මම සාමාන්‍යයෙන් දෙලොවක් අතර සැරිසරනවා. එක ලෝකයක් තමයි අන්තර්ජාලය.
විශේෂයෙන් ෆේස්බුක්. ඒ ලෝකෙ වැඩිපුර ඉන්නෙ රෑට. දවල්ට වැඩිපුර ඉන්නෙ අන්තර්ජාලය
මොකද්ද කියලවත් නොදන්න මිනිස්සු එක්ක. මේ අතරමැද තියෙන පත්තර/ටීවී මොකුත් මම
බලන්නෙ නැහැ. ඒක නිසා මේ අන්තයන් දෙක අතර තියෙන මහා පරතරය ගැන මට පොඩි අදහසක්
තියෙනවා.
මම අද දවසම ගත කෙරුවෙ මිනිස්සු එක්ක. දවසෙම වැඩිපුර කතාවුනේ දේශපාලනය.
විශ්වාස කරන්න. එක බල්ලෙක් වැලිවේරිය ගැන කතා කලේ නෑ. ඔක්කොම කතාව දයාසිරි
දිනයිද?.... ජොනියගෙ කොල්ල දිනයිද?... රනිල් තමයි රට කෑවෙ... සනත් නිශාන්තට
වරෙන්තු කරලලු..... අරව මේවා.
දෙතුන් වතාවක් ඔය හර බර විශ්ලේෂණ කරන උන්ට මම වැලිවේරිය මතක් කලා.
“ඔව්ලු නේද? තුනයි නේද මැරිල තියෙන්නෙ? අනේ මන්දා ඔහොම ගිහිල්ලා... ආ.... දයාසිරිලටත් දැන් ඉතින් ඕවට උත්තර බඳින්න වෙයි. කුම්බලා මාළු කෑවානං....”
“ඔව්ලු නේද? තුනයි නේද මැරිල තියෙන්නෙ? අනේ මන්දා ඔහොම ගිහිල්ලා... ආ.... දයාසිරිලටත් දැන් ඉතින් ඕවට උත්තර බඳින්න වෙයි. කුම්බලා මාළු කෑවානං....”
කෝකත් මැක්කගෙ කතාව වගේ තමා. අන්තිමට ගිහින් ඉවර වෙන්නෙ දයාසිරියි රනිලුයි
ලඟ.
ඇන්කර් කිරිවල වස තියෙනවා නේද කියල එක අම්මණ්ඩි කෙනෙක්ගෙන් අහපුවාම මේකි
කියනවා “මොන බොරුද? ලමයින්ගෙ මොලේ වර්ධනය වෙන ඒවා තියෙන්නෙ ඇන්කර් පීඩියා ප්‍රෝ වල
විතරනේ..... අනික ලොකු ලොකු ඩොක්ටර්ලා ඕවා හොඳට චෙක් කරලනේ තියෙන්නේ.... අර එක පාරකුත්
ආවේ මෙලමයිංද මොනාද තියෙනවා කියලා? කෝ දැං ඒවා?”
තමුංගෙ ඇත්ත ප්‍රස්නයක් වෙනුවෙන් පාරට බැහැපු සාමාන්‍ය මිනිස්සුන්ට බල්ලන්ට
වගේ වෙඩි තියන රටක බහුතරයක් මිනිස්සු තමයි මේ.
(මේ ටිකත් කියන්න ඕනෙ.
වැලිවේරියෙ ඉන්නෙත් මෙයාලම තමයි. හලාවත වෙඩි තියලා ඇන්ටව අමුවට මරල දාද්දි ඒගොල්ලොත්
ඔය මොන මොනව හරි කියෝ කියෝ ඉන්න ඇති. අනික තමයි ලංකාවේ මිනිස්සු ස්වේච්ඡාවෙන් පාරට
බහින්නෙ සමාන්‍යයෙන් කෑම/බීම/ඉඩම්/සහනාධාර/අනතුරු/ලමයින්ට ඉස්කෝල වගේ මූලිකම අවශ්‍යතා
ටිකට විතරයි. [සෙක්ස් වලට පාරට
බහින්නෑ. පිහියෙන් ඇනල මරනවා] මේකෙ සහනාධාරයි, ලමයින්ට
ඉස්කෝලයි ඇරුණාම අනික් ටික තිරිසනුන්ට තියෙන අවශ්‍යතා ටිකම තමයි. - ආ... හරක්
වෙනුවෙනුත් බහිනවා නෙහ්....?)
ඇත්තටම මොකද්ද මෙතන වෙන්නෙ? අන්තර්ජාලයේ වැලිවේරිය ගැන කතා කරන්නේ වෙන රටක
මිනිස්සු ටිකක්ද? (මම කියන්නෙ රංග මස්සිනාගෙ ගැන්සියත් ඇතුළුව. උනුත් ඇලඩීන් තුමා
සහ ‘බී..ප්.... බී..ප්’ තුමා සුද්ද කරන්න හරි මේ මාතෘකාව කතා කරනවනේ)
මට හිතෙන්නෙ මේක බරපතළ සන්නිවේදන අර්බුදයක්. සිදුවීම් සහ මිනිස්සු අතර
ඉන්නවා ඒජන්තයෝ ටිකක්. ලංකාදීප ඇතුළු පත්තර මුදලාලිලා ටිකකුයි, ස්වර්ණවාහිනී ඇතුළු
ටීවී මුදලාලියෝ ටිකකුයි, ෂා එෆ් එම් ඇතුළු රේඩියෝ මුදලාලිලා ටිකකුයි. ඒ මදිවට
අම්මා අප්පා උනත් මේකප් දාලා විකුණන්න සැදී පැහැදී ඉන්න ඇඩ්වර්ටීස්මන්ට් කාරයෝ
ටිකකුත්.
(ඔන්න ඕක කියද්දි ඉතිං
තර්ක විතර්ක ගොඩයි. ඒවත් අවශ්‍යනම් කතා කලෑකි. මම හිතන්නෙ මෙහෙම. දැන්වීම්කරණය
කියන්නෙ එකක්. හැබැයි පට්ට බොරු කියලා මිනිස්සු ගොන්නුන්ට අන්දලා කොම්පැණිවලට
උන්ගෙ පොකැට්ටුව සුද්දකරගන්න දෙන එක වෙන වැඩක්. මෙන්න මේ සම්මානනීය ඇඩ් එක
වගේ.......)
******
මුං පොඩි ගැන්සියක්. බොහොම පොඩියි. මෙච්චරක් විතර ඇති. ලංකාවෙ මිනිස්සු
කතාකරන්න ඕනෙ දේවල් මුං හරහා තමයි තීරණය වෙන්නෙ. මේක පොඩි ගැන්සියක් හින්දා බී..ප්
බී...ප් තුමාලටත් ගේමක් නෑ. වැඩේ ගානට යනවා. වැලිවේරියේ මිනිස්සු දුසිම් බාගයක්
බල්ලො වගේ මරල දාද්දිත්, ඊට කිලෝමීටර් පනහකට හැටකට එහා එකා දයාසිරි ගැන කතා කර කර
ඉන්නවා. සමහරවිට වැලිවේරියෙ සිද්දිය ඌ නොදන්නවා නෙමේ. නමුත් දැනෙන්නෙ නෑ. ඊට වඩා
දැනෙන දේවල් ලයිව් ඇට් එයිට් එකේ කියන නිසා වෙන්න ඇති.
මට නම් හිතෙන්නෙ මේ රට ගොඩගන්න කල යුතු එකම අරගලය ඔය මාධ්‍ය මුදලාලිලා
ගැන්සියට කෙළවීම. ඕක තියාගෙන ජ.වි.පෙ කොච්චර පාරෙ කෑගැහුවත් සත පහක වැඩක් නෑ. නිකං
පෙට්‍රල් පුච්චනවා මදිවට අවුරුදු පතා එකෙක් දෙන්නෙක් මරා ගන්නවා විතරයි. (අපිත්
හිතේ අමාරුව යන්න මේවා ලියලා අපිම බලලා දත්මිටි කාලා නිකං ඉන්නවත් විතරයි එක අතකට)
කරන්න ඕනෙ මොනවද කියලා මම දන්නෙ නෑ. හැබැයි එකක් ස්ථිරව දන්නවා. මේ
අන්තර්ජාලය ඇතුලේ කෑ ගහලනං සත පහක වැඩක් නෑ.
මෑතකදී මගේ මිත්‍රයෙක් හොඳ
අයිඩියා එකක් දැම්මා. ඔය උඩ දාපු ඇන්කර් ඇඩ් එක හදපු හැටි වීඩියෝ එකකින් ගම්වල
මිනිස්සුන්ට පෙන්නන්න පුළුවන්නම් මරු නේද කියලා. ඇත්තටම මරු තමා. මේ කිරිසප්පයො
ටික ඔක්කොම ඩොට්ටස්ලා කොරන්ඩ හිතාගෙන ගිනි ගණන් දීලා ඔව්වා උස්සගෙන යන අහිංසක
මිනිස්සුන්ගෙ ආර්ථිකේටවත් මොකක්හරි සහනයක් වෙයි. මසක් මාංසයකට කියලා හාල්මැස්සො
විතරක් කන දුප්පත් මිනිස්සු ඔස්ටියෝපොරෝසිස් වලට බයේ හෙන ගානක් වැඩිපුර ගෙවලා
ඇනිලින් උස්සගෙන යන එකවත් නවතියි. මම දන්න සෑහෙන සෙට් එකක් ඉන්නවා ගෙදර ගම්
කුකුල්ලු 10ක් 12 ක් හදන. මුං කරන්නෙ සුමානෙක බිත්තර විකුණලා ඇන්කර් පැකට් එකක්
උස්සන් එන එක.
ප්‍රශාන්ත වලිසුන්දර සහෝදරයා අද බුකියෙ කිව්වා අන්තර්ජාලය හැමෝටම තිබ්බනං
කොච්චර වටිනවද කියලා.
මේ මීඩියා ත්‍රස්තවාදයට පේන්න තියෙන එකම විසඳුම අන්තර්ජාලය තමයි. ඒ ඊළඟ කඩඉම. කවදා හරි
එතෙන්ට එයි. හැබැයි ඒ වෙනකොට මේ රටේ අඩුගානේ මිනිස්සුවත් ඉතුරුවෙලා ඉඳීද කියන එකයි
ප්‍රශ්නේ.