“2002 ජූනි මස 23 වෙනිදා සවස 3.30 ත් 5.00 ත් අතර කාලය තුල තම නිවසේදී විවාහ කරගන්නා බවට පොරොන්දු දී දූෂණය කිරීම.......”
අවසානයේදී ප්‍රියංගි නිශ්ශංකට එරෙහිව එක්තරා දිසා අධිකරණයක නඩු පවරලා තිබුනා. ඒ වෙනකොටත් මගේ මිතුරෙකු වන නිශ්ශංකට වගේම මටත් මහත් හිසරදයක් වෙලා තිබුණ ඒ අවුල් ජාලය එක්වරම වෙනස්ම මුහුණුවරකට පත්වුනේ එහෙම. අපිට මේක ඇතිවෙලා තිබුනේ. ඒ වෙනකොටත් නිශ්ශංකගේ මව හා පියාගේ නමට සතියකට ලියුම් 5 ගණනේ ලැබෙමින් තිබුනා. මුලදී කවරය තුල බහා තිබූ දුක්ගැනවිලි ක්‍රමයෙන් කවරයේ මතුපිටත් ලියවෙමින් තිබුනා. ඔහුට එරෙහි පෙත්සම් සේවා ස්ථානයට වගේම ඊට ඉහල ස්ථානයන්ටත් යමින් තිබුනා. පාරෙදි හමුවන නන්නාඳුනන පිරිමින් ඔහුට තර්ජනය කොට පහර දීමට තැත් කිරීම සුලභ දෙයක් බවට පත් උනා. ඔහුගේ විවිධ මිතුරන් මගින් ඔහුට ලැබෙන්නට සලස්වා තිබූ තල තෙල් රසැති ටොෆී, චොකලට් ඇතුළු විවිධ රසකැවිලි සෑහෙන ප්‍රමාණයක් ඔහු දැන දැනම ගිලදමා තිබුණා.
“ඒකිට පිස්සු හැදිලා...... මගේ යාලුවෝ කියලා ඉන්න සමහර උං මේවා මට කවන්නං කියලා ඒකිගෙන් ගොඩක් වැඩ ගන්නවා.... රටේම ඉන්න කට්ටඩියෝ එක පැත්තකිං..... ඒ මදිවට තුට්ටු දෙකේ ගණං කාරයෝ....... ඇත්තටම පව් බං...!”
“ඉතිං උඔ ඕවා දැන දැනම කන්නේ?”
“හහ්.... මට මොනවා වෙන්ඩද? ඕවා පට්ටපල් බොරුනේ බං..... ඒකෙන්වත් ඕකි මේක අතාරියි කියලා කාල දැම්මා...”
නිශ්ශංකත් ප්‍රියංගිත් වැඩකලේ එකම සේවා ස්ථානයේ. එකම තනතුරක. ඔවුන් සේවයට බැඳුනෙත් එකටම වගේ. ඒත් ඔවුන් දෙදෙනා එකිනෙකාව හොඳින් දැන හඳුනා ගත්තේ ඊටත් වසර එකහමාරකට විතර පස්සෙ විය යුතුයි. ඒ ඔවුන් දෙදෙනාම බාහිර උපාධි පාඨමාලාවක් කරන්න ගිහින්. ඒක ආදරයක් බවට පෙරළෙන්න තවත් මාස හය හතක් විතර යන්න ඇති. හැබැයි නිශ්ශංක ඒ දේවල් මට කියලා නෑ. (සාමාන්‍යයෙන් හුඟක් යාළුවො එහෙම තමා. එක පාරටම දුවගෙන ඇවිත් කියනවා ‘කෙළවුනානෙ බං’ කියලා.)
“මං කොහොමද බං මේ වගේ චෝදනාවකට රෙදි ඇඳං උසාවි යන්නේ....? අනික ගමේ උං මේවා දැනගත්තාම....? අම්මා....?”
කෝකටත් කියලා අපි දෙන්නම ගිහින් සෑහෙන මෝරෙක් විතර ලෝයර් කෙනෙක් ඇල්ලුවා. බයටම. සාමාන්‍යයෙන් මේ වගේ කේස් වලදී අධිකරණය කාන්තා පාර්ශ්වයට වැඩිපුර ඇහුම්කන් දෙන බව තමයි අපේ තක්සේරුව උනේ. නඩු දිනේදි නිශ්ශංක වගේම මමත් ගැහි ගැහී උසාවි යනකොට ප්‍රියංගි සුදු සාරියක් කාරිය ඇඳගෙන ඇවිත් උන්නා. බයක් හෝ ලැජ්ජාවක් වෙනුවට බොරු කේන්ති මූණක් එක්ක.
“මං උඔට සමහර දේවල් නොකියා ඉඳලා ඇති. ඒත් කවදාවත් බොරුවක් කියලා නෑ.... ඔය කියන දවසෙවත්, වෙන මොන දවසකවත්, මගෙන් එයාට එහෙම දෙයක් වෙලා නෑ.......”
“..............?”
“මේ කතාව කවුරුවත් පිළිගන්නේ නෑ තමා. ඒත් වැදූ අම්මාපල්ලා...... මං කියන්නෙ ඇත්ත......... එහෙම දෙයක් උනානං ඒකිව අතෑරලා දාන්න තරං මං බල්ලෙක් නෙමේ.....”
නිශ්ශංක මේ කියන්නෙ ඇත්තක් බව ඌව හොඳින්ම දන්න මට විශ්වාසයි. ඒත් ප්‍රශ්ණේ වෙන එකෙකුටවත් මේවා කිව්වට වැඩක් වෙන්නෙ නැති එක. අනික මට තිබුණු ලොකුම පුශ්ණේ තමා දැන උගත්, පිළිගැනීමක් සහිත රැකියාවකුත් කරන ප්‍රියංගි වගේ කෙනෙක්, තමන්ගෙ ආත්ම ගෞරවයට සහ අනාගතයට පයින් ගහලා මේ වගේ බොරුවක් කරයිද කියන එක. කොහොම උනත් එවේලේ මේකෙ ඇත්ත බොරු හොයන එක මගෙත් අංක දෙකට වැටිලා තිබුනේ. අංක එක වැරැද්ද කලා හෝ නොකලා, යාළුවා බේරා ගැනීම. ඉතිරි ඒවා පස්සෙ.
නිශ්ශංකගෙත්, ප්‍රියංගිගෙත් සම්බන්ධය මුලින්ම ඉව වැටුනේ ස්ටාෆ් එකට. පළවෙනි නරක ආරංචිය නිශ්ශංකට දුන්නේ ප්‍රියංගිගේ ගම්පළාතේ පදිංචි නිශ්ශංකගේ යාළුවෙක්.
“ඕකි ගමේ හෙන චාටර් බං..... ජොබ් එකට එන්ඩ හුඟක් කල් ඉඳං කාඩ් කුඩු කරං ඉන්නෙ.... මගේ යාළුවෙකුත් ඕකිව ඉස්සුවා. තව කොච්චරක්ද දන්නෙ නෑ... ඒ පැත්තෙ ඕන එකෙක්ගෙන් අහපංකෝ.....“
නිශ්ශංක මට ඒ දවස්වලම ඔය ගැන කිව්වා. ඔය සම්බන්ධය ගැන මගේ විරෝධයට හොඳ උත්තරේකුත් දුන්නා.
“ඕවා ඔහොම තමා බං.... මගෙත් එෆෙයාර් දෙක තුනක් තිබ්බේ....? මං එයාට ආදරේ කලේ ඕකට නෙමේනෙ... අනික එයා මට ආදරේ නං, ආයෙ එහෙම වැරදි කරන්නෙත් නැත්තං.... ප්‍රශ්නයක් නෑනේ බං.... කන්‍යාභාවේ.... රෙද්ද....”
නමුත් මට තේරුණු විදිහට ඒ දිනවල නිශ්ශංක ප්‍රියංගි ගැන තරමක සෙවිල්ලෙන් හිටියා. ඒ හැම සෙවිල්ලකින්ම ප්‍රියංගි ඉහළින් සමත් උනා. ඒ දෙවන නරක ආරංචිය එනකං.
“ප්‍රියංගිගේ දුර නෑදෑ කමකට මාමා වෙන එකෙක් ඔය ගෙදර ඇවිත් සතියට දවස් දෙක තුනක් ඉඳලා යනවා.... ඕක ගැන ටිකක් බලපං.......”
අන්තිමේදි නිශ්ශංක අත පත්වූ සාධාරණ සාක්ෂි මත, ඒ පරීක්ෂණයෙන් ප්‍රියංගි අසමත් උනා. මහා කඳුළු වගුරක් මැද දිගහැරුණු, ඇගේ වයස අවුරුදු 14 ක 15 ක නොතේරුම් වයසකින් පටන් ගත් මහා පාපොච්චාරණයක මතක තිබුණු කොටස් නිශ්ශංක බමණ මතින් මාත් එක්ක කිව්වා. ඒත් ඔහු ඇයට සමාව දී තිබුණා. කොන්දේසි දෙකක් මත. නැවත ඒ ඥාතියා නිවසට නොකැඳවීම සහ ඔහුත් සමඟ සියළු සම්බන්ධකම් නැවැත්වීම.
“මං ඉස්සර එයාව පන්ති එක්ක යන්න යද්දි මේකි අම්මට තාත්තට එක්ක ඔය යකාටත් වඳිනවනේ බං.... මාවත් වන්දලා තියෙනවා... ඕවා මතක් වෙද්දි නං....”
ඇගේත් එක් අහිංසක ඉල්ලීමක් තිබුණා.
“මාව මේ අපායෙන් ගලවගෙන ඉක්මණට ඔයා ළඟට ගන්න......”
ඊළඟ සතියේ නිශ්ශංක වැඩට ගිහින් උන්නු වෙලාවක ඔය කියන ඥාතියාගේ හැඩහුරුකම් කිවූ අයෙක්, නිශ්ශංකගේ මාපියන් හමුවෙලා ගිහින් තිබුණා.
“නිශ්ශංක මට ගොඩක් උදව් කරපු හොඳ කෙනෙක්.... මම කැමති නෑ එයා අමාරුවේ වැටෙනවට.... ඔය කෙල්ල මං හොඳට දන්නවා. ගමේම උං එක්ක පඳුරු ගානේ අවලමේ ගිහින්... දැං ...... මං මෙච්චර කල් බලං හිටියේ ඔයාල තමන්ගේ දරුවා ගැන මීට වඩා හොයයි කියලා.........”
එදා නිශ්ශංක වැඩ ඇරිලා එද්දි ඔහුගේ මාපියන් ප්‍රියංගිගේ ගෙදරට ගිහින්. එහේ ගම හොල්ලපු ලොකු ගෝරියකුත් වෙලා. ප්‍රියංගිගේ ගෙදරින් නිශ්ශංකවත් බැනලා එලෝගත්තා.
“ගිහින් බැඳගනිං අම්මටයි අප්පටයි හොඳ එකෙක්..... අපේ එකී අපිට බර නෑ..............”
ඊළඟට ගෙවුණු අවුල් සහගත සති කීපය මටවත් හරියකට මතක නෑ. දෙමාපිය ආශීර්වාදයෙන් තොරව කසාද බඳින්න ප්‍රියංගි බෑ කිව්වා. අර ඥාතියා නැවතත් ප්‍රියංගිගේ පවුලට සමීප උනා.
“එහෙම මොකුත් නෑ නිශ්ශංක... ඒ යකාට විතරයි තාත්තගේ හිත හදන්න පුළුවන්.... මම හොඳටම බැන්නා.... ඌ පොරොන්දු උනා මේක ඉක්මණට විසඳලා අපි දෙන්නව එකතු කරනවා කියලා.......”
නිශ්ශංක ප්‍රියංගිට එන්න අවසන් දිනයකුත් දුන්නා. මම දන්න තරමට ඒ දිනේ පහුවෙනකලුත් ප්‍රියංගි නොනවත්වාම ඇඬුවා. අවසානයේදී නිශ්ශංක අවසන් නිවේදනයත් ඇරියා.
“එල්ලිලා මළත් මට කමක් නෑ බං.... මං කොච්චර දේවල් ඉවසුවද......? උඹ දන්නවනේ....?”
උගේ වචන වෙනස් කරන්නේ නැති බව නං මං හොඳටම දන්නවා.
ඊළඟ මාස කීපය තුළ ප්‍රියංගි පිස්සුවෙන් වගේ නිශ්ශංක හොයාගෙන ආවා. කන්නලව් කලා. ඇති තරම් ඇඬුවා. කැත්තක් අරං කිලෝමීටර් බාගයක් විතර අර ඥාතියාව එළවගෙන ගිහින් තිබුණා. වශී ගුරුකම් කරන්න ගත්තා. නිශ්ශංකට තර්ජනය කලා. පොලිස් පැමිණිලි දැම්මා. අන්තිමට ඔය නඩුව දැම්මා.
නඩුව අතරතුරේදි එකම දවසක් මිනිත්තු දෙක තුනකට ප්‍රියංගිව මට තනියම හමුවන්න පුළුවන් උනා.
“ඔයා දන්නෑ අයියේ..... මට ආදරේ කරපු කෙනෙකුට හම්බ උනේ නිශ්ශංක විතරයි..... එයා මාව අත ඇරපු එක සාධාරණ ඇති.... ඒත් මට එයාව අතාරින්න බෑ..... හරි හමං එක සාක්ෂියක් වත් නැතුව දාපු මේ නඩුව මං පරදී.... ඒත් දැං “එයත් එක්ක” මට නඩුවක් වත් තියෙනවා.....”
“ගෑණු ආදරේ” කියලා වෙනස් යමක් මං මුලින්ම අඳුනගත්තේ එදා. මං හිතන්නෙ ඒක පිරිමි අපිට කවදාවත් ගවේශනය කරලා අවසන් කරන්න බැරි ගුප්ත මහාද්වීපයක්.
මේ රචනය තුල නිශ්ශංකව ශාන්තුවරයෙක් කරන්න මට අවශ්‍ය උනේ නෑ. නිශ්ශංකගේ පැත්තේ ඉඳං මම ඇසූ දුටු දේ ලිවීම පමණක් කලා. කවදා හෝ ප්‍රියංගිගේ කතාවත් අහගන්න ඇත්නම් අගෙයි.
ReplyDelete(මෙය, “පෙම් කතාවක්” ලියන ලෙස දහස් සංඛ්‍යාත රසිකාවියන් විසින් මගෙන් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාරයකි. :D)
ඉදල ඉදල පෙම් කතාවක ලියල ... ඒකත් හරියට සිතලට අහුවෙලා ගල් වුන හිත් වලට ගොජ දමන උණුවතුර හැලියක් වක්කරා වගේ....
ReplyDeleteප්‍රියංගිට වෙලා තියෙන දේවල් දිහා බැලුවම, සාමාන්‍ය ගැහැණියකට වඩා ඇයට ආදරයේ වටිනාකම වැඩි.නිශ්ශංක ඇයට සෑම විටම සමාව දීමත් ඇයට දුන්න ආදරයේ වටිනාකම තවත් වැඩි කළා.නිශ්ශංකත් ප්‍රියංගිට හමුවුන අනිත් පිරිමි වගේ වුනානම් මේ නඩුව වැටෙන්නෙ නැහැ.
ඇත්තටම ඇය නඩු දාන්න ඕනි කාට විරුද්ධව ද ? ඔහුත් පිරිමියෙක්.ප්‍රියංගිගෙත් වැරදි තියනවා.ඇය තමයි ඇත්තටම වැරදි. බය නැතිව නිශ්ශංකට විරුද්ධව නඩු දාන්න තිබ්බ නිර්භීතකම ඇයට කලින් පහල වුනානම් මේ කතාව ගොඩක් වෙනස් වෙනවා.
ගැහැනු ආදරේ විතරක් නෙවෙයි, තමන්ට කවදාවත් ආයි නොලැබෙන තරමේ දෙයක්ය කියල හිතුණම කොයි ජාතියත් ඔය වගේ වාත තමයි.
ReplyDeleteලස්සන කතාව ...
අනේ මන්දා මොනවා කියන්නද කියලා මම ෆුල් ඔල්මොරොම්දම් වෙලා ගියා මේක කියෙව්වාම් o_O
ReplyDeleteමෙන්න මගේ යාළුවෙක්ට ඊයේ වුන දෙයක්
මෙලෝ දෙයක් තේරුන්නෑ බං :D
ReplyDeleteඅනේ මන්දා....
ReplyDeleteවත් අක්කි කව්වදේට මාත් එකඟයි.....
"“ගෑණු ආදරේ” කියලා වෙනස් යමක් මං මුලින්ම අඳුනගත්තේ එදා. මං හිතන්නෙ ඒක පිරිමි අපිට කවදාවත් ගවේශනය කරලා අවසන් කරන්න බැරි ගුප්ත මහාද්වීපයක්....."
ගැහැණියකගෙන් පිරිමියෙකුට ලබන්න පුළුහන් මොනම දේටත් වඩා වටින වගේම උපරිම දේ ඔන්න ඔය ගුප්ත මහද්වීපය කියලා තමයි මමත් හිතන්නේ....
මම කලාතුරකින් කියවපු මගේ හිතට වැදෙන ලියවිල්ලක්...
ReplyDeleteමගේ හිත ඇද බැඳ ගත්තා බොහොමත්ම...
ස්තූතියි...
මේ පේළියට මම හරිම කැමතියි...
“ගෑණු ආදරේ” කියලා වෙනස් යමක් මං මුලින්ම අඳුනගත්තේ එදා... මං හිතන්නෙ ඒක පිරිමි අපිට කවදාවත් ගවේශනය කරලා අවසන් කරන්න බැරි ගුප්ත මහාද්වීපයක්...
පිස්සු හැදෙනවා ලොක්කා.
ReplyDeleteමෙච්චර කල් ඉගෙන ගන්න බැරි උනු ජීවිතේට උවමනාම කරන පාඩමක් ඉගැන්නුවාට උඹට පින්.
“ගෑණු ආදරේ” කියලා වෙනස් යමක් මං මුලින්ම අඳුනගත්තේ එදා... මං හිතන්නෙ ඒක පිරිමි අපිට කවදාවත් ගවේශනය කරලා අවසන් කරන්න බැරි ගුප්ත මහාද්වීපයක්...
"What women want"!
ReplyDelete/ ඒත් දැං “එයත් එක්ක” මට නඩුවක් වත් තියෙනවා.....” /
ReplyDeleteප්‍රියංගිගෙ මේ වචන වල මුලු කතාවෙම සාරාංශයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ,
ජීවිතේටම තමන්ට ආදරයක් කියල කටපුරා කියන්ඩ පුලුවන් දෙයක් ලබාදුන්නු එකම තැනැත්තා, තමන්ට යලි කිසි දිනක නොලැබෙන බව හොඳාකාරවම දැන දැනත්, අවසාන මොහොතේ හරි කරපු, නිශ්ඵලයි කියල තමන්ම දන්න, ඒත් නොකරම බැරිවුනු උත්සාහයක්,
ලස්සනයි, charmi,
This comment has been removed by the author.
ReplyDelete“ගෑණු ආදරේ” කියලා වෙනස් යමක් මං මුලින්ම අඳුනගත්තේ එදා... මං හිතන්නෙ ඒක පිරිමි අපිට කවදාවත් ගවේශනය කරලා අවසන් කරන්න බැරි ගුප්ත මහාද්වීපයක්... :)
ReplyDelete“ඒත් දැං “එයත් එක්ක” මට නඩුවක් වත් තියෙනවා.....”
ReplyDeleteපිරිමියෙක් ගැහැණියකට ආදරය කරනවා කියන එකයි, විවාහ වෙලා එකට ජීවත් වෙනවා කියන එකයි හරියට පැරදුනු නඩුවකට දඩුවම් විදිනවා වගේ තමයි.
තමුන්ට ලබාගන්න බැරි දෙයක් වෙන කාටවත් ලබාගන්නත් බැරිවෙන්න ඒකෙන් තමුන්ගෙ මුළු ජීවිතේම විනාශ වෙද්දිත් දොරවල් වහන එක මනුස්ස ස්වභාවයක් මිස ගෑණු ගතියක්ම නොවෙයි නේද?
ReplyDeleteමේ වගේ ඇත්තටම සිදුවුණු කතාවක් මම මේ ලගදී පත්තරයකත් කියෙව්වා. boy friend දාලා ගිය කියල මේ විදියේ නඩුවක් දාලා. එත් doctors ල check කරලා බලනකොට කොල්ලා නිදොස්.
ReplyDeleteඅයින්ස්ටයින්ටත් බැරි වෙච්ච එකේ අපි කොහෙ තේරුම් ගන්න ද ?
ReplyDeletehttp://x7c.xanga.com/569c821479732200677969/w155522025.jpg
පෙම් කතාම නොවුනත් චාමි ලියන යථාර්තවාදී කතා කියවන්න කැමති දහස් ගනන් රසිකයන් අතරින් මමත් එක්කෙනෙක්.
ReplyDeleteතමන්ට "ආදරය" කරපු අයෙක්ව තමා ලගින්ම තියා ගන්න දරන උත්සාහය කාන්තාව පැත්තෙන් කොතරම් සාධාරණ වුනත් එමගින් අනිත් පාර්ශවයට සිදුවන ගැටලු පිලිබදව තැකීමක් නොකරන එක හරිම අපරාදයක්.එහෙම ලං කරවා ගැනීම ආදරය නොවෙයි.කොහොමත් කාන්තා ආදරය කියන්නේ ආත්මාර්ථයයි,ඊර්සියාවයි සමව කැටිවූ හැගීමක්.කුඩා කාලයේදී දෙමාපියන්ට/සහෝදරයන්ට පනසේ ආදරනය කරන කාන්තාවෝ කසාද බැන්දට පස්සෙ ඇතිවෙන වෙනස් වීම මම දැකල තියනව.ඊටත් පස්සෙ දරුවෙක් හම්බුනාමත් සැමියත් එක්ක තිබ්බ සබදතාවය වෙනස් වෙනව.මේක පිරිමින්ටත් අදාල වුවත්,ස්ත්‍රීන් මේක එලියට පෙන්වනව වැඩියි,හෝ නොදැනුවත්වම එලියට යනව.ප්‍රියංගි පැත්තෙන් බැලුවාම නන් මේ නඩුව සාධාරනීකරනය කරන්න මානුශීය හේතු තියනව.
@මද්දු:
ReplyDelete//කොහොමත් කාන්තා ආදරය කියන්නේ ආත්මාර්ථයයි,ඊර්සියාවයි සමව කැටිවූ හැගීමක්.//
අනේ උඹයි මායි කාන්තා ආදරේ ගැන දන්න මගුල...
“ගෑණු ආදරේ” කියලා වෙනස් යමක් මං මුලින්ම අඳුනගත්තේ එදා. මං හිතන්නෙ ඒක පිරිමි අපිට කවදාවත් ගවේශනය කරලා අවසන් කරන්න බැරි ගුප්ත මහාද්වීපයක්.
ReplyDeleteහිතාගන්න බැරි තරමේ සත්‍යයක්..........
නියමයි! පිරිමි ආදරෙත් කවදාවත් ගැහැණුන්ට හොයාගන්න බැරි එකක් තමයි නේ...
ReplyDeleteසමාවෙන්න ඕන ගලායන රිද්මයට බාධා කරනවනම්.
ReplyDeleteඔය විදිහටම හිතන පිරිමිත් ඉන්නවා. හැබැයි ඒක පෙන්නන්නෙ නෑ. ගෑණු සහ පිරිමි වීම මත ලැබුණු සමාජ වටිනාකම් නිසා ආදරය ප්‍රකාශ වෙන විදිහයි වෙනස් වෙන්නෙ.
(මං කැමතියි මාරයා මෙතන මොනා හරි ලියනවනම්).
Charmi, මට නම් ආදරේ කියන්නෙම කවදාවත් ගවේශනය කරලා අවසන් කරන්න බැරි ගුප්ත මහාද්වීපයක්. ඒකෙ ගෑණු පිරිමි වෙනස කියන්නෙ සමාජ වට්නාකම් මත ඈන්දුන වෙනස් රූප දෙකක් විතරයි.
ආදරේ කොච්චර ආත්මාර්ථකාමීද,ප්‍රියන්ගිට ඔච්චර "ආදරයක්" එක්ක නඩුවක් හරි තිබීම සතුටක්නම්, අනික් පැත්තෙන් නඩුව හින්ද ඒ ආදරේ අපහසුවට අවමානයට පත්වෙන එක ගැන නොහිතන්නේ ඒකයි මම හිතන්නේ.
ReplyDelete"මේ ලෝකේ කාටවත් ඔයාව මගෙන් උදුරගන්න දෙන්නේ නෑ... එහෙම කරන ඕනේ කෙනෙක්ව මම මරාගෙන මැරෙණවා... ඔයාට වුණත් ඒ ටික තමයි..."
ReplyDeleteමේවගේ කතාවක් කියන්න පුළුවන් වෙන්නෙත් ඒ තේරුම් ගන්න බැරි "ගෑණු ආදරේ" හින්දාද...?
දේශපාලන කහට අඩුවුණු කතාවක් චාමි ගෙන් එනකල් මඟ බලන් හිටියේ...
කතාව ඇත්ත
ReplyDeleteකියවලා ඉවර වුනාම මොනවා කරන්නද කියලා හිතා ගන්නවත් බැරි කතාවක්. ආදරේ තවත් පැත්තක් ගැන කියන හොඳ නිර්මාණයක්.
ReplyDeleteReally a nice one, although you have already said that this is real story; without saying that, there may be thousands of boys and girls like Priyangi who will do ANYTHING to get what they love.
"“ගෑණු ආදරේ” කියලා වෙනස් යමක් මං මුලින්ම අඳුනගත්තේ එදා. මං හිතන්නෙ ඒක පිරිමි අපිට කවදාවත් ගවේශනය කරලා අවසන් කරන්න බැරි ගුප්ත මහාද්වීපයක්....."
ReplyDeleteඇත්තටම චමී එහෙම ගවේෂණය කරන්න යන ගොඩක් අය අවසානෙට කරදරේ වැටෙනවා. කිසිම වෙලාවක ඕනවට වඩා ඇගට ගත්තොත් අනිවාර්යෙන් කරදරයි.
කෙල්ලෝ හැමවෙලේම ආරක්ෂාව හොයනවා සල්ලි වලින් වගේම අනික් දේවල් වලිනුත්.අද මේ තියෙන සමාජ ක්‍රමේ එක්ක සල්ලි ප්‍රධානයි.
කතාවේ කෙල්ල බබෙක් නෙමෙයි. දීර්ඝ කාලයක් අංග සම්පුර්ණ මොබයිල් පවුලක් කාපු කෙල්ලෙකුට ලව් කරපු එකා දැනං ඉන්න ඕන කවදාහරි වෙන්නේ ඕකයි කියලා.
ගෑනුන්ට හැම දේටම සමාව දීලා වෙන මිනිහෙක් එක්ක නිදා ගත්ත එකටත් සමාව දුන්නොත් උන් කවදාවත් ඒක නවත්තන්නේ නෑ. නඩුවට ඇවිත් තමංට ආදරේ පිරිමියා ගන්න දගලන ගෑනි කලිං දා රෑ වෙන එකෙක් එක්ක නිදාගෙන එන්නේ. දැනෙන සනීපේ කොහොමද???
පිරිමි ඌ පමණින් ලැබෙන ගති ස්වභාවයන් තියෙනවා. ගැහැණු වූ පමණින් ලැබෙන ගති ස්වභාවයන් තියෙනවා. සමාජේ යහපතට සමාජෙන් දා ගත්තු නීති තියෙනවා. නිදහස ගැන අගේ කර කර පොත් වල තියෙන හොද සමාජෙන් බලාපොරොත්තු වෙලා තීරණ ගන්න අය මේව බලලා හැදෙනවා නං හොදයි.
කොහොම උනත් යටින් තියෙන්නේ ටැබූ පෙන්නපු එකකත්.
http://www.youtube.com/watch?v=t6kt6hAHjQQ
බොක්කට වදින්න ලැබුන ආදරේ ඈතට යනකොට ඇතිවන කඩා වැටිම.......
ReplyDeleteචාර්මිට පිO හිතන්නෙවත් නැති පැත්තකට ගෙනිච්චට....
(අනිවා මාර සහෝගේ අදහස් වටිනව මෙතනට......)
පිරිමියෙකුට ආදරේ කියන්නේ එයාගේ ජිවිතෙන් එක කොටසක් විතරයි. ඒත් ගැහණියකට ආදරේ කියන්නේ එයාගේ මුළු ජිවිතේම ලු.
ReplyDeleteඅපොයි!චර්මි ....කියන්ට වචන නැ.මගෙ වචන වලින් මේ කතන්දරේ අගය මනින්ට මම දන්නෙ නැ.අපූරු පෙම් කතාව."පෙම්"කතාව....!:D
ReplyDeletemachan mage katawath ookama tama .wenasa tiyanna aki nadu damma nati aka vitarai
ReplyDeleteඅම්මෝ යක්ෂ ආදරයක්නෙ මේක. මොකක් හරි සම්බන්ධයක් පවත්ව ගන්න ඕනෑම දෙයක් කරන්න පුඵවන් වීම ආදරය විය හැකිද? නැතිනම් එය දරාගත නොහැකි හිමි කර ගැනීමේ ආශාවක්ද?
ReplyDeleteමාර සින් 1ක් නෙ..
ReplyDeleteහිතාගන බැ...
මම දන්න 1කෙකුත් ඔය වගෙ 1කක පැටලිලා හිටිය...
එත් මිනිහත් ටිකක් අසත්පුරුශනිසා බෙරුනා....
ඔනවටවඩා හොදවිමත් හොදම නැ...
අපි හිතනවට වැඩිය සංකිර්නයි නෙ ද?
සුභ දවසක්.......!!!!
හිතටම,හිතේ පතුලටම දැනුනු කතාවක්!ඔහු ඇයව බැන්දනම් ජීවිත කාලෙම ආදරෙන් ඉඳි !
ReplyDeleteහ්ම්..........පව්.....
ReplyDeleteසෑහෙන කාලෙකින් කියවපු අපූර්ව නිර්මාණයක්... නිර්මාණයක් කියන්න බැරි තරමට.. සිතට දැනෙන යථාර්ථයක්....
ReplyDeleteගැහැණිය කියල කියන්නෙම පිරිමි අපට ගුප්ත දෙයක්. ඇත්ත, ගුප්ත මහද්වීපයක් වගේ. සමහරු ඒක ගවේෂණය කරන්ඩ ගිහින් වල්මත් වෙලා හොයාගන්ඩවත් බැරි උනා. තවත් සමහරු ඒ මහද්වීපේ සුන්දර තැනකට වෙලා ඒක රස විඳිනවා ගවේෂණය කිරීම පැත්තකින් තියලා. ඒ සුන්දර තැනට වඩා අවට විශාලයි කියල තේරෙද්දි තමයි අපි අවුල් යන්නෙ....
ReplyDeleteඇට මැස්සාට එකඟයි.
ReplyDeleteහිතා ගන්න බෑ .....හෑබෑයි ආදරය ඇතුල්ලේ ආත්මාර්තක්කමි සියුම් පලි ගෑනීමක් තියන්වා කියලා මට හිතෙන්නේ
ReplyDelete