Monday, October 1, 2012

'තෙමෙන මිනිසුන්' ට ප්‍රතිචාරයක්


මේ තෙමෙන මිනිසුන්ට ඊමේලයක් මගින් ලැබුණු තරමක් දීර්ඝ ප්‍රතිචාරයක්. මේක ප්‍රසිද්ධ කරම්දෝ නොකරම්දෝ කියන දෙගිඩියාවෙන් දවස් කීපයක්ම හිටියා. හේතු කීපයකට.
  
එකක් තමයි ෆූටා අරගලයට මම කැමතියි. එම ඉල්ලීම්වල ප්‍රායෝගික පැත්ත මොනව උනත්, සියළු විපක්ෂ දේශපාලන පක්ෂ අන්ත අසමත් වෙලාවක, ආණ්ඩුවේ අමනකමට එරෙහිව සිවිල් සමාජය මෙහෙම නැගී සිටීම ගැන අපමණක් සතුටුයි.
  
අංක දෙක නිර්මාල්. දැනට වසරකට හමාරකට පෙර නිර්මාල් ගැන මං කොහේ හරි සඳහනක් කරපු වෙලාවක නිර්මාල්ව තුට්ටු දෙකට දාල අපහාස කරපු සිවිල් (බ්ලොග්) බුද්ධිමතුන් දෙතුන් පොලක්ම දැන් මාස දෙක තුනක ඉඳන් නිර්මාල්ව අදහනව වගේ පේනව. මිනිස්සු හඳුනගන්න පුළුවන් වැඩ ඇතුලෙ කියන දේ තමයි ඒකෙන් පෙන්නෙ. ඒක පළුදු කරන්න එච්චර කැමැත්තක් නෑ.
  
අනික අධ්‍යාපනය ගැන ලොකු සංවාදයක් සමාජයේ ඇතිවුනා. අධ්‍යාපනයේ වෙනසක් කරන්න හැකියාව තියෙන පිරිස තමයි අද පාරට බැහැලා ඉන්නෙ. ඒ අය තමන්ගෙ අයිතිවාසිකම් ඉල්ලීමත් එක්කම ඒ අයගෙ යුතුකම් සමගත් නැවත බැ‍ඳෙනවා. සාධනීය වෙනසක්.
  
වැදගත්ම එකක්. ආණ්ඩුව මේකෙන් කෙළවගන්න බව පේන්න ගන්නවාත් එක්කම ආණ්ඩුව (මහින්ද) ආරක්ෂා කරන්න බැටෑලියන් එකක්ම බැහැලා වගේ පේනවා. මම කියන්නෙ ආචාර්යවරුන්ගෙ ඉල්ලීම් ඇතැම් අඩුපාඩු විවේචනය කරන්නන් නෙමේ. නිර්මාල් කතෝලික පූජකයෙක්ය අරක මේක කියලා නින්දිත විදිහට මඩ ගහන පිරිසක්. උන්ට බඩු සප්ලයි කරන්න තියෙන අකමැත්ත.
  
හැබැයි ඇත්තම කියන්නම්. ආචාර්යවරුන් ඔය ඉල්ලීම් දිනාගත්තට පස්සෙ (යම් තරමකින් හෝ) ආපහු ගෙවල්වලට යයිද, මේ අරගලය දිගටම ගෙනියයිද කියන එකනං මට තවම හිතාගන්න බැහැ. (කොටින්ම ආචාර්ය සංගමේට වඩා අන්තරේ කොල්ලො ටික මට දෙගුණයක් විශ්වාසයි ;p) මොකද ඔය සීයට හයම දුන්නත්, නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් වුනේ නැත්තං කිසි වෙනසක් නොවෙන නිසා. ඒක නිසයි රාජ්‍ය අධ්‍යාපනය ගැන හැම පැත්තකටම විහිදුනු සංවාදයක් ඕනෙ කරන්නෙ.
මොකද කැම්පස් එක ඇතුලට එන පුද්ගලයව ඔය 6% න් රත්තරන් ආලේප කරල ගත්තත් වැඩක් නෑ එයා ගිරවෙක්නං. සැබෑ නිර්මාණශීලී දරුවන්ට උසස් පෙලින් පස්සෙ කොරියන් රස්සා පෝලිමේ ලගින්න වෙනවනම්.
  
මාරයාගේ ‘මාර අධ්‍යාපන’ කථාංග මාලාවත් සිහිපත් කරන ගමන්ම, අර ඊමේල් එක පහතින් දානවා. (එහි සහ මාරයාගේ මම එකඟ නොවන තැන් කිහිපයක්ම ඇති බව සලකන්න)

 මේකෙ අරමුණ රාජ්‍ය අධ්‍යාපනය රැකගන්න කාටහරි අවශ්‍යනම්, 6% ක් නැතුවත් කරන්න දේවල් මහ ගොඩක් තියෙනවා කියල කාරුණිකව සිහිපත් කරන්න. ඒ වගේම දැනට වෙන්වෙන 1.8% නුත් අධ්‍යාපනයට සැබැවින්ම වෙන්වෙන්නෙ කොච්චරක්ද කියන එක නැවත හිතන්න කියලා ආරාධනය කරන්න. ආණ්ඩුව ඔය ඉල්ලීම් එකක්වත් දුන්නත්, නොදුන්නත්, නිවැරදි රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙත ඔය අරගලය ගෙනයන්න කියල ආචාර්යවරුන්ට ආයාචනය කරන්න.

---------------------------------------

මේක ඔබේ ලිපියට දාන්න හදපු ප්‍රතිචාරයක්. මොකද ඔබ කියන සමහර කරුණු ඇත්ත වුණත් මට එකඟ වෙන්න බැරි දේවල් එතන විවේචනය කළාම මට හම්බ වෙන්නෙ පෝරියල් එකක් කියල දන්න නිසා. මොකද මට හිතට එකඟව මේ ආචාර්යවරුන්ගෙ ඉල්ලීම් වලට මගේ සහයෝගයක් නැති නිසා. ඒ මම වැඩ කරන්නේ අවුරුදු දහයකට වඩා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිසා.
  
අධ්‍යාපනය සාධාරණ වෙන්න ඕනි  බව ඇත්ත. ඒත් අධ්‍යාපනය අසාධාරණ තැනකට ඇදල දාන උදවියම එහි සාධාරණත්වය ගැන කතා කරන එක මටනම් පුදුමයක්. මම දන්නව මේ ඊයේ බදාදා දිනයේත් මහචාර්යවරු කිහිප දෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ කරක් ගැහුවෙ වෙන මොකටවත් නෙවෙයි තමන්ගෙ ළමයි හොර පාරෙන් ලොකු ඉස්කෝල වලට දාගන්න. ඉස්කෝලෙ අල්ලපු වැටේ එකාට ඒ ඉස්කෝලෙ අහිමි වෙන්නෙ තමන්ගෙ සිවිල් බලය යොදාගෙන සුපිරි පන්තියක් වෙනුවෙන් ප්‍රධාන ඉස්කෝල වෙන් කරල තියෙන නිසා. කලින් හිටිය ලේකම්වරය ඉවත් කරන්න හේතුවක් වුණෙත් මේ ආචාර්යවරුන්ගෙ තර්ජනයක් නිසා. ඒ තමන්ගෙ ළමයි රෝයල්, ආනන්ද,නාලන්ද,විශාඛා වගේ ඒවට ඉක්මණින් ඇතුළත් නොකිරීම ගැන ඒ ලේකම්ට ඒ උදවිය තග දැමීමට එරෙහිව පැමිණිලි කිරීම නිසයි.
  
අධ්‍යාපනය කියන එක ඇරඹෙන්නෙ පාසල් අධ්‍යාපනයෙන්. එතනම සිදු වෙන්නෙ අසාධාරණයක් නම්, ඒ අසාධාරණය සිදුවීමට තමන්ගෙ සිවිල් බලය යොදන උදවියම සාධාරණ අධ්‍යාපනයක් ගැන කතා කරන්නේ කොහොමද? තමන්ගේ දරුවා චක්‍රලේඛ වලට අනුකූලව නිවස ආසන්න පාසලකට ඇතුළත් කරල තියෙන මහාචාර්යවරයෙක්, ආචාර්යවරයෙක් ඉන්න බව මට පෙන්වා දුන්නෙත් උඹට මම කෘතඥ වෙනව. මොකද මට තවම එහෙම කෙනෙක් දකින්න ලැබිල නැති නිසයි.
  
මෙතන ඉන්න නිසා මම දන්නව අනෙක් පාසල් වල අධ්‍යාපනය තියෙන්නෙ පහත්ම මට්ටමක. ඒත් විභාග ප්‍රශ්ණ පත්‍ර සැකසෙන්නෙ අර ඉහළ ඉස්කෝල වල ලබා දෙන දැනුමට සාපේක්ෂවයි. ඒ අභියෝගය භාර ගන්න බැරිව අනෙක් පාසල් වල දරුවන් අනාථ වෙනව. ගමේ ගොඩේ ඉස්කෝලෙ ගිය මටත් වුණේ ඒ ටික නිසා ඒක වෙනදටත් වඩා අද මට තේරෙනව. ඉතින් හයිකාරකමෙන් තමන්ගෙ දරුවන් පාසල් වලට ඇතුළත් කරමින් සමස්ත දරු පරපුරටම ආරම්භයේදීම අසාධාරණයක් කරන උදවියම සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් කතා කිරීම ?

 යුද්ධෙ දිනුවත් එක්ක රටේ හයිකාර කොටස් ‍ඔක්කොම බඩගිනි වෙච්ච නරි වගේ අතුරු පල වලට වහ වැටුණ. ඒ එක්කම මැතිවරණෙ එද්දි තමන්ගෙ කොටස වෙනුවෙන් සිවිල් බලයක් තියෙන හැම එකාම කඩේ දිව්ව. ජනතාව ගොනාට ඇන්දීමේ කලාව පටන් ගත්ත. ඒ දවස් වල මහින්ද වගේ සංවේදී නායකයෙක් පත් නොකලොත් රටම අනාථයි කියන දැඩි මතවාදය අපි අතරට ගෙන එන්න මේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් එක් වී සිටිය. පත්තර වල පිටු ගණන් තමන්ගෙ අත්සන් යොදල මහින්දව පත් කරන්න කිව්ව. තව මාධ්‍ය වලින් මහින්ද පැරදුණොත් අපි අනාතයි කියල පෙන්වා දෙන්න උත්සාහ කලා. එයාල හිතුවෙ මහජනතාවට හොරෙන් රටේ හයිකාරයෝ එකතු වෙලා කන්න අයිති කරගත්ත මස් කුට්ටියෙන් නියමිත කොටස් එයාලට මහින්ද දෙයි කියල. ප්‍රභාකරන් ඉද්දි කාටවත් මස් කුට්ටිය භුක්ති විදින්න අයිති වෙලා තිබුණෙ නැති නිසා කවුරුත් සද්ද වහල හිටිය.
  
ඉතින් එදා අපෙන් ආයාචනය කරමින් පත් කරගත්ත සංවේදී නායකය එයාල දිහා බලන්නෙ නෑ. අපිට වඩා උගත් දැනුවත් මිනිස්සු දේශපාලකයන්ගෙ තත්වය නොදන්නව කියන එක පිළිගන්න බෑ. එතන තියෙන්නෙ රට ජනතාව ගැන හිතීම වෙනුවට පුද්ගලික වාසි වෙනුවෙන් පෙනී හිටීමයි.
  
තුන් වැනි කාරණය අධ්‍යාපනය මේ තත්වෙ තියෙන්නෙ වෙන් කරන ප්‍රතිපාදන මදි වීම නිසා නෙවෙයි. ප්‍රතිපාදන අධ්‍යාපනයට සෘජුවම වැය නොකර පුද්ගලික පල ප්‍රයෝජන සඳහා වැඩි කොටසක් වැය කිරීමයි.
  
මේ අමාත්‍යාංශයේ ඔබ හිටියනම් පුදුම වෙයි කොයිතරම් මුදල් නාස්තියක් කරනවද කියල. මම දන්න තරමින් අද වෙද්දිත් ගබඩාවල තියෙනව රුපියල් කෝටි දෙකකට ආසන්න බඩු ගොඩක් ඊයෙ පෙරේද මිළදී ගත්ත. ඒත් ඒව තවම බෙදා හරින්න හිතලවත් නෑ. මම ඇහුවම ඒව බෙදන්නෙ නැද්ද කියල මට අහන්න ලැබුණ පිළිතුර ප්‍රෙජෙක්ට් වල සල්ලි අහවල් දිනට කලින් ඉවර කරන්න ඕනි නිසා මේව මිළදී ගත්ත බවයි. අධ්‍යාපනයට වෙන්කරන මුදල් වගේම විශාල වශයෙන් විදේශ ණය ආධාර වශයෙනුත් ලැබෙන දේවල් හරහා තමයි මේ ප්‍රොජෙක්ට් ඇති කරන්නෙ. ඒවගෙන් අධ්‍යාපනය වෙනුවෙන් කරන මගුලක් නෑ. දුර ඉස්කෝල වල දරුවන්ට ඉඳගන්න පුටුවක් නෑ. ඒත් ‍ඒව දියුණු කරන්න මේ සල්ලි යොදවන්නෙ නෑ. ඒවගෙන් කරන්නෙ මෙහෙ උදවිය තමන්ගෙ මඩි තර කර ගන්න පුඵවන් විදියෙ වැඩයි.  ඒව දැන ගන්න මේ ක්ෂ්‍රේත්‍රයේ වැඩ කරල තියෙන්න ඕනි. රුපියල් සීයක් ලැබුණොත් ඒකෙන් රුපියල් දහයක් විතරයි සෘජුවම අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වැය කරන්නෙ. ඉතිරි අනූවම කොමිස්, ගසා කෑම් සහ නාස්තියයි.
  
මම දන්නව අලුතෙන් ආපු ලේකම්ගෙ පුද්ගලික හීනමානය වෙනුවෙන් විතරක් මේ වෙද්දි මිලියන කිහිපයක් වියදම් කරල තියෙනව. ලක්ෂ ගණන් වැය කරල ගෙනාපු මේස පුටු මිනිහ අයින් කලා. අලුතෙන් ගෙනාව. ජනෙල් තිරයක් වත් ඉතිරි කලේ නෑ. ටොයිලට් එකේ ටයිල්ස්, කොමඩ් පවා ගලවල අලුත් ඒව සවිකලා. ඒ සියල්ල අවුරුදු දෙකක්වත් පරණ නැති ඒව. ඒසී මැෂින් පවා අලුතෙන් හයි කලා. පරණ ඒවට වෙච්ච දෙයකුත් නෑ. අඩුම ගාණෙ ටොයිලට් පේපර් පවා අමාත්‍යාංශයේ මුදලින් එයා වෙනුවෙන් ඉල්ලනව. අත හෝදල පිහින්න තුවාය පවා මහජන මුදලින් ඉල්ලනව. පාවිච්චි කරන්නෙ මොන්ටෙරෝ වර්ගයේ වාහන. ඉස්කෝලෙකට පුටුවක් අරන් දෙන්න ප්‍රතිපාදන නෑ කියන අමාත්‍යාංශයේ හැම නිලධාරියෙක්ම හොඳම වාහනයක් අරන් තියෙනව වෙන් කරන ප්‍රතිපාදන වලින්. හැම ඉහළ නිළධාරියෙක්ම රුපියල් ලක්ෂයකට වඩා වටින ලැප්ටොප් එකක් වෙන් කරන ප්‍රතිපාදන වලින් අරන් ගෙදර ගෙනියල පොඩි එවුන්ට් ගේම් ගහන්න ගිහින් දීල තියෙනව. මොකද මුන්ගෙන් වැඩි දෙනෙක් කොම්පියුටරයක වැඩ කරන්න දන්නෙ නෑ. ඒත් මෙහාට ආපු හැටියෙම ඉල්ලනව ලැප්ටොප් එකක්. මාරු වෙලා යද්දි ආපහු භාර දීමක් නෑ. කැඩිච්ච කෑල්ලක් ගෙනත් දෙනව. සමහර අය අවුරුද්දක් පාවිච්චි කරල කොහෙන් හරි කැඩිච්ච කෑල්ලක් ආපහු භාර දීල අලුත් එකක් ඉල්ලනව. උන් අපි වගේ ලාභ ඒව නෙවෙයි ඉල්ලන්නෙ. ලක්ෂෙට එහා ඒව.

 මම පුද්ගලිකව දන්නව වෙන්කරන ප්‍රතිපාදන වලින් සියයට විසි පහකට වඩා වැය කරන්නෙ මේ වගේ නිලධාරීන්ගේ සහ ඇමැති වරුන්ගෙ පුද්ගලික ප්‍රයෝජනයට සහ බොරු උත්සව වලටයි. ඊට අමතරව ආධාර විදියට ලැබෙන ඒවගෙන් සියයට අනූවක්ම නාස්තියයි. වංචාවයි.

 ඉතින් මම හිතන්නෙ නෑ ප්‍රතිපාදන වැඩි කලා කියල සාධාරණ අධ්‍යාපනයක් ඇති වෙයි කියල. වැඩි කරන ප්‍රතිපාදන වලින් වැඩියෙන් නාස්තියක්, වංචාවක් සිදුවෙයි. 
  
අධ්‍යාපනයේ විතරක් නෙවෙයි ඕනිම දේක සාධාරණය පළමුව එන්න ඕනි තමන් තුළිනුයි. මේ උදවිය දරුවා පාසලකට දාන තැන ඉඳන් අසාධාරණ දේවල් කරන ගමන්ම සාධාරණ අධ්‍යාපනයක් වෙනුවෙන් සටන් කරමින් ඉන්නව. සාධාරණය පළමුව එන්න ඕනි තමන්ගේ ක්‍රියාවන් හරහායි. අනෙක් එවුන්ට විතරක් සාධාරණ වෙන්න කියන එක දේශපාලනයයි.
  
ඒ මූලික කාරණා. ඒත මට තව ගැටඵවක් තියෙනව. අධ්‍යාපනය මේ රටට අත් කර දී තිබෙන්නේ කුමක්ද යන්නයි. අධ්‍යාපනයෙන් බිහිවුණ සියල්ලන්ම බඩගිනි වෙච්ච නරි වගේ සමාජ ගතව සිටින බවයි මට පෙනෙන්නෙ. මොකද මම වගේ නූගත් අය නෙවෙයි රටේ ඉහළ තනතුරු වල හිඳිමින් ආර්ථික වගේම සදාචාරාත්මක පරිහාණියක් වෙනුවෙන් පෙනී හිටින්නෙ. මේ අධ්‍යාපනයේ වරදක් තියෙනව. නැත්නම් රටේ පවතින ක්‍රමයේ වරදක් තියෙනව. නිවැරැදි වෙන්න ඕනි ඒකයි. නැත්නම් අපි වගේ නූගත් මෝඩයෝ කොටසකුයි, උන්නතිකාමයෙන් පෙළෙන උගත් බුද්ධිමත් කොටසකුයි විතරක් හැමදාම හිඳියි. ඔබල ලියන කිසිවකින් කිසිම වැඩක් වෙන එකක් නෑ.
  
මට නම් දැන් එපා වෙලා. මේ දේවල් මම දැන් ලියන්න උත්සාහ කරන්නෙත් නෑ. ලිව්ව කියල වැඩකුත් නෑ. මම ඔබේ ලිපියට ලියපු මේ කොමන්ට් එක පබිලිස් නොකලෙත් ඒකයි. මම කියන දේට නෙවෙයි පහර හම්බ වෙන්නෙ. මම කැම්පස් නොගිය නිසා, උගත් කමක් නැති නිසා ඉරිසියාවට විවේචනය කරනව කියන එක තමයි කන්න වෙන පෝරියල් එක. ඒවට උත්තර දෙන්න මට බෑ. මොකද ඇත්තටම මම උගත් මිනිහෙක් නෙවෙයි ඒක ඇත්ත නිසා. 
  
මේ උණුසුම පිටම මේවා ගැන සංවාදයක් ඇති වෙනවනම් හොඳයි තමා. මොකද ඔය ඉල්ලීම් ලැබුනත් නැතත් ඕක අල්ලගෙන ඉන්න පුලුවන් කාල සීමාවක් තියෙනවා. ඉන් පස්සෙ අධ්‍යාපනය ගැන කතා බහ ඔක්කොම ඉවරයි. නමුත් මේ උණුසුමෙන් මෝහනය වෙලා ඉන්න පිරිසකට අපි කොච්චර ඇත්තක් කිව්වත් පේන්නෙ වැරදියට. ඉතිං මොකද කරන්නෙ?
.....................

(පින්තූරය - මෙතනින්)

67 comments:

  1. ""අංක දෙක නිර්මාල්. දැනට වසරකට හමාරකට පෙර නිර්මාල් ගැන මං කොහේ හරි සඳහනක් කරපු වෙලාවක නිර්මාල්ව තුට්ටු දෙකට දාල අපහාස කරපු සිවිල් (බ්ලොග්) බුද්ධිමතුන් දෙතුන් පොලක්ම දැන් මාස දෙක තුනක ඉඳන් නිර්මාල්ව අදහනව වගේ පේනව.""

    මම දන්නේ නෑ උඹ "සිවිල් බ්ලොග් බුද්ධිමතුන්" කියලා හැඳින්වුයේ කාවද කියලා..? මොකද අපි අතරත් ඔය වගේ සංවාදයක් ඇති වුනා; සහ මම හරි ආසයි ඒ තොප්පියට. මම කිව්වේ මේ "සිවිල් බ්ලොග් බුද්ධිමතුන්" තොප්පියට. ;)

    මේ දේත් කියන්න ඕන මචන්. මේ ෆුටා අරගලයේ මහමොළ කරු නිර්මාල්ය, නිර්මාල්ගෙන් තොරව මේකට පැවැත්මක් නැතිය කියන "ලංකා සී නිවුස්" වගේ මෝඩ තැනකනම් මම නෑ මචන්. මොකද ෆුටා එක කියන්නේ එක මිනිහෙක්ගේ අරගලයක් නොවෙන බව මම හොඳටම දන්න නිසා.

    ඔය ලංකා සී නිවුස් නිර්මාල්ට මඩ ගහන්න මාස කීපයකට කලින්ම මම "නව ශ්‍රී ලංකා දේශපාලනය" ගෲප් එකේදි අහුවා "නිර්මාල් සහ දඹර අමිල කියන්නේ ආණ්ඩුවට මඩ ගහන්න ඊසි ටාර්ගට් නේද..? ඇයි ඒ වගේ අයව මේ වගේ එකක ඉහළම පුටුවලට දාල තියෙන්නේ..?" කියලා. එතකොට ශ්‍යාමන් කිව්ව දෙයක් තමයි "නිර්මාල් සහ දඹර අමිල කියන්නේ කිසිම විදිහකින් ආණ්ඩුවට මුදලට නම්ම ගන්න බැරි අය. ඒ නිසයි ඒ අය එතන ඉන්නේ" කියලා.

    පහතින් උපුටලා දක්වලා තියෙන්නේ අර මම මුලින් කියපු සංවාදය.
    --------

    චර්මි: මේකට නම් ගොඩක් ස්තුතියි චමිල. නිර්මාල්ගෙ මේ කතාව මම කොහෙන් හරි කියවලා පොඩි මතකයක් තිබුනට මේකෙ වීඩියෝ එකක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නෑ.

    මම: නිර්මාල් කියන විදිහට ඒගොල්ලෝ අර දෙමළ මනුස්සයගේ කඩේ මන්කොල්ල කාලා තියෙන්නේ උසස් පෙළ කරන කාලේ. අද මෙතන මහා පාපොච්චාරනයක් කරලා, බලන්න “මම මගේ දෑහින් දැක්කා” කියන නිර්මාල්, ඇයි එදා ඒකට විරුද්ධ නොවුනේ? (කවුරු හරි කියන්න පුළුවන් නිර්මාල්ගේ හඬට එතන ඉඩක් නැහැ කියල, එහෙනම් අඩුම ගානේ යාළුවෙක්වත් ඇදගෙන ගෙදර යන්න තිබ්බනේ, මොකද කරන A/L කොල්ලෙක් කියන්නේ බබෙක් නෙමේ නේ)
    මටනම් ඕක අහන් ඉදිද්දි හිතුනේ නිර්මාල් වගේ අයියලගේ තියෙන දෙබිඩි කම, මටනම් ඔයවගේ අයියලගෙයි ජැක්සොන් ඇන්තනිගේයි වැඩි වෙනසක් නැහැ.


    චර්මි: මාලන්, O/L කරන කාලෙ මම හිතාගෙන හිටියා කතරගම දෙවියො මාව ආරක්ෂා කරනවා කියලා….. ආයේ කාලයක් හිතාගෙන හිටියා ලෝකෙ ආදරණීයම මිනිසා අර මල් පත්තරයක ලියපු මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු කියලා… ආයෙ කාලයක් හිතාගෙන හිටියා ලෝකෙ රහසිගතම දේවල් දන්නේ කීර්ති වර්ණකුලසූරිය කියලා….
    දැං කියපං මාත් දෙබිඩ්ඩෙක්ද?
    (මෙය නිර්මාල් වෙනුවෙන් ලියූවක් නොවේ)

    මම:
    නැහැ. ඒකයි මේකයි දෙකක් නේද?
    ඒ ඔයාගේ සිතුවිලි, අපි කීදෙනෙක් එක්ක ‘සිතින්’ රමණයේ යෙදිලා ඇද්ද? ;) එහෙම බැළුවම අපි හැමෝම දෙබිඩ්ඩොනේ?
    නිර්මාල් කථා කරන්නේ එයා කරපු දෙයක් (අපරාධයක්) ගැන.
    “මම ඒ කඩෙන් ගත්තු පොඩි ඔරලෝසුවක් ගෙදරත් ගෙනත් තියන් හිටියා”.
    මට තියෙන ප්‍රශ්නය මේකයි, හෙට දවසක නිර්මාල් කිව්වොත් “හයියෝ මම මෙච්චර කල් ගියේ වැරදි පාරක, කිව්වේ බොරු ඔන්න මාත් දෑත ශක්තිමත් කරනවා” කියලා? අපිට ඒකත් පිළිගන්න වෙනව නේද?
    මම වැරදි වෙන්න පුළුවන් මම ලිව්වේ මට හිතිච්ච දේ.

    ReplyDelete
    Replies
    1. Divide the comment to two parts, as it was above 4096 characters.

      Contd from above:

      චමිල කරු:
      එදා එහෙම 83 ට සම්බන්ධ වෙච්ච නිර්මාල් අද මෙහෙම කියන එක දෙබිඩි කමක් නෙවෙයි. දෙබිඩි කියන්නෙ එකම වෙලාවෙදි රූප දෙකක් නැත්නම් මූනු දෙකක් තියාගෙන ඉන්න එකට නේද? එහෙම බැලුවහම මෙතන කියන දේ අනුව නිර්මාල් දෙබිඩි පුද්ගලයෙක් කියලා කියන්න බැහැ. (ඇත්තටම එයා දෙබිඩිද නැද්ද කියලා මම දන්නෙ නෑ, ඒත් මම කියන්නෙ මේ වීඩියෝ එකේ කියන දේ අනුව )
      දෙබිඩි කියන්නෙ මහා සින්හලේ වංශ කතා කියන ‘සමහර අය’ සහ දොරමඩළාවට ඇවිත් බණ කියන ‘සමහර අය’ වගේ කට්ටියට. ටීවී එකේ කියන්නෙ එක දෙයක් ඒත් අසල් වැසියො, යාළුවො එහෙම දන්නවා කරන වැඩ(මේ අයව උදාහරණයට ගත්තෙ ඒවා පෞද්ගලිකවම දන්න නිසා).
      මෙතන නිර්මාල්ගෙ වෙලා තියන දේට කියන්න පුලුවනි නිකන් රූපාන්තරණය(Metamorphosis) වගේ වචනයක්. ‘එදා හිටිය නිර්මාල් නෙවේ අද ඉන්නෙ’. ඉතින් මාලන් කියනව වගේ හෙට එයා දෑත් ශක්තිමත් කරන්ඩ ගියොත් ඉතින් ඒකත් දෙබිඩිකමක් නෙවේ. ‘නිර්මාල් අය්යත් අපිට පිටුපෑවානෙ’ වගේ කතාවක් කියන්ඩ පුලුවන්. ඔය විදිහටම නිර්මාල් X එකට සෙට් වෙච්ච කාලේ (හෝ ඊට කලින්) දේශහිතෛශී™ දේශමාමක™ මහප්පලත් කියන්න ඇති ‘අනේ අර කඩේ කඩල ඔරලෝසුව හොරකම් කරපු නිර්මාල් මල්ලිත් අපිට පිටුපෑවනෙ’ කියලා.

      කොහොම උනත් මේ වීඩියෝ එකෙන් මට ගන්ඩ තියන ලොකුම දේ තමයි 83 සිද්ධි වලදි සාමාන්‍ය ජන මනස කියන එක වැඩකලේ කොහොමද කියන එක. මම හිතන විදිහට නම් ඕක කොහෙත් එකයි. රුවන්ඩාවෙදිත්, ඇමරිකාවෙදිත් ඕකේ ලොකු වෙනසක් තියෙයි කියල මම නම් හිතන්නෙ නෑ. ලොකේ ගොඩක් රටවල මිනිස්සු පිළිකුල් කරපු ජොර්ජ් බුෂ් දෙවනි පාරටත් චන්දයෙන් පත්කරගත්ත ජනතාවක්නෙ ඇමරිකාවෙ ඉන්නෙ.
      සිද්ධියක් ඇතුලෙ ඉන්න මිනිස්සුන්ගෙ මනස ඒක පිට ඉඳන් බලන අයගෙ මනසට වඩා වෙනස් වෙනව වගේම ඒ මිනිස්සුම ආපහු ඒක දිහා හැරිල බලද්දි දකින විදිහ වෙනස්. පහුගිය කාලෙ ලංකාව ඇතුලෙ දෙමළ මිනිස්සු කී දෙනෙක් අතුරුදහන් උනාද? ඒ වගේම මට ඇහිලා තියනවා ගොඩක් අය කියනව ‘කොටි ඔක්කොම හොයලා නැති කරලා දාන්න ඕනේ’, ‘ආපහු ඔළුව උස්සන්න දෙන්න හොඳ නෑ…’, ‘දිගටම කන්ට්‍රෝල් එක තියගෙන ඉන්න ඕනෙ, නැත්නම් ආපහු උන් ඔළුව උස්සනව ‘ වගේ කතා. මේවා කියන්නෙ මේ අමුතු කට්ටියක් එහෙම නෙවෙයි, අපි වටේට ඉන්න, අපිත් එක්ක එකට අඩි ගහන අපේම යාළුවො. එදා තියෙන්න ඇති තත්වෙත් ඕක කියලයි මම හිතන්නෙ.

      -----
      ප.ලි: ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වේ නෑ. නිර්මාල්ගේ කතාව දැක්කම මේ කමෙන්ට් එක දාන්න හිතුණා. සම්පූර්ණයෙන්ම කියවලා කමෙන්ට් එකක් දාන්නම්.

      Delete
    2. ඔය කතාබහ නං මතක තිබ්බෙ යන්තමින්. අනික ඔයාව ඉලක්ක කලා නෙමේ. මට මතක්වුනේ ජ.වි.පෙ සහෝදරවරු පිරිසක් සහ ඒ දවස්වල ජාතිකවාදයට වැඩි බරක් දුන්නු පිරිසක් නිර්මාල් ගැන කියපු කතා ටිකක්.

      Delete
    3. අර බරහිර වෙඩින් වල මනමාලි මල් බොකේ එක විසිකරද්දි බැඳපු නැති කෙල්ලෙක් ඒක අල්ලගන්න දඟලනවා වගේ, අනික් උන්ගේ බෙලි උඩ නැගලා හරි කොහොමහරි මූ අල්ලගන්නවා තොප්පිය ඉස්සෙල්ලාම... :)

      Delete
    4. HA HA :D

      මචන් බීටලේ උඹේ සත පහත් මේකට දාපන්. උඹ දේවල් දිහා බලන විදිහ මොඩර්න්නේ :P උඹ මොකද හිතන්නේ, අපිට කොතනද වැරදිලා තියෙන්නේ..? අපි කොතනද හදා ගන්න ඕන..? කොතනින්ද පටන් ගන්න ඕන..?

      Delete
  2. එළ කිරි. ඔන්න අපි එනවා දෙමං හන්දියකට.

    මේ කතිකාව නිර්මාල්වත් විනාශ කරගෙන, ෆුටා එකත් විනාශ කරගෙන රාජ්‍ය අධ්‍යාපනයටත් කෙළවගෙන ඉවර කරගන්න පුළුවන්. එහෙමත් නැතිනම් රාජ්‍ය අධ්‍යාපනය වඩාත් ඵලදායි විදිහට නවීකරණය කරගෙන, වන්චා දූශන පිළිබඳ කතිකාවක් ඇතිකරගෙන වගකීම් සහිත සිවිල් පුරවැසියන් බිහිකරන තැනකට බිහිකරන්න තැනකට තල්ලු කරන්නත් පුළුවන්.

    මෙන්න කැට. අපි යන්නේ පළමු පාරේ.

    මොකද දෙවැනි පාරේ ගියොත් ඒකෙන් වෙන්නේ අපේ ආතල් කැඩෙන එක. එතකොට හැමෝටම යම් බරක් අදින්න වෙනවා. හැමෝටම යම් තරමකට මහන්සි වෙන්න වෙනවා. ඒත් අපි ඒකට අකමැතියි. මොකද අපිට වාසියි සහ ලේස්යි මේ තියෙන මජර ක්‍රමය පවත්ව ගන්න එක.

    ReplyDelete
    Replies
    1. 100000000000000000% hari.

      Delete
    2. ඇයි පණ ඇති සටන් පාඨවල ජීවත් වෙනවා තරම් වෙන ආතල් එකක් තියනවද? කොහොමත් ඉතිං ඒවා සටන් පාඨවලින් එහාට පන්නන්න තරම් වෙන එකෙක් ඇත්තේත් නෑ? එහෙම ලෙසි පාසුවට හුදී ජනයාගේ සොම්නස් ෆන් කුඩු කරන්න පාණ්ඩුවෙ මාමිලා කැමතිත් නෑ.

      Delete
  3. කතිකාචාර්ය (නො)දැනුම සමඟින් වඳබහින ඔළු.....
    (1999 ජූනි "මාතොට" සඟරාවෙන් උපුටා ගන්නා ලදි)

    මෙවැනි කතිකාචාර්ය තනතුරක් ලැබීම වනාහී කිසිම අදහසක් නැතිව එන්නම් වාලේ විශ්වවිද්‍යාලයට පැමිණි ග්‍රාමීය මැද පාංතිකයාට කෝටි ගනනක ලොතරැයියක් ඇදුනා වැනි දෙයකි. ආර්ථික සුරක්ෂිතභාවයක් ඒ මඟින් ලැබෙනවා මෙන්ම සමාජය තුල ගරුත්වයක් ද, හොඳ තැනකින් කසාදයක් කර ගැනීමට අවස්ථාවන්ද මේ නිසා පහළ මැද පාන්තිකයාට උදා වේ. මේ චාන්ස් එක
    ලැබුනායින් පසු බිහිවන්නේ සාත්‍ර කියන ආකාරයට Critical intellectuals ලා නොව මොන ක්‍රමයකින් හෝ තමන්ගේ රස්සාව රැක ගැනීමට මාන බලන, ගෙයක් දොරක් හදාගෙන තමන්ගේ පාඩුවේ ජීවත්වීමට ප්‍රාර්ථනා කරන සාමාන්‍ය ස්ත්‍රී පුරුෂ ශරීරයන් ය.

    මේ මොහොතේ සමස්ථයක් ලෙස ගත්තාම විශ්ව විද්‍යාල කතිකාචාර්වරුන්ව අපට හදුනාගැනීමට සිද්ධ වෙන්නෙ කිසියම් නිශ්චිත රැකියාවක් කරන පිරිසක් ලෙස විනා අන් අරුතකින් නොවේ. වෙනෙත් විදිහකට කියනවානම් විශ්ව විද්‍යාල කතිකාචාර්යවරු ගුණාත්මක වශයෙන් බස් කොන්දොස්තරලා, මිකැනික්ලා, එකවුන්ටන්ලා වගේ යම් කිසි රැකියාවක් කරන පිරිසක් විතරයි. ඊට වඩා වැඩි දෙයක් නොවේ.

    දැන් විශ්ව විද්‍යාල කතිකාචාර්යවරු පිළිබද තිබෙන මේ සිවිල් කතිකාවේ හයිය නිසා සිද්ධ වෙන්නෙ කට්ටියට අදාළ මේ මොහොතෙ ඇත්ත මැකිල යාමයි. ඒ කියන්නෙ විශ්ව විද්‍යාල කතිකාචාර්යවරු කියන්නෙ තමන්ගෙම රස්සාව කරගෙන මාසෙ අන්තිමට මධ්‍යම පාංතික ජීවිතයක් ගැටගහගන්න සරිලන වැටුපක් අරගෙන තමන්ගෙ වැඩක් පලක් බලාගෙන ඉන්න සමාජයේ අනෙක් මධ්‍යම පාංතිකයො වගේම පිරිසක් ය කියන ඇත්ත මැකිල යනවා. සාත්‍ර කියන Critical Intellectuals ලා සහ මේ කට්ටිය අතර ආලෝක වර්ෂ ගණනක දුරස්ථ භාවයක් තිබෙනවා පමණක් නොවෙයි සාත්‍රගේ සංකල්ප ගත කිරීම ලංකාවේ යතාර්ථයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන එක මැකිල යනවා. මේ තුළ විශ්ව විද්‍යාල කතිකාචාර්යවරුන්ව සමාජය තේරුම් ගන්නෙ විශේෂ කට්ටියක් විදිහට.

    විශ්ව විද්‍යාල ඇතුලට ගිහින් පරීක්ෂා කරලා බැලුවොත් හොදට පේනවා මේ කට්ටියට විශේෂයෙන්ම පසු ගිය දශක එකහමාර පමණ කාලය තුළ බිහි වූ කතිකාචාර්යවරුන්ට සමාජ දැනුම පමණක් නොවෙයි තමන් විශ්ව විද්‍යාලය තුළ උගන්වන සීමිත විෂය ක්ෂේත්‍රය ට අදාළ දැනුම පවා ප්‍රමාණවත් ලෙස නොමැති බව (මේ නිරීක්ෂණය නිශ්චිතව අදාළ වෙන්නෙ ශාස්ත්‍ර පීඨ වලටයි). උපාධි අපේක්ෂකයින් බහුතරයක් වනාහි ගුරුරයාගේ දැනුම පරීක්ෂා කිරීමට උනන්දුවක් ඇති වීමට තරම් දියුණු පිරිසක් නොවන නිසා මේ කතිකාචාර්යවරුන්ගේ දැනුම ශිෂ්‍යයින් ඉදිරියේ පරීක්ෂාවට ලක් වන්නේ නැත. යම් කෙනෙකුට මේ අයගේ දැනුම ප්‍රශ්න කිරිමට අවශ්‍ය වුවත් පංති කාමරය තුල ඇති බල සම්බන්ධතාවය නිසා ඊට ඉඩක් ලැබෙන්නේ ද නැත. එවැනි අවස්ථාවල කතිකාචාර්යවරු තමන්ගේ Lecturer අනන්‍යතාවය චන්ඩිකමක් විදිහට පාවිච්චි කාරනවා.

    නිර්මාල් රංජිත් දේවසිරි
    X කණ්ඩායම

    ReplyDelete
    Replies
    1. ඔබ මේ පෝස්ට් එක දැමීම යහපත්ය. මන්ද මට ඊට මුවා වී වැඩ දෙකක් කළ හැකි නිසාය. එක - ආචාර්යවරුන්ගේ අරගලය සම්බන්ධව අවසාන පූර්ව නිගමනය දීම; කෙටියෙන් හෝ මාරයාට ප්‍රතිචාර දැක්වීම. (ඔහු ඇනෝ කමෙන්ට් වලට ඉඩ නොදෙන නිසා මේ වගේ තැනක ලිවීමය එකම විසඳුම)

      මුලින්ම විය හැකි දේ පිළිබඳව මගේ නිගමනය:

      'සටන' කඩා වැටෙමින් පවතී. මාස තුනකින් වැටුප් නොලද බොහෝ ආචාර්යවරුන් සිටින්නේ පාන් කියා ගන්න වත් බැරි තැනෙකය. මෙය දිගින් දිගට ගෙන යාමට ඔවුන්ට හැකියාවක් හෝ උවමනාවක් නැත. එනිසා තව ටික දවසකින් නිර්මාල්ලා දඹර අමිලලා ඇතුළු සියළු දෙනා අකුළාගෙන වැඩට යනු ඇතැයි සිතිය හැකිය. එය එස්. බී. ගේ කෙසේ වෙතත් මහරජාගේ ජයග්‍රහණයකි.

      මාරයාට:

      බොහෝ ලාංකිකයින් මෙන් මාරයාද අයත් වන්නේ "මට මේ දේ වුණේ අනුන්ගේ වැරදි නිසා" කියා හූල්ලන ජන කොටසටය. මේ ලාංකිකයන්ට අනුව අනුන් හරි දේ කළා නම් ඔවුන් රටේ මැති ඇමැතිවරුය. මහාචාර්යවරුය. මහා ධනපතියන්ය. මේ අවස්ථා සියල්ල මිස් වී ඇත්තේ "අනුන්" වැරදි කළ නිසාය. (නැතුව තමන්ගේ වරදකට හෙම නොවේ.) මෙසේ සිතීම සුවදායකය. තමන්ගේ ඊගෝ එකට හොඳය.

      මාරයාද එහෙමය. ඔහුට ඉංග්‍රීසි බැරි පහේ පන්තියේ ඉංගිරිසි ගුරුතුමිය නිසාය. පහේ පන්තියට හොඳ ඉංග්‍රීසි ටීචර් කෙනෙක් හිටියේ නම් මාරයා අද සුද්දන්ටත් ඉංග්‍රීසි උගන්වන්නේය. ඔහුට සාමාන්‍ය පෙළින් එහාට යන්නට බැරි වුණේ තමන්ට වැඩ බැරි නිසා නොව අනෙක් ළමයින් ටියුෂන් ගිය නිසාය. අපිත් ඉතින් අනේ පව්නේ කියා සුසුම් හෙළා නිකම් සිටිමු.

      අධ්‍යාපනය ගැන මගේ අත්දැකීම මෙයයි.

      අධ්‍යාපනය යනු හැම දෙනාම්ටම සිතූ පැතූ සම්පත් දෙන කප්තුරක් නොවේ. ඉගෙන ගන්න පුළුවන් දරුවෝත් වෙති, බැරි වුණුත් වෙති. ඕනෑකම තියෙන එව්වෝත් වෙති බැරි එවුවෝත් වෙති. කොයි තරම් කට්ට කාගෙන ඉගෙන ගත්තද සමහරුන්ට හොඳ රැකියා ලැබේ සමහරුන්ට නැත. ලංකාවේ විතරක් නොව ලෝකයේ හැම තැනම මෙහෙමයි. 1.8% වෙන්කළත් එකයි 6% වෙන් කළත් එකයි.

      අධ්‍යාපනය ගැන ඔය තරමට කරදර නොවී අපේ ජීවිතය ගෙන යන හැටියක් බලමු.

      එසේම අනුන්ගේ වැරදි නොසොයා තමන්ගේ වැරදි දැනගෙන ඒවාට පිළියම් යොදන්නේ නම් මාරයාට විතරක් නොව ඕනෑම කෙනෙකුට ඉදිරියට යන්නට පිළිවන. නැත්නම් හැමදාම එතැනමය.

      Delete
    2. 100% එකඟයි.....
      + + + + + + +

      Delete
    3. බොහොම හරි...නමක් නැතිව ලියල දාල තියෙන්නෙ කෙටියෙන්ම ඇත්ත....
      බුදු බණ වගේ...

      Delete
  4. සරසවි ඇදුරැ අරගලය ගැන බලන්න ඕන ඔය ආකාරයට නොවන බවයි මගේ අදහස.

    අපි ජීවත්වෙන්නෙ කිසිවෙක් විස්වාස නොකරන, අනුන් ගැන සැකෙන් බයෙන් බලන්න පුරැදුවෙච්ච සමාජයක. සියලු ආයතන,පද්දති ගරා වැටුනු තැනක. අධ්‍යයාපනය විතරක් නෙවේ දේශපාලන, අධිකරන, ආගමික හැම ආයතනයක්ම විනාසකරගත්තු තැනක. මේවයෙ ඉහල ඉන්න අයගෙ වැඩ දැක්කහම ඇත්තටම අපි කාටවත් කිසිකෙනෙක් විස්වාස කරන්න බෑ තමයි. හැමෝම තමන්ගෙ වාසියට වැඩකරගෙන ඉන්න ආත්මාර්ථකාමීන් වෙලා ඉන්නෙ ඒ නිසමයි. නමුත් ඇත්ත වෙන්නෙ මේ සියල්ලටම අපි හැමෝම අඩු වැඩි වශයෙන් වගකියන්න ඕන කියන එක.

    ඇත්තටම අධ්‍යයාපනයට 6% වෙන්කලා කියල මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නෙ නෑ තමයි. මේ ආයතන ,පද්දති එහෙම නැත්නම් ක්‍රමයම වෙනස් වෙන්න ඕන. ක්‍රමය වෙනස් නොකරගෙන මේ සමාජයට තවත් අඩියක්වත් ඉදිරියට යන්න බැරි බව ඉතාම පැහැදිලියි. නමුත් ඒක කරන්න ඕන කොහොමද කියන එකයි ප්‍රශ්නය. එක්කො මරාගෙන මැරෙන විප්ලවයක් කල යුතුයි. ඒක කොයි තරම් විනාශකාරීද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එහෙම නැත්නම් කොහේ හෝ තැනකින් පටන් අරගෙන මේක පියවරෙන් පියවර ඉදිරියට ගෙන යා යුතුයි.

    මම හිතන්නෙ මේක හොඳම තැනින් තමයි පටන් අරගෙන තියෙන්නෙ. මේ ක්‍රමය තුල ඍජු දේශපාලනය තුලින් මේකට ආරම්භයක් ගන්න බෑ. අනික අධ්‍යායපනය කියන්නෙ කිසිවෙකුට ප්‍රථික්ෂේප ක ල නොහැකි , සමාජයෙ ඉදිරිගමනට ඉතාම වැදගත්වන, වෙලඳපොල තර්කනයට සාපේක්ෂව ප්‍රථිවිරෝධී ක්ෂේත්‍රයක්.

    ඒක නිසා මට කියන්න තියෙන්නෙ අපි කෙ‍ාහෙන් හෝ පටන් ගත යුතු බවයි. මේ එවැනි අවසානයකට ලැබුනු හොඳ ආරම්භයක් බවයි.

    ReplyDelete
    Replies
    1. මමත් මේ ප්‍රකාශය එක්ක එකඟයි - තිසර

      Delete
    2. එකඟයි. විය යුත්තේ එයයි.

      Delete
  5. ඉහත ඇනෝ ලෙසින්ම මමද මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමි. ඒ මාරයාට මෙන්ම TG ට යමක් කීමටය.

    මාරයාට කිව යුතුව ඇත්තේ උඹ වගේ එකෙක් ටිකක් දැනගෙන ඔහොම කියයි නම් ඔයිට වඩා අධ්‍යාපනයක් ලද්දේ නම් අද එස් බී වැනි අමනයකුට වඩා අමනයකු වීමට ඉඩ තිබූ බවයි. එසේ හෙයින් උඹට ඉගෙන ගැනීමට බැරි වීමම රටට ජාතියට සිදු වූ සේවයකි. ඉංග්‍රිසි ගුරුවරියට මාගේ ප්‍රණාමය!

    TG ට කිව යුතුව ඇත්තේ ඔබ වැන්නකු ඉගෙනීම ලදත් රටට සත පහක සේවයක් නොකරන රාජ්‍ය නොවන සංවිධානයකින් පිනට කකා සවාරි යන අයකුගේ විග්‍රහයන්ද මාරයාගේ මෝඩ කතාවලට වඩා වැඩි වෙනසක් නැති බවය.මාරයා බාගෙට දැනගෙන අමන කතා කියන්නාක් මෙන්ම නුඹත් පිනට ඉගෙන ගෙන ඒ මදිවාට තවමත් පිනට කකා ඉන්නා අයකු පමණි. මාරයා අමනයෙක් වූවත් මුරකරුවෙක් හැටියට කුමක් හෝ සේවයක් කරද්දී නුඹ රටට හෙන ගස්සන්නට කැප වූ සංවිධානයක කුණු හෝදමින් පිනට කන අයෙකි.

    මෙසේ බලන කල්හී බාගෙට ඉගෙන ගත්ත එකාගෙන් වාගේම පිනට කන නුඹගෙන්ද ඇති වැඩක් නැත.

    මාලන්ටත් කිව යුතු දෙයක් ඇත. නුඹ වැනි අයකුගේ වටිනා කියන අදහස් නොවන්නට මේ වන විට සමස්ථ අතුරුජාලයම (සිංහල භාවිතා කරන්නන්ගේ) අමනයින්ගේ කතාවලට තෝතැන්නක් වනු නොඅනුමානය. එහෙයින් මෙකී සමාජය සමබර කිරිමෙහි ලා නුඹගේ දායකත්වය ප්‍රශස්ථය. එය මෙවන් අඩවි හී ප්‍රතිචාරයන්ට සීමා නොකොට පුළුල් වූ කාර්යයක් පිණිස කැප වීම රටේ මතු පරපුර වෙනුවෙන් කල හැකි සුවිසල් මෙහෙයකි. ඒ සඳහා කල යුතු දේ වෙනුවෙන් වෙහෙසෙන්න. අවම වශයෙන් බ්ලොග් අඩවියක් හරහා හෝ ආරම්භයක් ලද යුතුය. අඳුරට ශාප කරනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම අගනේය.

    චාමි විසින් මධ්‍යස්ථව කටයුතු කිරීම අගය කරමි.

    ස්තූතියි.

    ReplyDelete
  6. මාරයා "ඉගෙන ගත්තේ නම්" ඔහු එස්. බී. දිසානායක කෙනකු වෙයිද නැතිනම් දඹර අමිල කෙනකු වෙයිද කියන එක සෑහෙන්න බොන්න ඕනෑ ප්‍රශ්නයකි.

    මගේ නිගමනය නම් මාරයා සාමාන්‍යයෙන් ලාංකීය ශිෂ්‍යයකු උසස් අධ්‍යාපනයේ ගමන් කරන මාර්ගය ඔස්සේ ගමන් කළේ නම් මේ අන්ත දෙකටම නොයා අතිශයින් සාමාන්‍ය පුද්ගලයකු සේ අවසන් වන්නට ඉඩ තිබුණු බවයි. (උදාහරණයක් හැටියට රජයේ කන්තෝරුවක මධ්‍යම තලයේ නිලධාරියකු) මොකද අපේ රටේ "ඉගෙන ගත්තු අය" නතර වන්නේ මේ තැන් වලය. ඉහළට යන්නේ "ඉගෙන ගන්න" බැරිවී ඒ තරහටත් එක්ක ස්වෝත්සාහයෙන් කාගෙන වැඩ කරන ඇත්තන්ය.

    "ඉගෙන ගැනීම" කෙසේ වෙතත් මාරයා සීරියස්ලි බිස්නස් එකකට හෙම බැස්සා නම් බ්ලොග් අවකාශයේ වෙන කිසිම කෙනකුට අත් කර ගත නොහැකි වූ සාර්ථකත්වයක් අත් කර ගනු ඇත. (කේන්දර බිස්නස්ම නොවේ.) ඔහු එසේ නොකරන්නේ තමන්ගේ කේන්දරය ගැන මෝඩ ලෙස විශ්වාස කිරීම නිසා විය හැකිය.

    ReplyDelete
  7. චාමි පවතින තත්වය මැනවින් වටහා ගෙන ලියා ඇති පහත මධ්‍යස්ථ අදහස් මමද අගේ කරමි.
    "එකක් තමයි ෆූටා අරගලයට මම කැමතියි. එම ඉල්ලීම්වල ප්‍රායෝගික පැත්ත මොනව උනත්, සියළු විපක්ෂ දේශපාලන පක්ෂ අන්ත අසමත් වෙලාවක, ආණ්ඩුවේ අමනකමට එරෙහිව සිවිල් සමාජය මෙහෙම නැගී සිටීම ගැන අපමණක් සතුටුයි."

    "අනික අධ්‍යාපනය ගැන ලොකු සංවාදයක් සමාජයේ ඇතිවුනා. අධ්‍යාපනයේ වෙනසක් කරන්න හැකියාව තියෙන පිරිස තමයි අද පාරට බැහැලා ඉන්නෙ. ඒ අය තමන්ගෙ අයිතිවාසිකම් ඉල්ලීමත් එක්කම ඒ අයගෙ යුතුකම් සමගත් නැවත බැ‍ඳෙනවා. සාධනීය වෙනසක්."

    කවුද දැන් බය නැතිව කටක් අරින්නෙ? ඔය ඊය එවල තියන කෙනත් තමන්ගෙ තැන සිදුවෙන දේ ගැනවත් බය නැතිව එක වචනයක් කියල තියන කෙනෙක්ද කියල සැකයක් තියනව. මුලු මහත් සමාජයම මඩ ගොහොරුවක් වෙලා තියන වෙලාවක තව කෙනෙක් යන්තමින් හරි කරන දේකට තල්ලුවක් මිසක් විවේචන නෙවෙයි අවශ්‍ය කරන්නෙ. වැරදි හොයනවනම් ඕනෙම දේක ලේසියෙන් වරදක් ඕනෙ මෝඩයෙකුට හොයා ගන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ යමක් කිරීම. මම මෙහි දැකපු සාධනීය ලක්ෂන තමයි
    (1) හතර අතට බෙදිල හිටිය විපක්ෂය එක තැනකට මොහොතකට හෝ ගෙන එන්න හැකි වීම. නැත්නම් කවදද රෝසිලයි සෝමවංශලයි එක තැනකට ගොනුවුනේ. ඇත්තටම පවතින ක්‍රමය වෙනස් වෙන්න එකතුවීමක් මුලින් සිදුවිය යුතුයි. ඒ අයගෙ මති මතාන්තර අතීත හැසිරීම් මොනව වුනත් කොතැනක හෝ ආරම්භයක් තිබිය යුතුයි. නැත්නම් ඔය ඊය එවපු කෙනා බලාපොරොත්තු වෙන විදියට සර්ව නිර්දෝශී දෙවිවරු වඩින තුරු බලා හිටියොත් පෙරහැර ගිහින් තියෙයි.
    (2) චාමී කියන්න වගේ අධ්‍යාපනය ගැන ලොකු සංවාදයක් සමාජයේ ඇතිවීම. ඒක ඉතාම වැදගත්. යමක් වෙනස් වෙන්න නම් මූලික සංවාදයක් අවශ්‍යයයි.

    සමහරවිට ඔවුන්ගේ සටන පරාජය විය හැක. එහෙත් ඒ පරාජය ඔවුන්ට නොව රටේ යමක් කළ නොහැකි ජනතාවටය. ඉදිරියට තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට සිතා සිටින වැඩ කරන ජනතාවටය. සටන ඔවුන් පරාජය වුවද කිසියම් දිනක ඊට සහය නොදීම පිළිබඳව කනගා‍ටුවීමට සිදුවන දිනක් එනු ඇත. එදාටත් අර ඇනෝ කියා ඇති ලෙස "මට මේ දේ වුණේ අනුන්ගේ වැරදි නිසා" කියා හූල්ලන, අනුන් හරි දේ කළා නම් ඔවුන් රටේ මැති ඇමැතිවරු, මහාචාර්යවරු හෝ මහා ධනපතියන් යැයි සිතන මේ අවස්ථා සියල්ල මිස් වී ඇත්තේ "අනුන්" වැරදි කළ නිසාය. (නැතුව තමන්ගේ වරදකට හෙම නොවේ.) යැයි සිතන මොවුන් සරසවි ඇඳුරන් සටන නැවැත්වීම නිසා සියල්ල සිදුවූයේ යැයි කියනු ඇත.

    යමක් කීමට පෙර දැනුවත් වීම වඩා සුදුසුය. මාරයාට හෝ ඊය එවූ කෙනාට අවශ්‍ය නම් පහත link වලින් තමන් නොදන්නා දේ දැනගත හැක. ඒත් ඉංග්‍රීසි භාෂාව නොදන්නේ නම් එයිනුත් පිහිටක් නැත. තමන් නොදන්නා බව නොදැනීමද අවාසනාවකි.
    http://uteachers.blogspot.com/
    http://futa-sl.org/

    ReplyDelete
    Replies
    1. ෆුටා අරගලයේ මම අකමැති දේ තමයි 6% GDP කියනවා ඇරෙන්න ඒ 6% වියදම් කරන්නේ කොහොමද ඒක බෙදිලා යන්නේ කොහොමද කියලා නිසි කතිකාවක් ගොඩ නොනැගීම.

      දැන් මේ ලිපියේ කියවෙනවා වගේම 6% වෙන්වුනායින් පස්සේත් සිදුවන්නේ කලින් සිදුවුන දේමනම් මේ සටනේ නිසි ඵලයක් නැහැ.

      Delete
    2. /ෆුටා අරගලයේ මම අකමැති දේ තමයි 6% GDP කියනවා ඇරෙන්න ඒ 6% වියදම් කරන්නේ කොහොමද ඒක බෙදිලා යන්නේ කොහොමද කියලා නිසි කතිකාවක් ගොඩ නොනැගීම. /

      ඒකට හේතුව තමයි තමන්ගේ පඩි වැඩි කර ගන්න "අරගලයට" ජනතාවගේ සහාය ලබා ගැනීම පිණිස යොදා ගන්නා සීනිබෝල සටන් පාඨයක් වශයෙන් මිස වෙනත් ආකාරයකට මේ කිසිම කෙනෙක් 6% ගැන සිතා නැති එක. ඇත්තටම මේ 6% කතාව මුළාවක් බව හැමෝම දන්නවා. මෙතැන තනි අරමුණ පඩි වැඩි කර ගැනීම. ඉතින් ඇයි මේ මුළාවන් පස්සෙ යන්නෙ අපි?

      Delete
    3. මාලන් පුතාට නොතේරෙන ඇත්ත තමයි මේ. අධ්‍යාපනය විතරක් නෙවෙයි රටේ හැම සමාජ ආයතනයක්ම අවංක ගොඩ නැගීමක් වෙනුවෙන් කැප වෙනවනම් ජනතාවගෙ සහයෝගය ලැබෙයි.
      ඒත් මෙතන 6% කතාව කරළියට එන්නෙ ආචාර්යවරුන්ගෙ පඩි වැඩි කර ගැනීමේ අරගලය අසාර්ථක වීමත් සමගයි. රැවටීමට භාජනය වීමත් සමගයි. ඒත් පුද්ගලික අභිප්‍රායන් ඉදිරියට දාල මහජන සහයෝගය නොලැබෙන නිසා තමයි අවසාන වශයෙන් මේ 6% ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ගැනී‍මේ මහා බෝධිසත්ව අරගලය ඇරඹෙන්නෙ.
      මාලන්ට නොතේරුණත් මේක සම්පූර්ණයෙන්ම දේශපාලනයක්. ඇතුළත තියෙන ඇටය පේන්නෙ නැති වෙන්න මදයක් සහ පොත්තක් ගෙඩියට ලැබිල තියෙනව දැන්. ඒත් අන්තිමට ඵල හටගන්න දායක වෙන්නෙ ඇටය මිසක් මදේ හෝ පොත්ත නෙවෙයි. යමක් කිරීම ඇරැඹිය යුතු බව ඇත්ත. ඒත් ඒක අවංක ප්‍රයත්නයක් වෙන්න ඕනි. දේශපාලකයො කරන දේම උගත්තුත් කරනවනම් ඒක තමයි ජනතාවකට ලැබිය හැකි ලොකුම පිටුපෑම. ඔවුන් අවංක නම් සල්ලි ඉදිරියට දැමිය යුතු නෑ. චාර්මිට එවපු ඊයේම දක්වා ඇති දැනටම පවතින අසාධාරණකම් ඉවත් කිරීමයි පළමුව කල යුත්තෙ. ඒ වෙනුවෙන් තමන්ගෙ නිවසින් ආදර්ශය සැපයීම මේ ආචාර්යවරුන් පටන් ගත්තනම් වැඩේ අවංකයි. සාධාරණය පළමුව තමන් තුළින් බිහි නොකරන්නේ නැත්නම් ව්‍යාජය මහ වෘක්ෂයක් ලෙස වැඩෙයි.

      Delete
    4. // මුලු මහත් සමාජයම මඩ ගොහොරුවක් වෙලා තියන වෙලාවක තව කෙනෙක් යන්තමින් හරි කරන දේකට තල්ලුවක් මිසක් විවේචන නෙවෙයි අවශ්‍ය කරන්නෙ. වැරදි හොයනවනම් ඕනෙම දේක ලේසියෙන් වරදක් ඕනෙ මෝඩයෙකුට හොයා ගන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ යමක් කිරීම. //

      යන්තමින් හෝ යමක් කල යුතුයි කියල මේ මහත්තුරු පෙරමුණ ගත්තනම් ඒ තමන්ගෙ මල්ලට ඉල්ලපු කාසි නොවැටුණ නිසයි. ඒ වගේම මේ කොමන්ටුව පල කල පුද්ගලයා නැවතත් ආචාර්යවරුන්ගේ අනෙකුත් ඉල්ලීම් ගැනත් අවධානය යොමු කරනවනම් අගෙයි. අන්තර්ජාල දීමනා, ගෙවල් කුළී දීමනා, දරුවන් දෙදෙනෙකුට අධ්‍යාපන වියදම්. මේ සියල්ලේ තියෙන අසාධාරණ ස්වභාවය සැඟවීම සඳහා සියයට හයක සීනි බෝලෙ මහජනයා ඉදිරියට වීසි කරන පළියට යමක් කරන්න මොවුන් පෙරමුණ ගත්තා යැයි සැලකීමට තරම් සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය පිළි නොගනියි. මොකද ඔවුන් අසීමිත රැවටීම් වලට ගොදුරු වූවන් නිසා.වැරැදි නොසොයන මෝඩයෙකුට වුණත් සාමාන්‍යයෙන් තේරෙන දෙයක් තමයි මේ හදිසියේ පහළ වී ඇති සත්ව කරුණාව තුළ සැඟවී ඇත්තේ වෙන මොකක්වත් නෙවෙයි සෑහීමකට පත් නොවන තව තවත් යමක් ඉල්ලන, තව තවත් අනෙකාට වඩා වැඩියෙන් යමක් අත්කරගන්න හිතන හීනමානී උගත් මානසිකත්වයයි.
      තල්ලුවක් දෙයි සහෝදරය කවුරු කවුරුත් චේතනාව අවංක අඩිතාලමකින් පටන් ගන්නවනම්. නැත්නම් මේකත් නිකම් විමල් වීරවංශ පන්නයේ විරෝධතාවයක්, අරගලයක් විතරයි. ඒක සම්පූර්ණයෙන්ම දේශපාලනිකයි.
      ඊමේල් එකේ කරුණු ගැන කියනවනම් ඇත්තටම පවතින තත්වය තුළ පවතින අසාධාරණකම් තමයි පළමුව මග හරවා ගත යුත්තෙ. පළමුව තමන් හැදෙන්න ඕනි. ඊට පස්සෙ නිවස තුළ සියල්ලන් එක්ව හැදෙන්න ඕනි. ඊට පස්සෙ විතරයි සමාජය හදන්න පුඵවන් අවංක බවක් කෙනෙකු තුළ ඇති වෙන්නෙ.
      ඕනෑම කෙනෙකුට රැවටෙන්න අයිතියක් තියෙනව. ඒත් අවංකභාවය සහ දේශපාලනික මනස තේරුම් ගන්නත් ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනව.

      Delete
    5. මේ කතිකාව ඇරබෙන්නේ ආචාර්යය වරුන්ගේ වැටුප් ප්‍රශ්නයත් එක්ක කියලා අපි හැමෝම දන්නවනේ.

      ඒක මේ තරම් දුර ඇදුනේ ඇස්.බී ගේ ඔල මොට්ටල කම නිසා. ලංකාවේ දැන් ඉන්න ගොබ්බම ගොබ්බ හාල් පාරු මෙලෝ රහක් නැති කුඹුරක දාලා මඩවන්න පුළුවන් මේ ගොන් ඇමතිලගේ හිතුවක්කාර කම සහ මෝඩ කම නිසා තමයි ප්‍රශ්න මේතරම් ඇදෙන්නේ. ඒ අය හිතාගෙන ඉන්නවා හැමදාම හැම මනුස්සයම අන්දන්න පුළුවන් කියලා. බාල තෙල් ගෙනල්ලා ලක්ශ ගණනින් හොරකරම් කරලා බෙරිලා යන්න පුළුවන් කියලා, මිනිස්සුන්ව ගස් ගැට ගහලා බේරිලා යන්න පුළුවන් කියලා, 10% ගානේ හැම ප්‍රොජෙක්ට් එකකින්ම කොමිස් ගහල බේරිලා යන්න පුළුවන් කියලා.

      ඇස්.බී කියන හාල් පාරුවත් හිතන් හිටියේ මේ ප්‍රශ්නෙත් එහෙම විස්දන්න පුළුවන් කියලා. හැමදාම පැලස්තර අලව අලව චාටර් කරන්න ගිය දේ අන්තිමේ මිනිහටම පාරාවලලක් වුනා. ආචාර්යයවරු මේක නොහිතපු දුරක් ඇදන් ගියා. [මිනිහවත් හිතුවේ නෑ මේක මේ තරම් දුරක් ඇදෙයි කියලා. දැන් ඉන්නවා ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ තක්කු මුක්කු වෙලා, හතර අතේ මඩ ගගහා. වල් නරියා.]

      කොහොමහරි ආයේ 6% කතාවට ආවොත්;

      ආචාර්යයවරුන් මේක ඒ අයට පුළුවන් දුරක් ඇදලා දුන්නා, ඉතිරි ටික තියෙන්නේ "මහජනතාව" අතේ. බැටන් එක ආචාර්යයවරුන්ගෙන් අරගෙන ඒක විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නයෙන් එහා ගිය කතිකාවක් ඇති කිරීම [එක්තරා විදිහකට මේ වෙන්නේ ඒක තමයි] හැබයි මේ සංවාදය මීට පුළුල් විය යුතුයි.

      6%ක් ලැබුනොත් මොකද වෙන්නේ..? 6%ක් ලැබුනොත් අධ්‍යාපනය එක රැයින් වෙනස් වෙනවද..? 6%න් කොපමණ කොටසක් ඵලදායි අධ්‍යාපනයට වෙන් වෙනවද..? මේ අපි විසින් පිළිතුරු සොයා ගත යුතු ප්‍රශ්න.


      Delete
    6. 6% කියල දෙයක් නෑ. ඉතින් නැති දෙයක් වෙනුවෙන් මොකටද තව කරදර වෙන්නෙ?

      Delete
    7. මේක කිසිම විදියකින් එස්. බී. ට පරා වළල්ලක් වෙලා කියල මට පේන්නෙ නෑ. මේක පාරා වළල්ලක් වෙලා තියෙන්නේ ආචාර්යවරුන්ට විතරයි.

      Delete
    8. ""6% කියල දෙයක් නෑ. ඉතින් නැති දෙයක් වෙනුවෙන් මොකටද තව කරදර වෙන්නෙ?""
      HA HA :D

      ඇඩෙනවා. මේ වගේ කමෙන්ට් වලින් පේන්නේ 6% නිසා කට්ටිය කොයිතරම් සලිත වෙලාද කියලා. ඉදලා හිටලා මෙහෙම හරි බය වුනාම මදෑ.

      Delete
    9. මොකට සලිත වෙනවද? මේක හුදෙක් තමන්ගෙ ආත්මාර්ථකාමී වැටුප් ඉල්ලීම් වලට පොඩි සුජාත භාවයක් දීල මහ ජනතාවට විකුණ ගන්න ගෙනාව සීනි බෝලයක්. ඒක ඉතාම පැහැදිළියි මේ 6% ඉල්ලුව විනා එතනින් එහාට මොකද්ද කරන්නෙ කියලා ආචාර්යවරුන් කිසිම අවස්ථාවකදි ප්‍රකාශ නොකිරීමෙන්ම. දැන් ඔවුන්ගෙ නිරුවත හෙළිවෙලා 6% අත ඇරළා කෙළින්ම තමන්ගේ ආත්මාර්ථකාමිත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. (නිර්මාල්ගෙ ස්වර්ණවාහිනී ඉන්ටර්විව් එක) ඉතින් ඇයි අපි තවත් ඇඳගන්නෙ? දැන් මේ විකාර අමතක කරමු.

      අනික ඔය සෙල්ලම් බෝනික්කන්ට මොකට බය වෙනවද? හෙට අනිද්දා ඔක්කොම අමතක කරලා වැඩට යයි. නැද්ද බලා ඉන්නකෝ.

      Delete
    10. ඕක පටන් ගත්තේ ලෙක්චරර්ස් ලඟේ වැටුප් ප්‍රශ්නයක් නිසා කියලා අපි හැමෝම දන්නවනේ.

      ""ඉතින් ඇයි අපි තවත් ඇඳගන්නෙ? දැන් මේ විකාර අමතක කරමු."" :D
      මචන් සිරාවටම උඹ ගැන මට දුකයි. ඔයා පවු..!

      Delete
    11. නෑ. ඔය මෝඩ ලෙක්චරල්ස්ලා පව්. අන්තිමට ලැබිච්චි දේකුත් නෑ. මාස තුනක පඩිත් නෑ. මැට්ටො!

      Delete
    12. මෝඩයිනේනම් මචන්. පී ඇච්. ඩී එක කරපු රටකම ඉන්නේ නැතුව ආවා ලංකාවට පූදින්න. දැන් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.

      වෙන රටක ඉදන් පී.ච්.ඩී කරලා ආයේ ලංකාවට ගිහින් රටට දැයට සේවය කරන්න බලන් ඉන්න අයට මේවා හොඳ පාඩම්.

      Delete
  8. ෴ බුකියෙන් ෴
    ------------
    නදියා - බයෝ-මැත්ස් පංති වල වාඩිවී කලාව කතා කළ වුන්ට හරි ගියාද? වැරදුනාද?

    රුසිරු - ඔව් මමත් දැකල තියනව දෙලොවක් අතර. හිරවුණු අය. සාමාන්‍යපෙල විශිෂ්ට සාමාර්ථ වැඩිගනක් ගත්තු අය ආර්ටෝ කියන්නෙ මැත්ස් ෆේල් උන් කියන මානසිකත්වයෙන් සයන්‍ස් සබ්ජෙක්ට්‍ස් තෝර ගන්නව. ඒත් උන් ගෙ මොල හැදිල තියන්නෙ දර්ශනය, කලාව, දේශපාලනය, සමාජය ගැන හිතන්න කියන එක උන්ට තේරෙන්නෙ පහු වෙලා. මහාචාර්‍යවරු, ආචාර්‍ය වරු, ගැඹුරු චින්තකයන් වෙන්න සුදුසු අය ඒලෙවල් එස් තුනක් අරන් ඉඳිද්දි ගිරව දාල කැම්පස් යන්න බලන සමහර ආර්ටෝන්ට රජමගුල්. අරුන් සයන්ස් කරා කියල උන්ට වැඩකුත් නැහැ. මුන් කැම්පස් ගියා කියල මුන්ට වැඩකුත් නැහැ. මේක ක්‍රමයේ වැරැද්දක්, මුල ඉඳලම තේරුම් ගත යුතු. තමන් කැමතිම තමන්ට හොඳටම පුලුවන් දේ තෝරගන්න මිසක් කිසියම් විශයකට ඇති ඉල්ලුම නිසා එයා තෝරගැනීමෙ ක්‍රමය සිසුන් සහ ඔවුන් ගේ ගුරුදෙගුරුන් බැහැර කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. සමහරවිට සයන්ස් මැත්ස් තෝරා ගන්න එවුනුත් අන්තිමට ගිහින් කරන්නෙ ආටන්ට උරුම රැකියාවක් තමයි. (රස්සාවල් කීයෙන් කීයටද සයන්ස් මැත්ස් දැනුමක් ඕනැ) ඒ එක්කම ඕනෑ ඉස්කෝලෙක සාහිත්‍ය දින කරන්නේත් සයන්ස්/මැත්ස් කරන එවුන් මිසක ආටන් නෙවෙයි.

      Delete
  9. මේ නිව්ස් එක බලන්න. දැන් කොහොමද අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම මේ ගැටළුව විසඳන්නෙ? (මේ හුදෙක් සිසුන්ගේ දඩබ්බරකම ගැන ප්‍රශ්නයක් නෙවෙයි. රළු වුණත් ඒ ඔවුන් තමන් නොකැමැති විදුහල්පතිවරයකුට ප්‍රතිචාර දක්වන ආකාරය. අපි අහන්න ඕනැ ඇයි ඔවුන් මේ විදුහල්පතිවරයාට අකැමැති? කියන ප්‍රශ්නය. කොහොමද අපි පාසලක සිසුන් කැමැති විදුහල්පතිවරයෙක්ම දෙන්නෙ? නැත්නම් ආණ්ඩුව දෙන ඕනෑම විදුහල්පතිවරයකු ඔවුන් භාර ගන්න ඕනෙද?)

    විද්‍යාලෝක සිසුහු දිසාපාමොක්ට ගසති

    වැඩබාරගත් ගමන් රෝහලට ගෙනයයි.

    2012 ඔක්තෝබර් මස 01 10:56:44 | සජිව විජේවීර , සුගතපාල දීයගහගේ

    ගාල්ල විද්‍යාලෝක නව විදුහල්පති වැඩ භාරගෙන සුළු වේලාවකින් සිසුන්ගේ පහරකෑමට ලක්ව මින් මද වේලාවකට පෙර කරාපිටිය රෝහලට ඇතුළුකරනු ලැබුවේය. සිසුන් උඩුමහලේ පන්තිකාමර වල සිට ගල්මුල් පොලු කෑලි හා වතුර පිරවූ සිලි සිලි බෑග් වලින් විදුහල්පතිට ගැසූහ.

    http://www.lankadeepa.lk/index.php/articles/67848

    ReplyDelete
    Replies
    1. ෂහ්....... අනාගතයක් තියෙන කොල්ලො ටිකක්.

      Delete
    2. මෙතන අපි දකින්නේ මොකක්ද..? නොහැදියාව, විනය පිරිහීම, සිස්ටම් එකේ කඩා වැටීම, ජනතාව නීතිය කෙරෙහි ඇති විශ්වාසය බිද වැටීම නිසා ඒ අය නීතිය අතට ගැනීම.

      එහෙම වෙන්නේ ඇයි..? මේ දේවල් අධ්‍යාපනය නඟා සිටවීමෙන් පුළුවන්ද..?

      ඔවු පුළුවන්.

      අධ්‍යාපනය 6% වෙන් කරපු ගමන් දිවිය සැප සම්පත් ලැබෙන්නේ නෑ. මේ ලිපියෙන් කියවෙන මූලික දෙයත් ඒකනේ. 6%ක් වෙන්කරලත් කෝච්චිය යන්න හදන්නේ මේ පීල්ලේනම් අපි නතර වෙන්නේ එකම තැන. ඒත් අපිට පුළුවන් 6%ක් වෙන් කිරීමත් එක්ක අළුතින් ශ්‍රී ලංකාවක් හදන එක පටන් ගන්න. ශ්‍රී ලංකා 2025 වගේ ස්ලෝගන් එකක් දාලා. හරි හමන් විශන් එකක් එක්ක, සිරා ගෝල්ස් ටිකක් හදාගෙන, අධ්‍යාපනය හරි පීල්ලට ගන්න ගමන් අපිට පුළුවන් දැනට මේ පීළි පැනලා තියෙන මුළු කෝච්චියම හරි පීල්ලට ගන්න.

      "ඕවා හීනනේ බන්"

      රයිට් සහෝදරයෝ කියන්නැති "අපි කවදහරි අහසින් යනවා" කියලා. වටේ පිටේ ඈයෝ හිනාවෙන්නැති. "අනේ නිකන් අඩු කඩා ගන්නේ නැතුව හිටින් කොළුවෝ" කියලා. ඒත් ඒ අය අහසින් ගියා. ඒ අයගේ පසු පරපුරේ අය හඳටටත් ගියා.

      ලංකාවේ අවුල හීන දකින මිනිස්සු නැතිකම. මම ඒ අයට බනින්නේ නෑ. මොකද ඒ අයගේ හීන හොරු අරන්..!

      Delete
    3. රයිට් සහෝදරයෝ කිව්වෙ නෑනෙ අපට 6% දෙන්න කියල. එහෙම තමයි කරන මිනිස්සු කරනව, නැතිවාදම් නොකියා. දැන්වත් ඔය මෝඩ 6% කතාව අත අරිමු.

      Delete
  10. අපි මේ අධ්‍යාපනේ ගැන කෙස් වලු පටලව ගනිද්දි මාරයා ගිහින් රුපියල් සීයක් දීල 'සාජන්ගෙ නැන්දම්මා' බලන්න. වාසනාවන්ත මිනිස්සු. ෂහ් අපට බෑනෙ ඔය වගේ සරල සොමියක් ගන්න රට ගිනි ගත්තු වෙලාවක. ඉගෙන ගත්තු එකේ පව තමයි.

    ReplyDelete
  11. මුලින්ම ඔය ඊය එව්ව කෙනා මේ පෝස්ට් එකත් බලන නිසා, ඒ කෙනාගේ අව්‍යාජ හෙළිදරව්වට හිස නමනවා.

    දෙවැන්න ඔහු/ඇය පැහැදිලි කලා වගේ කෙරෙන්න ඕන දේම නොකෙරෙන මේ ක්‍රමයේ කලේ කාලය කා දැම්මක්දෝ..යන හැගීම ඇති නොවනවනම් තමා පුදුම.

    FUTA අරගලයේ පවතින ස්වභාවයෙන් පැහැදිලි කරපු අරමුණුවලින් යන්න ඕන උපරිම දුර දැන් ගිහින් ඉවරයි කියන මතයේ මම ඉන්නේ. දැන් නව සැලැස්මක් කරා යොමු වෙන්න ඕන. කොච්චර රැල්ලක් ආවත් තාම මේ අරගලය පොදු මහජනතාව අතරට ගිහින් තියන ප්‍රමාණය ඉතාම අඩුයි. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න, රැඩිකල් තීරණයක් අරං අරගලය ප්‍රතිදිශාගත කරන්න අත්‍යාවශ්‍යය කාලයක් මේ. ඒ තීරණය ගනිද්දි අරමුණු කරගන්න අවශ්‍යය අමුද්‍රව්‍යය බොහොමයක් ඊයෙ තියනවා.

    ඒක ඒ විදිහට සිද්ධ නොවුනොත් හිටියටත් වඩා පහළ තත්වයකට මේ කතිකාව වැටෙන්න තියන ඉඩ වැඩියි. ඒ අනාගත තත්වය ගැන තියන හොදම කැඩපත් ඡායාරූපයක් මේ බ්ලොග් ලෝකෙම තියනව කියල මට හිතෙන්නේ.

    පෞද්ගලික ප්‍රහාරයක් නම් නෙමේ. ඒත් 'වර්ගපූර්ණිකාව' ට උනෙත් ඒ දේම නේද? ආරම්භ කරපු අරමුණ උතුම් උනාට ප්‍රතිදිශාගත කිරීමක් අවශ්‍යය වෙලාවට නොවුන නිසා (තවමත් වුනේ නෑනෙ) වුනේ ජනප්‍රියත්වය හීන වීමක් විතරක් නෙමේ. පහර වැදුනු කාරණා දැන් වෙනදටත් වඩා යහමින් සිද්ධ වෙන එක.

    එහෙමත් නැත්නම් හැමදාම වගේ මේ කාරණා දෙකෙදීම තිබ්බ යටු අරමුණකට අපි රැවටිලා වෙන්නත් පුළුවන්. ඒක තමා ජොලිම වැඩේ...නැත්ද මං අහන්නේ....

    ReplyDelete
  12. උඹල වගේ මී-හරක්!
    කන්නන්ගරගේ වහු පැටවුනේ මේ අහපල්ලා. එකම විසඳුම මම කියන්නම්. උඹලා වගේ අසාර්තක වාමාංශික අදහස් පසුපස යන්නේ නෑ මම. මම ඇමරිකා ගියෙත් ඒකයි.

    එහේ එහෙමයි-මෙහේ වැරදියි.
    සර්දියෙල් දර්ශනේ -හරි යන්නේ නෑ අනේ.
    ඔක්කෝටම ගෙවන්ඩ කියපල්ලා! එතකොට හරි!
    ඉල්ලුවාට, ඉල්ලූ පලියට දෙන්නේ කවුද (මේ සල්ලි ගැන ඈ!.. චික් විතරක් වල්හිත)
    දෙන්නේ මොකෙන්ද?

    මීට- A.සපිරිරෝ මුග්ධරත්න

    ReplyDelete
  13. //ඉස්කෝලෙකට පුටුවක් අරන් දෙන්න ප්‍රතිපාදන නෑ කියන අමාත්‍යාංශයේ හැම නිලධාරියෙක්ම හොඳම වාහනයක් අරන් තියෙනව වෙන් කරන ප්‍රතිපාදන වලින්. හැම ඉහළ නිළධාරියෙක්ම රුපියල් ලක්ෂයකට වඩා වටින ලැප්ටොප් එකක් වෙන් කරන ප්‍රතිපාදන වලින් අරන් ගෙදර ගෙනියල පොඩි එවුන්ට් ගේම් ගහන්න ගිහින් දීල තියෙනව. මොකද මුන්ගෙන් වැඩි දෙනෙක් කොම්පියුටරයක වැඩ කරන්න දන්නෙ නෑ. ඒත් මෙහාට ආපු හැටියෙම ඉල්ලනව ලැප්ටොප් එකක්. මාරු වෙලා යද්දි ආපහු භාර දීමක් නෑ. කැඩිච්ච කෑල්ලක් ගෙනත් දෙනව. සමහර අය අවුරුද්දක් පාවිච්චි කරල කොහෙන් හරි කැඩිච්ච කෑල්ලක් ආපහු භාර දීල අලුත් එකක් ඉල්ලනව. උන් අපි වගේ ලාභ ඒව නෙවෙයි ඉල්ලන්නෙ. ලක්ෂෙට එහා ඒව.

    මම පුද්ගලිකව දන්නව වෙන්කරන ප්‍රතිපාදන වලින් සියයට විසි පහකට වඩා වැය කරන්නෙ මේ වගේ නිලධාරීන්ගේ සහ ඇමැති වරුන්ගෙ පුද්ගලික ප්‍රයෝජනයට සහ බොරු උත්සව වලටයි. ඊට අමතරව ආධාර විදියට ලැබෙන ඒවගෙන් සියයට අනූවක්ම නාස්තියයි. වංචාවයි.//

    අන්න බලන්න මගෙ ආදරණීය අම්මෙ තාත්තෙ... මේ උත්තමයො නේද ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියෙන් අපේ උතුම් ලක් දෙරණට දායාද කල අති විශිශ්ට උපාධිධාරී බුද්ධිමතුන්....? සීයට හයකුත් මදි යකෝ..............

    ReplyDelete
  14. මහත්වරුණි සෝ එක ඉවරයි. ලෙක්චරර්ස්ලා ගෙදර ගියා දැන් ඔය අයත් ගෙදර යන්න. :D

    ReplyDelete
  15. ඇස්. බී. මැතිඳුනේ අපහට වෙන්න සමා
    කියනව අපේ දුක ඔබටම සිරස නමා
    ජීවත් වෙන්න ඇත්තේ මේ ජොබම තමා
    දෙනවද අනේ තව ජුංඩක් කරල සමා

    සීයට හයක් ඉල්ලුවෙ අපි නෙවෙයි සර්
    අනේ ඉල්ලුවේ පඩි විතරමයි සර්
    අනේ කොහොම හරි කරලා පඩිය සර්
    වැඩි කරලා දෙන්න චුට්ටක් බැරිද සර්

    අනේ ඇස්. බී. සර් අපි ගැන බලන්න
    ඔන්නොහෙ කීයක් හරි තව දාන්න
    බ්‍රෝඩ් බෑන්ඩ් ඩොන්ගල් එකකුත් දෙන්න
    පාසල් දීමනාවත් සලකා බලන්න

    එහෙම වුණොත් හෙට අපි ආයෙත් එනවා
    සීයට හය අමතක කර දෙක පුනවා
    මහින්ද මහ රජාටම මාකට් යනවා
    ඡන්දෙදි පත්තරේ පිටුවක් දා දෙනවා

    ReplyDelete
    Replies
    1. හොඳ පබඳුමක්. කොල්ලා දක්ෂයා.

      Delete
    2. හෙහ් හෙහ් මරු ඕයි. මාලන් සර්ට නොදැණුනාට ඕක තමයි ඇත්ත. පුඵවන්නම් එක කම්කරුවෙක්, ගොවියෙක්, සාමාන්‍ය වෘර්තිකයෙක් මේ සටනට එක් කරගෙන පෙන්නන්න කියන්න. ඒක වෙන්නෙ නෑ. මොකද මේ මිනිස්සු හැමදාම සාමාන්‍ය මිනිස්සුන්ව අමතක කරල අඩි සිය ගාණක් අහසෙ ඉන්න උත්සාහ කරන උදවියයි. පොඩි එකාව හැම ආණ්ඩුවක්ම චප්ප කරන මොහොතවල් ‍වල උන් වෙනුවෙන් එක දවසක සංඛේත වැඩ වර්ජනයක්වත් නොකරපු අය. තමන්ට අහසෙ ජීවත් වෙන්න හම්බ කරන එකාට කල ගුණ සලකන්න අමතක වෙච්ච එවුන් වෙනුවෙන් වචනයක් හෝ කතා කරන සාමාන්‍ය මනුෂ්‍යයෙක් මට තවම හමු වුණේ නැති එක පුදුමයි. මම සාමාන්‍ය මිනිසෙක්. රුපියල් විසිදාහට අඩු ආදායමක් ලබන සාමාන්‍ය මිනිසුන්ගෙන් කෙනෙක්. අපි එක්ක ඉන්න එකෙක්වත් මුන්ට හොඳක් කියන්නෙ නෑ. මුං අපිට වඩා දැනටම දහගුණයකට වඩා පඩි ගන්නව. ඒත් මේ කාළකණ්නින්ට නිකම්වත් හිතිල නෑ ඒකත් උන්ට මදිනම් අපි වගේ එවුන් ජීවත් වෙන්නෙ කොහොමද කියල. මෙතන කිසිම අධ්‍යාපනයට ඇති ආදරයක් නෑ. සම්පූර්ණයෙන්ම සල්ලි පෙරේතකම විතරයි. නොදකින් කාළකණ්නි.

      Delete
    3. මේ කතාවත් ඇත්තනෙ ඕයි....

      Delete
  16. අපි දැන් ඔය 6% කතාව පොඩ්ඩකට අමතක කරමු. මේ අරගලය සාර්ථක වෙනවා දකින්න මමත් කැමතියි. ඒ මේ නිසා. 6% හෝ නිර්මාල් හෝ අන්තරය අරගෙන අණ්වීක්ෂයකින් බැලුවොත් ඇති පදං කුණු හොයාගන්න පුළුවන්. ඒ විදිහට ගියොත් අද පාරට බැහැලා උද්ඝෝෂණය නමැති පලමු ගල ගහන්න පුළුවන් පව් නොකරපු එවුන් නැහැ.

    ගල් කීපයක් ගැසිය යුතු බවට විවාදයක් නැහැ. ආණ්ඩුව යන්නේ ඒකාධිපති ගමනක. මැති ඇමතිවරු හැසිරෙන්නේ අපි තොපි කියන දේවල් ගණන් ගන්නේ නැහැ, පුලුවන් දෙයක් කොරාපියව් කියලා. බලාපොරොත්තු තබාගත හැකි විපක්ෂයක් අද රටේ නැහැ. වෙන මොනවත්ම කරන්න බැරිනම්, පොඩ්ඩක් අපි කියන දේ අහපියව් කියලා ආණ්ඩුවට දැනෙන්න ගලක් දෙකක් ගහන්නවත් කෙනෙක් හොයාගන්න බැහැ. මොකද ගල් ගහන්න ගලක් හොයනකොටම උන් ගල් වෙන නිසා.

    චාමිගේ අදහස එක්ක එකඟ වෙන්න පුලුවන් මෙතැනදි... ඒකාධිපති ආණ්ඩුවකට දැනෙන්න විරුද්ධකමක් පෑමට මේ අරගලය සමත්වීම. අරගලය සාමකාමී ස්වරූපයක් ගැනීම. බහුතරයට එකඟ විය හැකි තේමාවක් තිබීම. මේ 6% කොහෙද යන්නේ, මුන්ට ඇත්තටම ඕනෙ පඩි වැඩි කරගන්නද වගේ ප්‍රශ්න ඕනෙම වැඩ පිලිවෙලක් සම්බන්ධයෙන් අහන්න පුලුවන් බොහොම සාධාරණ ප්‍රශ්න. ඒත් මට හිතෙන්නේ ඇත්ත හේතුව තමයි ආණ්ඩුවට ඉඟියක් දීම, උඹලව පත් කලෙත් අපි. උඹලා යුද්දෙ දිනනකොට හුරේ දැම්මෙත් අපි. ඒත් උඹලා අපිව බල්ලෝ බළල්ලු ගානට දැම්මොත්, අපිත් උඹලට විරුද්ධව නැගී හිටිනවා කියන එක.

    අචාර්යවරුන්ට පඩි වැඩිවීම හරි සිද්ධවෙනවා නම් මේ අරගලය සර්ථකයි. 6% එපා, දැනට තියනවට වඩා 0.1% දුන්නත් මේක සාර්ථකයි. මොකවත් නිසා නෙමෙයි, ආණ්ඩුවට බල කිරීමක් කරන අරගලයක් නිර්මාණය කිරීමට හැකිවීම, ඒක මත්තෙම මෙච්චර කලක් නැහෙන්න තරම් ශක්තියක් හොයාගැනීම, ප්‍රචණ්ඩත්වය මාර්ගයක් ලෙස තෝරා නොගැනීම. මට නම් අම්මපා පුදුමයි... පොඩ්ඩක් නෙමෙයි මාරම පුදුමයි. මොකද මේ වගේ දෙයක් ලියනවට වඩා පාරට බැහැලා සටන් පාඨයක් කියලා කෑගහන්න තරම්වත් ගටක් මට නැති නිසා වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. 0.1%ට වඩා අයවැයෙන් හම්බ වෙයි හැබැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට විතරක් නෙවෙයි සියළුම රජයේ සේවකයින්ට.

      Delete
    2. බලන්න 0.1%කට වඩා හම්බවෙනවලු. අපේ වාසනාව..!

      මහරජාණන් වහන්සේ අපි ගැන මේ තරම් හරි අනුකම්පා කරනවට. උන්නාන්සේයි උන්නනන්සේගේ පවුලේ ඈයෝයි, අනේ අර වාසනාවන්ත් ඇමතිමණ්ඩලේයි ඒ අයගේ පවුලේ ඈයොයි.බුදුන් දැක නිවන් දකින්න ඕන.

      Delete
    3. මාස තුනක පඩි පූජා කරලා 0.1% ක් ලබන එක ජයග්‍රහණයක් නෙවෙයි. අන්ත පරාජයක්.

      Delete
    4. අනේ එහෙම කියන්න එපා අයුබොවන්..!

      අපි මහරජාණන්ගේ ගැත්තෝ වෙච්චි. උන්නාන්සෙට ඉහලින් යන්න අපිට ඇහැකිද..? උන්නාන්සේ දෙන ඕන දෙයක් අපි පිළිගන්නේ ජයග්‍රහණයක් හැටියට මිස පරාජයක් හැටියට නෙමෙයි.

      අනේ ඒ වගේ ඇත්තෝ. අපි කොයි තරම් පින් කරලා තියේයිද මේ වගේ උත්තමයන්ගේ අන්තේවාසිකයෝ වෙන්ට.

      Delete
    5. ලියනකොට එහෙම ලිව්වට, අධ්‍යාපනේට තව 0.1% දෙන්නම් කිව්වොත් ඒක ජයග්‍රහණයක් නෙමෙයි තමයි. මම කියන්න උත්සහ කලේ, ඔය 6% ගැනම කිය කිය ඉඳලා වැඩක් නැහැ... මේ අරගලය මෙතෙක් කල් මේ ආන්ඩුව යටතේ මිනිස්සුන්ට කරන්න බැරිවූ, එහෙම නැත්නම් බැරි වෙන තැනට සැලැස්ස්වූ දෙයක් කිරීමට විවිධ සමාජ ස්ථර එකතු වී ඉන්න එකම ජයක්. මේ අරගලයට වාසිදායක ප්‍රතිචාරයක් ආණ්ඩුවට දෙන්න සිද්ධවුනොත් ඒක මාරම ජයක්.

      Delete
    6. ඉතින් මාලන් ගොයියො මහරජාව පැරැද්දුවොත් අපි ඔක්කොම අනාතයි කියල පත්තර පිටු පුරා අත්සන් ගහල ඡන්දෙ දෙන්න කියපු ගැත්තො ටික නේන්නම් මේ ඉට්ටැයික් කරන්නෙ. මේක යාඵවො අතර පුංචි රණ්ඩුවක් වෙන්න ඇති. අනෙක මේක කොහොමත් සාමාන්‍ය මිනිස්සුන්ට සම්බන්ධයක් නෑ. ඉහළ පංතියේ මිනිස්සු අතර රටේ මහජනතාවගෙන් මංකොල්ල කන ආදායම බෙදා ගැනීම පිළිබඳ පවුල් ප්‍රශ්ණයක්.

      කොහොම වුණත් මට හිතෙන එක දෙයක් තියෙනව මේ මාලන් ගොයියත් එක්කො මේ කල්ලියේ එකෙක්. නැත්නම් වෙන්ඩ ආචාර්යවරයෙක්. ඒකයි මේ සිද්ධ වෙන දේ වෙනත් දේකට හරවන්න වලි කන්නෙ. මේ ලිපියෙම කියවෙන පරිදි ප්‍රශ්ණෙ ප්‍රතිපාදන මදිවීම නෙවෙයි. ලැබෙන ප්‍රතිපාදන ටිකත් නාස්ති කිරීමයි. ඉතින් අවංකව සටන පටන් ගන්නවනම් ඔබ තුමා කියන්න ඔබ තුමාගේ පංතියේ සහෝදර ආචාර්යවරුන්ට පළමුව සාධාරණය ගෙදරින් පටන් ගන්න කියල.
      ඒක මෙහෙමයි. ඉස්සර වෙලා තමන්ගෙ දරුවො හොර පාරෙන් ලොකු ඉස්කෝල වලට දාල තියෙනවනම් අස්කරගෙන ගෙදරට ළඟ තියෙන ඉස්කෝලෙට දාන්න කියන්න. එතකොට එයාල බිහි කරපු සුපිරි පංතියට අයත් සුපිරි ඉස්කෝල කියල ජාතියක් නැති වෙයි. අනෙක මොකද වෙන්නෙ තමන්ගෙ කොල්ල, කෙල්ල සිරිපාලගෙ, කරුණාවතීගේ කෙල්ල, කොල්ල එක්ක එකට ඉස්කෝලෙ ගියා කියල. අන්න එතකොට පාසල් අතර තියෙන පංති පරතරය අහෝසි වෙයි. විශේෂ සැලකිලි සහිත ඉස්කෝල නැතිවෙයි. සිරිපාලගෙ, කරුණාවතීගෙ කොල්ලට කෙල්ලටත් මුන්නාන්සෙලාගේ දරුවන්ට සමාන අධ්‍යාපනයක් ලැබෙයි. අධ්‍යාපනයේ අසාධාරණය පටන් ගන්නෙ ඔතනින්නෙ මහත්තයෝ.
      සියවැනි පඩියට එක සැරේ නගින්න බෑ. පලමු පඩියෙන් පටන් ගමු.
      මොකෝ සියයට හයක් දුන්න කියල මේ අසාධාරණ වෙනස් වෙන්නෙ නෑනෙ. ඕනිනම් ඒ සල්ලි වලින් සුපිරි පංතිය වෙනුවෙන් සුපිරි පාසල් තව කීයක් හරි හදයි.
      දෙවැනි එක විනිවිදභාවයක් නැති වියදම් කිරිල්ල හැම ශතයක් වෙනුවෙන්ම වගකීම් රටට හෙළි කරන්න කියල අධ්‍යාපන බලධාරීන්ගෙන් වගේම සියඵ රාජ්‍ය ආයතන වලින් ඉල්ලන්න. ඒ සඳහා මැදිහත් වෙන්න රජයට බලපෑම් කරන්න.
      අන්න ඒ වගේ අවංක චේතනා එක්ක සටන පටන් ගමු. මාලන් සර් එහෙම වුණොත් උද්ඝෝෂණයට පුංචි මිනිස්සුන්ගෙන් දාහක් මම එකතු කරන් එනව. ඒත් මේ ඇතුලෙ ගූ හංගගෙන එළියෙන් හඳුන් තවරපු කිසිම පදනමක් නැති මොන්ටිසෝරි මට්ටමේ දේවල් වලට සහයෝගය දුන්නට වැඩක් නෑ. හෙට උන් පඩි වැඩි කරන් ලස්සනට වැඩ කරයි. උන්ගෙ ළමයි සුපිරි ඉස්කෝල වල සුපිරි අධ්‍යාපනයක් ලබයි. කරුණාවතීගෙ, සිරිපාලගෙ කොල්ල ගමේ ඉස්කෝලෙ ගිහින් එතනින් හැලිල කුඹුරු කොටයි. පොල් කඩයි.

      ඔබතුමා ආචාර්යවරයෙක් හෝ වෙන්ඩ ආචාර්යවරයෙක්නම් මේ අපි වගේ පුංචි නරපණුවන්ගෙ අදහස් ගැනත් පොඩ්ඩක් හිතල බලන්න. අපේ පපු කැවුත්තට දැනෙන විදියෙ දෙයක් මේ සටන තුළ තවමනම් නෑ.

      Delete
    7. මට ඔබේ අවංකබාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒත් මම මාරයා, චාර්මි සහ මේක ලිව්ව කෙනාව [එයාව මම දන්නවා එයත් බ්ලොගර් කෙනෙක්] මම විශ්වාස කරනවා. ඒ තුන්දෙනාම අයත් වෙන්නේ ඔය වරප්‍රසාද නොලත් පැලැන්තියට. ඒක නිසා ඒ අය මතු කරන තර්කය ලේසියෙන් ඉවත් කරන්න බෑ.

      ලංකාවේ අධ්‍යාපනය, විශේෂයෙන් උසස් අධ්‍යාපනය නිර්මාණය වෙලා තියෙන්නේ එක පන්තියකින් තව එකකට නගින ඉනිමඟක් විදිහට. ඒ අනිත් පන්තියට පැන ගත්තට පස්සේ තමන් කලින් හිටපු පන්තිය අමතක කරලා දානවා. තමන්ට මෙතෙන්ට එන්න ඉඩ දුන්නේ ඒ දුප්පත් මිනිස්සු කියන දේ අමතක කරනවා. රටේම මිනිස්සු දුක් විදිදි තමන්ගේ සුඛ විහරණය ගැන පමණක් සිතනවා, තමන් වරප්‍රසාද ලත් පන්තියක් යැයි සිතනවා.

      මේ ගැන ප්‍රශ්න කරන්න චාමිලට, මාරයට, මේක ලියපු පුද්ගලයට අයිතියක් තියෙනවා. එ අය එහෙම ප්‍රශ්න කරන්නේ ඉරිසියාවට නෙමෙයි, කුහක කමට නෙමෙයි. ඒ අය අහන්නේ ඇයි අපි මේ වගේ කුහක මිනිස්සුන්ව හදන්න අපේ බදු මුදල් යොදවන්නේ.

      මම හිතන්නේ මේ ලිපියේ මතුකරනවා වගේ 6% නෙමෙයි 20%ක් වෙන්කළත් අපි පවත්ව ගන්නේ මේ මජර ක්‍රමයනම්, මේ වෙන් කරන මුදලින් කිසිදු ඵලයක් ගන්න බෑ. ඒක තමයි තිත්ත වුනත් ඇත්ත.

      Delete
    8. //මට ඔබේ අවංකබාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒත් මම මාරයා, චාර්මි සහ මේක ලිව්ව කෙනාව [එයාව මම දන්නවා එයත් බ්ලොගර් කෙනෙක්] මම විශ්වාස කරනවා//
      මහ බඹාට මූනු දෙකයි. මාලන් හොඳට කියවල බලන්න. තේරෙන්නෙ නැද්ද අර ලිව්ව කෙනාම තමයි ඔය. දෙබිඩි මිනිස්සු.

      Delete
    9. ""තේරෙන්නෙ නැද්ද අර ලිව්ව කෙනාම තමයි ඔය. දෙබිඩි මිනිස්සු.""
      මට ඔබ කියන දේ හරියට වැටහුනේ නැහැ. කවුද දෙබිඩි..? මමද..? ලිව්ව කෙනාද..?

      Delete
    10. අන්තිමට කතාව එන්නේ එක එකාගේ පෞද්ගලික දේවල් වලට...

      Delete
  17. සරසවි ඇදුරන්ගේ වැටුප් ඉහළට

    ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුට 140,721 - ආධුනික කථිකාචාර්යවරයකුට 55,775

    සමන්මලී ප්‍රියශාන්ති

    ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ වැටුප ඊයේ (1) සිට රුපියල් එක්ලක්ෂ හතළිස් දහස් හත්සිය විසි එකක් දක්වාත් ආධුනික කථිකාචාර්යවරයකුගේ වැටුප රුපියල් පනස් පන්දහස් හත්සිය හැත්තෑ පහක් දක්වාත් වැඩි කර තිබේ.

    එසේම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයක් සඳහා වන මුලික වැටුප සියයට 16.18 කින්ද ආධුනික කථිකාචාර්යවරයකුගේ මුලික වැටුප සියයට 3.25 කින්ද වැඩි කර ති‍බේ.

    කිසිම රජයක් සියලුම ශ්‍රේණි සඳහා එකම ප්‍රමාණයකට වැටුප් වැඩිකිරීමක් සිදු කර නොමැති බව කියන උසස් අධ්‍යාපන අමාත්‍යංශය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මේ වැටුප් තල පිළිබද අවධානය යොමු කිරීමේදී දැනට ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයා ලබා ගන්නේ රුපියල් 70,000 ක වැටුපක් බවද කියයි. අමාත්‍යංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 44,000 ක් වන අතර පරිපාලන සේවයේ මුළු වැටුප රුපියල් 29,810 ක් ද පරියේෂණ ආයතනවල මුළු වැටුප රුපියල් 42,635 ක් ද උපාධිධාරී සේවයේ මුළු වැටුප රුපියල් 15,635 ක් ද වේ.

    මේ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය යෝජනා කළ පරිදි විශ්වවිද්‍යාලවල ආධුනික කථිකාචාර්යවරුන් සඳහා ආකර්ශනීය හා රඳවා තබා ගැනීමේ වැටුප් තලයක් මේ වන විටත් ලබා දෙන බව අමාත්‍යංශය පෙන්වා දෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක වසර 7ක් සේවය කළ පසු ලෝකයේ ඕනෑම රටක විශ්වවිද්‍යාලයක පර්යේෂණ කටයුත්තකට යොමු වීමට වසරක සියලු වැටුප් සහිත නිවාඩුවක් හිමි වේ. එසේම ආචාර්යවරයාගේ හෝ ආචාර්යවරිය‍ගේ බිරියට හෝ සැමියාටද නොමිලේ ගුවන් ටිකට් පතක් ලබා දේ‍.

    ආධුනික කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන අයකුට තම ආචාර්ය උපාධිය නිම කර ගැනීම සඳහා සියලු වැටුප් සහිතව අවුරුදු 3 මාස 9 ක නිවාඩුවක් සහ යාමට ඒමට ගුවන්ටිකට් පත් ලබාදේ.

    ලොව කිසිම වි‍ශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු පැමිණීමේ ලේඛන අත්සන් නොකරයි.

    විශ්වවිද්‍යාලවල විභාග පැවැත්වීමේ කටයුතුවලදී ප්‍රශ්න පත්‍ර සැකසීම, පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ආදිය සඳහා ද ආරාධිත දේශන සඳහාද ගෙවීම් සිදු කරනු ලබයි. මේ ගෙවීම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍ර ලේඛ අංක 981 මගින් බලපැවැත්වෙන අතර මේ සඳහා වන ගෙවීම් මේ වන විට පස්ගුණයකින් ඉහළ දමා තිබේ.

    එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට නිවාස ණය ලබා දීමේ ක්‍රමයක් ද මහජන බැංකුව හා ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක වන අතර රුපියල් මිලියනය දක්වා වන ණය සඳහා සියයට 7 ක පොළියක් ද රුපියල් මිලියන 2 දක්වා වන ණය සඳහා සියයට 9 ක් පොළියක් ද වන අතර මෙයින් සියයට 5.5 ක් රජය විසින් දරනු ලැබේ. මේ වන විට රජය පසුගිය වසරක කාලය තුළ පස්වතාවක් ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කර තිබේ. මෙවැනි වරප්‍රසාද රැසකට හිමිකම් කියන ආචාර්යවරු වැඩිවැටුප් ඉල්ලමින් වැඩවර්ජන කිරීම සාධාරණ නැතැයි ද උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    http://www.dinamina.lk/2012/10/02/_art.asp?fn=n1210024

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඔක්කෝටම කලින් කාට හරි තහවුරු කරන්න පුළුවන්ද මේ ගණන් හරිද කියලා. වැරදි නම් නිවැරදි ගණන් ඉදිරිපත් කරන්න.

      Delete
  18. දිනමිණ නේ අයිස් අම්මා ෂෝයි!!!

    ReplyDelete
  19. //මම හිතන්නේ මේ ලිපියේ මතුකරනවා වගේ 6% නෙමෙයි 20%ක් වෙන්කළත් අපි පවත්ව ගන්නේ මේ මජර ක්‍රමයනම්, මේ වෙන් කරන මුදලින් කිසිදු ඵලයක් ගන්න බෑ. ඒක තමයි තිත්ත වුනත් ඇත්ත.//

    අන්න හරි මාලන්. පටන් ගන්න ඕනි තැන එතන තමයි. මේ මජර ක්‍රමය අහෝසි විය යුතුයි. මම හිතන්නෙ නෑ ඒක යූඑන්පී හෝ ජවිපෙ සහයෝගය ආචාර්යවරුන්ගෙ සටනට ලැබුණට සිදු වෙයි කියල. මොකද මේ පක්ෂ දෙකටම එහෙම කිසිම අවශ්‍යතාවයක් නෑ. කොහොම හරි බලය ලබා ගැනීම විතරයි ඔවුන්ගෙ අරමුණ. මේ මජර ක්‍රමයේ ආරම්භයද සිදුවූයේද යූඑන්පී තිඹිරිගෙය තුළමයි.ඉතින් මොවුන්ගේ බලාපොරොත්තුව ආචාර්ය සටන හරහා ආණ්ඩුව පෙරලීමේ සිහින දැකීමයි. ආණ්ඩුව පෙරළා එවැනිම තව එකක් පත් කර ගත් පමණින් වෙනසක් සිදු නොවන බව දැන් කී වරක් අත්දුටු සත්‍යයක්ද?

    ReplyDelete
  20. http://www.colombotelegraph.com/index.php/futa-and-the-future-of-education/
    http://www.colombotelegraph.com/index.php/why-futa-demands-university-autonomy-and-end-to-politicization/
    http://www.colombotelegraph.com/index.php/attacks-on-judiciary-painful-blows-on-rule-of-law-can-it-survive/

    ReplyDelete
  21. අපේ යුව රජා බැසිල් මහත්මා
    ඔන්න අපිට පඩි වැඩි කර දෙනවලු
    අනේ බුදුන් දැක නිවන් දකිත්වා
    එතුමට විතරයි දුක තේරෙන්නේ

    පෙරටුගාමියෝ - අන්තරෙ කොල්ලෝ
    පාවාදුන්නැයි සටන බනිනවලු
    අනේ තොපි ගිහින් හාල් ගරල්ලා
    තොපිට මොටද අපි කඩේ දුවන්නේ

    ඔන්න රට වටේ සල්ලි නැති නිසා
    එකින් එකට ඉස්කෝල වැහෙනවලු
    අනේ මොටද අපි කරදර වෙන්නේ
    අපේ ළමයි නෑ ඕවට යන්නේ

    නිකම් කට තියං ඉන්න බැරි එවුන්
    සියේට හය දැන් කොහෙද අහනවලු
    ඕකුන් කුරුසේ ඇණ ගහපල්ලා
    ඔවුන් තමයි අපෙ ආතල් කන්නේ

    සීයට හය වළලන්ට හදන කොට
    මුන් තව ඒකම කූරු ගානවලු
    අනේ තොපිට වෙන වැඩක් නැද්ද බං
    ඕකම අහලා අප රිද්දන්නේ

    පඩි වැඩි වීලා - අලි තන්තෝසයි
    අපි මහ වීරයො කියා හිතෙනවලු
    සීයට හය දැන අමතක කරපං
    ඇයි තව ඕවට කරදර වෙන්නේ

    ReplyDelete
  22. බැසිල් යුව රජා ගුණ කඳ ගයමු සිරි සොඳා!!

    මෙන්න පඩි කියා - අපට දුන්නු බඩපුරා
    බැසිල් මහත්මා - ගුණකඳ වනමු මෙලෙසිනා
    තුටු කඳුළු පෙරා - ඔබේ සිරි පතුල් දොවා
    දුන්නු රන් මසූ - පොදි ගෙන යමුය තුටියෙනා

    කටපුරා අපට ටින් කිරි - දුන්න එස්බියා
    නිරුවතින් එදා - මතකද පා ගමන් ගියා
    සුර ලොවින් බැසා - සුර දූතයෙක් නියා
    බැසිල් යුවරජා - අපෙ ගිණි නිවපු සිරිමතා

    FUTA එකෙ අපී - ඔබට ණය ගැතියි මැතී
    FUTA එකෙ අපී - ඔබට ලියමු ගී බැතී
    FUTA එකෙ අපී - ඔබෙ ගුණ ගයමු බිම හැපී
    FUTA එකෙ අපී - ඔබෙ පා දුහුවිලිය නිතී

    ජාතියේ පියා - ඩී. එස්. සේනනායකා
    ඒ තුමා පුතා - අපට බත් දුන්නු පියා
    බැසිල් යුවරජා - අපට පඩිය දුන් පියා
    ඔබේ සිරි දෙපා - වඳිමු සාදු කිය කියා

    ReplyDelete
  23. මුළුමනින්ම අසාර්ථක ෆුටා ඊනියා "අරගලය" හා එසේම අසාර්ථක වූ විමල් වීරවංශගේ උපවාසය අතර සමානකම් තිබේදැයි කෙනෙක් ෆුටා ෆේස්බුක් පේජ් එකේම අසති. මෙය හොඳ ප්‍රශ්නයකි. අප සිතා බලන්ට පොළඹවන්නකි.

    විමල් වීරවංශගේ බැංකි මූන්ට එරෙහි උපවාසය ජෝක් එකකි. ෆුටාහි ඊනියා අරගලයද ජෝක් එකකි. (මෙය හුදෙක් වැටුප් වැඩි කර ගැනීම පිණිසම ක්‍රියාත්මක වූ එකක් බවත් 6% දීමනාව ආදී දේවල් තමන්ගේ ආත්මාර්ථකාමී ඉල්ලීම් වලට යම් සුජාත භාවයක් ලබා ගැනීම පිණිස පමණක් යොදා ගත් බවත් අවසාන අදියරේදී පැහැදිළි විය.) වෙනස තමන් කරන්නේ ජෝක් එක බව විමල් වීරවංශට අවබෝධයක් තිබීම හා එවන් කිසිම අවබෝධයක් ෆුටා එකට හෝ එහි මෝඩ අනුගාමිකයින්ට නොතිබීමයි. වීරවංශට අවශ්‍ය වූයේ බැංකි මූන් ලවා යමක් කරවා ගැනීම නොව තමන් මහ රජතුමා වෙනුවෙන් අසීරු අවස්ථාවක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව පෙන්වා ලකුණු ටිකක් දමා ගැනීමය. මෙය අසාර්ථක වූයේ කාරණා දෙකක් නිසාය. එකක් මේ උපවාසය මැද ඔහුගේ මව මරණාසන්න වීමයි. (ඇය මිය ගියේ උපවාසය නැවැත්වූ දිනට පසු දිනයේය.) මේ නිසා උපවාසය අතහරිනවා හැර වෙනත් විකල්පයක් වීරවංශට නොවීය. වීරවංශ අසාර්ථක වූ දෙවන හේතුව තෙම්පරාදු දේශපාලනඥයකු වූ මහ රජතුමන් ඔහු විනිවිද දැකීමයි. මේ නිසා ඔහු බලාපොරොත්තු වූ කිසි දෙයක් නොලැබුණේය.

    ෆුටාහි කතාවද මීට සමානය. ඕනෑම වෘත්තීය අරගලයකදී දිනා ගත හැකි ඉල්ලීම් මෙන්ම දිනා ගත නොහැකි ඉල්ලීම්ද ඉදිරිපත් කෙරෙයි. සමහරවිට වැඩි බරක් දෙන්නේ දිනාගත නොහැකි ඉල්ලීම් වලටය. එවිට මේ ඉල්ලීම් අවසාන අදියරේදී අතහැර දමා යම් නම්‍යශීලීත්වයක්ද පෙන්විය හැකිය. රටේ මහ ජනතාවට පෙනෙන්නේ ඒ බොරුවය. නමුත් අරගල කරුවෝ තමන්ගේ සැබෑ ඉල්ලීම් දිනා ගනිති.

    ෆුටා ඊනියා අරගලයේදීද ආත්මාර්ථකාමීව වැටුප් වැඩි කර ගැනීම සැබෑ ඉල්ලීම වූ බවද, 6% ඇතුළු අතුරු කතා මෙසේ අවසාන අදියරේදී අතහැර දමන්ට තිබුණු බොරු ඉල්ලීම් බවද පැහැදිළිය.

    නමුත් ගැටළුව වූයේ මේ ආණ්ඩුව තමන් මහා උගතුන්ය සිතා සිටි ෆුටා අරගලකරුවන්ට වඩා සට කපට වීමයි. මේ නිසා ලොවින්නට මස් කටුවක් වත් නොදී එය නිමාවට පත් කරන්ට ආණ්ඩුව සමත්වූ අතර ෆුටා ඊනියා අරගලකරුවන්ට අකුළාගෙන ගෙදර යන්ට සිදුවිය. ඔවුන් අවසාන මොහොතේ බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත්තේ "අනේ සර් අපට අඩු ගානේ හිඟ වැටුප් වත් දෙන්න" කියාය. එය දෙන්නට අපහසුවක් නොවූ නිසා එය දෙන්නට ආණ්ඩුව එකඟ වී තිබේ. (නමුත් මෙය සදාචාර විරෝධීය. ෆුටා අනුගාමිකයෝ කිසිවකුත් මේ සදාචාර විරෝධී භාවය ප්‍රශ්න නොකරති.)

    මෙනයින් බලන විට ෆුටා සටන නතර වන්නේ විමල් වීරවංශටත් වඩා කුජීත වෙලාය. හුදෙක් හිත හදා ගන්නට කියන කතා වලින් ෆුටාහි පරාජයේ නිරුවත වැසිය නොහැකිය.

    ReplyDelete
  24. "ෆුටා නාඩගම" නිසා යම් සාධනීය ප්‍රතිඵල නොලැබුණේය මම නොකියමි. ඉන් අප ලැබූ එක් යහපත් ප්‍රතිඵලයක් නම් ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යනු අප සිතුවාටත් වඩා මැට්ටන් පිරිසක් බව තහවුරු වීමයි. මේ වසරක් පාසා එකම සටහන ගිරා පෝතක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මතුරන පොතේ ගුරුන් පිරිසක් විනා පොළොවේ පය ගසා සිටින, ප්‍රශ්න වලට ප්‍රායෝගිකව විසඳුම් සෙවිය නොහැකි පිරිසක් බව අපට ඒත්තු ගැන්වූ සිද්ධියකි ෆුටා නාඩගම. නැත්නම් වරායේ කම්කරුවන්ට හා හෙදියන්ට වුව වෘත්තීය අරගලයකින් යම් යම් දේවල් දිනා ගන්නට ඉඩ ලැබෙන විට මේ මොට්ටයින්ට පමණක් කිසිම දෙයක් නැතුව හිස් අතින් වැඩට යන්නට සිදු වන්නේ නැත.

    එසේම සාධනීය ප්‍රතිඵලයක් වුවද නැතද "ෆුටා නාඩගම" නිසා ජනාධිපතිවරයාගේ දෑත් පෙරට වඩා ශක්තිමත් විය. කිසිම අසීරුවකින් තොරව වෘත්තීය අරගලයක් දණ ගැස්සීමට හැකිවීම ඕනෑම පාලකයකු ලබන විජයග්‍රහණයකි. වෘත්තිකයන්ගේ පැත්තෙන් එවන් අන්ත පරාජයක් වෙනත් වෘත්තික කණ්ඩායමකට වුව සටන් මඟට බසින්නට ඇති ඉඩ අවුරයි. උදාරණයක් හැටියට වෛද්‍යවරුන් දැන් වෘත්තීය අරගලයකට බැසීමට පළමුව "ෆුටා එකට වුණ දේ මතකයි නේද?" කියා දෙවරක් කල්පනා කරනු ඇත. එනිසා ෆුටා මහා පාවාදීම වෙනත් වෘත්තික කණ්ඩායම් රැසකට ඍණාත්මක ලෙස බලපානු ඇත.

    අවසාන වශයෙන් මේ මැට්ටන්ගේ මෝඩකම නිසා පාඩුව රටට හා ජනතාවටය. මේ අමනයින්ට වැඩ නොකළ තුන් මසෙක පඩිය ගෙවීමට මහ ජනතාවගේ මුදල් වැය කෙරෙනු ඇත. එය කිසිම ඵලදායකත්වයක් නැති වියදමකි. එසේම මේ අමනයින් නිසා විශ්ව විද්‍යාල සිසුන් බහුතරයකට හා අ.පො.ස. (උසස් පෙළ ) විභාගයට පෙනී සිටි සිසුන් බහුතරයකට දැවැන්ත අසාධාරණයක් සිදුවනු ඇත. අඩුම ගණනේ ඊට සමාව ඉල්ලීමේ ඕනෑ කමක් වත් ෆුටා සාමාජිකත්වයට නොවේ. නියම ආත්මාර්ථකාමී ගොන් රැළකි මේ.

    ෆුටා මැට්ටන්ට මට කියන්නට ඇත්තේ කාරණා දෙකක් විතරයි.

    තොපි වැනි අන්ත මැට්ටන් පිරිසක් මේ රටේ දරුවන්ගේ අනාගතය භාරව සිටීම මට මහත් බියක් ගෙන දෙයි. ඒත් අවාසනාවකට ඉවසා සිටිනවා විනා මට ඊට කරන්නට දෙයක් නැත.

    එසේම තොපි පිළිගත්තත් නැතත් මහ රජානන් තොපට ඇරලා තියේ. රිදෙනවා නම් පොල්තෙල් ටිකක් වත් ගා ගනියව්!

    ReplyDelete