Thursday, December 9, 2010

විමල් ගැන මොන්ටිසෝරි ප්‍රශ්නයක්....

මේ දිනවල මා ‘පුංචි පහේ’ ප්‍රශ්නයකට උත්තර සොයමින් සිටිමි. පුංචි පහේ කිව්වට පහේ පන්තියේ නොවේ. අවුරුදු පහේ මගේ දියණියගේ ප්‍රශ්ණයකටය. දැං හැදෙන එවුන්ගේ පැහිච්චි කමට ඕන්නැති මගුලක් නැත. ප්‍රශ්නය ඇසුවේ ගිය 03 වෙනිදාය. වෙලාව රෑ 07.05 යි. අපි හිටියේ මගේ ප්‍රියතම අයි.ටී.එන්. නිව්ස් බලමිනි. එවෙලේ පෙන්වමින් තිබුණේ විමල් වීරවංශ ගරු ඇමතිතුමා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂණයයි. කෙල්ල ඇසුවේ මෙයයි. එයාගේම වචන වලිනි.

“ඇයි තාත්තියෝ අර කට්ටිය එනකොට පොලිස් අංකල්ලා වැටක් ගහලා පාර වහගෙන ඉන්නේ....?”

මේ ගොන් ප්‍රශ්නය යමක් කමක් තේරෙන එකෙකු ඇසුවානම් දෙන උත්තරේ දැනුදු මගේ දිවග තිබේ. එහෙත් මේ මොන්ටිසෝරි පොඩිඑකීට? මේ ප්‍රශ්ණයට මොන්ටිසෝරි පිළිතුරක් ගොනුකර ගැනීම සඳහා, එම සිදුවීම පිළිබඳ මොන්ටිසෝරි විමර්ශණයක් කරන මා, දැනට මුහුණ දී සිටින මොන්ටිසෝරි ප්‍රශ්න මෙහි පහත දැක්වේ. 1. මාර්ග බාධකයක් යොදන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස හැසිරෙන නසරාණින් ගේ හැසිරීම පාලනය කොට, ඔවුන්ගෙන් තර්ජන එල්ලවිය හැකි පුද්ගල ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමටයි. ඉදින් විමල් වීරවංශ ගරු ඇමතිතුමාට මාර්ග බාධකයක් යෙදීමෙන් ඔප්පු වන්නේ එතුමා එවන් නසරාණියෙකු බවද?

2. වත්මන් රජයේ බලවත් ඇමතිවරයෙකු වන ගරු විමල් වීරවංශ මැතිතුමා යන පාර වැටවල් ගහලා වහන්ඩ පුළුවන් ජගතා කවුද?

3. අපගේ ඡන්දයෙන් තේරී පත්වූ ඇමතිවරයෙකු, ඔහු විසින් ජනතාවගේ සුබසිද්ධිය සඳහා වැදගත් යයි සලකන යම් කටයුත්තකට යන විට මෙසේ මාර්ගය අවහිර කිරීම ජනතා පරමාධිපත්‍යයට කෙසේ බලපායිද?

4. අපේ පවුලේ නාලිකාව වාර්තා කල ලෙසට මෙයට දහස් ගණනක් විරෝධතාකරුවන් සහභාගී වී ඇත. මෙලෙස දහස් ගණනක් විසින් පෙරළීමට තැත් කල මාර්ග බාධකය නොසැලී දෑතින් රැකගත් ශක්තිවන්ත පොලිස් නිලධාරින් හතළිස් දෙනා ජාතික ඔලිම්පික් සංචිතයට නම් නොකරන්නේ ඇයි?

5. විමල් වීරවංශ ගරු ඇමතිතුමා මෙවන් අවස්ථාවලදී භාවිතයට ගන්නා ස්පීකර් ෆෝන් එක කෝ?

6. මේ කලබගෑණිය වන අතරේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වසා දමා කාර්ය මණ්ඩලය ඉවත්ව සිටි බව වාර්තා විය. ඒ විමල් වීරවංශ ගරු ඇමතිතුමා සහ ඔහුගේ අනුගාමිකයින් එම ස්ථානයට කඩාපැන, තම රැකියාව වශයෙන් එහි සේවයේ නියුක්ත වන අහිංසකයින්ට අශිෂ්ඨ ලෙස ශාරිරික හානි කරාවි යයි යන පහත් විශ්වාසය නිසාද?

7. ඇමතිතුමා අතේ තියෙන කොලේ ලියලා දුන්නේ කවුද?

ඇත්තෙන්ම ඉහත ප්‍රශ්න ඔබ විසින් එතරම් සීරියස් ලෙස නොගන්නා බව මා දනිමි. පොඩි එකීගේ ප්‍රශ්නය නිසාම ලිව්වා මිසක මාද එසේමය. එහෙත් මා සැබැවින්ම අමාරුවේ දැමූ බරපතළම ප්‍රශ්නය මෙයයි.

‘එම අවස්ථාවේ මෙම මාර්ග බාධකය නොතිබුනේ නම් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විවෘතව තිබුණේ නම් කුමක් වනු ඇතිද?’

සැබවින්ම එය මතක් වන විටත් මා කිළිපොලා යයි. වනේ වන හතුරෙකුටවත් එවන් විපතක් මා ‍කිසිදා නොපතමි. එසේනම් විමල් වීරවංශ ගරු ඇමතිතුමාට තම ගමනාන්තය නිසැකවම හමුවනු ඇත. එය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයි.

දහස් ගණනකට එකවර ඇතුලට යාමට නොහැකි බැවින් ගරු ඇමතිතුමා සහ තවත් දෙතුන් දෙනෙකුට පමණක් ඇතුලට යාමට සිදුවේ. සුටුස් ගා අසුනින් නැගීසිටින පිළිගැනීමේ නිළධාරිණිය “Good evening sir… Can I help you?...” යනුවෙන් නිසැකවම අසනු ඇත. එවන් සුකොමළ නිළධාරිණියකගේ මුහුණට “කොටි කුක්කනි... ගෙදර යනු..!” යනුවෙන් එතුමා කියයි කියා මා නම් නොසිතමි. අනතුරුව සිදුවිය හැකි අවාසනාවන්ත සිදුවීම මහකොමසාරිස්තුමා ෆේස් ටු ෆේස් හමුවීමයි. කරුමෙට සංදේශ කඩදහියකුත් නොගෙ‍නිච්ච නිසා අරමුණ පැහැදිළි කිරීම දන්නා විදිහට වාචිකව සිදුවනු ඇත. මෙම පලහිලව් තම රජයට දැනුම් දෙන බවට මහ කොමසාරිස්තුමා පොරොන්දු වීම ගහේ බඩු මෙන් ෂුවර්ය. ඉන් අනතුරුව එළඹෙන්නේ අප ඇමතිතුමා ලාමක සිනාවක් මුව රඳවාගෙන තම අනුගාමිකයන් වෙත නැවත සම්ප්‍රාප්ත වීමේ අසීරු මොහොතයි.

තවත් තත්පර කීපයකින් ඊළග මරාළය කඩාපාත්වනු ඇත. එනම් පූර්ව චාරිත්‍රාණුකූලව අනුගාමිකයෙකු විසින් මයික්‍රෆෝනයක් දිගු කිරීමයි. තම දරුවාට අධ්‍යාපන වීසා පවා අනුමත කර දුන් සත්පුරුෂයෙකු අසා සිටියදී..................
හලේ..... මට බෑ අප්පා මේවා ලියන්ඩ...... ©

කෙසේ වෙතත් මෙම බරපතළ ප්‍රශ්නය ගැන කිසිවක් කෙලීගේ පිළිතුරට ඇතුලත් නොකිරීමට මා වග බලා ගනිමි. මක් නිසාද යත් ඕක කිව්වායින් පසු කෙල්ල ටක්කෙටම අහන්නේ,
“ඊට පස්සෙ ඒ අංකල්ට මොකද උනේ තාත්තියෝ...?” කියාය. මට කීමට සිදුවන්නේ බොරුවකි. මන්ද යත්, සිය දිවි නසා ගැනීම් වැනි දරුණු දේවල් මෙවන් ළපටි සිත් වලට දරාගැනීමට අසීරු බැවිනි.

38 comments:

  1. උඹේ මොන්ටිසෝරි යන දුවට කියපන් ඔය ප්‍රශ්න උඹෙන් ඇහුවට කමක් නෑ පිටස්තර අයගෙන් නම් අහන්න එපා කියලා.

    මොකද ඔය වගේ අධිරාජ්‍ය වාදී විදේශ කුමන්ත්‍රණකාරීන් අසන ප්‍රශ්න දරුවා අහන්නේ දරුවගේ තාත්තා ඩොලර් කුට්ටි අරගෙන ගෙදර මේ වගේ දේශද්‍රෝහී සාකච්ඡා කරන නිසායි කියලා උඹට විරුදව නඩු දාන්න ඉඩ තියෙන නිසා.

    ReplyDelete
  2. දැංවත් තේරුංගන්නවානං ඉස්කොලෙදී අපිට තියෙන අභියෝගය. දූටයි, තාත්තටයි දෙන්නටම සුභ පැතුම්.

    ReplyDelete
  3. වැඩිහිටියන්ට පමණයි ප්‍රවෘත්ති පොඩි එකාට පේන්න බැලුවට තාත්තිට ඔහොම වෙලා මදි දෝණි ...

    ReplyDelete
  4. දැං බලං ගියාම ඊළඟ පාර වීරවංශ මහත්තයාගේ ඒවට වැටවල් බඳින්න ඕනි නෑ නේ.

    එතුමාට යන්න දුන්නා නම් මහ කොමසාරිස් තුමා එක්ක වචනයක් දෙකක් කතා කරලා එතුමා කඩ්ඩ වත් පොඩ්ඩක් හදා ගන්නවා.

    එතුමා කඩ්ඩ හදාගන්නවට ඉරිසියාවෙන් ඉන්න අධිරාජ්‍යවාදී මිනිස්සුන්ගේ කුමන්ත්‍රණයක් නිසා තමයි ඔය වැටක් ගහලා තියෙන්නේ.. මම නම් කියන්නේ මේ අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව තවත් උද්ඝෝෂ්ණයක් තියන්න ඕන කියලා...

    ReplyDelete
  5. මේ තාත්තටයි දූටයි ඕනෙ නැති එකක් නැහැ,,,,,,,,,,

    ReplyDelete
  6. කෙල්ලව හදාගනින් දැන්මම. අන්තවාදී ප්‍රශ්ණ අහන්න දෙන්න එපා.

    ReplyDelete
  7. පුතේ ඒ අංකල්ලා පොලිස් අංකල්ලත් එක්ක එකතු වෙලා එළුවන් කෑමේ සෙල්ලම අලුත් විධියට කරනව, බලාන ඉන්න අපිව හිනස්සන්න!

    ReplyDelete
  8. mokada me hamoma wialtama gahanne? wena ayage weradi nadda?

    ReplyDelete
  9. @ Anonymous,
    මෙය තැලෙන යකඩය උඩ පැන තැලීමක් සේ පෙනෙන්නේ නම් මාද කණගාටු වන්නෙමි. අනෙකෙකු ගැන ලියන්නට තිබුනේ නම් හොඳය. නොලියාම ඉන්නට තිබුනේ නම් වඩාත් හොඳය.
    ලාංකීය දේශපාලනයේ නියුක්ත බොහෝ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විමල්ටත් වඩා අම්බ තක්කඩියන් බව මගේ හැඟීමයි.
    එහෙත් ඔවුහු තමන් කැමති තැන්වලින් තබා ගෙන ඇති තමන්ගේම බැරියර් නොපෙන්වීමට තරම් කපටි සහ දූරදර්ශී වෙති.

    ReplyDelete
  10. අර කිව්ව වගේ..විහිලුවට වගේ...ඔය යන ගමන යන්න දීල පොඩ්ඩක් බලන් ඉන්න ආසයි මිනිහ මොකද කරන්නෙ කියල...
    මහ කොමාව හම්බ වෙලා තේ ටිකක් බීලා නො එයිද?
    ඔය යන මොන්ටිසෝරිය මොකක්ද දන්නෑ...අපේ පැත්තෙත් දෙතුන් දෙනෙක් ඉන්නව ඕකට යන්න ඔන අය...

    ReplyDelete
  11. දැන් හැදෙන පොඩි එවුන් ඔහොමමයි. ඕන නැති මඟුලක් නෑ

    ReplyDelete
  12. වෙලාවට පොඩි කෙලීට පොරගෙ අතේ තිබ්බ බැනර් එක නොතේරුනේ.....

    ReplyDelete
  13. මේ යෝධයා යද්දී තිබුන බැරියර් එක අයින් කරන්න ජගතෙක් හිටියේ නෑනේ.අන්න එහෙම උනානම් ඔය වෙන්න තිබුන දේවල් ඒ විදියටමයි,චිත්තරපටියකට කියාපු විකට රසාංග ටිකකුයි බලාගන්න තිබුනා.

    ReplyDelete
  14. ඇත්තට කිව්වත් වගේ මාර්ග බාධකයක් තිබ්බේ නැත්නම් අපේ වීරවංශ ඇමතිතුමා මහ කොමසාරිස්තුමාව හම්බවෙනවානේ.

    එහෙම නම් එතුමා හරි බැනර් එකේ තිබ්බ "condem " කතාව හරි ගස්සලා වීරවංශගේ කඩුව ටිකක් පොලිෂ් කරලා දෙනවානේ :)

    ReplyDelete
  15. ඉතා අගනා ලිපියක්. ජාතික පුවත් පත් වල පන්දම අල්ලන දේශප්‍රේමී ජනමාධ්‍යවේදීන්ට හිතෙන්නේ නැති දෙයක්. ඒ වගේම අපේ අනෙකුත් බ්ලොග් කරුවන් මෙහි දමා ඇති කොම්මෙන්ට් වලින් විමල් විරවන්සගේ හෙළුව පෙන්වූ හැටි අගය නොකොට , කතාව කීමේදී යොදා ගත චරිත ගැන කතා කරන්නේ කුමන අරමුණකින්ද? ඇත්තටම ඇයි අපව නියෝජනය කරන , අපේ නායකයෙක්ව පොලිසිය දැම්මල නතර කරන්නේ ? ඔහුට ඉදිරියට යාමට ඉඩ දිය යුතු නොවේද ? එහෙම නැත්නම් , රජය නියෝජනය කරන ඇමති කෙනෙක්ට එරෙහිව රාජ්‍ය පොලිස් බලය යොදවන්න වීම , අදාළ පුද්ගලයා රාජ්‍ය නීතියට එරෙහි වීමක් නෙමේද ? රාජ්‍ය පොලිසිය පොදු දේපල රැකීමට , මහජනතාවගේ ආරක්ෂාවට බැදී සිටියි. එතකොට දේශපලයාට ඒ සම්බන්දයෙන් වගකීමක් නැද්ද ?
    විමල් වීරවංස යනු අවස්ථාවාදී , කුලියට කරන නරුමයෙක්. ඔය දේශ ප්‍රේමි කම එලියට විතරයි. මිනිහගේ පදේට නටන මෝඩ රැලක් රැගෙන උන්ව කඩේ යවනවා. ඉතින් මිනිහත් කඩේ යන එකනේ, කඩේ යන එකාට කඩේ යන එවුන්ට කියන සිංහල වචෙන නම් මම දන්නේ නැහැ.

    ReplyDelete
  16. අවුලක් නෑ සහෝදරයා පොඩි එකීට කියන්න තිබ්බේ බල්ලො එන හින්දා පාර වහලා කියලා.....ඔය මිනිස්සු රොත්ත අස්සේ එක කකුල් දෙකේ බල්ලෙක්වත් ඉන්න ඇතිනේ......

    ReplyDelete
  17. මමත් ටිකක් විතර මොන්ටිසෝරි ප්‍රශ්නයක් අහන්නද?

    " ඉස්කෝලෙ යන කාලෙ අපි වලියක් දාගත්තම, යන්න එපා මචං, අනේ ඌට ගහන්න එපා මචං කියල අපිව අල්ලගන්න එවුන් ටික හිටියෙ නැත්නම් අපිට මොනවා වෙන්න තිබුනද?"

    ReplyDelete
  18. දැන්මම කෙලි පැටික්කිව හදාගනින්... නැත්තන් ලොකු ප්‍රස්නයක් වෙන්නෙ... ;)

    ReplyDelete
  19. දර්ශන මේදිස් ලියපු කඳුලු මිටියාවතින් කියන කවිපොතේ තමන්ගෙ කවි කියවන්න කියලා ආරාධනා කරන සමාරාධනා(මතක විදිහට නම ඒක) කියලා කවි පන්තියක මෙන්න මෙහෙම කවියක් තිබ්බා. (මතකයෙන් ලියන හින්දා වචන වරදින්න පුලුවන්)

    "ළදරුවනි නැගිටින්න
    කොටු ඇඳෙන් බැස ඇවිත් බලපන්න
    ඇතැම් කවි ළමයින්ට සුදුසු නැත
    කමක් නැහැ කියවන්න
    කුඩාකල සිටම පැනසර වන්න."

    ඔය වගේ ප්‍රශ්න අහන පොඩි එවුන් ලොකු උනාට පස්සෙ විමල් සීයලට කතිරෙ ගහනවනෙ. ඔය ඉතින් පොඩි කමට, "නොතේරුම් කමට" අහන ප්‍රශ්නනෙ අප්පා...

    ReplyDelete
  20. අනේ මන්ද බන් උන් අපිට හිනාවෙනවද කියලත් හිතෙනව...ඇයි බොල මේ හැම වෙඩින් එකක්ම ජන්තාව සොමියේ අවශෝසනය කරනව නොවැ එළකිරි ටිකට...

    ReplyDelete
  21. " ඉස්කෝලෙ යන කාලෙ අපි වලියක් දාගත්තම, යන්න එපා මචං, අනේ ඌට ගහන්න එපා මචං කියල අපිව අල්ලගන්න එවුන් ටික හිටියෙ නැත්නම් අපිට මොනවා වෙන්න තිබුනද?"

    මට කියන්න ඕන දේ ඇට මැස්සා කියනවා.

    ReplyDelete
  22. Dukaaa... Apita dukai ban uba gana. Tawa hodata aanduwata kade palayan hodeeeeeeeeeeee.

    ReplyDelete
  23. @කලින් ඇනෝ
    අනේ බන් උඹ වගේ ගොන් හරකෙක්. කියෝපිය හරියට කලවැද්දගෙ මෝඩකම ඉහට ගහ ගන්නෙ නැතුව. ඔහේ කෑ ගහනව විතරයි.

    ReplyDelete
  24. ලස්සනට ලියල තියෙනව මචං. ඒත් දුක මේක ලංකාවෙ දේශපාලුවොන්ගෙ සැබෑ ස්වරූපය වෙච්ච එකයි.

    ReplyDelete
  25. දෙන් අලුත් මොනව හරි ලියන්න කලෙ හරි වගෙ.

    ReplyDelete
  26. ඇත්තටම විමල්ට යටට කලිසමක් අදින්න ඕනමද?

    ReplyDelete
  27. ආණ්ඩුවේ විවිධ ෂෝ කාරයින් අතර [ජනාධිපතිවරයාද ඇතුළුව] දුමින්ද සිල්වා විශේෂ තැනක ගනී. මාධ්‍ය ඉදිරියේ පොඩි නාටකයක් රඟ දක්වන මේ මහා රන්ගධරයින් [මර්වින්: ගහෙ බැඳීම, කනට ගැසීම; මුතු: වැට කැපීම; මහින්ද: ලන්සා ට කුක්කු පෙවීම; විමල්: උපවාස, උද්ඝෝෂණ, කෑ ගැසීම්] අතර අවංකවම තම වැඩේ නිමා කල එකම තැනැත්තා ඔහුය.

    මා තවමත් විමල් ගේ එකම එක වැදගත් කමක් දකිමි. එනම් මහින්දගේ බහුබූත වලට යම් දිනයක විරුද්ධ වන්නට සිටින පළමු කිහිපය අතර ඔහු සිටිනු ඇතැයි යන විශ්වාසයයි.

    ReplyDelete
  28. අනේ පලයන් බන් යන්න.

    ReplyDelete
  29. ලියපු එකා අමු මැට්ටෙක්. ඌට අනුව පෙලපාලි යන ඕනම කෙනෙකු ගැන ඌ හිතන්නේ මෙහෙමයි.

    ReplyDelete
  30. ලියපු එකාට අනුව පෙලපාලි යන ඕනම කෙනෙකු නසරාණියෙකු බවය. (ලියපු එකාගේ පලවන ගොන් තර්කෙට අනුව)

    ReplyDelete
  31. අංතිමට කොමෙංට් දාපු උං දෙන්නා ගොං බානක්. ඈ ගොනෝ... මෙව්වා මොන්ටිසෝරි ප්‍රස්නනෙ... ඔලුවෙ පිදුරුද?

    ReplyDelete
  32. ආ ලියපු එකාත් එතකොට මොන්තිසෝරි යන එකෙක්ද ?

    ReplyDelete
  33. පොඩි දැනගැනීමක් අවශ්‍යය.
    1. මේවාගේ තේරුමක් නැත්නම් කිසිම උද්ගෝශනයක තෙරුමක් නැතිවිය යුතුය..
    එය නිවැරදි ද??

    ReplyDelete
  34. මගෙන් ඔයවගෙ ප්‍රශ්නයක් පොඩි දරුවෙක් අහුවොත් එකෙන්ම කියන්නෙ "ආ පුතෙ ඒ සෙල්ලමටනෙ" කියල. ආන්න එතකොට තමයි ඔහේට ඇවිත තියෙන ප්‍රශ්නෙ මට එන්නෙ..."
    ?????
    එතකොට දැනුම් තේරුම් තියෙන එකෙක් අහුවොත්..."

    ReplyDelete