඉස්සර කරමින් සිටි කටයුතු සොයා ආපසු ගියා මිස (පැවිදි බිමට, කුඹුරට, වැවු පිටියට හෝ තැබැරුමට ) යුධ ජයග්‍රහණය විකුණා කමින් දිවි ගෙවූ බව අසන්නට නැහැ. ගෝටයිම්බර මහාසෝනට ගහන්න කට්ටිය එක්ක ආව බව අහලා නැහැනේද?
    ඕක තමා එදා තිබුන පස්චාත් යුද වටපිටාවයි අද අපි ඉන්න තැනයි අතර වෙනස.. මෙන්න මේ ටික තමා වෙනස් කරන්න උත්සාහ යුතු හරිය වෙන්නේ. එහෙම නැතිව පූර්ණ යුධ විරෝධය නම් කරගහගෙන යා හැක්කේ ඇත්තටම ඒ වෙනුවෙන් කාගෙන් හරි දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙකුට විතරයි.

    ReplyDelete
    Replies
    1. දුටුගැමුණුගෙන් විතරක් නෙවෙයි ඔය හැසිරීම අශෝකගෙනුත් විද්‍යාමාන වුණා. ඒකනේ චණ්ඩාශෝක ධර්මාශෝක වුණේ. අපිත් ගෙදරට එන සර්පයින් මරනවා තමයි. නමුත් එම මරලාත් අපි ඒක ගැන කණගාටු වෙනවා. මහින්දලා ගෝඨාභයලා, වීරවංසලා, චම්පකලා කිසිම පශ්චතාපයක් නැතුව ඒ සර්පකුණ උඩ දමමින් ගෝත්‍රික නැටුමක් නැටීම.

      Delete
    2. සර්පයා ඇත්තටම මැරිලද?

      Delete
  17. අනේ මන් දන් නෑ. ඔක්කොටම කලින් වෙඩි තියන්න ඕන මේ අවිය කියන එක හොයාගත්ත එකාට සීනි දාලා වෙඩි තියන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඕකත් ඉතින් රාවණාම හොයාගත්තු එකක් වෙන්ඩෝනෙ :)

      Delete
  18. උඹට පිස්සු බං.. වහාම මොලේ චෙක් කරගනිං.. මට නම් එච්චරයි කියන්න තියෙන්නේ.. මාත් ලබන සතියේ චෙක් කරගන්නවා.. ඕනි නම් මාත් එක්ක යමන්..

    ReplyDelete
  19. කාලෙකට කලින් බෞද්ධ රටවල් වලට අද මොකද වෙලා තියන්නෙ. එව්වා අද ඔක්කොම මුස්ලිම් වෙලා. ක්‍රිස්තුභක්තිකයින්ගෙ මුල් තැනක් තමයි ජෙරුසෙලම. ජෙරුසලම වටෙටම මුස්ලිම් රටවල්. අද දරුවො මැරෙනවා, අහිංසක මිනිස්සු මැරෙනවා කිය කිය මුස්ලිම් මිනිස්සු අඬලා වැඩක් නැහැ. මෙව්වා එයාලා කලෙකට කලින් වගා කරගත්තුවා. මක්කම වටෙ වෙන ආගමක් , වෙන ජාතියක් නැහැ. ඇයි එ. මුස්ලිම් මිනිස්සු ලොකයෙ අනිත් ජාතින්ට කරපු දෙවල් හින්දා අද මුලු ලොකයම අනතුරෙ. අන්න ඊශ්‍රයිලයට මිසයිල වරුසවක් එවන්න සුදානමක් තියනවලු ලෙබනන් හිස්බුල්ලා ලොක්කා. නියමයි.

    ReplyDelete
  20. ඔබ කී පරිදි අදාළ ෆොටෝ පමණක් වෙනුවෙන් කණගාටු වූයෙමි

    ReplyDelete
  21. මට ලොකු කනගාටුවක් ඒ වගේම සතුටක් දැනෙනවා මේකෙ කොමෙන්ට් කියවගෙන යනකොට.... කණගාටුව තමා.. මේ එකසිය ගාණට ඉන්න ඇනෝලා අපේ අතරම ඉන්න බ්ලොග් කරුවන් බව තේරුම් යෑම. මොකද උන් කියනකරන දේවලින්, උපුටා දක්වන දේවලින් පෙනෙන්නේ ඔවුන් කාලයක් තිස්සේ මේ හැමෝගෙම බ්ලොග් ඇසුරු කරගෙන හිටපු බවයි. ඒ වගේම උන්ට මේ පෝස්ට් එක ගැනවත් මැරෙන මිනිස්සු ගැනවත් කිසිම අවබෝධයක් හැඟීමක් නැතිබව තේරුම්යාම. උන්ට ඕනේ මහින්දගේ පැත්තේ, විරුද්ධ පැත්තේ වගේ සිඟිති ආතල් එකක් ගැනීම මිසක, කිසිම විදිහකින් මේ විනාශවෙන මනුශ්‍ය ජීවිතයක් ගැන කතකරන්න නෙවෙයි... සෑහෙන කට්ටියකට මාරයා ගැන ලොකු අවුලක් තියන බව පේනවා... ඒ ඌ උගේ අදහස් උගේ නමින් කෙලින් පළකරලා තියන හින්දනේ.

    මට තියන සතුට තමයි... මගේ දැනීමේ හැටියට මම වැදගත් ලෙස සලකන බ්ලොග් කීපයකම අයිතිකරුවන් (චාමි, මාරයා, මාතලන් වගේ අය ) තම තමන්ගේ මත නොගැලපුනත් අවබෝධයකින්, එකිනෙකාට ඇති ගරුත්වයකින් කටයුතු කරන බව පේන්නට තිබීම. මට හිතේන හැටියට අපේ ලොකුම ප්‍රශ්නේ මේක තමයි.... විරුද්ධ අදහස් දරන්නන්, වෙනස් ජාතීන්, වෙනස් ආගම් එක්ක අවබෝධයකින්, සහෘදත්වයකින් හැසිරෙන්න බහුතරය දන්නේ නැති එක. අපිට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම තියන ප්‍රශ්නයක්. අනෙකාට විරුද්ධ මතයක් දැරීමට ඇති අයිතියට ගරුකරමින්, තමන්ගේ අදහස් කෙලින් ප්‍රකාශ කරන්න පුලුවන් කොන්දක් තියන, තමන් දරන මතවාදවල වහලුන් නොවන බව පෙනෙන්නට තියන, සියලු මතවාදයන්ට ඉහලින් ඇති මනුශ්‍යත්වයට කොන්දේසි විරහිතව ගරු කරන බ්ලොග් කරුවන් සිටීම පිලිබඳ ඇත්තෙන්ම සතුටක් ඇති වෙනවා.

    මේ පෝස්ටුවට වැටී තියන කොමෙන්ට්ස් වලින් පේන්නේ... පෝස්ටුවට අදාල කාරණා වලට වඩා... අපි බහුතරයක් වැටිලා ඉන්න මඩ ගොහොරුව සහ, අපිට හිතන්න පුලුවන් ඉතා සීමිත වපසරිය ගැන චිත්‍රයක්. ඇනෝලට තේරෙන්නෙ නැති කාරනයක් තමයි... උන් වටකරගෙන පහර ගහන චාමි හරි මාරයා ගේ තත්වයට ලංවෙන්න මේ කපේදි උන්ට බැරි බව...

    ReplyDelete
    Replies

    1. හොඳ කතාවක්.

      Mndr

      Delete
  22. I've learn several good stuff here. Definitely price bookmarking for revisiting. I surprise how much attempt you place to create this sort of excellent informative web site.
    Here is my web-site ... meanings of dreams

    ReplyDelete
  23. ඕක ගැන නම් කියන්න තියෙන්නේ මචන් මේ තරම් කාලයක් විසදගන්න
    බැරි උන හෝ උවමනාවක් නැති ප්‍රශ්නෙකට අපි උත්තර හොයන්න ගිහින්
    පලක් නැහැ.බ්ලොග් එකේ ගොඩක් ලිපි අයි මම දැක්කේ.ඔන්න ෆලෝ කරා...

    ReplyDelete
  24. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  25. අවුරුදු 6කට කලින් අතීතය බලද්දි වෙලා තියන වෙනස තේරෙනවා :)

    ReplyDelete