Tuesday, July 13, 2010

බේබද්දා

Turtles can fly

ඉස්කෝලෙ පළවෙනි වසරට අළුත් පොඩිඑවුන් ටික ආවා. අළුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ඉස්කෝල පිට්ටනිය පුරා සෙල්ලම් ගෙවල් හැදුනා. දැං පිට්ටනිය වෙනම ගම්මානයක් වගේ.

පහේ පන්තියට උගන්නන වීරසිංහ සර් නිකමට වගේ මේ ගම්මානෙට ඇදුනා. පොඩිඋන් ගජ රාමෙට වැඩ. වීරසිංහ සර් සෙල්ලම් ගෙවල් වලට ඔලුව දාගෙන වචනයක් දෙකක් කතා කරගෙන යන ගමන් ටිකක් අමුතු ගෙදරකට ගොඩවැදුනා. ගෙදර කතාබහේ හැටියට ඒවෙලාවෙ උන්නේ අම්මයි පුතාල දෙන්නයි විතරයි. කට්ටිය සෙල්ලම් බත් උයනවා.

"මාර බඩගින්නක් තියෙන්නේ.... කන්ඩ මුකුත් නැද්ද?" වීරසිංහ සර් කතාවට වැටුනා.
"නෑහ්...."
අම්මාට රඟපාන පොඩිත්ති ගස්සලා කිව්වා.
"අඩුගානේ තේ ටිකක්වත්..."
"තාම වැක්කෙරුවේ නෑ..."
ප්‍රතිචාරයේ වෙනසක් නෑ.
"තේ හදන්ඩ වෙලා යයිද?"
"ඔව්.. තව වෙලා යනවා.."
"හ්ම්හ්.... මං තව ටිකකින් එන්නංකෝ...."
වීරසිංහ සර් නැගිටලා එලියට ආවා. අඩියක් දෙකක් තියනකොට ගේ ඇතුලෙන් අර අම්මන්ඩිගේ කටහඬ ටිකක් හයියෙන් ඇහෙනවා.
"කසිප්පු පැලිල පැලිලා එනවා මෙතන තේ ඉල්ලන්ඩ......"

වීරසිංහ සර් මේ කතාව කිව්වහම අඬනවද හිනාවෙනවද කියලා මට හිතාගන්න බැරිඋනා.

මෙය වසර කීපයකට පෙර වයඔ පළාතේ ගම්බද පාසලක සිදුවූ සත්‍ය සිදුවීමක්. මෙම දරුවන් වෙනුවෙන් මාරාන්තික උපවාසයක් කල විමල් වීරවංශ මැතිතුමාට මගේ උපහාරය.