ඉබ්බා ළඟදි හම්බඋනා. දැං සිකියුරිටි කාරයෙක්.
"ජෝතිපාලගේ පීස් මොකුත් නැද්ද?..... මෙහේ පරණ කැසට් එකක් තියෙනවා......"
ඔහුට මහේෂ් කියමු. නික් නේම් එක ඉබ්බා. කොණ්ඩෙ ක්‍රේල්... පැහැපත්...... තරමක් හැන්ඩි... මිනිහා මාත් එක්ක කාලයක් ඩ්‍රාමා එකක සම්බන්ධ වෙලා උන්නා. මම දැක්ක සිරා ටැලන්ටඩ් පොරක්. වැඩි ඉගෙනීමක් ලබල තිබුනේ නෑ. හොඳටම සින්දු කියන්න පුළුවන්. චිත්‍ර අඳින්නත් පුළුවන්. රඟපාන්නත් පුළුවන්. ඕනෙම දෙයක වෙනස් කියවීමක් එයාට තිබුනා.
කාලයක් ලංකාවේ විශිෂ්ඨතම සංගීතඥයෙකුගේ (වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවෙක්) වර්ක්ෂොප් එකකට සම්බන්ධ වෙලා ඉගෙනගත්තා. රූපවාහිනී වැඩසටහන් කීපයකත් දැක්කා. ඒ එකකින්වත් එයාගෙ ස්වරූපය වෙනස් උනේ නෑ. ඒත් ටිකෙන් ටික අපේ ඇසුරින් ඈත් උනා. හුදකලා උනා. අකාරුණික විදිහට එයාව දාල අපේ කෝච්චිය යන්න ගියා. (ඉබාගාතේ තමා)
වසර කීපයකින් එයාගෙ සහෝදරයෙක් හම්බවෙලා විස්තර කිව්වා.
"මහේෂ්ට තිබිලා තියෙන්නේ මානසික රෝගයක්.. Zchizophrenia... බේත් ගත්තා. දැං ටිකක් හොඳයි..."
ඊට පස්සෙ ඔහුව කීපවරක් හම්බ උනා. සුපුරුදු සිනාව සමඟ සුපුරුදු ප්‍රශ්ණ වැල.
"කොහොමද..... දැං මොනවද කරන්නෙ...? අපෝ ලංකාවෙ ආර්ට් නං ගන්ඩම දෙයක් නෑ.. බලන්ඩකෝ එන ෆිල්ම්ස්..? කට ඇරලා සින්දුවක් කියන්න පුළුවන් එකෙක් අලුතින් ආවද? අන්න ජෝතිපාලලා...."
දවසක් හිටිහැටියෙම ඔහු අපේ ගෙදර ආවා. අතේ පොලිතීන් බෑග් එකක් අරගෙන.
"කොහොමද...? බලල යන්ඩ ආවා.."
ආගිය කතා අතරතුර ගොඩක් දේ කිව්වා.
"මට මානසික අසනීපයක් තිබුනනේ... දැං හොඳයි... තාම බේත් බොනවා..."
පස්සෙ ආපු කාරණේ කිව්වා.
"මට උදව්වක් ඕනෙ... කාලෙකට නවතින්න තැනක්..... අදම....."
"හොයල බලමු.... මොනවගේ තැනක්ද?"
"කවුරුවත් නැති නිස්කලංක තැනක්..."
"ඒ මොකටද?"
"මට චිත්‍ර ටිකක් අඳින්න තියෙනවා.... ගෙදර කරන්න බෑ..."
"පේන්ටින් බඩු...?"
"ඒවා මොකුත් තාම නෑ... ගන්ඩ බැරියැ.. සල්ලි ටිකක් හොයාගන්න එකනේ..."
"කොහෙන්ද?"
"ඒවා පුළුවන්... තැනක් හොයලා දියංකෝ....."
කතාබහ මහපොළොවට අඩි කිහිපයක් උඩින් යන හින්දා මං අතුරු යෝජනා කීපයක් දැම්මා.
"නරකද මචං ජොබ් එකක් කරන ගමං....?"
"ජොබ් කියන්නෙ එකක්... ආර්ට් කියන්නෙ තව එකක්... මට ඕනෙ ආර්ට් කරන්න..."
"එහෙනං මචං ඔය ඇඩ්වර්ටයිසිං කරන තැනක... චිත්‍ර අඳින කවුරුහරි ගාව..."
"ඒවා බිස්නස්නේ මචං.... ආර්ට් නෙමේනෙ... අනික මට ඕනෙ මං කැමති ඒවා අඳින්න..."
මටත් පොඩ්ඩක් කේන්ති ආවා.
"එතකොට උඔ ජීවත් වෙන්නෙ කොහොමද? සල්ලි ?"
"ඒවා කොහොම හරි වෙයි... අනික ආර්ටිස්ට් කෙනෙක් නඩත්තු කරන්න ඕනෙ සමාජය විසින්....."
"උඔට පිස්සුද බං...? ඒවා කෙරෙන්නෙ නිෂ්පාදන ආර්ථිකයක් තියෙන, අතිරික්ත ප්‍රාග්ධනයක් තියෙන තැනක.... මේක හිඟන ලංකාව..."
හරිද වැරදිද කියලවත් නොසිතා මමත් දමල ගැහුවා.
"අනේ පලයං බං.."
ඌටත් කේන්ති ගිහින්.
"සුපර් ස්ටාර් කාරයෙක් ෂෝ එකකට කීයක් ගන්නවද? BMICH එකේ නව රඟහලේ තියෙන ෂෝ එකක ටිකට් එකක් කීයද? ....... දවසකට ලංකාවෙ උං මිලියන කීයක බොනවද? මේ සමාජයම හාමුදුරුවරු කීදාහක් නඩත්තු කරනවද? දවස ගානේ පන්සල් වල කොච්චර කොන්ක්‍රීට් ගොඩගහනවද? ඒවට සල්ලි කොහෙන්ද?"
උත්තර හිතාගන්න ඉඩදීලා ඌ කෙඳිරිලි හඪින් චෝදනාව ඉදිරිපත් කලා.
"උඔ කියන්නේ මුන්ට ආර්ටිස්ට්ලා කීපදෙනෙක් නඩත්තු කරන්ඩ බෑ කියලද....?"
වෙන කරන්ඩ දෙයක් නැති තැන මං ජෝතිපාලගේ සී.ඩී එකක් දැම්මා. ඌ සේරම අමතක වෙලා වගේ ඒකට සම වැදුනා.
ටික වෙලාවකින් කෝල් එකක් ආවා. මහේෂ්ගෙ අම්මා.
"බලන්ඩකෝ... මේ ළමයා සති කීපෙකින් බේත් බීලා නෑ... දැං අසනීපේ ටිකක් වැඩිවෙලා... අපි බේත් පොවයි කියලා උදේ ගෙදරින් පැනලා ගිහින්..."
හවස ගෙදර අය වෑන් එකක් අරං ඇවිත් මහේෂ්ව දාගෙන ගියා.
'අසනීපෙ' හොඳ කරන්න.
මට තාමත් වරදකාරී හැඟීමක් දැනෙනවා. ජෝතිපාල, කේමදාස, චැප්ලින්, ධර්මසිරි, බ්‍රෙෂ්ට් හිටපු උගේ සුන්දර ලෝකෙන්, මේ කාෂ්ඨක මහ පොළොවට සිකියුරිටි කාරයෙක් විදිහට ඇදල දාන්න මාත් හවුල් උනු එක ගැන.
'නිවහල්' මිනිසෙක් බලෙන් බේත් පොවල අපි වගේ රෝගී වහලෙක් කරපු එක ගැන.(පින්තූරය - රිහර්සල් එකක් අතරතුරදී ඉබ්බා විසින් ඉරිකෑලි ගොඩක් බවට පත්කල මම.)
ඌට පිස්සු නැහ බන්... ඌ හිතට දැනෙන දේ කෙලින්ම කතා කරනවා... හුඟක් අය එහෙම කරන්නෙ නැහ. එහෙම කතා කරන උන්ට පිස්සු කියල අපි කියනවා...
ReplyDeleteඌට පිස්සු නං මටත් පිස්සු...
ReplyDeleteපිස්සො අතර ඉන්න සිකල්පනාව තියෙන මිනිහෙක් උන්නොත්...පිස්සන්ට ඌ පිස්සෙක් නෙව....
ReplyDeleteසමාජය සම්මතයකට ඇවිත් තියෙනවා මිනිස් නියැදි නිරීක්ෂණය කරලා පිස්සු සහ පිස්සු නැති අය බෙදෙන ඉර ගැන. ඉතිං ඒ ඉර හරිද වැරදිද කියලා අපි දන්නේ කොහොමද?
ReplyDelete@ RanDil
ReplyDeleteමේ ඉර හදන්නෙ අධිපති මතවාදය විසින්. මගේ යාලුවා මේකට අභියෝග කරනවා කියලයි මම හිතන්නෙ. එයා Michel Foucault අදහස් වලට ගොඩක් කැමති කෙනෙක්.
(නම හැරුණු විට මේක සම්පූර්ණ සත්‍ය සිද්ධියක්)
සමාජයේ ක්‍රය ශක්තිය ගැන ඉබ්බා කියපු කතා ඇත්ත වුනාට ඒ තර්කය යථාරතයෙන් පිට බව පොරට තේරුනේ නැත්තේ පිස්සුව හින්දම තමයි.
ReplyDeleteමං කාලෙකට කලින් ලියපු ධර්මිෂ්ඨ සමාජය කතන්දරෙත් කියවුනේ තරමක් මේ වගේ කතාවක්.
යථාර්ථය තේරුම් ගන්න බැරි එක ඇත්තටම මානසික ලෙඩක් තමයි. එහෙම බැලුවම අපේ හිත් වල කොයිතරම් දේවල් තියනවද? ඒත් සමාජය ලෝකය ගැන හිතල මනස බාවිතා කරල පිට නොකරන දේවල් කොච්චර තියනවද. එහෙම හිතට නැගෙන දේවල් හැමදෙයක්ම කරන්නයි කියන්නයි ගියොත් මේ ලෝකේ එකම පිස්සන් කොටුවක් වේවි...
ReplyDelete෴ හැබෑට මටත් දැන් පිස්සු වගේ ෴
සම්මතයත් ප්‍රබල සාධකයක් වෙලා. එකයි නිවහල් සිතුවිලි ඇත්තන් පිස්සන් බවට සංම්මතය ගොඩනැගී ඇත්තේ..
ReplyDeleteඋටත් පිස්සු තමයි....
ReplyDeleteඅපිටත් පිස්සු...
1ක 1ක ජාතියෙ පිස්සො තමයි අපි හැමොම.....
පිස්සු ලිකයක් නෙ මෙක
ආ...මා
ReplyDeleteකොහොමත් ඔහොම උන්ට පිස්සු කියල අනෙක් උන් කියනව... ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි... ප්‍රශ්නෙ තියන්නෙ අනෙක් උන්ට පිස්සු කියන උන් තමන්ගෙ පිස්සුව ගැන නොදන්න එක විතරයි....
ReplyDeleteසම්මත 'හොඳ සිහිය' තියෙනවට වඩා 'පිස්සුව'ක් තියෙන කෙනා සන්තෝසෙන් ඉන්නවා. මොකද, ඒ ලෝකෙ සියල්ල නිසි පරිදි සිදු වෙන නිසා. හැබැයි අර 'හොඳ සිහිය' තියෙන උන් එහෙම කාටවත් සන්තෝසෙන් ඉන්ඩ දෙන්නෙ නෑ.
ReplyDeletemachan muta welatheyanne ara pessan athara heteya ekama pessunathi menehata una seddeya.aththatama lankawa mara kalakanni ratak wegana yanawa.
ReplyDelete