Wednesday, June 23, 2010

සුමනෙට කෙළිය "ආකාස කුසුම්"

දිනය - ගිය ඉරිදා
ස්ථානය - එක්තරා තරුණ මධ්‍යස්ථානයක්
අපි ආකාස කුසුම් චිත්‍රපටය ගැන සංවාදයක් සූදානම් කරමින් තිබුනා. මුලින් චිත්‍රපටය බලලා ඊට පස්සෙ පොඩි චැට් එකක්. පළාත පුරා පෝස්ටර් ටිකක් අලෝලා පොඩි ප්‍රචාරයක් කාරිය දීල තිබුන නිසා වෙනදට වඩා පිරිසක් එයි කියලා අපි හිතාගෙන හිටියා.
හවස හය හමාරට විතර ඇති. අපි ප්‍රොජෙක්ටරය ටෙස්ට් කරනවා. ටිකක් පිළිවෙලට ඉන්නවා වගේ පෙනෙන අයෙක් ලොකු හිනාවක් පුරෝගෙන ආවා. අපිටත් ජොලි. දැම්ම තියා ප්‍රේක්ෂකයො.
"වැඩ වගේ......?"
"ඔව්...... මේ.."
"මං පෝස්ටරේ දැකලා ආවේ... හරියට හතටම පටන් ගන්නවද?"
"අපොයි.... කට්ටිය එද්දි හත හමාරත් පහුවෙයි..... කොහොමත් හත හමාර විතර....."
"ආ... ඒවා එහෙම තමා.... කට්ටිය ගොඩක් එයිද?"
"කියන්ඩ බෑ. අපේ ටාගට් එකනං තිහ හතලිහක්.... වැඩි වෙන්ඩත් පුළුවන්...."
"ම්... ආකාස කුසුම් කියන්නේ චිත්‍රපටියක්නේ...?"
"ඔව්."
"අළුත් එකක්?"
"අපොයි නෑ... දැනට අවුරුද්දකට විතර කලින්නෙ පෙන්නුවේ.."
"එහෙමද..? නළු නිළියොත් එනවද?"
"අපොයි නෑ... කතා කරන්ඩ නම් අපේ යාළුවෙක් එනවා."
"ඒ කියන්නේ... සෙනඟ අඩුවෙයි නේ....?"
"අපෙත් ලොකු බලාපොරොත්තුවක් නං නෑ.."
"එහෙමද? යන්නංකො..."
ඔහු යන්නට හැරුනා.
"හත හමාරට විතර එන්ඩ...."
ඔහු නැවතුනා. ආපසු හැරුනා. බලාපො‍රොත්තු සුන්වූ මද සිනාවක් සමඟම.
"නෑ... මං මේ කඩල ටිකක් විකුණගන්න කියලා..........."
මද නිහඬතාවක්.
"ඔයා කොහෙද?"
"මේ පන්සල පාරෙ... සුමනෙ කියන්නෙ.? කඩල බිස්නස් කරන්නෙ.... යන්නං.."
අපි ෆිල්ම් එක පෙන්නුවා. තිස් දෙන්නෙක් බැලුවා. දොළොස් දෙනෙක් සංවාදයට හිටියා. එයින් අට දෙනෙක් කතා කලා. හැමෝම වගේ කලේ කතා කරන්ඩ කෙනෙක් නැති එකේ ඇරියස් පොළීත් එක්ක ගන්න එක. ෆිල්ම් එක කැලේ. වෙන මොනවදෝ වල්පල් මහ ගොඩක් දෝරෙ ගලා යනවා. වැඩේ ට්‍රැක් එකට ගන්න බැරිම තැන රෑ දහයමාරට විතර අපි චැට් එක නවත්තලා වැඩේ අවසන් කලා.
පෝස්ටර් ස්ක්‍රීන් ප්‍රින්ට් කරන්ඩ ගිය වියදමයි, පෙට්‍රල් වියදමයි, චාටර් එකයි දරාගෙන, ෆිල්ම් පෙන්නපු අඩුම කුඩුම ටිකත් උස්සගෙන ආපසු එන ගමන් කල්පනා කලේ කාටද මේ වැඩෙන් පලක් උනේ කියලා. අඩුම ගානෙ "මගෝ-ඩිගො-ඩයි" පෙන්නුවනං කාට නැතත් සුමනයට වත් සෙතක් වෙන්න තිබුනා.
මං තාමත් හිතන්නෙ අපි කලේ හරි දෙයක්. හැබැයි වැරදි තැනක. ප්‍රසන්නටත් උනේ ඒක. මම දන්නෙ නෑ හඳයට වත් මේ පාර හරියයිද කියලා.
මේකට කාටවත් චෝදනා කරන එක හරිද මන්දා. මොකද පහුගිය චන්දෙදි මේ රටේ ජනතාවගෙන් සීයට හැටකට කිට්ටු බහුතරයක් මේක හරිතැන කියලා තෝරගෙන ඉවරයි. ඉතිරි සීයට හතළිහෙනුත් අති බහුතරයක් ඉල්ලුවෙත් වෙනස් පාටකින් මේකමයි. ඉතින් මෙතෙන්ට හරියන්නෙ "මගෝ-ඩිගො-ඩයි" තමා
.
-චාමි - Reargate

6 comments:

  1. ඕවට එන්න උණක් තියෙන්න ඕනැ නේ. අනික මේක ළඟදී පෙන්නපු එකක්. ඒ හින්දා සෙනග අඩු එක ප්‍රශ්ණයක් නෙමේ. දැන් රෑට ප්‍රවාහන පහසුකම් කොහොමද?

    මොනවා වුනත් ආකාස කුසුම නම් බලාපොරොත්තු සුන් කල චිත්‍රපටියක්. ඒ මගේ අදහස.

    ReplyDelete
  2. ඇත්ත. මමත් ප්‍රසන්නගෙන් බලාපොරොත්තු උන ෆිල්ම් එක නෙමේ. ස්තුතියි හිත හැදුවට.
    (කොහොමත් පස්සෙ හිත හැදුනා. තව සති දෙකකින් 'දඩයම' දානවා)

    ReplyDelete
  3. හඃ හඃ හා . . මමත් ෆිල්ම් එක බලල හෝල් එකෙන් එලියට එනකොටම වයිෆ්ට කිව්වේ ප්‍රසන්නගේ මේ වගේ ෆිල්ම් එකක් බලන්න බලාපොරොත්හ්ටුවෙන් නෙමෙයි මම මේ දුවගෙන ආවේ කියලා . .

    ReplyDelete
  4. මම බලලම කියන්නම් මොනවහරි. එකක් වත් බලන්නෑනේ හෝල් එකට ගිහින්.. අධ්‍යාපන කටයුතුත් එක්ක... නමුත් කථාව තමයි කථාව

    (මේ හැම තිස්සේම මගේ නම දාන්න වෙන එක හරිම ඇණයක් නේ)

    ReplyDelete
  5. This kind of thing has happened to me as well - film has 20 people, no one wants to talk about the film, etc. But I still think you are doing something worthwhile.

    ReplyDelete
  6. ............ඕව ඔහොම තමයි චාර්මි ..හෙම බැලුවොත් කොච්චර ඒවා මේ පෙනී පෙනී
    නැති වෙලා යනවද

    ReplyDelete