Tuesday, August 10, 2010

අනේ පව්...!

මගේ දුවේ......

උඹේ පින්තූරයක් දාලා

උඹට 'අනේ පව්' කියලා......

මගේ වැඩක් බලාගන්න

මම නම්................?

jhgghj

16 comments:

  1. මේ දූ මගේ නෙමෙයි
    ඉතින් " අනේ පවු "
    විතරක් ඇති...

    ReplyDelete
  2. හැමදාමත් ඉතින් අපි කොරන්නේ ඕක නෙව....:(

    ReplyDelete
  3. මමත්.................!
    (රිදුනා බං..)

    ReplyDelete
  4. මේ අපේ හැටිද රටේ හැටිද ජාතියේ හැටිද අනේ මංද

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්
    සියුමැලි ඇඟිලි තුඩු
    හිරිව්ට්ටවමින්
    බිඳීයන ජීවිතය...

    ReplyDelete
  6. කාගේ උනත් දුවක්නේ. අනේ පව්.

    ReplyDelete
  7. හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  8. නුඹ මා දියණි නොවුවද,
    කඳුලු පිරි දෙනෙතින් සිඹිමි ඔබ වත,

    හෙලනා යකුලු පහරක් පාසාම,
    දෙදරයි මහද කම්පිතව,

    එසේ වුව,

    ඉනික්බිති,

    අනේ පව්...............

    ReplyDelete
  9. මම විතරක් වෙනස් වෙන්නේ මොකටද..?ඇයි මම අමුතු සතෙක්ද..?
    අනේ පව්...

    මම වෙනස් පොරක් වෙන්න හදන හරි එහෙම පෙන්නන හරි එකෙක් නම්...

    තලාපන් කෙල්ලේ තලාපන්..අද ඔය ටික හෙට මුළු ලෝකයම...

    ReplyDelete
  10. නුඹ හිස අතගා නැගිටවූවොත්- වෙන නිසා කාමාතුරයෙක්
    නුඹ දුක් නිවනට නතරවූවොත් - යන නිසා අනිත්උන් මට කලින්
    නුඹ ගැන කතිකා කලහොත් - වෙන නිසා දෙස් ද්‍රෝහියෙක්
    කොටින්ම......,
    නුඹ ගැන වෙහෙසීම - වෙන නිසා බර වැඩක්

    රත්තරනේ... උඹ පව්.....

    එතකොට අපි මාරයි.....

    ReplyDelete
  11. මිනිස්සු කාට හරි "අනේ පව්" කියන්නෙ අධි මානයක් තියාගෙන. "ඌට එහෙමයි, මම නම් හොඳින්" කියල. ඒත් ඒ ගැන වැඩ කරන එකෙක් වත් නෑ.
    මටත් හිතුනෙ "තලාපං දුවේ" කියල මාරයිය කියල තියන දේමයි. කපුගේගෙ මේ සිංදුවත් මතක් උනා.

    ලෙලි තලන නුඹෙ අතට
    රන් මුදුව ගොරහැඩිද දෝණී
    සෙනසුරුට පෙම් බඳින දෝණී

    නෙලූ රන් කෙඳි අතුල යහනේ
    ප්‍රේමයේ ඇට සැකිලි සැතපේ
    මනමාලකම් කරන නිවට දුප්පත් කුමරු
    බින්න බැහැලා වගෙයි ගෙපැලේ

    ලෙලි දමන පල් වතුර පොකුණේ
    රන් පියුම නැතිද තව පිපුණේ
    තලාපන් දෝණියේ ඉඟිමරන කුරිරුකම්
    සෙනසුරා හැර දුවයි අපලේ

    ReplyDelete
  12. නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
    ඇල් පවනත් රලුයි කියා සිසිල නොවින්ද
    කෝල කොමල නංගියෙ
    නුඹ අතට ගත්තු මහ බර කන්ද
    අදහන්නට පුලුවන්ද...........

    ReplyDelete
  13. අනේ පවු කියමි..
    මින් එහාට ...
    මට අයන්නට ..
    බැරි හන්දා...

    ReplyDelete
  14. හෘද සාක්ෂියේ වේදනාව බෙදා ගත්තාට තුති.
    මා තනිවී නැතැයි හැ‍ඟේ.

    ReplyDelete