ඊයෙ උදේ ජාතික රූපවාහිනියේ දවසේ
පුවත්පත් කාටූන් පෙන්නන අතරෙ තමයි මේ කාටූන් එක දැක්කෙ. වැඩසටහන කලේ චමුදිත
සමරවික්‍රම බබා. (දන්නවනේ... සමරවික්‍රමලා කිව්වොත් ඉතින් ආතල්ම තමයි)
ඒක පෙන්නන ගමන් මෙන්න මේ වගේ දෙයක් තමයි කිව්වේ....
“එම්.ඩී. වීරරත්නගේ කාටූනය............ ගෙදර ස්වාමිපුරුෂයා පුටුවකට නැගලා විදුලි මීටරේ දිහා බලාගෙන...... බිරිඳට කියනවා...හරි බයවෙන්න එපා... තාම අනූව උනේ නෑ කියලා.... හැහ්..හිහ්.. හා....ඒක තමයි.... අනූව පැන්නොත් ඉතින්... හැහ්..හැහ්..හහ්...හිහ්...හිහ්......”
ඇත්තටම මේක මාර වැඩක්නේ. ටීවී නොබලන හින්දම මං හිතං හිටියේ ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. එක, ලේක්හවුස් එහෙම මේදවස්වල විදුලිය ගැන මුක පූට්ටුවෙලා විරවගෙන ඇති කියලා. බලං යද්දි ලොවෙත් නෑ.
එකට එකක් විදුලි බිල වැඩිකලාට පස්සෙත්, ඒ වැඩිවෙච්චි විදුලියෙම්ම ටීවී බලන/අන්තර්ජාලයේ සැරිසරණ ගමන්, විදුලි බිල ගැනම අපිට බඩ පැලෙනකං වුනත් හිනාවෙන්න පුළුවන්.
මේ බලන්නකෝ කොච්චර ආතල්ද කියලා?
හැහ්..හැහ්..හහ්...හහ්...හිහ්...හිහ්.....හූ...........!!
-----------------------------මේ දවස්වල විදුලි බිල ඉලක්ක කරගෙන ක්‍රියාත්මක පොඩි පහේ ව්‍යාපාරයකට මමත් සපෝට්. කැමතිනම් ගිහින් බලන්න......
“අපි ගෙවන්නෙ නෑ”










